Thursday 31 October 2013

සිංහයා සහ ගොරිල්ලා . . .

මම මේ වගේ  එව්වා මේකේ කියන්නේ නම් නැහැ.නමුත් පට්ට ජෝක් එකක් නිසා ලියලම දැන්නම්.ලියල කීවට මේක මට ආපු මේල් එකක් ඔන්න.මට ආව වගේ අනික් උන්ටත්  ඇවිල්ල ඇති.එක නිසා මේක " මගේ නිර්මාණයක් නොවේ " පැහැදිලිව කියන්න එපයි. . .

+======================================================================+
පින්තුරේ ගත්තේ www.dreamstime.com 
ඔන එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක්  ගහක් උඩට වෙලා ඉන්නවලු.. . . මූ හෙන වලත්ත ගොරිල්ලෙක්ලු.. .  ඩයල්  එක ඉන්න ගහ යටින් පොඩි ඇළ පාරක් ගලා බහිනවලු .. . මූ උදේ පාන්දරම ඉදිච්ච කොස් මෙව්වා එකක් බලල මෝල කරවෙලා  තමා ඉඳලා තියෙන්නේ.. . .

ඔන්න ඔහොම ඉන්නකොට කැලේ රජා, ඒ කියන්නේ සිංහයා ඇළ පාරට ආවලු බෝඹු කොට්ටකුත් කටේ ගහගෙන.. . ගෝරිල්ල දැක්කලු සිංහයාව. . . සිංහයා ඉතින් ලස්සනයිනේ ... කොන්ඩෙත් ශිහාන්ගේ වගේනේ. . .ඔන්න ගෝරිල්ල සින්හයාව දැකල හිතුවලු මූට නම් අද ටීක් ටීක් වැඩක් කරන්න ඕනය කියල. . .  එහෙම හිතල සිංහයා වතුර බොන්න නමිච්ච ගමන් මූ පැන්නලු සිංහයාගේ ඇඟට . . . පැනලා බාහ් බාහ් ගාල සිංහයාගේ  සරම කඩලා වැඩේට උනාලු....

ඒවා කොහෙද  මේ සිංහයා එක්ක.. . . ඌ ජිම් එහෙම යන එකෙක්නේ.. . . සිංහයාත් පුක ගසල දාල මොන හු__ කියාගෙන පැන්නලු ඇළට. . .

බලත්දී ගෝරිල්ල කබරයා වගේ ඔරවාගෙන.. . දැන් සිංහයාට නහුතෙට නැගළලු... .   ඇයි යකෝ කැලේ රජාටත් පාරේ බැහැල යන්න නෑනේ. . .මෙව්වා කරන්න එනවනේ . . . සිංහයා ගෝරිල්ලට රෙවෙන බැල්මට් එකක් දාල, කැඩිච්ච සරම වලාපොට ගහගෙන " ඔහේ හිටු වේ තරු තරු  තරු  ගෝරිල්ලා" කියල පැන්නලු ගොරිල්ලගේ ඇඟට..  එන පොට හොඳ නැති නිසා ගොරිල්ලත් පාතට වැටිලා තිබුන ෂෝට උස්සගෙන දුවන්න ගත්තලු.. . .  "සිංහයෝ එපෝ . . . . ." කියල.

දැන් ගෝරිල්ල ඉස්සරහින් දුවනවා . . . උගේ පිටිපස්සෙන් සිංහයා ඌ දන්නා කුණුහරප ඔක්කොම කියා කියා පන්නනවා.. . .

ගොරිල්ලගේ ෆෝ වීල් නැහැනේ . . . ටික ටික සිංහයා ගෝරිල්ලට ලං වෙනවා... මෙහෙම යත්දී ගෝරිල්ල දකිනවා කලේ මැද්දේ තියෙන දඩයක්කාරයාගේ පුංචි පැල්පතක් . . .

මූ ෆුල් ඩම් එක දාල, නොස් දාගෙන පැල්පතේ ලාලි දොරත් කඩාගෙන ඇතුලට දිව්වලු. ..

පැල්පත ඇතුලේ දඩයක්කාරයා ඉන්නවලු ලංකාදීපේ බල බල. . . හිතපල්ලකො තට්ට තනියම මහා කාලයක් මැද්දේ පත්තරේ බල බල ඉන්නකොට, වහල තිබ්බ දොරත් කඩාගෙන දඩ සයිස් ගෝරිල්ලෙක් උගේ අහවල් එකත් කෙලින් කරගෙන ලඟට දුවගෙන ආවම තියන සැප.. . .

ඉතින් මේ මොන හෙනයක්ද පාත් උනේ කියල බය වෙච්ච පාරට කලිසමේ අරවා ගිය දඩයක්කාරයා පැල්පතේ පිටිපස්සේ දොරත් කඩාගෙන දිව්වලු...

සිංහයා එක්ක දුවල බේරෙන්න බහ කියල තේරිච්ච ගෝරිල්ල දඩයක්කාරයාගේ ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන ලන්කදිපෙත් අතට අරන් වාඩි උනාලු.. .  මූ දැන් ගැහි ගැහි පත්තරේ බලනවලු.... දැන් සිංහයා ගොරිල්ලව හොයාගෙන පැල්පත ලඟට ආවලු...

ඇවිත් ඩිසන්ට් පිට දෙපලු වෙච්ච දොරට තට්ටු කරලා පැල්පත ඇතුලට ඔලුව දාල දඩයක්කාරයා වගේ හිටපු ගොරිල්ලගෙන් ඇහුවලු"මචං මේ හරියෙන් ගෝරිල්ලෙක් යනවා දැක්කද ???????" කියලා. . . .

හොඳටම වචන  ටැපලිලා පත්තරෙන් මුණ වගේනම ඌ ඇහුවලු " අහ් මචං අර සිංහයාට පු තරු තරු ඇරලා ගිය එකාද ???????" කියලා . . . . .

ඊට පස්සේ සිංහයා අහනවලු "අම්මට සිරි . . . ඒක ඒ පොඩ්ඩකට පත්තරේටත් ගිහින්ද ??????" කියලා . . .

+======================================================================+

18 comments:

  1. Replies
    1. මොකෝ අවුල්ද කතාව. . .නිකන් ලියල දැම්මෙ. . .

      Delete
    2. අවුලක් නෑ මරු මරු!

      Delete
  2. හිකිස් ඕයි ..උඹත් මාර කතානේ දාන්නේ

    ReplyDelete
  3. මමත් මීට කලින් කොහෙන් හරි අහුව... හැබැයි පට්ට....

    ReplyDelete
  4. ලංකාදීප ඔන්ලයින් එක වෙන්ටැ කියවන්න ඇත්තෙ.

    ReplyDelete
  5. පික්ශු හැදෙනවා නොවැ. මට අරුන් දෙන්නගෙ රේස් එක මැවිලා පෙනුනා. එළ එළ. ;-)

    ReplyDelete
  6. කාකා ජී..........!

    ඉදර් මගියා ජී සමරිසි පෝස්ට් කරෝ.........!!

    ආප්කෝ ටොපික්ස් කොපි කරෝන්ගා............!!!

    ආජා! අජා!!

    එල පෝස්ට් එක සහෝ!

    සමරිසි ගෝරිල්ලෙක්!!!

    හික්z!

    ReplyDelete
  7. හි හි හි.....මරු මරු....

    ReplyDelete
  8. වැරදියිනේ මලේ සිංහයා අන්තිමට කිව්ව කෑල්ල. සිංහයා කිව්වේ යක්කො කැ..ටික වේලෙන්නත් කලින් මේක පත්තරේ දැම්මේ නලින් දිල්රුක්ෂයාද කියලා

    ReplyDelete
  9. මේ කතාවෙ තව වර්ෂන් එකක් තියෙනව,ඒකෙ නරියගෙ පස්සෙ එළවන්නෙ කොටිය.

    ReplyDelete
  10. මේ කතාවේ වෙන වර්ශන් එකක් ඔබා මාමා ලිවුවා.. අද එතුමා අපි එක්ක නෑ.. මාමව මතක් වුනා මේක කියවද්දී..

    ReplyDelete
  11. වෙන වර්ශන් එකක් අහල තියෙනව.එ වුනාට උබ කියන විදියට අයිත් හිනා ගියා.පට්ට ආතල්

    ReplyDelete
  12. ලංකාදීප සහෝදර ඉංග්‍රීසි පුවත් පතේ හිටපු එකෙක් මම...එතකොට අපේ නලින් අයියා කලින් ලංකාදීපෙ වැඩ කරපු කෙනෙක්...ලංකාවෙ අංක 1 හින්දද කොහෙද දඩයක්කාරයත් ඒකම කියව කියවා ඉදලා තියෙන්නෙ හොට් නිව්ස් බලන්න....

    මේ කථාව මම කලින් කියවලා නෑ...ගොයියො...කථාව පංකාදුයි....කුණු හරුප බොහොම සාර සුභාවට වලත්ත නොවන ආකාරයෙන් ලියලා තියෙන විදිය කදිමයි....උඹට බොරුවට කියනවා නෙමෙයි...මගේ කාමරේ තනියෙන් ඉන්න මට හිනාවෙන්න කාගෙන් තහනමක්ද....ඇත්තටම හිනා ගිය කථාවක්...අපූරුයි මගියො...තව මේ වගේ ඒවා ලියහං...

    ReplyDelete
  13. හෙහ් හෙහ්. මටත් ලස්සන කතාවක්, හිනායන කතාවක්, ඒ කියන්නේ මට හොඳටම හිනාගිය කතාවක් ඇහුනොත් ඒක කාටහරි කියන්නම ඕනේ.

    මේ කතාවෙ වෙන වර්ෂන් එකක් ලිව්වා අපේ ඔබා ඉස්සර. ඊටත් කලින් ඒක ඔබාමද කොහෙද අන්තිම පේලියටත් ලියලා තිබ්බා.

    මේ කතාවට මමත් චිත්‍රයක් ඇඳලා යැව්වා. මෙන්න ලින්ක් එක.

    නරියෙක්, කැළෑවක් සහ කොටි දෙනක් පිලිබඳ කථාවක්

    ReplyDelete
    Replies
    1. ලින්කුවට ස්තූතියි පාට්නර්...අපි දෙන්නා ගොඩාක් තැන් වල එකලග කමෙන්ට් කරනවා නේද...ඒක තමයි ෆිට් එක කියන්නෙ...නැද්ද මම අහන්නෙ...

      Delete
    2. අනිවා පාට්නර්. ඒක තමයි ෆිට් එක කියන්නෙ. :)

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .