Monday 2 December 2013

යන්න කියල ගියාට යැවෙන්නේ නෑ . . .

ගිය අවුරුදේ මගේ උපන්දිනේ සෙට් වෙලා තිබුනෙ සතියේ දවසක.නමුත් මට ඒ ගැන මතකයක් තිබුනේ නැහැ.මොකද දුව හම්බවෙන්න දින දවස් කීපයකින් පහු උන නිසා වගේම වයිෆ්ට එන්න එන්නම අමාරු වේගෙන ආව නිසා ඒ ගැන කල්පනා කල මිසක ඔය වගක් මතක් උනේ නැහැ.

ඉතින් ඔය දවස් වල අපේ පෝරිසාද මල්ලි (මම කතා දෙකක් කියල තියෙන්නෙ 01 , 02 ) බිස්නස් කොරන්න ජොබ් එකෙන් අයින් වෙලා ලන්කාවට ගිහින් මම ආපහු එක්ක ඇවිත් හිටි‍යෙ මොකක් හ‍රි හොයල දෙන්න කියල.

මගේ උපන්දිනේ දවසේ උදේ වයිෆ් කියල මල්ලිට කිරිබතක් උයන්න කියල.මිනිහ උදේම නැගිටල කිරිබත් උයනකොට ගෑස් ඉවර උන නිසා වයිෆ්ට ඇහැරවල කතා කරල.එතකොට තමා දන්නෙ වතුර බෑග් එක කැඩිල ලමය හම්බවෙන්න යන බව.

ඔක්කොම අත ඇරල මම කුනුකෙල පිටින් උදේම ගියා ඉස්පිරිතාලෙට.උදේ  වරුවෙ මගෙ උපන්දිනේම දුවෙකුගෙ පියෙක් උනා.මගෙ බොහොම සතුටු දවසක්.උපන්දින තෑග්ගක් ලැබුන ජීවිතේම මතක හිටින්න.

ඔය දවස් මගෙ රැකියාව මාරු කරන්න වෙලා ටිකක් කරදර ප්‍රශ්න ගොඩක් සිද්ද උන කාලයක්.ඒ හැම දේටම හිලව්  වෙන්න මට ලැබුන මේ සතුට මට ඒ වෙලාවෙ ගොඩක් වටිනව.

ඔන්න එදාම මල්ලිට වීසා මාරු කරන්න ලන්කාවට යන්න ඕන කීව.දැන් මම වයිෆ් ඉස්පිරිතාලෙ තියල උදේම පුතා ඇරගෙන ඔෆිස් ගිහින් තියන වැඩ ටික කරලා ඉතිරිව අනිත් උන් දෙන්නට දීල එකොලහ වෙනකොට ආපහු ඉස්පිරිතාලෙට එනව.පට්ට අමාරු කෝස් එකක්.මම කලින් කීව වගේ අපේ පුතා හරිම හොද ලමයෙක්.ඉස්පිරිතාලෙ නර්ස්ල අහනව අම්මව ගෙන්න ගන්න අමාරුද තනියම කරගන්නෙ කොහොමද කියල.

අනික අපේ පුතාත් හරිම හොද ලමයෙක්.මම වගේමයි, දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න බොහෝම නිවුන ලමයෙක්.

පින්තුරේ http://www.thedailyblur.com/wp-content/uploads/2013/03/Lollipop-Photography_664-640x265.jpg

මම ජොබ් එකත් කරගෙන සීසර් කරපු තුවාලෙට බෙහෙත් දාන්න දවල් 12වෙනකොට ඉස්පිරිතාලෙට ඇවිත් ‍රෑ පුතාව නිදි කරල චිත්‍ර වල බඩු මුට්ටු ගනන් කරන්න ඕන පහුවදා ඔෆිස් යන්න.ඔහොම දවස් 4ක් ඉස්පිරිතාලෙ උන්න.

ඉදල ගෙදර එක්ක එන්න පුතාව අරගෙන ගිහින් ශොපින් මෝල් එකේ ප්ලේ ඒරියා එකට දාල ගෙදර ගිහින් ගේ හෝදල පිරිසිදු කරල ඔන්න ලමයව එක්ක ආව.අම්මලා ආවෙ එයිට දවස් 3කට පස්සෙ.

ඔය් උප්පැන්න සහතික ගන්න,පාස්පොර්ට් හදා ගන්න ලොකු මහන්සියක් වෙලා ඒ වැඩ ටික කරගත්තා.තාත්තට ඒ වෙනකොට ටිකක් උන ගතියක් ආව නිසා අම්ම කීව මාර්තු වෙනකල් නොයිද ඉක්මනට ගෙදර යමු කියල.මමත් දුවගෙ වීසා හදා ගන්නේ නැතුව යමු එහෙනම් කීව මොකදඉපදිල  මාස තුනකට කලින් වීස නැතිව යන්න පුලුවන් කියල අපේ කොන්සුලේට් එකෙන් කීව නිසා.

ඔන්න පෙබරවාරි මාසේ මුල දවසක හැමෝම ගෙදර යන්න ලැස්ති වෙලා හිටිය.බඩු බෑග්ම හතරක්.බ්‍රහස්පතින්දා දවසක යන්න දාගත්ත දවසක් නිවාඩු වැඩිපුර ගන්න පුළුවන් නිසා.ඒ දවසේ ඩුබායි වලින් ෆ්ලයිට් නොතිබුන නිසා සාජ වලින් දාගත්ත.

ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක්.දුවගේ පාස්පෝර්ට් එක අරගෙන අනිත් ලියකිවිලි ටිකත් අරගෙන යන්න ටැක්සි එකක් අරගෙන සාජා එයාර්පොර්ට් එකට එනකොට ටිකක් පරක්කුත් වෙලා.බදු ටික දාල බෝඩින් පාස් ටික අරගෙන තාත්තවත් රෝද පුටුවේ තියාගෙන ඉතා මහන්සියෙන් ඉමිග්රේෂන් එකට ගියා.දැන් ෆ්ලයිට් එක අද්දන්න තව පය භාගයයි.

මගේ පාස්පෝර්ට් එකට සීල් ගැහුවා, අම්මගේ තාත්තගේ එකට සීල් ගැහුවා -  ඒ කියන්නේ එයාලගේ විසිට් විස එක ඉවරයි.දුවගේ එකට සීල් එක ගහන්න ගියාම මිනිහ තුන් හතර පාරක් ස්කෑන් කලාට එන්නේ නැහැ.

මිනිහ කතා කළා ලොක්කට.ලොක්කත් ඇවිත් කියවනවා.පාස්පෝර්ට් එක බලනවා, කොම්පියුටරේ බලනවා හරි යන පාටක් නැහැ.පස්සේ මට කිව දුවගේ බර්ත් සර්ටිෆිකෙට් එක අප්ඩේට් වෙලා නැතය.රටින් පිට වෙන්න දෙන්න බැහැය කියල.දැන් මොකද කරන්නේ.!@#$%^&

අම්මගෙයි තාත්තාගේයි විස එක කැන්සල් උනා එක්සිට් සීල් එක ගහපු නිසා.ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක් ඇවිත්.

දැන් කරන්න දෙයක් නැහැ යන්න වෙන්නේ නැහැ අම්මටයි තාත්තටයි තනියම යවන්න උනා අසනීපත් තියාගෙන.මගේ ටිකට් හතරම කැන්සල්.ලොකු කට්ටකුත් කාගෙන ආපහු ඇවිත් දුවට විසා ගහගෙන දවස් දෙකකට පස්සේ ඩුබායි එයාර්පෝර්ට් එකෙන් ලංකාවට ගියේ.එතැනදී මම ඉමිග්රේෂන් එකේ කෙනාගෙන් ඇහුව සාජා වලින් මෙහෙම උනාය කියල.එයා ඇහුවේ "ඇයි සාජා වලින් යන්න ගියේ ,ඔයාගේ එහෙ සිස්ටම් අප්ඩේට් වෙන්නේ පරක්කු වෙලා " . . . 
==============================================================
මේ කතාව මතක් උනේ මේ මෑතක මෙහෙ ආපු එකෙක් පලවෙනි පාරට ලංකාවට යන්න ගිහින් සාජා එයාර්පොර්ට් එකේ නතර කරගෙන ෆැමිලි එකත් එක්ක.හේතුව කොම්පැනි එකෙ ඩ්‍රයිවර් කෙනෙක් මෙයාල ඔෆිස් යන කොම්පැනි ට්‍රාන්ස්පෝර්ට් එකේ අරක්කු ගෙනත් අහු වෙලා මෙයිට මාසෙකට කලින්.කොම්පැනිය සුද්දගේ කොම්පැනි එකක් කරන්නේ රජයේ වැඩ විතරයි.ඒ වාහනේ ඇගිලි සලකුණු ඔක්කොම අරගෙන එකේ ගිය ඔක්කොම වොන්ටඩ් ලිස්ට් එකේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 
පින්තුරේ http://rlv.zcache.com/shrodinger_s_cat_wanted_poster_postcards-r64a7ed9d5dfe48e3a753c23b2cde1636_vgbaq_8byvr_512.jpg

ඉතින් ඒ කොම්පැනියේ වැඩකරන පහලවක් වොන්ටඩ් අරක්කු විකුණලා  . . . .හෙහ් හෙහෙ හෙහ් 
========================================================================




37 comments:

  1. උපන්දින කවද්ද කියල නෑනේ බං.

    ReplyDelete
    Replies
    1. නොවෙම්බෙර් අට බන්.

      Delete
  2. //උදේ වරුවෙ මගෙ උපන්දිනේම දුවෙකුගෙ පියෙක් උනා.// ඊට වඩා වටින උපන්දින තෑග්ගක් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ . . . ඒකම ඇති මම ඒ දවස් වල කාපු කටු වලට හරි යන්න . . .

      Delete
  3. හැබැයි මොන කචල් එක ගියත් මතක් හිටින උපන්දින තෑග්ග ජීවිතේටම.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එක නම් මම ඇත්තටම වටිනා දෙයක් මට.ඒ දවස් වලට මට තිබුන මානසික පීඩනයට හිලව් වෙන්නවත්.. .

      Delete
  4. ඔහෙත් ඔහොම කේස් වෙනවා නේද බං.

    ‍යකෝ මඟියාට සිරාම උපන් දින තෑග්ගක්නෙ හම්බවෙලා තියෙන්නෙ. ලෝකෙ වටිනම තෑග්ග.
    තමන්ගෙ දරුවො තරම් වටින තවත් දෙයක් මේ ලෝකෙ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මෙත් වෙනවා බන්.සාජා කියන්නේ පිස්සු පොරවල් ඉන්නේ.මේක ඇත්තටම කලාද කියල වැඩක් නැහැ., අයි බන් අර උබ ජෝක් මේල් එකක් හම්බ උනේ නත්ද?

      එකේ මේ ජෝක් එක බලහන්

      Delete
  5. යකො ලන්කාව හොදඉනෙ බලගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. ලංකාව බොහොම හොඳා ගොඩක් දේවල් වලට. ටිකක් හොඳා තව ටිකක් දේවල් වලට . හොඳම නැහැ කිසිම දෙකට හෙහ් හෙහ් එහෙහ්

      Delete
  6. නියම උපන්දින තෑග්ගක්නෙ හම්බවෙලා තියෙන්නෙ.

    අර පොර ගමේ කසිප්පු කාරයෙක් වෙන්න අැති. ඔය රටේ ඇවිල්ලත් ඕක කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ ඩ්‍රයිවර් කාරය හින්ද දැන් ඒ වැන් එකේ ගිය හැමෝම වොන්ටඩ්. . . ඒ කොම්පැනිය ලංකාවේ උන් විතරයි ගන්නෙත්.හැමෝම ලංකාවේ උන් ටික වොන්ටඩ් වෙලා ඉන්නේ බන් . . .

      Delete
  7. \\මගේ උපන්දිනේ දවසේ උදේ වයිෆ් කියල මල්ලිට කිරිබතක් උයන්න කියල.මිනිහ උදේම නැගිටල කිරිබත් උයනකොට ගෑස් ඉවර උන නිසා වයිෆ්ට ඇහැරවල කරල.එතකොට තමා දන්නෙ වතුර බෑග් එක කැඩිල ලමය හම්බවෙන්න යන බව.\\

    මචන් මට පොඩ්ඩක් තේරුනා මදි.....

    ReplyDelete
    Replies
    1. ඔන්න අඩු වචනේ එකතු කළා.තොටත් ඉතින් පොද්ඩ බැරි වෙන්න බෑ. . .

      Delete
    2. නොදන්න කමට ඇහුවෙ බන්.....

      Delete
  8. ඔය කියන ලමයි දෙන්නා මම තවම දැකලා නැනේ

    ReplyDelete
    Replies
    1. උබ ගේ ඉස්සරහින් යනවා එනවා දැක්කේ නැහැ.?????ඉඩහන් මම එනවා ජනවාරි . . .

      Delete
  9. මං අඳුණන පොරකට ඔය වැඩේ වුනේ රට ඉඳලා ලංකාවට ඇවිත් වයිෆ්ට බබා ලැබිලා ආපහු යන්න ගිය දවසේ!

    වීසා ගන්න සති ගානක් ගියාද කොහෙද!

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ඔව්ව අපිට දැන ගන්න වෙන්නෙ ඇනගත්‍තම තම.මම හෙන අපහසුතාවකට පත් උනා එතන.විලි ලැජ්ජාවෙ.හැමෝග්ව්න්ම බැනුන් අහුව.මෙහෙ කොන්සුලේට් එකෙන් තුන් පාරක් අහල ටිකට් බුක් කලේ

      Delete
  10. මේකෙන් ගන්න පුලුවන් එක ආදර්ශයක් නම් අවධානම් සහ සුවර් නැති වීසා හෝ පාස්පොට් තියෙන අය ඒවා කලිං දෙන්න ඕනි..එතකොට අනික් අයගේ සීල් ගහන එක පරක්කු වෙන නිසා අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.අනික තමා නිවාඩු දවසක් හෙට කියල ඔය වගෙව් ගමන් යන්න හොද නෑ.තව එකක් ඕනවට වඩා කාලයට ලෝබ වෙන්න හොද නැහැ.ප්‍රශ්නයක් උනත් පස්සෙ දවසෙ බේර ගන්න ඉමිග්‍රේසන් ඇරල තියන විදියට දවස් තෝර ගන්න ඕන.මට දවස් දෙකක් ගියේ සිකුරාද සෙනසුරාද ඉමිග්‍රෙසන් වහල නිසා මෙහෙ.

      Delete
  11. වීසා ,පුස් පාට් වැඩ නම් තිතට කර ගන්න ඕනා නැත්තම් සැහෙන කටු කෑමක් සිද්ධ වෙනවා ගුවන් තොටුපලවල් වලදී.වටීනා තෑග්ගක් නොවෑ මගියට ලැබිලා තියෙන්නේ...පුංචි පැටියටත්,මගියටත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තෑග්ග නම් හොදයි.ඒ වගේම ඒක ලබුනෙත් කවදාවත් අමතක නොව්‍ර්න විදියට

      Delete
  12. පට්ට පට පට මරු තැග්ගක් නෙ වයිෆ් දිල තියෙන්නෙ.බොහොම සතුටුයි.
    උබගෙ කරදරනම් ඉවරයක් නැ නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඔය ගියඅවුරුද්දේ අග වෙච්ච දෙයක්.තෑග්ග නම් ඇත්තටම වටිනව මචෝ.කරදර නම් කවදාවත් ඉවර වෙන්නෙ නෑ.මම දැන් ලෝකෙ පෙ‍රලුනත් ඩොන්ට් කෙයර් ඉන්නෙ

      Delete
  13. හැමදාටම මතක හිටින්න හොද තෑග්ගක් හම්බුවෙලා තියෙන්නේ අයියේ..

    ReplyDelete
    Replies
    1. එක බන් හැබෑව බං . . . මට සතුටු වෙන්න ඒක විතරක් ඇති. . .

      Delete
  14. උපන්දිනේ දවසේ ම දූ ඉපදිච්ච එක හොඳයි. තාත්තට නෙමෙයි දුව‍ට. මොකද එතකොට තාත්තට දූගේ උපන්දිනේ අමතක වෙන්නේ නැති නිසා නොවැරදීම තෑග්ගක් ලැබෙයි. නැත්තං කල් යනකොට තාත්තලට දූලගේ උපන්දින අමතක වෙනවනේ. එ‍තකොට ඉතින් මතක් කරලා තෑගි ඉල්ලා ගන්න ඕනේ (අත්දැකීමෙන් කියන්නේ) තාත්තටත් දුවටත් මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒකේ අනික් පැත්ත වෙන එකක් නැත්ද??? දූලට තාත්තගේ උපන්දින අමතක වෙන්නේ නැත්වෙයිද? කෝක උනත් කෙල්ල මාව බලගනිනේ අන්තිම කාලේ.කොල්ල නම් මොන වින්නැහියක් කර ගනීද කව්ද දන්නේ .....

      Delete
  15. හොඳම උපන්දින තෑග්ග දීල තියෙන්නෙ බොගේ බිරිඳයි,දැන් තාත්තටයි දුවටයි දෙන්නටම එකට උපන්දිනේ සමරන්න බැරුවයැ.අරවගේ එයාපෝට් එකේ කට්ට කනකොට නං එපා වෙනවා නේද බං.

    ReplyDelete
    Replies
    1. අනේ බන් එයාර්පොර්ට් එකේ චාටරේ නම් අන්තිමයි.එපාම එපා වුනා මට.උපන්දීනේ එකන උන එකට නම් මට බොහොම සතුටුයි බන්

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අන්තිම පොරට නම් අසික්කිත වැඩක් වෙලා තියෙන්නෙ...එයාර් පෝට් එකක ඒ විදියට උනාම දැනෙන අසරණ කම කොහොමද මගියො...මගෙත් උපන් දිනේ ලගයිලු..

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි ගොයියෝ පර්ටීයක් දාපන්. . අරූට් අසික්කිත කියන්නෙ බන් එතන 15ම ඉවරයි.

      Delete
  18. සුපිරි කතාව සහෝ.......

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .