Thursday 4 July 2013

තනිකමේ පිස්සුවද නැත් නම් ලොකු ප්‍රශ්නෙකට මුලක්ද ...

ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ මේ දවස් වල.දැන් නම් ජොබ් එක කරන එකත් එපා වෙලා තියන්නේ.උදේ පාන්දරම යන්න ඕන අපහු ඇවිත් රෙදි ටික හෝදලා, කන්න දෙයක් හදාගෙන කොම්පියුටර් එක අරගෙන මොනවා හරි බලන එක තමා ජීවිතය වෙලා තියන්නේ දැන්. 

කලින් නම් ගෙදර ආවම පුතා එක්ක සෙල්ලම් කරන්න ඕන.එයාව කොහේ හරි ඉඩ තියන තැනකට එක්ක ගිහින් ඕන හැටියට නටන්න දීල මම බලාගෙන ඉන්නවා.එක එක විකාර වැඩ.ඔහොම පැයක් දෙකක් නටල අපහු එනවා.ඉතින් කාලේ යනවා තේරුනේ නැහැ.අලුත ඉපදුන දුව දැන් නම් ලොකුයි.මෙහෙ ඉන්න කාලේ  ඉපදිලා මාස 2 ක් වගේ නිසා එයාගේ වැඩ නැන්දම්මයි එයාගේ දුවයි කලා.

දැන් ඒවා නැතුව ගෙදර ඇවිත් කම්මැලි කමේ ඉන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.පුතා ඉන්නකොට මගෙත් එක්කමයි නිදා ගත්තේ.මට කොහෙවත් යන්න බැහැ එයාව දාල, එන්නම ඕන කියල අඩනවා.

ඔහොම මනෝ පාරක් ගහගෙන ඉන්නකොට තමා කල්පනා උනේ,රැකියාව මාරු කරන්න තිබුනොත් හොදයි කියල.

අපි හැමෝටම ඉගෙන ගන්න ලැබෙන්නේ, එහෙම නැත් නම් කරන්න  හම්බවෙන රැකියාව අපි කැමතිම හරි අසාවෙන් හිටපු එකක් හරි නෙමේනේ ගොඩක් වෙලාවට.මම උසස්පෙළ කරන කොට ආසාව තිබුනේ කොම්පුටර් ක්ෂේත්‍රයට.ඒක කරගන්න හම්බ උනේ නැහැනේ.ඉතින් කැම්පස්  ඉවර වෙලා ඕකට ආපහු මොනවා හරි කරන්න තව අවුරුද්දක් එකහමාරක් වැය කරන්න තරම් කලක් මට තිබුනේ නැහැ.දෙයියන්නේ මල්ලි කරදර කළා.ඉතින් අහුඋන රැකියාවකට ගිහින් තිබුන ප්‍රශ්න ටික විසඳුවා.

දැන් අවුරුදු හයක් මම මෙහෙ.කරගෙන තියන දේවල් බලපුවම මට කියල කරගෙන තියන දේවල් බොහොම පොඩ්ඩයි.ගෙවල් ගොඩදාල විතරයි.දැන් නම් ඒ කරදර ටිකක් අඩුයි.අම්මට වියදමට සල්ලි ටිකක් යැවුවම ඇති.

ඉතින් මට දැන් මේ රැකියාව ඇති වගේ.දැන් කරන වැඩ ටික තමා ඉතින් හැමදාම කරන්න වෙන්නේ අලුත් දෙයක් කියල දෙයක් අහුවෙන්නේ නැති තරම්.

දැන් රැකියාව මාරු කරනවා නම් අඩුම ගානේ මාසේ වියදම හරි හම්බවෙන පොඩි රැකියාවකට ලංකාවට ඇවිත් තමා කරන්න වෙන්නේ....

අනේ මන්ද මේ ඕන  නැති දේවල් කල්පනා කරලා නැති ප්‍රශ්න ඇති වෙයිද දන්නේ නැහැ...මට සාමාන්‍යයෙන් ඔය වගේ වැඩ වෙනවා.හැම දේම හොදින් තියන කොට වෙනස් දෙයක් කරන්න ගිහින් අර තිබුන සාමකාමී වාතාවරණය නැති වෙනවා.

ඒ උනත් මට වෙන මොනවා හරි අලුත් ක්ෂේත්‍රයකට මාරු වෙන්න ඕන.....කොහොමද ගැලපෙන එකක් හොයා ගන්නේ.....

මේවගේ අසමජ්ජාති වැඩක් කල කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න ....
ප.ලි
පරණ පොස්ට් එකක් ආපහු පබ්ලිෂ් උණා ලාංකීය එකේ.මගේ වැරැද්ද නිසා නෙමේ මේ බෝතලේ වැරැද්ද නිසා ...

26 comments:

  1. මමත් මේ වගේ අසමජ්ජාති වැඩක් කළා... තිබුණ ඔක්කොම දමලා ගහලා ලංකාවට ආවා... නමුත් ක්‍ෂෙත්‍රය මාරු කළේ නම් නැහැ.
    දැනට නම් මම බොහොම සංතෝසෙන්.. තිබුණට වැඩිය හොඳ රැකියාවකුත් ලැබුණා.. හිටියට වඩා හොඳ පිළිගැනීමකුත් ලැබුණා.
    නමුත් ඒ සියල්ල ලැබුණෙ මගේ අධ්‍යාපන තත්ත්‍වය ලංකාවේ average එකට වඩා සෑහෙන ඉහළ නිසා...
    ඒ නිසා මම කියන්නෙ නම් රැකියාවක් හොයාගෙන එන්න... ඒක හැම අතින්ම ආරක්‍ෂිතයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් දැන් දැන් ආවනම් හොදා කියල තමා හිතෙන්නේ.පියල් අයියට ඒ අවස්ථාවට ඕන කරන දේවල් ටික හදාගෙන තිබුන නිසා අව්ලක් උනේ නැහැ මයේ හිතේ.බලමු මමත් මොනවහරි එකක් සෙට් කරගෙන එන්න ඕන.

      Delete
  2. තව රැකියාවක් හම්බ වෙනකන්, තියෙන රැකියාව නැති කර ගන්න එපා. රැකියාවක් නැති එකෙක් කියන්නේ. පාරේ ඉන්න බල්ලටත් අන්තයි. අත්දැකීමෙන් කියන්නේ. අනික පඩිය සෑහෙන බලපානවා. මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑ. මොන බයිලා ගැහුවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන්,මේකයි මේක මම ඒ වෙලාවේ හම්බ උණ රැකියාවනේ,ඉතින් කරගෙන ආව.නමුත් මම ඉගෙන ගත්ත දේටත් අදාල නැහැ.මට ආසයි බන් ආපහු පරණ ජොබ කරන්න.

      Delete
  3. මාතලන් කියල තියෙන දේට මාත් එකඟයි. ඔහේ ඉන්න ගමන්ම මෙහේ තියෙන රැකියා ගැන හොයල බලල හොඳ එකක් සෙට් උනොත් ඔතනින් අයින්වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ජොබ් හොයනවා කියන එක ලේසි නැති වැඩක් නේද?කොහොම හරි බලමු හොද එකක් ඒ කියන්නේ මට ඕන කරන එකක් සෙට් උනොත් එනවා බන්...

      Delete
  4. යකෝ අතේ තියන එක විසි කරල, උඹෙ කල්පනාව අත් දෙක විසි කර කර ඉන්නද??? මෙහෙම මෝඩ බෝතල්.. හැක් හැකැ.. වෙනස් කරපං වෙලාව ආවම හැම දේම ගැලපුනාම. අර හත්ගව්වක් තියල අමුඩ නොගහ, කිට්ටු වෙනකං හිටපං..

    ReplyDelete
    Replies
    1. නෑ බන් මේක කරනවා එකක් හම්බ වෙනකල්.මාව ගනීද බන් මගේ එක්ස්පිරියන්ස් වෙන ජොබ් එකක් හින්ද?එකයි ප්‍රශ්නේ.හම්බ උනේ නැත නම් ඉතින් මේකම කරනවා මොනවා කරන්නද රත්තරනේ >>>

      Delete
  5. ඔය වගේ අසමජ්ජාති වැඩක් කරපු දෙවනි වතාව මේ ගත කරන්නෙ... පළවෙනි පාර නම් ටිප් ටොප් එකට හරි ගියා... මේ වතාවෙ ටිකක් වැඩේ කුරුවල් වෙන කේස් එකක් තියෙන්නෙ... ජොබ් එකෙන් අස්වුනා... ෆීල්ඩ් එක වෙනස් කරන්න ඕන වුනාට තාම ඒකටත් එක කකුලක් තියන් ඉන්නව...

    ආදායමක් නැතුව අඩුම මාස 3ක් වත් දුවන්න පුළුවන් තත්ත්වෙය ආවහම තමා මම ඔහොම අසමත්ජාති වැඩ කරන්නෙ... ඒ වගේම ප්ලෑන් බී එකකුත් තියාගන්නව අනිවාර්යෙන්.. :)

    ReplyDelete
    Replies
    1. එලම අදහස් ටිකක්.මම උඹට මේල් එකක් දාන්නනම්.මට තව ටික කාලයක් ඉදතැකි,සල්ලි ටිකක් එකතු කර ගන්න කල් එහෙනම්.ඔව් මගෙත් කලින් පාර හරිගියා නියමටම අද වෙනකොට මේකේ හොද තැනක ඉන්නවා.නමුත් දැන් දැන් හිතෙනවා මාරු කරන්න කියල.උඹට අවගේ දෙවැනි පාර චෝරෝස් වෙයිද දන්නේ නැහැ....

      Delete
  6. නිවාඩුවක් දාලා මුල ඉදලා අද වෙනකං කතන්දර ටික කියෝල ඉවර කළා!
    මරු කතා සෙට් එක!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති කකා!!!!! සතුටුයි ඔබතුමා මේ පැත්තේ ආවට.....

      Delete
  7. මගෙ කොමෙන්ටුව නෑනේ?

    මොකක්ද උඹේ ෆීල්ඩ් එක? සහ ඩිග්‍රිය මොකක්ද? අපි බලමු ට්‍රයි එකක් දීලා.

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ ස්පෑම් එකෙත් නැහැ.. මොකද උනේ දන්නේ නැහැ .

      මම උඹට මෙලක් දාන්නම්...

      Delete
  8. මමනම් කොරලා නැත..ඉනිත් උපදෙසක් දෙන්න දන්නෙත් නැත..:) හැබැයි මම අදහන දෙයක් ඇත...තව අත්තක් අල්ලාගෙන මිසක් මේ අත්තෙන් පය ඉවතට නොගත යුතුය. .

    ReplyDelete
    Replies
    1. තාම තීරණය කරලා නැහැ.නමුත් ආපහු ෆීල්ඩ් එකට යන්න හිතෙනවා.එකට දැන් පරක්කුද දන්නේ නැහැ එකයි.නැත නම් වැඩිදුර ඉගෙනගන්න වෙන කොහේ හරි යන්න ඕන.ඔය දෙකින් එකක් කරන්න තමා ඉන්නේ.

      Delete
  9. කූඩැල්ලා වගේ වැඩ කරපං. කලබල වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි එකක් හොයා ගන්න ඕන. කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ??

      Delete
  10. කිසි දෙයකට බය වෙන්න එපා ඔයාට හිතට හිතෙනවනම් ඒ අසමජතේ වැඩේ කරන්න..මම එහම කරපු හැම වෙලව්කම සර්තක උනා. කාලයක් කඩේක පිගන් හේදුවා හැබයි එකට් බෝකෙන් කරපු නිසා මට හරි ගියා. කාලයක් සිම් වික්කා තවමත් මගේ ඒ රෙකොර්ඩ් එක කඩලා නැහැ.මම ඉස්කෝලයේ යන කාලයේ ඉදලම හිතේ තිබුනේ ගර්ම්න්ට් ජොබ් එකකට මම ජොබ් එක මාර කැමතකින් කරන්නේ

    ReplyDelete
    Replies
    1. තමන් අසාවෙන් කරන දේ තමා හරි යන්නේ.එහෙම නැත්නම් මානසික වදයක් වෙනවා...

      Delete
  11. ඔයා විස්වාස කරන්නේ නැහැ නේද ඉස්කෝලයේ යන කාලයේ ඉදලා ගර්මන්ට් යන්න හීන මවපු කොල්ලක් ඉන්නවා කියලා එක ඇත්ත කථ්වක් මම එකුන්ටන් කෙනක් වෙන්න හිතුවේ නැහැ. අදත් මගේ ජොබ් එකට බෝකෙන් ආදරෙයි

    ReplyDelete
  12. මචන් කාලයක් Colomobo uni එකෙ තිබුන වෙන ෆීල්ඩ් වල ඩෙග්‍රී කරපු අයට IT conversion program එකක්. එක කරාම ජොබ් වලට යන්න පුලුවන්. නැත්තම් project management වගෙ professional course එකක් කරන්න පුලුවන්. එහෙම කරල IT ෆීල්ඩ් එකට එන්න පුලුවන්. හැබැයි මචන් මෙ වෙලාවෙ ලන්කාවෙ IT ජොබ් හොයන එක ලෙසි නැහැ. අවුරුදු 10 එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉන්නවා ජොබ් නැතුව. ඉතින් මචන් තීරනයක් ගන්න කලින් ගොඩක් හිතන්න. අනික වලත් විවිද ෆීල්ඩ්ස් තියෙනවා. ඉතින් මුලින් හොයල බලන්න තමන්ට වෙඩියෙන්ම ගැලපෙන්නෙ මොන ෆීල්ඩ් එකද කියලා.networking/ programming/ graphic desining/ IT consulting (SAP/Oracle and etc).

    In your case you have both advantages and disadvantages. Since you are working in construction industry (as I guess) u may join as a functional consultant for IT solution provider for construction industry. Or u may join manger-service delivery or project manager. However if u r changing ur career u have to take a risk. So think 10 times before taking a decision.

    ReplyDelete
    Replies
    1. මචන් උඹේ කොමෙන්ට් එක ගොඩක් වටිනවා.හොද විස්තරයක්.ලංකාවේ IT ජොබ් වලට කේස් කියල මම දැනගෙන උන්නේ නැහැ.ඒ වගේම මේ ෆීල්ඩ් ගැන දැනගෙන හිටියෙත් නැහැ වැඩිය.ඔව් කොහොමත් ගොඩක් කල්පනා කරලා තමා තීරණයක් ගන්න වෙන්නේ.මම වැඩි විස්තර මේල් එකකින් දාන්නම්.බොහොම ඉස්තුති ...

      Delete
  13. වැඩි දුර අධ්‍යාපනයට මටත් උනේ දෙයියන්ගේ මල්ලි කරදර කරපු එක තමා.. මගේ මුල්ම ජොබ් එක අමුම අමු චාටර් කටු ජොබ් එකක්.. ඊට පස්සේ මේ Logistic ෆීල්ඩ් එක සෙට් උනේ.. හැබැයි කරන දේ අසාවෙන් උපරිම කරා .. ෆීල්ඩ් එක මාරු කරනවා නම් ඉතින් මාරු කරන ෆීල්ඩ් එකේ
    පේපර් කොලිෆිකේෂන් හදා ගෙන ඉදපන්..
    අනික ඉතින් එතොකොට ඒ ෆීල්ඩ් එකේ මුල ඉඳලා ස්ටේබල් වෙන්න වෙනවා..
    දැනට ඉන්න ෆීල්ඩ් එකේ අවුරුදු ගානක experience අපතේ යනවා..
    ඉන්න ෆීල්ඩ් එකේ කොලිෆිකේෂන් වැඩි කරගෙන ඉන්න පොසිෂන් එකෙන් උඩට අවොත් ඔය ඒකාකාරී බව වෙනස් වෙන්න පුළුවන්...
    තව ඔප්ෂන් එකක් තියෙනවා... කැමති ෆීල්ඩ් එක ගැන ඉගෙන ගෙන ඒවා ප්‍රයිවට් රැකියාවට අමතරව කරන එක...

    හිතලා බලන්න .. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මගෙත් මුල් ජොබ කියල වැඩක් නැහැ නියම ආතල්.උදේ 6 ට වැඩ පටන් ගන්නේ ඉවර වෙන වෙලාව අඩුම රෑ 8.පුදුම කරුමයක් ගෙව්වේ.ඔව් බන් නමුත් මේක මම එවෙලේ සල්ලි ඕන නිසා කරන්න ගත්තට අසාවෙන් කරන දෙයක් නෙමේ බන්.වැඩේ තියන්නේ පවුල් පිටින් අවදානමේ දන්නා බැරි කම.සල්ලි ටිකක් එකතු කරලා එයාලට දීල මට මගේ [පිස්සුව කෙල ගන්න තමා වෙන්නේ...

      Delete
  14. මටත් මෙ දවස්වල ඔක හිතිල තියෙන්නෙ .හෑබෑයි එ ලන්කවෙ අපුරුවට තියෙන ජොබ් එක දාල වෙනරටකට යන්න.

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .