Wednesday 21 August 2013

අපුරු නඩු කීම ...

english.srilankamirror.com 
මේ කතාව මට මතක් උනේ කකාගේ බ්ලොගේ මම දාපු කොමෙන්ට් එකක් ලියනකොට.පොඩි ආතල් එකක් තියන නිසා ලියන්නේ.මේක අපේ ගෙදර වුන සිද්දියක්.

අපේ අප්පච්චිට ඉන්නවා මල්ලි කෙනෙක්.ආච්චිට ඉන්නේ ඔය දෙන්න විතරයි.ඉතින් ඔය ළමයි දෙන්නගෙන් අපේ අප්පච්චි තමා පිත්තල පුතා.බාප්පා තමා රත්තරන් පුතා.එහෙම තමා අපේ ආච්චි කැටගරයිස් කරලා තියෙන්නේ.හේතුව අපේ අප්පච්චි ටිකක් මුරණ්ඩු කියන දේ නාහන ගති තියන කෙනෙක්.දේශපාලනේට ගිහින් තිබුන දේවල් ගොඩක් නැති කර ගත්ත.ඉතින් ඔය ඉඩකඩම් එහෙම පරම්පරාවෙන් ලැබුන ඒවා ගොඩක් විකුණුනා.

ඔය වැඩේට අපේ ආච්චි කැමත්තක් දැක්කුවේ නැහැ.ඉතින් ඉඩම් බෙදල දෙනකොට රත්තරන් පුතාට ටිකක් වැඩියෙනුයි පිත්තල පුතාට ටිකක් අඩුවෙනුයි තමා බෙදල දීල තියන්නේ.ඕකට ඉතින් ඔය අයිය මලෝ දෙන්න හැමදාම කචල්.හැබැයි අර රත්තරන් පුතා ටිකක් වෙනස් ජාතියක පුත්ගලයෙක්.එය බැන්දේ දොස්තර කෙනෙක් නිසා පදිංචියට නුවර ගියා.ආවේ මාස කීපයකට සැරයක්. ඇවිත් ආච්චිව බලල යනවා.ඇත්තටම ආවේ වතු පිටි ටික බලල පලදාව අරගෙන යන්න.

ඉතින් ආච්චි බලා කියා ගන්න එක කලේ අපේ ගෙදර.

ඔහොම යනකොට ඉඩමක වැටවල් ගහන්න ගියාම ප්‍රශ්නයක් ආව ප්ලෑන් වල තියන මායිම් ගැන,ඔය වැඩේ දිග දුර ගිහින් කොහොම හරි උසවියටම ගියා.දැන් ඔන්න නඩු යනවා.ඔය නඩුවේ පැමිණිලිකාරය සහ විත්තිකාරය ඉන්නේ එකම ගෙදර.

පැමිණිලි කාරය තමා ආච්චි, විත්තිකාරය තමා අපේ අප්පච්චි.

ආතල් කොටස

දැන් ඔය ආච්චි අපේ අප්පච්චිට විරුද්දව නඩු කියන ඉඩම ඇත්තටම ලියල තියන්නේ අපේ බාප්පාට.හැබැයි එයා මේකට මැදිහත් වෙන්නේ නැහැ.එයාගේ වැඩේ ආච්චි ලවුවම වැඩේ කර ගන්න.

දැන් නඩු දවස් වල වෙන්නේ මෙහෙමයි.

උදේම බාප්පා එනවා අපේ ගෙදර ආච්චිව උසාවි එක්කගෙන යන්න.ඇවිත් අප්පච්චිගෙන් බැනුම් එහෙම අහගෙන බාප්පාගේ අලුත්ම වාහනේ නැඟල යනවා උසාවියට.ගිහින් ඒ වැඩේ ඉවර උනාම, බාප්පා කියනවා මෙහෙම.

" අම්මේ එහෙනම් මෙතනින් ත්‍රීවිල් එකක් අරගෙන යන්න මට පුතාව ඉස්කෝලෙන් ගන්න යන්න ඕන" කියල ආච්චිව උසාවිය ගාව දාල මිනිහ යනවා නුවර.දැන් අපේ අප්පච්චි  උසාවියේ වැඩ ඉවර වෙලා එනකොට මෙන්න ඉන්නවා ආච්චි උසාවිය ගාව.

ඉතින් අප්පච්චි අම්මා මෝ නැතිව බාප්පට බැන බැන ආච්චිව වීල් එක්ක දාගෙන ගෙදර එනවා.

ලස්සන වැඩේ මේකයි,

ඕක හැම නඩු දිනකදීම රිපීට්, මිනිස්සු බැන බැන යනවා දකින දකින ගානේ.ආච්චිට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ පුතාලට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ.

43 comments:

  1. රත්තරන් පුතෙක් නෙවෙයි මාර පුත්තරයෙක් නේ.. මගියෝ පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි ඒ පුතාගෙන් නම්. :)

    ReplyDelete
    Replies
    1. මම නම් බන් ඔය කිසි කෙනෙක් එක්ක ගනුදෙනුවක් නැහැ, මම මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ.ඔය ඉඩ කඩම් ඔක්කොම මම අනිත් දෙන්නට දීල අවුරුදු 5කට වැඩි.

      Delete
  2. නියම කතාව :D

    ආච්චිගෙ රත්තරං පුතත් හරියට ඡන්ද අපේක්ෂකයො වගේ, උනුත් ඡන්දෙ දාට ගෙවල්වල ඉන්න වයසක අය අංශබාල කාරයෝ එහෙම වාහනවලින් ගෙනිහිල්ලා ඡන්දෙ දම්මගෙන මගදාලා යනවා.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ සුමිත් අය්යේ.ඔය බාප්ප හොඳටම දන්නවා මිනිස්සු බනිනවා කියල හැම මාසෙකම නඩු දිනේ වෙනකොට වාහනේ කරකවගෙන එනවනේ.මේ ලඟදි ආච්චිගේ කන ඔපරෂන් කරලා.පළාතක ආවේ නැහැ.පවු වැඩේ කියන්නේ ආච්චි ඉස්සරග පඩියට වෙලා බලාගෙන ඉන්නවා හැමදාම.ඕක බලාගෙන ඉන්න බැරිකමට අපේ අම්ම නුවර ගදර නම්බරේ හොයාගෙන කතා කරලා කිව ඇවිත් බලල යන්න කියල.ආවේ ඊ ළඟ නඩු දිනේ :D :D :D

      Delete
  3. මාර නඩුවක්නෙ බොල මේක.
    කොහොමද දවසක් හරි ආච්චිව උසාවිය ළඟ දාල ආවොත්. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් අම්මේ ,... නෑයෝ ඔක්කොම අර ලෙඩ ගෑනිව දාල අව කියල.:D අනික් පැත්තට මොකුත් කියන්නේ නැහැ පොත්ත ලස්සනයිනේ ;)...

      Delete
  4. ඒකනිසා තමයි බොල රත්තරන් පුතා කියන්නේ.. රත්තරන් තියෙන්නේ ලස්සනට පළඳින්න මිසක් වැඩ ගන්න නෙවෙයි (උදා:රත්තරං මාලේ, මුද්ද,කරාඹුවගේ ඒවා). පිත්තල වලින් තමයි මිනිස්සු වැඩ ගන්නේ.(උදා:පිත්තල පහන, කෙණ්ඩිය වගේ දේවල්) ඉතින් ආච්චි හරි. උඹලා තාත්තා පිත්තල නිසා සේරම වැඩ ටික එයාගෙන් ගන්නවා, බාප්පා රත්තරන් නිසා එයාව ලස්සනට තියන් ඉන්නවා. (ඇරපියකෝ බොල හුළං රෝද හතරෙම ආපහු ආවම.)

    ReplyDelete
    Replies
    1. :D උඹේ කතාව හරියටම හරි මචෝ... මොකද කරන්නෙ ඉතින්, ඔය ඉන්න ටික කාලේ ආච්චිට තණ්හාව වැඩි කරගන්න උදව් කරනවා...

      Delete
  5. යකෝ උඹලාගේ බාප්පාගේ ෆොටෝ එකක් එවපන්කෝ පහනක් පත්තු කරන්න.

    ReplyDelete
    Replies
    1. මරු ඩයල් එක නේ බන් ... ඔන්න මිනිස්සු ...

      Delete
  6. උඹලගේ බාප්පා ආච්චිගේ පිටේ නැගලා ගිහින් එනකොට තාත්තගේ පිටේ එන එකෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඌ වැඩ කර ගන්න කාගේ හරි පිටේ යනවා බන්.ඔන්න ඔහේ ගියදෙන්,මඩ ගොඩක් උඩින් යන වෙලාවක් ආවම බිම දන්නා බැරිය ,,,

      Delete
  7. හපෝයි මෙහෙමත් ලැජ්ජාවක්. ඉඩම් ගැන මාත් ලියන්න හිතාගෙන ඉන්නව

    ReplyDelete
  8. කියල වැඩක් නෑ... ලියහන් ලියහන් මටත් ආතල් කතා ටිකක් තියනව පස්සේ ලියනවා...

    ReplyDelete
  9. මේ කතන්දරේ රත්තරන් පුතාලා දෙන්නෙක් ඉන්නවා.

    ඒ දෙන්නා තමයි අයියගෙයි, මල්ලිගෙයි ලෝයර්ස් ලා දෙන්නා!

    ReplyDelete
    Replies
    1. කකා උන් දෙන්න දැන් සැහෙන කලෙක ඉඳන් ඔය අයිය මල්ලි දෙන්නගෙන් හම්බ කරනව.මේ දෙන්න නැත්නම් උන් දෙන්න ළමයි බමයි ඇරගෙන එනව අපේ ගවල් ගව උපවාස කරන්න.:D

      මම නම් හ්ම් සද්ද නැහැ ඕවට.කතා කරන්න ගියොත් අවුරුද්දකට සැරයක් ගෙදර යන්න තියන එකත් නැති වෙනවා පුත්‍රභාවය අහෝසි වෙලා...

      Delete
    2. අඩේ මගියා උඹ නං නොට්ටිගේ පුතෙක් තමා.

      Delete
    3. මමත් එහෙම නිසා තමා දැන් පැත්තකට වෙලා ඉන්නේ.බොහොම පරිස්සමෙන් ගෙදර ගිහින් නිවාඩු ඉඳල එන්නේ.

      Delete
  10. මගියෝ ආඩම්බර වෙයං හැබෑ රත්තරං පුතාග් පුතා වෙච්ච එක ගැන.

    ReplyDelete
  11. චරිත තුනක් නවල් එකෙ පොඩ්ඩක් මෙවගෙ සින් එකක් තියෙනව නෙද

    ReplyDelete
    Replies
    1. නවල් එක නම් කියවල නැහැ.නාට්‍ය නම් බලල තියනව.මේ කතාවේ තව තියනවා හොදම හොඳ කොටස්.මම කෙටි කරලා ලිවේ.වෙලාවක ලියන්නම් මගේ හිතේ තියන තරහ යන්නත් එක්කම...

      Delete
  12. තාත්තා කෙසේවෙතත් මගියාගෙ අම්මානම් සෝවාන් වෙලාවත් ඇති අඩුම ගානේ.
    මේවගේ ආච්චියෙක්ට සලකගෙන ඉන්න සිත් පහල වෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. ආච්චිට නොසලකා ඉන්න එකේ කිසිම තේරුමක් නැහැනේ බන්.එයාම හොඳටම දන්නවා කවදාවත් ඔය රත්තරන් පුතා එය ගැන බලන්නේ නැහැ කියල.ඒ වුනාට එයට තමා ආදරේ.අනික දැන් වයස අවුරුදු 78ක්.අපිත් නොබැලුවොත් මහා පාරේ තමා ...

      Delete
  13. පිස්සුම හැදෙනවනේ බං ඒ කතාව ඇහුවම! එක ගෙදර විවිධ දේශපාලන පාටවල් නම් තියෙනවා. නමුත් නඩුවේ විත්තියයි පැමිණිල්ලයි එකට ඉන්නවා කිව්වාම. ඔව්, ඩිවෝස් කේස් වලදි නම් එහෙම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඕක ඔයිට වඩා ගොඩක් සංකීර්ණ කතා ගොඩක් හෙන්රි.මම ඔය කෙටි කරලා කිවේ.ආතල් සීන් එමටයි.

      Delete
  14. හෆ්ෆා..ඉඩ කඩම් ගැන එක බඩ වැල කඩා ගෙන ආපු අය අතරේ ගැන තියෙන ආරෝවල් නම් මට එපාම වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මටත් ඔය කේස් දැකලම එපා වෙලා නිසා තමා මගේ තිබ්බ එව්වා ඔක්කොම අනික් දෙන්නට දුන්න අම්මල දැන් ඉන්න ගේ විතරක් තියාන.අන්තිම කාලේ දෙමවුපියන්ට තමන්ගේ කියල ඉන්න තැනක් ඕන නිසා...

      Delete
  15. කණගාටුයි.. ඒත් ඇත්ත ඕක තමයි.. සල්ලි වැඩියෙන් තියෙන කෙනාට තමයි තමංගෙ පංගුව වැඩියෙන් ඕන.. හැබැයි වෙලාවත් නෑ.. ඒ අතින් උඹලෑ තාත්තා පොහොසත්..

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත,බාප්පා කරන්නේ ළමයි හතර දෙනා ඉස්කෝලේ පන්ති එක්කගෙන යනවා.නෝනව රැකියාවට අරන් යනවා වගේ රියදුරු රැකියාව.මිනිහට සල්ලි ඕන උනාම නෝනාගෙන් ඉල්ලා ගන්න ඕන.අම්මට සලකන්න තියා පෙට්රෝල් ගහන්නත් කියන්න ඕන යන දිහාව...

      Delete
  16. අවුරුදු පනස් හතරක් ඇදිල ගිය ඉඩම් නඩුවක් තිබ්බ. නඩු දාපු අය අන්තිම කාලෙදි ලොවෙත් නෑ. අන්තිමට දෙපැත්තෙ අය සමාදාන වෙලා ඉඩම බෙදා ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඔය ඉඩම් නඩු වලට කරන්න තියෙන්නේ, දෙපැත්තේම අය කතා කරගෙන ඉඩමෙන් කැල්ලක් විකුණලා සල්ලි බෙදා ගන්න එක.එක හොදා කොහෙවත් ඉන්න උන්ට සල්ලි දෙනවට වඩා...

      Delete
  17. අපේ පැත්තෙත් හිටියා නඩු ආච්චි කියල කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඔය ආච්චිලට තමා ගොඩක්ම ඉඩම් නඩු උන තියෙන්නේ...

      Delete
  18. අදමයිද කොහෙද මේ පැත්තේ ආවේ.ඔයාගේ බ්ලොග් පේජ් එකේ පොස්ටු නම් එල ආ...ඔන්න ෆලොව් පාරකුත් දැම්මා....අපේ පැත්තෙත් ඇවිත් කමෙන්ට් කරන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කු බන් ,, එල එන්නම් එන්නම්

      Delete
  19. Replies
    1. තැන්කු මචෝ ...

      Delete
    2. @සමී.. උබ තව මොකක හරි එහෙම උනා නෙ...

      Delete
  20. අඩේ ඔය කතාව සහතික ඇත්ත.... අපේ නෑ ගෙදරකත් ඔය සීන් එකම තියෙනව.. " උබලගෙ ගෙදරද දන්නෙ නෑ""

    ReplyDelete
    Replies
    1. උඹ ගාල්ලේ නම් අපේ ගදර නෙමේ :)

      Delete
  21. හුහ් .. ලැජ්ජා නැතිකම මහමුදලි කොමටත් ලොකුයි කියනවනේ බොල. ඕවා බල බලා බොලා හැදියල්ලා.

    ReplyDelete
    Replies
    1. එ කතාව නම් හැබෑව... මම නම් ඕවගෙන් අයින් වෙලා ගොඩක් කල්./..

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .