Showing posts with label දකුණු සැපත . . .. Show all posts
Showing posts with label දකුණු සැපත . . .. Show all posts

Monday, 19 May 2014

හූනු පලාපල,ලොක්කා,සහ මයේ කරුමය. . .


ඊයේ රෑ නිදා ගන්නකොට දොළහත් පහු වෙලා.ආපහු උදේ තුනට ඇහැරුනා මහා භයානක හීනයක් දැකල.
මාව දාල හෙන කාන්තාරේ මැද ප්‍රොජෙක්ට් එහෙකට.මම කොහොම හරි ඒකෙන් පැනල යන්න ට්‍රයි කරනවා.අපි හිටිය තැන වටේටම මහා ලොකු වැටක් ගහල තිබුනේ.ඉතින් මම ගෑස් කටර් එකක් අරන් ඇවිත් වැට කපල පනින්න කියල හිතාගෙන මම ඉඳපු පොර්ටකැබින් එකේ දොර ඇරගෙන එලියට ආව.එතකොට මගේ බොසා මට කියනවා ඇහෙනවා.
“මගියෝ මේ මේ වැඩ ටික කරගෙන හතර වෙනකොට වරෙන් මම දැන් යනවා” කියල.මගේ අලුත් ලොක්ක කොහොමත් මට දිරවන්නේ නැති එකෙක් නිසා ඌ කියන දේ බල්ලට දාල මම කටර් එක පත්තු කරගෙන වැට ගාවට යනකොට මහා විසාල මිනිහෙක් ඇවිත් මගේ ඉස්සර හිට ගත්ත.ඔන්න මට ඇහැරුන තැන.

ඩිංගක් වෙලා ඇදෙම ඉඳල කල්පනා කලා මොකද මේ වෙන්න යන්නේ කියන එක.
වතුර එකක් බිලා මම නිදාගෙන උදේ ඇහැරෙනකොට හයත් පහු වෙලා.දැන් නම් ඉතින් වැඩට යන්න වෙන්නේ හැමදාම මිනිස්සු මැරෙන කාන්තාරේ මැද හයිවේ එකේ තමා කියල මුණ හොදල ලැහැස්ති උනා.කන්න බොන්න මොනවවත් හදන්න ගියොත් වෙලා යන නිසා එහෙම්ම පොත් ටික ඇන්න දොර ලොක් කරලා එලියට ගියා.
ලිෆ්ට් එකෙට එන්න කියල බොත්තම ඔබල බලා ඉන්නකොට තමා මතක් උනේ ෆෝන් එක.ආපහු දොර ඇරගෙන ගිහිං ෆෝන් එකත් අරගෙන එනකොට මතක් උනා ඊයේ රෑ හීනේ.ඒ මදිවට යන ගමනත් බාද උනා කියලත් නිකමට හිතුන.ඔය දේවල් මනස්ගාත කියල අනික් උන්ටත් මම කිවට මෙහෙව් වෙලාවට පොඩි කාලේ ඉඳන් හිතේ ඇතුලට ගිහින් තිබුන ඒ දෙවල් අපහු එනවා.
ඉතිං මම හිතුව අර හැමදාම මිනිස්සු මැරෙන පාරේ නොගිහින් ෆැක්ටරි අස්සෙන් දාගෙන යන පොඩි අතුරු පාරේ යනව කියල.
වෙනදට මම යනකොට සිග්නල් උනත් ඇරෙනව.අද නිකන් එව්වත් මම හින්දම රතු වෙනව වගේ.ඔලුව නිකන් මන්න්නන් වගේ.

මේ කාලේ මගේ කෙන්දරේ අපලයි කියලත් කිව අන්තිමට බලනකොට.වාහනේ පරිස්සමින් යන්න කියලත් කිව.දැන් මට හිතෙන්නම ඔන්න හැප්පුන අන්න හැප්පුන වගේ.
කොහෝම හරි පැය භාගයක් පරක්කු වෙලා මම ඔෆිස් එකට ආව.
හැමදාම මගේ මෙන්ටර් මට කෝල් කරනව උදේ හත හමාරට.ඒ කතා කර කර ඉන්නකොට කිව අද වැදගත් ලියුමක් යවන්න තියනවා එක මගේ ඊමේල් එකින් යවන්න එපාය . ලියල මට එවන්න මම අඩු පාඩු  හදල යවන්නම් කියල.

මම එල කිරි කිව්වා.

ඔෆිස් එකට ගිය ගමන් වැඩ ටික අරගෙන ඉක්  ඉක්මනින් හදල ලොක්කගේ මෙසේ උඩින් තියල ආවේ මගේ පාඩම් වැඩක් කරන්න හිතං.
අර ලියුමත් ගහලම ඉන්නවා කියල ඒක ලිව.ටිකක් නෙමේ ගොඩක් බරපතල එකක්.මගේන් නොයවන හේතුව ඒක ලියන කොට තේරුන.කලින්දා රෑ අපේ තව ලංකාවේ අයිය කෙනෙක් කතා කරලා කිව, ඔයා ඔය වැඩේට එක්ස්පොස් වෙන්න එපාය.වෙන කෙනෙකුට දෙන්නය කියලා.
ඔන්න එතකොට එනවා අර මම ජොබ් එකට දාපු ක්ලයන්ට් ගේ පොර.ඉතින් ඌ කියන එව්වත් අහගෙන මම ලියුම ලියනවා.
ඌ එකපාරටම රේජීස්ටර් නොකරපු ආයතනයක සේවකයක් වෙආලු.උන්ගේ කොම්පැනිය කෝට් කේස් එකක් නිසා රේගජිස්ටර් කරලා නැති නිසා මුගේ වීස පරක්කු වෙලා.
ඕක අහගෙන මම කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එක රෙෆ්රේෂ් කර ක‍ර ඉන්නවා පුරුද්දට වාගේ.
එක පාරටම සෙන්ඩ් බටන් එක එබිල අර ලියුම මගේ මේල් එකෙක් යන්න තියන ඔක්කොටම ගියා,!@#$%^&*(

මකන්න බැහ, අන්ඩු කරන්නත් බැහ දැන් මම හොදටම බය වෙලා.

එහෙම්ම කතා කරල මගේ මෙන්ටර් ගෙන් ඇහුව අර ලියුම මගේ එකෙන් ගියොත් අව්ලක් තියේද  කියල
එයා කියපි ලොකු අව්ලක් යවන්න  එපා මම කියනකල් කියල

දැන් මම යවල ඉවරයි,

මම ටිකකින් ආපහු ඇන්න කිව්වා අයියේ සොරි අර ලියුම මගේ එකෙන් ගියා කියල.
මිනිහ කිව එහෙනම් වැඩි විස්තර පස්සේ දන්වන්නම් කියල ඒ අයටම ලියුමක් ලියල දාන්න කියල.
දැන් මම අර හෙන දරුණු ලියුම ලියපු එකා උනා එකපරාම.

දවල් වෙනකොට අපේ ලොක්ක ඇවිත් කියනවා අවුරුද්දකට විතර කලින් මම හදපු වැඩ වගයක් ආපහු ක්ලයන්ට යවන්නලු,ඔය වැඩෙ පරන මහා කුණු ගොඩක්.අපි කරල ඉවර කල ඔය කියන්නාවූ වැඩේ ,අපි යවන්න ඕන නැහැ,.

මූ යවන්නලු.

මම කියනවා අපි යවන්න ඕන නැහැ.

දැන් මිනිහට තද වෙලා අරකද මේකද කියනවා.
හරියටම කරන්න ඕන දේවල් ටික පිළිවෙලට ලියල දෙන්නලු.
මම කිව,
සර් , ඔය වැඩේට කියන නමක් තියනව,ඒ නම ලියල තමා යවල තියෙන්නේ. කරන විදිය කියල යවන්න ඕන නැහැ කියල.

ඔන්න දැන් මිනිහට තද වෙලා දොරත් ගහගෙන යන්න ගියා.
සවස් වෙනකාල් මා එක කතා නැහැ.
හරියට ගෑනියි මිනිහයි වගේ. . .

සේකට්‍රි ලව්වා එක එක දේවල් ගෙන්න ගන්නවා සති මිටිමට යන්න.මමත් ඔන්න ඔහේ ඕන වෙඩින් එකක්, මාව යවනවා නම් යවපුදෙන් මගේ ග්‍රටිවිටිය හරි එනවනේ.එකත් ලොකු දෙයක් නේ මේ වෙලාවේ කියල ඔහේ උන්න.
මමත් හරියට හතර වෙනකොට කඩේ වහල එන්න ආව.
දැන් මේ ඔක්කොම කචල් අර ඊයේ රැ හිනේද ???
නැත නම්න් මම උදේ එලියට ඇවිත් අපහු ගිය නිසා බදාව නිසාද ?
නැත් නම් මගේ කරුමෙද ????

කෝකටත් දකුණු සැපත සෙන්ටි 8 ක් ඇනගෙන බුදියනව . . .


 පොඩි පැණි රහකුත් එනව. . . .සෙහ් නැව ගිලුනත් ගැට්ටෙ බජව්. . .