Sunday 9 June 2013

අත ගාන පෝන් එකක් ...


පින්තුරේ ගත්තේ :swotti.starmedia.com
මම ලංකාවෙන් එනකොට අරගන ආවේ නොකිය 1100 ෆෝන් එකක්.එක මම ගොඩාක් කල් පාවිච්චි කළා.මම හිතන්නේ අවූරුදු එක හමාරක් වගේ.පස්සේ පස්සේ ඕකේ සද්දේ අඩුවෙන් ඇහෙන්න ගත්ත.ඊට කලින් තිබුන ලොකුම ලෙඩේ නොම්බර තහඩුවේ ඉලක්කම් මැකෙන එක විතරයි. එකට පොඩි ගානක් දීපුවම අලුත් තහඩුවක් දා ගන්න පුළුවන්.පස්සේ මම ලංකාවට එන්න තිබුන මගේ නිවාඩුවට සහ විවාහයට.ඔය ගමන එන්න මම අලුත් ෆෝන් එකක් ගත්ත එකත් නොකියම තමයි.ටිකක් ලොකු එකක්. E63i කියන එක. ඕක මම පාවිච්චි කළා නැති වෙන කල්.ඒ ෆෝන් එක නැති උනා ටැක්සි එකක අමතක වෙලා.කාල සිමාව මාස 4ක් ඇති.
පින්තුරේ ගත්තේ :gizmodo.com
ඕකට පස්සේ මම ආපහු පරණ නොකිය 1100එක පාවිච්චි කළා.මම වයිෆ්ට කලින් අරන් දීල තිබුන හොද එකක් මම මෙහෙ ඇවිත් ටික කාලෙකට පස්සේ.ඒක නොකිය N95එකක්.මම පරණ එක පාවිච්චි කරන කොට එයා මගේ එක අරගෙන එයාගේ N95 එක මට දුන්න.මම ගොඩක් පරිස්සමින් ඕක පාවිච්චි කළා,වැඩ බිමේදී බිම වැටිලා කැඩෙනකල්.ඕකට මට දාහක් දේවල් අහ ගන්න සිද්ද උනා අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙන්.හදන්න දුන්නට හදන්න බෑ කිවා.මෙහෙමත් කිවා "ඉට්ස් අ කුවයිට් හාර්ඩ් ශෝක් ෆොර් අ ෆෝන්" කියල.ඇත්තනේ තට්ටු 2ක් උඩ ඉඳන්නේ වැටුනේ.

පින්තුරේ ගත්තේ :johnymobile.com
දැන් මට ෆෝන් එකක් නැහැනේ එක නිසා කොහොමත් අලුත් එකක් ගන්න ඕනනේ.එක නිසා මම මගේ පලවෙනි කොටන ෆෝන් එකක් ගත්ත අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙ අවසරය නොමැතිව.එක HP වර්ගයේ එකක්. ipaq කියල එකක්.ඕකේ තිබුන කොටන්න කුරක්.එක දවසක් ඔය කුර මගේ අතින් බස් එකේ යනකොට බිම වැටුන හොයා ගන්න බැරි උනා.කුර නැති උනාට පාවිච්චි කරන්න පුළුවන් ඒක.

එක තමා මම අන්තිමට පාවිච්චි කල හොද ෆෝන් එක.දැන් අවුරුදු 3කට කලින්.ඊට පස්සේ ෆෝන් උණ බැහැල ගියා මගේ.මට ෆෝන් ගත්තට පාවිච්චි කරන්න බෑ කියන එක මම හිතුවට වැරදි කියල ඒක හරි  කියල ඔප්පු උනා ඔය IPAQ එක මගේ අතින් කෑම කන්න ගිය තැනක නැති උනාට පස්සේ.

පින්තුරේ ගත්තේ:www.itinfoforum.com 

එදා ඉඳන් අවුරුදු 3ක්ම මම පාවිච්චි කරන්නේ ලංකාවේ රුපියක් 3000 ට තියන පොඩිම පොඩි මුලික මට්ටමේ ෆෝන්.නැති උනත් කැඩුනත් පාඩුවක් නැති නිසා.

හැබැයි දැන් නා නා ප්‍රකාර ෆෝන් ඇවිත් තියනවා,දැක්කම ගන්න හිතුනත්, අරගෙන ගෙදර යන්න බෑනේ මම කරලා තියන වැඩ වල හැටියට.එක නිසා අකමැත්තෙන් හරි ඒ ආසාව යටපත් කරගෙන හිටිය. 

මේ ලඟදි මම S4ෆෝන් ගැන කියන කොට.පරිස්සමින් පාවිච්චි කරනවා නම් විතරක් ගන්න කියල, කොන්දේසි සහිත අනුමැතියක් ලැබුන.අවුරුදු 3කින් කිසිම සිද්දියක් නැතිව හොද කල්කිරියාවෙන් අර පොඩි ෆෝන් එක පාවිච්චි කල නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.

මටත් අතගාන ෆෝන් එකක් ගන්න හිතයි අලුත් ඒවා දැක්කම නම් ......අරගෙන එකටත්  මොනවා හරි උනොත් කියන බය නිසා ගම්දෝ නොගම්දෝ කියල දෙගිඩියාවක ඉන්නේ.... 


32 comments:

  1. අන්තිමට ඕකෙන් කොරන්නේ කතා කරන එකත්, වෙලාව බලන එකත් නිසා ඔය තියෙන පොඩි එකම හොඳා, නැත්තං "අයියෝ සල්ලි"

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක ඇත්ත.ඒත් බන් දැන් ඕවගේ ඔය මැප් එහෙමත් තියනවානේ බන්.එක ප්‍රයෝජනයි.හබැයි එකට විතරක් වියදම් කරන එකත් පාඩුයි.

      Delete
  2. කල්කිරියාව හොද නං අනුමත කරන්න පුළුවන්. ඒත් පෙර වැරදි තියෙන නිසා එස් 4 ට යන එක අනුමත කරන්න දැම්ම බෑ...(විදේශ කටයුතු අමාත්‍යාංශය)

    ReplyDelete
    Replies
    1. අනේ සංසාරේ ... හැබැයි උඹ කියන එකත් ඇත්ත තමයි.මටත් ඔය බය තියේ.විදේශ කටයුතු අමාත්‍යංශයේ තීරණයට ගරු කරා එහෙනම් ඕන්...:)(Y)

      Delete
  3. කොම්පීටරේ ඕනෙම සෙල්ලමක් පුලුවන් නමුත් ඔය ෆෝන් කෙරුවාව නම් බැරුවා. දෝණි දන්න දෙවල් මම දන්නෙ නැහැ. ඒ නිසා මට ෆෝන් පිස්සුව නැහැ. හැබැයි දැන් නම් කොටන එකක් පාවිච්චි කරන්නෙ. ඒත් මේකට එනකන්ම පාවිච්චි කලේ බේසික්.

    ReplyDelete
    Replies
    1. අද කාලේ වෙද මහත්තයෝ පොඩි අය මාර ඉක්මනට තාක්ෂණික දේවල් අල්ල ගන්නවා.එක හැටියක්.හිතන්න බැරි තරම් දියුණු වෙලා තියන්නේ.අපිට ඒ දවස් වල ඇනල කියල දුන්නත් අමාරු දේවල් අද පොඩි උන් සුරුස් ගාල අල්ල ගන්නවනේ.

      Delete
  4. ෆෝන් එකට කලින් ඕක උඹේ බෙල්ලේ එල්ලාගන්න දම්වැලක් ගනිං.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඕක ගත්තොත් පරිස්සම් කරන්න එහෙමවත් කරන්න වෙනවා.එක නිසා දැනට චන්ද ප්‍රතිපලය අනුව නොගන්න පක්ෂය ඉදිරියෙන් ඉන්නවා....

      Delete
    2. අහ් මතක් උනේ පස්සේ බන්, අහපන්කෝ අර අපේ බෝඩිමේ හිටිය එකෙක්. ඒ දවස් වල හොද ෆොනේ එකක් උගේ තාත්ත ගැනත් දීල.මු ඒක හෙඩ් සෙට් එක ගහගෙන කුරුණෑගල ඉඳන් කොළඹ එනවලු නිදාගෙන.කොළඹ ඇවිත් බලනකොට හෙඩ් සෙට් එක තියනවලු ෆෝන් එක නැතිලු..ගත්ත එක ෆෝන් එක අරගෙන හෙඩ් සෙට් එක කනේ තියෙද්දී කොහොමද මුගේ නින්ද ????

      Delete
  5. මාකට් එකේ ‍කොච්චර හොඳ ෆෝන් තිබුණත් මාත් පාවිච්චි කරන්නෙ 4000 ක විතර එකක් තමයි.
    ඒත් නොදන්න පැත්තක ගමණක් යන්න ගියාම ගූගල් මැප් බලන්න පුලුවං ෆෝන් එකක් තිබුණනං හොඳයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. නිතර එහෙ මෙහෙ යනවා නම් පරිස්සම් කරන්න අමාරු නම් මචන් මේක හොදටම හොදයි.අපි වාහනේ වැඩට ගිහින්,ඔෆ්ෆිචේ එකෙන් පිට නොයා,ආපහු ගෙදර එනවා නම් ලොකු ෆෝන් එකක් පරිස්සම් කල හැකි.ඕකට වෙනම කරදර වෙන්න වෙන එක කරදරයක් නේ.මට උනේ ඕකයි ඔය නැති උන ෆෝන් වලට.ඕක කීවට කාටවත් පිළිගන්නේ නෑ.මටමයි බනින්නේ .....ඉතින් කියහන් මොකද කරන්නේ ..

      Delete
    2. @ ප්‍රසා
      එහෙම ඉතිං ගමන් බිමන් යන එකක්යැ.. වැඩිම උනොත් පිච්චුන මෝටරයක් ගෙන්න කොළඹ යාවි. බස් එකේ.. හැක්..

      Delete
    3. හැක්... හැක්.... මොනාට කියනවද.

      Delete
    4. එකත් හැමදාම යන කඩේ වෙචිචි මොකටද මැප් නැද්ද ???? :)

      Delete
  6. කැමරා ෆෝන් ආවම කාලේ වගේ සේවා ආයතනයෙන් ලැබුණ ෆෝන් එක තියාගෙන පාවිච්චි කල කැමරා තියෙන නොකියා එක මට දුන්න ..ඕක කන්තෝරුවේ දීම නැති වුණා . සාම්පල් ගේන කෙනෙක් තමයි ගන්න ඇත්තේ. පස්සේ අනේ මිසිගේ ෆෝන් එක නැති වුනාද ..හරි අපි හොයලා දෙන්නම් අරකද මේකද ලොකු කතා ගොඩයි . හොයල දීපු එකක් නැහැ . එදාම ගිහින් ගත්තා ගණන් අඩුම ජාතියේ එකක් . හොරුන්ට එක දැක්කම මට ෆෝන් එකක් අරන් දෙන්න හිතෙන ජාතියේ එකක් .

    ඊට පස්සේ ඊට ටිකක් හොඳ එකක් ..දැන් නම් අතගාන ජාතියේ එකක් තියෙනව . මෙහෙ එහෙම නැති ඒවා පාරක තොටක එලියට ගන්න විලි ලැජ්ජයි .

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නෙම තියනවා, බහුතරයක් ළඟ තියන්නේ ඔව්ව.වැඩේ තියන්නේ නැති උනොත් එක ලොකු පාඩුවක් නිසා මට ගන්න බයයි.නෙට් එක මේල් එක අර "whatsup" ද මොකක්ද කියන එක අපේ ලොක්කෝ ඔක්කොම පාවිච්චි කරනවා.උන් හැමදාම කිවත් මම ගාව නෑ කියල අහනව තියනවා නේද කියල.හැමෝම හිතාගෙන ඉන්නේ මං අවුට්ඩෙටඩ් ඩයල් එකක් කියල.

      Delete
  7. dan nati phone kos kotanada? ganin ban S4 ekak.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. අඩේ ගත්ත වගේ නෙමේ නේ බන් පරිස්සම් කරන්නත් එපයි...

      Delete
  8. සෑහෙන කාලයක් කියන්නෙ අවුරුදු එක හමාරකටද මිත්‍රයා....හැක් හැක්...මම දැනට පාවිච්චි කරන ෆෝන් රාජයා ඉන්දියානු සංචාරයකදී ෆොටෝ ගහන්න කැමරාවක් නැති කමට ඉන්දියාවෙන් ගත්ත එකක්...වර්ගය සැම්සන්ග්...එහෙ සැම්සන්ග් එකලස් කරන මධ්‍යස්ථානයක් තියෙනවාලු...ඒකෙ නිෂ්පාදන යවන්නෙ යුරෝපයටලු...ඒ නිසාමදෝ මගේ ෆෝන් රාජයා ලෙසටම වැඩ....දැන් නම් මට සැම්සන්ග් කැමරා කියන මෙගා පික්සල් 16 ක පිස්සු බම්ප් වෙන කැමරාවක් තියෙන ෆෝන් එකට හිත ගිහිල්ලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඔව් ඔව් එහෙම ඒවත් තියනවා.ඔව්ව දැක දැක හිත පාලනය කරගෙන ඉන්න එක හරිම අමාරුයි බන්.වැඩේ තියන්නේ ඔව්ව පරිස්සම් කරන එකයි.මට එක ටිකක් අමාරු නිසා මම දැන් ඕක පස්සේ වැඩිය යන්නේ නෑ.ඒ වුනත් දැන් දැන් එන අලුත් එව්වා ගැන හිත යනවා තමයි මචෝ ...

      Delete
    2. ඩෝප් වැඩි උනාම නේද ෆෝන් වලට වැඩිපුරම කෙළවෙන්නෙ...

      Delete
    3. උඹ නම් මචන්.... අඩේ එහෙම කෙල උනේ එකයි,අර //"ඔය IPAQ එක මගේ අතින් කෑම කන්න ගිය තැනක නැති උනාට පස්සේ."// කියන එකේ //*කෑම කන්න*// කියන එකට බීල කියල මාරු වෙන්න ඕන.ලෝක ලජ්ජාවට පොස්ට් එකේ එහෙම දැම්ම මොකද කන්නයි බොන්නයි දෙකම එතන තියන නිසා බොරුවක් නෙමේ...:)

      Delete
  9. මටත් ඉස්සර මාර උණක් තිබුණා.පහුගිය අවුරුදු 5 ඇතුලත මං ෆෝන් 19ක් මාරු කරා. (අළුත්ම ඒව නෙවෙයි)
    දැං තියෙන්නෙ නෝමල් සැම්සුන්ග් එකක් .. රු:5000 යි. මාර සරලයි. බැටරියත් සතියක් තියෙනවා...
    මං නම් ආපහු කවදාවත් ලොකු ඒව ලයින් කරන්නෙ නෑ. කෝල් එකක් අරං මැසේජ් එකක් කොටන්න තිබ්බම හොඳටම ඇති..

    මං කියන්නද වැඩේ.. ඔය s4 එක ගන්න සල්ලි වලින් නෝමල් එකක් අරං ඉතිරි සල්ලි වලින් නෝනට වටින තෑග්ගක් අරං දෙන්න.. වැඩෙත් කෙරෙනවා.. කාලයක් යනකම් සැළකිලිත් ලැබෙනවා :)

    ReplyDelete
    Replies
    1. එක නම් මාරු අදහස.තෑග්ග රත්රන් උනා නම් මට හදිසියකට විකුණා ගන්න හරි ඇහැකි.ඉන්ඩිරේක් බෙනිෆිට් එක අපහු මගේ.උබ නම් මම වගේම හිතන එකෙක් තමා මචෝ.;D

      Delete
  10. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විධායක ජනාධිපතිනිය යටතේ පාලනය වෙන බවයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. මචන් බලය බෙදා හැරලා තියන්නේ,විධායක බලතල එක්කම.පාර්ලිමේන්තුවෙන් පාලනය වෙන්නේ.මම අගමැති.අනික් වැඩිහිටියා විපක්ෂ නායක.පොඩි උන් දෙන්න තමා මහා ජනතාව.අභ්‍යන්තර කටයුතු අමාත්යංශය කියන්නේ ටිකක් කරදර ඇමති කමක්.ඒකට මම ඇඟිලි ගහන්න යන්නේ නෑ.ඒක විපක්ෂ නායකට බාර දීල තියන්නේ තව ඒ වගේ කරදර ඇමාත්‍යයංශ කීපයක් එක්කම.:)

      Delete
  11. සල්ලි සල්ලි කියල බලන්න එපා බං ගනින් බ්ලැක් බෙරියක්. මරු ම තමා.

    ReplyDelete
    Replies
    1. ඔය කළු පාට බේරී වලට ස්කයිප් දාන්න බෑ කියන්නේ ඇත්තද? මට ස්කයිප් එක තිබ්බොත් හොදා වගේ අඩේ.ඕන වෙලාවක ගදරට කතා කරන්න ඇහැකි එතකොට...

      Delete
  12. අනේ අතගාන ඒවා නම් මට පේන්න බෑ. අත ගාන්නේ එකක්. අත ගෑවෙන්නේ තව එකක්. හැබැයි ඉතින් දැන් ඒක නැතුව බැරි ගානට ඇවිත්. දිග ගමනක් යන්න ගියාම තමයි වටිනා කම තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕක තමා වැඩේ... දැන් දැන් එන ඔය පහසුකම් නැතිව බැරි වෙලාවල් එනවා.දවසක් මම වැඩකට බැංකුවට ගියාම මගේ රැකියා කොන්ත්‍රාත් කොලේ ගනියන්න අමතක වෙලා.ඒ බැංකුවේ නිලදාරිනියගේ ෆෝන් එකට, යාලුවෙකුට මගේ ඊ මේල් එකේ පාස්වර්ඩ් එක දීල ඒ මාර්ගයෙන් ගෙන්න ගත්තේ.මගේ ගව ෆෝන් එකේ නෙට් එක තිබ්බ නම් එවෙලේම කර ගන්න තිබුන.

      Delete
  13. ජාවා , සිමිබියන් එක්ක ඉඳලා දැන් නම් මං භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකක්. ඒකටත් දෙන්න තියන දස වද සේරම දැන් දීලා ඉවරයි. රූට් කරලා ,සතියෙන් සතිය රොම් අලුත් එව්වා ගහ ගහ තමා මේ දවස්වල ඉන්නේ. දැන් අවුරුද්දක් වෙනවා ඒ ෆෝන් එකටත්. අලුත් එකකට යන්න දැන් ආසයි.තියන එකට Android 4.1 ගහන්න බැරි නිසා.

    ReplyDelete
    Replies
    1. මම දැන් නොකිය පොඩිම පොඩි ෆෝන් එකක් පාවිච්චි කළා අවුදුදු කීපයක්.ඊයේ මෙහෙ ප්‍රොමෝෂන් එකක් දීල තිබුන සම්සුන්ග් එස් 4 කට.එක අරගෙන ආව.මේක නම් හොදට පරිස්සම් කරන්න ඕන අප්පා ...

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .