Tuesday, 23 September 2014

ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . .


ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.

පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.

ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් මග අරුන.

මම මේකේ කිවේ මගේ පුත්ගලික කතන්දර නිසා වෙන අඩුම කුඩුම ලියන්නත් බැහැනේ.

අර මම ක්ලයන්ට් ගාවට ගෙනත් දාපු හාදය ඔන්න යන්න ගියා. ඉතින් මම දැන් තනියම. මොනා උනත් හොද එකා.

මගේ මස්සිනා වෙච්ච එකා මා එක්ක තරහ උනා.

මම අර ගිය එකා ගැන කියන්නම් අද.

ඉතින් මම ඔය ක්ලයන්ට් ගාවට ගෙනා එකාගේ එක එක කොම්ප්ලේන් තිබ්බනේ. මම නම් ඔව්ව වැඩිය ගණන් ගත්තෙ නැහැ. 

හැමදාම ඉතින් ඌ උදේ තේ එක එහෙම බීලඑනවා මගේ කාමරේට.

දැන් මේ එන්නේ ක්ලයන්ට් ගේ මිනිහෙක් නේ.

ඉතින් අපේ කොම්පැනියේ අයත් ඕකේ.

ඔහොමආපු දවසක මම ඉතින් අපේ කා.කා.ස ට කියල තේ එකක් බීම එකක් එහෙම දෙනවා.

මෙහෙ තියනවා ඔය එක එක ජාතියේ තේ වර්ග. දෙහි දාපුවා, ඉඟුරු දාපුවා, දෙහි ඉඟුරු දෙකම දාපුවා.

ඔය අතර තියනවා වද මල් වලින් හදපු තේ එකක්. රතු පාට.මම ඉතින් ඕක බොනවා ඔය දවසේ මිනිහ එනකොට.

ඔය අපේ යාළුවා, ටිකක් කට සැර ඩයල් එකක්. මෙහෙ වැඩ කරපු අය දන්නවා, කට කියන්නේ මෙහෙ උපාදියක්. ඒක නැත්නම් වැඩ කරන්න අමාරුයි. මී අපේ යාළුවගේ කට හොදට වැඩ නිසා, එතන ලොක්ක එක්ක සෙට් උනා.

මිනිහ මගේ ගාවින් තේ එකක් එහෙම බිල යන්න ගියා.

පහුවදා උදේම අපේ ලොක්ක මට කෝල් කළා. ඇහුව අර ක්ලයන්ට් ගේ කෙනා ඔයා නේද ගෙනාවේ කියල. මම කිව ඔව් ඇයි කියල.

අපේ බොස් කියනවා අන්න අපි එයට මිස් ට්‍රිට් කළා කියල කලයන්ට් කියනවා,  ගිහින් බලන්න කියල.

මම බැලුව මොකක්ද බොල මේ උනේ. 

ඕන දෙයක් තියේ නම් මට කියන්න බැරිද මේ යස්සයට කියල හිත හිත මම ගියා ක්ලයන්ට් ගේ ලොක්ක හම්බ වෙන්න. 

වෙලා තියෙන්නේ මේකයි. 

මම අර රතු පාට බිමක් බිව්වනේ.

මේ යකා ගිහින් උගේ කා.කාස ට කියල ඒ වගේ රතු පාට තේ එකක් ගෙනත් දෙන්නය කියල.

ඌ කියල අපිට එහෙම තේ එකක් දීල නැත කියල.

අපේ යෝදය ගිහින් උගේ ලොක්ක වෙච්ච ගල් අරබියට කියල "කොන්සල්ටන්ට් රතු පාට බිමක් බොනවය, කොන්තරක්කාරය ඒක අපිට දෙන්නේ නැතිය කියල " 

ඌ කතා කරලා කොන්තරක් කාරයට ඇයි අපිට ඒවා දෙන්නේ නැත්තේ කියල.

කොන්තරක් කාරය විහිලුවට කියල කොන්සල්ටන්ට් බිල කපන නිසා දෙන්නේ නැහැ කියල.

කොන්තරක් කාරයාගේ ලොක්ක තමා ඔය කෑම බිම බිල් ගෙවන්නේ.

ඉතිං ඒ ලොක්ක කතා කරලා අපේ බොසාට ක්ලයන්ට්ට මිස් ට්‍රිට් කළා කියල කොම්ප්ලේන් එකක් දමල.

ඔන්න අර වද මල් තේ එක නිසා මු ලංකාවේ නම තිබ්බ හැටි.

මේකට මගේ අහල එක අරගෙන බිව නම් හරිනේ, මොකටද උගේ ලොක්කට ඔව්ව කියන්න ගියේ. 

ඔන්න වද මල් තේ එක , , ,


හදපුවම මෙහෙමයි 



මෙහෙ කියන්නේ "කිර්කති" කියල

33 comments:

  1. වදමල්. බොලනවද යකූ....
    ලේන්නු කනව දැකලතියෙනව ඒත් ඔය සෙද්දබොනව කියල නං දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. බොනවා බන් ඔය තියෙන්නේ රතු පාටට . රහයි බන්

      Delete
    2. තල්පෙ තියනවා හොටෙල් එකක් පැරගන් කියලා. මාමා කෙනෙක් හිටියා මම ඒලෙවල් කරන දවස්වල කිලෝඑක රුපියල්ම 500කට කඩපු ඔය හොටෙල් එකට. එයානම් කිව්වෙ දවස පුරාම හෙව්වත් කිලො එකක් හොයාගන්න අමාරුයි කියලා

      Delete
  2. වදමල් කියන්නෙ වදයක්ම තමයි බොල.

    ReplyDelete
    Replies
    1. වදයක් නම් තමා . මේක නම්මරු බීම

      Delete
  3. අරූ හොද ලාංකිකයෙක් බව ඔප්පු කරලා තියෙනවා!! :D

    ReplyDelete
    Replies
    1. මට සැට් වෙන්නේ හොද ලාංකිකයෝම තමා. . .ඌ ගිය කටාර්

      Delete
  4. සුරියංග්ගරහනයෙකුත් තිබ්බ නං මරු.. මොකද බොල අකුරු පොඩි වෙලා.. අර යකා ගියපු එක හොදා..

    ReplyDelete
    Replies
    1. අප්පා ඔව් . . ගිය එක නම් දාහෙන් සම්පතයි . . .නැත්නම් බබත් ඉවරයි බබාගේ අප්පච්චිත් ඉවරයි

      Delete
  5. යකඩෝ වැඩ මල්.... :D පිස්සු හැදෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඔය තේ එක මට නම් පට්ට රහයි

      Delete
  6. කොහද ගිහිං හිටියේ.තේ බිබී හිටියද.

    ReplyDelete
    Replies
    1. තේත් බීව, අපේ ආයතනයේ ඉන්න අරාබි උන් ඔෆිස් එකේ ෆිල්ම් බලල අහුවෙලා අපි ඔක්කොගෙම නෙට් එක කැන්සල්. මම ඊයේ කියල ඉල්ල ගත්ත.එත් මුණු පොත වහල

      Delete
    2. surfing tunnel තමා විසදුම. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න

      Delete
  7. ඔය මලට කියන්නෙ සපත්තු මල නේද? වද මල ඔයිට වඩා ටිකක් රෝස මලට කිට්ටු පෙනුම ඇති, පෙති ගොඩක් තියෙන මලක්.

    මට නං උඹෙ කතාව ඇත්තම්යි තේරුනේ නෑ. පොඩ්ඩක් ආයි උඹම කියවල බලහන්.

    ReplyDelete
    Replies
    1. මන්ද බන් මම හිතාන උන්නේ වද මල කියල ,. දෙකම එකම මලද මන්ද .

      මොකක්ද බන් කියන්නේ, හිටහන් කියවන්න ආපහු, මේක දඩි බිඩි ගාල ගැහැවේ ගොඩ කාලෙකින් ලියන්න බැරි උන නිසා .

      Delete
  8. වදමල් උයලත් කනව.
    උඹ ඔපීසියෙදි මොකක හරි ඩ්‍රිෆ්ට් කරල ඒක ගෙදර ඇවිත් බ්ලොග් එකේ පබ්ලිෂ් කරපං.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරනවා මේ මගේ පිටි පස්සේ ඉන්න සුද්ද දකිනවනේ බන් මගේ මොනිටරේ , අව්ලකුත් නැහැ ,. ඒ උනත් ටිකක් අප්සට් . බලමු . . .

      Delete
  9. දැන් ඇත්තටම ඕකට තේ කලවන්ද , නැත්තං වදමල් විතරද

    ReplyDelete
    Replies
    1. මමහිතන්නේ වදමල් විතරයි බන්

      Delete
  10. මටත් ආසා හිතුනා හිබිස්කස් තේ එකක් බොන්න.

    අපේ අම්මා නම් ඉස්සර වදමලක් වතුරට දාලා තියලා උදේට බිව්වා සීනි අඩු කරගන්න.

    ReplyDelete
    Replies
    1. මේකට නම් හෙන්රි උණුවතුර දල බිව්වම ප්‍රෙෂර් වැඩි වෙනවා කියනවා, සිතල වතුර දාපුවම ප්‍රෙෂර් අඩු වෙනවලු. එහෙම තමා මේ ගල් අරබියෝ කියන්නේ

      Delete
  11. අපොයි උබට වෙන්නෙම ඔහොම දෙවල් නේ

    ReplyDelete
    Replies
    1. මොකද බන් කරන්නේ, අපිට සැට් වෙන්නෙම ඔහොම ඩයල් තමා

      Delete
  12. වදමල් තේ බීල නම් නෑ. ඒත් ඕක හදන්නෙ ඇත්තටම වදමල් වලින් විතරක් නම් ගැස්ට්‍රයිටිස් තියන අයට හොඳ ඇති. එහෙම අමාරු තියන අය වදමල් තම්බල බොනවා.

    ReplyDelete
  13. දැක්කමයි මෙහෙම කේස් එකක්!!

    ReplyDelete
  14. ඇත්තටම රස පානයක්

    ReplyDelete
  15. වදමල් බීල මූ මලා ද මන්ද?

    ReplyDelete
  16. මූට බටයක් අධාරයෙන් දෙන දඩුවමක් දෙන්න වටිනව අයියන්ඩි, කොහොම හරි ලංකාවෙ නමටත් වැඩේ දීලා ගිහින්නේ බන්.

    ReplyDelete
  17. ආ.. ලොක්කා බොමුද සීතල වදමල් ඩ්‍රින්ක් එකක්.

    ReplyDelete
  18. වැඩ්මල් මොකටද මෙයා දැං නිල් කට්රොල් මල් තියෙද්දි.

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .