Monday 30 September 2013

ගල් වලේ කටු කෑම, බස් ගමන්, සහ අතුරු කතාවක් . . .

මේකත් පරණ කතාවක්.අර ගලක් ගහල බොසාගේ ඔලුව පැලුවට පස්සේ එයිටත් ටිකක් එහා තියන ගමක වැඩ සෙට් උනා,ඉතින් ඔය ආයතනයේ වැඩ පටන් ගන්නේ උදේ හයට.ඉවර වෙන වෙලාවක් නැහැ හැබැයි රෑ අටනම් පහු වෙනවා ෂුවර්. ඔහොම සතියට වැඩ කරන්න ඕන දවස් හයක්.ඉරිදා විතරයි නිවාඩු.

පින්තුරේ ගත්තේ : www.crushersolution.net

ඔන්න ඔය ඉරිදා එනකල් තමා මම දවස් හයක් කුණ කෑවේ.

ඉතින් මම ඔය එක සෙනසුරාදා දවසක වැඩ ඉවර වෙලා ලියන්න ඕන කොළ ටික ලියල , පහුවදා වැඩ කරන උන්ටත් එක්කම ලොක්කගේ මෙසේ උඩින් තියල වෙලාව බලනකොට අට හමාරයි.එහෙම්ම ටයිම් කාර්ඩ් එක මාක් කරන මැසිමට ඔබල එකත් ට්‍රේ  එකට දාගෙන ඉක්මනට ගිහින් වාහනේට නැග්ග බස් එකට වෙලාව පහුවෙයි කියල බයට.

සයිට් ඔෆිස් එකෙන් එලියට දානකොටම වගේ තියන වංගුව අයිනේ තියනව පොඩි තේ කඩයක්, කොච්චර හදිසි උනත් හැමදාම කරන පුරුද්ද නවත්තන්න බැරි නිසා, ඔතන නවත්තල විස කුරු දෙකක් අරගෙන එකක් ඩ්‍රයිවර් කොලුවටත් දීල මමත් එකක් ඉක් ඉක්මනට ඇදල දැම්ම උණු ප්ලේන්ටියක් එක්ක.

ඔය අනිවාර්ය වැඩ ටික කරලා නවාතැනට එනකොට නමයයි.රෑ දහයට තමා එක බස් එකක් තියෙන්නේ ලගම තියන ටවුන් එකෙන් කොළඹට.කෑම අන්කල් දොරේ එල්ලලා තිබ්බ රෑ කෑම එකත් අරගෙන මම මුලින්ම සතියේ හෝදන්න තියන ඇදුම් ටික බෑග් එකට දාල පැත්තකට කළා.

නාගෙන කාල පාරට යනකොට නමය හමාරත් පහුවෙලා.දැන් යන්න වෙන්නේ තුන්සක රියක තමා ඉතින්, මහා රජාගේ නගරෙට යන්න එපයි බස් එක ගන්න.ඉතින් මම යනකොට දහයේ කොළඹ යන බස් එක ගිහින්.තවත් පැය දෙකක්  ඒ කියන්නේ රෑ දොළහට තමා අනික් එක තියෙන්නේ.

පින්තුරේ විකිපිඩියාවෙන් 

ඔය කාලේ මම එහාට මෙහාට ඇවිද ඇවිද තේ එකක් බිබී  කනවා.

බස් එක ආපු ගමන් නැග්ග,බෑග් එක බිමින් තිබ්බ මම නිදී...

ඕක කොලබට එනකොට උදේ පහ - පහ හමාර වෙනවා. ඊ ළඟ වැඩේ තමා කබ කඩ කඩ යනවා කොටුවේ ඉස්ටෙසමට.ගිහින් ප්ලැට්ෆොර්ම් ටිකට් එකක් අරගෙන ගිහින් එකේ තියන "මහතුන්ගේ විවේකාගාරය" ඇතුලේ තියන සින්ක් එකෙන් මූන හෝදගෙන රැව්ල කපාගෙන, දත් මැදලා, අරගෙන ආපු අමතර ෂර්ට් එක ඇඳගෙන ලැස්ති වෙලා ඉස්ටේසමේ බංකුවකට වෙලා පොඩි ඇලට් එකක් දානවා යාළුවා එනකල්.(අනේ සංසාරේ මම කාපු කටු ...)
මේ වගේම මහතුන්ගේ විවේකාගාරය කියල එකකුත් තියේ අනික් පැත්තේ ..ෆොටෝ නැහැ බන් ...මේකත් ගත්තේ srilanka.for91days.com

ඔන්න අට අට හමාර විතර වෙන්ට මෙයා එනවා ඉස්ටේසම ලගට.ඔය වෙනකොට අපේ හොදම යාළුකම  ලිමිට් පැනල ගිහින් තිබුනේ.දෙන්නටම ඒ ගැන කතා කරල අපහසුතාවයකට පත් වෙන්න ඕන නැති නිසා, එතනින් එහා දෙවල් ගැන දෙන්නම කතා කරේ නැහැ (කතා නොකරපු එක වැඩි කාලයක් යන්න කලින් මහා විසාල ප්‍රශ්නයක් උනා).

ටවුම පුරා ඇවිදලා කැම්පස් එකට ගිහින් කෑම කාල, (ඔය කාලේ අවුට් වෙලා හිටියට සේකියුරිටි එකෙ උන්ට මතකයි)හවස හත විතර වෙනකොට මම හෝදන්න ගෙනාපු සතියේ ඇදුම් ටික දීල ඊලග සතිය වෙනකල් සමු ගන්න ඕන.

කරුමෙට එදා එයාලගේ අයියගේ ළමයකුගේ උපන්දිනයක්.තියෙන්නේ බොරලස්ගමුවේ.මේක තවම ඒ ගෙවල් වලින් දන්නේ නැහැ.එයිටත් ඔය ලඟක් වෙනකල් දෙයක් තිබුනෙත් නැහැ.නමුත් පොඩි අයිය එක පාරක් දෙපාරක් අපිව දැකල තියනව.නමුත් දන්නේ ගොඩක් කල් යහළුවෙක් කියල විතරයි.

ඉතින් මමත් බොරලැස්ගමුවේ යන්න පිළියන්දල යන බස් එකක නැගල ගිහින් ඒ කිට්ටුව බැහැල කිව්වා එහෙනම් ත්‍රී වීල් එකක් අරගෙන මේ ටික යන්න මම යන්නම් කියල. කියල හැරෙනකොට මෙන්න ඉන්නවා ලොකු අයිය එතනම.

මිනිහ කේක් එක ගෙනියන්න ඇවිත්.

මාව යාලුවෙක්ය කියල දැන උන්නට මෙහෙම දෙයක් දන්නේ නැහැනේ.අනික ගෙදරට පන්ති යනවා කියල ගෙන්න ගත්තේ.මට කට උත්තර නැහැ.මිනිහත් ටිකක් හීනියට හිනාවක් දාල යමු ගෙදර කිව.දැන් මම අතරමං.

මේකි බය උන ගමන් "මගියෝ මම යනවා අයිය එක්ක ඔයා ඔතනින් ගිහින් වමට හැරිලා ඉස්සරහට ගියාම කඩ දෙහෙකට පස්සේ තමා අබාන්ස් එක තියෙන්නේ " කියල මට කියල මාරු . . . 

දැන් වැඩේ හොඳටම අවුල් වෙලා.කවදාවත් නැතුව මට හෙන බරක් දැනුන මේ සිද්දිය.හැමදාම මම කියන කියන වෙලාවට කියන කියන තැන් වල යන්න එනවා.මගේ වැඩ, මගේ ප්‍රශ්න හැම දේකටම.ඒ උනාට දැන් ඒ සිම්පල් යාළුකම දරුණු වගකීමක් වෙලා මට.මෙහෙම මෙයාලගේ ගෙදර ගිය වගක් අපේ ගෙදරින් දන්නවා නම් එකත් ප්‍රශ්නයක්.

මොහොතකට  මම ප්ලෑන් කරනවා ෆෝන් නම්බර් වෙනස් කරලා කතා බහ නොකර වැනිෂ් වෙන්නත්.....බෝඩිමේ ඉඳපු යාළුවා විතරයි මෙයාව දන්නේ.අනිත් යාලුවෝ අදුනන්නේ නැහැ.ඌට කතාකලොත් ....මගේ ඔලුව යකාගේ කම්මල වගේ....

අයිය මෙයාව වාහනේට දාල මා ගාවට ඇවිත් ගෙදර ගිහින් පොඩි වෙලාවක් ඉඳල යමු, අබාන්ස් එකේ වැඩේ පස්සේ කර ගන්න  කියල කිව.ඒ කීව ටෝන් එක ටිකක් කේස්.

මම නිකමට බැලුව එයාගේ මූන බිරන්තට්ටු වෙලා,අද හැමෝටම උත්තර දෙන්න වෙනවා යාලුවෙක් කියාගෙන කොල්ලෙක් එක්ක නිවාඩු දවස් වල ඇවිදින එකට. මුනදෙන්න වෙන සිද්දිය එයාගේ මුනෙන් පේනවා.මම හිතුව දැන් එහෙම කලොත් ඒක හොඳ නැහැ,එක නිසා මම යනවා කියල.

දැන් මේ අව් අස්සේ හෝදන්න ගෙනියපු ඇදුම් ටික මම ආපහු ගත්ත.

එදා තමා එයාලගේ තාත්ත එක්ක කතා කරන්න ලැබුනේ.මා එක්ක බොහොම හොදින් කතා කලා අමතර කිසිම දෙයක් ඇහුවේ නැහැ.මාව අපහසුතාවයකට පත් නොකර "ඉක්මනට යන්න පුතා එහෙනම් බස් එකට පරක්කු වෙනවනේ "කියල මාව නිදහස් කළා.ඔතල දුන්න බත් එකත් අරගෙන මම පය ඉක්මන් කරලා එතනින් පිට උනා.

නමුත් අයිය බැලුවේ තව ටිකක් තියාගෙන මේකේ ඇත්ත නැත්ත කතා කරන්න.මොකද පොඩි අයිය කිහිපවතාවක් අපිව කොටුවේදී දැකලා තියනවා.

නමුත් මම අවුරුදු 5 ක් වගේ ඒ වෙනකොට සාමාන්‍ය යාලුවෙක් විදියට ඇසුරු කරලා තිබුන නිසා කවුරුත් සැක හිතල නැහැ.

ඔය සිද්දිය වෙලා අදට අවුරුදු 7 ක් හරියටම.

මතක් උන නිසා ලිවේ.

මේ සිද්දියෙන් පස්සෙ තමා සම්බන්දෙට හරි තේරුමක් ආවේ. . .

ඊගාව සතියේ, සති දෙකේම ඇදුම් ටික බෑ කියද්දී ඇගේ ගහල ආව හෝදන්න කියල.මම බෙලිඅත්ත ටවුමෙන් අලුත් ෂර්ට් දෙහෙකුයි කලිසමකුයි අරගත්ත ඊ ළඟ සතියේ අඳින්න, එක සතියක ඇදුම් කොළඹ ලොන්ඩරී දාල නිසා . . .



ප.ලි  රෙදි හෝදන එකම නෙමේ මේ කතාව ලියන්න හේතු උනේ ....ඇතුලෙන් යන වෙන කතාවකුත් තියන නිසා ලිවේ . . අපි අතර තිබුන සම්බන්දෙ පටන් ගත්ත දවසක් නොතිබුන නිසා මේ දවස තමා පටන්ගත්ත දවස ලෙස සලකන්නේ ...ඕකයි ලියන්න හේතුව ...

ප.ප.ලි : ඒ කියන්නේ බොලල්ල අද මගේ කෙල්ල එක්ක යාලු උන ඇනිවසරිය ...ඔව් ,,, ඉඳගෙන ....

56 comments:

  1. ඇදුම් ටික රෑට හෝදලා දැම්ම නං උදේට වේලෙනවා නේද?

    දැන් කොහොමද කර ගන්නේ?

    ReplyDelete
    Replies
    1. කෙලිනම ලොන්ඩ‍රි. . යටෑදුම් ඇරෙන්න. උන් හොදට හෝදලා අයර්න් කරලම දෙනවා.

      Delete
    2. එතකොට එවුවා හෝදන්නේ නැතැයි ඔයැයි ? :-)

      Delete
    3. එව්වා මම හොඳගන්නවා බොල....

      Delete
    4. හි හි හි

      Delete
  2. මට පේන්නේ කොහොමින් හරි රෙදි ටික හෝද ගන්ඩයි උඹට ඕනෙ වෙලා තිබ්බේ. හේහ්. දැන් අවුලක් නැතුව වැඩේ ගොඩනේ නේද? ජය වේවා.හැබැයි පුතේ ඔය විසකූරු බොන එක නම් නවත්තන එක ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. මගේ රෙදි ටික ඔය කෙල්ලව අහම්බෙන් හම්බ උන දා ඉඳන් සොයා ලව් සීන් වලට අවවුරුදු 5 හකට කලින් ඉඳන් හේදුවේ එයාම තමා.විසකුරු පටන් ගත්තෙත් ඔය සයිට් වලදීම තමා නවතුනෙත් එහෙදිමයි බන්.

      Delete
  3. මහතුන්ගේ විවේකාගාරය මහතුන් අයියට යන්න හදපු එකක් නේද ?

    ReplyDelete
    Replies
    1. උටත් ගියැකි අපිත් යනවා ....:D

      Delete
  4. අම්මෝ බං උඹ රෙදිටික හෝදගන්න කාපු කට්ටක්......:D

    ReplyDelete
    Replies
    1. මම කැම්පස් ඉන්න දවස් වල නම් දවසක් ඇර දවසක් හෝදලා අයන් කරලා රෙදි ටික ලැබෙනවා.සුපිරියට ඇන්ද.අපේ බෝඩිමේ උන්ගේ කටවහ හින්දද කොහෙද මට ජොබ් කරන කොට සතියකට පාරයි ඔය පහසුකම ලැබුනේ.රෙදි හෝදන්න යන්න එපයි කොළඹ ... ( අමතර බෝනස් ෆැසිලිටි ලැබුනේ කැම්පස් අවුට් වෙලත් අවුරුද්දක් විතර ගියායින් පස්සේ )

      Delete
  5. මං හැමදාම රෑට රෙදි හෝදන්න කියල ඉන්නවා..ඒත් කම්මැලි හිතෙනවා..දැන් මම සෙනසුරාදා උදේ වරුව ඒකට යොදාගෙන ඉන්නෙ.. මං ලොකුවුනාම මගේ එක හීනයක් තමයි වොසින් මැස්මක් ගන්න එක.. ඒත් ඒකට යන වියදම බැලුවම ගෑනියෙක් ගන්න එකත් ලාබයි වගේ...
    වොෂින ්මැසිමට වඩා කැඩෙන බිඳෙන තෙරපෙන කෑලි ගොඩක් ගෑනු අයට තියෙන නිසා ඉක්මන්ට ලෙඩ දෙනවා වැඩියි. ඒ නිසා ටිකක් නඩත්තු වියදම වොසින් මැසිමට වඩා වැඩියි..
    මූලික වියදම් නම් දෙකේම සමානයි වගෙ...

    ReplyDelete
    Replies
    1. අම්මේ මචන් වොසින් මසිමක් ගන්.... රෙදි හෝදන එකට අමතරව අවෂේස වැඩ කටයුතු සමග පැකේජ් එකක් විදියට තියනවා හොයන්න ඕන.ටිකක් මහන්සි වෙලා හොයා ගත්ත නම් ලේසි වැඩේ.හැබැයි ඔරිගීනල් සෙටින්ග් වෙනස් කරන්න වෙනවා උපරිම කාර්යක්ෂමතාවය ගන්න නම් ....

      Delete
    2. අමිලගෙ කමෙන්ටුව මම ලඟ හිටිය එකෙකුටත් පෙන්නුව. අමු අමුවේ ලියන කතන්දර වගේමයි කමෙන්ටුත්. රියල්ම "හාස්‍ය" කියන්නෙ මොකක්ද කියල දැනගන්න ඕන කෙනෙකුට අමිලය ෆලෝ කලානං හරි.

      Delete
  6. යකෝ රෙදි ටිකක් හෝදගන්න ඔච්චර දුරක් ගිය මනුස්සයෙක් ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මමත් හිතාගෙන උන්නේ ...... පස්සේ තමා දන්නේ .. .. අනික බන් ඔය කෙල්ල තමා මගේ ඔෆිසියල් ලොන්ඩරිය කැම්පස් ෆර්ස්ට් ඉයර් කාලේ ඉඳන්.ඉතින් වෙන ලොන්ඩරී හොයන්නේ මොකටද කාලෙක ඉඳන් දන්නා ලොන්ඩරියටම රෙදි ටික දුන්න....උබට තෙරුනයි ,,,,

      Delete
    2. මොකද බොල සැරින් සැරේ ප.ලි. දාන්නෙ.
      කියන්න දෙයක් තියෙනවනං එකපාර කියපිය. ඔව්.... හිටගෙන....

      සුබ ඇනිවර්සරි එකක් වේවා !

      Delete
    3. ඔව්නේ බන් .,, ඉතින් කියන්න ඕන දේ හරියටම කියා ගන්න බැරි උනානේ...

      Delete
  7. එච්චර කරදර වෙන්න ඕනෙ දෙයක් නෙමේ නෙ ඔය.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් වචනාර්ථය විතරයි නේද ගත්තේ... ඇතුලේ තියනව ලොකු කතාවක් .....

      Delete
  8. උඹේ මුළු බ්ලොගේම කියෙව්ව. උඹේ පවුලටම හැපී මෙව්ව එකක්!

    ReplyDelete
    Replies
    1. තැන්කු අඩේ තැන්කු ඔක්කොම කියෙව්වට හෙහ් හෙහ් හේ හ...

      Delete
  9. උඹ අමිලට වොෂිං මැෂින් එකක් ගන්න කියන වෙලාවේ උඹ එකක් ගත්තේ නැද්ද?
    මාර කට්ටක්නේ මගියා උඹත් කාල තියෙන්නේ. අපිත් කාලයක් ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. රෙදි හෝදන කතාවට යටින් වෙන කතාවක් දැම්ම උබටත් එක මීටර් වෙලා නැහැ වගේ ....

      කටුද අහනවා...

      Delete
    2. මම ඒක දැක්කා බං. උඹ ඒක පැහැදිලිවම කියලත් තියෙන්නෙ යටින්. අනික මම මේක කලබලෙන් නෙවෙයි කියෙව්වෙත්.

      Delete
    3. අනේ ඉතිං මොනවා කොරන්ඩද බං. මොකක් හරි වෙන්ඩ තියෙනවා නම් වලක්වන්ඩ බෑ.

      හැපි ඇනිවර්සරි! (ප ප ලිය දැක්කෙ දැං බං.) :D

      Delete
  10. ඇත්තටම ඔයිට වඩා ලේසි නැත්ද මගියො වොෂින් මැශින් එකක් ගත්තනම්. නැත්නම් වොෂින් මැෂින් එකක් බැදලා දෑවැද්දට කෙල්ලක්ව ඉල්ලුවා නම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඔය දෙකින් එකකට සල්ලි වියදම් වෙනවා.. මෙහෙම ජෝඉන්ට් මැසිමක් ගත්තම හ්ය්බ්රිඩ් සර්විස් එකක් ලැබෙනවා බොල...

      Delete
  11. සුබ පතනවා හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. මොකක්ක්ද එකෙක් ඈ කියල කිව දෙවෙනියා ඔන්න බොලා ....තැන්කු වේවා ,,,

      Delete
    2. තේරුනේ නැහැ අයියේ ඔයා කියපු එක

      Delete
    3. සුබ පැතුවා දෙවෙනි කෙනා කිව !!!!!!!!!

      Delete
  12. හැපි ක්‍රිස්මස් ඇනිවසර් :)

    හෑ... ඔහොම ඇඳුම් හෝදල දෙන කෙල්ලොත් ඉන්නවද ලංකාවෙ ඇත්තට ?? නැත්නම් එයැයිලට ලොන්ඩරියක් තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු

      දැන් නම් ඉන්නවද දන්නේ නැහැ.ඔය වැඩේ කරන්න නම් කෙල්ලගේ ගෙදර පිරිමි සහෝදරයෝ ඉන්න ඕන ගෙදර සහ කෙල්ල උබට ආදරේ නම් කරයි.සතියක ඇදුම් කියන්නේ බොල කලිසම් 4යි ශිර්ට් 3 යි නැත නම් හතරයි.ඕක එයා ගානට කරනවා ඇදුම් දෙක දෙක අයියලාගේ එව්වා එක්ක හොනදකොට.

      ලෝන්දරියක් තමා රෙදි හොදනකොට බන් අයියල තුනයි මල්ලි අක්කල දෙකයි .....

      Delete
  13. සුභ අනාගතයක්!!!!!!අර ගෑනීට තව තවත් රෙදිම හෝදන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. :D :D දැන් නම් ළමයින්ගේ එව්වා හෝදන්නේ . . .

      Delete
  14. ඕන් එහෙනම් ඇනිවසරියට මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. අහ වනියෝ තැන්කු තැන්කු ....:) :)

      Delete
  15. ඇනිවසරියට.... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වෙවා රජෝ. . .

      Delete
  16. රෙදි හේදිල්ලක් ගියපු දුර..

    කෝම හරි සුභ ඇනිවසිරියක් වේවා..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු දිනේෂ් ... පලවෙනි පාරද මන්ද උබ ආවේ .....

      Delete
  17. ලැබිච්ච පලවෙනි චාන්ස් එකේදිම අබාන්ස් එක තියෙන තැන කියල තියෙන්නේ ඉක්මනට රෙදි සෝදන මැසිමක් ගනින් කියන්න..... එක නිසා හත් වෙනි අනිවසර්රියටවත් රෙදි සෝදන මැසිමක් ගන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. දැන් නම් රෙදි හෝදන්නේ ළමයින්ගේ එව්වා විතරයි .මගේ ටික වොෂින් මැෂින් තමා බන් ,.ඔන්න කාලය මැව් වෙනසක අරුමේ

      Delete
  18. හෙහ් ඒ කියන්නේ උඹ බනිස් කන්න තියන අසාවට බෙකරියක්ම ගත්තා ඇ

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්නද බන් ,.. . .

      Delete
  19. හැප්පි හැප්පි ඇනිවැසරි හොදේ.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු හොඳේ

      Delete
  20. මං දවසක් පාරේ යනකොට දැක්කා එක වොෂින් මැෂිමක් , මට නං ඒ වෙලාවෙම සැකයක් හිතුනා උඹගේ වෙෂින් මැශිමද කියලා

    ReplyDelete
    Replies
    1. බොහෝවිට වෙන්න පුලුවන්.පහල පාරෙ ගෙදර ඉදන් උඩ පැත්තෙ ගෙදරට යනව දැක්ක නම් උබ හරි.

      Delete
  21. අඩේ බෙලිඅත්තෙන්ද බොල ඇදුම් ගන්නේ???ඒ අපේ ගමනෙ

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ මම වැඩකලේ ඔය වීරකටියෙ ස‍යිට් එහෙක.

      Delete
  22. කතාව කියවන් යද්දි ප්රශ්නෙ ආවෙ කෙල්ල කොහොමද කොල්ලෙක්ගෙ ඇදුම් ගෙදර හේදුවෙ කියල, කමෙන්ට් බලද්දි ඒකටත් උත්තරේ හම්බුනා, ඒත් මට පුදුම ආදරයක් පටන් ගන්ඩත් කලින් රෙදි හෝදල දීපු එක..යාලුකමට එහෙමත් කරල දෙනවද ආදරයක් පටන් ගන්ඩ කලින්?

    ReplyDelete
    Replies
    1. හොදම යාලුවෙක් නම් කරයි මොකද මම කැම්පස් ෆර්ස්ට් යියර් එකෙ දෙවෙනි වාරෙ ඉදන් පොඩි උන කුනු ගෑවුන අදුම් අදිනව දැකල එක පාරක් ඉල්ල ගත්ත එක මම කොන්ටිවු කලා.එයාලගෙ ගෙදර ඔය අයියලගෙ යාලුවො හෙම එනව යනව, රෑ ඉන්නා ඒක නිසා ඒක ලොකු දෙයක් නෙමේ.

      Delete
  23. මම නම් දුන්නෙම ලේන්සු තමයි හෝදන් එන්න... ලේන්සු කිව්වට අර කෑම ඔතන ඒවා...

    ජයවේවා... සුභ වේවා.... කතන්දරේ සතුටුදායක විදියට නිමවෙලා තියෙන්නේ එහෙනම්.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඒ වෙලවෙ ඒකිය අත ඇරිය නම් පව් වැඩේ

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .