Saturday 1 June 2013

ජොක්කු ටික හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ...

පින්තුරේ මෙතනින්:http://i.telegraph.co.uk/multimedia/archive/01714/identificationPara_1714199c.jpg
මේක මම ටික කාලෙකට කලින් හිටපු එක බෝඩිමක උණ දෙයක්.ඒ බෝඩිම ටිකක් ලොකු එකක් අපි ඔක්කොම 6 ක් වගේ හිටිය.ඒක කාමර 2ක ගෙයක්.අපේ කාමරේ තමා බැල්කනි එක තිබුනේ.ඕකට යන්න තල්ලු කරලා අරින දොරක් තිබුන.ඔය කාමරේ අපි තුන්දෙනෙක් උන්න.

බෝඩිමේ ඉන්නවා අයිය කෙනෙක්.අයිය කියන්නේ ටිකක් වැඩිමල් බෝඩිමේ ඔක්කොටම වඩා.ඉතින් අපි ටිකක් වැඩි සැලකිල්ලක් දක්වනවා උන්දැට.මේ අයිය බොහොම දහමට ලැදි තැන්පත් සම්මත ආකාරයේ අයිය කෙනෙක්. වැඩිය විහිලු කරන්නේ නෑ, හිනා වෙන්නේ නෑ එක විදියක්.

ඉතින් ඔය කාමරේ බැල්කනි එකේ දොර ගාව තමා අයිය තොර ගත්තේ එයාගේ ඇද තියා ගන්න.අපි අනික් දෙන්න දෙපැත්තේ බිත්ති දෙකට හේත්තු වෙන්න ඇදවල් තියාගත්තේ.

හැබැයි ඔය අයියගේ ජිවන රටාව ටිකක් අනික් අයට කරදරයි.ඒ උනත් හැමෝම ඉවසගෙන ඉන්නවා මොනවත් කියන්නේ නෑ වැඩිමල් කෙනෙක් නිසා.අනික අපි වගේ නෙමේ ටිකක් සීරියස් ඩයල් එකක් නිසා අපි කිසිම විහිළුවක් කරන්න යන්නේ නෑ.

ඉතින් මේ අයිය පිලිවෙලට වැඩ.කෑම උයන්න ගියාම එක වෙනම ව්‍යාපෘතියක්.ඉතින් අපිට කුස්සියට යන්නවත් අමාරුයි ඔය වෙලාවට.ඒ වගේමයි රෙදි හෝදන්න ගියාම.හෝදන වෙලාව තමයි අපි වැඩ ඇරිලා ගෙදර එන වෙලාව.ඉතින් හිතින් ගීතිකා ගය ගයා අයිය එලියට එනකල් ඉන්න ඕන.සමහර දවස් වලට උදේ පාන්දර, අපි වැඩට යන්න ඕන නේද කියලාවත් ගානක් නැහැ.

අපේ කාමරේ ඔය බැල්කනියට යන දොර දිගට අයිය ලනුවක් දාල රැදී වැලක් බැදල තිබ්බ.තව ඔය දොරේ බැල්කනියට යන්න තියන පැත්තේ බිත්තියේ ඇනයක් ගහල එකෙත් රෙදි එල්ලලා තිබ්බ. ඉතින් ඕක හැමෝටම අප්සට් වැඩක් උනාට අයියට අනිත් අයගේ අප්සට් තේරෙන්නේ නැති ලෙඩක් තිබුන.අර අපි කියන්නේ නාඩි නෑ කියල.මේ අයියට නාඩි ඇත්තෙම නෑ.

දැන් මේ අයිය වැඩ ඉවර වෙලා ආවම, ජොකා ගලවල ඔය දොර ගාව ඇනේ එල්ලනවා.කාට හරි බැල්කනියට යන්න ඕන නම් අයියගේ ජොකා මුනේ අතුල්ලගෙන ඉබල යන්න ඕන.ඕක දැන් වක්‍ක්‍රාකාරයෙන් කීප සැරයක් දැනුම් දුන්න .වැඩේ තියන්නේ මේ අයියට නාඩි නෑනේ.තේරෙන්නේ නෑ.

දවසක් මගේ කාමරේ ඉන්න එකාට තද වෙලා ඔය ජොකා අරගෙන බැල්කනියෙන් එලියට විසි කළා. ඊට පස්සේ දවසක් අපි ඔක්කොම ඉන්න තැන මිනිහ අහනවා මගේ එක යට ඇදුමක් නැති වෙලා.කාට හරි මාරු වෙලාද  දන්නේ නෑ පොඩ්ඩක් බලන්න කියල.ඒක කිව විදියට හරියට මහා ලොකු වටිනා දෙයක් නැති වෙලා වගේ.මමයි මගේ කාමරේ එකාටයි ඇර ඔක්කොටම අප්සට් .වෙන මොකටවත් නෙමේ ඇත්තටම මාරු වෙලා නම් මේකාගේ මේක දවසක් වත් ඇදලද දන්නෑ කියල.

හැමෝම බලන්නම් කියල ශේප් එකේ තමන්ගේ සෙට් එක චෙක් කරලා බලනවා.දැන් මමයි මගේ කාමරේ එකයි දන්නවා මාරු වෙලා නැති බව.එත් අපිත් ගිහින් බැලුව මුනිච්චාවට.

දැන් අයියට සුවර් නෑ.අයිය හැම කෙනාගේම ජෝක්කු ගාවට ගිහින් අතගාල බලනවා එයාගේද කියල.අපිට මේක මහා විහිලු වැඩක් උනා.මමයි මගේ කාමරේ එකයි අපේ ජෝක්කු ටික ඇදේ පෝලිමට තියල අයියට ඇවිත් අදුන ගන්න කිවා.අයිය ඇවිත් බලල ඒවා නෙමේ කියල ගියා.

ඔන්න ඔහොමයි අපි ජෝක්කු හදුනාගැනීමේ පෙරෙට්ටුවකට තිබ්බේ.



26 comments:

  1. ඌ මලම ඇණයක් නේ මඟියා. ඊට පස්සෙත් ඌ ඒ විදියටම ඌට ඕනෙ විදියට හිටියද?

    Now you are on my HeyDude and මගේ ඩෙනිම blog rolls!
    Check it out.
    Moreover, I'm your 25th member!!

    ReplyDelete
    Replies
    1. ඔව් බාන් මළම ඇනයක්... මට එපා වෙලා හිටියේ.බෝඩිමට බඩු ගන්නෙත් මචන් මූ.මෙච්චර හොද දේවල් තියන රටේ මූ ගේන්නේ රාණි සදුන් සබන්, අර චාර්ටර්ම ශේවින් ක්‍රීම්, ඔන්න ඔව්ව.යකඩෝ මේකේ ලෝකේ තියන හැම බඩුවක්ම තියනවනේ.ආසාවට එකක් ගනින්කෝ.එව්වා නෑ.එහෙම්ම හිටිය.ඔය ක්‍රියිසිස් කලේ ගිය යන්න.

      Delete
  2. හපොයි ඒ යකා මාර බුවෙක් නෙ. බොලාට තිබුණෙ ජොකා නෙමෙයි මිනිහව කාමරෙන් එළියට විසි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අපේ හිටිය උන් ඌට මොකවත් කියන්නේ නෑ.මම ඔතනට යනකොට ඔහොමයි.මුක අවූරුදු බර ගානක් මෙහේ ඉදල ඔය ක්‍රියිසිස් කලේ යන්න උනා.

      Delete
  3. ඌ විතරක් නෙමෙයි අපේ රටේ බහුතරයක් අනෙකා ගැන සිතන්නේ නෑ... මහ ආත්මාර්තකාමි ජාතියක්...

    ReplyDelete
    Replies
    1. මාතලන් උබ කියන එක ඇත්ත, මෙන්න මේකත් හිතපන්කෝ මේ අයිය අපේ රතු අය්යලගේ පක්ෂයේ ඉතාම ලෙන්ගතු සහෝදරයෙක් මේ රටේ ඒ සම්බන්ද පත්තරේ කියවන සුළු දෙනා අතර ඉන්න කෙනෙක්.

      Delete
  4. JOKKU GENA KATHA KARANAWITA EEGENA SPECIALIST KENEK INNAWA. EYA THAMAI MAHA KAI, BOGA VISARADA, BOG SAK--LI. MA-VASURU, APE KAKKA THUMA. ETHUMA, PUKA, PADA,CHOO, JEE WAGE DEVAL GENATH RESEARCH KARALA THIYANAWA.,

    ReplyDelete
    Replies
    1. :) ඒ රිසර්ච් මමත් කියවල තියනව.ඒව වැඩක් නෑ කියන්නම බෑ නේද?

      Delete
    2. දැන් කැපිටල් ඇනෝට කකාගේ දොර වැහිලා. එකයි මේ පැත්තේ.

      Delete
    3. ඔව් මමත් වහල දැම්ම...

      Delete
  5. අනික් පාන් ජෝකාලා ජොක්කු කතා ලියනකොට තමුසේගේ ජොකා පාන් පාන් කියනවානේ. හරි හරි අද ඉඳලා තමුසෙත් පාන් ජොකෙක් හැටියට සලකන්නම්.

    ReplyDelete
    Replies
    1. මචන් තේරෙන්නේ නෑ උබ කියන එක...උබ කැමති විදියකට කරහන්..අව්ලක් නෑ බන්.හිතේ සතුටනේ වැදගත්...උබ සතුටින් නම් මමත් සතුටින් ...

      Delete
  6. මිනිහගේ එක හොයාගන්න ක්‍රෙම් මොකක්ද

    ReplyDelete
    Replies
    1. උගේ එක ක්‍රෝකඩයිල් පරණ ලෝගෝ එක...

      Delete
  7. බෝඩින් ජීවිතේ තියෙන එපාම කරපු සීන් එක තමා මගියා මේ කියල තියෙන්නේ.. එල ඈ :D අයත් එන්නම්කෝ මේ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. බෝඩින් ජිවිතේ ගත කල උන් දන්නවා සීන් එක.නාඩි නැති උන් එක්ක ඉන්න හොද නෑ... එන්න තව කතා කීපයක් තියනවා.එකත් දැන්නම් හිමිට

      Delete
  8. උඹට තිබුණේ ඒ අයියා එන්න ඉස්සෙල්ලා දවස් දෙකක් විතර හොඳට ඇඳපු ජොකෙක් අර ඇනේ එල්ලලා තියන්න. අයියගේ මූණේ වදින්න. :D

    ReplyDelete
    Replies
    1. දවස් දෙකක් ජෝක් අදින්නේ ඕක විතරයි.වෙන උන් අදින්නේ නෑ :D

      Delete
  9. ඒ වගේ එකෙක් සෙට් වුණොත් බෝඩිමකට හෝ චමරියකට සොරි ම තමා.

    ReplyDelete
    Replies
    1. සොරි කියන්නේ එක්කෝ මරා ගන්න වෙනවා නැත්නම් බෝඩිම විසුරුවන්න වෙනවා.මනුස්සකමට සීමාවක් නැති උනානේ අපේ එකයි ඌ එක පාවිච්චි කලේ.

      Delete
  10. හිකිස්...වෙන කියන්ට දෙයක් නැත :) එයාට කොමන් සෙන්ස් කම්පෝනන්ට් එක පිහිටලා නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. කොමන් සෙන්ස් කීවම, "ඊයෙත් තෙල් කෑම ගොඩක් කෑව එක නිසා කිරට උයල නම් කන්නම්" කියයි.

      Delete
  11. මෙහෙත් එකෙක් හිටියා. නෙදකින් මගේ කාමරේම. ඌ නං අවුරුදු 3ක් අපිට පව් දීල යන්න ගියා නිව්සීලන්ඩ්.

    ReplyDelete
    Replies
    1. අනේ හොදයි,,, අපිට පව් දෙන එකනේ ඉවසන්න බැරි.වැඩිහිටි කමට ගරු කලාම වෙන දේවල් තමයි ඔය ..

      Delete
  12. ඊයා, මොකද ඒ ජොකා එල්ලන්නේ? පොර එක ජොකා හෝදන්නේ නැතුව දෙතුන් පාරක් අඳිනවාද?

    ReplyDelete
    Replies
    1. අනේ සංසාරේ කකා දෙතුන් පාරක් නෙමේ දවස් කීපයක්.දැක්කම බඩ දඟලනවා.මහා සක්ලිස්ට් ඩයල් එකක්....

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .