Monday 19 August 2013

අමුවෙන් ගිය ට්‍රිප ...

ගිය පාර ඊද් නිවාඩුවට ලෑස්ති උනේ සති කීපයක ඉඳන්.කන්නේ මොනවාද ගෙනියන්නේ මොනවද හැමදාම කතා කළා.මේ ගමනට ළමයි ඉන්න පවුල් දෙකකුත් සම්බන්ද උන නිසා වාහන බෙදා  ගන්න සිද්ද්ද උනා මොකද හැසිරීම ගැටළුවක්  නිසා.ඉතින් නියමිත විදියට කලින් දවසේ බඩු ටික ලෑස්ති කරලා තියල ෂොට් එකක් එහෙම දාල පහුවදා බොන්න දේවල් ලෑස්ති කරා.බොන එකනේ අපේ මූලික අරමුණ ගමනක් යනකොට.

ඉතින් බියර් විතරක් බොන ඈයෝන්ට බියර් දුසිමක් විතර අරගෙන සිතල යන්නේ නැති පෙට්ටියකට අයිස් දාල එක ලැහැස්ති කළා.අනික් උදවියට බොන්න ඕන කරන බෝතල් ටික වෙනම පෙට්ටියක දාල එයිට උඩින් බයිට් එකට ගන්න බාබකියූ දාන්න ගත්ත මාළු ටික මස් ටික අයිස් වල දාල වෙනම තිබ්බ.දැන් පෙට්ටි දෙකයි බොන්න ඕන කරන සියලුම අමු ද්‍රව්‍ය සමග අපේ වාහනේ ඩිකියට පැටව ගත්ත.
පින්තුරේ ගත්තේdubai.dubizzle.com
උදේම සුපුරුදු ලෙස පවුල් දෙක ප්‍රමාදයි.අපි ලෑස්ති වෙලා වාහන බෙදාගෙන උදේට කන්න පාන් එහෙමත් අරගෙන දැන් ඉන්නවා.අර දෙගොල්ල ආවට පස්සේ එක්කෙනෙකුට ඕන උනා ළමයින්ට කන්න දේවල් ටිකකුයි පම්පර්ස් ටිකකුයි ගන්න. එක නිසා සුපර් මාර්කට් එකක් ගාව පාර්කින් එහෙක නතර කරලා ඒ ඕන කරන බඩු ටික ගන්න ළමයින්ගේ තාත්ත කෙනෙක් වෙන අපේ යහළුවෙක් වෙන බොන එකෙක් ගියා.දැන්පරක්කු වෙලා තියන්නේ අනික් උන් කෑ ගහනවා යමල්ල කියල.මිනිහ ඉක්මනට ඇවිත් වාහනේට බඩු ටික දාද්දී එයාලගේ වාහනේ ඉඩ මඳි.ඒකනිසා අපි බොන සෙට් එක ඉඳපු වාහනේ ඇරපන් කිවා පස්ස ට්‍රන්ක් එක. මිනිහ තිබුන බඩු ටික එහාට මෙහාට කරලා ඉක්මනට වැඩේ කරලා ඇවිත් වාඩී උනා.

දැන් අපි යන්න ඕන තැනට ඇවිත් බොන්න කියල ලෑස්ති වෙලා, බාබකියූ පාරක් දාන්නා අර බඩු පෙට්ටි දෙක ගෙන්න කොටසක් ගියා.එකෙක් එනවා බීම පෙට්ටි දෙක නැහැලු.සංසාරේ දවස් දෙකක්ම ගිය බඩු හොයාගෙන ලෑස්ති වෙන්න.මේ මොකක්ද කියන හරුපේ.වෙන්න බැරි දෙයක් නිසා අපිත් ඔක්කොම  ගිහින් බැලුව.ඇත්තටම නැහැ.
පින්තුරේ මෙතනින් depositphotos.com -
දැන් කරන්න දෙයක් නැති නිසා ආපහු පැය දෙකකට වඩා ගමනට වැය කරලා බොන්න බෝතල් දෙකක් හොයාගෙන ඇවිත් ඒක බිල ගෙදර ආව.

වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද ?

අර  පොඩි උන්ට කන්න ගන්න ගිය එකා, ඒ බඩු ටික ගෙනත් අපේ වාහනේ ට්‍රන්ක් එකට දාන්න බලත්දී ඉඩ මඳි වෙලා.මූ පෙට්ටි දෙක බිමින් තියල බඩු ටික දාල පැක් කරලා ට්‍රන්ක් වහල වාහනේට නැඟල.හොඳට අයිස් දාල පැක් කරලා බිම පෙට්ටි දෙකයි බාබක්‍යු ටිකයි ප්ලැට්ෆොර්ම් එක උඩ පාර්කින්ග් එකේ.

නිවාඩු දවස් වල හම්බ උන එකාට මරුම මරු .....




22 comments:

  1. ෂික් විතරක් උඹලනං! පරිස්සමට ලඟට ගන්න ඕන දේවල් ඩිකියෙ දානවද බොල?

    ReplyDelete
    Replies
    1. ඔය පවුල් පන්සල් එක්ක බොන්න ට්‍රිප් යනකොට ඔහොමයි බන්.පොඩි උන්ගේ ගෝකාර්ට්, උන්ගේ ඇඳුම් බෑග්, ඔව්ව ඔක්කොම පුරවල තිබ්බේ ට්‍රාන්ක් එකේ.මූකට සිහිමඳ කම කියන්නේ, කන බොන එකෙක් වෙච්චි අපිට නම් බොන බිම ටික අමතක වෙනවද බෝල පොඩි උන්ගේ පම්පර්ස් වලට වඩා...

      Delete
  2. යකෝ .....ඔන්න උඹලගේ වෙලාවේ හොඳකම.....!

    ReplyDelete
    Replies
    1. අඩේ අවුරුද්දට එක සැරයයි එන්නේ ඔය නිවාඩුව.එක විනාස බංග කළා බන් ....

      Delete
  3. අර රාජ් කියල තියෙනව වගේ ඕව ඩිකියෙ දාල හරියනවද.
    පෙට්ටි දෙක බිම තියපු එකා බාබකිවු කරන්න ඇති කට්ටිය. :D

    ReplyDelete
    Replies
    1. එන ගමනේ මඟක් ඇවිත් "ෆැමිලි" වහනෙකට නැග්ග.....
      ඌට තරමක් අමාරු උනා...එනකොට ....

      Delete
  4. යක්ෂයා වැහෙනවා කියන්නේ යකෝ මට නම් පුදුම කේන්තියි.

    ReplyDelete
    Replies
    1. මචන් විශ්වාස කරහන් හතර කිලෝමෙටර ගානක බිම පුළුටක් නැහැ ඒ පැත්තේ.ආපහු පයකට වඩා ආව බෝතල් දෙකක් හොයා ගන්න.අවුරුද්දකට පස්සේ ආපු නිවාඩුව.දැන් මේ පාර ඊද් එකට ඒ හිටපු උන් ඔක්කොම විසි වෙලා ඉතිරි උනේ මම විතරයි.මම ක්ලබ් එකකට ගිහින් බිල්ල ඇවිත් බුදියගත්ත... ඔන්න ඒ අන්තිම ට්‍රිපට ගිය කල ...

      Delete
  5. ග.ම.ම ඉන්නෙ සාර්ජා පැත්තෙ කියල ඇහිල තියෙනව.. මම ඉන්නෙ අබු දාබි. ආසයි හැබැහින් බලන්න... සැට් වෙලා තබ්ලා පාරක් ගහල සින්දුවක් කියල සූටි ආතල් එකක් ගන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් මම සාජ පැත්තේ තමා ඉන්නේ.:D මෙලක් දාහන් සෙට් වෙමු වෙලාවක....

      Delete
  6. Replies
    1. හනේ හපොයි තමා....එක දන්නේ අපිනේ !@#$

      Delete
  7. ඔය කොරලා තියෙන්නේ. අසිහිය කියන ලෙඩේ අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙනවා බං. මමත් එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා හෙන්රියෝ.ඒ වුනත් මේ වගේ දෙයක් කියන්නේ බන් දවසේ විශේෂම අයිටම් එකනේ.බොන එකකුට එකත් මිස් උනා කියන්නේ....

      Delete
  8. මටනම් ඔය වෙලාවක් කියල එකට වෑඩකරන්නෙ නෑතිඋන් නම් පෙන්නන්න බෑ.ඔක උනෙත් එ පරක්කුව නිසා නෙද

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඔව්... මටත් පේන්න බැරිම වැඩක් තමයි ඔය.මම නම් කොහේ ගියත් වෙලාවට කලින් තමයි යන්නේ.මොකද මට සිද්ද වෙන නස්පැත්ති වෙක කාටවත් වෙන එව්වා නෙමේ දන්නා කාලේ ඉඳල...කොච්චර කලින් ගියත් මම වැඩ වලට පරක්කු වෙලා තියනව කොහෙවත් යන කුන්ඩවාල පාත් වෙලා.මම මෙහෙ පළවැනි ඉන්ටර්විව් එකට ගිහිනුත් උණ එක මෙන්න ලියල ඇති.

      Delete
  9. සිකේයියා.. බොන්න යන එවුන්ට බොන දේවල් පාරෙ අමතක වෙලා දාල යනවද බං??

    ReplyDelete
    Replies
    1. ඔය උනේ බන් ආයේ හොඳම එකෙන්.වෙලා පහ ඇවිත් සෙට් වෙන්නේ නැතුව අපිවත් අතරමන් කළා.යන ගමන් බොන්න ගත්ත බෝතල් ටික ඇතුලේ තියාගත්ත නිසා යනකල් ඕන උනේ නැහැ.ගියාම තම තරු විසි උනේ...

      Delete
  10. අප්පා බං ඔඩොක්කුවේ තියාගන්න ඕනි දේවල් ඩිකියේ දානවද ?

    ReplyDelete
    Replies
    1. ඔඩොක්කුවේ ටිකක් තිය ගත්ත බන් යනකොට බොන්න.ඉතිරි ටික තමා ඩිකියට දැම්මේ..මේකට සිහියක් නැති වෙලා බන් නැත්නම් පොඩි බඩුවක්යැ බන් නොපෙනෙන්න ...

      Delete
  11. මදැයි කොලා. :)

    ReplyDelete
    Replies
    1. කියන්නේ කාටද ?....

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .