Thursday, 19 December 2013

ඉස්කෝලෙ කාලෙ ලව්. . .

මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන්  ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.

ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගි‍රිස් පන්‍තියට යන්න මූලික උනේ.

පන්තිය තිබුණෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුණ.එහෙක කෙල්ලො අනිකෙ අපි.  එදා මම පන්තියට ගිය පලවෙනි දවස.ටික වෙලාවක් යනකොට දිග කොන්ඩෙ පෝනි නගුටක් දාල, සුදු පාට ගව්මක් ඇදල කලු පාට බෙල්ට් එකක් දාල කෙල්ලෙක් ආව.සුදු ලස්සන කෙල්ලෙක්.ඇවිත් වාඩි උනේ මම හිටිය බන්කුවට එහා බන්කුවෙ.

මට මේ කෙල්ල හිතට අල්ලල ගියා.ඔන්න එදා ඉදන් මම ඉන්ගිරිස් ඉගෙන ගන්නව.හැමදාම පන්ති යනව ඒ කෙල්ලව බලන්න.පන්තියෙ ඉන්නකොටත් වැඩිපුර කරන්නෙ එයා ලියන හැටි, හිනා වෙන හැටි ඔව්ව තමා.

කාලයත් එක්ක මගේ ඒකපාර්ශික ලව මෝරගෙන එනව.දැන් මම පන්ති යන්නෙ ඔය කෙල්ල නිසාමයි.නමුත් ඒකි මම ගැන කිසිම සැලකිල්ලක් නැහැ.මමත් හොදට ඇදල කරල යනව, ගෙදර වැඩ ටික හොදට කරගෙන යනව.සර් කාරය ලව්ව මගෙ නම කියව ගන්න.

කොහෙද සර් මහ එක විදියක පොරක්.කිවෙම නැහැනෙ මගෙ නම.

දැන් ඕ ලෙවෙල් විභාගෙ ලන් වෙනව.මම ඔය විභාගෙට ලෑස්ති උනේ විභාගෙට මාස හතරක් වගේ තියල.මගෙ යාලුවෙකුගෙ අයිය කෙනෙක් ගනන් පන්තියක් කලා මට.ඌ හින්ද ගනන් විද්‍යාව සමාජ අද්‍යනය හොදට පාස් වෙලා උසස්පෙල මැත්ස් පන්තියෙ එල්ලුන.

අර කෙල්ලට D ම අටක් කියල ආරන්චි උනා.අන්තිම ඉන්ගිරිස් පන්තිය දවසෙ ආවෙ නෑ.මට හෙන අප්සට්.

ඉතින් මම තවම ඒකි ගැන හිත හිත ඒ ලෙවෙල් පන්ති යනව.වැඩිය දකින්න ලැබුනෙත් නෑ.මගෙ මේ ඒකපාර්සික වැඩේ මගෙ හොදම යාලුවවත් දැනගෙන උන්නෙ නෑ.මම කීවෙ නෑ.

ඉතින් ඔහොම කාලෙ ගියා.මම ඉදල හිටල එයා උසස්පෙල පන්ති යන එව්ව හොයල ඒ පාරවල් වල ඉදල දැක බලා ගන්නව.එයාකලේ ආර්ට්ස්.ඒකාලෙ හිතන්නෙම ඒ ගැන.හැබැයි කතා කරන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බෙ නෑ.මොකද මම ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු නිසා.නමුත් මම අවදානය ගන්න පුලුවන් තරම් උත්සාහ කලා.

http://www.deepliving.com/the-role-of-disappointment-part-03/


පලවෙනි පාර උසස්පෙල කරල රිසල්ට් ආවම .මම සන්ඝමිත්තා එකට ගිහින් රිසල්ට් බැලුව, ඒයාට A 4 .කොලබ නීති පීටයෙ.මම . . .හෙහ් හෙහ් කොහොම හරි ෆිසිකල් බෝට්ටුවක් ආව පේරදෙනිය. දැන් මම හෙන අව්ලෙන්.මොකද කැම්පස් එකෙක් සෙට් වෙයි කියල.මම කොලබ කැම්පස් එකට සුහද මාරුවක් ඉල්ලුව. ලැබුනෙ නෑ.

මම හිතාගත්ත කොහොම හරි කොලබ කැම්පස් එකට යනව කියල මහන්සි උනා ෆිසිකල් යන්න කොලබ.අර මගෙ යලුවගෙ අයිය මට ගොඩාක් උදව් කලා.දෙවෙනි පාර මම මොරටුවට යන්න ආව.දැන් කොලබ කැම්පස් එකට ෆිසිකල් යන්න දෙන්නෙ නෑ.මට ගෙදරින්.හෙන කේස්.ඔය දවස් වල අපේ ගෙදර ආර්තික මැසිම කර කර ගගා දිව්වෙ.ඉතින් පේරදෙනියෙ යන්නලු.කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.හෙ හෙහ් හෙහ්   

කොහොමෙන් හරි මගෙ මේ සීන් එකට දැන් අවුරුදු පහක්.හැබැයි මම විතරයි දන්නෙ.

මම කොලබ ‍යන එක අත ඇරල ගෙදර අයටත් බරක් දීල ගියා මොරටූ.ගිහින් කොලබ කැම්පස් එකෙ යාලුවො සෙට් කොරගෙන හොයනව, හැම සතියකම දෙපාරක්වත් යනව.කර්මය කියන්නෙ කවදාවත් දැක්කෙ නෑනෙ.පස්සෙ මගෙ වියදමට මම පන්ති කරන්න ගත්තෙ මෙව්වට ගෙදරින් සල්ලි  ඉල්ලන්න  බැ‍රි නිසා.

ඔ‍ය කාලෙ තමා මම සල්ලි ගන්න බැන්කුවට ගිහින් මුද්දර ගහන්න සල්ලි නැතුව ඉන්නකොට, කවුන්ටරෙ හිටපු කෙල්ලෙක් කතා කරල මුද්දර ප්‍රස්නෙ විසදුවෙ.ඔය හිතවත්කම දුර ගියෙ නෑ මම මේ සීන් එක ඔලුවෙ ති‍යාන ඉන්න නිසා.නමුත් එයා මගෙ හොදම  යාලුව උනා.

බැන්කුවෙ කෙල්ල එක්ක මෙන්න මේ කතාවෙ සිද්දිය උන දවසෙ රෑ මම තීරණය කලා අවුරුදු ගානක මගෙ ඒකපාර්ශික ලව් එක ඉවර කරන්න.මම හිතුව මම මේ කෙල්ල එක්ක යමක් පටන් ගන්න කලින්, පරන එකට කතා කරනව කියල, ඒ කෙල්ලගෙ ගෙදර ෆෝන් නම්බරේ හොයාගත්ත.

පහුවදා කෝල් කරන්න ගියාම හිතුන, මම මේ මා එක්ක අවුරුදු හතරක් දුක සැප බෙදා ගෙන මගෙ රෙදි ටික හොදල මැදල දුන්න කෙල්ල හොදා මගෙ නමවත් නොදන්න කෙල්ලකට වඩා කියල මම එදා ඒක හිතින් අයින් කලා.

ඔය මගෙ නමවත් නොදන්න කෙල්ල නිසා මගෙ ජිවිතෙ ගොඩක් දේවල් වෙනස් උනා.

හදිසියෙම මේක මතක් උනේ . . . ගිය සතියෙ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තිබුන.ඒ යාලුව මට කතා කරල ඇහුව උබ මෙහෙම කෙනෙක් දන්නවද කියල.ඌත් මමත් එකම ඉස්කොලෙටම ගිහින් තියන එකම වයස නිසා උගෙන් අහුවලු මම මොකද කරන්නෙ කින්ද මන්ද කියල.

මට පුදුම හිතුන මේ කතාවට.මම අවුරුදු ගානක් හීන දැක දැකා හිටිය,මගෙ නමවත් දන්නෙ නැතෙයි කියල හිතපු මේ කෙල්ල මා ගැන අහනව කියන්නෙ. . . කාලය මැව් වෙනසක අරුමේ. . . .

Sunday, 15 December 2013

රෙෆරන්ස් ටු දේශකයාස් පොස්ට් ඩේටඩ් 22/11/2013

දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.

ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේ ලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.
පින්තුරෙ http://sharememe.org/dubai-mall-aquarium-diving-7-hd-wallpapers/dubai-mall-aquarium-diving-7-hd-wallpapers-2/
මෝල්එක හෙන ලොකුයි.එහෙං මෙහෙං යන්න තියනවා අපිටත් අමාරුයි හොයා ගන්න.

මම ඔන්න ටිකට් තුනකුත් ඇන්න ඇතුලට ගියා.මාලු ටැන්කිය ඇතුල උමගක් වගේ වටේට විදුරු.ජුනියර් එහාට මෙහාට දුවනවා, මාළු බලන්න.

ඌ මේ වගේ එකක් දැක්ක පලවෙනි එක නිසා හෙන එක්සයිට්.මමත් ඕන විදියට නටන්න දීල හිටිය.ඔය උමග උඩ රවුන් කීවෙ ඕවලාකාරයි.මගෙත් ඔලුව ටිකක් මන්නන් වෙලා ගියා නිකන් කැරකෙනවා වගේ.

ඔය විසිතුරු බලන අතර පොඩිඑකත් එහෙ මෙහෙ දුවනව.මම පුතා එක කොනකට යනව පොටෝ එකක් අරගෙන කැමරාවෙන් පොටෝ එක දිහත් බලල,
ලමය හිටි තැන බැලුව.

 කෝ ජුනියර් ???????????????

එහා කොනේ ඉදන් මෙහා කොනට යනකල් දෙපාරක් ගියා.එලියට ගිහින් වටෙන්ම අවිදලත් බැලුව මේක නැහැ.හාමිනේට ඔලුව කැරකෙනවා කියල එලියට ගිහින් පුටුවක වැඩි වෙලා උන්නේ.මම එයට නොපෙනෙන්න මේකව හොයනවා.මොකද මේ ඉන්න තත්ත්වේ අනුව ඔය වගේ දෙයක් කියන්න බැරි නිසා.

හැමතැනම බැලුව නැහැ.පුතා වෙනදට ගිය දිහකින් ඒ ගිය පාර දිගේම ආපහු එන පුරුද්දක් තියනවා.එක නිසා මම ටිකක් බැලුව එයිද කියල.විනාඩි දහයක් විතර හිටිය දැන් නම් ඉන්නම බැහැ.මගේ පපුව නිකන් බර වෙලා වගේ.අත් දෙකත් සිතල වෙලා කතා කර ගන්නවත් බැහැ.

මගේ වෙනස දැකපු වයිෆ්ට තේරුණා වෙලා තියන දේ.
එයා අඩනවා දුවනවා ලමය හොයන්න.

 මම එතන හිටපු සිකුරිටි එකාට කිව.ඌ ඒ ගමන්ම උන්ගේ ලොක්කට කෝල් කරලා ඇදගෙන හිටිය ඇදුම් ගැන විස්තරයක් සහ පුතාගේ ෆොටෝ එකක් යැව්වා.ඌ කියනවා බය වෙන්න එපාය හැම මීටර් 20 කටම එක සිවිල් ඔෆිසර් කෙනෙක් ඉන්නවය ඒ හැමෝටම ෆොටෝ එක යැව්වය කියල.

මමත් ඒ ළඟ යයි කියල හිතන්න පුළුවන් හැම කඩේටම ගිහින් බැලුව.මිනිහ ආසයි ඔය සෙල්ලම් කාර් වලට.ඒක නිසා ඒ ළඟ තිබුන සෙල්ලම් බඩු කඩේ හැමතැනම බැලුව.දැන් විනාඩි විස්සකට වැඩි.

මම මුලින් ගොඩක් විශ්වාස කරා පුතා ගිය පාරේම අපහු එනවා කියල.වෙලාව යනකොට ඒ විශ්වාසේත් හෙලෙන්න ගත්ත.

බලන්න පුළුවන් හැම තැනකම බැලුව.CID  එකේ උන් ටිකත් එහාට මෙහාට කෝල් කරනවා විතරයි.

දැන් වයිෆ් කලන්තේ දාන ගානට ඇවිත්.එයත් පුටුවක ඉන්දල මම හැමතැනම දුවනවා.

මම කෝකටත් කියල එතනින් ටිකක් ඈත තියනවා කොරිඩෝවක් කෘතීම වැව උඩින් යන පාලමට.මම ඔය කොරිඩෝවට ගියා, 

මෙන්න එනවා දුවගෙන පාලම පැත්තේ ඉදං. අර කොරිඩෝවේ තියන හැම කඩේකම දෙන කොලයි, කෑම කඩවල මෙනු කොලයි ගොන්නක් අතේ.තවත් නැවතී නැවතී කඩ වල ඉස්සරහ ඉන්න පිලිපීන කෙල්ලෝ එක්ක චැට් එක දානවා එන ගමනුත්.අම්ම අප්පා ඉන්නවද මලාද නැහැ.

එක දැක්කම හිනා ගියත්, අල්ලගත්ත ගමන් උරහිසෙන් හොල්ලල ඇහුව කොහෙද ගියේ කියල.

දුන්න උත්තරේ ;

" සංසාරේ අප්පච්චි මට චිකන් ගුඩි කන්න ඕන" ( චිකන් ගුඩි කියන්නේ KFC එකේ පොප්කොර්න් එකට)

එකට කිසි ගානක් නැහැ.දෙන්නම් උබට චිකන් ගුඩි කියල ඇන්න ගියා මව් යාන‍ය ගාවට.

එක්ක ගිහින් මව්  යානයට බාරදුන්න නැත නම් මොනවායින් මොනවා වෙයිද නොදන්නා නිසා ඉන්න තත්වේ අනුව.අම්මගෙන් නම් ගුටි කෑවා ( මම අද වෙනකල් ගහල නෑ කොල්ලට, මට ගහන්න ඕන උනොත් ළමයාගේ අම්මට එක හත කරලා කියනවා හෙහ් හෙහ් හේ අම්මගෙන් කනවා එතකොට)

ඉතින් එදා‍යින් පස්සෙ තමා මම ජුනියර් එක්ක මොනවහරි ගන්න ඕනෑ උනත්  නොයන්නේ.එයා  එක්ක යනවා නම් බඩු මුට්ටු ගන්නේ නැහැ.

මෝල් එකේ පොලිස් පොස්ට් එකට ගිහින් ළමය ලැබුන කියල ඉන්ෆොර්ම් කරලා ගෙදර ආවේ. . .

ප.ලි: දේශකයගෙ පොස්ට් එක නිසා ලීවෙ.

Saturday, 14 December 2013

ටිපිකල් ලාංකිකත්වය . . .

ඔන්න ඉස්සර එක කාලයක් එහෙම නැත්නම් එකෝමත් එක කාළෙක අපේ ගමේ තිබුණ වඩු මඩුවක්.ඔය වඩු මඩුවේ බොහොම දක්ෂ වඩු මහත්තයෙක් ගමට ඕන කරන වඩු කර්මාන්තය කරගෙන බොහොම දැහැමෙන් සෙමෙන් කාළය ගත කරා.ඉතින් ඔය ගමේ හැමෝම යන්තම් ඉලන්දාරි වෙන කොට දෑතේ වැඩක් ඉගෙන ගන්න එක සාමාන්‍ය දෙයක්.මේ ගමේ හිටපු ඉලන්දාරි ටිකත් ඔය තිබුන එකම වඩු මඩුවේ බාසුන්නැහැ ලග වඩු වැඩ ඉගෙන ගන්න ආව.ඉලන්දාරි ටිකත් හොද වඩු කාර්මිකයෝ උනා. 

නමුත් මේ ගමේ ගොඩ දෙනෙක් වඩු කාර්මිකයෝ උන නිසා සහ ගමේ වැඩ ටිකක් හිඟ උන නිසා මේ කාර්මිකයෝ ටික වෙන දුර බැහැර ගමකට ගිහින් වඩු කර්මාන්තයේ යෙදෙන්න පටන් ගත්ත.අර ගමේ වඩු මඩුවෙ දක්ෂ බාසුන්නැහැගෙන් වැඩ ඉගෙනගෙන තිබුණ නිසා මේ අයට ඒ ගමේ ලොකු සැලකිල්ලක් ලැබුන. ඉතින් මුලදී ඔය වගේ දුරක් ගෙවාගෙන යන එකට ගොඩක් අය අකමැති උනත් පස්සෙන් පහු ගොඩ දෙනෙක් මේ අලුත් ගමට එන්න පටන් ගත්ත.

දැන් මේ අර මුලින් ආපු වඩු කාර්මිකයෝ දවසක් මල් පැණි බොන අතරතුර එක වඩු කාර්මිකයෙක් යෝජනා කළා අපි අහවල් ගමෙන් ආපු අය හැමෝම එකට එකතු කරලා වඩු සංගමයක් පටන්ගමු කියල. මේක මල්පැණි බොන වෙලාවේ ආව උනත් ඒ කීප දෙනා එක අඩුවක් නොකර ආරම්භ කළා.

දැන් මේ අලුත් ගමට එන අර පරණ ගමේ වඩු මඩුව ටිකක් ලොකු වෙලා වඩු කාර්මිකයෝ වැඩි වැඩියෙන් එන්න ගන්නවා.අර අපේ වඩු සංගමයත් ටික ටික ලොකු වෙනවා.දැන් අර ගමෙන් මුලින්ම ආපු වඩු කාර්මිකයෝ ටිකට ලොකු පිලිගැනීමක් ලැබෙනවා.සමහරු බොහොම උපේක්ෂාවෙන් විද ගත්ත, සමහරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත, තවත් සමහරු සමාජයේ කැපී පේන්න ඔය සංගමය පාවිච්චි කරනවා. ඉතින් එදා ඉදන් අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මේ සංගමයේ තීන්දු තීරණ ගන්නවා.කාළයත් එක්ක වෙන්න ඕන වෙනස්කම් මේ මුලින් ආපු උදවියට අමතක වෙනවා.

ඉතින් ඒ මුලින් ආපු අය හැමදාම කැමති,අපි මුලින්ම ආවේ ඒක නිසා අපිට අලුත් අය සලකන්න ඕන කියල, අලුත් අයගේ අදහස් උදහස් කිසි ගණනකට නොගෙන ඒ අයට අවශ්‍ය විදියට කරගෙන යන්න.

ඉතින් දැන් මේ සංගමය වැඩ කරන්නේ හැමෝටම ඕන දේවල් එක්ක නෙවේ.ඒ ඒ අයට ඕන කරන දේවල් කර ගන්න.

ඉතින් ඕකට අර ගමෙන් ආපු මිනිස්සුන්ගේ තිබුන ආසාව නැති වෙනව.දැන් ඒ සංගමයට සෙනග නැතුව ගිහින් අලුත් අලුත් පොඩි පොඩි එක්කහුවීන් වෙනව.දැන් අර කලින් ආපු කාර්මිකයො කලබල වෙනව මේ අලුත් වෙනසට.

ප්‍රතිපලය මුලින් ආපු අයගෙන් කොටසක් කැඩිලා අයින් වෙන එක.ඒ කැඩුන අයට අපහාස උපහාස කෙරෙනවා.නමුත් සාමාජිකයින් ගෙන්න ගන්න ඒ සාමාජිකයින්ගේ ප්‍රශ්න මේ උදවියට මතක් වෙලා තියෙන්නේ මේ දැන්.

දැන් අර පස්සේ ආ අය තමන්ගේ සංගමයට ගන්න, විවිධ උපක්‍රම අනුගමනය කරනවා.නමුත් අලුත් අය තීරණය කරනවා සංගමයේ එකතුවීමට නොයන්න.

ඉතින් ඔන්න ටිපිකල් ලාංකික ගතිය නිසා අනිත් උගත්කම් යට යන ආකාරය. . . 


Thursday, 12 December 2013

කාඩ් සෙල්ලම. . .


පින්තූරෙ:http://www.funchatcam.com/shop/playing-card-draw/
කලින් කතාව ලියනකොට මතක් උනා තව එකක්.ඔය අපි සාමාන්‍යපෙල කරන කාලෙ.අපි පොඩි පොඩි ඔට්ටු දාල පෑන්ගෙම් ගහනව.ඔය අතර හිටිය එකෙක් දවසක් ගෙනාව කාඩ් කුට්ටමක් පන්තියට.

ගෙනල්ල දැන් බූරුව ගහනව විශේශ ආරක්සක වැඩපිලිවෙලක් යටතේ.ඒ ගැනත් ඩින්ගක් කියන්නම් මොකද ඒකත් මරු කේස් එක.

අපේ පන්තිය තිබුනේ ඕපන් කොරිඩොර් එහෙක පන්ති පෝලිමක. කොරිඩොව පැත්තේකොට බිත්තිය උඩ ලී දැල් ගහල.ඔය බූරු ගහන එක පටන්ගන්න කලින් අපි කණ්නාඩි කෑල්ලක් ගහනව අර දැලේ කොරිඩෝව පේන්න.එතකොට සර් කෙනෙක් එනකොට අපිට ඔත්තුව හම්බවෙනව.

ඔය වැඩේ මරුවට නැගල ගියා.අනික් පන්ති වලින් හිටන් එනව බූරුව ගහන්න.සල්ලි වලට ගහන්නෙ.දවසකට රුපියල්  සීයක් හිටන් හුවමාරු වෙනව.

අපේ පන්තීයට එහා එකේ සෙට් එකක් මුල ඉදන් ඔය සෙල්ලමට එකතු වෙලා හිටීය.උන් වැඩේට නම් දරාපු උන්.හැමදාම උන් අපේ පන්තියෙන් සල්ලි අරගෙන යනවා.මෙක ලොකු ප්‍රස්නයක් උනා අන්තිමට.

අපි සෙල්ලමට පටන් ගත්ත එක දැන් අත්තම බූරු පිටියක් වෙලා.සල්ලි සල්ලි සල්ලි. . . අපේ පන්තියෙ උන් ටික කතාඋනා මේක අපි හිතුවට වඩා දුර ගියා ඒක නිසා අනිත් පන්ති වල උන් ගෙන්න ගන්න එක නතර කරන්න ඕන කියල.

ඔහොම කල්පනාකරල අපි කීව එන උන්ට පැක් එක අහුනා ඒක නිසා සෙල්ලම නතර කලා කියල.

දැන් මේක අර මරුමුස් කොල්ලො පිලිගත්තෙ නැහැ.අපිත් වෑඩේ නතර කරල ටික දවසක් යන්න ඇරිය අමතක වෙන්න.

ඔහොම සතියක් වගේ යනකොට අපි ආපහු පටන්ගත්ත හිමීට.

අරුන් බලන් ඉදල ගානට ඔත්තුව දුන්න පන්තිබාර සර්ට.සර් ආව හරියටම වැඩේ නැගලම යන වෙලාවෙ.සර් කාඩ් පැක් එක අරගෙන ඉරල විසිකරා.අපිට බැනල පැයක විතර දේසනයක් තිබ්බ.ඔය් සර් අපේ පන්තියට අවුරුදු 3 ක් ම පන්තිබාර විදියට හිටිය නිසා ලොකු දෙයක් නොවී අපි බේරුනා.හැබයි සෙල්ලම් කරපු ගොඩක් උන් ආපහු අපි එක්ක සෙල්ලම් කරන්න ආවෙ නැහැ.

ඉතින් අපි කලේ අර ඉරපු කාඩ් පැක් එකෙන් පැක් දෙකක් හදල අර අනිත් පන්තියෙ උන්ටත් දීල අපිත් දිගටම අර තරම් ලොකුවට නැතුව හීනියට කරගෙන ගියා. .  

Sunday, 8 December 2013

පටෝන් පටෝන් . .

පින්තුරේ : http://www.grammarly.com/blog/wp-content/
uploads/2013/12/English.jpg


මම පොඩි එකා කාලේ අධ්‍යාපන වැඩ වලට ඒ තරම් දක්ස පොරක් නෙමේ.පන්තියේ පහලොව විස්ස තමා  සාමාන්‍ය පෙළ වෙනකල් හිටියේ.පිස්සු නටලත් නෙමේ, පාඩම් වැඩ කලත් එච්චරයි.මැටිකම තමා.

ඔය සාමාන්‍යපෙල කාලෙ ඉන්ගිරිස් වලට හිටියේ වයසක සර් කෙනෙක්.වයස 80 ක් වගේ ඔය කාලෙ.සර්ට ටිකක් ඇත්නම් මලම පනිනව.ඉතින් අපි ඔය පී‍රියඩ් එකේ වැඩිපුර සද්ද නැහැ.

ඉන්ගිරිස් නම් ඉතින් සුද්දගෙම වගේ.බුද්දාගම ගැන පොතක් එහෙමත් ලියල තිබ්බ ඉංගිරිස් වලින්.ඉතින් සර් පොරක්  ඒ කාලෙ.අපිට ඉන්ගිරිස් බැරි නිසා සර්ට ගරු කලත්  සර් අපිට කිසි සැලකිල්ලක් නැහැ.ඒ නිසා අපි අපේ ෆේවරිට් ලිස්ට් එකෙන් කපල හිටියේ.

අනික තමා මිනිහ උගන්නන්නෙ ඉන්ගිරිස් පුලුවන් අය තෝරලා.මාර විදියට පුලුවන් බැරි වෙනස්කම ඉස්මතුකරනව පන්තියේ.ඔය පයිතෝ සෙට් එකට වෙනම රචනා එහෙම ලියන්න දෙනවා.අනිත් උන්ට නැහැ.ඕ ලෙවෙල් කරන කාලෙ අපිට ඕක අරහන්.

තව දෙයක් සර් උගන්නනකොට කවුරු හරි පන්තියෙ පස්සෙ එකෙක් කෑගහුවොත් ගහන්නෙ ලග ඉන්න එකාට.පුදුම කේස් එකක්.එහෙම නැත්නම් සපත්තුව ගලවල ගහනව.ගුටි කාපූ එකා සපත්තුව ඇන්න ගෙනත් දෙන්න ඔන.ඒ ආපුහමත් ගහනව.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcSL-WtckLFjq_HLIlBltE7MyZ2LHVy
EXMKS8Q3I7PKxDNA8UYZJ

ඉතින් ඕක තමා දල වසයෙන් ඉන්ගිරිස් පීරියඩ් එකේ තත්වය.

අපි බුද්ධිමන්ඩලෙ නොහිටපු එකේ, සහ කරුමෙට ගාත් හය නිසා මගෙ යාලුවෝ තුන් දෙනාම මරුමුස් ඩයල්.ඉතින් අපේ තත්වය ඉතා ශෝචනීයයි.

දවසක්  සර් පන්තියට ඇවිත්  "put" වලින් හැදෙන වචන තියන පාඩමක් කියා දෙනවා හෙන හ‍‍යියෙන් සද්දෙට.කොහොමත් සර්ගේ සද්දේ ටිකක් ටකරන් වගේ සහ හොදට කට ඇරලා ඕනැවට වඩා බර දාල කතා කරන්නේ.

ඉතින් සර් put on කිය කියා කෑගහල කියනව.අපිට ඇහෙන්නෙ "පටෝන්" "පටෝන්" කියනව වගේ . . . ඇප නෑ. . . හිනාව කාගෙන උන්න  ඉන්න පුලුවන් තරම්.

අනේ මගෙ පුටුවට එහා හිටිය එකාට කොන්ට්‍රෝල් නැතිව ගියා.

"ඉහි ඉහික් හික් හික්" ගෑව නෙමේ ඌට ගෑවුනා, මේ පටෝන් පටෝන් කියල සර් කෑ ගහනකොට. . . 

සර්ගෙ ලිස්ට් එකෙ උන් ටිකත් මූනෙ කිසි හැගීමක් නැතුව උන්ගේ කන් උන්ගෙ නෙමේ වගේ ඉන්නව.මොකද හිනාව ලීක් උනොත් අපි වගේ නෙමෙ උන්ට ප්‍රිවිලිජ් නැති වෙන නිසා.

සර් පොත මේසෙට දමල, දිව දෙකට නමල, "මොකාද ඒ . . . මොකාද තිරිසනා" කි‍යල සද්දෙ ආපු පැත්තට ඇවිත් පිස්සුවෙන් වගේ අපි තුන් දෙනාටම පිටට හෙන ගහන්න  වගේ ගහගෙන ගහගෙන ගියා.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcQ01RPCOvf0YTWfT9VAU0u3mJ
RAaEJh-JQ-X5j_VTyEZkHBfRht

ඒකෙන් උනේ මම හිරකරගෙන හිනාව එලියට පැන්න එක. සර්ට දැන්  තවත් තද වෙලා.මගෙ පිටට ගහගෙන ගහගෙන යනව.

විස්සක් විතර ගහල සර් පොත් ටිකත් ඇරගෙන යන්න ගියා.

මට රිදුනෙත් නැහැ ගහපුවා.නමුත් පට්ට ආතල්.හෙහ් හෙහ් හෙහ් . . .

තාමත් මතක් වෙනකොටත් හිනා . . . 



Monday, 2 December 2013

යන්න කියල ගියාට යැවෙන්නේ නෑ . . .

ගිය අවුරුදේ මගේ උපන්දිනේ සෙට් වෙලා තිබුනෙ සතියේ දවසක.නමුත් මට ඒ ගැන මතකයක් තිබුනේ නැහැ.මොකද දුව හම්බවෙන්න දින දවස් කීපයකින් පහු උන නිසා වගේම වයිෆ්ට එන්න එන්නම අමාරු වේගෙන ආව නිසා ඒ ගැන කල්පනා කල මිසක ඔය වගක් මතක් උනේ නැහැ.

ඉතින් ඔය දවස් වල අපේ පෝරිසාද මල්ලි (මම කතා දෙකක් කියල තියෙන්නෙ 01 , 02 ) බිස්නස් කොරන්න ජොබ් එකෙන් අයින් වෙලා ලන්කාවට ගිහින් මම ආපහු එක්ක ඇවිත් හිටි‍යෙ මොකක් හ‍රි හොයල දෙන්න කියල.

මගේ උපන්දිනේ දවසේ උදේ වයිෆ් කියල මල්ලිට කිරිබතක් උයන්න කියල.මිනිහ උදේම නැගිටල කිරිබත් උයනකොට ගෑස් ඉවර උන නිසා වයිෆ්ට ඇහැරවල කතා කරල.එතකොට තමා දන්නෙ වතුර බෑග් එක කැඩිල ලමය හම්බවෙන්න යන බව.

ඔක්කොම අත ඇරල මම කුනුකෙල පිටින් උදේම ගියා ඉස්පිරිතාලෙට.උදේ  වරුවෙ මගෙ උපන්දිනේම දුවෙකුගෙ පියෙක් උනා.මගෙ බොහොම සතුටු දවසක්.උපන්දින තෑග්ගක් ලැබුන ජීවිතේම මතක හිටින්න.

ඔය දවස් මගෙ රැකියාව මාරු කරන්න වෙලා ටිකක් කරදර ප්‍රශ්න ගොඩක් සිද්ද උන කාලයක්.ඒ හැම දේටම හිලව්  වෙන්න මට ලැබුන මේ සතුට මට ඒ වෙලාවෙ ගොඩක් වටිනව.

ඔන්න එදාම මල්ලිට වීසා මාරු කරන්න ලන්කාවට යන්න ඕන කීව.දැන් මම වයිෆ් ඉස්පිරිතාලෙ තියල උදේම පුතා ඇරගෙන ඔෆිස් ගිහින් තියන වැඩ ටික කරලා ඉතිරිව අනිත් උන් දෙන්නට දීල එකොලහ වෙනකොට ආපහු ඉස්පිරිතාලෙට එනව.පට්ට අමාරු කෝස් එකක්.මම කලින් කීව වගේ අපේ පුතා හරිම හොද ලමයෙක්.ඉස්පිරිතාලෙ නර්ස්ල අහනව අම්මව ගෙන්න ගන්න අමාරුද තනියම කරගන්නෙ කොහොමද කියල.

අනික අපේ පුතාත් හරිම හොද ලමයෙක්.මම වගේමයි, දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න බොහෝම නිවුන ලමයෙක්.

පින්තුරේ http://www.thedailyblur.com/wp-content/uploads/2013/03/Lollipop-Photography_664-640x265.jpg

මම ජොබ් එකත් කරගෙන සීසර් කරපු තුවාලෙට බෙහෙත් දාන්න දවල් 12වෙනකොට ඉස්පිරිතාලෙට ඇවිත් ‍රෑ පුතාව නිදි කරල චිත්‍ර වල බඩු මුට්ටු ගනන් කරන්න ඕන පහුවදා ඔෆිස් යන්න.ඔහොම දවස් 4ක් ඉස්පිරිතාලෙ උන්න.

ඉදල ගෙදර එක්ක එන්න පුතාව අරගෙන ගිහින් ශොපින් මෝල් එකේ ප්ලේ ඒරියා එකට දාල ගෙදර ගිහින් ගේ හෝදල පිරිසිදු කරල ඔන්න ලමයව එක්ක ආව.අම්මලා ආවෙ එයිට දවස් 3කට පස්සෙ.

ඔය් උප්පැන්න සහතික ගන්න,පාස්පොර්ට් හදා ගන්න ලොකු මහන්සියක් වෙලා ඒ වැඩ ටික කරගත්තා.තාත්තට ඒ වෙනකොට ටිකක් උන ගතියක් ආව නිසා අම්ම කීව මාර්තු වෙනකල් නොයිද ඉක්මනට ගෙදර යමු කියල.මමත් දුවගෙ වීසා හදා ගන්නේ නැතුව යමු එහෙනම් කීව මොකදඉපදිල  මාස තුනකට කලින් වීස නැතිව යන්න පුලුවන් කියල අපේ කොන්සුලේට් එකෙන් කීව නිසා.

ඔන්න පෙබරවාරි මාසේ මුල දවසක හැමෝම ගෙදර යන්න ලැස්ති වෙලා හිටිය.බඩු බෑග්ම හතරක්.බ්‍රහස්පතින්දා දවසක යන්න දාගත්ත දවසක් නිවාඩු වැඩිපුර ගන්න පුළුවන් නිසා.ඒ දවසේ ඩුබායි වලින් ෆ්ලයිට් නොතිබුන නිසා සාජ වලින් දාගත්ත.

ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක්.දුවගේ පාස්පෝර්ට් එක අරගෙන අනිත් ලියකිවිලි ටිකත් අරගෙන යන්න ටැක්සි එකක් අරගෙන සාජා එයාර්පොර්ට් එකට එනකොට ටිකක් පරක්කුත් වෙලා.බදු ටික දාල බෝඩින් පාස් ටික අරගෙන තාත්තවත් රෝද පුටුවේ තියාගෙන ඉතා මහන්සියෙන් ඉමිග්රේෂන් එකට ගියා.දැන් ෆ්ලයිට් එක අද්දන්න තව පය භාගයයි.

මගේ පාස්පෝර්ට් එකට සීල් ගැහුවා, අම්මගේ තාත්තගේ එකට සීල් ගැහුවා -  ඒ කියන්නේ එයාලගේ විසිට් විස එක ඉවරයි.දුවගේ එකට සීල් එක ගහන්න ගියාම මිනිහ තුන් හතර පාරක් ස්කෑන් කලාට එන්නේ නැහැ.

මිනිහ කතා කළා ලොක්කට.ලොක්කත් ඇවිත් කියවනවා.පාස්පෝර්ට් එක බලනවා, කොම්පියුටරේ බලනවා හරි යන පාටක් නැහැ.පස්සේ මට කිව දුවගේ බර්ත් සර්ටිෆිකෙට් එක අප්ඩේට් වෙලා නැතය.රටින් පිට වෙන්න දෙන්න බැහැය කියල.දැන් මොකද කරන්නේ.!@#$%^&

අම්මගෙයි තාත්තාගේයි විස එක කැන්සල් උනා එක්සිට් සීල් එක ගහපු නිසා.ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක් ඇවිත්.

දැන් කරන්න දෙයක් නැහැ යන්න වෙන්නේ නැහැ අම්මටයි තාත්තටයි තනියම යවන්න උනා අසනීපත් තියාගෙන.මගේ ටිකට් හතරම කැන්සල්.ලොකු කට්ටකුත් කාගෙන ආපහු ඇවිත් දුවට විසා ගහගෙන දවස් දෙකකට පස්සේ ඩුබායි එයාර්පෝර්ට් එකෙන් ලංකාවට ගියේ.එතැනදී මම ඉමිග්රේෂන් එකේ කෙනාගෙන් ඇහුව සාජා වලින් මෙහෙම උනාය කියල.එයා ඇහුවේ "ඇයි සාජා වලින් යන්න ගියේ ,ඔයාගේ එහෙ සිස්ටම් අප්ඩේට් වෙන්නේ පරක්කු වෙලා " . . . 
==============================================================
මේ කතාව මතක් උනේ මේ මෑතක මෙහෙ ආපු එකෙක් පලවෙනි පාරට ලංකාවට යන්න ගිහින් සාජා එයාර්පොර්ට් එකේ නතර කරගෙන ෆැමිලි එකත් එක්ක.හේතුව කොම්පැනි එකෙ ඩ්‍රයිවර් කෙනෙක් මෙයාල ඔෆිස් යන කොම්පැනි ට්‍රාන්ස්පෝර්ට් එකේ අරක්කු ගෙනත් අහු වෙලා මෙයිට මාසෙකට කලින්.කොම්පැනිය සුද්දගේ කොම්පැනි එකක් කරන්නේ රජයේ වැඩ විතරයි.ඒ වාහනේ ඇගිලි සලකුණු ඔක්කොම අරගෙන එකේ ගිය ඔක්කොම වොන්ටඩ් ලිස්ට් එකේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 
පින්තුරේ http://rlv.zcache.com/shrodinger_s_cat_wanted_poster_postcards-r64a7ed9d5dfe48e3a753c23b2cde1636_vgbaq_8byvr_512.jpg

ඉතින් ඒ කොම්පැනියේ වැඩකරන පහලවක් වොන්ටඩ් අරක්කු විකුණලා  . . . .හෙහ් හෙහෙ හෙහ් 
========================================================================




Sunday, 24 November 2013

ඔන්න බලාපල්ල ඒකෙත් හැටි. . .

කලින් පොස්ටුවෙ කොමෙන්ට් වලට උත්තර දෙන්න බැරි උනා.පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි උනා මේකට එන්න බැරිව ගියා.

මේක මට ඔය පහුගිය දවසක වෙච්චි වැඩක්.මේ දවස් වල මම පොඩ්ඩක් රැකියාවෙ අන්සෙන් වුවමනා කරන සුදුසුකමක් අරගන්න මහන්සි වෙනව.මමයි තව මම වගේම කැලේ පැන්න එකෙකුයි තමා සෙට් වෙලා ඔ‍ය වැඩේ කර ගන්න ක්‍රමයක් හොයන්නෙ.

ඉතින් ඔය වැඩෙ කර ගත්ත යාලු මිත්‍රයෝ ගොඩක් ඉන්න නිසා අපි දෙන්න බොහොම සැහැල්ලුවෙන් වැඩේ කර ගත්තකි කියල හිතාගෙන,නෙට් එකෙන් ගත්ත කොල ටිකත් අරගෙන ලැස්ති උනා.නමුත් හරියටම ක්‍රමේ දැනගෙන උන්නේ නැහැ අපි දෙන්නම.ඕක ගැන හිතුවෙම නැහැ යාලුවෝ තුන් දෙනෙක් එක එක හේතු කියනකල්.

ඉතින් අපි මෙච්චර කල් ආශ්‍රය කල එකෙක් හම්බවෙන්න ගියා ඔය පරිනතයි කියන සෙට් එකේ.ගිහින් කීව අපිට මේක කරගන්න පොඩ්ඩක් කියා දීයන් කි‍යලා.

"මල්ලි මේක ලේසි දෙයක් නෙමේ.හොදටම සබ්ජෙක්ට් එක දැන ගන්න ඕන.මට ශුවර් නැහැ උබලට මේක කරගන්න පුලුවන් කියල.එක නිසා අහවල් කෝස් එක අවුරුදු දෙකක් කරලා තව අවුරුදු දෙකක් මම වගේ එකෙක් ගාව  වැඩ කරන්න ඕන "



පින්තුරේ :cultivatedsociety.com

තව එකෙක් ගාවට ගියා...

" මල්ලි මේක #$^@# එකේ ^%^ 2342 කරලා $%^&^&*()(* කොරල @$#@%$ දීල $&&*^ ඇරගෙන &^%&^^* ගාවට ගිහින් . . . . . මට මල්ලි හදිසි වැඩක් තියනව ඕන කමක් තිබුනොත් කියන්නකෝ"

පින්තුරේ ගත්තේ:top-10-list.org


ඔන්න ඔහොමයි...කෙරෙන ක්‍රමයක් නෙමේ .... ඌට අපිට තේරෙන්න ඕන නැහැ. තව අවුල් කරන්න ඕන...

දැන් ඉතින් තවත් මේක එක්ක තව කතා කරල වැඩක් නැති නිසා අපි එන්න ආව.

ඔය කතාව අහගෙන උන්න අපේ සෙට් එකේ එකෙක් ෆෝන් නම්බරයක් දීල කීව මෙන්න මේ අහවලාට කතා කරන්න කියල.ඔය වෙනකොට අපිට මේ වැඩේ එපා වෙල ඉවරයි.ඇත්තටම බොහොම  කනගාටුවක් දැනුන අපි මෙච්චර කල් බොහොම හොදින් අසුරු කල අය මේ පොඩි දේකට,උපදෙසක් දෙන්න මෙහෙම කල එකට.

ඉතින් අර ලැබුන නොම්බරේ කෙනාට කතා කලාම ඒ මනුස්සය මේ රටේ බොහොම ලොකු ආයතනයක ලොකු තනතුරක් දරන කෙනෙක්.

ඔය මනුස්සයා අපිට එන්න කීව ගෙදරට.ගත්ත කොල ටික සේරම කතා කරන බාසාවෙන් කියා දුන්න. ලොකු ලොකු වචන දැම්මේ නැහැ.මෙහෙම කීව.

"මල්ලි ඔයාල එන්න හැම සිකුරාදම මම ඔය ඉන්ටර්විවු යන අයට පන්ති කරනව මගේ ගෙදර නොමිලේ.ඔයාල ඒකට එන්න ඕන කරන දේවල් ප්‍රශ්න ඔක්කොම සාකච්චා කරනව"

එතකොට තමා අපිට මතක් උනේ අර සින්දුව.

"වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අනික තමා ඔක්කොම වෘර්තිමය ඉරිසියාව ගැටළු තියෙන්නේ පොඩි මිනිස්සු ගාව මිසක් ඇත්තම පොරවල් ලග එව්වා නැත. .

Thursday, 31 October 2013

සිංහයා සහ ගොරිල්ලා . . .

මම මේ වගේ  එව්වා මේකේ කියන්නේ නම් නැහැ.නමුත් පට්ට ජෝක් එකක් නිසා ලියලම දැන්නම්.ලියල කීවට මේක මට ආපු මේල් එකක් ඔන්න.මට ආව වගේ අනික් උන්ටත්  ඇවිල්ල ඇති.එක නිසා මේක " මගේ නිර්මාණයක් නොවේ " පැහැදිලිව කියන්න එපයි. . .

+======================================================================+
පින්තුරේ ගත්තේ www.dreamstime.com 
ඔන එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක්  ගහක් උඩට වෙලා ඉන්නවලු.. . . මූ හෙන වලත්ත ගොරිල්ලෙක්ලු.. .  ඩයල්  එක ඉන්න ගහ යටින් පොඩි ඇළ පාරක් ගලා බහිනවලු .. . මූ උදේ පාන්දරම ඉදිච්ච කොස් මෙව්වා එකක් බලල මෝල කරවෙලා  තමා ඉඳලා තියෙන්නේ.. . .

ඔන්න ඔහොම ඉන්නකොට කැලේ රජා, ඒ කියන්නේ සිංහයා ඇළ පාරට ආවලු බෝඹු කොට්ටකුත් කටේ ගහගෙන.. . ගෝරිල්ල දැක්කලු සිංහයාව. . . සිංහයා ඉතින් ලස්සනයිනේ ... කොන්ඩෙත් ශිහාන්ගේ වගේනේ. . .ඔන්න ගෝරිල්ල සින්හයාව දැකල හිතුවලු මූට නම් අද ටීක් ටීක් වැඩක් කරන්න ඕනය කියල. . .  එහෙම හිතල සිංහයා වතුර බොන්න නමිච්ච ගමන් මූ පැන්නලු සිංහයාගේ ඇඟට . . . පැනලා බාහ් බාහ් ගාල සිංහයාගේ  සරම කඩලා වැඩේට උනාලු....

ඒවා කොහෙද  මේ සිංහයා එක්ක.. . . ඌ ජිම් එහෙම යන එකෙක්නේ.. . . සිංහයාත් පුක ගසල දාල මොන හු__ කියාගෙන පැන්නලු ඇළට. . .

බලත්දී ගෝරිල්ල කබරයා වගේ ඔරවාගෙන.. . දැන් සිංහයාට නහුතෙට නැගළලු... .   ඇයි යකෝ කැලේ රජාටත් පාරේ බැහැල යන්න නෑනේ. . .මෙව්වා කරන්න එනවනේ . . . සිංහයා ගෝරිල්ලට රෙවෙන බැල්මට් එකක් දාල, කැඩිච්ච සරම වලාපොට ගහගෙන " ඔහේ හිටු වේ තරු තරු  තරු  ගෝරිල්ලා" කියල පැන්නලු ගොරිල්ලගේ ඇඟට..  එන පොට හොඳ නැති නිසා ගොරිල්ලත් පාතට වැටිලා තිබුන ෂෝට උස්සගෙන දුවන්න ගත්තලු.. . .  "සිංහයෝ එපෝ . . . . ." කියල.

දැන් ගෝරිල්ල ඉස්සරහින් දුවනවා . . . උගේ පිටිපස්සෙන් සිංහයා ඌ දන්නා කුණුහරප ඔක්කොම කියා කියා පන්නනවා.. . .

ගොරිල්ලගේ ෆෝ වීල් නැහැනේ . . . ටික ටික සිංහයා ගෝරිල්ලට ලං වෙනවා... මෙහෙම යත්දී ගෝරිල්ල දකිනවා කලේ මැද්දේ තියෙන දඩයක්කාරයාගේ පුංචි පැල්පතක් . . .

මූ ෆුල් ඩම් එක දාල, නොස් දාගෙන පැල්පතේ ලාලි දොරත් කඩාගෙන ඇතුලට දිව්වලු. ..

පැල්පත ඇතුලේ දඩයක්කාරයා ඉන්නවලු ලංකාදීපේ බල බල. . . හිතපල්ලකො තට්ට තනියම මහා කාලයක් මැද්දේ පත්තරේ බල බල ඉන්නකොට, වහල තිබ්බ දොරත් කඩාගෙන දඩ සයිස් ගෝරිල්ලෙක් උගේ අහවල් එකත් කෙලින් කරගෙන ලඟට දුවගෙන ආවම තියන සැප.. . .

ඉතින් මේ මොන හෙනයක්ද පාත් උනේ කියල බය වෙච්ච පාරට කලිසමේ අරවා ගිය දඩයක්කාරයා පැල්පතේ පිටිපස්සේ දොරත් කඩාගෙන දිව්වලු...

සිංහයා එක්ක දුවල බේරෙන්න බහ කියල තේරිච්ච ගෝරිල්ල දඩයක්කාරයාගේ ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන ලන්කදිපෙත් අතට අරන් වාඩි උනාලු.. .  මූ දැන් ගැහි ගැහි පත්තරේ බලනවලු.... දැන් සිංහයා ගොරිල්ලව හොයාගෙන පැල්පත ලඟට ආවලු...

ඇවිත් ඩිසන්ට් පිට දෙපලු වෙච්ච දොරට තට්ටු කරලා පැල්පත ඇතුලට ඔලුව දාල දඩයක්කාරයා වගේ හිටපු ගොරිල්ලගෙන් ඇහුවලු"මචං මේ හරියෙන් ගෝරිල්ලෙක් යනවා දැක්කද ???????" කියලා. . . .

හොඳටම වචන  ටැපලිලා පත්තරෙන් මුණ වගේනම ඌ ඇහුවලු " අහ් මචං අර සිංහයාට පු තරු තරු ඇරලා ගිය එකාද ???????" කියලා . . . . .

ඊට පස්සේ සිංහයා අහනවලු "අම්මට සිරි . . . ඒක ඒ පොඩ්ඩකට පත්තරේටත් ගිහින්ද ??????" කියලා . . .

+======================================================================+

Wednesday, 30 October 2013

සුළුදිය කරුමය ගෙව්වෙමි . . .

ඔපිසියට අලුතෙන් ආව කෙල්ල(කාන්තාව) හැලුව කෝච්චි ඉස්ටෙසම ලගින්.දාල මම ගියා චමරියට අමතක වෙල අරගෙන ආපු ගෙදර ඩොන්ගල් එක ලන්කාවට යන එහෙකුට දෙන්න ගෙදෙට්ට යවන්න.

ගියාම මෙන්න අලුත්ම රසකාරක බෝතල් වගයක් පුරවල පැන්ඩගෙ ඇදුම් අල්මාරියෙ.වයිවාරන එව්ව වගයක් ඇන්න ඇවිත් කවුරුහරි.දැන් ඉතින් මෙව්ව මෙහෙම ඉදුල් නොකර යන එක කාට කාටත් හොද නැති නිසා වෙලාව සවස 5උනත්,බෝතලයක් කඩල කැරපොත්තො දගලපු වීදුරුව හෝදල නමාගත්ත සෙන්ටිමිටර් 4ක්.
පින්තුරෙ http://www.declutterdaily.com/2011/11/
ඕකත් ඇනගෙන මම පහලට බහිනකොට පැන්ඩ එනව.ඌට මගෙ ලන්කාවෙ නොම්බරෙ දීල මම ගෙදර එන්න පිටත් උනා.

මගක් එනකොට ලන්කාවෙ කඩේට ගිහින් පැකට් කරල තියන අගුන කොල එහෙකුයි,ගොටුකොල ටිකකුයිත් අරගෙන මහ රජාගෙ පාරට එනකොට ඔන්න වෙලාව 7යි.

මහ රජාගෙ පා‍රට තියන ඉල්ලුම මේ වෙලාවෙ වැඩි නිසා මම කාන්තාරෙ මැදින් යන අර වගෙ දෙගුනයක් දුර පා‍රෙන් යන්න කියල දැම්ම.

ඔය වෙනකොට පොඩි පහේ අවශ්‍යතාවයක් අවිත් තිබුනත් වැඩිපුර හිතුවෙ නැහැ මොකද විනාඩි 20 ක් වගේ කාලෙකින් යන්න පුලුවන් කියල හිතුන නිසා.

වැඩේ කියන්නෙ මම හිතුව වගේ හමෝම ඒ පාරෙන් ඇවිත් දෙන්නෙක් හප්පගෙන රෙඩියෝ එකේ කියනව විකල්ප පාරක් හොයාගන්නලු යන්න එපාලු.

දැන් මම වෙන විකල්ප හොයන්න හරවන්න බැරි තැනකට ඇවිත්.යන්න වෙන මගකුත් නැති එකේ මම ඔය පාරෙම හිමින් හිමින් ඇදි ඇදී එනව.

දැන් එන්න එන්නම මගෙ අවශ්‍යතාවය තද වෙනව.පැයක් විතර මම ඉවසගෙන උන්න මේ වෙන්කොට.පාර හරියන පාරකුත් නැහැ.
පින්තුරෙ http://mommybags.blogspot.ae/2011/12/wtf-friday_15.html?m=1
මම මට එහා පැත්තෙ කාර් එකේ අල්ලපු රටේ කොල්ලො දෙන්නෙක්. ලන් වෙනකොට අහුව මල්ලි හිස් වතුර බෝතලයක් තියෙද කියල.හිස් එකක් අහනකොට උටත් හිනා.

මගෙ ලජ්ජාව මම හිමීට පැත්තකින් තියල උගෙන් බොතලේ ගත්ත.නමුත් ඉතිරි වැඩ ටික කරගන්න අමාරුයි.මොකාද වටෙටම වාහන වල මිනිස්සුන්ට පේනව.

තවත්නම් ඉන්න බැරි ගානට අවශ්‍යතාව දැඩි වෙනවා.

මම හිමිට හිමිට අයිනේ ලෙන් එකට ඇන්න හැරෙව්වා කාන්තාරේ මැදට  තාම වැඩ ඉවර නැති පාරකට.හරවල සීට් එකේ ඉඳලම වැඩේ කළා නැගිට ගන්නවත් අමාරු තත්ත්වේ හිටියේ මම ඒ වෙනකොට.

ඔන්න ඕකයි උනේ.බුකියෙ උන් නම් නොසාහෙන්න කතා කීව.ඇත්තටම ඔය වගේ වෙලාවට විකල්පයක් ඇත්තෙම නැහැනේ .. වෙනියා නම් කිව හෙන්රිය මොකක්ද අයිටම් එකක් හැදුව කතාවක් . . .

ප.ලි : ඔන්න බෝලාගේ රස සුව පිණිස මම ඒ  පින්තුරෙත් දැම්ම . . .


Monday, 28 October 2013

මෙහෙමත් මස්සිනාලා අංක දෙක . . .


මේකත් මම මේ ලගදී ගෙදර ගිය වතාවේ උන කතාවක්.ඔය මගේ පොඩිම මස්සිනා ඉන්නේ මෙහේනේ.මිනිහ ටිකක් විතර වෙනස් අනිත්  උන්ට වඩා.මම කලින් කියලත් තියනවා මිනිහ ගැන .

එදා උදේම මම ඔෆිස් එකට ගිය ගමන්  හාමිනේගෙන් කෙටි පණිවිඩයක් ආව තාත්තට අමාරුයි,  මල්ලිට කතා කරන්න කියන්න කියල.මම ඒ වෙලාවේ ඉඳන් මිනිහට ගන්නවා ගන්නවා කිසිම ප්‍රතිචාරයක් නැහැ. දැන් එන්න එන්නම තාත්තට අමාරු වෙනවා.මේ මනුස්සය නිදි.යන්තම් උදේ 10විතර වෙනකොට සම්බන්ද  කරගෙන ගෙදරට කෝල් එකක් දෙන්න කීවා.පැය  6ක් අමාරුවෙලා ඉඳල තාත්ත සදහටම අපෙන්  සමු ගත්ත.

එක මටත් ටිකක් තදට වැදුන දෙයක්.මොකද තාත්තා මෙහෙ ඇවිත් හිටිය කාලේ මගේ යාලුවන්ගේ බෝඩින් හැම එහෙකටම මා එක්ක ගියා.ගිහින් පොඩි ෂොට් එකක් එහෙමත් දැම්ම.අවුරුදු 73ක් වයස උනාට,වැඩිය කතාබහ නොකලට ඕනෑම වයසක සෙට් එකක් එක්ක මුහු වෙන්න පුළුවන් හැකියාවක් තිබුන.

ඉතින් ඔය තාත්ත  නැති උන පණිවිඩේ මම ලොක්කට කියල මල්ලිව යවන්න ඕන කියල ගෙදර ගියාම මේක බිල ගේ විනාස කරලා,අඩනවා.මම  අරගෙන ගිය ඇදුම් ටික දීල,ඇදුම් ටිකක් බෑග් එකට දාල ගෙදර යවන්න ලැස්ති කරා.දැන් මුට ටිකට් ගන්න මාරු සල්ලි මූ ළඟ නැති නිසා එකත් මමම කරලා හවස එයාර්පෝර්ට් එකට ගිහින් දැම්ම.එතැනදී මිනිහගේ ලොක්ක  මාසෙක පඩිය අතට දීල කිව, දවස් 10 කට වඩා ගන්න එපා කියල.

ඔය සල්ලි ටික අරගෙන මිනිහ යන්න යනකොට මම කිව මෙහෙන් සල්ලි ටික දාල යන්න කියල මිනිහගේ හැටි මම දන්නා නිසා.

දැන් මට යන්න තිබුනේ පහුවදා.

මම යනකොටත් මිනිහ ගිහින් සල්ලි ටික පොඩි අක්කට දීල වැඩවලට.අක්ක එක ආපහු අරගෙන තියල මොකද මූ යනකොට ටිකට් හදන්න වෙන්නේ අනිත් අයට නිසා එකට අරගන්න.

දැන් මිනිහ ආපු දවසේ ඉඳන් බොන එක තමා වැඩේ.මිනිහ රණ්ඩු කරනවා  මිනිහගේ සල්ලි වැඩ වලට ගන්නේ නැතෙයි කියල.ඔහොම ගෙදර වැඩ  ඉවර උනා. දැන් දවස්ටිකේම බීල හොදටම හැක් වෙලා දවසක් රෑ ලොකු අයිය හොද කනේ පාරක් දීල කාමරේකට දාල දොර වැහුල.

එදා රෑ මිනිහ ගෙදර තාප්පෙන්  පැනල ගිහින් බොරැල්ලේ තාත්ත ජිවිතේ වැඩි  කාලයක් හිටිය ගෙදරට.පහුවදා අයියල මිනිහ හොයන්න යනකොට ඒ ගෙදර තාත්ත වෙනුවෙන් පත්තු කරපු පහන ගාවින් කාලක් තියල මිනිහ තුන් කාලක් බීල.

ඇහුවම තාත්ත බොන්න කැමති නිසාලු එතන තිබ්බේ.....

පින්තුරෙ ගත්තේ:www.nursingtimes.net
පස්සේ සහෝදරයෝ ඔක්කොම එකතු වෙලා මූව පුනරුත්තාපන එකක තියල  සති දෙකක් ඊයේ තමා වැඩට එව්වේ.

මම නම් මේ මෙහෙම එකෙක් දැක්කමයි . . .

Friday, 25 October 2013

පුතා විස්කි ගනන්. . .


පින්තුරෙ ගත්තෙhttp://www.crownwineandspirits.com/brands/Glenfiddich-Whisky.html

මගෙ හාමිනෙගෙ තාත්ත නැති වෙලා අදට සති තුනයි.ගොඩක් හොද මනුස්සයෙක්. ජිවිතේ හොදටම තෙරුම් අරගෙන සරල විදියට ජිවත් උනේ.මේ කතාව තාත්ත නැති වෙන්න මාසෙකට විතර කලින් උනේ.මම ගෙදර ගිහින් හිටියෙ දවස් තුනකට.

තාත්ත මෙහෙ ඇවිත් ඉදල ආපහු ගිහින් හිටියෙ අපේ ගෙදර.මම කුලියට අරගෙන ඉන්න තැන.ඔය ගෙදර තියෙන්නෙ හාමිනේගෙ අක්කගෙ ගේ ඉස්සරහමයි.එ ගෙදර ඉන්නෙ අක්කයි අයියයි, ඒ අයියගෙ අම්මයි තාත්තයි. ඔය මස්සිනාගෙ තාත්තයි මගෙ මාමන්ඩි දෙන්නම් එකම ආයතනයේ වැඩ කලේ.මාමන්ඩි විශ්‍රාම ගියාම ඒ තනතුරට ආවෙ ඔය අන්කල්.ඒක නිසා අන්කලුයි තාත්තයි දෙන්න හොද ගජ යාලුවො.

මම ‍යනකොටත් තාත්ත අසනීපයෙන්.ඒක නිසා තාත්තට බොන්න කරන්න හොද නැහැ.

එදා හාමිනෙලගෙ පොඩි අයියත් ඇවිත් හිටිය තාත්ත බලන්න.

රෑ වෙනකොට අන්කල්ට රට ගිය කෙනෙක් ගෙනත් දුන්න විස්කි බෝතලයක් ගෙනත් පඩිපෙල උඩ තියල කීව යන්න කලින් පුතා පොඩියට මොනවහරි කරමු එහෙනම් කියල.

මම කලින් කියල තියනව මයෙ හිතෙ ඔය මගෙ මස්සිනාලා සෙට් එකටම හොදට බොන්න පුලුවන් උදවිය.මමයි අක්කගෙ මහත්තයයි, පොඩි අයියයි.වීනාඩි පහක් යනකොට එක වටයක් ගියා.භාගයක් ඉවරයි.දැන් අන්කල් ටිකක් නොසන්සුන්.

අන්කල් පටන් ගත්තා කතාවක් කියන්න.

පුතා *.* පීරිස් මහත්තය එක්ක මම වැඩ කලා කාලයක්.ඒ මනුස්සය බොහොම සකසුරුවම් මනුස්සයෙක් පුතා. මනුස්සය යාලුවොන්ට සන්ග්‍රහයක් කරන්න විස්කි බෝතලයක් දෙනකොට භාගයක් ලකුනු කරල දෙන්නෙ.දෙනකොට කියනව"විස්කි ගනන්. . ." කියල.

ඔය කතාව කියල අන්කල් ගියා. ආපහු එනකොට තව කාලක් ඉවරයි.

ආපු ගමන් අන්කල් කියනව "පුතා විස්කි ගනන්. . "

අපිට මැරෙන්න හිනා. . .

කෝකටත් මම කිව දැන් අන්කල් මේක තිබ්බ කියල වැඩක්  නැහැනේ.මම අන්කල්ට මේ බොතලේ රිප්ලෙස් කරන්නම් ඊ ලග පාර ආවම කියල.

ඊ ලග පාර එන්න උනේ තාත්තගෙ මලගමට.. . .

Monday, 30 September 2013

ගල් වලේ කටු කෑම, බස් ගමන්, සහ අතුරු කතාවක් . . .

මේකත් පරණ කතාවක්.අර ගලක් ගහල බොසාගේ ඔලුව පැලුවට පස්සේ එයිටත් ටිකක් එහා තියන ගමක වැඩ සෙට් උනා,ඉතින් ඔය ආයතනයේ වැඩ පටන් ගන්නේ උදේ හයට.ඉවර වෙන වෙලාවක් නැහැ හැබැයි රෑ අටනම් පහු වෙනවා ෂුවර්. ඔහොම සතියට වැඩ කරන්න ඕන දවස් හයක්.ඉරිදා විතරයි නිවාඩු.

පින්තුරේ ගත්තේ : www.crushersolution.net

ඔන්න ඔය ඉරිදා එනකල් තමා මම දවස් හයක් කුණ කෑවේ.

ඉතින් මම ඔය එක සෙනසුරාදා දවසක වැඩ ඉවර වෙලා ලියන්න ඕන කොළ ටික ලියල , පහුවදා වැඩ කරන උන්ටත් එක්කම ලොක්කගේ මෙසේ උඩින් තියල වෙලාව බලනකොට අට හමාරයි.එහෙම්ම ටයිම් කාර්ඩ් එක මාක් කරන මැසිමට ඔබල එකත් ට්‍රේ  එකට දාගෙන ඉක්මනට ගිහින් වාහනේට නැග්ග බස් එකට වෙලාව පහුවෙයි කියල බයට.

සයිට් ඔෆිස් එකෙන් එලියට දානකොටම වගේ තියන වංගුව අයිනේ තියනව පොඩි තේ කඩයක්, කොච්චර හදිසි උනත් හැමදාම කරන පුරුද්ද නවත්තන්න බැරි නිසා, ඔතන නවත්තල විස කුරු දෙකක් අරගෙන එකක් ඩ්‍රයිවර් කොලුවටත් දීල මමත් එකක් ඉක් ඉක්මනට ඇදල දැම්ම උණු ප්ලේන්ටියක් එක්ක.

ඔය අනිවාර්ය වැඩ ටික කරලා නවාතැනට එනකොට නමයයි.රෑ දහයට තමා එක බස් එකක් තියෙන්නේ ලගම තියන ටවුන් එකෙන් කොළඹට.කෑම අන්කල් දොරේ එල්ලලා තිබ්බ රෑ කෑම එකත් අරගෙන මම මුලින්ම සතියේ හෝදන්න තියන ඇදුම් ටික බෑග් එකට දාල පැත්තකට කළා.

නාගෙන කාල පාරට යනකොට නමය හමාරත් පහුවෙලා.දැන් යන්න වෙන්නේ තුන්සක රියක තමා ඉතින්, මහා රජාගේ නගරෙට යන්න එපයි බස් එක ගන්න.ඉතින් මම යනකොට දහයේ කොළඹ යන බස් එක ගිහින්.තවත් පැය දෙකක්  ඒ කියන්නේ රෑ දොළහට තමා අනික් එක තියෙන්නේ.

පින්තුරේ විකිපිඩියාවෙන් 

ඔය කාලේ මම එහාට මෙහාට ඇවිද ඇවිද තේ එකක් බිබී  කනවා.

බස් එක ආපු ගමන් නැග්ග,බෑග් එක බිමින් තිබ්බ මම නිදී...

ඕක කොලබට එනකොට උදේ පහ - පහ හමාර වෙනවා. ඊ ළඟ වැඩේ තමා කබ කඩ කඩ යනවා කොටුවේ ඉස්ටෙසමට.ගිහින් ප්ලැට්ෆොර්ම් ටිකට් එකක් අරගෙන ගිහින් එකේ තියන "මහතුන්ගේ විවේකාගාරය" ඇතුලේ තියන සින්ක් එකෙන් මූන හෝදගෙන රැව්ල කපාගෙන, දත් මැදලා, අරගෙන ආපු අමතර ෂර්ට් එක ඇඳගෙන ලැස්ති වෙලා ඉස්ටේසමේ බංකුවකට වෙලා පොඩි ඇලට් එකක් දානවා යාළුවා එනකල්.(අනේ සංසාරේ මම කාපු කටු ...)
මේ වගේම මහතුන්ගේ විවේකාගාරය කියල එකකුත් තියේ අනික් පැත්තේ ..ෆොටෝ නැහැ බන් ...මේකත් ගත්තේ srilanka.for91days.com

ඔන්න අට අට හමාර විතර වෙන්ට මෙයා එනවා ඉස්ටේසම ලගට.ඔය වෙනකොට අපේ හොදම යාළුකම  ලිමිට් පැනල ගිහින් තිබුනේ.දෙන්නටම ඒ ගැන කතා කරල අපහසුතාවයකට පත් වෙන්න ඕන නැති නිසා, එතනින් එහා දෙවල් ගැන දෙන්නම කතා කරේ නැහැ (කතා නොකරපු එක වැඩි කාලයක් යන්න කලින් මහා විසාල ප්‍රශ්නයක් උනා).

ටවුම පුරා ඇවිදලා කැම්පස් එකට ගිහින් කෑම කාල, (ඔය කාලේ අවුට් වෙලා හිටියට සේකියුරිටි එකෙ උන්ට මතකයි)හවස හත විතර වෙනකොට මම හෝදන්න ගෙනාපු සතියේ ඇදුම් ටික දීල ඊලග සතිය වෙනකල් සමු ගන්න ඕන.

කරුමෙට එදා එයාලගේ අයියගේ ළමයකුගේ උපන්දිනයක්.තියෙන්නේ බොරලස්ගමුවේ.මේක තවම ඒ ගෙවල් වලින් දන්නේ නැහැ.එයිටත් ඔය ලඟක් වෙනකල් දෙයක් තිබුනෙත් නැහැ.නමුත් පොඩි අයිය එක පාරක් දෙපාරක් අපිව දැකල තියනව.නමුත් දන්නේ ගොඩක් කල් යහළුවෙක් කියල විතරයි.

ඉතින් මමත් බොරලැස්ගමුවේ යන්න පිළියන්දල යන බස් එකක නැගල ගිහින් ඒ කිට්ටුව බැහැල කිව්වා එහෙනම් ත්‍රී වීල් එකක් අරගෙන මේ ටික යන්න මම යන්නම් කියල. කියල හැරෙනකොට මෙන්න ඉන්නවා ලොකු අයිය එතනම.

මිනිහ කේක් එක ගෙනියන්න ඇවිත්.

මාව යාලුවෙක්ය කියල දැන උන්නට මෙහෙම දෙයක් දන්නේ නැහැනේ.අනික ගෙදරට පන්ති යනවා කියල ගෙන්න ගත්තේ.මට කට උත්තර නැහැ.මිනිහත් ටිකක් හීනියට හිනාවක් දාල යමු ගෙදර කිව.දැන් මම අතරමං.

මේකි බය උන ගමන් "මගියෝ මම යනවා අයිය එක්ක ඔයා ඔතනින් ගිහින් වමට හැරිලා ඉස්සරහට ගියාම කඩ දෙහෙකට පස්සේ තමා අබාන්ස් එක තියෙන්නේ " කියල මට කියල මාරු . . . 

දැන් වැඩේ හොඳටම අවුල් වෙලා.කවදාවත් නැතුව මට හෙන බරක් දැනුන මේ සිද්දිය.හැමදාම මම කියන කියන වෙලාවට කියන කියන තැන් වල යන්න එනවා.මගේ වැඩ, මගේ ප්‍රශ්න හැම දේකටම.ඒ උනාට දැන් ඒ සිම්පල් යාළුකම දරුණු වගකීමක් වෙලා මට.මෙහෙම මෙයාලගේ ගෙදර ගිය වගක් අපේ ගෙදරින් දන්නවා නම් එකත් ප්‍රශ්නයක්.

මොහොතකට  මම ප්ලෑන් කරනවා ෆෝන් නම්බර් වෙනස් කරලා කතා බහ නොකර වැනිෂ් වෙන්නත්.....බෝඩිමේ ඉඳපු යාළුවා විතරයි මෙයාව දන්නේ.අනිත් යාලුවෝ අදුනන්නේ නැහැ.ඌට කතාකලොත් ....මගේ ඔලුව යකාගේ කම්මල වගේ....

අයිය මෙයාව වාහනේට දාල මා ගාවට ඇවිත් ගෙදර ගිහින් පොඩි වෙලාවක් ඉඳල යමු, අබාන්ස් එකේ වැඩේ පස්සේ කර ගන්න  කියල කිව.ඒ කීව ටෝන් එක ටිකක් කේස්.

මම නිකමට බැලුව එයාගේ මූන බිරන්තට්ටු වෙලා,අද හැමෝටම උත්තර දෙන්න වෙනවා යාලුවෙක් කියාගෙන කොල්ලෙක් එක්ක නිවාඩු දවස් වල ඇවිදින එකට. මුනදෙන්න වෙන සිද්දිය එයාගේ මුනෙන් පේනවා.මම හිතුව දැන් එහෙම කලොත් ඒක හොඳ නැහැ,එක නිසා මම යනවා කියල.

දැන් මේ අව් අස්සේ හෝදන්න ගෙනියපු ඇදුම් ටික මම ආපහු ගත්ත.

එදා තමා එයාලගේ තාත්ත එක්ක කතා කරන්න ලැබුනේ.මා එක්ක බොහොම හොදින් කතා කලා අමතර කිසිම දෙයක් ඇහුවේ නැහැ.මාව අපහසුතාවයකට පත් නොකර "ඉක්මනට යන්න පුතා එහෙනම් බස් එකට පරක්කු වෙනවනේ "කියල මාව නිදහස් කළා.ඔතල දුන්න බත් එකත් අරගෙන මම පය ඉක්මන් කරලා එතනින් පිට උනා.

නමුත් අයිය බැලුවේ තව ටිකක් තියාගෙන මේකේ ඇත්ත නැත්ත කතා කරන්න.මොකද පොඩි අයිය කිහිපවතාවක් අපිව කොටුවේදී දැකලා තියනවා.

නමුත් මම අවුරුදු 5 ක් වගේ ඒ වෙනකොට සාමාන්‍ය යාලුවෙක් විදියට ඇසුරු කරලා තිබුන නිසා කවුරුත් සැක හිතල නැහැ.

ඔය සිද්දිය වෙලා අදට අවුරුදු 7 ක් හරියටම.

මතක් උන නිසා ලිවේ.

මේ සිද්දියෙන් පස්සෙ තමා සම්බන්දෙට හරි තේරුමක් ආවේ. . .

ඊගාව සතියේ, සති දෙකේම ඇදුම් ටික බෑ කියද්දී ඇගේ ගහල ආව හෝදන්න කියල.මම බෙලිඅත්ත ටවුමෙන් අලුත් ෂර්ට් දෙහෙකුයි කලිසමකුයි අරගත්ත ඊ ළඟ සතියේ අඳින්න, එක සතියක ඇදුම් කොළඹ ලොන්ඩරී දාල නිසා . . .



ප.ලි  රෙදි හෝදන එකම නෙමේ මේ කතාව ලියන්න හේතු උනේ ....ඇතුලෙන් යන වෙන කතාවකුත් තියන නිසා ලිවේ . . අපි අතර තිබුන සම්බන්දෙ පටන් ගත්ත දවසක් නොතිබුන නිසා මේ දවස තමා පටන්ගත්ත දවස ලෙස සලකන්නේ ...ඕකයි ලියන්න හේතුව ...

ප.ප.ලි : ඒ කියන්නේ බොලල්ල අද මගේ කෙල්ල එක්ක යාලු උන ඇනිවසරිය ...ඔව් ,,, ඉඳගෙන ....

Thursday, 19 September 2013

අප්සට් කේස් එකක් ...

අපේ අප්පච්චි ටිකාක් වෙනස් පුත්ගලයෙක්.මා එක්ක වැඩි සහ සම්බන්දයක් නැහැ.මම දැන් රටින් පිට වෙලා ඇවිත් අවුරුදු 7 කට කිට්ටුයි.මේ කාලෙටම මට කතා කරලා තියෙන්නේ ගණන් කරන්න පුළුවන් වතාවල් කීපයකදී විතරයි.හේතුව  මම දන්නේ නැහැ.මම මෙහෙ ඉඳල කතා කලත් "හා කොහොමද හොදින් ඉන්නවද , ඉන්න මම අම්මට දෙන්න " කිව්වා අම්මට දුන්න ... එච්චරයි .. මම අම්මගෙන් අහ ගන්න ඕන අප්පච්චිට කොහොමද ? මොනවද කරන්නේ විස්තර.

මම පොඩි කාලේ අප්පච්චි ගෙදරට වඩා හිටියේ පිට.එයාගේ දේශපාලන වැඩ කටයුතු නිසා 88 ජුලි මාසේ අපේ ජිවිත උඩු යටිකුරු වෙන සිද්දියක් සිද්ද වුනා.සහෝදර ජනතාව අපේ ගෙවල් ගිනිබත් කරලා ව්‍යාපාරයටත් ගිනි තියල මහා විනාසයක් කලා.එදා ඉඳන් අපේ ආර්ථික මැෂිම දිව්වේ කර කර ගගා.වී ටික එකතු කර ගන්න ගත්ත නය බොහොම අමාරුවෙන් ගෙවල ඉවර උනේ එයිට අවුරුදු 10 කට පස්සේ. ඉතින් ඒ වෙනකොට නංගි බොහොම පොඩි.දැන් මගේ පුතාගේ වයස.අවුරුදු 4ක්.

ඔය සිද්ද්යෙන් පස්සේ රණ්ඩු සරුවල් ඇති උනා අම්ම එක්ක.පවුලේ අනිත් අයත් එක්ක නම් කොහොමත් ඇර ගත්ත ගමන්නේ ඉන්නේ.අනික වතු පිටි වලින් ආපු අදායම විතරයි තිබුනේ.නය ගෙවන්නයි දේශපාලන වැඩ වලටයි ඔය ඉඩ කඩම් ටිකකුත් විකිණිලා තිබුනේ.ඉතින් කියන්න ඕන නැහැනේ අන්තිම අමාරුවෙන් වැඩ ටික කරගෙන ගියේ.

ඒ අතර අප්පච්චි එයාගේ ආතල් එක නැවැත්තුවේ නැහැ.යාලුවෝ එක්ක බිල රෑ එලි වෙනකල් කතා කර කර ඉන්නවා.ඔව්ව ඉතින් අපි කොච්චර කිව්වත් නවත්තුවේ නැහැ.සමහර වෙලාවට මා එක්ක බහින් බස් වෙච්ච වාර තිබුන.ඔය මම උසස් පෙළ කරන කාලේ.

මම ගෙදර යනකොට එයාට මොනවත් ගෙනියන්නේ නැහැ.මොකද කියනවා මට එපා මම මට ඕන එව්වා මම ගන්නම් කියල.මගෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ.අක්කගෙන් නංගිගෙන් ගන්නෙත් නැහැ.න මුත් අපි අම්මට දීල අම්ම ලව්වා  අරගෙන දෙනවා.

ඒ දවස් වල ඈත් වුන එක අදටත් තියනවා.මේ ලිපිය ලියන්න හේතු උනෙත් ඔන්න ඔය හැඟීම තමයි.

අද කවදාවත් නැතිව මට කතා කළා.කතා කරල එයාගේ යාලුවෙක් නැති උනාලු කියල මෙහෙම කිව්වා

" පුතා මම මේ නිකන් කතා කලේ,අම්ම නංගිලාගේ ගෙදර ගියා කියන්න, ඔය හොදින් නේද ?" කිව්වා...

කවදාවත් කතා කරලා මම නිකන් කතාකරේ කියන්නේ නැහැ.මට කියන්න දෙයක් හිතා ගන්න බැරිව ගියා  ටික වෙලාවක් .මොකද වෙනද විදියට කතා කළා නම මමත් ටක් ටක් ගාල කතා කරලා ඉවර කරනවා.අද එහෙම නෙමේ සීරියස් කතා කලේ.

" පුතා මගේ හොඳ යාලුවෙක් නැති වෙලා, මගේ හිතට ඒ තරම් හරි නෑ එකට, මම ඒකයි කතා කලේ " කියල.

මට ඇත්තටම කියන්න දෙයක් නැතිව මම කිව "හරි අප්පච්චි "කියල.එක කිව්වේ ඇයි කියල මමම දන්නේ නැහැ. කිව්වා නෙමේ මට කියවුනා.

එයිට පස්සේ "මම එහෙනම් තියන්නම්" කියල මම හා කියන්නත් කලින් තිබ්බ.

පින්තුරේ www.businessinsider.com

දැන් මට හෙන අප්සට් මේ වෙච්ච වැඩේට.

අම්ම නම් කියන්නේ ඕක හිතන්න එපයි කියල.

ගෑනිට කිවම මගේ  වැරැද්දය, මම හැමවෙලාවෙම දෙමව්පියන්ගේ වැරදි කතා කියනවය, ඒක නිසා තමා ඔක්කොම නැති ප්‍රශ්නය කියල මගේ ඇඟට ගොඩවේගන ආපු නිසා මම ශේප් එකේ වෙන කෝල් එකක් එනවා කියල කට් කරල නිකා හිටිය.

එයා හැදුන පරිසරය අපේ ගෙදරට වඩා ගොඩාක් වෙනස් නිසා එයා අපේ අප්පච්චි එක්ක බොහොම හොඳයි, ඒක නිසා එයා එක්ක මෙව්වා කතා කරලා වැඩක් නැහැ.

නමුත් කොතැනක හෝ මගෙත් වරදක් නම් තියනව කියල මට හිතෙනවා තදින්ම....

Wednesday, 21 August 2013

අපුරු නඩු කීම ...

english.srilankamirror.com 
මේ කතාව මට මතක් උනේ කකාගේ බ්ලොගේ මම දාපු කොමෙන්ට් එකක් ලියනකොට.පොඩි ආතල් එකක් තියන නිසා ලියන්නේ.මේක අපේ ගෙදර වුන සිද්දියක්.

