පහුගිය දවසක මට හම්බ වෙලා කතා කරන්න ලැබුන පරණ යාලුවෝ දෙන්නෙක් එක්ක.අන්තිමට හම්බ උනේ අවුරුදු දහයකට කලින්. ඒ කාලේ අපි ඉස්කෝලේ යන අන්තිම කාලේ.අපි හැමෝටම එක එක කාලෙට ෆිට් වෙන යාලුවෝ ඉන්නවනේ උසස්පෙළ පන්ති යනකොට, ඉස්කෝලේ බස් එකේ, කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හදන කොට උදව්වට සෙට් වෙන උන් වගේ කාලයක් හොදටම ඉදල පස්සේ සම්බන්දකම් අඩු වෙන ආවෝ ගියෝ ඈයෝ උබල ආපි හැමෝටම ඇති.ආන්න ඒ යාලුවෝ දෙන්නෙක්.
මගේ ජීවිතේ මම හිතාගෙන හිටිය විදියට දෙපාරක් වැරදුනා හොදම එකෙන්.ඒ කියන්නේ අවශේෂ වැරදීම් ඇරෙන්න.
පලවෙනි එක තමා මගේ රැකියාව පිණිස ලංකාවෙන් පිට වීම.
මම මගේ උසස් අධ්‍යාපනය ඉවර වෙනකොට අපේ ගෙදර ආර්ථික තත්වය ඉතා දුර්වල මට්ටමක තිබ්බේ.කැම්පස් අන්තිම අවුරුද්දේ හිටියේ ඉවර වෙන්නේ කොයි වේලාවේද කියල ජොබ් එකක් හොයාගෙන කීයක් හරි හොයා ගන්න.කැම්පස් එක ඉවර උනා, මම ජොබ් එකක් හොයාගත්ත කොලබට ගොඩක් දුර ගෙදරට ගොඩාක් දුර.පළවැනි රැකියාව නිසා ලොකු පඩි හම්බ උනේත් නෑ ජොබ් එක ඕන නිසා දුර ගැන බැලුවෙත් නෑ.ඔහොම යනකොට කෑමට, සති අන්තයේ කෙල්ල හම්බවෙන්න කොලබ යන්න, මාසෙකට සැරයක් ගෙදර යන්න පඩිය වාෂ්ප වෙන සිදිධියක් උනා.ඔහොම මාස 10ක් ජොබ් එක කලා.ජොබ් එක ගැන කියල වැඩක් නෑ හොදම කට්ටක්.මම ෆ්‍රෙෂ් නිසා ඉතින් කුණ කෑව.ඔහොම ඉන්නකොට මගේ එක්ක කැම්පස් හිටිය යාලුවෙක් මට වගේම ගෙවල් ගොඩ දැමීමේ යුතුකම තියන එකෙක් රට ගියා ඉගෙන ගත්ත ක්ෂේත්‍රයෙන් පිට වෙන රැකියාවකට.එකම හේතුව සල්ලි.දැන් මටත් චර්ම රෝගයක් වැළදුනා රට යන්න. එක දවසක් සයිට් එකේ පොඩි කතා බහක් උනා කළමනාකරු එක්ක, ඒ ගැම්ම පිට අරූට කතා කරලා කීව මචන් මාව කොහොම හරි ගනින් මොන මගුලක් කරන්න හරි කමක් නෑ කියල.ඌත් ඉක්මනටම වීස එකක් එව්වා මොකද ඌත් දන්නවා මම ගැන හොදටම, මමත් කිසි දෙයක් වැඩි දුර හිතන්නේ නැතිව ආව.ඇවිත් අලුත් රැකියාව යාලුවගෙන් අහගෙන ජොබ් එකක් හොයා ගත්ත.දැන් මගේ ෆිඉල්ඩ් එකෙන් පිට රැකියාවක් අවරුදු පහක් තිස්සේ කරනවා.ගෙවල් වල වැඩ ඉවර උනා,දැන් මම කැමති නැති, ඉගෙන ගත්ත දේට පිට රැකියාවක් කරනවා. ආපහු පරණ රැකියාවට යන්න ආස උනත් වගකීම් වැඩි නිසා අවදානමක් අරගෙන වේද කරන්න බෑ.දැන් මට හිතෙනව එදා පොඩි කාලයක් ඉවසුවානම් කලබල වෙන්නේ නැතිව මේ වගේ ප්‍රශ්න වලට මුණ දෙන්න වෙන්නේ නෑ කියල.
දෙවැනි එක කෙල්ලගේ අධ්‍යාපනය නවත්තල කසාද බැදපු එක
මේක කලේ ඇයි කියල මටම තේරෙන්නේ නෑ.එයාගේ වැඩ ටික ඉවර වෙනකල් හිටිය නම් මට ඕන කරන රැකියාවකට මාරු වෙන්න තිබ්බ වෙන රටකට ගිහින් හරි.කාලය වෙනස් උනා. . . ළමයි ලොකු වෙනවා . . . දැන් අවශ්‍යතාවය වෙනස් වෙලා, දැන් මම එයාට යන්න එපා කියල කියපු රටට යන්න ක්‍රමයක් නැතිව කල්පනා කරනවා.
දැන් අර යාලුවෝ දෙන්න ගේ කතාව.එක්කෙනෙක් දැනට ලංකාවේ රැකියාවක් කරනවා.ඌ කියනවා මම කරපු දේ ඌ නොකළ එකලු ඌ කල වැරැද්ද ???.එක නිසා දැන් වයස ගිහින් ළමයි නිසා මේ වෙලාවේ රට යන්න ඕන උනත් යන්න බැරිලු.එක නිසා ජීවිතේ කර ගන්න තියන වැඩ පස්සට දාල අමාරුවෙන් ජීවත් වෙනවා කියල කියනවා.දැන් මම ඒ වෙලාවෙ රට නොගියානම් මටත් මෙහෙම වෙන්න තිබුන.
අනිත් කෙනා දැන් බදින වයස පහු වෙලා Msc, MBA, කීපයක් තියාගෙන හොද රැකියාවක් තියාගෙන බදින්න හොයනවා.ඌ කියනවා ඉගෙන ගන්න එක පස්සට දාල නියම වෙලාවට කසාද බැන්දේ නැති එක වැරද්දක්???.දැන් මමත් එදා කෙල්ලට ඉගෙන ගන්න යවල මම මෙහෙ ඇවිත් අවුරුදු තුනක් බලාන හිටිය නම් මටත් ඔය වගේ කතාවක් කියන්න වෙයිද දන්නේ නෑ.
මොකක් හරිද මොකක් වැරදිද දන්නේ නෑ.කර්මය නිසා මේවා මෙහෙම වෙනවද දන්නේ නෑ.අපි ජීවිතේ අපි ගන්න තීරණ අපිව එකිනෙකට වෙනස් පාරවල් වල අරගෙන යනවා අපි හිතන්නේ වත් නැති විදියට.හොදටම ප්ලෑන් කරලා ගන්න තීරණ කවදාවත් ඒ විදියට වෙන්නේ නෑ.එක පාරට හිතට එන දේවල් කලාම සමහර විට හරි සමහර විට වැරදි නමුත් දුකක් නෑ මොකද හිතල නෙමේ කලේ කියල හිත රවට්ට ගන්න පුළුවන් නිසා.
කොහොම උනත් මම වැරදි කියල හිතාන හිටපු දේවල් වැරදිද කව්ද දන්නේ . . .සමහර විට හරි ඇති. .
හිත රවට්ට ගන්නවද නැත් නම් තේරුම් ගත්තද මටම තේරෙන්නේ නෑ.

බොහොම සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් අවකාශයට මිත්‍රයා. ජීවිතේ අපිට වරදින තැන බොහොමයක් තියනවා.මිත්‍රයා එයින් ප්‍රමුඛත්වය මත කීපයක් අඳුනගෙන.ඒත් මගේ ජීවිතයේ පවා තියනවා නිවැරදි කරගන්න අමාරු වගේම ජීවිතේම වෙනස් කරපු වගේම ඉදිරියට වෙනස් කරාවි කියලා හිතෙන හදාගන්න ප්‍රමාද වැරදි.ඒත් ඒවාට දැන් කරන්න දෙයක් නැති නිසා කලයුතු දෙය සහ නොකලයුතු දෙය දැන්වත් අඳුනගන්න උත්සහ කරනවා.ඔබේ ලිපිය මට කැඩපතක් වගේ..බොහොම හොඳ ආරම්භයක්. සිංහල බ්ලොග් අවකාශයට කුණුහර්ප නැති වඩාත් වැදගත් සහ ආත්ම තෘප්තියක් ලැබිය හැකි දේ වඩ වඩාත් ලියන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජයවේවා
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.මට ලැබුන පළවැනි ප්‍රතිචාරය... ඇත්ත කරන්න දෙයක් නෑ අතේ දුරින් තියන දේවල් ටික එකතු කරගෙන ඉස්සරහට යමු නේද? ඔබගේ ප්‍රතිචාරය ඉතාමත්ම වටිනවා...
Deleteඇත්තම තත්වේ ඕක තමයි, මිනිස්සු හැමදාම ඉල්ලන්නේ තමුන්ට නැතිදේ, ඔබටත් මටත් ඕක සත්‍යයි , සුබපැතුම් මගෙන්.
ReplyDeleteබොහොම ඉස්තුති ප්‍රතිචාරයට . . වැඩේ තියන්නේ අපි ඉල්ලන දේවල් ලබා ගන්න කරන දේවල් හරිද වැරදිද කියල හොයා ගන්න බැරි එකනේ.ඒ වෙලාවට ඉල්ලන දේවල් වල අවශ්‍යතාවය නිසා ඇස් දෙකම පෙන්නේ නැතිව යනවා ටෙම්පරි.සමහරුන්ට පර්මනන්ට්.පර්මනන්ට් උන්ට අව්ලක් නෑ මොකද කොහොමත් පෙන්නේ එක හරි කියලනේ. :D ඔබගේ ප්‍රතිචාරය ඉතාමත්ම වටිනවා...
Deleteහැමදේම සාපේක්ෂව තමා බලන්න තියෙන්නේ. ඒ වගේමයි ගෙවුණු අතීතය ගැන දුක් වෙන්න එපා වගේම උදාවෙන අනාගතය ගැන හිතලා බය වෙන්න එපා.
ReplyDeleteමේ බ්ලොග් එක සින්ඩි කීපයකට එකතු කරන්න ඒකෙන් තවත් පිරිසකට මේ බ්ලොග් එක කියවන්න ලැබේවි :) මෙන්න ඒකට පාර
http://syndi.lankeeya.lk/
http://blogs.sinhalabloggers.com/
http://www.kottu.org/
ඒ වගේමයි සිංහල බ්ලොග්කරුවන් ඉන්න ෆේස්බුක් ගෲප් කීපයකටත් මම ඔයාව එකතු කරන්නම්. ඒ හරහාත් බ්ලොග් එක ගැන අනික් අයට කියන්න පුලුවන්
බොහොමත්ම ඉස්තුති ප්‍රතිචාරයට හසිත . ඔව් අද කරන දේ නිවැරදිව කරන්න තමා තියන්නේ.නැති උන දේවල් ගැන දුක් වෙනවට වඩා.හැබැයි මනෝ ගහගෙන ඉන්නකොට පරණ දේවල් නිකන්ම ඔලුවට ඇවිත් මානසික වදයක් වෙන වෙලාවලුත් එනවා . . .
Deleteමම ලාංකීය එකට දැම්ම අනිත් දෙකට අද දාන්නම්. ෆේස්බුක් ගෲප් වලට එකතු කල එක නම් ඉතාම හොදයි.අයෙත් ඉස්තුති කරන්නම් දුන්න සප් එකට . . .
මගේ ක්‍රමේ වැල යන පැත්තට මැස්ස ගහන එක. කරපු දේවල් හොඳ හෝ වැරදි කවදාවත් ඒ ගැන පසුතැවෙන්නේ නෑ... ඉදිරියට කරන්න තියන දේ ගැන හිතනවා මිසක්....:D ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ කියල පැරැන්නෝ කිව්වේ නිකන් නෙමේ නේ..... ජයවේවා!!!!!
ReplyDeleteඔව් බං , පසු තැවෙන එක නම් හොද නෑ තමා. ඒ උනත් වැරදුන තැන හොයා ගන්නවත් එපයි.අයි පාරක් ඒ වගේම අවස්ථාවක් අවොත් ! ! ! .බොහොමත්ම ඉස්තුති ප්‍රරතිචාරයට.
Deleteජීවිතේ කියන්නේ සාපේක්ෂ දෙයක්, අපිට ලැබුණු නොලැබුණු හැමදේම අතරේ අපිට අපිවම හොයන්න වෙන තැනක්. ඒ නිසා කිසිම දෙයකින් පසු තැවෙන්න එපා. මොකක් වුනත් වෙන්නේ ඒ දේ තමුන්ට හොඳ නිසාය කියල හැමදෙයක්ම සුභවාදී විදියට දැකල ජීවත් වෙන්න.
ReplyDeleteඔව් මචන් උබ කියන එක ඇත්ත.පසු තැවිල නැති වෙන්නේ අපේ සතුටමයි.සමහර වෙලාවට ඕව ඔලුවට ගහන වෙලාවලුත් එනවා.එතකොට නම් එපා වෙනවා අප්පා...
Deleteඅපි සොයා යන්නේ global optimum නමුත් බොහෝවිට හොයා ගන්නේ local optimum.
ReplyDeleteනමුත් global optimum එකත් local optimum එකක් බව අමතක කරන්න එපා.
ඒක global optimum එක බව නොදැන එතැනින් වෙන තැනකට ගියාම තමයි ඒක තේරෙන්නේ.
වැඩේ තියන්නේ global optimum එක කියල දැන ගන්න විදියක් දන්නේ නැති කමනේ.ඉතින් අපි තව local optimum එකක් හොයාගෙන යනවා.ආපහු එන්න බැරි උනාම දුක් වෙනවා.එහෙනම් හරියට අනලයිස් කරලා හම්බවෙන local optimum එක ක්‍රියාත්මක කරන්න ඕනේ.එහෙමද?
Delete