Friday 25 October 2013

පුතා විස්කි ගනන්. . .


පින්තුරෙ ගත්තෙhttp://www.crownwineandspirits.com/brands/Glenfiddich-Whisky.html

මගෙ හාමිනෙගෙ තාත්ත නැති වෙලා අදට සති තුනයි.ගොඩක් හොද මනුස්සයෙක්. ජිවිතේ හොදටම තෙරුම් අරගෙන සරල විදියට ජිවත් උනේ.මේ කතාව තාත්ත නැති වෙන්න මාසෙකට විතර කලින් උනේ.මම ගෙදර ගිහින් හිටියෙ දවස් තුනකට.

තාත්ත මෙහෙ ඇවිත් ඉදල ආපහු ගිහින් හිටියෙ අපේ ගෙදර.මම කුලියට අරගෙන ඉන්න තැන.ඔය ගෙදර තියෙන්නෙ හාමිනේගෙ අක්කගෙ ගේ ඉස්සරහමයි.එ ගෙදර ඉන්නෙ අක්කයි අයියයි, ඒ අයියගෙ අම්මයි තාත්තයි. ඔය මස්සිනාගෙ තාත්තයි මගෙ මාමන්ඩි දෙන්නම් එකම ආයතනයේ වැඩ කලේ.මාමන්ඩි විශ්‍රාම ගියාම ඒ තනතුරට ආවෙ ඔය අන්කල්.ඒක නිසා අන්කලුයි තාත්තයි දෙන්න හොද ගජ යාලුවො.

මම ‍යනකොටත් තාත්ත අසනීපයෙන්.ඒක නිසා තාත්තට බොන්න කරන්න හොද නැහැ.

එදා හාමිනෙලගෙ පොඩි අයියත් ඇවිත් හිටිය තාත්ත බලන්න.

රෑ වෙනකොට අන්කල්ට රට ගිය කෙනෙක් ගෙනත් දුන්න විස්කි බෝතලයක් ගෙනත් පඩිපෙල උඩ තියල කීව යන්න කලින් පුතා පොඩියට මොනවහරි කරමු එහෙනම් කියල.

මම කලින් කියල තියනව මයෙ හිතෙ ඔය මගෙ මස්සිනාලා සෙට් එකටම හොදට බොන්න පුලුවන් උදවිය.මමයි අක්කගෙ මහත්තයයි, පොඩි අයියයි.වීනාඩි පහක් යනකොට එක වටයක් ගියා.භාගයක් ඉවරයි.දැන් අන්කල් ටිකක් නොසන්සුන්.

අන්කල් පටන් ගත්තා කතාවක් කියන්න.

පුතා *.* පීරිස් මහත්තය එක්ක මම වැඩ කලා කාලයක්.ඒ මනුස්සය බොහොම සකසුරුවම් මනුස්සයෙක් පුතා. මනුස්සය යාලුවොන්ට සන්ග්‍රහයක් කරන්න විස්කි බෝතලයක් දෙනකොට භාගයක් ලකුනු කරල දෙන්නෙ.දෙනකොට කියනව"විස්කි ගනන්. . ." කියල.

ඔය කතාව කියල අන්කල් ගියා. ආපහු එනකොට තව කාලක් ඉවරයි.

ආපු ගමන් අන්කල් කියනව "පුතා විස්කි ගනන්. . "

අපිට මැරෙන්න හිනා. . .

කෝකටත් මම කිව දැන් අන්කල් මේක තිබ්බ කියල වැඩක්  නැහැනේ.මම අන්කල්ට මේ බොතලේ රිප්ලෙස් කරන්නම් ඊ ලග පාර ආවම කියල.

ඊ ලග පාර එන්න උනේ තාත්තගෙ මලගමට.. . .

31 comments:

  1. පුතා විස්කි ගණන්.

    ReplyDelete
    Replies
    1. ගණන් ඉස්පෙලින් වැරදුනා. . .පස්සෙ හදන්නම්. .

      Delete
  2. ආතල් එකේ කියාගෙන ඇවිත් අන්තිමට හෙන ගැහුවා වගේ උනේ මොකද්ද?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් . . . මම ගිය සතියෙ ගිහින් ආපහු ආවෙ.තව කතා ටිකක් තියනව හිමීට ලියන්නම්. .

      Delete
  3. ඔහොම තමයි බන් මනුස්ස ජීවිත....හරියට වාහන වගේ...කොතන කැඩෙයිද ? හැප්පෙයිද කියන්න බෑ...ඒ නිසා තමා වටා ඉන්න හැමෝම එක්ක සුහදව ඉදලා අවසන් ගමන් යන එක තමයි හොදම වැඩේ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා...හරි විදියට ජිවත් වෙන එක තමා කරන්න තියෙන්නේ.

      Delete
  4. ජීවිත වල හැටි තමයි බං.. කවදා කොයි වෙලේ යන්න වෙයිද කියන්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්නයි තියෙන්නේ දිනේෂ්.මොනවා උනත් තාත්ත නම් බොහොම තෘප්තිමත් ජිවිතයක් ගෙව්වා.අපිට කවදාවත් ගෙවන්න බැරි .

      Delete
  5. මං නං තාම සිංගල් මෝල්ට් බීලා නෑ. මිශ්‍ර තමයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක මොන වර්ගෙද කියල දැනගෙන හිටියේ නැහැ.කකා කිවම තමා මමත් හොයල බැලුවේ

      Delete
    2. ඇත්තටම මේක මොන වර්ගෙද කියල දැනගෙන හිටියේ නැහැ.කකා කිවම තමා මමත් හොයල බැලුවේ

      Delete
    3. මට මේ පෝස්ට් එකට මෙහෙම කමෙන්ට් එකක් දාන්න හිතුනා....
      Single Malt Whisky ස්කොට්ලන්තයට අමතරව වෙනත් රටවලත් හදනවා...එය එකම බාර්ලි වර්ගයකින් තමයි හදන්නේ. ඇමරිකාවේ රයි වලිනුත් හදනවා...Blended Whisky ධාන්‍ය වර්ග කලවම් කර හදන ඒවා වේ.

      මේ රූපයේ ඇති බෝතලය වසර 15ක් පදම් වෙච්ච එකක්. මේවා වසර 12.15.18 වශයෙන් අවුරුදු 50 දක්වාත් තියෙනවා. Glenmorangie, Isle of Jura, Glenfiddich හොඳ Single Malt Scotch Whisky. මේ බෝතලයක් පවුම් 30 ක් පමණ වෙනවා. ඔය Glenfiddich ම අවුරුදු 30 ක් පරණ එක පවුම් 3500ක් විතර වෙනවා. මා දන්නා වටිනාම Single Malt Scotch Whisky එක තමයි Springbank 1919.. එය අවුරුද් 50 ක් පදම්. මුදල පවුම් 48000ක් විතර වෙනවා. ( බිංදු ගාණ හරි )

      American Single Malt Whiskey තම්යි Hillrockසහ Hudson වගේ ඒවා. ඒවත් පවුම් 40-50 වගේ ගණන්.

      මම කරපු රස්සාව නිසා මට මේව බොන්න ලැබිලා තියෙනවා.Single Malt බිව්වාම ඔළුව කැක්කුම අඩුයි අනිත් ඒවාට වඩා. මට ඔළුවක් නැති නිසා කැක්කුම හැදෙන්නේ නැහැ.

      විස්කි ගැන බලන්න නම් ස්කොට්ලන්ඩ් යන්න ඕන. මම කිහිප වරක් ගියා.

      1981 දීත් ලංකාවේ ඔබරෝයි හෝටලයේ Royal Salute කියන වටිනා Whisky එක තිබුනා. 25ml ශොට් එකක් එතකොටත් රුපියල් 450ක් විතර උනා. මම barman's shot කියන එක ගහලා රස බැලුවා.

      Delete
    4. යකඩො මක්ස කොමෙන්ටුව.මම නම් ඔය වගක් දැන උන්නෙ නැහැ බොනකොට.ඇත්තටම ඔය බෝතලේම නෙමෙ ඔය නම තියන දුබුරු පාටට හුරු එකක් තමා බීවෙ.වැඩිය හොයන්න ගියෙ නැහැ පින්තුරෙ.නම තිබ්බ එක දැම්ම.සමහරවිට අන්කල්දන්න නිසා වෙන්න අති ඒ වගේ කතාවක් කියන්න අත්තේ.දැන්නම් පව් කියලා හිතෙනව.මම දැන් ඔක යන වෙලාවක ඇන්න යනකොට එදා බීපුව වමාරන්න වෙයි වගෙ. . .

      Delete
  6. Replies
    1. ඔන්න ඔහොමයි ඕක උනේ දෙසෝ...

      Delete
  7. Replies
    1. පුතා විස්කි ගණන් ....

      Delete
  8. ගනන් හින්ද තමයි ඉක්මනට බිවුවෙ.නැත්තම් කාගෙ හරි අතක් වැදිල පෙරලුනොත් අපරාදෙ නෙ.නැද්ද මන් අහන්නෙ ?

    ReplyDelete
    Replies
    1. එකනේ බන් කියන්නේ කිසි කිසි ගාල බෝතලේ ගියා.අන්කල් දුන්නේ ඔය කැෂුවල් ෂොට් එකක් දාගෙන විසිරෙයි කියල.කොහෙද සෙට් උනේ නියම සෙට් එකක්නේ ...

      Delete
  9. විස්කි ගනන් පුතා. o_O
    ඔබේ මාමණ්ඩිට නිවන් සුව පතමි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගණන් නම් තමා...හෙහ් හෙහ්

      Delete
    2. "පට්ට කතාව" කියන එක කියන්න කලින් දෙපාරක් හිතනවා මේ දවස්වල.
      ඒ වුනත් සිත් ගන්නා සුළු කතාවක්. ප්‍රියාට මතක් වුනා නිවන් සුව පතන්න මාමට.

      Delete
    3. මොකක්දෝ හුටපටයක් දැක්ක මමත් උබේ නමත් එක්ක.මම නම් බන් ලියන්නෙ වෙච්ච එව්ව.නිර්මාන කොරනව තියා වෙච්ච් දෙයක්වත් ලස්සනට ලියන්න අමාරුයි මට නම්.බොලාලගෙ එව්වයි මගෙ කතායි පොඩ්ඩක් බලහන් . . .

      Delete
  10. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)

    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  11. ඇයි අප්ප ඉතිං ඔය ගණං දේවල් බොන්නෙ ගල් බෝතලයක් අරං ගහන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. බන් මේක ඒ අන්කල්ට හම්බ වෙච්ච බෝතලයක් යාළුවෙකුගෙන්.මෙච්චර හොද එව්වා සල්ලි දීල බොන්න පිස්සුය. . .

      Delete
  12. බොරු කියන්නේ මොකද විස්කි කියන එක දැකලයි කියවුවේ. ඇත්තටම කනගාටු දායක කතාවක්. මගේ කැබිනෙට්ටුවේ ඕවා පුරවා ගන්නේ නැත්තේ (සල්ලි නැති කමට අමතරව) ඔය නිසාමයි. තියන එක හැමදා එක්කෝ කඩල නැහැ (ගෙනාවේ එදා නම්), නැත්නම් බාගයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පලවෙනි පාර මයේ හිතේ මෙහෙ කොමෙන්ට් කරන්නේ.... ඔව් බන් පව් අන්කල කාරය. හොද යාලුවෙක් යුරෝපේ ගිහින් එනකොටලු ගෙනාවේ.පොඩ්ඩක් වැදුනම ආපහු නවත්තන එක මැරුවත් කරන්න බැරි දෙයක්නේ බන්.. නමුත් මට ඇත්තටම දුකයි මම මාසයක් කලින් තාත්ත යන්න ඉන්න කට උඩ නැති උන එක.

      Delete
  13. විස්කි ගණන් එතකොට. ජීවිතේ අනියතයි , කොහෙද ගිහින් හිටියේ ..?

    ReplyDelete
    Replies
    1. මචන් මම ටිකක් වැඩි උනා බන් .. අලුත් කතා ටිකක් නම් තියනවා.හිමිට කියන්නම්කො ....

      Delete
  14. හෆ්ෆා මේකට නම් ජෝක් කරන්ඩත් අවුල් හින්දා හිතේ තියෙන ඒව එහෙම්ම තිබිද්දෙංකො. මොනා උනත් කැත වැඩේ බෝතලේම ඉවර කරපු එක....

    ටැස්ටින් ලින්ක් බොලං අහපු එකට

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .