Sunday, 19 May 2013

ජීව විද්‍යාත්මකව දුර මනින්නේ මෙහෙමයි


පිතුරේ මෙතනින් : http://prek-8.com/3rdgrade/measurement_index.php
අද දුර මනින එක ගැන කතා කරන්න ඉන්නේ.දුර මනින්න තියනවනේ ඔය මිනුම් දඬු. ඉංගිරිස් වලින් කියන්නේ යුනිට් කියල. දුර මනින්න පිළිගත් භෞතික විද්‍යාත්මක මිනුම් දඬු සෙන්ටි මීටර, මිලි මිටර, කිලෝ මීටර වගේ අපිට දැනෙන දුර මනින්න භාවිතා කරනවා. ඔය ඔයිට වඩා කුඩා අපිට නොදැනෙන දුරවල් මනින්න තව තියනවානේ මයික්‍රෝ මීටර, නැනෝ මීටර වගේ පොඩි එව්වා.

ඔය මිනුම් දඬු භාවිත කරන කොට බලපාන කරුණු ගොඩක් තියනවා.එකක් තමයි මනින කෙනා.ඒක ගොඩක් වැදගත් කරුණක්.ගොඩක් වෙලාවට රට රටවල් අනුව වෙන වෙනස් මිනුම් දඬු භාවිත කරනවා. ඔය මනින කෙනා මොන රටේද කියන එක ඒ අනුව වැදගත්.

එතකොට මනින කෙනා ගේ දැනුම මතත් මේක ටිකක් වෙනස් වෙනවා. උදාහරණයකට ගමේ වැඩකරන බාස් කෙනෙක් ගත්තම එයා ගොඩක් වෙලාවට මනින්නේ අඩි වලින්, මැනල මීටර් වලට  මාරු කර ගන්නවා.එතකොට පොඩි පොඩි වැරදීම් වෙනවා.එක නිසා තමයි අපි ටිකක් වැදගත් වැඩක් කර ගන්නකොට හරියටම දන්නා මිනුම් දණ්ඩක් භාවිත කරන්නේ.

ජීව විද්‍යාත්මක ක්‍රමය
අපි නැවතිලා හිටියේ කැම්පස් එකට ටිකක් දුර.විනාඩි තිහක් තිස් පහක් වගේ යනවා එන්න.ඒ ඇවිත් එකේ ෆ්රන්ට් එකේ ඉදලා තව විනාඩි පහලවක් වගේ ඇවිදින්න ඕන"අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ" ගීතය ජාතික ගීය උන දෙපාර්තමේන්තුවට යන්න.ඉතින් ඔය ගමනේ විස්තර ටිකක් කියන්න වෙයි නැත්නම් තේරුම් යන එකක් නෑ.මේක තේරුම් ගන්න එක වැදගත් මොකද ජීව විද්‍යාත්මක ක්‍රමය තේරුම් ගන්න මේ විස්තරය අත්‍යාවශ්‍ය වෙන නිසා.

දැන් ඔය  කැම්පස්  එකේ  ෆ්‍රන්ට්  එක  කියන්නේ  ඇතුල්වෙන  ගේට්ටුව.  ෆ්‍රන්ට් එකෙන්  ඇතුලට ආවම  මුලින්ම හම්බ වෙන්නේ පුස්තකාලය, ඊට පස්සේ ටිකක් දුර ගියාම තියනවා සුමනදාස  බිල්ඩිම, තව ටිකක් දුර ගියාම L හැඩති බිල්ඩිම.ඊට පස්සේ තමා  "අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ" ගීතය නිල නොලත්  ගීය උන දෙපාර්තමේන්තුව තියන්නේ.ඕක තමයි දල විස්තරය.දැන් නිධාන කතාව.

ඔන්න දුර  පළාතකින් ඉගෙන  ගන්න  කොලඹ  පළාතේ  තියන  කැම්පස්  එකකට  ආපු  එකෙක්  හිටිය.  මිනිහ ඉගෙන ගත්තේ  "අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ" ගීතය නිල නොලත් ගීය උන දෙපාර්තමේන්තුවේ.දැන් ඔහොම එන බහුතරයක් කැම්පස් එන්න කලින් ගෙදරින් පිට වැඩිය ඉඳලා නැති, ගෙදරින් පිට කෑම වැඩිය කාල නැති උදවියනේ.ඉතින් මෙහෙම යාළුවො  කට්ටියක් එක්ක පිට තැන් වල නැවතිලා, පිටින් කන්න වෙන එක ටිකක් අලුත් අත්දැකීමක් හැමෝටම.ඒක එහෙම නෙමේ අය ඉන්නවා නෑ කියන්නේ නෑ, හැබැයි බහුතරයක් ඔය ගොඩේ තමා.


ඉතින් ඔහොම ඉන්නකොට මූට කෑම අව්ල නිසා බඩේ ගායක් එනවා.ඕක අපි හැමෝටම උනා ආපු  මුලදී.හැබැයි ටික දවසකින් හරි ගියා.වැඩේ කියන්නේ මුන්දැට ඉක්මනට හරි ගියේ නෑ.දැන් මූට බොකක් දාන්න සෙට් වෙන්නේ කොයි වෙලේද නෑ.කාල අක්ෂයේ ඕනෑම ලක්ෂයක මූට බොකක් සෙට් වෙන්න ඉඩ තියනව.ඒ කියන්නේ මුගේ පුක අන්ප්‍රිඩික්ටබල්( පුක යනු කුණුහරපයක් නෙමේ කියල ගොඩක් තැන් වල දැක්කා).

දැන් මෙන්න මෙහෙමයි ඔය ජීව විද්‍යාත්මක විදියට දුර මනින ක්‍රමේ ආවේ.

පින්තුරේ ගත්තේ :http://stockfresh.com/image/233234/man-with-intestinal-problems-sitting-on-the-toilet

උදේම අපි ඔක්කොම නවාතැන්පොලින් පිටත් වෙනවා.ඔහොම යනකොට වංගු වලින් හැරිලා කෙලින් ඇවිල්ල එනකොට, අපේ කතා නායකයාට බොකක් චාර්ජ් වෙනවා.ඒ කිට්ටුව ඉන්නවා අපේ යාලුවෙක් නැවතිලා.එක නිසා අපි එතනින් මුගේ බොක නිදහස් කරලා ආපහු ගමන පටන් ගන්නවා.අපේ අරමුණ තමා හැකි ඉක්මනින් දේශන ශාලාවට යන එක.මොකද මෙහෙම අන්ප්‍රිඩික්ටබල් පුකක් එක්ක ගමනක් යනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ .ඔහොම ඇවිත් ෆ්‍රන්ට් එකට එනවා.ඒ වෙනකොට මූගේ දෙවන බොක චාර්ජ් වෙලා.ඒක දානවා පුස්තකාලෙන්.දාල යනකොට ඊ ලග එක එනවා L බිල්ඩිම ගාව.ඒක L බිල්ඩිමෙන් දානවා.දැන් මේ වෙනකොට දමපු බොක ගණන කීයද පින්වතුනි.තුනයි. එතකොට බෝඩිමේ සිට "අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ" ගීතය නිල නොලත් ගීය උන දෙපාර්තමේන්තුවට දුර බොක තුනයි.

ඔන්න ඕක තමා ජීව  විද්‍යාත්මක ක්‍රමය.දැන් අපිට පුලුවන් ඔය ඇසුරෙන් ඕනෑම තැනකට දුර බොක වලින් කියන්න.අපි එදා ඉදන් දුර කියන්න භාවිත කලේ ඔන්න ඔය ජීව  විද්‍යාත්මක ක්‍රමයයි.

උදාහරණ කිපයක් කියල ලිපිය ඉවර කරන්නම්:

1.0 බෝඩිමේ ඉදන් "ෆ්රන්ට්" එකට බොක එකයි අටෙන් හතක් වගේ (ෆ්රන්ට් එකේ ඉදන් පුස්තකාලයට පොඩ්ඩයි).

2.0බෝඩිමේ ඉදන් "ගොඩ කැන්ටිමට" එකට බොක දෙකයි භාගයයි (ගොඩ කන්ටිමයි ෆ්රන්ට් එකයි අතර  දුර බොක භාගයකට කිට්ටුයි  , කැන්ටිමෙන් කාල යන්න හිටියොත් දුරක් යන්න බෑ කැන්ටිමේ ටොයිලට් එකට යන්න වෙනවා)

3.0 බෝඩිමේ ඉදන් පුස්තකාලයට බොක දෙකයි.

4.0 තව පාඩම් කරන්න භාවිත කරපු කොටසක් තිබුනා පුස්තකාලය යට "අපාය" කියල.ඔය අපායට බෝඩිමේ ඉදල බොක දෙකයි කාලයි.

5.0 බෝඩිමේ ඉදන් "වල කැන්ටිමට" එකට බොක තුනයි තුන් කාලයි.

6.0 ෆ්‍රන්ට් එකේ ඉදන් කටුබැද්ද හන්දියට අයියෝ සංසාරේ බොකම පහයි. 

ප.ලි : මේකේ " " අතර තියන්නේ එක එක ලොකේෂන් වලට කියපු නම්.
          උදාහරණ ටික පොඩ්ඩක් හැදුව දුර වල               


16 comments:

  1. නිරපේක්ෂ ජීව විජ්ජාත්මක මිම්මක්නේ මේක බලාන ගියාම! කාට කාටත් බොක සෙට් වෙන්නේ එකම තැනදී (එකම තැනින්) ;) පට්ට පොස්ටුව! එළ එළ!!

    ReplyDelete
    Replies
    1. මචං දෙවන ජෙදේ මම කෙවෙ මනින කෙනා ගැන.ඒ වගේ මේකත් අපිට විතරක් භාවිත කරන්න හදාගත්ත මිම්මක් බන්. :)විද්‍යාත්මක වචන තිබ්බට වැඩිය ගණන් ගන්න එපා බන්,

      Delete
  2. අර බොග ගැන කියන කක්කා බන දන්නෙ නැද්ද උඹලා එකෙක්වත්...?

    ReplyDelete
    Replies
    1. අඩේ ලින්කුවක් තියේ නම් දාහන්කො.උදේ පාන්දරම එකත් අහලම වැඩ පටන් ගන්න...

      Delete
  3. මාත් ඒ දවස් වල සිගරට් එකෙන් දුර මැන්නා.. හැක් හැක්... අවුරුදු කාලේ බේබදු තාලේ

    ReplyDelete
    Replies
    1. අපි මනින්න ඕන අපිට හොදටම තේරෙන මිනුමකින් නේ නේද බන් ? :) :) :)
      හැබැයි සිගරට් එක අඩු කරහන් තවම බොනවා නම්.මමත් ඔය කරුමේ ගෙව්වා බන්, අමාරුවෙන් නතර කලේ.

      Delete
  4. මනිමු මනිමු මේ මිම්මෙනුත්.. අන්න දේශකයගේ මැනිල්ලනං සර්ව සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. එක නම් හැබෑව ..:), ඕකෙන් සියලු දේ කල කාලයක් තිබ්බනේ බන්.උදේ පටන් ගත්තම වැඩක් නෑ කියල....රෑ වහල තියන බෝඩිම ගාව පෙට්ටි කඩේ අන්කල් ඇහරවල සිගරට් ගන්න අහපුවම ඉවර වෙලා කිවම බිඩිත් බීව බන්.:)

      Delete
  5. උගේ ඔය ලෙඩේ සනීප වුණේ නැද්ද ?? :P

    ReplyDelete
    Replies
    1. ඌට හොද වෙනකොට කාර්ඩ් ටික වැදිලා ප්‍රසිද්ද වෙලා ඉවරයි මේ ම්නුම් ක්‍රමය:)

      Delete
  6. අපි නං කැම්පස් කාලේ කිව්වේ බොක නොවෙයි බොග!

    ReplyDelete
    Replies
    1. :D දැන් නම් බොග දානවා කියන්නේ බ්ලොග් කියන එකටනේ ...

      Delete
  7. අපි ඒකාලෙ දුර මැන්නෙ ගෝල්ඩ්ලීෆ් වලින්. උදාහරණයක් විදියට එලියකන්ද හන්දියෙ ඉඳල හොස්ටල් එකට දුර ගෝල්ඩ්ලීෆ් එකයි.(මම උඹේ බ්ලොගේම කියවන්න පටන් ගත්ත)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේහ හෙහ් .... අපි මැන්නේ බොක වලින් ඔන්න .. ඔය නලියත් දේශකයත් දෙන්නම දුර මනින්නේ ඕකෙන් බන් ,....

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .