Monday 17 March 2014

බ්ලැක් ලේබල්, ක්‍රිකට් සහ අටෝරාසියක් කතා . . .

නිදි නැති රැයේ මගේ සිත කල්පනා සාගරයක ගිලින.සිත ඉතා තදින් වෙහෙසට පත් වූයේ මේ මේ කාරනා නිසා යයි ටක්කෙට කිව නොහැක.

සෙමින් සෙමින් මගේ කල්පනාවන් පැය කීපයක සිට දින  තුනක් පසුපසට ගමන් කරන්නට විය.

සතියේ අවසාන දිනය වන ගුරුදා උදේ මගේ මිත්‍ර xxx මා හට ඇමතුමක් එවන ලදින් එයට ප්‍රතිචාර දැක්වුයෙමි.

xxx : "අන්න බන්ඩ යනවලු පාර්ටියක් දෙන්නෙ නෑ?????"

මම: "අම්මද බොල !!! එහෙමද ? හරි එහෙනම් හවා සෙට් වෙමු පැනරොමා එකේ.  .යනකොට බීලම යමු ඔතන බොන්න ගාන වැඩී"

බණ්ඩාගේ සමු ගැනීම රොක්ලන්ඩ් භාගයකින් අවසන් කලෙමු.

ඔයාකාරයෙන් ඒ දිනය පසු විය.පහුවදා අප වඩුමඩුවේ මහා කිරිකට් ගැටුම විය.

මගේ මෙන්ටර් මහතා මාව වඩුමඩුවේ කි‍රිකට් කල්බ් එකට අදුන්වා දීමෙන් ඇරබුන මගේ කිරිකට් දිවිය මෙදාපාර සියලු ලාන්කික උන් ඉදිරියේ නිර්වස්ත්‍ර වීමකින් කෙලවර වේ යයි ඒ මොහොතේ මට පසක් නොවුනේ අයි දැයි තවම නොතේරේ.

මා අනුයුක්ත කර තිබූ අප ක්ලබ් එකේ තුන් වන කන්ඩායමේ පස්වෙනියා ලෙස මා නම් කර තිබින.

ක්‍රීඩා කිරීමට මා සතුව පාවහන් යුගලක් නොවූයෙන් අප යහළුවන් අතර සපත්තු විශේෂඤ වන පැන්ඩාගේ අනු දැනුම පිට, පෙර දින පාවහන් යුගලක් මිල දී ගතිමි.

කණ්ඩායම් නායකයාගේ ඉල්ලීම පිට කෙසෙල් ඇවරියක් හා ලුනු වතුර බෝතල් හයක් ගෙන මම පිට්ටනිය බලා උදෑසනම පිටත් වුයේ මගේ මිත්‍ර xxx  සමඟය.

මෙවන් අවස්තාවලදී සාමාන්‍යයෙන් වාහනේ දමා ගන්නා බැලැක් ලේබල් බෝතලය වෙනුවට බැලැක් ලේබල් බෝතල් දෙකක් මගේ අල්මාරියෙන් පිටතට ගෙන ගමන් මල්ලට ඔබා ගතිමි.

පහුගිය දොහේ දඩ ගෙවා හෙම්බත් ඌ බැවින් පාරේ නියමිත වේගය නොයික්මවා මා සෙමින් සෙමින් ක්‍රීඩා පිටියට සේන්දු විය.උදෑසන හතට ආරම්බ කල යුතු ක්‍රීඩා තරගවලට තවමත් කිසි කෙනෙක් පැමිණ නැත.

මා පසුපසින් පැමිණි අප කණ්ඩායමේ නායක තෙමේ අපහට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කළේය.ඔහුට මා කෙසෙල් ගෙඩි සහ ලුනු වතුර ටික භාර දුනිමි.

මා අයත් උන කණ්ඩායමේ නායකයා ඉතා තැන්පත් ගති ලක්ෂන ඇති මට වඩා අවුරුදු 12 ක් පමන වයස අයියා කෙනෙකි.

සිතල බව වැඩි වී තිබුන බැවින් කෝකටත් කියා මා සතුව තිබූ බෝතලයක් කඩා කුඩා ප්ලාස්ටික් කොප්පයකට සෙන්ටි 4 සමග ගෙනා ලුනු වතුරම දමා නායක තෙමේට දුන්පසු  මඳක් අදි මඳි කොට කටට හලාගෙන "එලකිරි මල්ලි උදේම හීතල ගියා" කීවේය.

මට හරි සැටිස්. .   .

මමත් තව කෝප්ප දෙකක් නමාගෙන මගේ කණ්ඩායම ක්‍රීඩා කිරීමට ඇති පිට්ටනිය දෙසට ගමන් කලෙමි.

උදේම පලමු තරගය

අපේ ප්‍රතිවාදීන් සුදු පැහැති අදුමින් සැරසුනු දක්ස පිලකි. ඔවුන් වොර්ම් අප් කල අයුරු දුටු අපහට සිදුවීමට යන මහා විනාසය අතැඹුලක් සේ පැහැදිලි විය. අප නායකයා තරමක කඩිසර කමක් ආරුඩ කරගෙන අපටද වොර්ම් අප් වෙන්නය කිවේය.

මම නම් ඒ වෙනවිට වොර්ම් අප් වී තිබුන බැවින් කැරකෙන පිට්ටනිය සහ විකට් කුරු දෙස ඇසිපිය නොහෙලා බල සිටියෙමි.සුන්දර දර්ශණයකි.

තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

අප කන්ඩායමේ එකෙක් පැමිණ නොතිබූ බැවින් 11 සොයා ගැනීමට කන්ඩායම් නායකයා සියලු දන්නා ලාකිකයන්ට දුරකතන ඇමතුම් ගන්නවා මම දිටිමි.

උදෑසනම මගේ බොක්කක් වු මගෙ නායකයාට උදව් කිරීම මගේ සර්ව සකල යුතුකම බැවින්, මම හිමින් හිමින් අප කල්බ් එකේ අනිත් කණ්ඩායම් දෙක දෙසට ගමන් ගතිමි.

මගේ උකුසු ඇස සියලු ක්‍රීඩකයින් දෙස දුවන අතර එක පොඩි කොලුවෙක් වැඩි කතා බහක් නොමැතිව පැත්තකට වී සිටීනු දිටිමි.ඌ අලුත් එකෙකි.එතැන සිටින උදවිය නොහදුනනයි. මගේ සියලු අවශ්‍යතා සැපිරිණි.තවත් පරක්කු නොවී එතනට ගිය මම;

"මල්ලි මොකද කරන්නෙ අන්න මැච් එක පටන් ගන්න ලෑස්ති. ඉක්මනට පලයන් උබ ඔපන්" කීවෙමි.

කොල්ල කලබල වී බැට් එකක් ගෙන අපේ තරගයට ඔපන් බැට් කරන ලදී.

මගේ නායකයාගේ නම්බුව මම බේරා ගතිමි.

මට සැටිස්. . .

අලුත් කොල්ලා ලකුනු 25ක් ලබා දෙමින් සිටින අතර අප ක්ලබ් එකේ අනික් කන්ඩායමේ නායකයා පැමිණ

 "මල්ලි උබ ඕකෙ නෙමේ සෙල්ලම් කරන්න තියෙන්නේ. ඇ‍යි ඔහේ සෙල්ලන් කරන්නෙ??" ඇසීය.

කුමක් වූවත් දැන් කරන්න දෙයක් නැහැ කියා ඔහු අවබෝධ කර දුන්නේ මගේ නායක තෙමේ නිසා ඔහු යන්නට ගියේය.

ඕවර හයකදී ලකුනු 60 ක් රැස් කල දක්ස පිල ට පසු අප කන්ඩායම පන්දු රැකීමට සැරසුනි.

තද සුලන් පහර මගේ සෙන්ටි හතර ඔලුව දක්වා ගෙනවිත් තිබිණ.

මේ වන විට ලකුනු 40ක් ලබා ගෙන ඇති දක්ස පිලට බෝල් කිරීමට කෙනෙක් නොමැති වීය.පන්දු යවන්න තරමක හෝ හැකියාවක් තිබු දෙදෙනාම තමන්ගේ ඕවර ඉවර කර තිබිණ.

මම නායක‍යාට උපකාර කිරීමට නැවත පැමිනියෙමි.

පන්දු යැවීමට පටන් ගතිමි.

පලවන පන්දුවට හයක් ලබා දුන් දක්ස පිලේ පිතිකරු මට මද සිනාවකින් සන්ග්‍රහ කලේය.

මගේ දෙවන පන්දුව ක්‍රීඩකයාගේ හිසට උඩින් එල්ල වූයෙන් අම්පයර් තෙමේ අත් දෙක දෙපත්තට දමන ලදී.

නැවත මගේ දෙවන පන්දුව තන නිල්ලේන් ඉවතට යන ලදීන්, අම්පයර් තෙමේ අත් දෙක දෙපත්තට දමන ලදී.

තෙවැනි පන්දුව නැවත පිච් එකේන් ඉවත පළමුව පතිත විය.

මෙලෙස මගේ වෙරි සිදෙන තුරු මා පන්දු යවා ඇත.

තරගය නිමා විය.

දැන් මගේ කැප්ටන් අයියා මා දෙස නොබලයි.

සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් මට සිනාවකින් සන්ග්‍රහ කරයි.

අම්පයර් තරගය අවසන් වූ සැනින් ටයිගර් බාම් කෑන් එකක් ගෙන ලෙග් අම්පයර් ලව්වා උරහිසට ස්ප්‍රෙව් කරගන්නවා දිටිමි.

පසුව දැනගත් පරිදි ඔහුගෙ උරහිස් ගෙවී ඇත. . .

අපේ උන් මට අටෝරාසියක් කතා මේ වන විට පද බඳිමින් පවතී. . .

මගේ කන් මගේ නොවෙන බව සියලු දෙනාට මතක් කර සමු ගනිමි. . .

මගෙ ඉතිරි පන්දු 5 ඊ ලග අවුරුද්දේ මහා ක්‍රිකට් ගැටුමේදි යැවීමට මගේ කැප්ටන් අයියා  පොරොන්දු විය.

බ්ලැක් ලේබල් මගේ ප්‍රණාමය පිලි ගන්න !!!!!!!!!!!!!!!!!!  ඔබ නැවතත් මට කෙලවීය.   . . 

51 comments:

  1. උදේ ගතට බොනවා මේ ඇහැව්වාමයි.

    ReplyDelete
    Replies
    1. උදේම යමර සීතලයි කකා, ගෙනිච්චේ පස්සේ බොන්න.

      Delete
  2. ඇයි යකෝ බොන මගුලක් ඉවර වෙලා බොන්ඩ එපෑය.

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් සිතල ඇට මිඳුළු පසා කරගෙන ගියානේ

      Delete
  3. බුකියෙන් සායම ඇරි නිසා මෙතන කිසිත් නොකියමි :P

    අව්රුදු උත්සවයේදිත් මෙවැනිම වාර්තා තබන්න ශක්තිය දහිරිය ලැබේවායි පාර්ථනා කරමි :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මගිය එහෙ අවුරුදු උත්සවයක් ඕගනයිස් කරනවනෙ, මේ ලගදි ගිහින් අවුරුදු උත්සවේ තියන්න ඔටිටෝරියම් එකකුත් බුක් කලා.අපිනම් අවුරුදු උත්සව තියන්නෙ ග්‍රවුන්ඩ් වලනෙ, මගිය ලෝකෙ පලවෙනි පාරට ඔටිටෝරියම් එකක අවුරුදු උත්සවයක් තියනවා :D

      Delete
    2. වෙන්ඩ කතන්දර බුකියේ නොදා ඉන්න ඕන මිට පස්සේ

      Delete
    3. අඩේ ඔදිටෝරියම් එකට කට්ටිය කැමති උනා බොල

      Delete
    4. ඔවු මේක අවුරුදු උත්සවේ දවසෙත් උදේ පාන්දර ගහල ගිහිල්ල කණා මුට්ටිය කියල කාගෙ හරි ඔළුවකට පතබෑවෙ නැත්තං තමයි පුදුමෙ.

      Delete
    5. ඔඩිටෝරියම් එකට ගිහින් තියහන් අවුරුදු කුමාරියි විකට ඇදුම් තරගෙයි :D

      අනිව ප්‍රසා අයියෙ අවුරුදු උත්සවේනම් රජ නෑමක් නායි මගියා :D

      Delete
  4. "ඇයි මීට කලින් බීලා මඟියො බෝල් කරනවා දැකලා නැත්ද?. නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න."

    කොමෙන්ටුව සදහ අනුග්‍රහය - ලසිත් මාලිංග. ;) :)

    ReplyDelete
    Replies
    1. මේ වගේ දස්ස කීඩෑවන්ට අපි අතහිත දෙන්න ඕන :D

      Delete
    2. කියල වැඩක් නැහැ චතුවෝ . . . අපේ උන්ට ඕන නැති දෙයක් නැහැ. @සසිදු : ඔය දේවල් තේරුම් ගන්න උදවිය හරිම දුර්ලභයි මේ කාලයේ

      Delete
    3. අපිම ඉන්න ඕන බොලාගෙ දස්සකම් වචනකින්හරි අගය කරන්න :D

      Delete
    4. බලකො මුන් හදන පද

      Delete
    5. හදපු පදයෑ ඇත්තනෙ කිව්වෙ :D

      Delete
  5. තව වසර පහකට පසු උදාවන ඒ අසිරිමත් පන්දුව යැවීමේ අවස්තාව හෙවත් මගියාගේ ඕවරයේ අවසන් පන්දුව බලාගැනීමට තව වසර පහකින් මාත් ඔය රට එන්නට අද සිතාගත්තෙමි...කොහොම හරි වසරකට පන්දුව ගානේ යැවීමට උනන්දු වන්න

    ReplyDelete
    Replies
    1. මගේ කැප්ටන් අයියාට මම කෘතඤ වෙනවා මට අවස්ථාවක් ලබා දීම ගැන.ඊ ළඟ අවුරුද්දේ මම අනිවා එක පන්දුවක් යවනවා මචෝ . . .

      Delete
  6. බීලා වයිඩ් දාන එකෙක් ගැන මේ ඇහුවමයි.. මොනා උනත් මගියෝ උඹෞ ලිවිල්ල නං දියුණුයි දැං.. සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. මගිය වයිඩ් නෙමේ බන් දාන්නෙ වයිට්ලු, බුකියෙ ස්ටේටස් එකක් දාල ඇති බලහන් :D

      Delete
    2. දැන් මේකනේ බං . .. මම බීල වයිට් ද වයිඩ් ද මොකක්ද දැම්මම එක ආතල් එකක්. . . නොබී දැම්ම නම් චාටර් එකක් . . . දැන් කෝකද හොඳ ?

      Delete
    3. අඩෝ එතකොට ඒකත් එක ලයින් එකක් නේද :D

      Delete
  7. මාර ආඩම්බරයක් පුතේ...

    උදේම බොනවා කියන්නේ.. මාර ආත්ම ශක්තියක් තියෙන පුතෙක් වෙන්න ඕන..

    සුබ අනාගතයක් පුතේ..

    ඉක්මනට මලාම කාට හරි කියහන් උබේ බොගේ උඹ මලාය කියලා පෝස්ට් එකක් දාන්න කියලා..

    ReplyDelete
    Replies
    1. එදා උදේ විතරයි බිව්වේ බං . . .

      Delete
  8. මම කියන්නේ අපි හැංගි හොරා නා ගත්තට ගතියක් නෑ. නානවා නම් නාන්න ඕනේ මේවගේ.

    ReplyDelete
    Replies
    1. ආයේ අහලා . . . නාලම බලාපිය , , ,,

      Delete
  9. හැක්... උදේ පාන්දරම නාල වගෙයි.
    ඔහොම තමයි බොල ක්‍රිකට් ගහන්න ඕන. ලබන අවුරුද්දෙත් උඹ යනවනං ඔය අම්පයරය ඉන්න එකක් නෑ පළාතකවත්

    ReplyDelete
    Replies
    1. අඩේ ඌ මට ලීගල් නෝටිස් එකක් එවන්න යනවලු ඌට ශාරීරිකව අඩත්තෙටම් කළා කියල . හෙහ් හෙහෙ හෙහ්

      Delete
  10. ක්‍රීඩකයෙක් ලෙස ඔබට ඉතා දීප්තිමත් අනාගතයක් ඇති බව පෙනීයයි,අනාගතයේදී ඉතිරි පන්දුවද යවා විස්තර දන්වන්න.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම හැලපේ . .. ඔය සත්‍ය කවදා හෝ මට අරියාදු කරලා සැමට තේරේවි . .. මම මගේ ඉතිරි පන්දු 5 යැවීමට මගේ ඇති අයිතිය වෙනුවෙන් කලබ් එක තුල නොකඩවා සටන් කරමි . . . ඔව් . . .ඉදගෙන

      Delete
  11. අවුලක් නෑ බං. අර දේශකය කියල එකෙක් ඉන්නව ඔයිට හපං.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං බං . . . මම හොදා ඌ එක්ක නැත්ද හා . .. .

      Delete
    2. අපොයි කියල වැඩක් නෑ. ඌ කෝක් ටිකක් බිව්වොත් රෙදිත් නැතුවනෙ යන්නෙ.

      Delete
    3. දේශකය එක්ක බලද්දි උබ දාහෙන් සම්පතයි බන් :D

      Delete
    4. @praසන්(දෙමල නයන්න) ඔය එහෙන් මෙහෙන් ඇහුනේ මිනිහගේ වැඩ කෑලි . ..

      @සසිදු ඔව් බන් ඔව් අම්මේ ඔව් අප්පා ඔව්

      Delete
  12. මට මේ කතාව මතක් වුනා.
    බාර් එකේදි දෙන්නෙක් මුන ගැහිලා සෙට් වෙලා. බීලා ඉවර වෙලා දෙන්නම ගෙදර යනවලු.
    'මචං මම මේ පාරෙන් හැරෙනවා,' එකෙක් කියනවා
    'යමං, මාත් ඔය පාරේ තමයි ඉන්නේ.'
    'මචං මේ අපේ ෆ්ලැට්ස්. මම හැරෙනවා.'
    'යකෝ මාත් ඕකේ ඉන්නේ යමං යමං.'
    'මචං මම ඉන්නේ මේ ෆ්ලැට් එකේ,' කියපු පොර දොරට ගහනවලු
    'හෑ 42/3? යකෝ මාත් ඉන්නේ ඔය ගෙදරනේ.'
    ඔන්න දොර ඇරෙනවා. දොර ගාවා හිටගෙන ඉනට අත්දෙක ගහගත්ත කාන්තාව මෙහෙම කියනවා
    'හයියෝ අදත් තාත්තයි පුතයි කනමදයෝ වගේ මෙලෝ සිහියක් නැතුව යන්න බීලා නේ?'

    ReplyDelete
    Replies
    1. අඩේ යන්තම් සෙන්ටි හතරෙ දෙකයි.හිස් බඩ නිසා වැඩි උනේ බන්

      Delete
  13. තන්තෝසේ බැරුවා.... එළ එළ මගිය අවුරුදු පහක් එතකොට එකම පංදු ඕවරයක් යවල ගිනිස් වාර්තා පොතට ලංකාවෙ නම ගෙනියන්න නේද හදන්නෙ
    මගේ සීතල සුභ පැතුං....
    තවත් අඩියක් ගසා සීතල යවා ගනිත්තා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඕක තමා අපේ උන් කියන්නෙ. . බලකො මම ඊ ලග පාර කොහොම හරි විකට්ටුවක් දවා ගන්නව

      Delete
  14. දවල් දාපු කමෙන්ට් එක වාෂ්ප වුණා. ඔෆිස් එකේ බ්‍රවුසර් එකේ ලෙඩක්. සමහරු ඉන්නවා බීලා සෙල්ලම් කරනකොට හොඳ, තව සෙට් එකකට කලින් දවසේ බිව්වත් බෑ. බැලුවම ගහලා තියෙන්නේ එකම ටීම් එකේ කට්ටියනේ.

    ReplyDelete
    Replies
    1. එකම ටීම් එකේ අය නෙමේ, කල්බ් දෙකක් .අනිකේ උන චිරාත් කාලයක් හොද දක්ස ක්‍රීඩකයෝ

      Delete
  15. ලබන අවුරුද්දේ වෙන්නෙත් ඉතින් ඔය ටිකම තමා කියලා තමා කියන්ඩ වෙන්නේ.. එතකොටත් මෙහෙම පෝස්ට් එකක් දාවිනේ..

    ReplyDelete
    Replies
    1. බලමු ඊ ලග පාර කොහොම හරි විකට්ටුවක් දවාගන්නව මම

      Delete
  16. ආන්න බලන්න හසන්ත උත්සහවන්තයගෙ හැටි.ආඩම්බරයි, ලබන අවුරුද්දෙහරි තමන්ගෙ ඔවරය අවසන් කරන්න තියෙන වුනන්දුව.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද මම දැන්මම ඉල්ලල තියෙන්නෙ පලමු ඕවරේ

      Delete
  17. මෙහෙම ක්‍රිකට් ගැහුවොත් ටීම් එක විසුරුවා හරින්න වෙයි වගේ :P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම වෙන්නේ නැහැ / / ආතල් එකට අය ඉන්නවා බං

      Delete
  18. මගියෝ ෂොට් එකක් දෙකක් දාලා ක්‍රිකට් ගහන්න ගියාම වෙන්නේ ගහන ඒවා දිහා බලාගෙන ඉන්න එක. ටික වෙලාවක් ගියාම මතක් වෙනවා..අඩෝ මම ෆීල්ඩ් කරනවා නේද කියලා..ජොයින්ට් එකක් ගහලා ගියොත් ඊට හපන්. බෝලේ අල්ලලා අතේ තියාගෙන කල්පනා කරනවා ත්‍රෝ කරනවාද නැද්ද කියලා....මොනවා වුනත් උඹ ඉතිරි බෝල දාන්න ජොයින්ට් එකක් ගහලා පලයන්. නැත්නම් කැප්ටන්ට එකක් ගස්සවපන් :D

    ReplyDelete
  19. ඇයි බං ලියන්නේ නැත්තෙ

    ReplyDelete
  20. මේක නම් රස සාගරයක්... තනියම හිනා වෙලා බඩත් රිදෙනව මගේ

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .