Saturday 1 June 2013

තවත් මරු ඩයල් එකක් ...

මේකත් ඔය ක්‍රයිසිස් එකට ටිකක් කලින් සහ ඒ කාලේ කතාවක්.අපේ එක යාලුවෙක් උන්නා.ඔය අපි වගේ ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමේ මෙයා.බොහොම සංයමයෙන් හීන් නූලෙන් වැඩ කර ගන්න ඩයල් එකක්.ආර්ථික විද්‍යාව විශ්වාස කරන පුත්ගලයෙක්. ඉතින් අවශ්‍යම දේකට ඇරෙන්න පොඩි පොඩි වියදම් නෑ මිනිහගේ.ඇත්තටම ඔක්කොම නැතත් ගන්න දෙයක් තියනව ඒ ජිවන රටාවේ.අපි හිතනවට වඩා ලොකු ගානක් වියදම් වෙනවා ඔය පොඩි පොඩි ගණන් වලින්.ඒක ගැනත් පොඩ්ඩක් හිතල බලන්න මේ එක්කම.


පින්තුරේ ගත්තේ:http://blog.fluenthistorian.com/wp-content/uploads/2013/04/econ.jpg

ඔන්න මිනිහට ලොකු රැකියාවක් හම්බ උනා මෙහෙ සංවර්ධන කටයුතු නැගල ගිය කාලේ.නමුත් මිනිහ තමන්ගේ ජිවත් උන රටාව වෙනස් කලේ නෑ.හැමෝම ඇහුව "ඇයි බන් අලුත් වාහනයක් ගනින්කෝ මේ කබලේ යන්නේ නැතුව" කියල.මිනිහට තිබුනේ හෙන පරණ වාහනයක්.ඕක හැමදාම ලෙඩ.බොහොම පොඩි ගානකට අරගෙන කෑලි දාල මිනිහ ඕක හද හද පැද්ද.

ඔන්න ඔහොම යනකොට වාහන කොම්පනි වලින් මිනිසුන්ගේ සල්ලි ඇදල ගන්න ක්‍රමයක් විදියට අලුත් වාහනයක් ගන්නවා නම් මුලදී කියක් වත් ගෙවන්නේ නැතුව වාහනයක් අරගෙන යන්න පුළුවන් සහ පලවෙනි මාස 3ක් වාරික ගෙවන්න ඕනෙත් නැහැ කියල ඔෆර් එකක් දුන්න. 

ඉතින් මේ අපේ යාලුවත් කවදාවත් නැතිව ගත්ත අර රේන්ජ් රෝවර් කියන රථයක්.ඕක ලොකු ගානක් වෙනවා.සාමාන්‍ය කෙනෙකුට දරන්න අමාරුයි.හැමෝම අහනව ඇයි බන් ඔච්චර එකක් ගත්තේ කියල.මූ කියනව නෑ බන් පදිනවා නම් හොදම එකක් පදින්න ඕනය, නැත්නම් අර තිබුන එක හොදයි මට කියල.දැන් අපිට මේ අන්ත දෙක තේරෙන්නේ නෑ.කොහොම හරි ඔන්න මාස 2ක් විතර ගිය මූ තාමත් වාහනේ ඉටි කොළ ටිකවත් ගලවන්නේ නෑ.අහපුවම ඔහේ තිබිද්දෙන් බන් කියනවා.

පින්තුරේ ගත්තේ:dubaicity.olx.ae
පස්සේ ඔය ආර්ථික අවපාතය ආව.ඔය ඔෆර් ඔක්කොම නැති වෙලා ගියා.බැංකු වලින් දුන්න සල්ලි ආපහු  ගන්න මිනිස්සු පස්සේ එලවන්න ගත්ත.හැබැයි ඔය ලොකු ආයතන වල වැඩ කරන සමහර උදවිය මේ  තරම් ලොකුවට කෙසේ වෙතත් මොනවා හරි ප්‍රශ්නයක් ළඟ එන බව දැනගෙන උන්න.ඒ දැනගෙන තමා මෙයා මේක අරගෙන තියන්නේ.ඒකයි ඉටි කොළ ටිකවත් ගලවන්නේ නැතුව තියාගෙන හිටියේ ඕන වෙලාවක දාල යන්න බලාගෙන.

ඔය වාහනේ දැන් මස තුනක් සත පහක් ගෙවන්නේ නැතුව පැද්ද.දැන් ඔය අමාරු කාලේ මිනිහටත් රැකියාව ගැටළු ආව.තව මාස 3 කට පස්සේ මිනිහගේ රැකියාව නැති උනා.මොකද ඔය ආර්ථික අවපාතය මුල් කාලේ ලොකු වැටුප් අය මුලින්ම අයින් කළා. මිනිහ වාහනේ ලෝන් එක ගත්ත බැංකුව ගාව පාර්ක් කරලා ලංකාවට ගියා.

ඔන්න බලන්න දැන් මිනිහ ගන්න පුළුවන් හොදම වාහනයක් සමහර විට ආපහු කවදාවත් ජිවිතේ පදින්න බැරි වෙයි සත පහක් ගෙවන්නේ නැතුව මස 6ක් පැදලා.රැකියාව නැති උනා කියල අවූලක් නෑ මොකද වැඩි වියදම් නැතිව ගෙවපු නිසා මිනිහගේ අදායමෙන් 80%අඩුම ඉතිරි වුනා.මෙහෙම වැඩක් කරගෙන ගිය උදවියගෙන් මම දන්නා හොදම ඩයල් එකක් තමා ඔය.

එක නිසා ආර්ථික විද්‍යාව විශ්වාස කරලා වැඩ කරන එක කෝකටත් ඇගට ගුණයි.

25 comments:

  1. නිකං ඉතිං පදින්න ලැබුන එකත් මැදැයි..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ. ඔය වගේ එකක් ආයේ පදින්නයි...

      Delete
  2. ලංකාවේ කී දෙනෙක් ඉන්නවද ඔය වැඩේ කරලම ගොඩ ආපු උන්....

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි, අර මෙහෙ තියන ඩුබායි ඇලුමිනියම් කියන ආයතනයට ලංකාවෙන් දෙසිය පනහක් විතර ගත්ත.උන් ඔක්කොගෙන්ම දැන් ඉන්නේ පනහකට අඩු ගානක්.ඒ ආයතනය මෙහෙ ප්‍රදානම ආයතනයක් නිසා බැංකු වලින් නය දුන්න ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 90 විතර වෙනකල්.දැන් ඒ ආයතනයට ලන්කාවේ අය ගන්නේ නැහැලු.බ්ලැක් ලිස්ට්...

      Delete
    2. ඩුබායි ඇලුමිනියම්? ඇයි බං මාත් ඕකෙ වැඩ කලා නෙව. ඒ කාලෙ මාත් එක්ක ලංකාවෙ තුන් දෙනයි හිටියෙ. අනිත් දෙන්නම මට වඩා ඉහල තනතුරු වල හිටියෙ. අපිට ඒ කාලෙ හොඳ පිලිගැනීමක් තිබුනා. ලංකාවෙ 250ක්? මලා, එහෙනං අපේ උන් ඒකත් කෑව.

      මමත් ඔතන අවුරුදු හතක් හිටියා. ඩුබායි කියන්නෙ අතරමැද නවාතැන් පලක් මිස නවතින්න හොඳ තැනක් නොවන බව ම දැන සිටිය නිසා, ඔය අවපාතෙ එන්න කලියෙන් මම බටහිරට මාරු වුනා.

      හොඳ පැත්තක් තිබුනත් මං පෞද්ගලිකව අරාබිකාරයොන්ට කැමති නෑ. උන්ගෙ නීති උන්ටම හොඳයි. ඔය කම්පැනිය රජාට අයිති එකක්. එකම වැඩේ කලත්, අපට, අරාබියොන්ට, සුද්දන්ට ගෙවීම සහ සැලකීම තුන් විදිහකට. අපිත් පෙරහැරේ යනකොට ඕව්ව පේන්නෙ නෑ, එලියට ඇවිල්ලා පෙරහැර දිහා බැලුවාමයි සෙල්ලම පේන්නෙ. ඔතනින් ගාණක් හොයාගෙන, වෙන අතක් බලාගන්ට බලාපං

      Delete
    3. කොහොමද අර පිංතූර වලම කොටසක් ලෙස "පිංතූරෙ ගත්තෙ..." ලින්ක් එක දාන්නෙ?

      Delete
    4. @Anonymous3 June 2013 04:37 ඔව් එහෙම තමා හිතාන ඉන්නේ බලමු ...
      @Anonymous3 June 2013 04:41 පින්තුරේ කොටපුවාම එකේ යට තියනවා බන් ...

      Delete
  3. ඔය දැනුම හොඳටම ඇති. මෑන් චන්දෙ ඉල්ලුව නං බන්දුල ගුනවර්ධන වගේ පොරක් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. සංසාරේ බන් ඔව් ඔව්. උබ කියන්නේ ඉටි කොළ ටික ගලව්වේ නෑනේ මේක මස 2ක් ගිහින්.අඩුම අපිටත් කියපිය මෙන්න මෙහෙම එකක් වෙන්න එනවයි තොපිත් ඔය ගන්න තියන දෙයක් අන්න පලයව් කියල.නැනේ කිවේ. දැන් ලංකාවේ දේශපාලකයෙකුට සෙට් වෙලා ප්‍රදෙසිය එකෙක් හොදින් ඉන්නවා.

      Delete
  4. අදහාගන්න බැරි පොරවල් ඉන්නවා බං ඔහොම. අනේ මන්දා!

    ReplyDelete
    Replies
    1. පොරවල් වර්ග නම් මහා ගොඩක් ඉන්නවා බන්... ඔය මට හම්බ උන මතක තියන උන් ගැන තමා.ටිකක් වෙනස් චරිත නිසා ලිව්වේ...

      Delete
  5. අන්න පොරවල් අදහන්න වටිනා බුවාලා,

    ReplyDelete
    Replies
    1. අහන්න වටිනවා කියන්නේ,,, ගානට ඔක්කොම ප්ලෑන් කරලා කරන උන්.අපි කලොත් ඉතින් පුවක් ගස් වලත් දෙබලක්...:)

      Delete
  6. අඩේ ඔය විදියට ලංකාවෙත් දෙනවනං ලැම්බෝගිනියක්වත් අරගන්න බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මචෝ ලංකාවේ අපිට වාහනයක් ගන්නවා කියන්නේ හීනයක්නේ බන්.මෙහෙ වහනයක් ගන්න ලේසි ලයිසොම ගන්න තමා අමාරු.

      Delete
  7. ලංකාවේ මොටෝ සයිකලයක් වත් ඔහොම ගන්න කී දෙනෙක් පස්සේන වැටී වැටී යන්න ඕනිද

    ReplyDelete
    Replies
    1. ඒක තමා බන්, දැන් මූට බලහන් ජිවිතේට ඔය වාහනයක් පදින්න බෑනේ බන්.සාමාන්‍ය තත්වය ගත්තොත්.ඇමති කෙනෙක්ට නම් පොඩි දෙයක්.ඉතින් මෙහෙම හරි ඌ මාස හයක් පද්දනේ ඕක...එකත් ලොකු දෙයක්නේ.

      Delete
  8. කුළුදුලේම ඔන්න සිරා කොලුවත් මේ පැත්තට ගෑටුවා...වාහනේ පැද්ද කෙනාගෙ තීක්ෂණ බුද්ධිය බොහොම තියුණු හැඩයි....

    ReplyDelete
    Replies
    1. එල කිරි ... දිගටම එන්න... බොහොම තියුණුයි, බොහොම තියුණුයි, හැබැයි අපි කාටවත් නොකිය තනියම ගොඩ ගිය එකයි වැරැද්ද.මම ඔය කාලේ ඔය බවක් දන්නවා නම්, නායක අරගෙන ඒ දවස් වල තිබුන නය පතේ මුදල ගෙවල ඩිලිවරි එකට මුදල් ටිකක් තියාගෙන ඉන්න තිබුන.එහෙම උනා නම් මට පඩි පරක්කු උන වෙලාවේ ඒ තරම් කරදර නොවෙන්න තිබ්බ.ඔක්කොම අතීත කතානේ, දැන් ඕවගෙන් වෙඩක් නෑ නේද ?

      Delete
    2. දැන් ඕවගෙන් වැඩක් නෑ?? අහල තියනවද History Repeat it self කියල කතාවක්?

      Delete
    3. එහෙමත් එකක් නම් තියනවා තමා.දැන් මම බොහොම පරිස්සමින් ඉන්නේ බන්.ඕන වෙලාවක ගදර යන්න බලාගෙන.තව ටික කාලයක් ඉඳල යන්න කියල...

      Delete
  9. මම දන්න පොරවල් හෙන ගොඩක් ඉන්නවා ඔය වගේ වැඩ කරපු උන්.

    ඒත් වැඩේ කියන්නේ මට නම් එහෙම බෑ අප්පේ.

    රස්සාව නැති උනු වෙලේ ගෑනියි ළමයයි ලංකාවට යවලා ටිකක් අඩු පඩියට හරි රස්සවක් හොයාගෙන කලේ ගත්තු නය ගෙවන එක.

    මොකෝ කාගෙන් හරි රුපියලක් හරි ගත්තා නම් අපහු දෙනකම් හිතේ ලොකු බරක් මට නම්.

    බැංකු වලට විතරක් නෙමේ හිතවතුන්ගේ එහෙමත් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි "මට හදිස්සියක් මචං මම උඹට ආපහු දෙන්නම්" කියලා ඉල්ලගෙන පොල්ල තියන උන් කොහොම ඒක කරනවද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්, ඔය ගන්න සල්ලි කොහෙන් හරි පොලිය එක්ක යනවා.එක නිසා ගත්ත එක ගෙවල කරන දෙයක් කරන එක හොදයි.අනික ඔය ගිය උන්ට කවද හරි මෙහෙ ට්‍රාන්සිට් එකක් හරි එන්න උනොත් එවරමනේ ....

      Delete
  10. සාරිවලින් වහලා තියෙන පුටු මතක් වුණා!
    http://kathandara.blogspot.com/2010/02/blog-post_23.html

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .