Showing posts with label හිතෙන දේවල්. Show all posts
Showing posts with label හිතෙන දේවල්. Show all posts

Monday, 27 January 2014

අපේ කම . . .

එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.

මේ ඒකෙ දෙවෙනි කොටස.

ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිට නිමිල ගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුන කාර්‍යභාරයක් ඉතිරි කරමින්.

මෙයිට වසර කිහිපයකට පෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම සුන්දර මනුස්සයෙක් උන මේ වඩු කාර්මික මහතා අර කුඩා ගමෙන් ආපු සියලු දෙනාටම බොහොම හොද සගයෙක් උනා.

ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහු ඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.

ඒ වඩු මහත්තයා තමන් උගත් දේ කිසිම පැකිලීමකින් තොරව තමාගේ මිත්‍රයාට පිලිවෙලක් ඇතිව කියා දුන්න නිසා,මේ බව ගම් ගෙවල්,නවාතැන් ,වැඩපලවල් අතර විහිදෙන්න වැඩි කලක් ගත උනේ නෑ.

දින සති මාස ගෙවෙමින් යන අතරතුර දැණුම පිපාසෙන් තම නිවසේ දොරට තට්ටු කරන ඕනෑම අයෙකුට කිසිම බේදයකින් තොරව දන්නා නොදන්නා සියලු දෙනාට නොමසුරුව තම ධනය කාලය වැය කරමින් උපකාර කලා.

කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.

එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භ කල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.

මේ සාකච්චාවට දැන් ප්‍රවීණ වඩු මහත්තයාගේ නිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.

නිවසේ තිබුණ වාඩි වීමට හැකි සියලු දේ අවසන් වූ පසු පන්තියට එනවිට පුටුවක් තමාගේ භාවිත‍යට රැගෙන දැණුම පිපාසාව සන්සිදවා ගැනීමට පවා සාමාජිකයින් පෙළඹුණා.

මෙයාකාරයෙන් මේ පන්තිය නිසොල්මනේ සියලු වඩුකා‍ර්මිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ඉමහත් ජනාදරයට පත් උනා.

කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.

සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි  වුණු ගිනි පුලිගු වියලි දඩු කැබලි රත් ක‍ර තිබුණා.

පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටු සාජ්ජේ වෙනකල් වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.

ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේ නිවසේ සාකච්චාව පැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.

ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.

ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා  . . .



Thursday, 4 July 2013

තනිකමේ පිස්සුවද නැත් නම් ලොකු ප්‍රශ්නෙකට මුලක්ද ...

ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ මේ දවස් වල.දැන් නම් ජොබ් එක කරන එකත් එපා වෙලා තියන්නේ.උදේ පාන්දරම යන්න ඕන අපහු ඇවිත් රෙදි ටික හෝදලා, කන්න දෙයක් හදාගෙන කොම්පියුටර් එක අරගෙන මොනවා හරි බලන එක තමා ජීවිතය වෙලා තියන්නේ දැන්. 

කලින් නම් ගෙදර ආවම පුතා එක්ක සෙල්ලම් කරන්න ඕන.එයාව කොහේ හරි ඉඩ තියන තැනකට එක්ක ගිහින් ඕන හැටියට නටන්න දීල මම බලාගෙන ඉන්නවා.එක එක විකාර වැඩ.ඔහොම පැයක් දෙකක් නටල අපහු එනවා.ඉතින් කාලේ යනවා තේරුනේ නැහැ.අලුත ඉපදුන දුව දැන් නම් ලොකුයි.මෙහෙ ඉන්න කාලේ  ඉපදිලා මාස 2 ක් වගේ නිසා එයාගේ වැඩ නැන්දම්මයි එයාගේ දුවයි කලා.

දැන් ඒවා නැතුව ගෙදර ඇවිත් කම්මැලි කමේ ඉන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.පුතා ඉන්නකොට මගෙත් එක්කමයි නිදා ගත්තේ.මට කොහෙවත් යන්න බැහැ එයාව දාල, එන්නම ඕන කියල අඩනවා.

ඔහොම මනෝ පාරක් ගහගෙන ඉන්නකොට තමා කල්පනා උනේ,රැකියාව මාරු කරන්න තිබුනොත් හොදයි කියල.

අපි හැමෝටම ඉගෙන ගන්න ලැබෙන්නේ, එහෙම නැත් නම් කරන්න  හම්බවෙන රැකියාව අපි කැමතිම හරි අසාවෙන් හිටපු එකක් හරි නෙමේනේ ගොඩක් වෙලාවට.මම උසස්පෙළ කරන කොට ආසාව තිබුනේ කොම්පුටර් ක්ෂේත්‍රයට.ඒක කරගන්න හම්බ උනේ නැහැනේ.ඉතින් කැම්පස්  ඉවර වෙලා ඕකට ආපහු මොනවා හරි කරන්න තව අවුරුද්දක් එකහමාරක් වැය කරන්න තරම් කලක් මට තිබුනේ නැහැ.දෙයියන්නේ මල්ලි කරදර කළා.ඉතින් අහුඋන රැකියාවකට ගිහින් තිබුන ප්‍රශ්න ටික විසඳුවා.

දැන් අවුරුදු හයක් මම මෙහෙ.කරගෙන තියන දේවල් බලපුවම මට කියල කරගෙන තියන දේවල් බොහොම පොඩ්ඩයි.ගෙවල් ගොඩදාල විතරයි.දැන් නම් ඒ කරදර ටිකක් අඩුයි.අම්මට වියදමට සල්ලි ටිකක් යැවුවම ඇති.

ඉතින් මට දැන් මේ රැකියාව ඇති වගේ.දැන් කරන වැඩ ටික තමා ඉතින් හැමදාම කරන්න වෙන්නේ අලුත් දෙයක් කියල දෙයක් අහුවෙන්නේ නැති තරම්.

දැන් රැකියාව මාරු කරනවා නම් අඩුම ගානේ මාසේ වියදම හරි හම්බවෙන පොඩි රැකියාවකට ලංකාවට ඇවිත් තමා කරන්න වෙන්නේ....

අනේ මන්ද මේ ඕන  නැති දේවල් කල්පනා කරලා නැති ප්‍රශ්න ඇති වෙයිද දන්නේ නැහැ...මට සාමාන්‍යයෙන් ඔය වගේ වැඩ වෙනවා.හැම දේම හොදින් තියන කොට වෙනස් දෙයක් කරන්න ගිහින් අර තිබුන සාමකාමී වාතාවරණය නැති වෙනවා.

ඒ උනත් මට වෙන මොනවා හරි අලුත් ක්ෂේත්‍රයකට මාරු වෙන්න ඕන.....කොහොමද ගැලපෙන එකක් හොයා ගන්නේ.....

මේවගේ අසමජ්ජාති වැඩක් කල කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න ....
ප.ලි
පරණ පොස්ට් එකක් ආපහු පබ්ලිෂ් උණා ලාංකීය එකේ.මගේ වැරැද්ද නිසා නෙමේ මේ බෝතලේ වැරැද්ද නිසා ...