Monday 19 May 2014

හූනු පලාපල,ලොක්කා,සහ මයේ කරුමය. . .


ඊයේ රෑ නිදා ගන්නකොට දොළහත් පහු වෙලා.ආපහු උදේ තුනට ඇහැරුනා මහා භයානක හීනයක් දැකල.
මාව දාල හෙන කාන්තාරේ මැද ප්‍රොජෙක්ට් එහෙකට.මම කොහොම හරි ඒකෙන් පැනල යන්න ට්‍රයි කරනවා.අපි හිටිය තැන වටේටම මහා ලොකු වැටක් ගහල තිබුනේ.ඉතින් මම ගෑස් කටර් එකක් අරන් ඇවිත් වැට කපල පනින්න කියල හිතාගෙන මම ඉඳපු පොර්ටකැබින් එකේ දොර ඇරගෙන එලියට ආව.එතකොට මගේ බොසා මට කියනවා ඇහෙනවා.
“මගියෝ මේ මේ වැඩ ටික කරගෙන හතර වෙනකොට වරෙන් මම දැන් යනවා” කියල.මගේ අලුත් ලොක්ක කොහොමත් මට දිරවන්නේ නැති එකෙක් නිසා ඌ කියන දේ බල්ලට දාල මම කටර් එක පත්තු කරගෙන වැට ගාවට යනකොට මහා විසාල මිනිහෙක් ඇවිත් මගේ ඉස්සර හිට ගත්ත.ඔන්න මට ඇහැරුන තැන.

ඩිංගක් වෙලා ඇදෙම ඉඳල කල්පනා කලා මොකද මේ වෙන්න යන්නේ කියන එක.
වතුර එකක් බිලා මම නිදාගෙන උදේ ඇහැරෙනකොට හයත් පහු වෙලා.දැන් නම් ඉතින් වැඩට යන්න වෙන්නේ හැමදාම මිනිස්සු මැරෙන කාන්තාරේ මැද හයිවේ එකේ තමා කියල මුණ හොදල ලැහැස්ති උනා.කන්න බොන්න මොනවවත් හදන්න ගියොත් වෙලා යන නිසා එහෙම්ම පොත් ටික ඇන්න දොර ලොක් කරලා එලියට ගියා.
ලිෆ්ට් එකෙට එන්න කියල බොත්තම ඔබල බලා ඉන්නකොට තමා මතක් උනේ ෆෝන් එක.ආපහු දොර ඇරගෙන ගිහිං ෆෝන් එකත් අරගෙන එනකොට මතක් උනා ඊයේ රෑ හීනේ.ඒ මදිවට යන ගමනත් බාද උනා කියලත් නිකමට හිතුන.ඔය දේවල් මනස්ගාත කියල අනික් උන්ටත් මම කිවට මෙහෙව් වෙලාවට පොඩි කාලේ ඉඳන් හිතේ ඇතුලට ගිහින් තිබුන ඒ දෙවල් අපහු එනවා.
ඉතිං මම හිතුව අර හැමදාම මිනිස්සු මැරෙන පාරේ නොගිහින් ෆැක්ටරි අස්සෙන් දාගෙන යන පොඩි අතුරු පාරේ යනව කියල.
වෙනදට මම යනකොට සිග්නල් උනත් ඇරෙනව.අද නිකන් එව්වත් මම හින්දම රතු වෙනව වගේ.ඔලුව නිකන් මන්න්නන් වගේ.

මේ කාලේ මගේ කෙන්දරේ අපලයි කියලත් කිව අන්තිමට බලනකොට.වාහනේ පරිස්සමින් යන්න කියලත් කිව.දැන් මට හිතෙන්නම ඔන්න හැප්පුන අන්න හැප්පුන වගේ.
කොහෝම හරි පැය භාගයක් පරක්කු වෙලා මම ඔෆිස් එකට ආව.
හැමදාම මගේ මෙන්ටර් මට කෝල් කරනව උදේ හත හමාරට.ඒ කතා කර කර ඉන්නකොට කිව අද වැදගත් ලියුමක් යවන්න තියනවා එක මගේ ඊමේල් එකින් යවන්න එපාය . ලියල මට එවන්න මම අඩු පාඩු  හදල යවන්නම් කියල.

මම එල කිරි කිව්වා.

ඔෆිස් එකට ගිය ගමන් වැඩ ටික අරගෙන ඉක්  ඉක්මනින් හදල ලොක්කගේ මෙසේ උඩින් තියල ආවේ මගේ පාඩම් වැඩක් කරන්න හිතං.
අර ලියුමත් ගහලම ඉන්නවා කියල ඒක ලිව.ටිකක් නෙමේ ගොඩක් බරපතල එකක්.මගේන් නොයවන හේතුව ඒක ලියන කොට තේරුන.කලින්දා රෑ අපේ තව ලංකාවේ අයිය කෙනෙක් කතා කරලා කිව, ඔයා ඔය වැඩේට එක්ස්පොස් වෙන්න එපාය.වෙන කෙනෙකුට දෙන්නය කියලා.
ඔන්න එතකොට එනවා අර මම ජොබ් එකට දාපු ක්ලයන්ට් ගේ පොර.ඉතින් ඌ කියන එව්වත් අහගෙන මම ලියුම ලියනවා.
ඌ එකපාරටම රේජීස්ටර් නොකරපු ආයතනයක සේවකයක් වෙආලු.උන්ගේ කොම්පැනිය කෝට් කේස් එකක් නිසා රේගජිස්ටර් කරලා නැති නිසා මුගේ වීස පරක්කු වෙලා.
ඕක අහගෙන මම කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එක රෙෆ්රේෂ් කර ක‍ර ඉන්නවා පුරුද්දට වාගේ.
එක පාරටම සෙන්ඩ් බටන් එක එබිල අර ලියුම මගේ මේල් එකෙක් යන්න තියන ඔක්කොටම ගියා,!@#$%^&*(

මකන්න බැහ, අන්ඩු කරන්නත් බැහ දැන් මම හොදටම බය වෙලා.

එහෙම්ම කතා කරල මගේ මෙන්ටර් ගෙන් ඇහුව අර ලියුම මගේ එකෙන් ගියොත් අව්ලක් තියේද  කියල
එයා කියපි ලොකු අව්ලක් යවන්න  එපා මම කියනකල් කියල

දැන් මම යවල ඉවරයි,

මම ටිකකින් ආපහු ඇන්න කිව්වා අයියේ සොරි අර ලියුම මගේ එකෙන් ගියා කියල.
මිනිහ කිව එහෙනම් වැඩි විස්තර පස්සේ දන්වන්නම් කියල ඒ අයටම ලියුමක් ලියල දාන්න කියල.
දැන් මම අර හෙන දරුණු ලියුම ලියපු එකා උනා එකපරාම.

දවල් වෙනකොට අපේ ලොක්ක ඇවිත් කියනවා අවුරුද්දකට විතර කලින් මම හදපු වැඩ වගයක් ආපහු ක්ලයන්ට යවන්නලු,ඔය වැඩෙ පරන මහා කුණු ගොඩක්.අපි කරල ඉවර කල ඔය කියන්නාවූ වැඩේ ,අපි යවන්න ඕන නැහැ,.

මූ යවන්නලු.

මම කියනවා අපි යවන්න ඕන නැහැ.

දැන් මිනිහට තද වෙලා අරකද මේකද කියනවා.
හරියටම කරන්න ඕන දේවල් ටික පිළිවෙලට ලියල දෙන්නලු.
මම කිව,
සර් , ඔය වැඩේට කියන නමක් තියනව,ඒ නම ලියල තමා යවල තියෙන්නේ. කරන විදිය කියල යවන්න ඕන නැහැ කියල.

ඔන්න දැන් මිනිහට තද වෙලා දොරත් ගහගෙන යන්න ගියා.
සවස් වෙනකාල් මා එක කතා නැහැ.
හරියට ගෑනියි මිනිහයි වගේ. . .

සේකට්‍රි ලව්වා එක එක දේවල් ගෙන්න ගන්නවා සති මිටිමට යන්න.මමත් ඔන්න ඔහේ ඕන වෙඩින් එකක්, මාව යවනවා නම් යවපුදෙන් මගේ ග්‍රටිවිටිය හරි එනවනේ.එකත් ලොකු දෙයක් නේ මේ වෙලාවේ කියල ඔහේ උන්න.
මමත් හරියට හතර වෙනකොට කඩේ වහල එන්න ආව.
දැන් මේ ඔක්කොම කචල් අර ඊයේ රැ හිනේද ???
නැත නම්න් මම උදේ එලියට ඇවිත් අපහු ගිය නිසා බදාව නිසාද ?
නැත් නම් මගේ කරුමෙද ????

කෝකටත් දකුණු සැපත සෙන්ටි 8 ක් ඇනගෙන බුදියනව . . .


 පොඩි පැණි රහකුත් එනව. . . .සෙහ් නැව ගිලුනත් ගැට්ටෙ බජව්. . . 

48 comments:

  1. //නැව ගිලුනත් ගැට්ටෙ බජව්//

    ආන්න මෙවුව එක. එහෙම තමයි ඉන් ඕනෙ

    ReplyDelete
    Replies
    1. එකනේ බොල. . . ඕනෑම දෙයක් පැයයි , , ,

      Delete
  2. උබේ කරුමෙ බන් :-D

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බන් මොකොද කොරන්නේ / / // ඔන්න ඔහේ ඉන්නවා . .

      Delete
  3. අනේද කියන්නේ ඉතින්, නැව ගිලුනත් ගැට්ටෙ බජව් තමා..

    ReplyDelete
    Replies
    1. කලින් රිප්ලයි එක කොහෙද නැති වෙලා මචෝ. . . ඔව් ඉතින් මම දුක් උනා කියල අපහු ඕක හදන්න පුළුවන නැත්ද බන්

      Delete
  4. ඇයි මේල් එක රී-කෝල් කරන්න බැරිද?

    අනික ඩ්‍රාෆ්ට් කරන ලියුමක ඇයි මුලින් රිසිපියන්ට්ල් ලා ගේ ඊ-මේල් ඇඩ්‍රස් දාලා පටන් ගත්තේ. අර මෙන්තා ගේ ඇඩ්‍රස් එකනේ දාන්න තිබුණේ?

    මං ඊයේ ඔය වගේ ලියුමක් ගැහැව්වා. මුලින් වර්ඩ්වල ගහලා පස්සේ කොපි පේස්ට් කළා!

    ReplyDelete
    Replies
    1. මේක යැව්වේ මම මගේ ජි මේල් එකවුන්ට් එකෙන් . . ඇත්තටම මේක යවන්න හිතල තිබුනේ මෙන්තාට .මගේ මොන කරුමෙකටද මම ටු එකේ ඇඩ්රස් ටික ගැහුවද කියල මම තාම හිතනවා.මම ලියුම ලියපු නිසා ඒ මුඩ් එකේ හිටි නිසා වෙන්න ඇති.ලියුම සීරියස් නිසා මම . . . මන්ද මගේ ඔලුව නරක වේගෙන එනවා

      Delete
    2. වර්ඩ් වල ගහල කොපි කරන එක හොද ක්‍රමයක්

      Delete
  5. සදර්න් කම්ෆර්ට් කේක් වලට දාන බැරැන්ඩි එකක් නේද ?

    ReplyDelete
    Replies
    1. මන්ද සුදික අයියේ . . මේක මට හම්බ උන එකක්.පොඩි පැණි රස ගතියක් නම් ආව තමා

      Delete
    2. මම හොටෙල් වැඩ කරන කාලේ තමයි ඔය සීන් එක දැන ගත්තේ. කුස්සියට බ්‍රැන්ඩි මොකටද කියලා ඇහුවම තමයි කූක් කෙනෙක් කිව්වේ. මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න
      http://www.grouprecipes.com/59650/southern-comfort-cake.html

      Delete
  6. හිහි.. අපරාදෙ හීනෙ ඇත්තෙ වන්න තිබ්බෙ...
    දකුණු සැප අපිට ගහන්න තිබ්බ...
    සැක්...

    හිහි

    ReplyDelete
    Replies
    1. මම බයේ උන්නේ මොකක් වෙයිද කියල . . එක කිසිම සම්බන්දයක් නොවෙන දෙකට කෙල වීම ගැන මගේ කණගාටුව

      Delete
  7. නරකද හොඳ පිස්තෝලයක් අරන් තියාගත්තොත්. එකෙක් දෙන්නෙක් බාවලා ප්‍රශ්න කෙටියෙන් විසඳගන්න පුළුවන්. දැන් ලංකාවේ කෙරෙන්නේ එහෙම.

    1. වෙඩි තියලා මරනවා/මංකොල්ල කනවා/ පැහැරගෙන කප්පම් ඉල්ලනවා.

    2. පොලීසියෙන් අපරාධ කරුවන් අල්ලාගන්නවා.

    3. අපරාධකාරයෝ ආයුධ පෙන්නන්න ගිහින් පොලීසියට ගහන්න හදලා පොලීසියෙන් වෙඩි කාලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. බෑනේ විචාරක මහත්තයෝ , , , ඔය ඔප්ෂන් තුනම මම අමාරුවේ වැටෙනවනේ

      Delete
  8. අපරාදේ නේ මේ හීනෙත් අල්ලගෙන නියම හොලිවුඩ් පිලුම් එකක් ගහන්න තිබුනා. හැක්..

    ReplyDelete
    Replies
    1. හොලිවුඩ් වගේ තමා බන් මට . . . බලහන් දවසම කේස් අද

      Delete
  9. ඔය ඔක්කොම අවුල් යන්න එක්කල ස්කයිප් එකෙන් තොයිලයක් නටවමුද?

    ReplyDelete
    Replies
    1. හරියන්නේ නැහැ බන් . .. බෝතලයක් ගහල නිදා ගත්තම ඔක්කොම කම්මුතුයි

      Delete
  10. ඔය හීන කියන්නෙ හරි භයන්කර විෂයක් බං. එකපාරක් මාත් හීනෙන් වැඩපලේ එකෙක් එක්ක වලියක් දාගෙන පහුවදා ගිහින් තව නූලෙන් හේතුවක් නැතුවම ඌත් එක්ක කෙළගන්නවා.

    ReplyDelete
    Replies
    1. මචං මටත් හිතෙනවා එහෙම පොඩි සීන් එකක් . . . නමුත් ඔව්ව පස්සේ යන්නත් හොද නැහැ . . .

      Delete
  11. මන්න්නන් කියන්නේ මොනවටද බං

    ReplyDelete
    Replies
    1. නන්නන් වගේ ජාතියකට. :D

      Delete
    2. ලියන්න දන්නේ නැහැ බොලව්
      අර පිපින්නා කියල ලියනකොට එනවනේ න්නා එකක් අන්න ඒක

      Delete
  12. ඔය ඔක්කොටම මුල කලින් දවසෙ අමුවෙන් බුදිය ගත්ත එක. දෙකක් දාල නිදියගත්තනං ඔය හීන බීන මොකවත් පේන්නෙ නෑනෙ.
    දැං ඉතිං බොන දෙයක් බීල වෙන දෙයක් බලාගෙන ඉඳහං.

    ReplyDelete
    Replies
    1. හැබෑට ප්‍රසා ඔව් . . මේ පාඩම් කෙස් එක නිසා මම බිව්වේ නැහැ පහුගිය දොහේ . .. පටන් ගන්න ඕන බිම

      Delete
  13. ප්‍රශ්න එන කාලෙට ප්‍රශ්න එන්නේ වැලට වගේ.. කෝකටත් හොද පරිස්සමෙන් සිහි කල්පනාවෙන් වැඩ කරපන් මගියෝ. අවසානේ නැව ගිලුනත් අරහෙම තමා කියලා දෙකක් නවං නිදා ගනිං.

    ReplyDelete
    Replies
    1. මට පාලනය කොරන්න බැරි එව්වා අවම නම් ඉතින් සුවර් දෙකක් නවල බුදියනවා. . හෙහ් හෙහ්

      Delete
  14. ඇත්තෙන්ම සුපර්ස්ටිෂස් නැති කෙනෙකුට උනත් ඔහොම හීනයක් ටිකක් මානසික වදයක් වෙන්න පුලුවන්.
    මොකක්ද අර මිනිස්සු මැරෙන පාරේ කතාව? ඒක Expressway එකක්ද?

    ReplyDelete
    Replies
    1. මචෝ මෙහෙ හෙන පාරක් තියනවා එකේ දවස ගානේ ඇක්සිඩන්ට් , , , මම පුළුවන් තරම් ඕක මග ඇරලා යන්නේ . . ළමයි දෙන්නක් ඉන්නවනේ බන්

      Delete
  15. හීන...
    ඕන්න මං ගස් වල, මුල් වල එල්ලිලා කඳු බඩගාගෙන කොහේදෝ මන්දා යනවා....ටික දුරක් යනකොට පල්ලෙහායින් මහා පාරක් පේනවා...ඒත් එතෙන්ට යන්න අමාරුයි...ඔහොම වනන්තරේ පීරාගෙන ගිහිං ගිහිං අන්තිමේට පාර ලඟට ආව...එතන තිබ්බ ටැප් එහෙකින් වතුර බිව්වා...කඩවල් දෙක තුනකුත් තිබ්බ...ආයෙමත් එතනින් එහාටත් පාර දිගේ දුවගෙන ගියා...කොහේ ගියාද කියල මට මතක නෑ...

    නිදාගන්න කලින් බලපු ෆිල්ම් එක මං හිතන්නේ ශ්‍රෙක් වෙන්න ඕන..ඒක මතකත් නැහැනේ. :/

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මාරු කතාව . . . මම නම් ෆිල්ම් එකක් බැලුව කාලයක් මතක නැහැ කොහෙන් අවදා මන්ද බන් ඔය හීනෙ

      Delete
  16. තොයිලයක් නටමු බං,කෝකටත් හිත සුද්දයිනෙ,කපක් හිටෝලා පටන්ගම්මු.

    ReplyDelete
    Replies
    1. අද තියනව පර්ටියක් ././ එකේ මම නටන්න ඉන්නේ තොවිලයක් හෙහෙ හෙහ්

      Delete
    2. මොකෑ හැලපයියෙ පකක් හිටෝලම පටංගම්මු කීවෙ ?

      Delete
  17. මම නම් කරන්නේම වර්ඩ් වල ගහල කොපි පේස්ට් කරන එක. . . ගනන් ගනන් එපා බන් හිත චංචල උනාම ඔහොම දේවල් වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ හීනේ නෙමේ හිතේ . . උදේම හිතන්න තිබ්බ මොන මඟුලක්ද ඒක නිකම්ම නිකම් හීනයක් ඉතරයි කියලා

    ReplyDelete
    Replies
    1. මචෝ මම හිතන්නෙත් ඒක හොද ක්‍රමයක් . කිසි රිස්ක් එකක් නැහැනේ.ඔව් එහෙම හිතුවනම් හරි , නමුත් නිකම්ම අර ඉස්සර විශ්වාස කල එව්වා චායාවක් ආව, හිත විශ්වාස කරන්න පුරුදු උනා නම් හරි . .

      Delete
  18. මටත් උනා බං එක සැරයක් ඔහොම එකක්... මැලේසියන් එකෙක්ටද කොහෙද ෂිප්මන්ට් එකක් කේස් එකකට හෙන සීරියස් එකේ ලියුමක් ටයිප් කරල ඇරිය.. කෙලින්ම ඒ කම්පැනියෙ බොසාටද කොහෙද... හෙන තද වචන එහෙම දාලා ... මෙන්න ඊලග දවසේ උගේ වැරැද්ද පැත්තක තියල මෙන්න මූ මට හෙන අවවාද ගොඩක් එක්ක සීරියස් ලියුමක් එවල.. මං වහාම බැලුවා මූ මට වැරදි කියන්නෙ මොකද කියල.. බැලින්නං සෙන්ඩ් කරන්න ඔන්න මෙන්න තිබිල හරි මගේ අතින් අර ලියුම රතු පාට වෙලා.. අරෑ හිතල මං මේ ඌට සද්දෙ දාන්නම රතු පාටින් ලියුම එවල කියල.... එක යුද්ධයයි එදා.. හි හි

    ReplyDelete
    Replies
    1. හම්මේ එලම කිරි. . . . මටත් උනේ ඔයිට එහා කේස් එකක්. . . මම නම් නිකන් පුරුද්දට ක්ලික් කරන්න ගිහින් ඕය විනාසෙ උනේ

      Delete
  19. Adai me paththata awe . Eka husmata okkoma baluwa. Niyamai. Digatama ennam. Obata jaya wewa.......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් . . . . එකම එක පෝස්ට් එකක්වත් කියවන්නෙ නැතුව දාපු කොමෙන්ට් එකක් . . . මොනවද ඔට්ටු ?

      Delete
    2. Na yaluwa okkoma baluwa . Ona deyak ottui

      Delete
  20. ඔය හීන හරිම භයානකයි මචං... දෙකක් දාල නිදාගත්තත් පේන වෙලාවට පේනව. වලක්කගන්න බෑ. මමත් ඔයවගෙ මහා භයා......නක හීනයක් දැක්ක දැන් මාස දෙක තුනකට කලින්.උඹට කියන්න දෙකක් නෙමෙයි තුනක් හතරක් මයිහිතේ පහක් විතර දාල නිදා ගත්තෙ.. ඔන්න මචෝ මම ගේ පහල බඩ වැටියෙ ඇවිද ගෙනයනව සරමත් කැහැපොට හගං. කුරුල්ලො කෑ ගහන්ව.. ලේන්නු ටිං ටිං. ගානව. සීතල හුලං හමනව..ගහකොල හුලඟට නටනව... පික්ෂු බම්ප් වෙනව .....ඔහොම ආතල් එකේ යද්දි ඔන්න මට ආව පට්ට චූ බරක්. ජුන්ඩ නිකං කාබරංක ගෙඩියක් වගෙ. නැවතුනා දං පඳුරක් ගාව. උස්ස ගත්ත සරම.. මෙන්න චූ කොරනව.. අෆ්ෆා දැනෙන සැප..සැප කනේ.. සීතල හුලං හමනව..ගස්වල කොල හුල‍ඟෙ නටනව.. කුරුල්ලො කෑගහනව... ලේන්නු ටිං ටිං ගානව මම චූ කරනව.. මාර ආතල් ඕයි. ටිකක් වෙලා යනකොට කලව හරියෙ නිකං තෙතයි තෙතයි වගෙ... නැගිටල බැලුව... හුකා.... මං නිදියගෙනම සරමෙ චූ කොරලනෙ... සරමෙං එකයි චූ. මොනා කොරන්නද..සරමයි බෙඩ් ශීට් එකයි විසික් කොරා ඇල උනා ආයිත්... ම්හු... මෙට්ටෙත් චූ ... දැම්ම මෙට්ටෙ අනිත්පැත්ත.. මම නිදි... උදේ රූම් එකෙ අනිත් උන්ගෙ සද්දෙට තමයි ආයිත් ඇහැරුනේ..අෆ්ෆා .ගූ හතයි... කින්ඩි කෝටියයි. පුක පොලේ ගහං මැරෙන්න හිතුන ඕයි. පේනවනෙ...ඕව මහ භයානක හීන බං. පරිස්සං වෙයං. හෙහ්...හෙහ්..

    ReplyDelete
  21. ඔක්කොටම ඉස්සෙල්ල උබෙ මයින් එක හදාගෙන ඉදහන්

    ReplyDelete
    Replies
    1. එක හදා ගන්න එක තමා අමාරුම බන් . ..

      Delete
  22. රස්සාවෙදි වෙන්න පුළුවන් බො‍හොම බරපතල දෙයක් නෙව වෙලා තියෙන්නෙ. ග්‍රැටිවිටිය සාක්කුවෙ දාගෙන පාරට බහින්න සිද්ද නොවෙන්න ඇති කියල පතනව. පෝර්ටකැබින් කියන්නෙ මොනවද කියලත් කියල දෙන්නකො.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් උනේ නෑ . නමුත් මම යන්න හොයනවා තව එකක් ලබුනිඔත් යනවා .

      පොර්ට කැබින් කියන්නේ පර්මනන්ට් ඔෆිස් එකක් ඕන නැති සයිට් වගේ තැන් වලට කලින් හදපු ගෙවල් තියනව . . එව්වා ලොරියක දාන ඕන තැනකට අරගෙන ගියහැකි . ..

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .