Thursday 19 September 2013

අප්සට් කේස් එකක් ...

අපේ අප්පච්චි ටිකාක් වෙනස් පුත්ගලයෙක්.මා එක්ක වැඩි සහ සම්බන්දයක් නැහැ.මම දැන් රටින් පිට වෙලා ඇවිත් අවුරුදු 7 කට කිට්ටුයි.මේ කාලෙටම මට කතා කරලා තියෙන්නේ ගණන් කරන්න පුළුවන් වතාවල් කීපයකදී විතරයි.හේතුව  මම දන්නේ නැහැ.මම මෙහෙ ඉඳල කතා කලත් "හා කොහොමද හොදින් ඉන්නවද , ඉන්න මම අම්මට දෙන්න " කිව්වා අම්මට දුන්න ... එච්චරයි .. මම අම්මගෙන් අහ ගන්න ඕන අප්පච්චිට කොහොමද ? මොනවද කරන්නේ විස්තර.

මම පොඩි කාලේ අප්පච්චි ගෙදරට වඩා හිටියේ පිට.එයාගේ දේශපාලන වැඩ කටයුතු නිසා 88 ජුලි මාසේ අපේ ජිවිත උඩු යටිකුරු වෙන සිද්දියක් සිද්ද වුනා.සහෝදර ජනතාව අපේ ගෙවල් ගිනිබත් කරලා ව්‍යාපාරයටත් ගිනි තියල මහා විනාසයක් කලා.එදා ඉඳන් අපේ ආර්ථික මැෂිම දිව්වේ කර කර ගගා.වී ටික එකතු කර ගන්න ගත්ත නය බොහොම අමාරුවෙන් ගෙවල ඉවර උනේ එයිට අවුරුදු 10 කට පස්සේ. ඉතින් ඒ වෙනකොට නංගි බොහොම පොඩි.දැන් මගේ පුතාගේ වයස.අවුරුදු 4ක්.

ඔය සිද්ද්යෙන් පස්සේ රණ්ඩු සරුවල් ඇති උනා අම්ම එක්ක.පවුලේ අනිත් අයත් එක්ක නම් කොහොමත් ඇර ගත්ත ගමන්නේ ඉන්නේ.අනික වතු පිටි වලින් ආපු අදායම විතරයි තිබුනේ.නය ගෙවන්නයි දේශපාලන වැඩ වලටයි ඔය ඉඩ කඩම් ටිකකුත් විකිණිලා තිබුනේ.ඉතින් කියන්න ඕන නැහැනේ අන්තිම අමාරුවෙන් වැඩ ටික කරගෙන ගියේ.

ඒ අතර අප්පච්චි එයාගේ ආතල් එක නැවැත්තුවේ නැහැ.යාලුවෝ එක්ක බිල රෑ එලි වෙනකල් කතා කර කර ඉන්නවා.ඔව්ව ඉතින් අපි කොච්චර කිව්වත් නවත්තුවේ නැහැ.සමහර වෙලාවට මා එක්ක බහින් බස් වෙච්ච වාර තිබුන.ඔය මම උසස් පෙළ කරන කාලේ.

මම ගෙදර යනකොට එයාට මොනවත් ගෙනියන්නේ නැහැ.මොකද කියනවා මට එපා මම මට ඕන එව්වා මම ගන්නම් කියල.මගෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ.අක්කගෙන් නංගිගෙන් ගන්නෙත් නැහැ.න මුත් අපි අම්මට දීල අම්ම ලව්වා  අරගෙන දෙනවා.

ඒ දවස් වල ඈත් වුන එක අදටත් තියනවා.මේ ලිපිය ලියන්න හේතු උනෙත් ඔන්න ඔය හැඟීම තමයි.

අද කවදාවත් නැතිව මට කතා කළා.කතා කරල එයාගේ යාලුවෙක් නැති උනාලු කියල මෙහෙම කිව්වා

" පුතා මම මේ නිකන් කතා කලේ,අම්ම නංගිලාගේ ගෙදර ගියා කියන්න, ඔය හොදින් නේද ?" කිව්වා...

කවදාවත් කතා කරලා මම නිකන් කතාකරේ කියන්නේ නැහැ.මට කියන්න දෙයක් හිතා ගන්න බැරිව ගියා  ටික වෙලාවක් .මොකද වෙනද විදියට කතා කළා නම මමත් ටක් ටක් ගාල කතා කරලා ඉවර කරනවා.අද එහෙම නෙමේ සීරියස් කතා කලේ.

" පුතා මගේ හොඳ යාලුවෙක් නැති වෙලා, මගේ හිතට ඒ තරම් හරි නෑ එකට, මම ඒකයි කතා කලේ " කියල.

මට ඇත්තටම කියන්න දෙයක් නැතිව මම කිව "හරි අප්පච්චි "කියල.එක කිව්වේ ඇයි කියල මමම දන්නේ නැහැ. කිව්වා නෙමේ මට කියවුනා.

එයිට පස්සේ "මම එහෙනම් තියන්නම්" කියල මම හා කියන්නත් කලින් තිබ්බ.

පින්තුරේ www.businessinsider.com

දැන් මට හෙන අප්සට් මේ වෙච්ච වැඩේට.

අම්ම නම් කියන්නේ ඕක හිතන්න එපයි කියල.

ගෑනිට කිවම මගේ  වැරැද්දය, මම හැමවෙලාවෙම දෙමව්පියන්ගේ වැරදි කතා කියනවය, ඒක නිසා තමා ඔක්කොම නැති ප්‍රශ්නය කියල මගේ ඇඟට ගොඩවේගන ආපු නිසා මම ශේප් එකේ වෙන කෝල් එකක් එනවා කියල කට් කරල නිකා හිටිය.

එයා හැදුන පරිසරය අපේ ගෙදරට වඩා ගොඩාක් වෙනස් නිසා එයා අපේ අප්පච්චි එක්ක බොහොම හොඳයි, ඒක නිසා එයා එක්ක මෙව්වා කතා කරලා වැඩක් නැහැ.

නමුත් කොතැනක හෝ මගෙත් වරදක් නම් තියනව කියල මට හිතෙනවා තදින්ම....

41 comments:

  1. මගේ හස්බන්ගේ තාත්තත් ඔහොම තමා කෝල් කරාම කොහොමද කියලා අහනවා අම්මට ෆෝන් එක පාස් කරනවා. එත් අපි කොහොම හරි කතාවට අල්ලගන්න උත්සහ කරනවා.දැන්නම් ටිකක් තාත්තා වෙනස් වෙලා කියලයි අපිට හිතෙන්නේ.........මොනදේ උනත් ඔයාගේ තාත්තගේ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති නමුත් එය ඒ දවස් වල ඉඳලම වැඩිය අපි එක්ක සීරියස් කතා අඩුයිනේ...

      Delete
  2. //////" පුතා මගේ හොඳ යාලුවෙක් නැති වෙලා, මගේ හිතට ඒ තරම් හරි නෑ එකට, මම ඒකයි කතා කලේ " කියල.

    මට ඇත්තටම කියන්න දෙයක් නැතිව මම කිව "හරි අප්පච්චි "කියල.එක කිව්වේ ඇයි කියල මමම දන්නේ නැහැ. කිව්වා නෙමේ මට කියවුනා./////

    මෙතන ඔයා නොදැන හෝ ලොකු වරදක් කළා ,,අද ඔයාගේ තාත්තා බලාපොරොත්තු උනා ඔයාගෙන් සැනසිල්ලක් ,

    ඔයාට අහන්න තිබ්බා ,කවුද තාත්තේ නැති වුණේ??
    අනේ ,,මොනා වෙලාද ??
    ඔයා ගියාද ??

    ඔය වගේ ගොඩක් දේවල් ,, පුළුවන් නම් කෝල් එකක් අරන් ආපහු කතා කරන්න ,, තාත්තා සතුටු වෙයි ,,

    තාත්තෙක්ගේ ආදරේ දන්නා නිසා කියන්නේ

    ReplyDelete
    Replies
    1. දැන්නෙ මතක් වෙන්නේ ඔව්ව.අහන්න තිබ්බ කියල.ඒ වෙලාවේ මතක් උනේ නැහැ.: ) දැන් අම්ම ගදර ආවම කෝල් එකක් දෙනවා...

      Delete
    2. ඔමායා දීල තියෙන්නේ හරිම උපදෙසේ මචන් තව පරක්කු කරන්න එපා මම එවෙලාවේ ලොකු වාදක හිටියේ කව්ද තාත්තේ නැති උන යාළුවා කියලා පටන් අරන් අපහු කෝල් කරන්න

      Delete
    3. ඔව් බන් අද රෑ කතා කරනවා,...දවල කතා කළා නමුත් ගත්තේ නැහැ.රෑ වෙලා කතා කරනවා බන් ...අම්මත් ඉන්න වෙලාවක කතා කලොත් අම්මගේ බල කිරීමට මා එක්ක කතා .කරයි .

      Delete
    4. මාත් කියන්නේ කතා කරන්න කියල තමයි. ජීවිතේ අපිට ලැබෙන සමහර අවස්ථා ආපහු ලැබෙන්නේ නැහැ.

      Delete
    5. ඔමායාගෙ තාත්ත ගැන ලිව්ව ලිපිය කියවපු ගමන් මෙතෙන්ට ආවෙ. උඹ ඒක බලල තිබුනද මතක නෑ(නැත්තං බලපං)

      Delete
  3. මට හිතෙන්නෙත් අප්පච්චිලා , අම්මලා වගේ ආදරය පෙන්නන අය නෙමේ කියලා. අපරාදේ අප්පච්චිත් එක්ක හොඳට කතා කරන්ට තිබුණු චාන්ස් එකක් නැති කරගත්තානේ. යාලුවෙක් නැති උණාම එයාගේ හිතට මොකක් හරි දැනුණද දන්නේ නෑ. ඉතින් ආයෙම කතා කරලා බලන්ටකෝ. අම්මට ෆෝන් එක දෙන්ට හැදුවොත් 'නෑ අප්පච්චි අපි පොඩ්ඩක් කතා කරමු' කියලා එයා ගැන එයාගෙන්ම අහන්ට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මට දැන් එක තේරෙනවා දැන්.නමුත් ඒ වෙලාවේ කතා කර ගන්න බැරි උනා....ආපහු කතා කරනවා අද රෑට.මටත් එක පාරටම වෙනස් වෙලා කතා කරන්න අප්සට්....

      Delete
  4. තත්තට ජිවිතෙ ගැන බයක් එන්න ඇති. අනිවා තමන්ට මගඇරුන දෙවල් ගැන හිතනව ඇති.මචන් කොල් එකක් දිපන්.වෙච්චදෙ ආපහු හිතල වැඩක් නැ.එතන උබෙ වරදකුත් නැ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මට මෙච්චර කල් ඕක ගානක් ගියේ නැහැ.දැන් නම් හිතෙනවා පස්සේ පසුතැවිලි වෙන්න වෙයි කියල...

      Delete
  5. මගියො
    මගේ වයසෙ යාලුවෙක් මැරුණා කියන ආරන්චිය ලැබුණගමන් මටත් දැනෙනව මමත් යන්න්න කාලෙ හරි කියල. මම දුවල දෙන්නටම කෝල් කරල ටිකක් කථාකරකර ඉන්නව. මම හිතන්නෙ මගියගෙ තාත්තත් මගේ වයසෙ(60 පැනල) වෙන්න ඇති. 
    ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් 66ක්!!!......... මට තේරෙනවා දැන් ප්‍රශ්නේ...මට එයාලගේ වැඩ කටයුතු ගැන කතා නොකර හොදින් හිටිය නම් හරි....

      Delete
  6. තාත්තා නැති වුණු දවසක දුක් වෙන්න ඉන්නේ දැන්මම කෝල් එකක් අරං කතා කරන්න.

    සතියකට දෙකකට පාරක් කතා කරන්න.

    හොඳ ෂර්ට් එකක් තෑගි දෙන්න ඊලඟ පාර යන දවසට.

    පස්සේ දුක් වෙන්න තියා ගන්න එපා!

    ReplyDelete
    Replies
    1. මම එයාලගේ වැඩ ගැන වාද විවාද කළා මිසක් මේ වගේ අවස්තාවක් ගැන හිතුවේ නැහැ කකා.නමුත් අද එක හොදටම දැනුන හිතට.. බොහොම තදින්.මොකද මම කවදාවත් බලාපොරොතු නැති විදිය දෙයක් උනේ.

      මම වැරදි එයාලගේ වැඩ ගැන නොබලා මගේ යුතුකම කරන්න ඕන මම එක මඟ අරුනා....

      ඔව් අද රෑ අනිවා කතා කරනවා.. කොහොමත් දැන් මා එක්ක අදම කතා කරන එකක් නැහැ.කමක් නැහැ මම කොහොම හරි විනාඩියකට හරි අහන්නම් උදේ කතාව ගැන...

      Delete
    2. කතන්දර ගෙ කතාව ඇත්ත. මටත් කියන්න තියෙන්නේ ඒක ම තමා.

      Delete
  7. ජීවිතය ගැන අනියත බියක් පියාගේ සිතට ඇති වී ඇති හැඩයි. බොහෝ විට මියගොස් ඇත්තේ තම සම වයස් මිතුරෙක් වෙන්න ඇති. වහාම තාත්තාට ඇමතුමක් අරගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් මට ඒ වෙලාවේ නාඩි වැඩ කලේ නැහැනේ බන්.මා එක්ක හිතවත් වෙන්න තිබුන හොඳ අවස්ථාවක් අර පොඩ්ඩි කිව වගේ නැති උනේ.මම බෝතලයක් අරන් ගියත් ගන්නේ නැහැ බන් සිරාවට... මම ඕන නැති දේවල් වලට කතා කරන්න ගිහින් අද මේ තත්වේ උදා වෙලා තියෙන්නේ..

      Delete
  8. උඹ නැවත හිතපන්. මගේ තාත්තාත් ඔය විදිහ තමයි. මම දොස් කියන්නේ නැහැ. එයාගේ නරක නෙමේ හොඳ ආවර්ජණය කරපන්.උඹට තනියම අඬන්න හිතෙයි.

    ReplyDelete
    Replies
    1. මචෝ අපේ ගදර අටෝරසියක් ප්‍ප්‍රස්න බන්.එක නිසා මම ගොඩක් ඔය ගනු දෙනු වලින් ඈත් වෙලා ඉන්නේ.ඉතින් බොහොම සුළු දේවල් ටිකක් තමා මම අප්පච්චි එක්ක කතා කරන්න තියෙන්නේ.අද වෙනකල් මට තේරුනේ නැහැ මේකේ එයාගේ පැත්ත.

      Delete
  9. වැරැද්ද කාගේ හෝ වේවා දෙමාපියන්ව මග ඇරගන්න එපා ජීවිතේදී! කවදාවත් ඒ ගිල්ට් එකෙන් මිදෙන්න වෙන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඔය ගැන හිතන එක වදයක් නිසා මම ඔය ගැන හිතන්නේ නැතුව මඟ ඇරලා උන්නේ බන්.අද එයාගේ පැත්ත තේරුම් ගියා ..

      Delete
  10. සමාව දීපං තාත්තට. දැන් තාත්තට කෝල් එකක් ගනිං. අරං අහපං අර යාලුවගේ විස්තර. අකමැති වුනත් කතාවට අල්ලාගනිං.

    මේ පාර ගෙදර යනකොට ඇඳුමක් ගෙනිහිං දීපං බලෙන්.

    ReplyDelete
    Replies
    1. මම එයත් එක්ක තරහක් තිබුනේ නැහැ හෙන්රි.නමුත් මම හිතුවේ නැහැ ඒ ගැන.හැම දෙයක්ම අම්ම එක්ක ගනුදෙනු කලේ.එක නිසා ඒ සම්බන්දෙ තව තවත් මඟ අරුණ...

      අක්කාගෙන් නන්ගිගෙන් ගන්නේ නැති නිසා මම ගෙනියන්නෙත් නැහැ.බෝතලයක් ගෙනිච්චත් එක බොන්නේ නැහැ යකෝ...ඉතින් මෙහෙම තත්වයක් වෙන එක සාදාරනයි නේ

      Delete
    2. නමුත් දැන් තත්වේ යම් සුළු හෝ වෙනසක් ඇති. උඹ දිටටම උත්සාහ කරපං. ඔය වැහුණු දොරවල් අරින්න පුලුවන් කුලුගෙඩියෙන් ගහලා නෙවෙයි, විනාකිරි වක්කරලා. හැබැයි දිගින් දිගටම.

      Delete
  11. මම නම් ඕකෙ අනිත් පැත්ත බන්...සමහර වෙලාවට අම්මටත් වඩා තාත්තට ආදරෙයි කියලත් හිතෙනවා...කොල්ලො බහුතරයක් කොහොමත් තාත්තා එක්ක අම්මා තරම් සමීපව ගණුදෙනු කරන්නෙ නෑ...ඒත් ඒ අයගෙ ආදරය මහා මෙරක් බව අපිට දැනෙන්නෙ ජීවිත සටන ගෙන යන්න මුදල් හොයන්න තාත්තා වින්ද දුක් ගැහැට ටිකක් කරදඩු උස් මහත් වෙලා අපිට තේරුම් යන්න පටන් ගත්තට පස්සෙ...ඊටත් අමතරව පොඩි එකෙක් හදා ගත්තට පස්සෙ ඒකව ලොකු මහත් කරන්න දුක් විදිනකොට අපේ තාත්තාත් මෙහෙම දුක් විදින්න ඇති අපිව ලොකු මහත් කරන්න කියලා දැනෙන වෙලාවට...

    ගිය දේ ගියාවෙ...දැන් මේ අලුත් කථා බහත් එක්ක තාත්තා එක්ක සමීප වෙන්න උත්සාහ කරපන්...ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති සිරෝ... මේක මචන් ටිකක් කලෙක ඉඳන් තියන තත්වයක්.මම ඔකේ හරි වැරද්ද හොයන්න ගියේ නැහැ අනික එයා ගැන අනුකම්පා කරන එකට කමති නැහැ නිසා මම එයා ගැන ඇත්තටම හිතුවේ නැහැ.නමුත් මේ කෙස් එක මට හිතට වැදුන.//.

      Delete
  12. උඹත් හරිම බුරුපුතෙක් නෙව. විස්තරේ අහගෙන නෙව “අප්සට්“ කිව්ව මනුස්සයා ටිකක් කාම් ඩවුන් කරන්න ඕන.. මෙහෙමත් පුත්තරයෝ.. දැංවත් කෝල් එකක් දීලා ඒ ගැන විස්තර අහපං.. හපොයි උඹලගේ මනුස්සකම...

    ReplyDelete
    Replies
    1. අනේ බන් මේක කාලයක් තිස්සේ ආපු තත්වයක්.නමුත් මට අද මගේ වැරැද්ද හොදින් තෙරුනා. එකයි උනේ...
      මගේ හිතේ තියෙන්නේ එයා මා එක්ක කතා කරන්න වැඩි කැමැත්තක් නැහැ කියල නිසා, කතා කරනකොට ඉක්මනට කතාව ඉවර කරන්න හිතෙනවා බන්....

      මම කතා කළා එදා රෑ.විනාඩි පහක් විතර කතා කළා,.හැබැයි බොහොම නිමිල කතා කලේ.වෙනද වගේ සැල් එකෙන් නෙමේ,එක නිසා මමත් හොඳින් කතා කළා..

      ආපහු මේ සතියේ කෝල් එකක් දෙන්න ඕන.මට මේක මානසික වදයක් බන් දැන්.කොහොම හරි ශේප් කර ගන්න ඕන.. සිරාවට මේකේ නොදන්නා උදවිය ප්‍රශ්නෙදී උදව් කළා ...

      Delete
  13. අපේ තාත්තා සහ මම කියන සත්වයා අතර සම්බන්ධයද බොහෝදුරට ඔහොමය, කතා කලත් ඉන්න අම්මට දෙන්නම් කියා අයින් වෙයි, මමත් දන්නේ නෑ ඇයි කියලා

    ReplyDelete
    Replies
    1. මා එක්ක ඉස්සර ඇර ගත්ත නිසා සහ මම හිතාගෙන හිටියේ එයට මා එක්ක කතා කරන්න කැමති නැහැ කියල බන්.එකයි එහෙම තත්වයක් උදා උනේ.ඔය සිද්දිය නොවෙන්න මම තාව්ත් හිතන්නේ එහෙමයි !!!!!

      Delete
  14. ඔය වගේ කෙටියෙන් කතා කරන එක බොහෝ තාත්තල කරන දෙයක්. නමුත් තමන්ට බෑ කියල හිතන කාලෙ එනකොට ඒ දේවල් මග ඇරගන්න ඕගොල්ලන්ට ඕනකමක් ඇතිවෙනව.

    උඩින් ගොඩදෙනෙක් කියල තියෙනව වගේ ආපහු තාත්තට කතාකරන එක තමයි හොඳම දේ මාත් හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් වැඩේ , මම වැඩිය එය එක්ක හිතවත් නැති නිසා කතා කරනකොට අපහසුතාවයක් එනවා මටත් එයටත්.ඉතින් දෙන්නම ටක් ටක් ගාල කතාව ඉවර කරනවා.ඕකයි උනේ.හැබැයි කියන්න ඕන මේකේ නොදන්නා උදවිය මගේ අඩුපාඩුව හදා ගන්න උදව් කළා ගොඩක්.

      Delete
  15. හැමෝම ඔක්කොම කියලා,මට කියන්න මුකුත් නෑ..

    හා දැන් කියමුකෝ තාත්තට කතා කරාද?

    ReplyDelete
    Replies
    1. කතා කළා...එදා රෑ අමාරුවෙන් විනාඩි පහක් විතර කතා කළා... එයාගේ යාලුවෙක් කිව ඉස්කෝලේ ඉඳපු.මමත් ඉතින් අමාරුවෙන් අමාරුවෙන් කතා කළා බෙහෙත් ගැන ඇහුව.එච්චරයි. හැබැයි කලින්ට වැඩ ටිකක් හොදින් මා එක්ක කතා කළා.

      ආපහු මේ සතියේ කෝල් එකක් දෙනවා...ඇත්තටම දන්නා අදුනන කෙනෙක්ට මේ ප්‍රශ්නේ කීවට නොදන්නා උදවිය හරියටම මඟ පෙන්නුවා...

      Delete
  16. අඩෝ කොල්ලෝ....මම උඹගේ වයසට වඩා ගොඩක් වැඩිමල් මගේ හිතේ. ඔය දාහක් ප්‍රශ්ණ අපේ පවුලට ඇති උනේ තාත්තගේ අධික මිතුරු ඇසුර නිසා. ඒ දවස්වල මගේ පවුලේ මල්ලිලා, නංගිලාට තාත්තව පෙනුනේ යකෙක් වගේ. ඒ මොනවා උනත් අපේ අම්මා හැම තිස්සේම එයාට පුදුම විදිහට ආදරේ කලා. මම තාත්තාත් එක්ක රන්ඩු කලා.හැබැයි මම කවදාවත් එයාට වෛර කලේ නැහැ. මම මේ දාන දෙවැනි කමෙන්ට් එක. මට උඹව තේරුම් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ.මට අවුරුදු 51යි. තාත්තාට අවුරුදු 80යි.වැරැද්දක් නොකෙරුවත්, උඹ වැරදිකාරයා වෙයන්. වයසට යනකොට ඕක පොදු සාධකයක්!!!!!!!

    ReplyDelete
    Replies
    1. මගෙත් කතාව ඔයිට සමානයි එහෙනම්...තරහක් නොතිබුනත් සමීප බවක් නැති කම තමා මට ගැටලුව.බලමු කාලය විසදි කියල හිතනවා ./..

      Delete
  17. උඹ ක්‍රියාකරල තියෙන්නෙ මෝඩ විදියට. මම ආවෙ පරක්කු වෙලා උනත් දැං කියපං බලන්න කී පාරක් කතා කලාද කියල?
    මමත් කොලඹ ඉන්න කාලෙ අපේ තාත්ත එක්ක කතා කරන්නෙ නෑ එහෙමකට. අම්ම එක්කයි කතාව. බොහෝ තාත්තල සාමාන්‍යයෙන් ඔය ජාතියෙ තමයි. ඒ වගේම තාත්තල අපේ උපදෙස් පිලිපද්න්නෙත් නෑ. ඒක අපි වයසට ගිය කාලෙක(වයසට යනකල් හිටියොත්) තේරේවි.

    ReplyDelete
    Replies
    1. ඔව්. . .උබ කියන එක ඇත්තයි.නමුත් මචන් ඕක ගොඩාක් කල් ඉදලා ආපු තත්වයක් නිසා මට ඒ වෙලාවෙ හරි දේ තේරුනේ නැහැ බන්.මේකෙ ඔක්කොමල මට බැන්න මේ කේස් එකට.මම ඇත්තටම කනගාටු ව්වෙනව දැන්න නම්.
      මම කතාකලා දෙතුන් පාරක් මේ දවස් කීපයට.නමුත් එක පාරටම වෙනස් වෙලා කතා කරන්න බැරිකම නිසා හරියට උනේ නැහැ.මම මගේ වැඩක් කරගන්න වගේ කතාකරල තමා ඒ මට්ටමට හදාගන්න වෙන්නෙ බන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .