Showing posts with label මගේ ජීවිතය. Show all posts
Showing posts with label මගේ ජීවිතය. Show all posts

Tuesday, 23 September 2014

ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . .


ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.

පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.

ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් මග අරුන.

මම මේකේ කිවේ මගේ පුත්ගලික කතන්දර නිසා වෙන අඩුම කුඩුම ලියන්නත් බැහැනේ.

අර මම ක්ලයන්ට් ගාවට ගෙනත් දාපු හාදය ඔන්න යන්න ගියා. ඉතින් මම දැන් තනියම. මොනා උනත් හොද එකා.

මගේ මස්සිනා වෙච්ච එකා මා එක්ක තරහ උනා.

මම අර ගිය එකා ගැන කියන්නම් අද.

ඉතින් මම ඔය ක්ලයන්ට් ගාවට ගෙනා එකාගේ එක එක කොම්ප්ලේන් තිබ්බනේ. මම නම් ඔව්ව වැඩිය ගණන් ගත්තෙ නැහැ. 

හැමදාම ඉතින් ඌ උදේ තේ එක එහෙම බීලඑනවා මගේ කාමරේට.

දැන් මේ එන්නේ ක්ලයන්ට් ගේ මිනිහෙක් නේ.

ඉතින් අපේ කොම්පැනියේ අයත් ඕකේ.

ඔහොමආපු දවසක මම ඉතින් අපේ කා.කා.ස ට කියල තේ එකක් බීම එකක් එහෙම දෙනවා.

මෙහෙ තියනවා ඔය එක එක ජාතියේ තේ වර්ග. දෙහි දාපුවා, ඉඟුරු දාපුවා, දෙහි ඉඟුරු දෙකම දාපුවා.

ඔය අතර තියනවා වද මල් වලින් හදපු තේ එකක්. රතු පාට.මම ඉතින් ඕක බොනවා ඔය දවසේ මිනිහ එනකොට.

ඔය අපේ යාළුවා, ටිකක් කට සැර ඩයල් එකක්. මෙහෙ වැඩ කරපු අය දන්නවා, කට කියන්නේ මෙහෙ උපාදියක්. ඒක නැත්නම් වැඩ කරන්න අමාරුයි. මී අපේ යාළුවගේ කට හොදට වැඩ නිසා, එතන ලොක්ක එක්ක සෙට් උනා.

මිනිහ මගේ ගාවින් තේ එකක් එහෙම බිල යන්න ගියා.

පහුවදා උදේම අපේ ලොක්ක මට කෝල් කළා. ඇහුව අර ක්ලයන්ට් ගේ කෙනා ඔයා නේද ගෙනාවේ කියල. මම කිව ඔව් ඇයි කියල.

අපේ බොස් කියනවා අන්න අපි එයට මිස් ට්‍රිට් කළා කියල කලයන්ට් කියනවා,  ගිහින් බලන්න කියල.

මම බැලුව මොකක්ද බොල මේ උනේ. 

ඕන දෙයක් තියේ නම් මට කියන්න බැරිද මේ යස්සයට කියල හිත හිත මම ගියා ක්ලයන්ට් ගේ ලොක්ක හම්බ වෙන්න. 

වෙලා තියෙන්නේ මේකයි. 

මම අර රතු පාට බිමක් බිව්වනේ.

මේ යකා ගිහින් උගේ කා.කාස ට කියල ඒ වගේ රතු පාට තේ එකක් ගෙනත් දෙන්නය කියල.

ඌ කියල අපිට එහෙම තේ එකක් දීල නැත කියල.

අපේ යෝදය ගිහින් උගේ ලොක්ක වෙච්ච ගල් අරබියට කියල "කොන්සල්ටන්ට් රතු පාට බිමක් බොනවය, කොන්තරක්කාරය ඒක අපිට දෙන්නේ නැතිය කියල " 

ඌ කතා කරලා කොන්තරක් කාරයට ඇයි අපිට ඒවා දෙන්නේ නැත්තේ කියල.

කොන්තරක් කාරය විහිලුවට කියල කොන්සල්ටන්ට් බිල කපන නිසා දෙන්නේ නැහැ කියල.

කොන්තරක් කාරයාගේ ලොක්ක තමා ඔය කෑම බිම බිල් ගෙවන්නේ.

ඉතිං ඒ ලොක්ක කතා කරලා අපේ බොසාට ක්ලයන්ට්ට මිස් ට්‍රිට් කළා කියල කොම්ප්ලේන් එකක් දමල.

ඔන්න අර වද මල් තේ එක නිසා මු ලංකාවේ නම තිබ්බ හැටි.

මේකට මගේ අහල එක අරගෙන බිව නම් හරිනේ, මොකටද උගේ ලොක්කට ඔව්ව කියන්න ගියේ. 

ඔන්න වද මල් තේ එක , , ,


හදපුවම මෙහෙමයි 



මෙහෙ කියන්නේ "කිර්කති" කියල

Friday, 20 June 2014

කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . .


දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත.

දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ.

පහුගිය මාසෙ දෙකේ මම නොහිතපු විදියට ගෙදර එක්ක කොකු.සතියකට සැරයක් රන්ඩු.රන්ඩු නම් මොනවද. . . ලන්කවෙ ඉන්නකොට නම්.මෙහෙ ඉදල රන්ඩු වෙනකොට එටිසලට් එක දියුණු වෙනව බලාගෙන ඉන්නකොට. 

මාර්තු මගෙ බිල - ඒ ඊ ඩී 1000
අප්‍රියේල් මගෙ බිල - ඒ ඊ ඩී 870
මැයි මගෙ බිල - ඒ ඊ ඩී 900

දැන් මේක ප්‍රශ්නයක් නෙ.

ආදරේ කරන කොට නම් මරු. .   හැබැයි කසාද බැදල ලමයෙක් දෙන්නෙක් හම්බඋනාම නම් අර ඉස්සර අනේ පනේ රත්තරනේ තඹේ වෙනව. 

ඉතින් මම කල්පනා කලා දැන් ආපහු පව්ල ගෙන්න ගන්න එක ලාබයි. එටිසලට් එකට සල්ලි දෙනවට වඩා කියල.

පුතා ඊලග අවුරුද්දේ ඉස්කොලෙ දාන්න ඕන. ඉතින් මෙහෙ ආවම ඉස්කෝලයක් එපයි.

මම ගියා ඔය ඉස්කොල ටිකකට පොඩ්ඩක් විස්තර හොයාගන්න කියල.

ඉස්කොලෙ එක - අවුරුද්දට ඒ ඊ ඩී 42,000
ඉස්කෝලෙ දෙක - අවුරුද්දට ඒ ඊ ඩී 25,000
ඉස්කෝලෙ තුන -අවුරුද්දට ඒ ඊ ඩී 18,000

ඔන්න වැඩේ.ඒකෙත් ඉස්කොල වල ඉඩ නැහැ.අරගෙන ඉවරලු.දැන් මම ඕක ගෙදරට කීවම . .

"මම කලින්ම කීව . . . .බීප් බීප් ටීන් ටීන් ඩින් ඩොන් . . .අහන්නෙ නෑනෙ . . බීප් බීප් "

මම එහෙන්ම කට් කරල නිකා හිටිය . ඇයි යකුනේ මෙ ඉස්කෝල වල ඉඩ නැති උනත් මම වරදි. . කොල්ල ඉස්කොලෙ කෙල්ලෙක් එක්ක කතා කලත් මම වැරදි, 

මට කලින් කීව තමා නමුත් මට අටෝරාසියක් වැඩ හින්ද ඒක අමතක උනා කිවනම් තව අහගන්න වෙන නිසා ඔහේ නිකන් හිටිය.

දැන් මම යාලුවන්ට කතා කර කර ඉස්කොල හොයනව.අලුතෙන් පටන් ගත්ත ඉස්කොලයක් තියනව කිව නිසා මම ගියා බලන්න.ඔන්න මම ඉල්ලපු කොල ටික දීල හිටිය වැඩේ කරල දෙනකල්.

ටික වෙලාවකින් මට ලමයව රෙජිස්ටර් කරල කොලයක් දුන්න.මම ඒකත් අරගෙන ඇවිත් ගෙදරට කතා  කලා මොකද මට තර්ජනය කරලනෙ තිබ්බෙ ලමයට ඉස්කොලයක් හදා නොගත්තොත් එන්නෙ නෑ කියල.
මම කීව

"ඔන්න හරි . ඉස්කොලෙ දැම්ම"

"මොන පන්තියටද දැම්මෙ"

"FS1"

"ඒ මොකටද? අයි අනේ ලමයට වයස පහයිනෙ.ඔකට දාන්න එපා ලමය එක අවුරුද්දක් අඩුවෙන් වෙනවනෙ.FS2 එකට දාන්න"

"#$%&&&@&&&*#--$*#$=$-"

මදෑ කලා, දැන් ඉතින් ආපහු මුල.

මම පහුවදා ගියා රෙජිස්ට්‍රාර් හම්බ වෙන්න. ලෙබනන් වල ගෑනු කෙනෙක් හිටියෙ.මම කිව" ම්සිස් මම ඊයෙ රෑ එලි වෙනක ඇහරල, මගෙ ලමය එක අවුරුද්දක් අඩුවෙන් ඉස්කොලෙ යැවෙන්නෙ මෙහෙම උනොත් .මෙයාව FS2  එකට දාල දෙන්න කියල.

ඒ පන්තියෙ ඉඩ නැතිලු. මම ගියා ප්‍රින්සිපල් හම්බ වෙන්න. ගිහින් කීව මට ආපහු වෙන ඉස්කෝල හොයන්න අමාරුයි කොහොම හරි කරල දෙන්න කියල.

පස්සෙ දවස් දෙකකට පස්සෙ කෝල් කල ඒ පන්තියට දැම්ම කියල.

හම්මෙ ඇති.ගෑනුන්ගෙන් මෙහෙමත් බැනුම් ඇහියකිය.

අනික. මට තේරුනේ මෙච්චරයි. .

මගෙ ඊසිලයිෆ් කාලෙ ඉවරයි.දැන් එන්නෙ ලමයින්ගෙ ඉස්කෝල, පන්ති, ඉවෙන්ට්, පේරන්ට් මීටින් . , ,

ඔන්න ජීවිතේ ඊ ලග අදියර.

හරි අද බ්‍රහස්පතින්දා වෙච්චි , මගෙ ගොඩක් පොස්ට් ලියන්නෙ සෙන්ටි දෙකක් ඇනගෙන වෙච්චි මේකට විතරක් ඇයි වෙනසක්. . .

දකුණු සැපත සෙන්ටි හතරයි. . .හෙට පන්ති යන්නත් එපයි . . .


Saturday, 3 May 2014

ක්ලයන්ට්ගේ ඩයල් එක . . .

මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.

අර බුකියේ ඈයෝ නම් දන්නවා මම අපේ ලංකාවේ ( අපේ නොවෙන ලංකාවක් තියේද අහන්න එපා ඔන්න) දෙන්නෙක් ගෙනාවනේ මගේ වැඩ පොලට.එකෙන් එකෙක් ගෙනාවේ අපේ ක්ලයන්ට් තැනට.අනික කොන්තරක් කාරයට.

ඉතින් ඔය ක්ලයන්ට්ට ගෙනාව එකා ලංකාවේ උතුරු පළාතේ මුස්ලිම් දෙමල කතා කරන ඩයල් එකක්.මට වඩා වඩා හොදට වැඩ දන්නා කෙනෙක් නිසා මම එයාව දැම්මේ ක්ලයන්ට් ගාවට.

මනුස්සය එන්න කලින් මට කතා කළා:

මනුස්සය : මචං තැන හොදද මචන් ?
මම : නියම තැනක් මචං, ක්ලයන්ට් උබට ඕන විදියට ඉන්න පුළුවන් පඩියත් දැනට වැඩිනේ බන්
මනුස්සය: සෙනසුරාද වැඩද බන් ?
මම : මචං මම සෙනසුරාදා කිසි වාහනයක් දැක්කේ නැහැ බන්
මනුස්සය : ඒ කියන්නේ වැඩ නැත්ද ?
මම :නැතුව ඇති නේද ?

ඔන්න කාලය ගිහින් මිනිහ ආව, පලවෙනි දවස :
උදේම මට කෝල් එක එනවා :
මිනිහ  : මචං මම ආව . උබ කොහෙද ඉන්නවා ?
මම : මචං මම ඉන්නවා අපේ ඔපීසියේ බං .
මිනිහ: ඒක කොහෙද තියනවා මචං
මම: උබලා ඔපිස් එක ඉස්සරහ දොරින් ඇවිත් දකුණට හරියේ මම ඉන්නවා

මෙන්න මිනිහ එනවා .

දැන් ඔය ක්ලයන්ට් ගාව ඉන්නකොට හොදට ඇදල කරලා එන්න ඕන.මොකද ක්ලයන්ට් නේ:

මිනිහ එනවා ෂර්ට් එකේ උඩ බොත්තම නොදා. . .

ටයි එකේ යට අර පොඩි කෑල්ල එලියට පැනල. . .

ටයි ගැටේ ඇද වෙලා

මම ඇහුව :

මොකද බන් ඔහොමද තැනකට එන්නේ. හරියට ලෑස්ති වෙල වරකෝ බන්.

ඌ: මේක දාන්න දන්නේ නැහැ බන් . . වයිෆ්ට පුළුවන් විදියට තමා දැම්ම . . කැත නම් හදා දියන්, , ,

ඔන්න කතා එක ඉවරයි ,. . .

එයිට පස්සේ මිනිහ එනවා මයේ ඔෆිස් එකට,

දවසක් මුගේ මුණ හරි නැහැ.

මම ඇහුව මොකද බන් අවුල .

"උබ කිව මට මේ කොම්පැනිය හොදටම හොදා කියල,

බලපන් උබට ඉන්ටර්නෙට් තියනවා, කොන්තරක් කාරයට ඉන්ටර්නෙට් තියනව , ,  ක්ලයන්ට්ට නෙට් නෑ . .

මොකක්ද බන් මේ. "

මම : ඔය පොඩි පොඩි එව්වා හදා ගන්න පුළුවන් මචෝ . පොඩියක් ඉඳපන් . .

ඌ: බලපන් මම කුණු එක දාන්න බාස්කට් යෙකක් ඉල්ලුව,  A4 පෙට්ටියක් තමා දුන්න බන් .
උබෙන් මම කී පාරක් ඇහුවද කොම්පැනිය හොදද ? ? ?  උබ කිව හොදා කියල . ..


ඌ මේවා කිව විදිය රස මෙහෙම කීවට වැඩක් නැහැ අහලම බලන්න එහෙනම් ( විනාඩියයි ඩේට 2.9 MB). . 

Sunday, 8 December 2013

පටෝන් පටෝන් . .

පින්තුරේ : http://www.grammarly.com/blog/wp-content/
uploads/2013/12/English.jpg


මම පොඩි එකා කාලේ අධ්‍යාපන වැඩ වලට ඒ තරම් දක්ස පොරක් නෙමේ.පන්තියේ පහලොව විස්ස තමා  සාමාන්‍ය පෙළ වෙනකල් හිටියේ.පිස්සු නටලත් නෙමේ, පාඩම් වැඩ කලත් එච්චරයි.මැටිකම තමා.

ඔය සාමාන්‍යපෙල කාලෙ ඉන්ගිරිස් වලට හිටියේ වයසක සර් කෙනෙක්.වයස 80 ක් වගේ ඔය කාලෙ.සර්ට ටිකක් ඇත්නම් මලම පනිනව.ඉතින් අපි ඔය පී‍රියඩ් එකේ වැඩිපුර සද්ද නැහැ.

ඉන්ගිරිස් නම් ඉතින් සුද්දගෙම වගේ.බුද්දාගම ගැන පොතක් එහෙමත් ලියල තිබ්බ ඉංගිරිස් වලින්.ඉතින් සර් පොරක්  ඒ කාලෙ.අපිට ඉන්ගිරිස් බැරි නිසා සර්ට ගරු කලත්  සර් අපිට කිසි සැලකිල්ලක් නැහැ.ඒ නිසා අපි අපේ ෆේවරිට් ලිස්ට් එකෙන් කපල හිටියේ.

අනික තමා මිනිහ උගන්නන්නෙ ඉන්ගිරිස් පුලුවන් අය තෝරලා.මාර විදියට පුලුවන් බැරි වෙනස්කම ඉස්මතුකරනව පන්තියේ.ඔය පයිතෝ සෙට් එකට වෙනම රචනා එහෙම ලියන්න දෙනවා.අනිත් උන්ට නැහැ.ඕ ලෙවෙල් කරන කාලෙ අපිට ඕක අරහන්.

තව දෙයක් සර් උගන්නනකොට කවුරු හරි පන්තියෙ පස්සෙ එකෙක් කෑගහුවොත් ගහන්නෙ ලග ඉන්න එකාට.පුදුම කේස් එකක්.එහෙම නැත්නම් සපත්තුව ගලවල ගහනව.ගුටි කාපූ එකා සපත්තුව ඇන්න ගෙනත් දෙන්න ඔන.ඒ ආපුහමත් ගහනව.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcSL-WtckLFjq_HLIlBltE7MyZ2LHVy
EXMKS8Q3I7PKxDNA8UYZJ

ඉතින් ඕක තමා දල වසයෙන් ඉන්ගිරිස් පීරියඩ් එකේ තත්වය.

අපි බුද්ධිමන්ඩලෙ නොහිටපු එකේ, සහ කරුමෙට ගාත් හය නිසා මගෙ යාලුවෝ තුන් දෙනාම මරුමුස් ඩයල්.ඉතින් අපේ තත්වය ඉතා ශෝචනීයයි.

දවසක්  සර් පන්තියට ඇවිත්  "put" වලින් හැදෙන වචන තියන පාඩමක් කියා දෙනවා හෙන හ‍‍යියෙන් සද්දෙට.කොහොමත් සර්ගේ සද්දේ ටිකක් ටකරන් වගේ සහ හොදට කට ඇරලා ඕනැවට වඩා බර දාල කතා කරන්නේ.

ඉතින් සර් put on කිය කියා කෑගහල කියනව.අපිට ඇහෙන්නෙ "පටෝන්" "පටෝන්" කියනව වගේ . . . ඇප නෑ. . . හිනාව කාගෙන උන්න  ඉන්න පුලුවන් තරම්.

අනේ මගෙ පුටුවට එහා හිටිය එකාට කොන්ට්‍රෝල් නැතිව ගියා.

"ඉහි ඉහික් හික් හික්" ගෑව නෙමේ ඌට ගෑවුනා, මේ පටෝන් පටෝන් කියල සර් කෑ ගහනකොට. . . 

සර්ගෙ ලිස්ට් එකෙ උන් ටිකත් මූනෙ කිසි හැගීමක් නැතුව උන්ගේ කන් උන්ගෙ නෙමේ වගේ ඉන්නව.මොකද හිනාව ලීක් උනොත් අපි වගේ නෙමෙ උන්ට ප්‍රිවිලිජ් නැති වෙන නිසා.

සර් පොත මේසෙට දමල, දිව දෙකට නමල, "මොකාද ඒ . . . මොකාද තිරිසනා" කි‍යල සද්දෙ ආපු පැත්තට ඇවිත් පිස්සුවෙන් වගේ අපි තුන් දෙනාටම පිටට හෙන ගහන්න  වගේ ගහගෙන ගහගෙන ගියා.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcQ01RPCOvf0YTWfT9VAU0u3mJ
RAaEJh-JQ-X5j_VTyEZkHBfRht

ඒකෙන් උනේ මම හිරකරගෙන හිනාව එලියට පැන්න එක. සර්ට දැන්  තවත් තද වෙලා.මගෙ පිටට ගහගෙන ගහගෙන යනව.

විස්සක් විතර ගහල සර් පොත් ටිකත් ඇරගෙන යන්න ගියා.

මට රිදුනෙත් නැහැ ගහපුවා.නමුත් පට්ට ආතල්.හෙහ් හෙහ් හෙහ් . . .

තාමත් මතක් වෙනකොටත් හිනා . . . 



Monday, 2 December 2013

යන්න කියල ගියාට යැවෙන්නේ නෑ . . .

ගිය අවුරුදේ මගේ උපන්දිනේ සෙට් වෙලා තිබුනෙ සතියේ දවසක.නමුත් මට ඒ ගැන මතකයක් තිබුනේ නැහැ.මොකද දුව හම්බවෙන්න දින දවස් කීපයකින් පහු උන නිසා වගේම වයිෆ්ට එන්න එන්නම අමාරු වේගෙන ආව නිසා ඒ ගැන කල්පනා කල මිසක ඔය වගක් මතක් උනේ නැහැ.

ඉතින් ඔය දවස් වල අපේ පෝරිසාද මල්ලි (මම කතා දෙකක් කියල තියෙන්නෙ 01 , 02 ) බිස්නස් කොරන්න ජොබ් එකෙන් අයින් වෙලා ලන්කාවට ගිහින් මම ආපහු එක්ක ඇවිත් හිටි‍යෙ මොකක් හ‍රි හොයල දෙන්න කියල.

මගේ උපන්දිනේ දවසේ උදේ වයිෆ් කියල මල්ලිට කිරිබතක් උයන්න කියල.මිනිහ උදේම නැගිටල කිරිබත් උයනකොට ගෑස් ඉවර උන නිසා වයිෆ්ට ඇහැරවල කතා කරල.එතකොට තමා දන්නෙ වතුර බෑග් එක කැඩිල ලමය හම්බවෙන්න යන බව.

ඔක්කොම අත ඇරල මම කුනුකෙල පිටින් උදේම ගියා ඉස්පිරිතාලෙට.උදේ  වරුවෙ මගෙ උපන්දිනේම දුවෙකුගෙ පියෙක් උනා.මගෙ බොහොම සතුටු දවසක්.උපන්දින තෑග්ගක් ලැබුන ජීවිතේම මතක හිටින්න.

ඔය දවස් මගෙ රැකියාව මාරු කරන්න වෙලා ටිකක් කරදර ප්‍රශ්න ගොඩක් සිද්ද උන කාලයක්.ඒ හැම දේටම හිලව්  වෙන්න මට ලැබුන මේ සතුට මට ඒ වෙලාවෙ ගොඩක් වටිනව.

ඔන්න එදාම මල්ලිට වීසා මාරු කරන්න ලන්කාවට යන්න ඕන කීව.දැන් මම වයිෆ් ඉස්පිරිතාලෙ තියල උදේම පුතා ඇරගෙන ඔෆිස් ගිහින් තියන වැඩ ටික කරලා ඉතිරිව අනිත් උන් දෙන්නට දීල එකොලහ වෙනකොට ආපහු ඉස්පිරිතාලෙට එනව.පට්ට අමාරු කෝස් එකක්.මම කලින් කීව වගේ අපේ පුතා හරිම හොද ලමයෙක්.ඉස්පිරිතාලෙ නර්ස්ල අහනව අම්මව ගෙන්න ගන්න අමාරුද තනියම කරගන්නෙ කොහොමද කියල.

අනික අපේ පුතාත් හරිම හොද ලමයෙක්.මම වගේමයි, දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න බොහෝම නිවුන ලමයෙක්.

පින්තුරේ http://www.thedailyblur.com/wp-content/uploads/2013/03/Lollipop-Photography_664-640x265.jpg

මම ජොබ් එකත් කරගෙන සීසර් කරපු තුවාලෙට බෙහෙත් දාන්න දවල් 12වෙනකොට ඉස්පිරිතාලෙට ඇවිත් ‍රෑ පුතාව නිදි කරල චිත්‍ර වල බඩු මුට්ටු ගනන් කරන්න ඕන පහුවදා ඔෆිස් යන්න.ඔහොම දවස් 4ක් ඉස්පිරිතාලෙ උන්න.

ඉදල ගෙදර එක්ක එන්න පුතාව අරගෙන ගිහින් ශොපින් මෝල් එකේ ප්ලේ ඒරියා එකට දාල ගෙදර ගිහින් ගේ හෝදල පිරිසිදු කරල ඔන්න ලමයව එක්ක ආව.අම්මලා ආවෙ එයිට දවස් 3කට පස්සෙ.

ඔය් උප්පැන්න සහතික ගන්න,පාස්පොර්ට් හදා ගන්න ලොකු මහන්සියක් වෙලා ඒ වැඩ ටික කරගත්තා.තාත්තට ඒ වෙනකොට ටිකක් උන ගතියක් ආව නිසා අම්ම කීව මාර්තු වෙනකල් නොයිද ඉක්මනට ගෙදර යමු කියල.මමත් දුවගෙ වීසා හදා ගන්නේ නැතුව යමු එහෙනම් කීව මොකදඉපදිල  මාස තුනකට කලින් වීස නැතිව යන්න පුලුවන් කියල අපේ කොන්සුලේට් එකෙන් කීව නිසා.

ඔන්න පෙබරවාරි මාසේ මුල දවසක හැමෝම ගෙදර යන්න ලැස්ති වෙලා හිටිය.බඩු බෑග්ම හතරක්.බ්‍රහස්පතින්දා දවසක යන්න දාගත්ත දවසක් නිවාඩු වැඩිපුර ගන්න පුළුවන් නිසා.ඒ දවසේ ඩුබායි වලින් ෆ්ලයිට් නොතිබුන නිසා සාජ වලින් දාගත්ත.

ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක්.දුවගේ පාස්පෝර්ට් එක අරගෙන අනිත් ලියකිවිලි ටිකත් අරගෙන යන්න ටැක්සි එකක් අරගෙන සාජා එයාර්පොර්ට් එකට එනකොට ටිකක් පරක්කුත් වෙලා.බදු ටික දාල බෝඩින් පාස් ටික අරගෙන තාත්තවත් රෝද පුටුවේ තියාගෙන ඉතා මහන්සියෙන් ඉමිග්රේෂන් එකට ගියා.දැන් ෆ්ලයිට් එක අද්දන්න තව පය භාගයයි.

මගේ පාස්පෝර්ට් එකට සීල් ගැහුවා, අම්මගේ තාත්තගේ එකට සීල් ගැහුවා -  ඒ කියන්නේ එයාලගේ විසිට් විස එක ඉවරයි.දුවගේ එකට සීල් එක ගහන්න ගියාම මිනිහ තුන් හතර පාරක් ස්කෑන් කලාට එන්නේ නැහැ.

මිනිහ කතා කළා ලොක්කට.ලොක්කත් ඇවිත් කියවනවා.පාස්පෝර්ට් එක බලනවා, කොම්පියුටරේ බලනවා හරි යන පාටක් නැහැ.පස්සේ මට කිව දුවගේ බර්ත් සර්ටිෆිකෙට් එක අප්ඩේට් වෙලා නැතය.රටින් පිට වෙන්න දෙන්න බැහැය කියල.දැන් මොකද කරන්නේ.!@#$%^&

අම්මගෙයි තාත්තාගේයි විස එක කැන්සල් උනා එක්සිට් සීල් එක ගහපු නිසා.ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක් ඇවිත්.

දැන් කරන්න දෙයක් නැහැ යන්න වෙන්නේ නැහැ අම්මටයි තාත්තටයි තනියම යවන්න උනා අසනීපත් තියාගෙන.මගේ ටිකට් හතරම කැන්සල්.ලොකු කට්ටකුත් කාගෙන ආපහු ඇවිත් දුවට විසා ගහගෙන දවස් දෙකකට පස්සේ ඩුබායි එයාර්පෝර්ට් එකෙන් ලංකාවට ගියේ.එතැනදී මම ඉමිග්රේෂන් එකේ කෙනාගෙන් ඇහුව සාජා වලින් මෙහෙම උනාය කියල.එයා ඇහුවේ "ඇයි සාජා වලින් යන්න ගියේ ,ඔයාගේ එහෙ සිස්ටම් අප්ඩේට් වෙන්නේ පරක්කු වෙලා " . . . 
==============================================================
මේ කතාව මතක් උනේ මේ මෑතක මෙහෙ ආපු එකෙක් පලවෙනි පාරට ලංකාවට යන්න ගිහින් සාජා එයාර්පොර්ට් එකේ නතර කරගෙන ෆැමිලි එකත් එක්ක.හේතුව කොම්පැනි එකෙ ඩ්‍රයිවර් කෙනෙක් මෙයාල ඔෆිස් යන කොම්පැනි ට්‍රාන්ස්පෝර්ට් එකේ අරක්කු ගෙනත් අහු වෙලා මෙයිට මාසෙකට කලින්.කොම්පැනිය සුද්දගේ කොම්පැනි එකක් කරන්නේ රජයේ වැඩ විතරයි.ඒ වාහනේ ඇගිලි සලකුණු ඔක්කොම අරගෙන එකේ ගිය ඔක්කොම වොන්ටඩ් ලිස්ට් එකේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 
පින්තුරේ http://rlv.zcache.com/shrodinger_s_cat_wanted_poster_postcards-r64a7ed9d5dfe48e3a753c23b2cde1636_vgbaq_8byvr_512.jpg

ඉතින් ඒ කොම්පැනියේ වැඩකරන පහලවක් වොන්ටඩ් අරක්කු විකුණලා  . . . .හෙහ් හෙහෙ හෙහ් 
========================================================================




Sunday, 24 November 2013

ඔන්න බලාපල්ල ඒකෙත් හැටි. . .

කලින් පොස්ටුවෙ කොමෙන්ට් වලට උත්තර දෙන්න බැරි උනා.පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි උනා මේකට එන්න බැරිව ගියා.

මේක මට ඔය පහුගිය දවසක වෙච්චි වැඩක්.මේ දවස් වල මම පොඩ්ඩක් රැකියාවෙ අන්සෙන් වුවමනා කරන සුදුසුකමක් අරගන්න මහන්සි වෙනව.මමයි තව මම වගේම කැලේ පැන්න එකෙකුයි තමා සෙට් වෙලා ඔ‍ය වැඩේ කර ගන්න ක්‍රමයක් හොයන්නෙ.

ඉතින් ඔය වැඩෙ කර ගත්ත යාලු මිත්‍රයෝ ගොඩක් ඉන්න නිසා අපි දෙන්න බොහොම සැහැල්ලුවෙන් වැඩේ කර ගත්තකි කියල හිතාගෙන,නෙට් එකෙන් ගත්ත කොල ටිකත් අරගෙන ලැස්ති උනා.නමුත් හරියටම ක්‍රමේ දැනගෙන උන්නේ නැහැ අපි දෙන්නම.ඕක ගැන හිතුවෙම නැහැ යාලුවෝ තුන් දෙනෙක් එක එක හේතු කියනකල්.

ඉතින් අපි මෙච්චර කල් ආශ්‍රය කල එකෙක් හම්බවෙන්න ගියා ඔය පරිනතයි කියන සෙට් එකේ.ගිහින් කීව අපිට මේක කරගන්න පොඩ්ඩක් කියා දීයන් කි‍යලා.

"මල්ලි මේක ලේසි දෙයක් නෙමේ.හොදටම සබ්ජෙක්ට් එක දැන ගන්න ඕන.මට ශුවර් නැහැ උබලට මේක කරගන්න පුලුවන් කියල.එක නිසා අහවල් කෝස් එක අවුරුදු දෙකක් කරලා තව අවුරුදු දෙකක් මම වගේ එකෙක් ගාව  වැඩ කරන්න ඕන "



පින්තුරේ :cultivatedsociety.com

තව එකෙක් ගාවට ගියා...

" මල්ලි මේක #$^@# එකේ ^%^ 2342 කරලා $%^&^&*()(* කොරල @$#@%$ දීල $&&*^ ඇරගෙන &^%&^^* ගාවට ගිහින් . . . . . මට මල්ලි හදිසි වැඩක් තියනව ඕන කමක් තිබුනොත් කියන්නකෝ"

පින්තුරේ ගත්තේ:top-10-list.org


ඔන්න ඔහොමයි...කෙරෙන ක්‍රමයක් නෙමේ .... ඌට අපිට තේරෙන්න ඕන නැහැ. තව අවුල් කරන්න ඕන...

දැන් ඉතින් තවත් මේක එක්ක තව කතා කරල වැඩක් නැති නිසා අපි එන්න ආව.

ඔය කතාව අහගෙන උන්න අපේ සෙට් එකේ එකෙක් ෆෝන් නම්බරයක් දීල කීව මෙන්න මේ අහවලාට කතා කරන්න කියල.ඔය වෙනකොට අපිට මේ වැඩේ එපා වෙල ඉවරයි.ඇත්තටම බොහොම  කනගාටුවක් දැනුන අපි මෙච්චර කල් බොහොම හොදින් අසුරු කල අය මේ පොඩි දේකට,උපදෙසක් දෙන්න මෙහෙම කල එකට.

ඉතින් අර ලැබුන නොම්බරේ කෙනාට කතා කලාම ඒ මනුස්සය මේ රටේ බොහොම ලොකු ආයතනයක ලොකු තනතුරක් දරන කෙනෙක්.

ඔය මනුස්සයා අපිට එන්න කීව ගෙදරට.ගත්ත කොල ටික සේරම කතා කරන බාසාවෙන් කියා දුන්න. ලොකු ලොකු වචන දැම්මේ නැහැ.මෙහෙම කීව.

"මල්ලි ඔයාල එන්න හැම සිකුරාදම මම ඔය ඉන්ටර්විවු යන අයට පන්ති කරනව මගේ ගෙදර නොමිලේ.ඔයාල ඒකට එන්න ඕන කරන දේවල් ප්‍රශ්න ඔක්කොම සාකච්චා කරනව"

එතකොට තමා අපිට මතක් උනේ අර සින්දුව.

"වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අනික තමා ඔක්කොම වෘර්තිමය ඉරිසියාව ගැටළු තියෙන්නේ පොඩි මිනිස්සු ගාව මිසක් ඇත්තම පොරවල් ලග එව්වා නැත. .

Monday, 30 September 2013

ගල් වලේ කටු කෑම, බස් ගමන්, සහ අතුරු කතාවක් . . .

මේකත් පරණ කතාවක්.අර ගලක් ගහල බොසාගේ ඔලුව පැලුවට පස්සේ එයිටත් ටිකක් එහා තියන ගමක වැඩ සෙට් උනා,ඉතින් ඔය ආයතනයේ වැඩ පටන් ගන්නේ උදේ හයට.ඉවර වෙන වෙලාවක් නැහැ හැබැයි රෑ අටනම් පහු වෙනවා ෂුවර්. ඔහොම සතියට වැඩ කරන්න ඕන දවස් හයක්.ඉරිදා විතරයි නිවාඩු.

පින්තුරේ ගත්තේ : www.crushersolution.net

ඔන්න ඔය ඉරිදා එනකල් තමා මම දවස් හයක් කුණ කෑවේ.

ඉතින් මම ඔය එක සෙනසුරාදා දවසක වැඩ ඉවර වෙලා ලියන්න ඕන කොළ ටික ලියල , පහුවදා වැඩ කරන උන්ටත් එක්කම ලොක්කගේ මෙසේ උඩින් තියල වෙලාව බලනකොට අට හමාරයි.එහෙම්ම ටයිම් කාර්ඩ් එක මාක් කරන මැසිමට ඔබල එකත් ට්‍රේ  එකට දාගෙන ඉක්මනට ගිහින් වාහනේට නැග්ග බස් එකට වෙලාව පහුවෙයි කියල බයට.

සයිට් ඔෆිස් එකෙන් එලියට දානකොටම වගේ තියන වංගුව අයිනේ තියනව පොඩි තේ කඩයක්, කොච්චර හදිසි උනත් හැමදාම කරන පුරුද්ද නවත්තන්න බැරි නිසා, ඔතන නවත්තල විස කුරු දෙකක් අරගෙන එකක් ඩ්‍රයිවර් කොලුවටත් දීල මමත් එකක් ඉක් ඉක්මනට ඇදල දැම්ම උණු ප්ලේන්ටියක් එක්ක.

ඔය අනිවාර්ය වැඩ ටික කරලා නවාතැනට එනකොට නමයයි.රෑ දහයට තමා එක බස් එකක් තියෙන්නේ ලගම තියන ටවුන් එකෙන් කොළඹට.කෑම අන්කල් දොරේ එල්ලලා තිබ්බ රෑ කෑම එකත් අරගෙන මම මුලින්ම සතියේ හෝදන්න තියන ඇදුම් ටික බෑග් එකට දාල පැත්තකට කළා.

නාගෙන කාල පාරට යනකොට නමය හමාරත් පහුවෙලා.දැන් යන්න වෙන්නේ තුන්සක රියක තමා ඉතින්, මහා රජාගේ නගරෙට යන්න එපයි බස් එක ගන්න.ඉතින් මම යනකොට දහයේ කොළඹ යන බස් එක ගිහින්.තවත් පැය දෙකක්  ඒ කියන්නේ රෑ දොළහට තමා අනික් එක තියෙන්නේ.

පින්තුරේ විකිපිඩියාවෙන් 

ඔය කාලේ මම එහාට මෙහාට ඇවිද ඇවිද තේ එකක් බිබී  කනවා.

බස් එක ආපු ගමන් නැග්ග,බෑග් එක බිමින් තිබ්බ මම නිදී...

ඕක කොලබට එනකොට උදේ පහ - පහ හමාර වෙනවා. ඊ ළඟ වැඩේ තමා කබ කඩ කඩ යනවා කොටුවේ ඉස්ටෙසමට.ගිහින් ප්ලැට්ෆොර්ම් ටිකට් එකක් අරගෙන ගිහින් එකේ තියන "මහතුන්ගේ විවේකාගාරය" ඇතුලේ තියන සින්ක් එකෙන් මූන හෝදගෙන රැව්ල කපාගෙන, දත් මැදලා, අරගෙන ආපු අමතර ෂර්ට් එක ඇඳගෙන ලැස්ති වෙලා ඉස්ටේසමේ බංකුවකට වෙලා පොඩි ඇලට් එකක් දානවා යාළුවා එනකල්.(අනේ සංසාරේ මම කාපු කටු ...)
මේ වගේම මහතුන්ගේ විවේකාගාරය කියල එකකුත් තියේ අනික් පැත්තේ ..ෆොටෝ නැහැ බන් ...මේකත් ගත්තේ srilanka.for91days.com

ඔන්න අට අට හමාර විතර වෙන්ට මෙයා එනවා ඉස්ටේසම ලගට.ඔය වෙනකොට අපේ හොදම යාළුකම  ලිමිට් පැනල ගිහින් තිබුනේ.දෙන්නටම ඒ ගැන කතා කරල අපහසුතාවයකට පත් වෙන්න ඕන නැති නිසා, එතනින් එහා දෙවල් ගැන දෙන්නම කතා කරේ නැහැ (කතා නොකරපු එක වැඩි කාලයක් යන්න කලින් මහා විසාල ප්‍රශ්නයක් උනා).

ටවුම පුරා ඇවිදලා කැම්පස් එකට ගිහින් කෑම කාල, (ඔය කාලේ අවුට් වෙලා හිටියට සේකියුරිටි එකෙ උන්ට මතකයි)හවස හත විතර වෙනකොට මම හෝදන්න ගෙනාපු සතියේ ඇදුම් ටික දීල ඊලග සතිය වෙනකල් සමු ගන්න ඕන.

කරුමෙට එදා එයාලගේ අයියගේ ළමයකුගේ උපන්දිනයක්.තියෙන්නේ බොරලස්ගමුවේ.මේක තවම ඒ ගෙවල් වලින් දන්නේ නැහැ.එයිටත් ඔය ලඟක් වෙනකල් දෙයක් තිබුනෙත් නැහැ.නමුත් පොඩි අයිය එක පාරක් දෙපාරක් අපිව දැකල තියනව.නමුත් දන්නේ ගොඩක් කල් යහළුවෙක් කියල විතරයි.

ඉතින් මමත් බොරලැස්ගමුවේ යන්න පිළියන්දල යන බස් එකක නැගල ගිහින් ඒ කිට්ටුව බැහැල කිව්වා එහෙනම් ත්‍රී වීල් එකක් අරගෙන මේ ටික යන්න මම යන්නම් කියල. කියල හැරෙනකොට මෙන්න ඉන්නවා ලොකු අයිය එතනම.

මිනිහ කේක් එක ගෙනියන්න ඇවිත්.

මාව යාලුවෙක්ය කියල දැන උන්නට මෙහෙම දෙයක් දන්නේ නැහැනේ.අනික ගෙදරට පන්ති යනවා කියල ගෙන්න ගත්තේ.මට කට උත්තර නැහැ.මිනිහත් ටිකක් හීනියට හිනාවක් දාල යමු ගෙදර කිව.දැන් මම අතරමං.

මේකි බය උන ගමන් "මගියෝ මම යනවා අයිය එක්ක ඔයා ඔතනින් ගිහින් වමට හැරිලා ඉස්සරහට ගියාම කඩ දෙහෙකට පස්සේ තමා අබාන්ස් එක තියෙන්නේ " කියල මට කියල මාරු . . . 

දැන් වැඩේ හොඳටම අවුල් වෙලා.කවදාවත් නැතුව මට හෙන බරක් දැනුන මේ සිද්දිය.හැමදාම මම කියන කියන වෙලාවට කියන කියන තැන් වල යන්න එනවා.මගේ වැඩ, මගේ ප්‍රශ්න හැම දේකටම.ඒ උනාට දැන් ඒ සිම්පල් යාළුකම දරුණු වගකීමක් වෙලා මට.මෙහෙම මෙයාලගේ ගෙදර ගිය වගක් අපේ ගෙදරින් දන්නවා නම් එකත් ප්‍රශ්නයක්.

මොහොතකට  මම ප්ලෑන් කරනවා ෆෝන් නම්බර් වෙනස් කරලා කතා බහ නොකර වැනිෂ් වෙන්නත්.....බෝඩිමේ ඉඳපු යාළුවා විතරයි මෙයාව දන්නේ.අනිත් යාලුවෝ අදුනන්නේ නැහැ.ඌට කතාකලොත් ....මගේ ඔලුව යකාගේ කම්මල වගේ....

අයිය මෙයාව වාහනේට දාල මා ගාවට ඇවිත් ගෙදර ගිහින් පොඩි වෙලාවක් ඉඳල යමු, අබාන්ස් එකේ වැඩේ පස්සේ කර ගන්න  කියල කිව.ඒ කීව ටෝන් එක ටිකක් කේස්.

මම නිකමට බැලුව එයාගේ මූන බිරන්තට්ටු වෙලා,අද හැමෝටම උත්තර දෙන්න වෙනවා යාලුවෙක් කියාගෙන කොල්ලෙක් එක්ක නිවාඩු දවස් වල ඇවිදින එකට. මුනදෙන්න වෙන සිද්දිය එයාගේ මුනෙන් පේනවා.මම හිතුව දැන් එහෙම කලොත් ඒක හොඳ නැහැ,එක නිසා මම යනවා කියල.

දැන් මේ අව් අස්සේ හෝදන්න ගෙනියපු ඇදුම් ටික මම ආපහු ගත්ත.

එදා තමා එයාලගේ තාත්ත එක්ක කතා කරන්න ලැබුනේ.මා එක්ක බොහොම හොදින් කතා කලා අමතර කිසිම දෙයක් ඇහුවේ නැහැ.මාව අපහසුතාවයකට පත් නොකර "ඉක්මනට යන්න පුතා එහෙනම් බස් එකට පරක්කු වෙනවනේ "කියල මාව නිදහස් කළා.ඔතල දුන්න බත් එකත් අරගෙන මම පය ඉක්මන් කරලා එතනින් පිට උනා.

නමුත් අයිය බැලුවේ තව ටිකක් තියාගෙන මේකේ ඇත්ත නැත්ත කතා කරන්න.මොකද පොඩි අයිය කිහිපවතාවක් අපිව කොටුවේදී දැකලා තියනවා.

නමුත් මම අවුරුදු 5 ක් වගේ ඒ වෙනකොට සාමාන්‍ය යාලුවෙක් විදියට ඇසුරු කරලා තිබුන නිසා කවුරුත් සැක හිතල නැහැ.

ඔය සිද්දිය වෙලා අදට අවුරුදු 7 ක් හරියටම.

මතක් උන නිසා ලිවේ.

මේ සිද්දියෙන් පස්සෙ තමා සම්බන්දෙට හරි තේරුමක් ආවේ. . .

ඊගාව සතියේ, සති දෙකේම ඇදුම් ටික බෑ කියද්දී ඇගේ ගහල ආව හෝදන්න කියල.මම බෙලිඅත්ත ටවුමෙන් අලුත් ෂර්ට් දෙහෙකුයි කලිසමකුයි අරගත්ත ඊ ළඟ සතියේ අඳින්න, එක සතියක ඇදුම් කොළඹ ලොන්ඩරී දාල නිසා . . .



ප.ලි  රෙදි හෝදන එකම නෙමේ මේ කතාව ලියන්න හේතු උනේ ....ඇතුලෙන් යන වෙන කතාවකුත් තියන නිසා ලිවේ . . අපි අතර තිබුන සම්බන්දෙ පටන් ගත්ත දවසක් නොතිබුන නිසා මේ දවස තමා පටන්ගත්ත දවස ලෙස සලකන්නේ ...ඕකයි ලියන්න හේතුව ...

ප.ප.ලි : ඒ කියන්නේ බොලල්ල අද මගේ කෙල්ල එක්ක යාලු උන ඇනිවසරිය ...ඔව් ,,, ඉඳගෙන ....

Thursday, 19 September 2013

අප්සට් කේස් එකක් ...

අපේ අප්පච්චි ටිකාක් වෙනස් පුත්ගලයෙක්.මා එක්ක වැඩි සහ සම්බන්දයක් නැහැ.මම දැන් රටින් පිට වෙලා ඇවිත් අවුරුදු 7 කට කිට්ටුයි.මේ කාලෙටම මට කතා කරලා තියෙන්නේ ගණන් කරන්න පුළුවන් වතාවල් කීපයකදී විතරයි.හේතුව  මම දන්නේ නැහැ.මම මෙහෙ ඉඳල කතා කලත් "හා කොහොමද හොදින් ඉන්නවද , ඉන්න මම අම්මට දෙන්න " කිව්වා අම්මට දුන්න ... එච්චරයි .. මම අම්මගෙන් අහ ගන්න ඕන අප්පච්චිට කොහොමද ? මොනවද කරන්නේ විස්තර.

මම පොඩි කාලේ අප්පච්චි ගෙදරට වඩා හිටියේ පිට.එයාගේ දේශපාලන වැඩ කටයුතු නිසා 88 ජුලි මාසේ අපේ ජිවිත උඩු යටිකුරු වෙන සිද්දියක් සිද්ද වුනා.සහෝදර ජනතාව අපේ ගෙවල් ගිනිබත් කරලා ව්‍යාපාරයටත් ගිනි තියල මහා විනාසයක් කලා.එදා ඉඳන් අපේ ආර්ථික මැෂිම දිව්වේ කර කර ගගා.වී ටික එකතු කර ගන්න ගත්ත නය බොහොම අමාරුවෙන් ගෙවල ඉවර උනේ එයිට අවුරුදු 10 කට පස්සේ. ඉතින් ඒ වෙනකොට නංගි බොහොම පොඩි.දැන් මගේ පුතාගේ වයස.අවුරුදු 4ක්.

ඔය සිද්ද්යෙන් පස්සේ රණ්ඩු සරුවල් ඇති උනා අම්ම එක්ක.පවුලේ අනිත් අයත් එක්ක නම් කොහොමත් ඇර ගත්ත ගමන්නේ ඉන්නේ.අනික වතු පිටි වලින් ආපු අදායම විතරයි තිබුනේ.නය ගෙවන්නයි දේශපාලන වැඩ වලටයි ඔය ඉඩ කඩම් ටිකකුත් විකිණිලා තිබුනේ.ඉතින් කියන්න ඕන නැහැනේ අන්තිම අමාරුවෙන් වැඩ ටික කරගෙන ගියේ.

ඒ අතර අප්පච්චි එයාගේ ආතල් එක නැවැත්තුවේ නැහැ.යාලුවෝ එක්ක බිල රෑ එලි වෙනකල් කතා කර කර ඉන්නවා.ඔව්ව ඉතින් අපි කොච්චර කිව්වත් නවත්තුවේ නැහැ.සමහර වෙලාවට මා එක්ක බහින් බස් වෙච්ච වාර තිබුන.ඔය මම උසස් පෙළ කරන කාලේ.

මම ගෙදර යනකොට එයාට මොනවත් ගෙනියන්නේ නැහැ.මොකද කියනවා මට එපා මම මට ඕන එව්වා මම ගන්නම් කියල.මගෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ.අක්කගෙන් නංගිගෙන් ගන්නෙත් නැහැ.න මුත් අපි අම්මට දීල අම්ම ලව්වා  අරගෙන දෙනවා.

ඒ දවස් වල ඈත් වුන එක අදටත් තියනවා.මේ ලිපිය ලියන්න හේතු උනෙත් ඔන්න ඔය හැඟීම තමයි.

අද කවදාවත් නැතිව මට කතා කළා.කතා කරල එයාගේ යාලුවෙක් නැති උනාලු කියල මෙහෙම කිව්වා

" පුතා මම මේ නිකන් කතා කලේ,අම්ම නංගිලාගේ ගෙදර ගියා කියන්න, ඔය හොදින් නේද ?" කිව්වා...

කවදාවත් කතා කරලා මම නිකන් කතාකරේ කියන්නේ නැහැ.මට කියන්න දෙයක් හිතා ගන්න බැරිව ගියා  ටික වෙලාවක් .මොකද වෙනද විදියට කතා කළා නම මමත් ටක් ටක් ගාල කතා කරලා ඉවර කරනවා.අද එහෙම නෙමේ සීරියස් කතා කලේ.

" පුතා මගේ හොඳ යාලුවෙක් නැති වෙලා, මගේ හිතට ඒ තරම් හරි නෑ එකට, මම ඒකයි කතා කලේ " කියල.

මට ඇත්තටම කියන්න දෙයක් නැතිව මම කිව "හරි අප්පච්චි "කියල.එක කිව්වේ ඇයි කියල මමම දන්නේ නැහැ. කිව්වා නෙමේ මට කියවුනා.

එයිට පස්සේ "මම එහෙනම් තියන්නම්" කියල මම හා කියන්නත් කලින් තිබ්බ.

පින්තුරේ www.businessinsider.com

දැන් මට හෙන අප්සට් මේ වෙච්ච වැඩේට.

අම්ම නම් කියන්නේ ඕක හිතන්න එපයි කියල.

ගෑනිට කිවම මගේ  වැරැද්දය, මම හැමවෙලාවෙම දෙමව්පියන්ගේ වැරදි කතා කියනවය, ඒක නිසා තමා ඔක්කොම නැති ප්‍රශ්නය කියල මගේ ඇඟට ගොඩවේගන ආපු නිසා මම ශේප් එකේ වෙන කෝල් එකක් එනවා කියල කට් කරල නිකා හිටිය.

එයා හැදුන පරිසරය අපේ ගෙදරට වඩා ගොඩාක් වෙනස් නිසා එයා අපේ අප්පච්චි එක්ක බොහොම හොඳයි, ඒක නිසා එයා එක්ක මෙව්වා කතා කරලා වැඩක් නැහැ.

නමුත් කොතැනක හෝ මගෙත් වරදක් නම් තියනව කියල මට හිතෙනවා තදින්ම....

Wednesday, 21 August 2013

අපුරු නඩු කීම ...

english.srilankamirror.com 
මේ කතාව මට මතක් උනේ කකාගේ බ්ලොගේ මම දාපු කොමෙන්ට් එකක් ලියනකොට.පොඩි ආතල් එකක් තියන නිසා ලියන්නේ.මේක අපේ ගෙදර වුන සිද්දියක්.

අපේ අප්පච්චිට ඉන්නවා මල්ලි කෙනෙක්.ආච්චිට ඉන්නේ ඔය දෙන්න විතරයි.ඉතින් ඔය ළමයි දෙන්නගෙන් අපේ අප්පච්චි තමා පිත්තල පුතා.බාප්පා තමා රත්තරන් පුතා.එහෙම තමා අපේ ආච්චි කැටගරයිස් කරලා තියෙන්නේ.හේතුව අපේ අප්පච්චි ටිකක් මුරණ්ඩු කියන දේ නාහන ගති තියන කෙනෙක්.දේශපාලනේට ගිහින් තිබුන දේවල් ගොඩක් නැති කර ගත්ත.ඉතින් ඔය ඉඩකඩම් එහෙම පරම්පරාවෙන් ලැබුන ඒවා ගොඩක් විකුණුනා.

ඔය වැඩේට අපේ ආච්චි කැමත්තක් දැක්කුවේ නැහැ.ඉතින් ඉඩම් බෙදල දෙනකොට රත්තරන් පුතාට ටිකක් වැඩියෙනුයි පිත්තල පුතාට ටිකක් අඩුවෙනුයි තමා බෙදල දීල තියන්නේ.ඕකට ඉතින් ඔය අයිය මලෝ දෙන්න හැමදාම කචල්.හැබැයි අර රත්තරන් පුතා ටිකක් වෙනස් ජාතියක පුත්ගලයෙක්.එය බැන්දේ දොස්තර කෙනෙක් නිසා පදිංචියට නුවර ගියා.ආවේ මාස කීපයකට සැරයක්. ඇවිත් ආච්චිව බලල යනවා.ඇත්තටම ආවේ වතු පිටි ටික බලල පලදාව අරගෙන යන්න.

ඉතින් ආච්චි බලා කියා ගන්න එක කලේ අපේ ගෙදර.

ඔහොම යනකොට ඉඩමක වැටවල් ගහන්න ගියාම ප්‍රශ්නයක් ආව ප්ලෑන් වල තියන මායිම් ගැන,ඔය වැඩේ දිග දුර ගිහින් කොහොම හරි උසවියටම ගියා.දැන් ඔන්න නඩු යනවා.ඔය නඩුවේ පැමිණිලිකාරය සහ විත්තිකාරය ඉන්නේ එකම ගෙදර.

පැමිණිලි කාරය තමා ආච්චි, විත්තිකාරය තමා අපේ අප්පච්චි.

ආතල් කොටස

දැන් ඔය ආච්චි අපේ අප්පච්චිට විරුද්දව නඩු කියන ඉඩම ඇත්තටම ලියල තියන්නේ අපේ බාප්පාට.හැබැයි එයා මේකට මැදිහත් වෙන්නේ නැහැ.එයාගේ වැඩේ ආච්චි ලවුවම වැඩේ කර ගන්න.

දැන් නඩු දවස් වල වෙන්නේ මෙහෙමයි.

උදේම බාප්පා එනවා අපේ ගෙදර ආච්චිව උසාවි එක්කගෙන යන්න.ඇවිත් අප්පච්චිගෙන් බැනුම් එහෙම අහගෙන බාප්පාගේ අලුත්ම වාහනේ නැඟල යනවා උසාවියට.ගිහින් ඒ වැඩේ ඉවර උනාම, බාප්පා කියනවා මෙහෙම.

" අම්මේ එහෙනම් මෙතනින් ත්‍රීවිල් එකක් අරගෙන යන්න මට පුතාව ඉස්කෝලෙන් ගන්න යන්න ඕන" කියල ආච්චිව උසාවිය ගාව දාල මිනිහ යනවා නුවර.දැන් අපේ අප්පච්චි  උසාවියේ වැඩ ඉවර වෙලා එනකොට මෙන්න ඉන්නවා ආච්චි උසාවිය ගාව.

ඉතින් අප්පච්චි අම්මා මෝ නැතිව බාප්පට බැන බැන ආච්චිව වීල් එක්ක දාගෙන ගෙදර එනවා.

ලස්සන වැඩේ මේකයි,

ඕක හැම නඩු දිනකදීම රිපීට්, මිනිස්සු බැන බැන යනවා දකින දකින ගානේ.ආච්චිට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ පුතාලට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ.

Monday, 19 August 2013

අමුවෙන් ගිය ට්‍රිප ...

ගිය පාර ඊද් නිවාඩුවට ලෑස්ති උනේ සති කීපයක ඉඳන්.කන්නේ මොනවාද ගෙනියන්නේ මොනවද හැමදාම කතා කළා.මේ ගමනට ළමයි ඉන්න පවුල් දෙකකුත් සම්බන්ද උන නිසා වාහන බෙදා  ගන්න සිද්ද්ද උනා මොකද හැසිරීම ගැටළුවක්  නිසා.ඉතින් නියමිත විදියට කලින් දවසේ බඩු ටික ලෑස්ති කරලා තියල ෂොට් එකක් එහෙම දාල පහුවදා බොන්න දේවල් ලෑස්ති කරා.බොන එකනේ අපේ මූලික අරමුණ ගමනක් යනකොට.

ඉතින් බියර් විතරක් බොන ඈයෝන්ට බියර් දුසිමක් විතර අරගෙන සිතල යන්නේ නැති පෙට්ටියකට අයිස් දාල එක ලැහැස්ති කළා.අනික් උදවියට බොන්න ඕන කරන බෝතල් ටික වෙනම පෙට්ටියක දාල එයිට උඩින් බයිට් එකට ගන්න බාබකියූ දාන්න ගත්ත මාළු ටික මස් ටික අයිස් වල දාල වෙනම තිබ්බ.දැන් පෙට්ටි දෙකයි බොන්න ඕන කරන සියලුම අමු ද්‍රව්‍ය සමග අපේ වාහනේ ඩිකියට පැටව ගත්ත.
පින්තුරේ ගත්තේdubai.dubizzle.com
උදේම සුපුරුදු ලෙස පවුල් දෙක ප්‍රමාදයි.අපි ලෑස්ති වෙලා වාහන බෙදාගෙන උදේට කන්න පාන් එහෙමත් අරගෙන දැන් ඉන්නවා.අර දෙගොල්ල ආවට පස්සේ එක්කෙනෙකුට ඕන උනා ළමයින්ට කන්න දේවල් ටිකකුයි පම්පර්ස් ටිකකුයි ගන්න. එක නිසා සුපර් මාර්කට් එකක් ගාව පාර්කින් එහෙක නතර කරලා ඒ ඕන කරන බඩු ටික ගන්න ළමයින්ගේ තාත්ත කෙනෙක් වෙන අපේ යහළුවෙක් වෙන බොන එකෙක් ගියා.දැන්පරක්කු වෙලා තියන්නේ අනික් උන් කෑ ගහනවා යමල්ල කියල.මිනිහ ඉක්මනට ඇවිත් වාහනේට බඩු ටික දාද්දී එයාලගේ වාහනේ ඉඩ මඳි.ඒකනිසා අපි බොන සෙට් එක ඉඳපු වාහනේ ඇරපන් කිවා පස්ස ට්‍රන්ක් එක. මිනිහ තිබුන බඩු ටික එහාට මෙහාට කරලා ඉක්මනට වැඩේ කරලා ඇවිත් වාඩී උනා.

දැන් අපි යන්න ඕන තැනට ඇවිත් බොන්න කියල ලෑස්ති වෙලා, බාබකියූ පාරක් දාන්නා අර බඩු පෙට්ටි දෙක ගෙන්න කොටසක් ගියා.එකෙක් එනවා බීම පෙට්ටි දෙක නැහැලු.සංසාරේ දවස් දෙකක්ම ගිය බඩු හොයාගෙන ලෑස්ති වෙන්න.මේ මොකක්ද කියන හරුපේ.වෙන්න බැරි දෙයක් නිසා අපිත් ඔක්කොම  ගිහින් බැලුව.ඇත්තටම නැහැ.
පින්තුරේ මෙතනින් depositphotos.com -
දැන් කරන්න දෙයක් නැති නිසා ආපහු පැය දෙකකට වඩා ගමනට වැය කරලා බොන්න බෝතල් දෙකක් හොයාගෙන ඇවිත් ඒක බිල ගෙදර ආව.

වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද ?

අර  පොඩි උන්ට කන්න ගන්න ගිය එකා, ඒ බඩු ටික ගෙනත් අපේ වාහනේ ට්‍රන්ක් එකට දාන්න බලත්දී ඉඩ මඳි වෙලා.මූ පෙට්ටි දෙක බිමින් තියල බඩු ටික දාල පැක් කරලා ට්‍රන්ක් වහල වාහනේට නැඟල.හොඳට අයිස් දාල පැක් කරලා බිම පෙට්ටි දෙකයි බාබක්‍යු ටිකයි ප්ලැට්ෆොර්ම් එක උඩ පාර්කින්ග් එකේ.

නිවාඩු දවස් වල හම්බ උන එකාට මරුම මරු .....




Tuesday, 13 August 2013

ගල් වැඩ සහ ගල් කතා . ..

මම කාලයක් ගල් වැඩ කරන තැනක වැඩ කලානේ.ගල් වැඩ කීවේ  මේ කළු ගල්,අර පාරවල් හදන්න ගන්නේ.අන්න ඒවා.

මට ඉස්සරෝම රැකියාවක් ලැබුනේ ටිකක් දුෂ්කර පළාතක වැඩ කරන්න.කොළඹ අවට තිබුන රැකියාවල් වලට වඩා ටිකක් වැඩි පඩියක් ඒකේ දුන්න.හැබැයි ඉතින් යමර කට්ට.ඔය වැඩ බිම තිබුනේ ගමක.ඔතන තිබුන ව්‍යාපෘතියේ වාහන රෙපයාර් කරන යාර්ඩ් එකකුයි තව ලොකු ගල් මෝලකුයි.

පින්තුරේ ගත්තේ www.millingcrusher.com
ඉතින් මගේ රාජකාරිය තමා ඔය හැම එකේම වැඩ කරන එක.මම අලුත් නිසා ඔය කොයි වැඩෙත් කරන්න වෙන්නේ මට.ඔය අපි කටු කනවා කියන්නේ.මම කෑවේ හොදම කට්ටක්.හැබැයි ඉතින් ඒ දවස් වල වගේම දැනුත් බැන්නට, හිත දන්නවා වටිනාකම. බිම් මට්ටමේ වැඩ කල නිසා අලුත් දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.

ඉතින් ඔතන තියනවා ලොකු ගල් වලක්.ගල් වෙඩි දාලනේ ගල් කඩන්නේ.ඒ කඩපු ගල් පොඩි කැට කරන මැෂිමේ තමා මගේ ප්‍රධාන රාජකාරිය.ඒ වුනත් ඔය වෙඩි බෙහෙත් දාල වෙඩි ගහන එක මට ටිකක් අල්ලලා ගිය සීන් එකක්.
මේක මම ගත්ත එකක්  

එයිට කලින් කියල ඉන්නම්කො,ඒ ව්‍යාපෘතියේ හිටිය මැනේජර් ටිකක් වයසක කෙනෙක්.මම ඒ වැඩබිමේ උන්නට මාව ගත්තේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ඒ ආයතනයට අයිති ඔක්කොම ගල් කඩන මැෂින් බලාගන්න ඉංජිනේරු මහත්තයෙක් යටතේ.මිනිහත්  පනහ පැනල වුනාට ටිකක් විනොදෙට බර සරල මනුස්සයෙක්.හැබැයි කොයි වෙලාවේ බැලුවත් ෂොට් එකක් නෙමේ දෙක තුනක් දාල ඉන්නේ වැඩ කරන වෙලාවෙදිත් එහෙම තමා.වැඩ වලට නම් දක්ෂය.පරණ මනුස්සයෙක් නිසා වැඩ වලට ඕන රජයේ මිනිස්සු ටික එහෙම හොදට අදුනනව.දවසක් ඔය ක්‍රෂර් එක කැඩිලා,ඕක ගලවන්න මට ෆෝන් එකෙන් කොළඹ ඉඳන් ගලවන හැටි කියා දුන්න.ඇනයක් මුරුච්චියක් ගානේ මතකයි.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරේ මම අර ගල් වෙඩි දාන උන් එක්ක පොඩ්ඩක් හිතවත් වෙලා ඔය වැඩේ ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්න.මාසයක් දෙකක් යනකොට ඒ වැඩේ කරගන්න පුළුවන් උනා.වෙනදට වඩා ටිකක් වැඩිපුර ගල් ටිකක් පාරට යවාගන්නත් පුළුවන් උන නිසා උඩ හිටපු ඉංජිනේරු මහත්තයත් මගේ මේ වැඩේට අකමැත්තක් පෙන්නුවේ නැහැ.ඔහොම යනකොට ඔය පාර හදන එකට අපිට වඩා ප්‍රසිද්ද කොන්තරක් කාරයෙක් වුනු, ඒ දවස් වල පත් වුන අලුත රජතුමාගේ අනුහසින් අපිව ඉවත් කරලා ඒ ව්‍යාපෘතිය ගන්න හදනවා කියල කතාවක් ආව.අපේ ආයතනය ඒ බලවත් තුමාගේ ගෙදර ඉස්සරහ පාර එහෙම කොන්ක්‍රීට් කරලා දුන්නට වැඩක් උනේ නැහැ.

ඉතින් අපිට සිද්ද වුනා ඉක්මන් කරලා වැඩ ටික ඉවර කරන්න.දැන් මම තමයි ගල් වලේ සහ මැෂිමේ වැඩ කරන්නේ.ඉතින් මට කීවා වෙනද දෙනවට වඩා එකහමාරක් වැඩිපුර ප්‍රඩක්ෂන් එකක් ඕනය කියල.ඉතින් මම අලුත් ටෙස්ට් බ්ලාස්ට් එකක් එහෙම කරලා වැඩිපුර වේඩි බෙහෙත් පාවිච්චි කරන්න  රජයේ පරිපාලක තුමාගෙන්  අවසර අරගෙන, පළවැනි දවසේ උපරිම හොඳට කළා.

ඉතින් පළවැනි දවසේ වැඩේ හරි ගිය නිසා,මටත් සැටිස්.දෙවැනි දවසේත් කලින් වගේම වැඩ ටික ලෑස්ති කරලා, වෙඩි බෙහෙත් ටික පත්තු කරන්න කියල වැඩ බිමෙන් එලියට ගියා.ගිහින් විනාඩි දහයක් විතර යනකොට මහා සද්දයක් ආව " දඩාන්" ගාල.මම දැනගත්ත මේක නම් ලේසි එකෙක් නෙමේ කියල, මොකක් නමුත් වැරදිලා.

මේක මම එහෙදි ගත්ත එකක්.මේක පොඩි බ්ලාස්ට් එකක්.ලොකු වීඩියෝ එකක් තිබ්බ දැන් එක හොයා ගන්න නැහැ 

වැඩපල පැත්තේ මිනිස්සු කෑ ගහනවා ඇහුන යටිගිටියෙන්.අද නම් එකෙක් ඉවර වෙලා තමා කියල මම  ඔෆිස් එකෙන් එලියට දුවගෙන ගිහින් බලනකොට මහා ගල් කැට වරුසාවක් එනවා ඔෆිස් එක පැත්තට.මිනිස්සු සී සී කඩ දුවනවා.සට සට ගාල ගල් කැට ටකරන් වහලෙට වැටෙනවා.සමහර එව්වා ටකරම හිල් කරගෙන මේස උඩටත් වැටෙනවා.

මම ෂොක් වෙලා ගියා මේක දැකල.එතකොටම මැනේජර්ගේ කාමරයේ පැත්තෙන් වහලේ කඩාගෙන ගල් කැල්ලක් ඇතුලට වැටුන.කිසි දෙයක් හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ.මැනේජර් මහත්තය හිටපු තැනින් එහාට පනින්න හැදුවත් ඊට කලින් ඒ ගල් කෑල්ල වහලේ තිබුන යකඩ බීම් එකකත් වැදිලා ඇවිත් මැනේජර් මහත්තයාගේ නළල දිහාට පාත් වෙනවා දැක්ක.

මැනේජර් මහත්තයාගේ ඔලුවෙන් ලේ ගලනවා හෝ ගාල.හැමෝම එකතු වෙලා මැනේජර් මහත්තයව වාහනේකට දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා.මමත් ඔය වාහනේම නැගල ගියා ඉස්පිරිතාලෙට.හවස් වෙනකොට මනුස්සයට ටිකක් හොදයි.නළල හරියෙන් පැලිලා විතරයි.හැබැයි ලොකුවට වැදිලා.

සයිට් එක නිකන් මල ගෙයක් වගේ.හොඳ වෙලාවට වෙන කාටවත් වැදිලා නැහැ.මොකද එළියේ උන්නු අයට උඩ බලල අහකට වෙන්න පුළුවන් උනත් ඇතුලේ ඉන්න කෙනෙකුට අහකට වෙන්න පෙන්නේ නැහැනේ.දැන් මේකේ වරද එන්නේ මගේ පිට.මම ඉක්මනට ගිහින් වෙඩි බෙහෙත් ඉශු කරපු පොත් ටික අරගෙන ඉස්ටෝරුවට දාල වහල යතුර සාක්කුවේ දාගත්ත.මොකෙක් හරි ඔය පොත් ටික විසි කලොත් මම පාවිච්චි කල වෙඩි බෙහෙත් ගාන කියා ගන්න සාක්කි නැති වෙනවා.

රෑ වෙනකොට මාව ගත්ත ඉංජිනේරු මහත්තය සයිට් එකට ආව මේ කේස් එක නිසා.අර වැඩ කරපු කොල්ලෝ ටිකත් හැංගිච්ච තැන් වලින් එලියට ඇවිත්.දැන් මම තමා හැමෝගෙම මාතෘකාව.මට තේරෙන්නේ නැහැ වැරදුන තැන.කොහොම හරි උණ දේ උනා.එන දේකට මූන දෙනවා කියල පැත්තකට වෙලා හිටිය.සමහරු මම එතන හිටියේ නැහැ කියලත් නෝක්කාඩු කියනවා.අර සයිට් එක ගන්න ඉන්න අයගේ වැඩක් මමත් එකට හවුල් කියලත් කතාවක් හැදිලා.

දැන් පරීක්ශනේ.

මම අර පොත් ටික දීල තව මම ඇඳපු චිත්‍ර ටිකත් දීල කිව්වා කල විදිය.මම අර අනුමත ප්‍රමාණයට වඩා පාවිච්චි කරලා නැහැ කියල පෙනන්න.අර කොල්ලෝ ටිකගෙනුත් විස්තර ඇහුව.අන්තිමට තීරණය කළා කලින් දවසේ දාපු වෙඩි වලින් බුරුල් වුන කොටසක් තමා විසි වෙලා තියෙන්නේ කියල.

දැන් ප්‍රශ්නේ නීති ගැටළු.

මිනිහ මට පැත්තකට අඬගහල කීවා "උඹ කවුරු හරි ඇහුවොත් කියපන් ක්‍රෂර් එක කරන එක විතරයි කරන්නේ අනිත් දේවල් ගැන දන්නේ නැහැ කියල,මම ඉතිරි ටික බලාගන්නම් "කියල.අර කොල්ලෝ ටිකට කියන්න දෙයක් නැහැ ඒකට කැමති වෙනවා ඇරෙන්න.ඇත්තටම මම මේ ගල් වලේ වැඩට නෙමේනේ ආවේ.මේක මම බලෙන් දා ගත්ත එකක්නේ.එකට ඉන්න ඕන කැනීම් ඉංජිනේරුවෙක්.

එදා වෙන්න තිබ්බ ප්‍රශ්න වලින් බේර ගත්තේ අර ඉංජිනේරු මහත්තය.නැත්නම් මම මගේ හිතුමතේට වැඩ කරලා වෙච්ච වැඩේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා.

හැබැයි ඉතින් ඒ උදවියත් මම ඔය වැඩේ කරනවට කිසිම උපදෙසක් වත් දුන්නේ නැහැ.ඒ අයගේ ප්‍රඩක්ෂන් එක ලැබෙන නිසා සද්ද නැතිව හිටිය.අනික ඔය වගේ තැනක ඉන්න ඕනලු කැනීම් ඉංජිනේරුවෙක්.එහෙම කෙනෙක් හිටියෙත් නැති නිසා පොලිසි ගියා නම් ආයතනයටත් වග කියන්න වෙනවා.ඒවත් බලපාන්න ඇති.

ඔය සිද්දියෙන් පස්සේ ඒ ව්‍යාපෘතිය අර කලින් කිව කොම්පනි එකෙන් ගත්ත.මාව බේර ගත්ත ඉංජිනේරු මහත්තය අයින් වෙලා යනකොට මාවත් එයාගේ අලුත් ආයතනයට ගත්ත,ඒකෙ මාස 4ක් වැඩ කරලා තමා මම මෙහෙ ආවේ.

ඔන්න මගේ පළවැනි රැකියාව අවසන් වුන හැටි.

Sunday, 28 July 2013

කෝ බන් අක්කා?? අක්කා ලමයෙක් හදන්න ට්‍රයි කරනවා බන් ....

මේ දැනට අවුරුදු 6 කට පෙර උන කතාවක්.අද මම මගේ මිත්‍රයට කතා කළා, ඌ එක්ක කතා කරනකොට මතක් උන කතන්දරයක්.

මම මෙහෙ ආව මුල මමයි මගේ මිත්‍රයයි හිටියේ මගේ මිත්‍රයාගේ නෑ වෙන අක්ක කෙනෙකුගේ ගෙදර.ඒක කාමර දෙකක ගෙදරක් පොඩි සාල කෑල්ලකුයි කුස්සියකුයි තිබුනේ.අපි එක කාමරෙකයි ඒ අක්කයි අය්යයි අනිත් කාමරේ.

ඉතින් සිකුරාදා නිවාඩු නිසා බ්‍රහස්පතින්දා අපි දෙන්න වැඩ ඇරිලා එළියෙන් කෑම එහෙම කාල ටිකක් ඇවිදලා ගෙදර එනකොට රෑ වෙනවා.ඉතින් උදේට ටිකක් දවල් වෙනකල් නිදා ගන්න එක තමා කලේ.ඔය ජිවන රටාව නිසා උදේ කෑම ගොඩක් වෙලාවට මග ඇරෙනවා.

අක්කල නම් උදේම නැගිටලා කෑම උයල කරලා අපිට කතා කරනවා කන්න.එක දවසක් අපි ඔය වගේ පරක්කු වෙලා ඇවිත් හොදට නිදාගෙන ඉඳල දවල් දොළහට විතර නැඟිටලා කන්න දෙයක් බැලුව.වෙනද නම් මේ වෙනකොට අක්කල මොනාහරි උයල කරලා කතාකරනවා.අද නැහැ.

මගේ යාළුවා කිව මම මොනවා හරී හදන්නම් උඹ ගිහින් පාන් ගෙඩියක් ඇන්න වරෙන්ය කියල මූ කාමරෙන් එලියට ගියා.මම තව ටිකක් වෙලාකම්මැලි කමට ඇඳේ ඉඳල නැගිටින්න හදනකොටම මූ එනවා මුණ දෙක කරගෙන.

" අද කන්න වෙන්නේ නැහැ බන් ඔන්න ඔහේ බුදිය ගමු"

" ඒ මොකද බන් ඇයි බිත්තරයක් වත් නැත්ද ලේසියට තම්බා ගන්න"

"බිත්තර තම්බන්න වෙන්නේ උඹේ _____උඩ තියල තමා, අක්කල ළමයෙක් හදන්න ට්‍රයි කරනවා අද කෑම නැහැ" - කියල මූ ආපහු ඇඳට වැටුන.

මට මේ කතාවට හිනා ගියත් කියාපු සීරියස් විදියට මොකක් නමුත් කේස් එකක් ඇතිය කියල හිතුන නිසා ගිහින් බැලුව.

කුස්සියට යන දොර වහලා යතුර නැහැ,ඉස්සරහ දොරත් වහල යතුර නැහැ.අක්කල කලින්දා අපි ආවටත් පස්සේ ඇවිත් දොරවල් දෙකම වහල යතුර අරගෙන කාමරේට ගිහින්.හීන් කෙදිරියකුත් ඇහෙනවා කාමරෙන්...

ඉතින් එදා අපි අක්කලාගේ උත්කෘෂ්ට සත්ක්‍රියාව වෙනුවෙන් නිරාහාරව නිදා ගත්තා.....

දැන් ඒ දුවට වයස අවුරුදු 5ක්...ලස්සන කෙලි පොඩ්ඩ...




Friday, 14 June 2013

ඔන්න මස්සිනාල ...


පින්තුරේ ගත්තේ:www.sodahead.com -

කොල්ලෙකුට බැන්දට පස්සේ හොද මස්සිනාල ටිකක් හම්බවෙන එක වාසනාවක්.හොදට බොන්න ඒවරේඩි,අයිය මල්ලි නැතුව මචං කියල කතා කරන්න පුළුවන් සෙට් එකක් හම්බ වෙන එකේ ගතිය දන්නේ එහෙම හම්බ උණු උන් විතරයි.

ඒ වගේම කොච්චර හොදට සෙට් උනත් පිස්සු නටන එකෙක් හම්බ උනොත් ...

අපේ අම්මටයි අප්පචිටයි ඉන්නේ එක කොල්ලයි කෙල්ලො දෙන්නයි.ඉතින් මට පිරිමි සහෝදරයෝ හිටියේ නෑ.අපේ අක්ක හොයාගත්ත එකා හොදයි.හැබැයි ඌ ටිකක් සම්මත ආකාරයේ පොරක්.සෙට් වෙන්නේ නෑ. නංගි බැඳපු එකා මට වඩා වැඩිමල් අවුරුද්දක්.ඌට අයිය කියන්න ඕන.ඌ අයිය වගේ ඉන්නේ.ඒකත් කේස්.ඉතින් මට අපේ පවුලේ මස්සිනාල දෙන්නම සෙට් වෙන්නේ මස්සිනාල නිසා පමණයි.ආතල් නෑ.

අපේ බිරින්දෑගේ පවුලේ අයියල 3 යි, අක්කල 2යි, මල්ලිලා 1යි. ඔය මස්සිනාල 3න් දෙනා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්.ලංකාවේ ඉන්න අක්ක බැඳපු අයියත් ඒ වගේ,යාලුවෝ වගේ ආශ්‍රය කරන්න පුළුවන්.බොන්න ගියාම උන් එක්ක බොන්න බෑ.අපිට ලැජ්ජයි.උන් කොච්චර බිව්වත් වෙරි නෑ.ඉතින් බොන්න ගේනකොට කේස් පිටින් ගේන්නේ.අපරාදේ කියන්න බෑ උන් ඔක්කොම මරු.ඒ වගේම තමයි මට නිවාඩු යනකොට ලොකුම ගානක් වියදම් වෙන්නේ බීම වලට.

ඔතන එක අක්ක කෙනෙක්  සහ ඒ පවුලේ උදවිය මම තවම හැබැහින් දැකල නැහැ ඔන්න කිව්වට පිළිගන්න.පවුලේ ලොකුම කෙනා තමයි එයා.එයා ලංකාවට එනකොට මම මෙහේ.

ඔතන ඉන්න මල්ලි ගැන තමා මේ අද කියන්න යන්නේ.මිනිහ පොඩි කාලෙම අනිත් සහෝදරයෝ රැකියාවල් කරනවා.එක නිසා අනිත් අයට තිබුන අඩු පාඩුකම් මෙයාට අහු උනේ නෑ.හැමෝම ආදරෙයි.වැරද්දක් කලත් බනින්නේ නැහැ.ඕක මෙයාට නරකට හිටිය.කොළඹ ප්‍රසිද්දම පාසලට ගියත් ඉගෙන ගත්තේ නැහැ.

පවුලේ යුතුකම නිසා ලොකු අයිය නුවරඑළියේ පොඩි හෝටලයක් කුලියට අරගෙන බාර දුන්න.මාස 5ක් විතර යනකොට අල්ලපු හෝටලෙන් කෑම අරගෙන මෙයාගේ හෝටලේ නවාතැන් ගත්ත අයට කෑම සපයන්න තරම් දියුණු උනා.ලොකු අයියගේ බැංකු පොත හින්දල මිනිහ හෝටලේ වහල දැම්ම.ඔය ලොකු අයියට ටිකක් සල්ලි තියන නිසා පාඩුව දරා ගන්න පුළුවන් උනා. 

ඊ ලඟට පොඩි අයිය ඩිමෝ බට්ට ලොරියක් ෆිනෑන්ස් දාල අරගෙන දුන්න.මිනිහ නුවර එළියේ ගිහින් එළවලු අරගෙන ඇවිත් විකුනන්න කියල තමයි ගත්තේ.හැබැයි එළවලු කෙසේ වෙතත් නුවර එළියෙන් කසාදයක් නම් මිනිහ කරගත්ත.එකටත් සියලුම අනුග්‍රහය පවුලේ සැම.අනේ අර ෆිනෑන්ස් එක පොඩි අයිය ඒ බැඳපු අක්කත් එක්ක එකතු වෙලා කොහොම හරි ගෙව්වා.දැන් මූ ඉස්සරහ දොරෙන් එනකොට පොඩි අයිය පස්ස දොරෙන් යනවා දැක්කොත් කලිසමත් නැති වෙයි කියල.

දැන් මම මෙහෙ ආවට පස්සේ මට මිනිහ කිවා, කොහොම හරි මාවත් ඔහාට ගන්න කියල.මමත් බැඳපු අලුතනේ ලකුණු දා ගන්න ගොනා උනා.සියලු අනුග්‍රහය කරලා මෙහාට අරගෙන රැකියාවක් හොයල දුන්න.

එදා ඉඳන් මම මූ ගැන බලන්න ඕන.හැම මාසෙකටම සැරයක් බිල මොනවා හරි කර ගන්නවා.දැන් අවුරුදු 3ක් තිස්සේ.අදත් වැටිලා ඔලුව පලාගෙන.ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දාල කන්න බොන්න හදල තියල මම දැනුයි ආවේ.

ගිය පාර රැකියා කොන්ත්‍රත් එක ඉවර උනාම මම කිව අයින් වෙන්න එපා.ඔකේ තව ටිකක් ඉන්න කියල.ඇහුවේ නැහැ.අයින් වෙලා ගියා.ලංකාවේ ව්‍යාපාරයක් කරන්න කියල.ගිහින් මාස 3ක් යනකොට අරගෙන ගිය සල්ලි ඉවරයි.

ආපහු මම ගෙනත් රැකියාවක් හොයල දැම්ම ලංකාවේ නිකන් ගෙදර ඉඳල කාලේ කන නිසා.දැන් පොඩි දුවෙකුත් ඉන්නවා.මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියල.ඕන දෙයක් කර ගනින් කියල අතඇරලා දාන්න කියල හිතුනත්, කොහොමද කරන්නේ.අනිත් සහෝදරයෝ හැමෝම හොදින් ඉන්නවා.දෙන්නෙක් පිට පදිංචිය.මේකට මොනවා උනාද ????.කොල්ලෙක් විදියට හොදයි.මට වඩා අවුරුද්දයි වයස අඩු.නමුත් මටත් කරන්න පුළුවන් සීමාවක් තියනවා නේ.මේකාගේ අක්ක වෙච්චි මගේ ගෙදර උන්දැට කිවම තව ටිකක් බලන්නලු ..................................

ඔය වෙලාවට තමා හිතෙන්නේ මාමණ්ඩි මේකව හැදුවට වඩා හොදයි _______________ නම් කියල ........



Sunday, 9 June 2013

අත ගාන පෝන් එකක් ...


පින්තුරේ ගත්තේ :swotti.starmedia.com
මම ලංකාවෙන් එනකොට අරගන ආවේ නොකිය 1100 ෆෝන් එකක්.එක මම ගොඩාක් කල් පාවිච්චි කළා.මම හිතන්නේ අවූරුදු එක හමාරක් වගේ.පස්සේ පස්සේ ඕකේ සද්දේ අඩුවෙන් ඇහෙන්න ගත්ත.ඊට කලින් තිබුන ලොකුම ලෙඩේ නොම්බර තහඩුවේ ඉලක්කම් මැකෙන එක විතරයි. එකට පොඩි ගානක් දීපුවම අලුත් තහඩුවක් දා ගන්න පුළුවන්.පස්සේ මම ලංකාවට එන්න තිබුන මගේ නිවාඩුවට සහ විවාහයට.ඔය ගමන එන්න මම අලුත් ෆෝන් එකක් ගත්ත එකත් නොකියම තමයි.ටිකක් ලොකු එකක්. E63i කියන එක. ඕක මම පාවිච්චි කළා නැති වෙන කල්.ඒ ෆෝන් එක නැති උනා ටැක්සි එකක අමතක වෙලා.කාල සිමාව මාස 4ක් ඇති.
පින්තුරේ ගත්තේ :gizmodo.com
ඕකට පස්සේ මම ආපහු පරණ නොකිය 1100එක පාවිච්චි කළා.මම වයිෆ්ට කලින් අරන් දීල තිබුන හොද එකක් මම මෙහෙ ඇවිත් ටික කාලෙකට පස්සේ.ඒක නොකිය N95එකක්.මම පරණ එක පාවිච්චි කරන කොට එයා මගේ එක අරගෙන එයාගේ N95 එක මට දුන්න.මම ගොඩක් පරිස්සමින් ඕක පාවිච්චි කළා,වැඩ බිමේදී බිම වැටිලා කැඩෙනකල්.ඕකට මට දාහක් දේවල් අහ ගන්න සිද්ද උනා අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙන්.හදන්න දුන්නට හදන්න බෑ කිවා.මෙහෙමත් කිවා "ඉට්ස් අ කුවයිට් හාර්ඩ් ශෝක් ෆොර් අ ෆෝන්" කියල.ඇත්තනේ තට්ටු 2ක් උඩ ඉඳන්නේ වැටුනේ.

පින්තුරේ ගත්තේ :johnymobile.com
දැන් මට ෆෝන් එකක් නැහැනේ එක නිසා කොහොමත් අලුත් එකක් ගන්න ඕනනේ.එක නිසා මම මගේ පලවෙනි කොටන ෆෝන් එකක් ගත්ත අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙ අවසරය නොමැතිව.එක HP වර්ගයේ එකක්. ipaq කියල එකක්.ඕකේ තිබුන කොටන්න කුරක්.එක දවසක් ඔය කුර මගේ අතින් බස් එකේ යනකොට බිම වැටුන හොයා ගන්න බැරි උනා.කුර නැති උනාට පාවිච්චි කරන්න පුළුවන් ඒක.

එක තමා මම අන්තිමට පාවිච්චි කල හොද ෆෝන් එක.දැන් අවුරුදු 3කට කලින්.ඊට පස්සේ ෆෝන් උණ බැහැල ගියා මගේ.මට ෆෝන් ගත්තට පාවිච්චි කරන්න බෑ කියන එක මම හිතුවට වැරදි කියල ඒක හරි  කියල ඔප්පු උනා ඔය IPAQ එක මගේ අතින් කෑම කන්න ගිය තැනක නැති උනාට පස්සේ.

පින්තුරේ ගත්තේ:www.itinfoforum.com 

එදා ඉඳන් අවුරුදු 3ක්ම මම පාවිච්චි කරන්නේ ලංකාවේ රුපියක් 3000 ට තියන පොඩිම පොඩි මුලික මට්ටමේ ෆෝන්.නැති උනත් කැඩුනත් පාඩුවක් නැති නිසා.

හැබැයි දැන් නා නා ප්‍රකාර ෆෝන් ඇවිත් තියනවා,දැක්කම ගන්න හිතුනත්, අරගෙන ගෙදර යන්න බෑනේ මම කරලා තියන වැඩ වල හැටියට.එක නිසා අකමැත්තෙන් හරි ඒ ආසාව යටපත් කරගෙන හිටිය. 

මේ ලඟදි මම S4ෆෝන් ගැන කියන කොට.පරිස්සමින් පාවිච්චි කරනවා නම් විතරක් ගන්න කියල, කොන්දේසි සහිත අනුමැතියක් ලැබුන.අවුරුදු 3කින් කිසිම සිද්දියක් නැතිව හොද කල්කිරියාවෙන් අර පොඩි ෆෝන් එක පාවිච්චි කල නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.

මටත් අතගාන ෆෝන් එකක් ගන්න හිතයි අලුත් ඒවා දැක්කම නම් ......අරගෙන එකටත්  මොනවා හරි උනොත් කියන බය නිසා ගම්දෝ නොගම්දෝ කියල දෙගිඩියාවක ඉන්නේ.... 


Thursday, 6 June 2013

ආතල් රැයක්...

අද දවසින් බාගයක්ම නිදි.අද නිවාඩු දවස නිසා ඊයේ කල වැඩේ අද දවසින් බාගයක්ම අඳුරු උනා.යාලුවෝ ටිකක් එකතු වෙනවා කියල පණිවිඩය ආවේ මමත් පොඩ්ඩක් අනුමත වෙන්න පටගන්න කොටමයි.ඒ වැඩේ පැත්තකින් තියල මමත් මම ගෙනපු බෝතලයයි ග්‍රිල් කරපු කුකුලෙකුත් කඩෙන් අරන් යන්න පිටත් උනා.යනකොට සාජා තියන ඔක්කොම වාහන පාරේද කොහෙද.හිමින් හිමින් ඇදී ඇදී මම යනකොට මුන්  වැඩේ පටන්ගෙන.

පින්තුරේ ගත්තේ:eujeenbevermix.blogspot.com
මමත් වාඩි වෙලා පටන් ගත්ත.ඇලුමිනියම් බෝතලේක දාපු වොඩ්ක එකක් තිබ්බ මම කලින් දැකල නැති එකක්. ඒක නිසා ටිකක් වෙලා යනකොට අනිත් උන් ඒක මා ගාවින් තියන්න කටයුතු කළා. විහිලු වලින්  ආතල් කතා වලින් පටන්ගෙන,අතීත කතා ටිකක් කතා කරලා ලංකාවේ දේශපාලනේ කතා කරන්න ගන්නකොට මගේ ඇලුමිනියම් වොඩ්ක එක ඉවර වෙලා.ඒ කියන්නේ ඔය දේශපාලන කතා බහ මට ඒ තරම් නිච්චි නෑ.රෑ එකට විතර ඇති මගේ හිතේ.බෝතල් ඉවර උනේ නැති උනත් අනිත් උන්ටත් වැඩි වේගෙන ආව නිසා නොබී හිටපු එකෙක් වැඩේ ඉවර කරන්න යෝජනා කලා.

ඔලුව කැරකෙන ගතිය ටිකක් වැඩි වෙලා තිබුන.මට එහා පැත්තේ වාඩි වෙලා උන් එකා කබරයෙක් අත අරිය. ඒක දැකපු මටත් දැම්මනම් හොදයි වගේ හිතුන.කව්ද එකෙක් මාව එක්කන් ගිහින් බැල්කනි එකේ පුටුවක් තියල වාඩි කළා.වාඩි කරලා ෂොපින් බෑග් එකක් දුන්න දාපන් කියල.මමත් බෑග් එක ඇරල ඒකෙ කට දිහා බලල එක පාරක් දැම්ම.... දාල බැලුව හරියට උනාද කියල, බලනකොට බිම.දෙවැනි පාරනම් හරියට වැඩේ කරනවා කියල හිතල අපහු ට්‍රයි කළා.බෑග් එකේ කටේ ගෑවීලා ගිහින් තිබුනට ඒ පාරත් මිස් වෙලා.බෑග් එකට කබරයා දාන එක අමාරු වැඩක් කව්රු කිවත් මේ වෙලාවට.ඒක නිසා බෑග් එක පැත්තකට කරලා බිමටම දැම්ම.කබරයා දැම්මම නම් හොද සනීපයක් ආව.

නානා ප්‍රකාර වැඩ අවට වෙනවා දැක්ක.එකෙක් නාන කාමරේ නිදි වගේ දැක්කේ.තව එකෙක් උගෙ ඔලුව අල්ලාගෙන. මම එහෙම්ම ගිහින් තිබිච්ච ඇදකට වැටිලා ටිකක් වෙලා හිටිය වගේ දැනුනේ.නැගිටලා බලනකොට චමරියේ නොබොන එකම එකා බිම හෝදනවා.වෙලාව පාන්දර 2යි.මම හිතුව දැන් යන්න ඕන කියල.හැමෝම එපා කියනවා.බනිනවා.මම යන්නම ඕන කියල පරසක්වල ගැහුවා.මූනට වතුර ටිකක් ගහ ගෙන මම එලියට ආව.

එනකොට මට වැඩිය වෙරි තිබ්බේ නෑ,හැබැයි මඟක් එනකොට නං වැඩි වෙන බවක් දැනුන.කොහොම හරි වැඩි වේගයක් ගන්නේ නැතුව ශේප් එකේ ප්‍රදාන පාරට දාගත්ත.උපරිම විනාඩි 15  - 20 වෙනකොට යන්න ඇහැකි රෑට වාහන අඩු නිසා.

පින්තුරේ ගත්තේ:www.emirates247.com
ඔය පාර හදනව මේ දවස් වල.ඒක නිසා එහාට මෙහාට පාර හරවල තියන්නේ.දැන් නම් හොදටම තව කබරයෙක් දාන්නම ඕන.මම පාර අයිනේ නතර කළා.නතර කරලා දැම්ම බඩ බොකු එලියට එන්න.කට හෝදගෙන ආපහු පටන් ගත්ත ගමන.කබරයා දැම්මම වෙරි වැඩි උනා වගේ.යන්න අමාරු ගතියක් ආවත් දැන් යන්නම වෙනවා.මොකද මෙතන නතර කරලා ඉඳල පොලිසියට අහු උනොත් ලොකු නඩුවක්.

ඒක නිසා පළවැනි ධාවන පථයේ හිමිට එන්න ආව හැබැයි වෙනද පහු වෙන වට පිටාව නෙමේ වගේ.කෝකටත් කියල සාජා කියල දැක්ක පළවැනි බෝර්ඩ් එකෙන් හරවා ගත්ත.හරවාගෙන එනකොට මේ මම ඉන්න පළාත නෙමේ.තේරෙන්නේ නෑ කොහෙද කියල.කොහොම හැරී පැය භාගයක් වගේ දැන් මෙහේ කැරකුනා.එකම පාරේ දෙපැත්තට යනව කියල තේරුම් ගන්නත් ගොඩක් වෙලා ගියා.කොච්චර දැම්මත් ආපහු කබරයෙක් එනව.දැන් නම් මම හොදටම හැක් වෙලා.අරුන් කිව විදියට ඉඳල ආව නම් හොදයි කියල හිතුන දැන් නම්.

කොහොම හරී ටැක්සි කාරයෙක්ගෙන් ඇහුවම මම ගෙදරට ගොඩාක් දුර ඇවිත්.ආපහු ප්‍රදාන පාරට යන විදිය අහගෙන මම එන්න ආව.ප්‍රදාන පාරට දාගත්තම ටිකක් හොදයි මොකද ටිකකින් ගෙදර යන්න පුළුවන් නිසා.ඒ වෙනකොට ඉක්මනට එන්න තියන ඕන කම නිසා ටිකක් වේගේ වැඩි උනා මයේහිතේ .ලොකු එලියක් එකපාරටම වැදුන.බලනකොට යන්න තියන ගානට වඩා 20ක් වැඩි. AED 600 ක් නැති උනේ ඒ විදියට.

ඔන්න ඔහොමයි මම ගෙදර ආවේ.වෙලාව උදේ 4යි.පැය එක හමාරක් බොරුවට ඇවිදලා.ආපු ගමන් කොම්පුටරේ දාල බලනකොට අටම ඉන්නවා ඔන්ලයින්.ඌ එක්ක වචන දෙකක් කතා කරලා නිදා ගත්ත.අද උදේට කෑවෙත් නැති නිසා නැගිටලා පරිප්පු හොද්දකුයි කරවල බැදුමකුයි හදල බත් ටිකකුත් කෑවා. 

අද දවසින් භාගයක්ම නිදි හරි නිදි මතේ හරි.නිවාඩුව අපරාදේ මස්තබාල්දු උනා.....හැබැයි මේ වගේ ආතල් එකක් ගත්තේ අවුරුදු එක හමාරකට පස්සේ. 



Saturday, 1 June 2013

ජොක්කු ටික හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ...

පින්තුරේ මෙතනින්:http://i.telegraph.co.uk/multimedia/archive/01714/identificationPara_1714199c.jpg
මේක මම ටික කාලෙකට කලින් හිටපු එක බෝඩිමක උණ දෙයක්.ඒ බෝඩිම ටිකක් ලොකු එකක් අපි ඔක්කොම 6 ක් වගේ හිටිය.ඒක කාමර 2ක ගෙයක්.අපේ කාමරේ තමා බැල්කනි එක තිබුනේ.ඕකට යන්න තල්ලු කරලා අරින දොරක් තිබුන.ඔය කාමරේ අපි තුන්දෙනෙක් උන්න.

බෝඩිමේ ඉන්නවා අයිය කෙනෙක්.අයිය කියන්නේ ටිකක් වැඩිමල් බෝඩිමේ ඔක්කොටම වඩා.ඉතින් අපි ටිකක් වැඩි සැලකිල්ලක් දක්වනවා උන්දැට.මේ අයිය බොහොම දහමට ලැදි තැන්පත් සම්මත ආකාරයේ අයිය කෙනෙක්. වැඩිය විහිලු කරන්නේ නෑ, හිනා වෙන්නේ නෑ එක විදියක්.

ඉතින් ඔය කාමරේ බැල්කනි එකේ දොර ගාව තමා අයිය තොර ගත්තේ එයාගේ ඇද තියා ගන්න.අපි අනික් දෙන්න දෙපැත්තේ බිත්ති දෙකට හේත්තු වෙන්න ඇදවල් තියාගත්තේ.

හැබැයි ඔය අයියගේ ජිවන රටාව ටිකක් අනික් අයට කරදරයි.ඒ උනත් හැමෝම ඉවසගෙන ඉන්නවා මොනවත් කියන්නේ නෑ වැඩිමල් කෙනෙක් නිසා.අනික අපි වගේ නෙමේ ටිකක් සීරියස් ඩයල් එකක් නිසා අපි කිසිම විහිළුවක් කරන්න යන්නේ නෑ.

ඉතින් මේ අයිය පිලිවෙලට වැඩ.කෑම උයන්න ගියාම එක වෙනම ව්‍යාපෘතියක්.ඉතින් අපිට කුස්සියට යන්නවත් අමාරුයි ඔය වෙලාවට.ඒ වගේමයි රෙදි හෝදන්න ගියාම.හෝදන වෙලාව තමයි අපි වැඩ ඇරිලා ගෙදර එන වෙලාව.ඉතින් හිතින් ගීතිකා ගය ගයා අයිය එලියට එනකල් ඉන්න ඕන.සමහර දවස් වලට උදේ පාන්දර, අපි වැඩට යන්න ඕන නේද කියලාවත් ගානක් නැහැ.

අපේ කාමරේ ඔය බැල්කනියට යන දොර දිගට අයිය ලනුවක් දාල රැදී වැලක් බැදල තිබ්බ.තව ඔය දොරේ බැල්කනියට යන්න තියන පැත්තේ බිත්තියේ ඇනයක් ගහල එකෙත් රෙදි එල්ලලා තිබ්බ. ඉතින් ඕක හැමෝටම අප්සට් වැඩක් උනාට අයියට අනිත් අයගේ අප්සට් තේරෙන්නේ නැති ලෙඩක් තිබුන.අර අපි කියන්නේ නාඩි නෑ කියල.මේ අයියට නාඩි ඇත්තෙම නෑ.

දැන් මේ අයිය වැඩ ඉවර වෙලා ආවම, ජොකා ගලවල ඔය දොර ගාව ඇනේ එල්ලනවා.කාට හරි බැල්කනියට යන්න ඕන නම් අයියගේ ජොකා මුනේ අතුල්ලගෙන ඉබල යන්න ඕන.ඕක දැන් වක්‍ක්‍රාකාරයෙන් කීප සැරයක් දැනුම් දුන්න .වැඩේ තියන්නේ මේ අයියට නාඩි නෑනේ.තේරෙන්නේ නෑ.

දවසක් මගේ කාමරේ ඉන්න එකාට තද වෙලා ඔය ජොකා අරගෙන බැල්කනියෙන් එලියට විසි කළා. ඊට පස්සේ දවසක් අපි ඔක්කොම ඉන්න තැන මිනිහ අහනවා මගේ එක යට ඇදුමක් නැති වෙලා.කාට හරි මාරු වෙලාද  දන්නේ නෑ පොඩ්ඩක් බලන්න කියල.ඒක කිව විදියට හරියට මහා ලොකු වටිනා දෙයක් නැති වෙලා වගේ.මමයි මගේ කාමරේ එකාටයි ඇර ඔක්කොටම අප්සට් .වෙන මොකටවත් නෙමේ ඇත්තටම මාරු වෙලා නම් මේකාගේ මේක දවසක් වත් ඇදලද දන්නෑ කියල.

හැමෝම බලන්නම් කියල ශේප් එකේ තමන්ගේ සෙට් එක චෙක් කරලා බලනවා.දැන් මමයි මගේ කාමරේ එකයි දන්නවා මාරු වෙලා නැති බව.එත් අපිත් ගිහින් බැලුව මුනිච්චාවට.

දැන් අයියට සුවර් නෑ.අයිය හැම කෙනාගේම ජෝක්කු ගාවට ගිහින් අතගාල බලනවා එයාගේද කියල.අපිට මේක මහා විහිලු වැඩක් උනා.මමයි මගේ කාමරේ එකයි අපේ ජෝක්කු ටික ඇදේ පෝලිමට තියල අයියට ඇවිත් අදුන ගන්න කිවා.අයිය ඇවිත් බලල ඒවා නෙමේ කියල ගියා.

ඔන්න ඔහොමයි අපි ජෝක්කු හදුනාගැනීමේ පෙරෙට්ටුවකට තිබ්බේ.



Thursday, 30 May 2013

ක්‍රියිසිස් කාලේ ගොඩ දැම්ම හැටි ...

පින්තුරේ මෙතනින්:learner-centeredhistory.wikispaces.com

මේක අර ක්‍රයිසිස්  එක මෙහෙට ආපු කාලේ කතාවක්.ඕක ආවට පස්සේ ආයතන වැඩ කරන ජනතාවගේ  පඩි  අඩු කරගෙන ගියා (කව්රුත් වැඩ වැරුවේ නෑ හැබැයි).ඒ විතරක් නෙමේ ඉන්න අයත් අයින් කරන්න පටන් ගත්තා.කිසි කෙනෙකුගේ රැකියාව පහුවදා වෙනකල් විශ්වාස නැති මහා නරුම කාලයක් උදා උනා. 

මම මෙහෙට ආවේ නොදන්නා රැකියාවක් කරන්නනේ.හැබැයි ඒක මම ඉගෙන ගත්ත විෂය ක්ෂේත්‍රයට අදාලයි.ඒ උනත්  ඔය පඩි ප්‍රස්නේ නිසා ඉගෙන ගත්ත විෂය ක්ෂේත්‍රයත් මාරු කරන්න උනා මට.

අපේ ආයතනයේ හිටපු විශාල ප්‍රමාණයක් අයින් කළා.මම බේරුනත් ආයතනයේ මාස තුනක පඩි පරක්කුවක් තිබ්බ.ඔය කාලේ මගේ බිරින්දෑට පුතා හම්බ වෙන්න ඉන්න කාලේ.පඩි නෑ මාස තුනක් පළමු පාරට.අතේ තිබ්බ නය පත් වලින් අරගෙන ඒ කාලේ ගෙව්වා.දෙවැනි මාසේ වියදමයි ණය පතේ පොලියයි ගෙවන්න ආපහු ණය පතින්ම සල්ලි ගන්නවා.ඊ.ටී.සී.දැන් තේරෙනවනේ ණය පතේ අයිස් බෝලයක් හැදෙනවා නේද. 

දැන් මෙහෙම යන්න බැරි නිසා මම හිතුව අලුත් රැකියාවක් හොයන්න ඕන කියල.හිතුවට මේක කරන්න ලේසි වැඩක් නෙමේ.හැම ආයතනයේම තමන්ගේ සේවකයන් අයින් කර කර යන කාලේ.මම හිතුව මාස 6ක් හරි එක දිගට පඩියක් ලැබෙන තැනකට යන්න ඕන කියල.

මම මගේ අයදුම්පත හදල.වෙනම ඊමේල් එකක් හදල.පොතක් තියාගෙන දාන දාන ආයතනයේ නම ලියල, දාපු දවස සදහනක් කරගෙන යනවා. නෙට් එකෙන් මෙහෙ තියන හැම ආයතනකම වෙබ් අඩවි වලට ගිහින් එකේ ඉන්න ලොක්කන්ගේ නම් හොයාගෙන උන්ගේ පුත්ගලික ඊමේල් වලටම මගේ අයදුම්පත දානවා.ඔහොම මම පන්සීය ගානකට දාල තියනව.

ඇමතුම් ආවේ දෙකයි!!!!

ඒ දෙකත් මගේ ක්ෂේත්‍රයේ වැඩ නෙමේ.මම වැඩ කල ක්ෂේත්‍රයට ඔය කාලේ වැඩ අඩුයි.හැබැයි අනිත් ක්ෂේත්‍රයට රැකියා තවම පොඩ්ඩක් එහෙන් මෙහෙන් තියන බවක් ඕකෙන් තේරුණා.
ඉතින් ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනේ.මමත් තීරණයක් ගත්ත.ඇත්ත ටිකක් නමන්න වෙනවා මේ වෙලාවේ ජිවිතේ ගැට ගහ ගන්න.

දැන් කවදාවත් අයදුම්පතේ බොරු ලියන්න හොද නෑනේ.ඉතින් ඇත්තම ලිව.හැබැයි ක්ෂේත්‍රය සදහන් කලේ නෑ.ඇහුවොත් කියනව නැත්නම් සහතික බලනකොට තේරුම් ගන්න කියල ඉඩ තිබ්බ.

ඔය ක්ෂේත්‍රයේ මගේ රැකියාව කරන කෙනෙක් අල්ලාගෙන කරන්න තියන වැඩ ටික අහගත්තා.මුලික වැඩ දෙකේම එකයි හැබැයි තාක්ෂණික කටයුතු සම්පුර්ණයෙන් වෙනස්.මම කවදාවත් මේ ක්ෂේත්‍රයේ වැඩක් කරලා නෑ.

ඕන කරන මුලික වචන සහ ක්‍රියාකරකම් ටික නෙට් එකෙන් හොයාගෙන ගොඩ දැම්ම.දැන් මේ කාලේ තියන වැඩ තමා බාගෙට නවත්තපු වැඩ,එහෙම නැත්නම් ඉවර වෙලා/අල වෙලා /චා වෙච්ච කුණු ගොඩවල්.ඒ කියන්නේ මට ඕන කරන්නේ බාගෙට ගිය වැඩක් ගොඩ දාන්න තමයි.ඒ වැඩ වලට ඕන කරන කොටස් ටික විතරක් යාලුවන්ගෙන් අහ ගත්ත.

ඔය වැඩ ටික කරලා අපහු අයදුම්පත් දාන්න පටන් ගත්ත.දෙවැනි පාර දෙසීයක් විතර දාල තියනවා.ඔන්න මාස දෙකකට පස්සේ එක තැනකින් ඇමතුමක් ආව.ඉන්ටර්විව් එකට දිනයක් වෙලාවක් කතා කර ගත්ත. මොන ක්ෂේත්‍රයේද ඇහුවෙත් නෑ.මම කීවෙත් නෑ.

ඉන්ටර්විව් එකට ගියාම ඒක  ඉවර උන  ව්‍යාපෘතියක්.අර මම කිවත් වගේ අල වෙලා /චා වෙච්ච කුණු ගොඩක්.දැන් මගෙන් ප්‍රශ්න අහනවා.ගොඩක් ඒවා තාක්ෂණික දේවල් නෙමේ.අනික් විෂය කරුණු ටිකට අව්ලක් නැතුව උත්තර දී ගත්ත.මොකද ඌ හිතාගෙන ඉන්නේ මම තාක්ෂණික දේවල් ටික දන්නා නිසා අහන්න දෙයක් නෑ කියල.මේක තමා මම බලාපොරොතු උන විදිය. මිනිහට ටිකක් හදිස්සි මේ වැඩේ.ඔය අතර ප්‍රශ්න එකක් දෙකක් ඇහුව ඔක්කොම ලොකු බැරෑරුම් දේවල් නෙමේ සාමාන්‍යමේ  විෂය කරුණු දන්න කෙනෙක්ට ගොඩ දා ගන්න පුළුවන් ඒවා.

මිනිහ මාව තෝර ගත්ත.කව්රුත් දන්නේ නෑ මම වෙන ක්ෂේත්‍රයක කියල.ඉතින් අර ඉගෙන ගත්ත වචන ටිකයි නෙට් එකටයි පින් සිද්ද වෙන්න වැඩේ කරගෙන යනවා.

එක දවසක් ඔතන වැඩ කරන ප්‍රදාන ඉංජිනේරු තමා ඇවිත් මට චිත්‍ර මහා ගොඩක් දීල කීවා මේ ටික මැනල වැඩ බිමේ හදල තියන මිනුම් හරියට තියනවද බලන්න කියල.

දැන් ඔය චිත්‍ර ටිකේ ගෙවල් දෙසිය පනහක සියලුම වැඩ මනින්න ඕන.චිත්‍ර සෙට් දෙකක්...පරණ එකයි අලුත් එකයි... වැඩ බිමට ගිහින් හදපු ගෙවල් වල ඔය බඩු ඒ ගානම තියේද මනින්නත් ඕන.

මුලික දේවල් ටික විතරක් දැනගෙන මේ වැඩේ ගොඩ දාන්න බැරි බව දැන්නම් හොදටම පැහැදිලි.

දැන් මේක කරන්න බැරි උනොත් ආපහු රැකියාවක් හොයා ගන්නවා කියන්නේ මේ කාලේ, ඊට හොදයි වහ කාලේ කැලේ රිංගන එක...

ඔහොම තෝන්තු වෙවී ඉන්නකොට මට අලුත් අදහසක් ආව.ඒකට ඕන කරන උදවිය මේ කාලේ ලේසියෙන් හොයා ගන්න පුළුවන් කියලත් තේරුණා.දැන් තියෙන්නේ කාටවත් නෝන්ඩි වෙන්නේ නැතිව වැඩේ ගෙනියන එකයි.

දැන් ඔය ව්‍යාපෘතිය ඉවර වෙලා තියන එකක් නිසා,කොන්තරක් කාරයාගේ කාර්යාලයේ හිටියේ තුන් දෙනයි.මමයි කළමනාකරුයි අනික තමා ප්‍රදාන ඉංජිනේරු තුමා.මාව අරගෙන තියන්නේ කරපු වැඩ ටික ආපහු මැනල අඩු පාඩු සල්ලි ටික ගන්න.

ඔය කාලේ රැකියා නැති වෙලා ගොඩක් අය නිකන් ඉන්නවනේ.මම පත්තරේ දැන්වීමක් දැම්ම චිත්‍ර මනින්න වැඩක් තියනවය.කැමති කෙනෙක් කතා කරන්නය කියල.හිතුව වගේම 5 දෙනෙක් කතා කළා.ඒ අය අතුරින් අඩුම මිල ගණන් බලල මම මෙහෙ සල්ලි වලින් AED 2500.00 දෙන්නම් කියල චිත්‍ර ටික මැන ගත්ත.ඔය වැඩේට මාසෙකට වඩා ගියා.

ඉතින් දැන් අරූ චිත්‍ර ටික මනින කල් මම චිත්‍ර මනිනවා කියල පේන්න ඕව දිග අරගෙන කාලේ කනවා.මාසයක් කාලේ කන එකත් ලේසි වැඩක් නෙමේනේ.අනික මට ඔය වෙලාවේ අනිත් වැඩක් කරන්නත් බෑ.මොකද මේ ක්‍රයිසිස් දවස්වල කව්රුත් වැඩ කලේ සම්මතයකට.එක පාරකට කරන්නේ එක වැඩයි.ඒකත් කරන්නේ පුළුවන් තරම් කාලේ අරගෙන.මොකද ඉක්මනට වැඩ ඉවර උනොත් ඉක්මනට රැකියාවල් හොයන්න වෙනවා.

දැන් මට තියන්නේ,ඔය මැනපු චිත්‍ර ටික පාඩම් කර ගන්න.චිත්‍ර පාඩම් කරන්නේ මෙහෙමයි: අරක කොහෙද තියෙන්නේ, මේක තියෙන්නේ කොහෙද, මේක කලින්ට වඩා ලොකුද, නැත්නම් පොඩිද , මේක අලුත් කෑල්ලක්ද, ඔය වගේ ඇනලයිස් පාරක් හදාගෙන, අහන්න ඉඩ තියන ප්‍රශ්න වලට උත්තර හොයල තියා ගන්න එක තමයි චිත්‍ර පාඩම් කරනවා කියන්නේ.දන්නේ නැති දෙයක් ඇහුවොත් අර ඉංගිරිස් වචන තුන දැම්මකි.

දැන් හරි වැඩේ ගොඩක් දුරට.දැන් තියන්නේ වැඩ බිමේ කේස් එක.ඔය ගෙවල් දෙසිය පනහ කොටස් හතරකට තියන්නේ.ඒ කියන්නේ ගෙවල් වර්ග හතරක්.දැන් ඔය චිත්‍ර මනිපු එකා අපේ ලංකාවේ හාදයෙක්.මම මිනිහට කීව මේ ගෙවල් වර්ග හතරේ මනින්න තියන කෑලි ටික කියා දෙන්න කියල,ඒකට සල්ලි දෙන්නම් කීවා.මිනිහත් සතියක් විතර වැඩ බිමට ඇවිත් මගේ මල්ලි කෙනෙක් විදිහට කාර්යාලයට අදුන්නලා දිල වැඩේ කියා දුන්න.එකට තව AED  1000.00 ක් දුන්න.මට පාඩු නෑනේ රැකියාව බේර ගන්නනේ ඕන.

දැන් ඔක්කොම හරි.දැන් තියන්නේ වැඩේ පුලුවන් තරම් අදින්නයි.මොකද ඉක්මනට ඉවර කරලා දුන්නොත් ඒ තරම්ම ඉක්මනට යන්න වෙන නිසා මාස 6ක් ඇද්ද.අනික ඇත්තටම අවරුදු 3ක පරණ විස්තර හොයල කියවල ලියුම් ලියන්න,ගණන් හදන්න කාලයක් යනවනේ.මම අසාදාරන විදියට කාලේ ගත්තේ නෑ.හැබැයි එක පාරකට කලේ එක වැඩයි.ලියුම් 3ක් ලියන්න විස්තර හොයන්න තියන්නේ එකම ෆයිල් එකක නම්, එක ලියුමක් ලියල ෆයිල් එක ගිහින් තියල දෙවැනි ලියුම ලියන්න ආපහු ඒ ෆයිල් එක අරගෙන ඇවිත් මුල ඉදන් කියවනවා. (රෙකොර්ඩ් කාමරේට යන්න විනාඩි 10 විතර යනවා උනත් පළවැනි ලියුම ලියල ෆයිල් එක ගිහින් තියල එනවා).

ඔය රැකියාව මාස දහයක් කලා.ඊට පස්සේ තමා වෙන රැකියාවකට යන්න හම්බ උනේ.හැබැයි බොරුවට හරි මේක කල නිසා මට අලුත් ක්ෂේත්‍රයේ වැඩ ගැන හොද අවබෝදයක් ආව.

ඉතින් ඔන්න ඔහොමයි අමාරු කාලේ  ජිවිතේ ගැට ගහ ගන්න, බොරු නොව්නත් ඇත්ත ටිකක් විතර නමන්න වෙනවා.ආයතනයට ඕන දේත් ලැබුන මට ඕන දේත් කර ගන්න ලැබුනානේ..