අපේ අප්පච්චිට ඉන්නවා මල්ලි කෙනෙක්.ආච්චිට ඉන්නේ ඔය දෙන්න විතරයි.ඉතින් ඔය ළමයි දෙන්නගෙන් අපේ අප්පච්චි තමා පිත්තල පුතා.බාප්පා තමා රත්තරන් පුතා.එහෙම තමා අපේ ආච්චි කැටගරයිස් කරලා තියෙන්නේ.හේතුව අපේ අප්පච්චි ටිකක් මුරණ්ඩු කියන දේ නාහන ගති තියන කෙනෙක්.දේශපාලනේට ගිහින් තිබුන දේවල් ගොඩක් නැති කර ගත්ත.ඉතින් ඔය ඉඩකඩම් එහෙම පරම්පරාවෙන් ලැබුන ඒවා ගොඩක් විකුණුනා.

ඔය වැඩේට අපේ ආච්චි කැමත්තක් දැක්කුවේ නැහැ.ඉතින් ඉඩම් බෙදල දෙනකොට රත්තරන් පුතාට ටිකක් වැඩියෙනුයි පිත්තල පුතාට ටිකක් අඩුවෙනුයි තමා බෙදල දීල තියන්නේ.ඕකට ඉතින් ඔය අයිය මලෝ දෙන්න හැමදාම කචල්.හැබැයි අර රත්තරන් පුතා ටිකක් වෙනස් ජාතියක පුත්ගලයෙක්.එය බැන්දේ දොස්තර කෙනෙක් නිසා පදිංචියට නුවර ගියා.ආවේ මාස කීපයකට සැරයක්. ඇවිත් ආච්චිව බලල යනවා.ඇත්තටම ආවේ වතු පිටි ටික බලල පලදාව අරගෙන යන්න.

ඉතින් ආච්චි බලා කියා ගන්න එක කලේ අපේ ගෙදර.

ඔහොම යනකොට ඉඩමක වැටවල් ගහන්න ගියාම ප්‍රශ්නයක් ආව ප්ලෑන් වල තියන මායිම් ගැන,ඔය වැඩේ දිග දුර ගිහින් කොහොම හරි උසවියටම ගියා.දැන් ඔන්න නඩු යනවා.ඔය නඩුවේ පැමිණිලිකාරය සහ විත්තිකාරය ඉන්නේ එකම ගෙදර.

පැමිණිලි කාරය තමා ආච්චි, විත්තිකාරය තමා අපේ අප්පච්චි.

ආතල් කොටස

දැන් ඔය ආච්චි අපේ අප්පච්චිට විරුද්දව නඩු කියන ඉඩම ඇත්තටම ලියල තියන්නේ අපේ බාප්පාට.හැබැයි එයා මේකට මැදිහත් වෙන්නේ නැහැ.එයාගේ වැඩේ ආච්චි ලවුවම වැඩේ කර ගන්න.

දැන් නඩු දවස් වල වෙන්නේ මෙහෙමයි.

උදේම බාප්පා එනවා අපේ ගෙදර ආච්චිව උසාවි එක්කගෙන යන්න.ඇවිත් අප්පච්චිගෙන් බැනුම් එහෙම අහගෙන බාප්පාගේ අලුත්ම වාහනේ නැඟල යනවා උසාවියට.ගිහින් ඒ වැඩේ ඉවර උනාම, බාප්පා කියනවා මෙහෙම.

" අම්මේ එහෙනම් මෙතනින් ත්‍රීවිල් එකක් අරගෙන යන්න මට පුතාව ඉස්කෝලෙන් ගන්න යන්න ඕන" කියල ආච්චිව උසාවිය ගාව දාල මිනිහ යනවා නුවර.දැන් අපේ අප්පච්චි  උසාවියේ වැඩ ඉවර වෙලා එනකොට මෙන්න ඉන්නවා ආච්චි උසාවිය ගාව.

ඉතින් අප්පච්චි අම්මා මෝ නැතිව බාප්පට බැන බැන ආච්චිව වීල් එක්ක දාගෙන ගෙදර එනවා.

ලස්සන වැඩේ මේකයි,

ඕක හැම නඩු දිනකදීම රිපීට්, මිනිස්සු බැන බැන යනවා දකින දකින ගානේ.ආච්චිට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ පුතාලට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ.

Monday, 19 August 2013

අමුවෙන් ගිය ට්‍රිප ...

ගිය පාර ඊද් නිවාඩුවට ලෑස්ති උනේ සති කීපයක ඉඳන්.කන්නේ මොනවාද ගෙනියන්නේ මොනවද හැමදාම කතා කළා.මේ ගමනට ළමයි ඉන්න පවුල් දෙකකුත් සම්බන්ද උන නිසා වාහන බෙදා  ගන්න සිද්ද්ද උනා මොකද හැසිරීම ගැටළුවක්  නිසා.ඉතින් නියමිත විදියට කලින් දවසේ බඩු ටික ලෑස්ති කරලා තියල ෂොට් එකක් එහෙම දාල පහුවදා බොන්න දේවල් ලෑස්ති කරා.බොන එකනේ අපේ මූලික අරමුණ ගමනක් යනකොට.

ඉතින් බියර් විතරක් බොන ඈයෝන්ට බියර් දුසිමක් විතර අරගෙන සිතල යන්නේ නැති පෙට්ටියකට අයිස් දාල එක ලැහැස්ති කළා.අනික් උදවියට බොන්න ඕන කරන බෝතල් ටික වෙනම පෙට්ටියක දාල එයිට උඩින් බයිට් එකට ගන්න බාබකියූ දාන්න ගත්ත මාළු ටික මස් ටික අයිස් වල දාල වෙනම තිබ්බ.දැන් පෙට්ටි දෙකයි බොන්න ඕන කරන සියලුම අමු ද්‍රව්‍ය සමග අපේ වාහනේ ඩිකියට පැටව ගත්ත.
පින්තුරේ ගත්තේdubai.dubizzle.com
උදේම සුපුරුදු ලෙස පවුල් දෙක ප්‍රමාදයි.අපි ලෑස්ති වෙලා වාහන බෙදාගෙන උදේට කන්න පාන් එහෙමත් අරගෙන දැන් ඉන්නවා.අර දෙගොල්ල ආවට පස්සේ එක්කෙනෙකුට ඕන උනා ළමයින්ට කන්න දේවල් ටිකකුයි පම්පර්ස් ටිකකුයි ගන්න. එක නිසා සුපර් මාර්කට් එකක් ගාව පාර්කින් එහෙක නතර කරලා ඒ ඕන කරන බඩු ටික ගන්න ළමයින්ගේ තාත්ත කෙනෙක් වෙන අපේ යහළුවෙක් වෙන බොන එකෙක් ගියා.දැන්පරක්කු වෙලා තියන්නේ අනික් උන් කෑ ගහනවා යමල්ල කියල.මිනිහ ඉක්මනට ඇවිත් වාහනේට බඩු ටික දාද්දී එයාලගේ වාහනේ ඉඩ මඳි.ඒකනිසා අපි බොන සෙට් එක ඉඳපු වාහනේ ඇරපන් කිවා පස්ස ට්‍රන්ක් එක. මිනිහ තිබුන බඩු ටික එහාට මෙහාට කරලා ඉක්මනට වැඩේ කරලා ඇවිත් වාඩී උනා.

දැන් අපි යන්න ඕන තැනට ඇවිත් බොන්න කියල ලෑස්ති වෙලා, බාබකියූ පාරක් දාන්නා අර බඩු පෙට්ටි දෙක ගෙන්න කොටසක් ගියා.එකෙක් එනවා බීම පෙට්ටි දෙක නැහැලු.සංසාරේ දවස් දෙකක්ම ගිය බඩු හොයාගෙන ලෑස්ති වෙන්න.මේ මොකක්ද කියන හරුපේ.වෙන්න බැරි දෙයක් නිසා අපිත් ඔක්කොම  ගිහින් බැලුව.ඇත්තටම නැහැ.
පින්තුරේ මෙතනින් depositphotos.com -
දැන් කරන්න දෙයක් නැති නිසා ආපහු පැය දෙකකට වඩා ගමනට වැය කරලා බොන්න බෝතල් දෙකක් හොයාගෙන ඇවිත් ඒක බිල ගෙදර ආව.

වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද ?

අර  පොඩි උන්ට කන්න ගන්න ගිය එකා, ඒ බඩු ටික ගෙනත් අපේ වාහනේ ට්‍රන්ක් එකට දාන්න බලත්දී ඉඩ මඳි වෙලා.මූ පෙට්ටි දෙක බිමින් තියල බඩු ටික දාල පැක් කරලා ට්‍රන්ක් වහල වාහනේට නැඟල.හොඳට අයිස් දාල පැක් කරලා බිම පෙට්ටි දෙකයි බාබක්‍යු ටිකයි ප්ලැට්ෆොර්ම් එක උඩ පාර්කින්ග් එකේ.

නිවාඩු දවස් වල හම්බ උන එකාට මරුම මරු .....




Tuesday, 13 August 2013

ගල් වැඩ සහ ගල් කතා . ..

මම කාලයක් ගල් වැඩ කරන තැනක වැඩ කලානේ.ගල් වැඩ කීවේ  මේ කළු ගල්,අර පාරවල් හදන්න ගන්නේ.අන්න ඒවා.

මට ඉස්සරෝම රැකියාවක් ලැබුනේ ටිකක් දුෂ්කර පළාතක වැඩ කරන්න.කොළඹ අවට තිබුන රැකියාවල් වලට වඩා ටිකක් වැඩි පඩියක් ඒකේ දුන්න.හැබැයි ඉතින් යමර කට්ට.ඔය වැඩ බිම තිබුනේ ගමක.ඔතන තිබුන ව්‍යාපෘතියේ වාහන රෙපයාර් කරන යාර්ඩ් එකකුයි තව ලොකු ගල් මෝලකුයි.

පින්තුරේ ගත්තේ www.millingcrusher.com
ඉතින් මගේ රාජකාරිය තමා ඔය හැම එකේම වැඩ කරන එක.මම අලුත් නිසා ඔය කොයි වැඩෙත් කරන්න වෙන්නේ මට.ඔය අපි කටු කනවා කියන්නේ.මම කෑවේ හොදම කට්ටක්.හැබැයි ඉතින් ඒ දවස් වල වගේම දැනුත් බැන්නට, හිත දන්නවා වටිනාකම. බිම් මට්ටමේ වැඩ කල නිසා අලුත් දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.

ඉතින් ඔතන තියනවා ලොකු ගල් වලක්.ගල් වෙඩි දාලනේ ගල් කඩන්නේ.ඒ කඩපු ගල් පොඩි කැට කරන මැෂිමේ තමා මගේ ප්‍රධාන රාජකාරිය.ඒ වුනත් ඔය වෙඩි බෙහෙත් දාල වෙඩි ගහන එක මට ටිකක් අල්ලලා ගිය සීන් එකක්.
මේක මම ගත්ත එකක්  

එයිට කලින් කියල ඉන්නම්කො,ඒ ව්‍යාපෘතියේ හිටිය මැනේජර් ටිකක් වයසක කෙනෙක්.මම ඒ වැඩබිමේ උන්නට මාව ගත්තේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ඒ ආයතනයට අයිති ඔක්කොම ගල් කඩන මැෂින් බලාගන්න ඉංජිනේරු මහත්තයෙක් යටතේ.මිනිහත්  පනහ පැනල වුනාට ටිකක් විනොදෙට බර සරල මනුස්සයෙක්.හැබැයි කොයි වෙලාවේ බැලුවත් ෂොට් එකක් නෙමේ දෙක තුනක් දාල ඉන්නේ වැඩ කරන වෙලාවෙදිත් එහෙම තමා.වැඩ වලට නම් දක්ෂය.පරණ මනුස්සයෙක් නිසා වැඩ වලට ඕන රජයේ මිනිස්සු ටික එහෙම හොදට අදුනනව.දවසක් ඔය ක්‍රෂර් එක කැඩිලා,ඕක ගලවන්න මට ෆෝන් එකෙන් කොළඹ ඉඳන් ගලවන හැටි කියා දුන්න.ඇනයක් මුරුච්චියක් ගානේ මතකයි.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරේ මම අර ගල් වෙඩි දාන උන් එක්ක පොඩ්ඩක් හිතවත් වෙලා ඔය වැඩේ ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්න.මාසයක් දෙකක් යනකොට ඒ වැඩේ කරගන්න පුළුවන් උනා.වෙනදට වඩා ටිකක් වැඩිපුර ගල් ටිකක් පාරට යවාගන්නත් පුළුවන් උන නිසා උඩ හිටපු ඉංජිනේරු මහත්තයත් මගේ මේ වැඩේට අකමැත්තක් පෙන්නුවේ නැහැ.ඔහොම යනකොට ඔය පාර හදන එකට අපිට වඩා ප්‍රසිද්ද කොන්තරක් කාරයෙක් වුනු, ඒ දවස් වල පත් වුන අලුත රජතුමාගේ අනුහසින් අපිව ඉවත් කරලා ඒ ව්‍යාපෘතිය ගන්න හදනවා කියල කතාවක් ආව.අපේ ආයතනය ඒ බලවත් තුමාගේ ගෙදර ඉස්සරහ පාර එහෙම කොන්ක්‍රීට් කරලා දුන්නට වැඩක් උනේ නැහැ.

ඉතින් අපිට සිද්ද වුනා ඉක්මන් කරලා වැඩ ටික ඉවර කරන්න.දැන් මම තමයි ගල් වලේ සහ මැෂිමේ වැඩ කරන්නේ.ඉතින් මට කීවා වෙනද දෙනවට වඩා එකහමාරක් වැඩිපුර ප්‍රඩක්ෂන් එකක් ඕනය කියල.ඉතින් මම අලුත් ටෙස්ට් බ්ලාස්ට් එකක් එහෙම කරලා වැඩිපුර වේඩි බෙහෙත් පාවිච්චි කරන්න  රජයේ පරිපාලක තුමාගෙන්  අවසර අරගෙන, පළවැනි දවසේ උපරිම හොඳට කළා.

ඉතින් පළවැනි දවසේ වැඩේ හරි ගිය නිසා,මටත් සැටිස්.දෙවැනි දවසේත් කලින් වගේම වැඩ ටික ලෑස්ති කරලා, වෙඩි බෙහෙත් ටික පත්තු කරන්න කියල වැඩ බිමෙන් එලියට ගියා.ගිහින් විනාඩි දහයක් විතර යනකොට මහා සද්දයක් ආව " දඩාන්" ගාල.මම දැනගත්ත මේක නම් ලේසි එකෙක් නෙමේ කියල, මොකක් නමුත් වැරදිලා.

video
මේක මම එහෙදි ගත්ත එකක්.මේක පොඩි බ්ලාස්ට් එකක්.ලොකු වීඩියෝ එකක් තිබ්බ දැන් එක හොයා ගන්න නැහැ 

වැඩපල පැත්තේ මිනිස්සු කෑ ගහනවා ඇහුන යටිගිටියෙන්.අද නම් එකෙක් ඉවර වෙලා තමා කියල මම  ඔෆිස් එකෙන් එලියට දුවගෙන ගිහින් බලනකොට මහා ගල් කැට වරුසාවක් එනවා ඔෆිස් එක පැත්තට.මිනිස්සු සී සී කඩ දුවනවා.සට සට ගාල ගල් කැට ටකරන් වහලෙට වැටෙනවා.සමහර එව්වා ටකරම හිල් කරගෙන මේස උඩටත් වැටෙනවා.

මම ෂොක් වෙලා ගියා මේක දැකල.එතකොටම මැනේජර්ගේ කාමරයේ පැත්තෙන් වහලේ කඩාගෙන ගල් කැල්ලක් ඇතුලට වැටුන.කිසි දෙයක් හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ.මැනේජර් මහත්තය හිටපු තැනින් එහාට පනින්න හැදුවත් ඊට කලින් ඒ ගල් කෑල්ල වහලේ තිබුන යකඩ බීම් එකකත් වැදිලා ඇවිත් මැනේජර් මහත්තයාගේ නළල දිහාට පාත් වෙනවා දැක්ක.

මැනේජර් මහත්තයාගේ ඔලුවෙන් ලේ ගලනවා හෝ ගාල.හැමෝම එකතු වෙලා මැනේජර් මහත්තයව වාහනේකට දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා.මමත් ඔය වාහනේම නැගල ගියා ඉස්පිරිතාලෙට.හවස් වෙනකොට මනුස්සයට ටිකක් හොදයි.නළල හරියෙන් පැලිලා විතරයි.හැබැයි ලොකුවට වැදිලා.

සයිට් එක නිකන් මල ගෙයක් වගේ.හොඳ වෙලාවට වෙන කාටවත් වැදිලා නැහැ.මොකද එළියේ උන්නු අයට උඩ බලල අහකට වෙන්න පුළුවන් උනත් ඇතුලේ ඉන්න කෙනෙකුට අහකට වෙන්න පෙන්නේ නැහැනේ.දැන් මේකේ වරද එන්නේ මගේ පිට.මම ඉක්මනට ගිහින් වෙඩි බෙහෙත් ඉශු කරපු පොත් ටික අරගෙන ඉස්ටෝරුවට දාල වහල යතුර සාක්කුවේ දාගත්ත.මොකෙක් හරි ඔය පොත් ටික විසි කලොත් මම පාවිච්චි කල වෙඩි බෙහෙත් ගාන කියා ගන්න සාක්කි නැති වෙනවා.

රෑ වෙනකොට මාව ගත්ත ඉංජිනේරු මහත්තය සයිට් එකට ආව මේ කේස් එක නිසා.අර වැඩ කරපු කොල්ලෝ ටිකත් හැංගිච්ච තැන් වලින් එලියට ඇවිත්.දැන් මම තමා හැමෝගෙම මාතෘකාව.මට තේරෙන්නේ නැහැ වැරදුන තැන.කොහොම හරි උණ දේ උනා.එන දේකට මූන දෙනවා කියල පැත්තකට වෙලා හිටිය.සමහරු මම එතන හිටියේ නැහැ කියලත් නෝක්කාඩු කියනවා.අර සයිට් එක ගන්න ඉන්න අයගේ වැඩක් මමත් එකට හවුල් කියලත් කතාවක් හැදිලා.

දැන් පරීක්ශනේ.

මම අර පොත් ටික දීල තව මම ඇඳපු චිත්‍ර ටිකත් දීල කිව්වා කල විදිය.මම අර අනුමත ප්‍රමාණයට වඩා පාවිච්චි කරලා නැහැ කියල පෙනන්න.අර කොල්ලෝ ටිකගෙනුත් විස්තර ඇහුව.අන්තිමට තීරණය කළා කලින් දවසේ දාපු වෙඩි වලින් බුරුල් වුන කොටසක් තමා විසි වෙලා තියෙන්නේ කියල.

දැන් ප්‍රශ්නේ නීති ගැටළු.

මිනිහ මට පැත්තකට අඬගහල කීවා "උඹ කවුරු හරි ඇහුවොත් කියපන් ක්‍රෂර් එක කරන එක විතරයි කරන්නේ අනිත් දේවල් ගැන දන්නේ නැහැ කියල,මම ඉතිරි ටික බලාගන්නම් "කියල.අර කොල්ලෝ ටිකට කියන්න දෙයක් නැහැ ඒකට කැමති වෙනවා ඇරෙන්න.ඇත්තටම මම මේ ගල් වලේ වැඩට නෙමේනේ ආවේ.මේක මම බලෙන් දා ගත්ත එකක්නේ.එකට ඉන්න ඕන කැනීම් ඉංජිනේරුවෙක්.

එදා වෙන්න තිබ්බ ප්‍රශ්න වලින් බේර ගත්තේ අර ඉංජිනේරු මහත්තය.නැත්නම් මම මගේ හිතුමතේට වැඩ කරලා වෙච්ච වැඩේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා.

හැබැයි ඉතින් ඒ උදවියත් මම ඔය වැඩේ කරනවට කිසිම උපදෙසක් වත් දුන්නේ නැහැ.ඒ අයගේ ප්‍රඩක්ෂන් එක ලැබෙන නිසා සද්ද නැතිව හිටිය.අනික ඔය වගේ තැනක ඉන්න ඕනලු කැනීම් ඉංජිනේරුවෙක්.එහෙම කෙනෙක් හිටියෙත් නැති නිසා පොලිසි ගියා නම් ආයතනයටත් වග කියන්න වෙනවා.ඒවත් බලපාන්න ඇති.

ඔය සිද්දියෙන් පස්සේ ඒ ව්‍යාපෘතිය අර කලින් කිව කොම්පනි එකෙන් ගත්ත.මාව බේර ගත්ත ඉංජිනේරු මහත්තය අයින් වෙලා යනකොට මාවත් එයාගේ අලුත් ආයතනයට ගත්ත,ඒකෙ මාස 4ක් වැඩ කරලා තමා මම මෙහෙ ආවේ.

ඔන්න මගේ පළවැනි රැකියාව අවසන් වුන හැටි.

Thursday, 8 August 2013

උගත් මෝඩ මනමාලයෝ ...

මේ ඔක්කොම පටන් ගත්තේ මේ දවස් වල රාමසාන් හින්ද  ඔෆිස් කලින් ඉවර වෙන නිසා චමරියට යන්න ගත්ත එකෙන්.ඔකේ ඉන්නවා අකලට නාකි වුන ඩයල් එකක්.දැන් වයස හතළිහකට කිට්ටුයි.මම ගිහින් හිටියේ ඔය හාදය ඉන්න කාමරේ.මම මිනිහ දැනගෙන දැනට අවුරුදු හතරක් විතර වෙනවා.

පිටින් පේන විදියට හොද මනුස්සයෙක්.අවුලකට තියන්නේ තාම කුලෑටි ගතිය.ඉතින් මම චමරියට ගිය වෙලාවක මිනිහ මුඩ් ගහල හිටිය.මමත් මනුස්සකමට ඇහුව මොකද ප්‍රශ්නේ කියල.මිනිහ අඬලා කියනවා ගෙදරින් බදින්න කෙනෙක් කතා කරලලු.ඌ කැමති නැහැලු.මේක නොකලොත් අම්මා වහ බොනවා කිවලු කියල.

වැඩි විස්තර කතා කරපුවම මනුස්සය බදින්න කෙනෙක් ඉඳල එකට අම්මා අකමැති වෙලා අවුරුදු 5ක් තිස්සේ තිබිල.දැන් එක නැහැ, ඒ කෙනා වෙන කසාදයක් කරගෙන නිසා මෙයා කසාද නොබඳ ඉන්නවලු.

මගේ තියන කට පියාන ඉන්න බැරිකමට කිව එහෙනම් අම්මා කතා කල කෙනා බඳින්න බැරි නම් වෙන ඔයා කැමති කෙනෙක් හොයාගෙන අම්මට කියන්න අම්මා තේරුම් ගනී කියල.එහෙම කියල මම කර ගත්ත මහා විනාසේ දැනුයි තේරෙන්නේ.

ඔය සිද්දියෙන් පස්සේ මම හිමිට අපේ වයිෆ්ට කියල හොයල බලන්න කිව.අපේ වයිෆ් මෙයාව දන්නවා මෙහෙ ඉන්න දවස් වල,අපි වගේ නෙමේ ටිකක් පිළිවෙලකට ඉන්න නිසා(පෙනුමට විතරයි, දැන් බලපුවම අපි පිළිවෙලක් නැත්තේ පිටට විතරයි) වයිෆ්ලගේ ගෙදර ඉස්සරහා ඉන්න හිතවත් කෙනෙක් කතා කරන්නද ඇහුව.

මමත් ඉතින් මූ පත් වෙලා ඉන්න ඉරණම නිසා හරි කතා කරන්න කියල ෆොටෝ එකක් එහෙම ගෙනත් පෙන්නුවා.එක දැකපු ගමන් මිනිහට මේක කර ගන්න ඕන කම,හැමදාම කතා කරලා වැඩේ ඉක්මන් කරන්න කියනව.මම ෆෝන් නම්බර් එක දීල කිව එහෙනම් කතා කර ගන්න කියල.

හැබැයි පළවැනි දවසේ කතා කල කියල මට කීවට ඊට පස්සේ මිනිහ කිසිම දෙයක් මට කිවේ නැහැ,මිනිහ නොකීවට මට අපේ ගෙදරින් විස්තර එනවා ඔන්න දැන් කේන්දර බැලුව, ඔන්න දැන් දෙගොල්ලම ගෙවල් වල ගියා,ඔන්න දැන් මඟුලට දින දාගෙන...

දැන් ඔය කිසි දෙයක් මිනිහ මට කිවේ නැහැ.හරි කමක් නැහැ.මට කියන්න ඕන නැහැ.මම මගේ යුතුකම කළා. එයාලගේ වැඩේ එයාල කර ගත්තාවේ කියල මම නිහඩව හිටිය.

ඔහොම ගිහින් මේ ඊයේ මට කතා කරලා කියනවා ඒ සෙට් කල කෙනා හොද නැහැලු,කතා කරන්න දන්නේ නැහැලු කතන්දර ගොඩක්.එයාගේ නෑ වෙන මල්ලි කෙනෙකුට රැස්පොට් කලේ නැහැලු.අද කාලේ කෙල්ලෝ බදින්න ඉන්න කොල්ලට ගරු කරනවා මිසක් මේකා කිව්වා කිව්වා පලියට එක එකාට සෙකන්ඩ් වෙන්න යනවද?

යකෝ අපි යාලු වෙනකොට කතා කරන්න දන්නවද නැද්ද අහලද යාලු වුනේ.යාලු වුනාට පස්සේ දෙන්නට ඕන විදියට එපයි දෙන්න එව්වා හදා ගන්න.

ඔන්න ඔය හේතුව කියල එක කරන්න බැරිය කියල කියනවා,දැන් මම දන්නවා මූ නොකීවට මඟුලට දින දාගෙන කියල.මඟුලට දින දා ගන්න කලින් මොනවද එහෙනම් කතා කලේ.

දැන් මේකට මමලු වැරදි.එයයිගේ අම්මට මොනවා හරි උනොත් මම වග කියන්න ඕනලු.

මට මේ හතර බිරි කතාව තේරුනේ නැහැ.එක නිසා මම සිංහල සංස්කෘතිය භාවිත කරලා කියල දුන්න මම උඹ අඬලා කිව නිසා මේක කතා කල තමා ඒ වුනාට උඹලගේ නොගැලපීම් ගලපන්න උඹලගේ දෙමවුපියන්ටත් බැරිය, මට කොහොමටත් බැරිය, උඹලා එහෙනම් අහවල් එකක් කතා කරලද මඟුලට දින දාගත්තේ කියල?

උත්තර නැත.

ඔය කියල ගෑනු ළමය මම ටිකක් දන්නවා.කොළඹ ඉස්කෝලෙක ගුරුවරියක්.කතා කරන්න දන්නේ නැහැ කියන එක පිළිගන්න පුළුවන් හේතුවක් නෙමේනේ.එකෙකුට බදින්න කෙල්ලක් කතා කරන්න කිව නිසා මම කතා කළා.ගැලපෙන නොගැලපෙන එක මගේ වැඩක් නෙමේනේ.

අන්තිමට අනුකම්පාව බුමිකම්පාවක් වෙලා දැන් මට මගේ වයිෆ්ලගේ ගෙදර අයට උත්තර දෙන්න වෙනවා,උදව් කරන්න ගිහින්.

අර දුකා කිව වගේ මෙව්වා හරි භයානක උදව්.. ඔන්න මම පාඩමක් ඉගෙන ගත්ත..

Sunday, 28 July 2013

කෝ බන් අක්කා?? අක්කා ලමයෙක් හදන්න ට්‍රයි කරනවා බන් ....

මේ දැනට අවුරුදු 6 කට පෙර උන කතාවක්.අද මම මගේ මිත්‍රයට කතා කළා, ඌ එක්ක කතා කරනකොට මතක් උන කතන්දරයක්.

මම මෙහෙ ආව මුල මමයි මගේ මිත්‍රයයි හිටියේ මගේ මිත්‍රයාගේ නෑ වෙන අක්ක කෙනෙකුගේ ගෙදර.ඒක කාමර දෙකක ගෙදරක් පොඩි සාල කෑල්ලකුයි කුස්සියකුයි තිබුනේ.අපි එක කාමරෙකයි ඒ අක්කයි අය්යයි අනිත් කාමරේ.

ඉතින් සිකුරාදා නිවාඩු නිසා බ්‍රහස්පතින්දා අපි දෙන්න වැඩ ඇරිලා එළියෙන් කෑම එහෙම කාල ටිකක් ඇවිදලා ගෙදර එනකොට රෑ වෙනවා.ඉතින් උදේට ටිකක් දවල් වෙනකල් නිදා ගන්න එක තමා කලේ.ඔය ජිවන රටාව නිසා උදේ කෑම ගොඩක් වෙලාවට මග ඇරෙනවා.

අක්කල නම් උදේම නැගිටලා කෑම උයල කරලා අපිට කතා කරනවා කන්න.එක දවසක් අපි ඔය වගේ පරක්කු වෙලා ඇවිත් හොදට නිදාගෙන ඉඳල දවල් දොළහට විතර නැඟිටලා කන්න දෙයක් බැලුව.වෙනද නම් මේ වෙනකොට අක්කල මොනාහරි උයල කරලා කතාකරනවා.අද නැහැ.

මගේ යාළුවා කිව මම මොනවා හරී හදන්නම් උඹ ගිහින් පාන් ගෙඩියක් ඇන්න වරෙන්ය කියල මූ කාමරෙන් එලියට ගියා.මම තව ටිකක් වෙලාකම්මැලි කමට ඇඳේ ඉඳල නැගිටින්න හදනකොටම මූ එනවා මුණ දෙක කරගෙන.

" අද කන්න වෙන්නේ නැහැ බන් ඔන්න ඔහේ බුදිය ගමු"

" ඒ මොකද බන් ඇයි බිත්තරයක් වත් නැත්ද ලේසියට තම්බා ගන්න"

"බිත්තර තම්බන්න වෙන්නේ උඹේ _____උඩ තියල තමා, අක්කල ළමයෙක් හදන්න ට්‍රයි කරනවා අද කෑම නැහැ" - කියල මූ ආපහු ඇඳට වැටුන.

මට මේ කතාවට හිනා ගියත් කියාපු සීරියස් විදියට මොකක් නමුත් කේස් එකක් ඇතිය කියල හිතුන නිසා ගිහින් බැලුව.

කුස්සියට යන දොර වහලා යතුර නැහැ,ඉස්සරහ දොරත් වහල යතුර නැහැ.අක්කල කලින්දා අපි ආවටත් පස්සේ ඇවිත් දොරවල් දෙකම වහල යතුර අරගෙන කාමරේට ගිහින්.හීන් කෙදිරියකුත් ඇහෙනවා කාමරෙන්...

ඉතින් එදා අපි අක්කලාගේ උත්කෘෂ්ට සත්ක්‍රියාව වෙනුවෙන් නිරාහාරව නිදා ගත්තා.....

දැන් ඒ දුවට වයස අවුරුදු 5ක්...ලස්සන කෙලි පොඩ්ඩ...




Thursday, 4 July 2013

තනිකමේ පිස්සුවද නැත් නම් ලොකු ප්‍රශ්නෙකට මුලක්ද ...

ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ මේ දවස් වල.දැන් නම් ජොබ් එක කරන එකත් එපා වෙලා තියන්නේ.උදේ පාන්දරම යන්න ඕන අපහු ඇවිත් රෙදි ටික හෝදලා, කන්න දෙයක් හදාගෙන කොම්පියුටර් එක අරගෙන මොනවා හරි බලන එක තමා ජීවිතය වෙලා තියන්නේ දැන්. 

කලින් නම් ගෙදර ආවම පුතා එක්ක සෙල්ලම් කරන්න ඕන.එයාව කොහේ හරි ඉඩ තියන තැනකට එක්ක ගිහින් ඕන හැටියට නටන්න දීල මම බලාගෙන ඉන්නවා.එක එක විකාර වැඩ.ඔහොම පැයක් දෙකක් නටල අපහු එනවා.ඉතින් කාලේ යනවා තේරුනේ නැහැ.අලුත ඉපදුන දුව දැන් නම් ලොකුයි.මෙහෙ ඉන්න කාලේ  ඉපදිලා මාස 2 ක් වගේ නිසා එයාගේ වැඩ නැන්දම්මයි එයාගේ දුවයි කලා.

දැන් ඒවා නැතුව ගෙදර ඇවිත් කම්මැලි කමේ ඉන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.පුතා ඉන්නකොට මගෙත් එක්කමයි නිදා ගත්තේ.මට කොහෙවත් යන්න බැහැ එයාව දාල, එන්නම ඕන කියල අඩනවා.

ඔහොම මනෝ පාරක් ගහගෙන ඉන්නකොට තමා කල්පනා උනේ,රැකියාව මාරු කරන්න තිබුනොත් හොදයි කියල.

අපි හැමෝටම ඉගෙන ගන්න ලැබෙන්නේ, එහෙම නැත් නම් කරන්න  හම්බවෙන රැකියාව අපි කැමතිම හරි අසාවෙන් හිටපු එකක් හරි නෙමේනේ ගොඩක් වෙලාවට.මම උසස්පෙළ කරන කොට ආසාව තිබුනේ කොම්පුටර් ක්ෂේත්‍රයට.ඒක කරගන්න හම්බ උනේ නැහැනේ.ඉතින් කැම්පස්  ඉවර වෙලා ඕකට ආපහු මොනවා හරි කරන්න තව අවුරුද්දක් එකහමාරක් වැය කරන්න තරම් කලක් මට තිබුනේ නැහැ.දෙයියන්නේ මල්ලි කරදර කළා.ඉතින් අහුඋන රැකියාවකට ගිහින් තිබුන ප්‍රශ්න ටික විසඳුවා.

දැන් අවුරුදු හයක් මම මෙහෙ.කරගෙන තියන දේවල් බලපුවම මට කියල කරගෙන තියන දේවල් බොහොම පොඩ්ඩයි.ගෙවල් ගොඩදාල විතරයි.දැන් නම් ඒ කරදර ටිකක් අඩුයි.අම්මට වියදමට සල්ලි ටිකක් යැවුවම ඇති.

ඉතින් මට දැන් මේ රැකියාව ඇති වගේ.දැන් කරන වැඩ ටික තමා ඉතින් හැමදාම කරන්න වෙන්නේ අලුත් දෙයක් කියල දෙයක් අහුවෙන්නේ නැති තරම්.

දැන් රැකියාව මාරු කරනවා නම් අඩුම ගානේ මාසේ වියදම හරි හම්බවෙන පොඩි රැකියාවකට ලංකාවට ඇවිත් තමා කරන්න වෙන්නේ....

අනේ මන්ද මේ ඕන  නැති දේවල් කල්පනා කරලා නැති ප්‍රශ්න ඇති වෙයිද දන්නේ නැහැ...මට සාමාන්‍යයෙන් ඔය වගේ වැඩ වෙනවා.හැම දේම හොදින් තියන කොට වෙනස් දෙයක් කරන්න ගිහින් අර තිබුන සාමකාමී වාතාවරණය නැති වෙනවා.

ඒ උනත් මට වෙන මොනවා හරි අලුත් ක්ෂේත්‍රයකට මාරු වෙන්න ඕන.....කොහොමද ගැලපෙන එකක් හොයා ගන්නේ.....

මේවගේ අසමජ්ජාති වැඩක් කල කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න ....
ප.ලි
පරණ පොස්ට් එකක් ආපහු පබ්ලිෂ් උණා ලාංකීය එකේ.මගේ වැරැද්ද නිසා නෙමේ මේ බෝතලේ වැරැද්ද නිසා ...

Friday, 14 June 2013

ඔන්න මස්සිනාල ...


පින්තුරේ ගත්තේ:www.sodahead.com -

කොල්ලෙකුට බැන්දට පස්සේ හොද මස්සිනාල ටිකක් හම්බවෙන එක වාසනාවක්.හොදට බොන්න ඒවරේඩි,අයිය මල්ලි නැතුව මචං කියල කතා කරන්න පුළුවන් සෙට් එකක් හම්බ වෙන එකේ ගතිය දන්නේ එහෙම හම්බ උණු උන් විතරයි.

ඒ වගේම කොච්චර හොදට සෙට් උනත් පිස්සු නටන එකෙක් හම්බ උනොත් ...

අපේ අම්මටයි අප්පචිටයි ඉන්නේ එක කොල්ලයි කෙල්ලො දෙන්නයි.ඉතින් මට පිරිමි සහෝදරයෝ හිටියේ නෑ.අපේ අක්ක හොයාගත්ත එකා හොදයි.හැබැයි ඌ ටිකක් සම්මත ආකාරයේ පොරක්.සෙට් වෙන්නේ නෑ. නංගි බැඳපු එකා මට වඩා වැඩිමල් අවුරුද්දක්.ඌට අයිය කියන්න ඕන.ඌ අයිය වගේ ඉන්නේ.ඒකත් කේස්.ඉතින් මට අපේ පවුලේ මස්සිනාල දෙන්නම සෙට් වෙන්නේ මස්සිනාල නිසා පමණයි.ආතල් නෑ.

අපේ බිරින්දෑගේ පවුලේ අයියල 3 යි, අක්කල 2යි, මල්ලිලා 1යි. ඔය මස්සිනාල 3න් දෙනා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්.ලංකාවේ ඉන්න අක්ක බැඳපු අයියත් ඒ වගේ,යාලුවෝ වගේ ආශ්‍රය කරන්න පුළුවන්.බොන්න ගියාම උන් එක්ක බොන්න බෑ.අපිට ලැජ්ජයි.උන් කොච්චර බිව්වත් වෙරි නෑ.ඉතින් බොන්න ගේනකොට කේස් පිටින් ගේන්නේ.අපරාදේ කියන්න බෑ උන් ඔක්කොම මරු.ඒ වගේම තමයි මට නිවාඩු යනකොට ලොකුම ගානක් වියදම් වෙන්නේ බීම වලට.

ඔතන එක අක්ක කෙනෙක්  සහ ඒ පවුලේ උදවිය මම තවම හැබැහින් දැකල නැහැ ඔන්න කිව්වට පිළිගන්න.පවුලේ ලොකුම කෙනා තමයි එයා.එයා ලංකාවට එනකොට මම මෙහේ.

ඔතන ඉන්න මල්ලි ගැන තමා මේ අද කියන්න යන්නේ.මිනිහ පොඩි කාලෙම අනිත් සහෝදරයෝ රැකියාවල් කරනවා.එක නිසා අනිත් අයට තිබුන අඩු පාඩුකම් මෙයාට අහු උනේ නෑ.හැමෝම ආදරෙයි.වැරද්දක් කලත් බනින්නේ නැහැ.ඕක මෙයාට නරකට හිටිය.කොළඹ ප්‍රසිද්දම පාසලට ගියත් ඉගෙන ගත්තේ නැහැ.

පවුලේ යුතුකම නිසා ලොකු අයිය නුවරඑළියේ පොඩි හෝටලයක් කුලියට අරගෙන බාර දුන්න.මාස 5ක් විතර යනකොට අල්ලපු හෝටලෙන් කෑම අරගෙන මෙයාගේ හෝටලේ නවාතැන් ගත්ත අයට කෑම සපයන්න තරම් දියුණු උනා.ලොකු අයියගේ බැංකු පොත හින්දල මිනිහ හෝටලේ වහල දැම්ම.ඔය ලොකු අයියට ටිකක් සල්ලි තියන නිසා පාඩුව දරා ගන්න පුළුවන් උනා. 

ඊ ලඟට පොඩි අයිය ඩිමෝ බට්ට ලොරියක් ෆිනෑන්ස් දාල අරගෙන දුන්න.මිනිහ නුවර එළියේ ගිහින් එළවලු අරගෙන ඇවිත් විකුනන්න කියල තමයි ගත්තේ.හැබැයි එළවලු කෙසේ වෙතත් නුවර එළියෙන් කසාදයක් නම් මිනිහ කරගත්ත.එකටත් සියලුම අනුග්‍රහය පවුලේ සැම.අනේ අර ෆිනෑන්ස් එක පොඩි අයිය ඒ බැඳපු අක්කත් එක්ක එකතු වෙලා කොහොම හරි ගෙව්වා.දැන් මූ ඉස්සරහ දොරෙන් එනකොට පොඩි අයිය පස්ස දොරෙන් යනවා දැක්කොත් කලිසමත් නැති වෙයි කියල.

දැන් මම මෙහෙ ආවට පස්සේ මට මිනිහ කිවා, කොහොම හරි මාවත් ඔහාට ගන්න කියල.මමත් බැඳපු අලුතනේ ලකුණු දා ගන්න ගොනා උනා.සියලු අනුග්‍රහය කරලා මෙහාට අරගෙන රැකියාවක් හොයල දුන්න.

එදා ඉඳන් මම මූ ගැන බලන්න ඕන.හැම මාසෙකටම සැරයක් බිල මොනවා හරි කර ගන්නවා.දැන් අවුරුදු 3ක් තිස්සේ.අදත් වැටිලා ඔලුව පලාගෙන.ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දාල කන්න බොන්න හදල තියල මම දැනුයි ආවේ.

ගිය පාර රැකියා කොන්ත්‍රත් එක ඉවර උනාම මම කිව අයින් වෙන්න එපා.ඔකේ තව ටිකක් ඉන්න කියල.ඇහුවේ නැහැ.අයින් වෙලා ගියා.ලංකාවේ ව්‍යාපාරයක් කරන්න කියල.ගිහින් මාස 3ක් යනකොට අරගෙන ගිය සල්ලි ඉවරයි.

ආපහු මම ගෙනත් රැකියාවක් හොයල දැම්ම ලංකාවේ නිකන් ගෙදර ඉඳල කාලේ කන නිසා.දැන් පොඩි දුවෙකුත් ඉන්නවා.මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියල.ඕන දෙයක් කර ගනින් කියල අතඇරලා දාන්න කියල හිතුනත්, කොහොමද කරන්නේ.අනිත් සහෝදරයෝ හැමෝම හොදින් ඉන්නවා.දෙන්නෙක් පිට පදිංචිය.මේකට මොනවා උනාද ????.කොල්ලෙක් විදියට හොදයි.මට වඩා අවුරුද්දයි වයස අඩු.නමුත් මටත් කරන්න පුළුවන් සීමාවක් තියනවා නේ.මේකාගේ අක්ක වෙච්චි මගේ ගෙදර උන්දැට කිවම තව ටිකක් බලන්නලු ..................................

ඔය වෙලාවට තමා හිතෙන්නේ මාමණ්ඩි මේකව හැදුවට වඩා හොදයි _______________ නම් කියල ........



Sunday, 9 June 2013

අත ගාන පෝන් එකක් ...


පින්තුරේ ගත්තේ :swotti.starmedia.com
මම ලංකාවෙන් එනකොට අරගන ආවේ නොකිය 1100 ෆෝන් එකක්.එක මම ගොඩාක් කල් පාවිච්චි කළා.මම හිතන්නේ අවූරුදු එක හමාරක් වගේ.පස්සේ පස්සේ ඕකේ සද්දේ අඩුවෙන් ඇහෙන්න ගත්ත.ඊට කලින් තිබුන ලොකුම ලෙඩේ නොම්බර තහඩුවේ ඉලක්කම් මැකෙන එක විතරයි. එකට පොඩි ගානක් දීපුවම අලුත් තහඩුවක් දා ගන්න පුළුවන්.පස්සේ මම ලංකාවට එන්න තිබුන මගේ නිවාඩුවට සහ විවාහයට.ඔය ගමන එන්න මම අලුත් ෆෝන් එකක් ගත්ත එකත් නොකියම තමයි.ටිකක් ලොකු එකක්. E63i කියන එක. ඕක මම පාවිච්චි කළා නැති වෙන කල්.ඒ ෆෝන් එක නැති උනා ටැක්සි එකක අමතක වෙලා.කාල සිමාව මාස 4ක් ඇති.
පින්තුරේ ගත්තේ :gizmodo.com
ඕකට පස්සේ මම ආපහු පරණ නොකිය 1100එක පාවිච්චි කළා.මම වයිෆ්ට කලින් අරන් දීල තිබුන හොද එකක් මම මෙහෙ ඇවිත් ටික කාලෙකට පස්සේ.ඒක නොකිය N95එකක්.මම පරණ එක පාවිච්චි කරන කොට එයා මගේ එක අරගෙන එයාගේ N95 එක මට දුන්න.මම ගොඩක් පරිස්සමින් ඕක පාවිච්චි කළා,වැඩ බිමේදී බිම වැටිලා කැඩෙනකල්.ඕකට මට දාහක් දේවල් අහ ගන්න සිද්ද උනා අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙන්.හදන්න දුන්නට හදන්න බෑ කිවා.මෙහෙමත් කිවා "ඉට්ස් අ කුවයිට් හාර්ඩ් ශෝක් ෆොර් අ ෆෝන්" කියල.ඇත්තනේ තට්ටු 2ක් උඩ ඉඳන්නේ වැටුනේ.

පින්තුරේ ගත්තේ :johnymobile.com
දැන් මට ෆෝන් එකක් නැහැනේ එක නිසා කොහොමත් අලුත් එකක් ගන්න ඕනනේ.එක නිසා මම මගේ පලවෙනි කොටන ෆෝන් එකක් ගත්ත අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙ අවසරය නොමැතිව.එක HP වර්ගයේ එකක්. ipaq කියල එකක්.ඕකේ තිබුන කොටන්න කුරක්.එක දවසක් ඔය කුර මගේ අතින් බස් එකේ යනකොට බිම වැටුන හොයා ගන්න බැරි උනා.කුර නැති උනාට පාවිච්චි කරන්න පුළුවන් ඒක.

එක තමා මම අන්තිමට පාවිච්චි කල හොද ෆෝන් එක.දැන් අවුරුදු 3කට කලින්.ඊට පස්සේ ෆෝන් උණ බැහැල ගියා මගේ.මට ෆෝන් ගත්තට පාවිච්චි කරන්න බෑ කියන එක මම හිතුවට වැරදි කියල ඒක හරි  කියල ඔප්පු උනා ඔය IPAQ එක මගේ අතින් කෑම කන්න ගිය තැනක නැති උනාට පස්සේ.

පින්තුරේ ගත්තේ:www.itinfoforum.com 

එදා ඉඳන් අවුරුදු 3ක්ම මම පාවිච්චි කරන්නේ ලංකාවේ රුපියක් 3000 ට තියන පොඩිම පොඩි මුලික මට්ටමේ ෆෝන්.නැති උනත් කැඩුනත් පාඩුවක් නැති නිසා.

හැබැයි දැන් නා නා ප්‍රකාර ෆෝන් ඇවිත් තියනවා,දැක්කම ගන්න හිතුනත්, අරගෙන ගෙදර යන්න බෑනේ මම කරලා තියන වැඩ වල හැටියට.එක නිසා අකමැත්තෙන් හරි ඒ ආසාව යටපත් කරගෙන හිටිය. 

මේ ලඟදි මම S4ෆෝන් ගැන කියන කොට.පරිස්සමින් පාවිච්චි කරනවා නම් විතරක් ගන්න කියල, කොන්දේසි සහිත අනුමැතියක් ලැබුන.අවුරුදු 3කින් කිසිම සිද්දියක් නැතිව හොද කල්කිරියාවෙන් අර පොඩි ෆෝන් එක පාවිච්චි කල නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.

මටත් අතගාන ෆෝන් එකක් ගන්න හිතයි අලුත් ඒවා දැක්කම නම් ......අරගෙන එකටත්  මොනවා හරි උනොත් කියන බය නිසා ගම්දෝ නොගම්දෝ කියල දෙගිඩියාවක ඉන්නේ....