Wednesday 21 August 2013

අපුරු නඩු කීම ...

english.srilankamirror.com 
මේ කතාව මට මතක් උනේ කකාගේ බ්ලොගේ මම දාපු කොමෙන්ට් එකක් ලියනකොට.පොඩි ආතල් එකක් තියන නිසා ලියන්නේ.මේක අපේ ගෙදර වුන සිද්දියක්.

අපේ අප්පච්චිට ඉන්නවා මල්ලි කෙනෙක්.ආච්චිට ඉන්නේ ඔය දෙන්න විතරයි.ඉතින් ඔය ළමයි දෙන්නගෙන් අපේ අප්පච්චි තමා පිත්තල පුතා.බාප්පා තමා රත්තරන් පුතා.එහෙම තමා අපේ ආච්චි කැටගරයිස් කරලා තියෙන්නේ.හේතුව අපේ අප්පච්චි ටිකක් මුරණ්ඩු කියන දේ නාහන ගති තියන කෙනෙක්.දේශපාලනේට ගිහින් තිබුන දේවල් ගොඩක් නැති කර ගත්ත.ඉතින් ඔය ඉඩකඩම් එහෙම පරම්පරාවෙන් ලැබුන ඒවා ගොඩක් විකුණුනා.

ඔය වැඩේට අපේ ආච්චි කැමත්තක් දැක්කුවේ නැහැ.ඉතින් ඉඩම් බෙදල දෙනකොට රත්තරන් පුතාට ටිකක් වැඩියෙනුයි පිත්තල පුතාට ටිකක් අඩුවෙනුයි තමා බෙදල දීල තියන්නේ.ඕකට ඉතින් ඔය අයිය මලෝ දෙන්න හැමදාම කචල්.හැබැයි අර රත්තරන් පුතා ටිකක් වෙනස් ජාතියක පුත්ගලයෙක්.එය බැන්දේ දොස්තර කෙනෙක් නිසා පදිංචියට නුවර ගියා.ආවේ මාස කීපයකට සැරයක්. ඇවිත් ආච්චිව බලල යනවා.ඇත්තටම ආවේ වතු පිටි ටික බලල පලදාව අරගෙන යන්න.

ඉතින් ආච්චි බලා කියා ගන්න එක කලේ අපේ ගෙදර.

ඔහොම යනකොට ඉඩමක වැටවල් ගහන්න ගියාම ප්‍රශ්නයක් ආව ප්ලෑන් වල තියන මායිම් ගැන,ඔය වැඩේ දිග දුර ගිහින් කොහොම හරි උසවියටම ගියා.දැන් ඔන්න නඩු යනවා.ඔය නඩුවේ පැමිණිලිකාරය සහ විත්තිකාරය ඉන්නේ එකම ගෙදර.

පැමිණිලි කාරය තමා ආච්චි, විත්තිකාරය තමා අපේ අප්පච්චි.

ආතල් කොටස

දැන් ඔය ආච්චි අපේ අප්පච්චිට විරුද්දව නඩු කියන ඉඩම ඇත්තටම ලියල තියන්නේ අපේ බාප්පාට.හැබැයි එයා මේකට මැදිහත් වෙන්නේ නැහැ.එයාගේ වැඩේ ආච්චි ලවුවම වැඩේ කර ගන්න.

දැන් නඩු දවස් වල වෙන්නේ මෙහෙමයි.

උදේම බාප්පා එනවා අපේ ගෙදර ආච්චිව උසාවි එක්කගෙන යන්න.ඇවිත් අප්පච්චිගෙන් බැනුම් එහෙම අහගෙන බාප්පාගේ අලුත්ම වාහනේ නැඟල යනවා උසාවියට.ගිහින් ඒ වැඩේ ඉවර උනාම, බාප්පා කියනවා මෙහෙම.

" අම්මේ එහෙනම් මෙතනින් ත්‍රීවිල් එකක් අරගෙන යන්න මට පුතාව ඉස්කෝලෙන් ගන්න යන්න ඕන" කියල ආච්චිව උසාවිය ගාව දාල මිනිහ යනවා නුවර.දැන් අපේ අප්පච්චි  උසාවියේ වැඩ ඉවර වෙලා එනකොට මෙන්න ඉන්නවා ආච්චි උසාවිය ගාව.

ඉතින් අප්පච්චි අම්මා මෝ නැතිව බාප්පට බැන බැන ආච්චිව වීල් එක්ක දාගෙන ගෙදර එනවා.

ලස්සන වැඩේ මේකයි,

ඕක හැම නඩු දිනකදීම රිපීට්, මිනිස්සු බැන බැන යනවා දකින දකින ගානේ.ආච්චිට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ පුතාලට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ.

Monday 19 August 2013

අමුවෙන් ගිය ට්‍රිප ...

ගිය පාර ඊද් නිවාඩුවට ලෑස්ති උනේ සති කීපයක ඉඳන්.කන්නේ මොනවාද ගෙනියන්නේ මොනවද හැමදාම කතා කළා.මේ ගමනට ළමයි ඉන්න පවුල් දෙකකුත් සම්බන්ද උන නිසා වාහන බෙදා  ගන්න සිද්ද්ද උනා මොකද හැසිරීම ගැටළුවක්  නිසා.ඉතින් නියමිත විදියට කලින් දවසේ බඩු ටික ලෑස්ති කරලා තියල ෂොට් එකක් එහෙම දාල පහුවදා බොන්න දේවල් ලෑස්ති කරා.බොන එකනේ අපේ මූලික අරමුණ ගමනක් යනකොට.

ඉතින් බියර් විතරක් බොන ඈයෝන්ට බියර් දුසිමක් විතර අරගෙන සිතල යන්නේ නැති පෙට්ටියකට අයිස් දාල එක ලැහැස්ති කළා.අනික් උදවියට බොන්න ඕන කරන බෝතල් ටික වෙනම පෙට්ටියක දාල එයිට උඩින් බයිට් එකට ගන්න බාබකියූ දාන්න ගත්ත මාළු ටික මස් ටික අයිස් වල දාල වෙනම තිබ්බ.දැන් පෙට්ටි දෙකයි බොන්න ඕන කරන සියලුම අමු ද්‍රව්‍ය සමග අපේ වාහනේ ඩිකියට පැටව ගත්ත.
පින්තුරේ ගත්තේdubai.dubizzle.com
උදේම සුපුරුදු ලෙස පවුල් දෙක ප්‍රමාදයි.අපි ලෑස්ති වෙලා වාහන බෙදාගෙන උදේට කන්න පාන් එහෙමත් අරගෙන දැන් ඉන්නවා.අර දෙගොල්ල ආවට පස්සේ එක්කෙනෙකුට ඕන උනා ළමයින්ට කන්න දේවල් ටිකකුයි පම්පර්ස් ටිකකුයි ගන්න. එක නිසා සුපර් මාර්කට් එකක් ගාව පාර්කින් එහෙක නතර කරලා ඒ ඕන කරන බඩු ටික ගන්න ළමයින්ගේ තාත්ත කෙනෙක් වෙන අපේ යහළුවෙක් වෙන බොන එකෙක් ගියා.දැන්පරක්කු වෙලා තියන්නේ අනික් උන් කෑ ගහනවා යමල්ල කියල.මිනිහ ඉක්මනට ඇවිත් වාහනේට බඩු ටික දාද්දී එයාලගේ වාහනේ ඉඩ මඳි.ඒකනිසා අපි බොන සෙට් එක ඉඳපු වාහනේ ඇරපන් කිවා පස්ස ට්‍රන්ක් එක. මිනිහ තිබුන බඩු ටික එහාට මෙහාට කරලා ඉක්මනට වැඩේ කරලා ඇවිත් වාඩී උනා.

දැන් අපි යන්න ඕන තැනට ඇවිත් බොන්න කියල ලෑස්ති වෙලා, බාබකියූ පාරක් දාන්නා අර බඩු පෙට්ටි දෙක ගෙන්න කොටසක් ගියා.එකෙක් එනවා බීම පෙට්ටි දෙක නැහැලු.සංසාරේ දවස් දෙකක්ම ගිය බඩු හොයාගෙන ලෑස්ති වෙන්න.මේ මොකක්ද කියන හරුපේ.වෙන්න බැරි දෙයක් නිසා අපිත් ඔක්කොම  ගිහින් බැලුව.ඇත්තටම නැහැ.
පින්තුරේ මෙතනින් depositphotos.com -
දැන් කරන්න දෙයක් නැති නිසා ආපහු පැය දෙකකට වඩා ගමනට වැය කරලා බොන්න බෝතල් දෙකක් හොයාගෙන ඇවිත් ඒක බිල ගෙදර ආව.

වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද ?

අර  පොඩි උන්ට කන්න ගන්න ගිය එකා, ඒ බඩු ටික ගෙනත් අපේ වාහනේ ට්‍රන්ක් එකට දාන්න බලත්දී ඉඩ මඳි වෙලා.මූ පෙට්ටි දෙක බිමින් තියල බඩු ටික දාල පැක් කරලා ට්‍රන්ක් වහල වාහනේට නැඟල.හොඳට අයිස් දාල පැක් කරලා බිම පෙට්ටි දෙකයි බාබක්‍යු ටිකයි ප්ලැට්ෆොර්ම් එක උඩ පාර්කින්ග් එකේ.

නිවාඩු දවස් වල හම්බ උන එකාට මරුම මරු .....




Tuesday 13 August 2013

ගල් වැඩ සහ ගල් කතා . ..

මම කාලයක් ගල් වැඩ කරන තැනක වැඩ කලානේ.ගල් වැඩ කීවේ  මේ කළු ගල්,අර පාරවල් හදන්න ගන්නේ.අන්න ඒවා.

මට ඉස්සරෝම රැකියාවක් ලැබුනේ ටිකක් දුෂ්කර පළාතක වැඩ කරන්න.කොළඹ අවට තිබුන රැකියාවල් වලට වඩා ටිකක් වැඩි පඩියක් ඒකේ දුන්න.හැබැයි ඉතින් යමර කට්ට.ඔය වැඩ බිම තිබුනේ ගමක.ඔතන තිබුන ව්‍යාපෘතියේ වාහන රෙපයාර් කරන යාර්ඩ් එකකුයි තව ලොකු ගල් මෝලකුයි.

පින්තුරේ ගත්තේ www.millingcrusher.com
ඉතින් මගේ රාජකාරිය තමා ඔය හැම එකේම වැඩ කරන එක.මම අලුත් නිසා ඔය කොයි වැඩෙත් කරන්න වෙන්නේ මට.ඔය අපි කටු කනවා කියන්නේ.මම කෑවේ හොදම කට්ටක්.හැබැයි ඉතින් ඒ දවස් වල වගේම දැනුත් බැන්නට, හිත දන්නවා වටිනාකම. බිම් මට්ටමේ වැඩ කල නිසා අලුත් දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.

ඉතින් ඔතන තියනවා ලොකු ගල් වලක්.ගල් වෙඩි දාලනේ ගල් කඩන්නේ.ඒ කඩපු ගල් පොඩි කැට කරන මැෂිමේ තමා මගේ ප්‍රධාන රාජකාරිය.ඒ වුනත් ඔය වෙඩි බෙහෙත් දාල වෙඩි ගහන එක මට ටිකක් අල්ලලා ගිය සීන් එකක්.
මේක මම ගත්ත එකක්  

එයිට කලින් කියල ඉන්නම්කො,ඒ ව්‍යාපෘතියේ හිටිය මැනේජර් ටිකක් වයසක කෙනෙක්.මම ඒ වැඩබිමේ උන්නට මාව ගත්තේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ඒ ආයතනයට අයිති ඔක්කොම ගල් කඩන මැෂින් බලාගන්න ඉංජිනේරු මහත්තයෙක් යටතේ.මිනිහත්  පනහ පැනල වුනාට ටිකක් විනොදෙට බර සරල මනුස්සයෙක්.හැබැයි කොයි වෙලාවේ බැලුවත් ෂොට් එකක් නෙමේ දෙක තුනක් දාල ඉන්නේ වැඩ කරන වෙලාවෙදිත් එහෙම තමා.වැඩ වලට නම් දක්ෂය.පරණ මනුස්සයෙක් නිසා වැඩ වලට ඕන රජයේ මිනිස්සු ටික එහෙම හොදට අදුනනව.දවසක් ඔය ක්‍රෂර් එක කැඩිලා,ඕක ගලවන්න මට ෆෝන් එකෙන් කොළඹ ඉඳන් ගලවන හැටි කියා දුන්න.ඇනයක් මුරුච්චියක් ගානේ මතකයි.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරේ මම අර ගල් වෙඩි දාන උන් එක්ක පොඩ්ඩක් හිතවත් වෙලා ඔය වැඩේ ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්න.මාසයක් දෙකක් යනකොට ඒ වැඩේ කරගන්න පුළුවන් උනා.වෙනදට වඩා ටිකක් වැඩිපුර ගල් ටිකක් පාරට යවාගන්නත් පුළුවන් උන නිසා උඩ හිටපු ඉංජිනේරු මහත්තයත් මගේ මේ වැඩේට අකමැත්තක් පෙන්නුවේ නැහැ.ඔහොම යනකොට ඔය පාර හදන එකට අපිට වඩා ප්‍රසිද්ද කොන්තරක් කාරයෙක් වුනු, ඒ දවස් වල පත් වුන අලුත රජතුමාගේ අනුහසින් අපිව ඉවත් කරලා ඒ ව්‍යාපෘතිය ගන්න හදනවා කියල කතාවක් ආව.අපේ ආයතනය ඒ බලවත් තුමාගේ ගෙදර ඉස්සරහ පාර එහෙම කොන්ක්‍රීට් කරලා දුන්නට වැඩක් උනේ නැහැ.

ඉතින් අපිට සිද්ද වුනා ඉක්මන් කරලා වැඩ ටික ඉවර කරන්න.දැන් මම තමයි ගල් වලේ සහ මැෂිමේ වැඩ කරන්නේ.ඉතින් මට කීවා වෙනද දෙනවට වඩා එකහමාරක් වැඩිපුර ප්‍රඩක්ෂන් එකක් ඕනය කියල.ඉතින් මම අලුත් ටෙස්ට් බ්ලාස්ට් එකක් එහෙම කරලා වැඩිපුර වේඩි බෙහෙත් පාවිච්චි කරන්න  රජයේ පරිපාලක තුමාගෙන්  අවසර අරගෙන, පළවැනි දවසේ උපරිම හොඳට කළා.

ඉතින් පළවැනි දවසේ වැඩේ හරි ගිය නිසා,මටත් සැටිස්.දෙවැනි දවසේත් කලින් වගේම වැඩ ටික ලෑස්ති කරලා, වෙඩි බෙහෙත් ටික පත්තු කරන්න කියල වැඩ බිමෙන් එලියට ගියා.ගිහින් විනාඩි දහයක් විතර යනකොට මහා සද්දයක් ආව " දඩාන්" ගාල.මම දැනගත්ත මේක නම් ලේසි එකෙක් නෙමේ කියල, මොකක් නමුත් වැරදිලා.

මේක මම එහෙදි ගත්ත එකක්.මේක පොඩි බ්ලාස්ට් එකක්.ලොකු වීඩියෝ එකක් තිබ්බ දැන් එක හොයා ගන්න නැහැ 

වැඩපල පැත්තේ මිනිස්සු කෑ ගහනවා ඇහුන යටිගිටියෙන්.අද නම් එකෙක් ඉවර වෙලා තමා කියල මම  ඔෆිස් එකෙන් එලියට දුවගෙන ගිහින් බලනකොට මහා ගල් කැට වරුසාවක් එනවා ඔෆිස් එක පැත්තට.මිනිස්සු සී සී කඩ දුවනවා.සට සට ගාල ගල් කැට ටකරන් වහලෙට වැටෙනවා.සමහර එව්වා ටකරම හිල් කරගෙන මේස උඩටත් වැටෙනවා.

මම ෂොක් වෙලා ගියා මේක දැකල.එතකොටම මැනේජර්ගේ කාමරයේ පැත්තෙන් වහලේ කඩාගෙන ගල් කැල්ලක් ඇතුලට වැටුන.කිසි දෙයක් හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ.මැනේජර් මහත්තය හිටපු තැනින් එහාට පනින්න හැදුවත් ඊට කලින් ඒ ගල් කෑල්ල වහලේ තිබුන යකඩ බීම් එකකත් වැදිලා ඇවිත් මැනේජර් මහත්තයාගේ නළල දිහාට පාත් වෙනවා දැක්ක.

මැනේජර් මහත්තයාගේ ඔලුවෙන් ලේ ගලනවා හෝ ගාල.හැමෝම එකතු වෙලා මැනේජර් මහත්තයව වාහනේකට දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා.මමත් ඔය වාහනේම නැගල ගියා ඉස්පිරිතාලෙට.හවස් වෙනකොට මනුස්සයට ටිකක් හොදයි.නළල හරියෙන් පැලිලා විතරයි.හැබැයි ලොකුවට වැදිලා.

සයිට් එක නිකන් මල ගෙයක් වගේ.හොඳ වෙලාවට වෙන කාටවත් වැදිලා නැහැ.මොකද එළියේ උන්නු අයට උඩ බලල අහකට වෙන්න පුළුවන් උනත් ඇතුලේ ඉන්න කෙනෙකුට අහකට වෙන්න පෙන්නේ නැහැනේ.දැන් මේකේ වරද එන්නේ මගේ පිට.මම ඉක්මනට ගිහින් වෙඩි බෙහෙත් ඉශු කරපු පොත් ටික අරගෙන ඉස්ටෝරුවට දාල වහල යතුර සාක්කුවේ දාගත්ත.මොකෙක් හරි ඔය පොත් ටික විසි කලොත් මම පාවිච්චි කල වෙඩි බෙහෙත් ගාන කියා ගන්න සාක්කි නැති වෙනවා.

රෑ වෙනකොට මාව ගත්ත ඉංජිනේරු මහත්තය සයිට් එකට ආව මේ කේස් එක නිසා.අර වැඩ කරපු කොල්ලෝ ටිකත් හැංගිච්ච තැන් වලින් එලියට ඇවිත්.දැන් මම තමා හැමෝගෙම මාතෘකාව.මට තේරෙන්නේ නැහැ වැරදුන තැන.කොහොම හරි උණ දේ උනා.එන දේකට මූන දෙනවා කියල පැත්තකට වෙලා හිටිය.සමහරු මම එතන හිටියේ නැහැ කියලත් නෝක්කාඩු කියනවා.අර සයිට් එක ගන්න ඉන්න අයගේ වැඩක් මමත් එකට හවුල් කියලත් කතාවක් හැදිලා.

දැන් පරීක්ශනේ.

මම අර පොත් ටික දීල තව මම ඇඳපු චිත්‍ර ටිකත් දීල කිව්වා කල විදිය.මම අර අනුමත ප්‍රමාණයට වඩා පාවිච්චි කරලා නැහැ කියල පෙනන්න.අර කොල්ලෝ ටිකගෙනුත් විස්තර ඇහුව.අන්තිමට තීරණය කළා කලින් දවසේ දාපු වෙඩි වලින් බුරුල් වුන කොටසක් තමා විසි වෙලා තියෙන්නේ කියල.

දැන් ප්‍රශ්නේ නීති ගැටළු.

මිනිහ මට පැත්තකට අඬගහල කීවා "උඹ කවුරු හරි ඇහුවොත් කියපන් ක්‍රෂර් එක කරන එක විතරයි කරන්නේ අනිත් දේවල් ගැන දන්නේ නැහැ කියල,මම ඉතිරි ටික බලාගන්නම් "කියල.අර කොල්ලෝ ටිකට කියන්න දෙයක් නැහැ ඒකට කැමති වෙනවා ඇරෙන්න.ඇත්තටම මම මේ ගල් වලේ වැඩට නෙමේනේ ආවේ.මේක මම බලෙන් දා ගත්ත එකක්නේ.එකට ඉන්න ඕන කැනීම් ඉංජිනේරුවෙක්.

එදා වෙන්න තිබ්බ ප්‍රශ්න වලින් බේර ගත්තේ අර ඉංජිනේරු මහත්තය.නැත්නම් මම මගේ හිතුමතේට වැඩ කරලා වෙච්ච වැඩේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා.

හැබැයි ඉතින් ඒ උදවියත් මම ඔය වැඩේ කරනවට කිසිම උපදෙසක් වත් දුන්නේ නැහැ.ඒ අයගේ ප්‍රඩක්ෂන් එක ලැබෙන නිසා සද්ද නැතිව හිටිය.අනික ඔය වගේ තැනක ඉන්න ඕනලු කැනීම් ඉංජිනේරුවෙක්.එහෙම කෙනෙක් හිටියෙත් නැති නිසා පොලිසි ගියා නම් ආයතනයටත් වග කියන්න වෙනවා.ඒවත් බලපාන්න ඇති.

ඔය සිද්දියෙන් පස්සේ ඒ ව්‍යාපෘතිය අර කලින් කිව කොම්පනි එකෙන් ගත්ත.මාව බේර ගත්ත ඉංජිනේරු මහත්තය අයින් වෙලා යනකොට මාවත් එයාගේ අලුත් ආයතනයට ගත්ත,ඒකෙ මාස 4ක් වැඩ කරලා තමා මම මෙහෙ ආවේ.

ඔන්න මගේ පළවැනි රැකියාව අවසන් වුන හැටි.

Thursday 8 August 2013

උගත් මෝඩ මනමාලයෝ ...

මේ ඔක්කොම පටන් ගත්තේ මේ දවස් වල රාමසාන් හින්ද  ඔෆිස් කලින් ඉවර වෙන නිසා චමරියට යන්න ගත්ත එකෙන්.ඔකේ ඉන්නවා අකලට නාකි වුන ඩයල් එකක්.දැන් වයස හතළිහකට කිට්ටුයි.මම ගිහින් හිටියේ ඔය හාදය ඉන්න කාමරේ.මම මිනිහ දැනගෙන දැනට අවුරුදු හතරක් විතර වෙනවා.

පිටින් පේන විදියට හොද මනුස්සයෙක්.අවුලකට තියන්නේ තාම කුලෑටි ගතිය.ඉතින් මම චමරියට ගිය වෙලාවක මිනිහ මුඩ් ගහල හිටිය.මමත් මනුස්සකමට ඇහුව මොකද ප්‍රශ්නේ කියල.මිනිහ අඬලා කියනවා ගෙදරින් බදින්න කෙනෙක් කතා කරලලු.ඌ කැමති නැහැලු.මේක නොකලොත් අම්මා වහ බොනවා කිවලු කියල.

වැඩි විස්තර කතා කරපුවම මනුස්සය බදින්න කෙනෙක් ඉඳල එකට අම්මා අකමැති වෙලා අවුරුදු 5ක් තිස්සේ තිබිල.දැන් එක නැහැ, ඒ කෙනා වෙන කසාදයක් කරගෙන නිසා මෙයා කසාද නොබඳ ඉන්නවලු.

මගේ තියන කට පියාන ඉන්න බැරිකමට කිව එහෙනම් අම්මා කතා කල කෙනා බඳින්න බැරි නම් වෙන ඔයා කැමති කෙනෙක් හොයාගෙන අම්මට කියන්න අම්මා තේරුම් ගනී කියල.එහෙම කියල මම කර ගත්ත මහා විනාසේ දැනුයි තේරෙන්නේ.

ඔය සිද්දියෙන් පස්සේ මම හිමිට අපේ වයිෆ්ට කියල හොයල බලන්න කිව.අපේ වයිෆ් මෙයාව දන්නවා මෙහෙ ඉන්න දවස් වල,අපි වගේ නෙමේ ටිකක් පිළිවෙලකට ඉන්න නිසා(පෙනුමට විතරයි, දැන් බලපුවම අපි පිළිවෙලක් නැත්තේ පිටට විතරයි) වයිෆ්ලගේ ගෙදර ඉස්සරහා ඉන්න හිතවත් කෙනෙක් කතා කරන්නද ඇහුව.

මමත් ඉතින් මූ පත් වෙලා ඉන්න ඉරණම නිසා හරි කතා කරන්න කියල ෆොටෝ එකක් එහෙම ගෙනත් පෙන්නුවා.එක දැකපු ගමන් මිනිහට මේක කර ගන්න ඕන කම,හැමදාම කතා කරලා වැඩේ ඉක්මන් කරන්න කියනව.මම ෆෝන් නම්බර් එක දීල කිව එහෙනම් කතා කර ගන්න කියල.

හැබැයි පළවැනි දවසේ කතා කල කියල මට කීවට ඊට පස්සේ මිනිහ කිසිම දෙයක් මට කිවේ නැහැ,මිනිහ නොකීවට මට අපේ ගෙදරින් විස්තර එනවා ඔන්න දැන් කේන්දර බැලුව, ඔන්න දැන් දෙගොල්ලම ගෙවල් වල ගියා,ඔන්න දැන් මඟුලට දින දාගෙන...

දැන් ඔය කිසි දෙයක් මිනිහ මට කිවේ නැහැ.හරි කමක් නැහැ.මට කියන්න ඕන නැහැ.මම මගේ යුතුකම කළා. එයාලගේ වැඩේ එයාල කර ගත්තාවේ කියල මම නිහඩව හිටිය.

ඔහොම ගිහින් මේ ඊයේ මට කතා කරලා කියනවා ඒ සෙට් කල කෙනා හොද නැහැලු,කතා කරන්න දන්නේ නැහැලු කතන්දර ගොඩක්.එයාගේ නෑ වෙන මල්ලි කෙනෙකුට රැස්පොට් කලේ නැහැලු.අද කාලේ කෙල්ලෝ බදින්න ඉන්න කොල්ලට ගරු කරනවා මිසක් මේකා කිව්වා කිව්වා පලියට එක එකාට සෙකන්ඩ් වෙන්න යනවද?

යකෝ අපි යාලු වෙනකොට කතා කරන්න දන්නවද නැද්ද අහලද යාලු වුනේ.යාලු වුනාට පස්සේ දෙන්නට ඕන විදියට එපයි දෙන්න එව්වා හදා ගන්න.

ඔන්න ඔය හේතුව කියල එක කරන්න බැරිය කියල කියනවා,දැන් මම දන්නවා මූ නොකීවට මඟුලට දින දාගෙන කියල.මඟුලට දින දා ගන්න කලින් මොනවද එහෙනම් කතා කලේ.

දැන් මේකට මමලු වැරදි.එයයිගේ අම්මට මොනවා හරි උනොත් මම වග කියන්න ඕනලු.

මට මේ හතර බිරි කතාව තේරුනේ නැහැ.එක නිසා මම සිංහල සංස්කෘතිය භාවිත කරලා කියල දුන්න මම උඹ අඬලා කිව නිසා මේක කතා කල තමා ඒ වුනාට උඹලගේ නොගැලපීම් ගලපන්න උඹලගේ දෙමවුපියන්ටත් බැරිය, මට කොහොමටත් බැරිය, උඹලා එහෙනම් අහවල් එකක් කතා කරලද මඟුලට දින දාගත්තේ කියල?

උත්තර නැත.

ඔය කියල ගෑනු ළමය මම ටිකක් දන්නවා.කොළඹ ඉස්කෝලෙක ගුරුවරියක්.කතා කරන්න දන්නේ නැහැ කියන එක පිළිගන්න පුළුවන් හේතුවක් නෙමේනේ.එකෙකුට බදින්න කෙල්ලක් කතා කරන්න කිව නිසා මම කතා කළා.ගැලපෙන නොගැලපෙන එක මගේ වැඩක් නෙමේනේ.

අන්තිමට අනුකම්පාව බුමිකම්පාවක් වෙලා දැන් මට මගේ වයිෆ්ලගේ ගෙදර අයට උත්තර දෙන්න වෙනවා,උදව් කරන්න ගිහින්.

අර දුකා කිව වගේ මෙව්වා හරි භයානක උදව්.. ඔන්න මම පාඩමක් ඉගෙන ගත්ත..