Monday 28 October 2013

මෙහෙමත් මස්සිනාලා අංක දෙක . . .


මේකත් මම මේ ලගදී ගෙදර ගිය වතාවේ උන කතාවක්.ඔය මගේ පොඩිම මස්සිනා ඉන්නේ මෙහේනේ.මිනිහ ටිකක් විතර වෙනස් අනිත්  උන්ට වඩා.මම කලින් කියලත් තියනවා මිනිහ ගැන .

එදා උදේම මම ඔෆිස් එකට ගිය ගමන්  හාමිනේගෙන් කෙටි පණිවිඩයක් ආව තාත්තට අමාරුයි,  මල්ලිට කතා කරන්න කියන්න කියල.මම ඒ වෙලාවේ ඉඳන් මිනිහට ගන්නවා ගන්නවා කිසිම ප්‍රතිචාරයක් නැහැ. දැන් එන්න එන්නම තාත්තට අමාරු වෙනවා.මේ මනුස්සය නිදි.යන්තම් උදේ 10විතර වෙනකොට සම්බන්ද  කරගෙන ගෙදරට කෝල් එකක් දෙන්න කීවා.පැය  6ක් අමාරුවෙලා ඉඳල තාත්ත සදහටම අපෙන්  සමු ගත්ත.

එක මටත් ටිකක් තදට වැදුන දෙයක්.මොකද තාත්තා මෙහෙ ඇවිත් හිටිය කාලේ මගේ යාලුවන්ගේ බෝඩින් හැම එහෙකටම මා එක්ක ගියා.ගිහින් පොඩි ෂොට් එකක් එහෙමත් දැම්ම.අවුරුදු 73ක් වයස උනාට,වැඩිය කතාබහ නොකලට ඕනෑම වයසක සෙට් එකක් එක්ක මුහු වෙන්න පුළුවන් හැකියාවක් තිබුන.

ඉතින් ඔය තාත්ත  නැති උන පණිවිඩේ මම ලොක්කට කියල මල්ලිව යවන්න ඕන කියල ගෙදර ගියාම මේක බිල ගේ විනාස කරලා,අඩනවා.මම  අරගෙන ගිය ඇදුම් ටික දීල,ඇදුම් ටිකක් බෑග් එකට දාල ගෙදර යවන්න ලැස්ති කරා.දැන් මුට ටිකට් ගන්න මාරු සල්ලි මූ ළඟ නැති නිසා එකත් මමම කරලා හවස එයාර්පෝර්ට් එකට ගිහින් දැම්ම.එතැනදී මිනිහගේ ලොක්ක  මාසෙක පඩිය අතට දීල කිව, දවස් 10 කට වඩා ගන්න එපා කියල.

ඔය සල්ලි ටික අරගෙන මිනිහ යන්න යනකොට මම කිව මෙහෙන් සල්ලි ටික දාල යන්න කියල මිනිහගේ හැටි මම දන්නා නිසා.

දැන් මට යන්න තිබුනේ පහුවදා.

මම යනකොටත් මිනිහ ගිහින් සල්ලි ටික පොඩි අක්කට දීල වැඩවලට.අක්ක එක ආපහු අරගෙන තියල මොකද මූ යනකොට ටිකට් හදන්න වෙන්නේ අනිත් අයට නිසා එකට අරගන්න.

දැන් මිනිහ ආපු දවසේ ඉඳන් බොන එක තමා වැඩේ.මිනිහ රණ්ඩු කරනවා  මිනිහගේ සල්ලි වැඩ වලට ගන්නේ නැතෙයි කියල.ඔහොම ගෙදර වැඩ  ඉවර උනා. දැන් දවස්ටිකේම බීල හොදටම හැක් වෙලා දවසක් රෑ ලොකු අයිය හොද කනේ පාරක් දීල කාමරේකට දාල දොර වැහුල.

එදා රෑ මිනිහ ගෙදර තාප්පෙන්  පැනල ගිහින් බොරැල්ලේ තාත්ත ජිවිතේ වැඩි  කාලයක් හිටිය ගෙදරට.පහුවදා අයියල මිනිහ හොයන්න යනකොට ඒ ගෙදර තාත්ත වෙනුවෙන් පත්තු කරපු පහන ගාවින් කාලක් තියල මිනිහ තුන් කාලක් බීල.

ඇහුවම තාත්ත බොන්න කැමති නිසාලු එතන තිබ්බේ.....

පින්තුරෙ ගත්තේ:www.nursingtimes.net
පස්සේ සහෝදරයෝ ඔක්කොම එකතු වෙලා මූව පුනරුත්තාපන එකක තියල  සති දෙකක් ඊයේ තමා වැඩට එව්වේ.

මම නම් මේ මෙහෙම එකෙක් දැක්කමයි . . .

32 comments:

  1. නියම බෑණන්ඩියෙක්/මස්සිනෙක්.

    ReplyDelete
    Replies
    1. බෑණන්දී කිවේ මටද මන්ද . . අයියේ . . .

      Delete
  2. පොරව අදුරගන්න ආසයි

    ReplyDelete
    Replies
    1. මාරුවට තියෙයි.බොට ගමේ මළගෙදර උනනානේ බෝල ... ආව නම් බලන්න තිබ්බ වැඩේ . . .

      Delete
  3. පව් අනේ එයාට ගරල්ෆ්රෙන්ඩ් කෙනෙක් නැතුව ඇති හිටියනම් මිනිහා ටිකක් හැදිලා ,, :) කාලක් තාත්තට තියපු එකට හිනාත් ගියා ඉදගෙන ඔව් හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක හරි එතකොට මිනිහට බොන්න සල්ලි ඉතුරුවෙන්නෙ නැ නේ.

      Delete
    2. ඔමා කෙල්ලොත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද... හි හි....

      ඔහොම එකෙක්ට අහු වෙන කෙල්ලන්ට දෙයියන්ගෙ පිහිටයි... බලු වලිගේ ඇද අරින්න බෑ කියන කතාව ඔමා අහලා නැද්ද.... අම්මලට, සහෝදරයන්ට හදන්න බැරි මිනිහෙක් කෙල්ලෙක් හින්ද හැදෙන්නෙ බොහොම කළාතුරකින්.. ඒකත් ඔය වගේ වගකීමක් ගන්න බැරි කෙනෙක් කොහෙත්ම කරන්නෙ නෑ...

      Delete
    3. ඌට කෙල්ලෙක් අහුවෙලා ඉවරයි බොලව් ..කලින් කතාව බලහල්ල පොඩ්ඩක්. . .

      Delete
    4. කතාව ඇත්ත ඔමායා.

      Delete
    5. නැහැ දිලිනි හැදුනේ නැහැ... දැන් පොඩි දුවෙකුත් ඉන්නවා අවුරුදු 6ක්.මිනිහට වැරදුනේ පව්ලේ පොඩි එකා කියල අනිත් සහෝදරයෝ 6 දෙනාම උදව්කරන්න ගිය එක.මම හිතුව මේ පාරවත් එහෙම නොකරයි කියල.මම එයාලගේ පවලට පිටින් බැදුණ නිසා මට ඔව්ව කියන්න බැහැ.නමුත් මම නම් කියන්නේ අනික් අය මූව ඇත අරියනම් හැදෙනවා.ගෙනාපු සල්ලි ඔක්කොම විනාස කළා.යන්න ටිකට් එකත් අක්ක අරන් දීල මෙහෙ එව්වා.ඔව්ව තමා වැරදි වැඩ.

      Delete
    6. කිව්වට තරහ වෙන්න එපා හිරූ සහ ඔමා. ඌට ඔහොම වුනේ කෙල්ලක් හන්දා වෙන්න බැරිද?

      Delete
    7. හි හි... දැනුයි පරණ කතාව කියෙව්වෙ..

      මේ කියන විදියට නං එහෙම එකක් වෙන්න බෑ ඩූඩ් අයියෙ.. මෙයාට තියෙන්නෙ හුරතලේ වැඩි වීම...

      පරණ කතාව කියෙව්ව නිසා ඉතිං කියන්න තියෙන්නෙ මඟියෝ ඔය ජාතියටම යන එකෙක් අපේ ගෙදරත් ඉන්නවා.... මට මෝල් ගහෙන් ගහපු අපේ තාත්ත, මලයට මෙච්චර කාලෙකට පාරක් ගහලා නෑ... තාත්ත හොනට් එකකුත් අරන් දීලා, තව මදි පාඩුවට කාරෙකකුත් අරන් දුන්න... උෟ දැං අම්මල කියන කිසිම දෙයක් අහන්නේ නෑ.. බොන්නෙ නෑ.. ඒත් රස්තියාදුවෙ යනවා වටේටම බොරු කියල... හොඳ රස්සාවකුත් තියෙනව.. කෙල්ලෙකුත් ඉන්නව... දැං අම්මලා බන්දලා දෙන්න ලෑස්ති වෙනව... මං හොඳට බැනලා කිව්ව ඉස්සෙල්ලා වගකීමක් ගන්න පුළුවන් මිනිහෙක් විදියට හැදිලා කසාද බැඳපන්, නැත්තං අපිට වෙන්නේ දරුවොත් කරගහන් පොලීසි උසාවි ගානේ ලගින්න කියල.. ඒක කිව්වම තමයි අපේ තාත්තටත් මොකද්ද මේ කියන්නෙ කියලා තේරුනෙ මං හිතන්නෙ...

      අම්මපා මේවා කාට කියන්නද කියලා....

      තාම 23යි... නරක කොල්ලෙක් නෙවෙයි... ඒ උනාට මහම මෝඩයෙක්...

      Delete
    8. හුටා ඔවුමයි ,,, එහෙනම් කියන්න තියෙන්නේ අපි වගේ කෙල්ලෙක් හම්බුනානම් මිනිහා එක්කෝ හැදිලා එක්කෝ නාහිලා ඔය දෙකෙන් එකක් ,,

      හිරු අක්කා එහෙම කියපු එක හොදයි වෙන්න කලින් නැතුව පස්සේ කියලා වැඩක් නැහැ ""මන් හිතුවා ඔහොම වෙයි කියලා " වගේ වචන

      Delete
    9. උබට අහු උනා නම් . . . ඔව් වචන දෙකක් නැහැ ඌ හැදිලා මොකද ඌ සංසාරේ කලකිරිලා මහන වෙන්න යනව .. . ඔව් . . ඉඳගෙන . .

      Delete
  4. මචං අටමටම සැට් වෙනවා. බලපං ඌව අදුනගන්න ආසලු ...

    ReplyDelete
    Replies
    1. අටම ඉන්නේ අපේ ගෙවල් වලට බොහොම ළඟ.තුන්මාසේ දානෙට අදුන්නලා දෙන්නම්කො

      Delete
  5. Replies
    1. කලින් මම කියපු එකත් දන්නා නිසා උබ දැන් දැන් අදුනනව මිනිහ නේද ?

      Delete
  6. අපොයි බොටම කැපෙනවා පොර...

    ReplyDelete
    Replies
    1. බොට ඉතින් මට කොහෙන්හරි වදිනවානම් හෙන හැප්පි නේ ///

      Delete
  7. ෂා මරු නෙ .යකො උබ පට්ට පිනක් කරල ගිය ආත්මේ
    හය හතර

    ReplyDelete
    Replies
    1. එව්වට තමා මේ ගෙවන්නේ අඩුම ගානේ ඊලග ආත්මෙවත් මෙහෙම නොවෙන්න.

      Delete
  8. අඩේ පට්ට පට පට.... මට නැහැනෙ ඔහොම එකෙක්... නැත්තම් ඌත් එක්කම එකතු වෙලා කාලක් ගහනව..... බුහා......

    ReplyDelete
    Replies
    1. නිකමටවත් හිතන්න එපා මචෝඕ..දන්නා හින්ද කියන්නේ ?

      Delete
  9. නියම මස්සිනා‍ලනෙ. අපරාදෙ අර කාල මිනිහ පස්සෙ ඒකත් බිව්වද?

    ReplyDelete
    Replies
    1. ලොකු අක්ක ඔලුවේ ඉඳන් නෑව්වා ඒ කාල, හොදවයින් ගුටි ටිකකුත් කෑවා ......අන්තිමට අක්කම බාත්රූම් එකට දාල නෑව්වා...

      Delete
  10. Replies
    1. හම්මේ මුගේ ගැන සිරිස් බන් ඔය වගේ වැඩ .. . .

      Delete
  11. උඹටම හරියනවා හැබැයි..

    ReplyDelete
    Replies
    1. එකනෙ බන් මටම මෙහෙත් සෙට් උනේ.මම මේ ඉන්නෙ ගැලවෙන්නෙ කොහොමදෝ කියල.

      Delete
  12. ගල් රස දන්නෝ.....බොක්කෙ කහටක් නෑලු...

    ReplyDelete
    Replies
    1. උගේ කහටක් නම් නැහැ.ඔහොම ගියොත් නම් ආපහු මාස කීපේකින් ක්වදාවත් එකතු නොවෙන හමෝම එකතු වෙන්න වෙයි. . .

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .