Saturday 3 May 2014

ක්ලයන්ට්ගේ ඩයල් එක . . .

මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.

අර බුකියේ ඈයෝ නම් දන්නවා මම අපේ ලංකාවේ ( අපේ නොවෙන ලංකාවක් තියේද අහන්න එපා ඔන්න) දෙන්නෙක් ගෙනාවනේ මගේ වැඩ පොලට.එකෙන් එකෙක් ගෙනාවේ අපේ ක්ලයන්ට් තැනට.අනික කොන්තරක් කාරයට.

ඉතින් ඔය ක්ලයන්ට්ට ගෙනාව එකා ලංකාවේ උතුරු පළාතේ මුස්ලිම් දෙමල කතා කරන ඩයල් එකක්.මට වඩා වඩා හොදට වැඩ දන්නා කෙනෙක් නිසා මම එයාව දැම්මේ ක්ලයන්ට් ගාවට.

මනුස්සය එන්න කලින් මට කතා කළා:

මනුස්සය : මචං තැන හොදද මචන් ?
මම : නියම තැනක් මචං, ක්ලයන්ට් උබට ඕන විදියට ඉන්න පුළුවන් පඩියත් දැනට වැඩිනේ බන්
මනුස්සය: සෙනසුරාද වැඩද බන් ?
මම : මචං මම සෙනසුරාදා කිසි වාහනයක් දැක්කේ නැහැ බන්
මනුස්සය : ඒ කියන්නේ වැඩ නැත්ද ?
මම :නැතුව ඇති නේද ?

ඔන්න කාලය ගිහින් මිනිහ ආව, පලවෙනි දවස :
උදේම මට කෝල් එක එනවා :
මිනිහ  : මචං මම ආව . උබ කොහෙද ඉන්නවා ?
මම : මචං මම ඉන්නවා අපේ ඔපීසියේ බං .
මිනිහ: ඒක කොහෙද තියනවා මචං
මම: උබලා ඔපිස් එක ඉස්සරහ දොරින් ඇවිත් දකුණට හරියේ මම ඉන්නවා

මෙන්න මිනිහ එනවා .

දැන් ඔය ක්ලයන්ට් ගාව ඉන්නකොට හොදට ඇදල කරලා එන්න ඕන.මොකද ක්ලයන්ට් නේ:

මිනිහ එනවා ෂර්ට් එකේ උඩ බොත්තම නොදා. . .

ටයි එකේ යට අර පොඩි කෑල්ල එලියට පැනල. . .

ටයි ගැටේ ඇද වෙලා

මම ඇහුව :

මොකද බන් ඔහොමද තැනකට එන්නේ. හරියට ලෑස්ති වෙල වරකෝ බන්.

ඌ: මේක දාන්න දන්නේ නැහැ බන් . . වයිෆ්ට පුළුවන් විදියට තමා දැම්ම . . කැත නම් හදා දියන්, , ,

ඔන්න කතා එක ඉවරයි ,. . .

එයිට පස්සේ මිනිහ එනවා මයේ ඔෆිස් එකට,

දවසක් මුගේ මුණ හරි නැහැ.

මම ඇහුව මොකද බන් අවුල .

"උබ කිව මට මේ කොම්පැනිය හොදටම හොදා කියල,

බලපන් උබට ඉන්ටර්නෙට් තියනවා, කොන්තරක් කාරයට ඉන්ටර්නෙට් තියනව , ,  ක්ලයන්ට්ට නෙට් නෑ . .

මොකක්ද බන් මේ. "

මම : ඔය පොඩි පොඩි එව්වා හදා ගන්න පුළුවන් මචෝ . පොඩියක් ඉඳපන් . .

ඌ: බලපන් මම කුණු එක දාන්න බාස්කට් යෙකක් ඉල්ලුව,  A4 පෙට්ටියක් තමා දුන්න බන් .
උබෙන් මම කී පාරක් ඇහුවද කොම්පැනිය හොදද ? ? ?  උබ කිව හොදා කියල . ..


ඌ මේවා කිව විදිය රස මෙහෙම කීවට වැඩක් නැහැ අහලම බලන්න එහෙනම් ( විනාඩියයි ඩේට 2.9 MB). . 

26 comments:

  1. ඕන ලයින් කිව්වේ.. උඹ දාන ලයින්ද?? හැක්... අනේ මන්ද බං මේ වගේ ඕලාරික උන් ඕවට ගන්න එපා...

    ReplyDelete
    Replies
    1. මොකෝ බන් කොරන්නෙ . . . දැන්නෙ දන්නෙ

      Delete
  2. උඹ ඉතිං කළොත් ඔය වගේ වැඩක් නෙ. :D

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතින් නාල ඇති

      Delete
  3. මට මේක තේරෙන්නේ නැ....

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නෙට් නෑ

      Delete
  4. ඌව රස්සාවට දැම්මට වඩා හොදා පෙර පාසලකට දැම්මා නම්. :)

    //මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.// ඈ බොල ඒ කියන්නෙ උඹ ඔෆිස් එකේ වැඩ කරන්නෙ දෙයියනේ කියලා පැය භාගයයි. :o එක්කො කමක් නෑ උඹ පැය භාගෙ හරි වැඩ කරනවනෙ කියලා හිත හදා ගනින්. ;D :D

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මම වැඩ බෙදා දෙන්න ඉගෙන ගන්නව

      Delete
  5. උඹ කඩේ ගිහින් ඌට හොඳ පොඩි බින් එකක් ගෙනත් දියන්. ඒ ගමන් හයිය කඹයක් ගෙනත් උඹේ මේසේ උඩ ලාච්චුවේ තියා ගනින්. හෙට අනිද්දා ඒක පරාලේ එල්ල ගනින්.

    ReplyDelete
    Replies
    1. අම්මප ඕව් ඒක නම් වෙයි.එයිට කලින් මම . . .

      Delete
  6. මමනම් ගගෙ පනිනවා වතුර බිල මැරෙනවා
    හුස්මටිකක් හිරවෙනකොට ගොඩ පීනනව

    ReplyDelete
    Replies
    1. ආයෙ මූ එනකොට ගගේ පනිනවා

      Delete
  7. උඹේ ක්ලයන්ට් නිසා උඹ ක්ලයන්ට්ව අන්නන්න එකෙක්ව ගෙනත් දාලා දැන් ඌට ඇනිලා වගේ මට පෙන්නේ

    ReplyDelete
    Replies
    1. අන්න උබ කලයන්ට් කෙනෙක් ගාව වැඩ කරන්න සුදුසුකම් පෙන්නුම් කොරනව

      Delete
  8. හයියෝ සල්ලි කිවුවලු..

    ReplyDelete
    Replies
    1. ගෙඩි පිටින් ලක්ස ගානක් පඩි දීල ගෙනාවෙ

      Delete
  9. ඒ කියන වැඩේ උඹට කරයිද මන්දා පොර

    ReplyDelete
  10. ඉක්මණටම මගියට කඹයක් හොයා ගන්නවෙයි..
    ඔන්න නොකීවයි ක්යන්න එපා

    ReplyDelete
    Replies
    1. වෙයි වගේ. . . ඕකවත් ඇන්න තමා යන්න වෙන්නෙ

      Delete
  11. Replies
    1. ඒකනෙ බන් කියන්නෙ

      Delete
  12. හයියෝ මගියට වුණු දේ?

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට මොනවා වෙයිද මන්දා

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .