Thursday 6 June 2013

ආතල් රැයක්...

අද දවසින් බාගයක්ම නිදි.අද නිවාඩු දවස නිසා ඊයේ කල වැඩේ අද දවසින් බාගයක්ම අඳුරු උනා.යාලුවෝ ටිකක් එකතු වෙනවා කියල පණිවිඩය ආවේ මමත් පොඩ්ඩක් අනුමත වෙන්න පටගන්න කොටමයි.ඒ වැඩේ පැත්තකින් තියල මමත් මම ගෙනපු බෝතලයයි ග්‍රිල් කරපු කුකුලෙකුත් කඩෙන් අරන් යන්න පිටත් උනා.යනකොට සාජා තියන ඔක්කොම වාහන පාරේද කොහෙද.හිමින් හිමින් ඇදී ඇදී මම යනකොට මුන්  වැඩේ පටන්ගෙන.

පින්තුරේ ගත්තේ:eujeenbevermix.blogspot.com
මමත් වාඩි වෙලා පටන් ගත්ත.ඇලුමිනියම් බෝතලේක දාපු වොඩ්ක එකක් තිබ්බ මම කලින් දැකල නැති එකක්. ඒක නිසා ටිකක් වෙලා යනකොට අනිත් උන් ඒක මා ගාවින් තියන්න කටයුතු කළා. විහිලු වලින්  ආතල් කතා වලින් පටන්ගෙන,අතීත කතා ටිකක් කතා කරලා ලංකාවේ දේශපාලනේ කතා කරන්න ගන්නකොට මගේ ඇලුමිනියම් වොඩ්ක එක ඉවර වෙලා.ඒ කියන්නේ ඔය දේශපාලන කතා බහ මට ඒ තරම් නිච්චි නෑ.රෑ එකට විතර ඇති මගේ හිතේ.බෝතල් ඉවර උනේ නැති උනත් අනිත් උන්ටත් වැඩි වේගෙන ආව නිසා නොබී හිටපු එකෙක් වැඩේ ඉවර කරන්න යෝජනා කලා.

ඔලුව කැරකෙන ගතිය ටිකක් වැඩි වෙලා තිබුන.මට එහා පැත්තේ වාඩි වෙලා උන් එකා කබරයෙක් අත අරිය. ඒක දැකපු මටත් දැම්මනම් හොදයි වගේ හිතුන.කව්ද එකෙක් මාව එක්කන් ගිහින් බැල්කනි එකේ පුටුවක් තියල වාඩි කළා.වාඩි කරලා ෂොපින් බෑග් එකක් දුන්න දාපන් කියල.මමත් බෑග් එක ඇරල ඒකෙ කට දිහා බලල එක පාරක් දැම්ම.... දාල බැලුව හරියට උනාද කියල, බලනකොට බිම.දෙවැනි පාරනම් හරියට වැඩේ කරනවා කියල හිතල අපහු ට්‍රයි කළා.බෑග් එකේ කටේ ගෑවීලා ගිහින් තිබුනට ඒ පාරත් මිස් වෙලා.බෑග් එකට කබරයා දාන එක අමාරු වැඩක් කව්රු කිවත් මේ වෙලාවට.ඒක නිසා බෑග් එක පැත්තකට කරලා බිමටම දැම්ම.කබරයා දැම්මම නම් හොද සනීපයක් ආව.

නානා ප්‍රකාර වැඩ අවට වෙනවා දැක්ක.එකෙක් නාන කාමරේ නිදි වගේ දැක්කේ.තව එකෙක් උගෙ ඔලුව අල්ලාගෙන. මම එහෙම්ම ගිහින් තිබිච්ච ඇදකට වැටිලා ටිකක් වෙලා හිටිය වගේ දැනුනේ.නැගිටලා බලනකොට චමරියේ නොබොන එකම එකා බිම හෝදනවා.වෙලාව පාන්දර 2යි.මම හිතුව දැන් යන්න ඕන කියල.හැමෝම එපා කියනවා.බනිනවා.මම යන්නම ඕන කියල පරසක්වල ගැහුවා.මූනට වතුර ටිකක් ගහ ගෙන මම එලියට ආව.

එනකොට මට වැඩිය වෙරි තිබ්බේ නෑ,හැබැයි මඟක් එනකොට නං වැඩි වෙන බවක් දැනුන.කොහොම හරි වැඩි වේගයක් ගන්නේ නැතුව ශේප් එකේ ප්‍රදාන පාරට දාගත්ත.උපරිම විනාඩි 15  - 20 වෙනකොට යන්න ඇහැකි රෑට වාහන අඩු නිසා.

පින්තුරේ ගත්තේ:www.emirates247.com
ඔය පාර හදනව මේ දවස් වල.ඒක නිසා එහාට මෙහාට පාර හරවල තියන්නේ.දැන් නම් හොදටම තව කබරයෙක් දාන්නම ඕන.මම පාර අයිනේ නතර කළා.නතර කරලා දැම්ම බඩ බොකු එලියට එන්න.කට හෝදගෙන ආපහු පටන් ගත්ත ගමන.කබරයා දැම්මම වෙරි වැඩි උනා වගේ.යන්න අමාරු ගතියක් ආවත් දැන් යන්නම වෙනවා.මොකද මෙතන නතර කරලා ඉඳල පොලිසියට අහු උනොත් ලොකු නඩුවක්.

ඒක නිසා පළවැනි ධාවන පථයේ හිමිට එන්න ආව හැබැයි වෙනද පහු වෙන වට පිටාව නෙමේ වගේ.කෝකටත් කියල සාජා කියල දැක්ක පළවැනි බෝර්ඩ් එකෙන් හරවා ගත්ත.හරවාගෙන එනකොට මේ මම ඉන්න පළාත නෙමේ.තේරෙන්නේ නෑ කොහෙද කියල.කොහොම හැරී පැය භාගයක් වගේ දැන් මෙහේ කැරකුනා.එකම පාරේ දෙපැත්තට යනව කියල තේරුම් ගන්නත් ගොඩක් වෙලා ගියා.කොච්චර දැම්මත් ආපහු කබරයෙක් එනව.දැන් නම් මම හොදටම හැක් වෙලා.අරුන් කිව විදියට ඉඳල ආව නම් හොදයි කියල හිතුන දැන් නම්.

කොහොම හරී ටැක්සි කාරයෙක්ගෙන් ඇහුවම මම ගෙදරට ගොඩාක් දුර ඇවිත්.ආපහු ප්‍රදාන පාරට යන විදිය අහගෙන මම එන්න ආව.ප්‍රදාන පාරට දාගත්තම ටිකක් හොදයි මොකද ටිකකින් ගෙදර යන්න පුළුවන් නිසා.ඒ වෙනකොට ඉක්මනට එන්න තියන ඕන කම නිසා ටිකක් වේගේ වැඩි උනා මයේහිතේ .ලොකු එලියක් එකපාරටම වැදුන.බලනකොට යන්න තියන ගානට වඩා 20ක් වැඩි. AED 600 ක් නැති උනේ ඒ විදියට.

ඔන්න ඔහොමයි මම ගෙදර ආවේ.වෙලාව උදේ 4යි.පැය එක හමාරක් බොරුවට ඇවිදලා.ආපු ගමන් කොම්පුටරේ දාල බලනකොට අටම ඉන්නවා ඔන්ලයින්.ඌ එක්ක වචන දෙකක් කතා කරලා නිදා ගත්ත.අද උදේට කෑවෙත් නැති නිසා නැගිටලා පරිප්පු හොද්දකුයි කරවල බැදුමකුයි හදල බත් ටිකකුත් කෑවා. 

අද දවසින් භාගයක්ම නිදි හරි නිදි මතේ හරි.නිවාඩුව අපරාදේ මස්තබාල්දු උනා.....හැබැයි මේ වගේ ආතල් එකක් ගත්තේ අවුරුදු එක හමාරකට පස්සේ. 



36 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අන්තිම මෝඩ වැඩක්, බීලා එලවන එක. වෙලාව හොඳ හින්දා ඔය තරමින් බේරුනා කියල හිතා ගනින්. හයියූ ෂල්ලි..:)

    පොලෝසියට අහුවුනා නං කෙලින්ම බලු කූඩුවෙ නේද? ඔ‍ටුවො බොම එවුන් එක්ක ජ්ම්ම තරහයි ලු. අනික, ඔහේ කූඩුත් ෆයිව් ස්ටර් ලෙවල් එකට ඇති නෙව? මත කෙසේ වෙතත් නිදිමත උනත් වැඩිනං කෙලින්ම අයින් කරලා නවත්තලා, හැසඩ් දාලා බුදියගනින් කියලයි පුරුදුකාරයෙක් මට නං කිව්වෙ.

    අපරාදෙ අර සල්ලි වලින් GPS එකක්ම ගන්න තිබුනා. ස්මාර්ට් ෆොන් එකක් තියේ නං TomTom ඇප් එක දාගත්තම ඇති. මට මතක විදිහට මිඩ්ල්-ඊස්ට් වර්ෂන් එකක් තියනවා

    ReplyDelete
    Replies
    1. මචන් උඹ කියන එක සම්පුර්ණ ඇත්ත... බිලා යන්න හොද නෑ.ඒ වෙලාවේ අපහු එන්නයි හිතුනේ බන්.විනාඩි 20 ක් වගේ යත්දී එන්න පුළුවන් නිසා සහ හයිවේ එකේ සාමාන්‍යයෙන් පොලියෙන් නවත්වන්නේ නැති නිසා මම එන්න ආවේ.එනකොට වෙරි වැඩි උනා අර වොඩ්ක එක තැපෑලේ ආවේ ...

      Delete
    2. ඈ මගියෝ පොලිසියෙන් නවත්තන හින්දා විතරක් නෙමෙයි බිලා එලවන එක හොඳ නැත්තේ. කාගේ කාගේත් ආරක්ෂාව ගැන හිතලා බිව්වනම් එක තැනකට වෙලා ඉන්න එකයි ඇත්තේ :))

      Delete
    3. එහෙමයි එහෙමයි සයුරි...ඒ වෙලාවේ එන්නමයිනේ හිතුනේ, ආයේ බොන්න යනවා නම් ටැක්සි එකක යනවා කියල හිතාන ඉන්නේ..වැරැද්දට බැන්නට බොහොමත්ම ඉස්තුති..ඇත්තටම සතුටුයි මෙතන මේ වගේ මිත්‍රයන් ටිකක් ලැබීම ගැන ...

      Delete
  3. නරක පුරුවාදර්ශ තමා ඕවා.. නොදන්න මගුලක් ගෙදර තියාගෙන බීල එක්කෝ වෙරි බැස්සම පොඩි නින්දක් දාගෙන ඉවර වෙලා එන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අඩේ මේක කියවන උණ දැනුම් තේරුම් තියන උදවිය නොවැ...ඔව් බන් ආව එක එනම් වැරදි තමා.එක මට මඟ එත්දීම තේරුණා...

      Delete
  4. ඇත්තටම බීලා අහුවුනානම් සාජා වලදී මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මචන් අහන්න එපා , දැන් බලහන් මේකේ කියවන ඔක්කොම බැනල තියෙන්නේ.වෙන්නේ මොනවද දන්නා උන්.මෙතන්න ඕව කිවොත්, අනිත් උන් ටිකත් බනි බන්.

      Delete
    2. හරි , උඹට කියන්න බෑ නෙව. මං කියඤ්ඤං :)

      එකදාස් බර ගණන්වල , සාජා තමයි කොමර්ෂල් හබ් එක වෙලා ඉඳලා තියෙන්නෙ - ඩුබායි නෙමෙයි. ලයිසොන් නැතුව බීමද, ක්ලබ්ද, එව්වද, මෙව්වද ඔක්කොම තියල තියනවා. හිටපු ගමන් සාජා ෂීක්ට ආගම් උණ ගහලා එව්වා ඔක්කොම නවත්වලා.දැන් සාජා වලට ඉස්සර වගේ සල්ලි නෑ, වැඩිහරියක් සව්දි ආධාර වලින් තමා දුවන්න. දැන් සාජා කියන්නෙ සව්දි වගේ ආගම දරුණුවටම තියන නගරයක්. ඒකෙදි බීලා අහුවෙනව කියන්නෙ , උන්දැට අබ සරණයි.

      හා, දැන් බනින උන් බැනපල්ලා :)

      Delete
    3. මචං ඉන්න තැනක ලිපිනයක් දීපන් මම මගේ මස් ටිකක් පාර්සල් කරලා එවන්න.උඹට කන්න.මොකද්ද මාව මරාගෙන කන්න ළඟ නැහැනේ.මමවත් මාවම මරාගෙන උඹට මස් ටික එවන්න....

      Delete
  5. ඇලුමිනියම් වොඩ්ක එක ඇලුමිනියම් වෙන්නම වැදිල වගේ.

    ReplyDelete
    Replies
    1. එක මරු වොඩ්ක එක බන් ,හැබැයි තැපෑලෙන් එන්නේ.

      Delete
  6. ඔබේ සහෝදරයෙක් ලෙස දෙන අවවාදය. ඔබ කර ඇත්තේ අන්තිම අවධානම් වැඩක්. ඉතාම පහසුවෙන් ඔබ භ්‍යානක අනතුරක ගොදුරක් වන්නට තිබ්බා. මීට පස්සෙ බිව්වම එතැනින් යන්න එපා. ඔබට ඔබේ මිතුරන් ඒ ගැන කියා ඇත්තේ ඔබේ ඉරියව් රිය පැදවීමකට නුසුදුසු නිසයි. මගේ මිතුරෙක් මෙහෙම බීලා පාරේ වැරදි පැත්තට ගිහින් අනතුරක වෙලා දැන් සදාකාලික ඇදේ. අපරාදේ උගත් තරුණ ජීවිතයක්. ඔබ වටිනා අයෙක්. ඒ වටිනාකම තියා ගන්න. ඉඳ හිට බ්ව්වට වරදක් නැහැ. හැබැයි පරිස්සම වැදගත්. තරහා වෙන්න එපා අවවාදයක් කළේ මිතුරුකමට.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයෝ හරි දේ කියල දෙන්න ගැහුවත් තරහ නෑ මම.එක නිසා කිසිම අමනාපයක් නෑ වගේම ඔබ කිව් කරණා තේරුම් ගත්ත.ඒ වෙලාවේ අව්ලක් නොතිබුනත් පස්සේ වෙරි වැඩි උනා.කොහොම වෙතත් බිවම වාහන භාවිත නොකරන්න තීරණය කළා.

      Delete
  7. ඔය බූරූ වැඩේ ආයේ ජීවීතේට කරන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. බොන එක නෙමෙයි. බීලා එලවන එක.. මෝඩ හරක් තකතීරූ වැඩක්...

    ReplyDelete
    Replies
    1. සංසාරේ මාතලන් හරි ආයේ කරන්නේ නෑ.මම මේක මා එක්ක සෙට් උණ උන්ටවත් කිවේ නෑ බන්.මෙතන විතරයි කිවේ.මේ ආපු හැමෝම ඒ මිත්‍රරයන්ටත් වඩා හොදට යුතුකම ඉටු කරනවා.ඒ ගැන බොහොමත්ම සතුටුයි.දැකපුවත් නැතිව මෙහෙම වැරැද්ද්දක් කියාදෙන මිත්‍රයන් ඉන්න එක ගැන හරිම සතුටුයි.

      Delete
  8. කබරයෙක් දාලා ඔය වගේ කිච වෙලා පහුවදා උදේට දැනෙන මූසල හැගීම කොහොමද ගොයියො...ආයෙනම් බොන්නෙ නෑ කියලා නේද එතකොට හිතෙන්නෙ...ඒ වගේද ඔලුවෙ තියෙන බර ගතිය..බඩගෙඩිය ඇතුලෙන් දැනෙන අමුතුම හැගීම...වාහනයක් පදවන්න නියමිත නම් නොබොන එක තමයි හොදම දේ. මොකද ඔබ අතින් කුඩා දරුවෙක් හරි පවුලට කන්න අදින්න දෙන කෙනෙක් හරි මැරුනොත් ඒ හැගීම හිතේ හිරකරගෙන තමයි ජීවිත කාලෙමම ගෙවන්න වෙන්නෙ... තමන්ගෙ හෘද සාක්ෂිය තමන්ට වද දෙන තරම් කරුමයක් තවත් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. මචන්,වැඩි උනාම නම් ආයේ ඕන නෑ.පහුවදා දවසම ඉවරයි.බඩ හරි යන්න තව දවසක්වත් යනවා.කබරයා දාන එක නම් අයියෝ වෙඩක් නෑ කියල...වාහන එලවන එක නම් වැරදි බන්.ඒ වෙලාවට ගානක් නැති උනාට දෙයක් උනා නං කියල දැනුයි හිතෙන්නේ. බලහන් මෙහෙම බැනල වැරදි කියා දෙන්න දැකලවත් නැති මිතුරන් ටිකක් ඉන්න එක ගැන නම් බොහොමත්ම සතුටුයි.

      Delete
    2. ඔය වගේ වෙලාවට මොරවක මෙඩිටෝ එකක් ගැහුවම පට ගාලා අමාරු නැති වෙනවා කියලා අටමා කිව්වා...ඒ හා සමාන ඒවා ඔහෙ තිබුනොත් ගහලා බලන්න...ඊළග බ්ලොග් පෝස්ට් එක ලිව්වොත් අපි දන්නවා මලේ නෑ කියලා....හික් හික්....

      Delete
  9. උඩ කට්ටිය ඇති වෙන්න බැනල තියෙන්නේ..මම මොකටද ඉතින් අමුතුවෙන් බනින්නේ :)

    ReplyDelete
    Replies
    1. අප්පේ ඇති, බොහොමත්ම ඉස්තුති ඒ වැඩේට නම්.පෙන්නේ නැද්ද බිම එපා වෙන්නම වෙලා තියෙන්නේ මට වැඩේ.ආයේ බිලා වාහන අල්ලන්නේ නෑ.

      Delete
  10. මට නං ටිකක් බිපුවාම තමයි පුදුම ෂුවර් එකකින් වාහනයක් ඩ්‍රයිව් කරන්න හැකි. ඒත් කොහෙද මේ පොලෝසියේ ඇත්තෝ දැන් මුණ ඉබ්න්නම එනවනේ. ටිකක් බීපු වෙලාවට අපි නොදැනුවත්වම රිය පැදවිම දෙසට අවධානය වැඩියෙන් යොමුවෙනවා.

    ReplyDelete
    Replies
    1. මචන් අමාරු උනා බන් මට නම් වෙරි වැඩි උනා මඟදී.ආපහු යන්න බැරිකමට ගෙදර ගියේ,..අනික ඒ බීම තැපෑලේ එන එකක් බන් මම ගදර ඇවිත් නිදා ගත්තම ඈද කැරකෙනවා වගේ,,,, පට්ට අමාරුයි,..

      Delete
  11. DON'T DRINK AND DrIvE, කියන්නේ ඕකයි. නෝට් කලාද වචනේ?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දැක්ක...ඒ බෝතලේ තැපෑලේ ආවේ හෙන්රි.එක දන්නේ නැති නිසා මම එන්න ආව.එනකොට වැදුනනේ.කොහොමත් බීල වාහන පදින්නතුව ඉන්න හිතාගෙන ඉන්නේ....

      Delete
  12. idla hitala ohama tiyana ona. habai parisamata,
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඔව් බන්,නැත් නම් ජිවිතේ ඒකාකාරී වෙනවා. සිංහල ටයිප් කරන්න හද ගනින් ...

      Delete
    2. okata mama atiwena banum ahala tiyana, (wadipura banum "lankapriyage sithivili" liyana Sarth Ayyagen). ape IT Executive gen ikmanata ahaganam.
      Jayawewa.

      Delete
    3. http://unicode.malindaprasad.com/
      මෙ ලින්ක් එකට යන්න ඉන්ස්ටොල් කරන්න ඔන නෑ.මට ඩුන්නෙ සිරා

      Delete
  13. ඔය වෙලාවට ග්ලුකොස් ටිකක කාපන්.සුටුස් ගාල වෑඩෙ ගොඩ

    ReplyDelete
    Replies
    1. තැන්කු බන් ටිප් එකට.මම ඕක දැනගෙන හිටියේ නැහැනේ !!! එල

      Delete
  14. ඔටුවෙකුගේ වයසේදීත් බොන්න පුරුදු වෙන එකෙක් වගේ නේ බීලා තියෙන්නේ!

    බොන්න ඕනෑ නම් හොඳම වැඩේ ගෙදර ඉඳගෙන බොන එක!

    ReplyDelete
    Replies
    1. ඔව් කකා මේක නම් මම කල හරක් වැඩක්.ගොඩක් කාලෙකින් බොන්න සෙට් උනේ.අර බෝතලේ ටිකක් සැර එකක් මම තනියම වගේනේ එක බීවේ.වැඩේ කේස් උනා.දැන් නම් බොන්නේ ගෙදර ඉඳන් විතරයි එකත් සති දෙකකට සැරයක් වගේ.

      Delete
    2. පොලිසියෙන් ගහනවා වගේ බොන කොට බොන එකේ ජොලියත් ටිකකින් නැතිවෙනවා.

      ඩ්‍රින්ක් එක රස විඳින්න නම්, එක පාරකට සෙන්ටි මීටරයක් දාගෙන පැය බාගයක් විතර තිස්සේ තොල ගාන්න.

      Delete
    3. මේ සතියේ බෝතලේ එහෙම බොන්න ඕන...

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .