Sunday 24 November 2013

ඔන්න බලාපල්ල ඒකෙත් හැටි. . .

කලින් පොස්ටුවෙ කොමෙන්ට් වලට උත්තර දෙන්න බැරි උනා.පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි උනා මේකට එන්න බැරිව ගියා.

මේක මට ඔය පහුගිය දවසක වෙච්චි වැඩක්.මේ දවස් වල මම පොඩ්ඩක් රැකියාවෙ අන්සෙන් වුවමනා කරන සුදුසුකමක් අරගන්න මහන්සි වෙනව.මමයි තව මම වගේම කැලේ පැන්න එකෙකුයි තමා සෙට් වෙලා ඔ‍ය වැඩේ කර ගන්න ක්‍රමයක් හොයන්නෙ.

ඉතින් ඔය වැඩෙ කර ගත්ත යාලු මිත්‍රයෝ ගොඩක් ඉන්න නිසා අපි දෙන්න බොහොම සැහැල්ලුවෙන් වැඩේ කර ගත්තකි කියල හිතාගෙන,නෙට් එකෙන් ගත්ත කොල ටිකත් අරගෙන ලැස්ති උනා.නමුත් හරියටම ක්‍රමේ දැනගෙන උන්නේ නැහැ අපි දෙන්නම.ඕක ගැන හිතුවෙම නැහැ යාලුවෝ තුන් දෙනෙක් එක එක හේතු කියනකල්.

ඉතින් අපි මෙච්චර කල් ආශ්‍රය කල එකෙක් හම්බවෙන්න ගියා ඔය පරිනතයි කියන සෙට් එකේ.ගිහින් කීව අපිට මේක කරගන්න පොඩ්ඩක් කියා දීයන් කි‍යලා.

"මල්ලි මේක ලේසි දෙයක් නෙමේ.හොදටම සබ්ජෙක්ට් එක දැන ගන්න ඕන.මට ශුවර් නැහැ උබලට මේක කරගන්න පුලුවන් කියල.එක නිසා අහවල් කෝස් එක අවුරුදු දෙකක් කරලා තව අවුරුදු දෙකක් මම වගේ එකෙක් ගාව  වැඩ කරන්න ඕන "



පින්තුරේ :cultivatedsociety.com

තව එකෙක් ගාවට ගියා...

" මල්ලි මේක #$^@# එකේ ^%^ 2342 කරලා $%^&^&*()(* කොරල @$#@%$ දීල $&&*^ ඇරගෙන &^%&^^* ගාවට ගිහින් . . . . . මට මල්ලි හදිසි වැඩක් තියනව ඕන කමක් තිබුනොත් කියන්නකෝ"

පින්තුරේ ගත්තේ:top-10-list.org


ඔන්න ඔහොමයි...කෙරෙන ක්‍රමයක් නෙමේ .... ඌට අපිට තේරෙන්න ඕන නැහැ. තව අවුල් කරන්න ඕන...

දැන් ඉතින් තවත් මේක එක්ක තව කතා කරල වැඩක් නැති නිසා අපි එන්න ආව.

ඔය කතාව අහගෙන උන්න අපේ සෙට් එකේ එකෙක් ෆෝන් නම්බරයක් දීල කීව මෙන්න මේ අහවලාට කතා කරන්න කියල.ඔය වෙනකොට අපිට මේ වැඩේ එපා වෙල ඉවරයි.ඇත්තටම බොහොම  කනගාටුවක් දැනුන අපි මෙච්චර කල් බොහොම හොදින් අසුරු කල අය මේ පොඩි දේකට,උපදෙසක් දෙන්න මෙහෙම කල එකට.

ඉතින් අර ලැබුන නොම්බරේ කෙනාට කතා කලාම ඒ මනුස්සය මේ රටේ බොහොම ලොකු ආයතනයක ලොකු තනතුරක් දරන කෙනෙක්.

ඔය මනුස්සයා අපිට එන්න කීව ගෙදරට.ගත්ත කොල ටික සේරම කතා කරන බාසාවෙන් කියා දුන්න. ලොකු ලොකු වචන දැම්මේ නැහැ.මෙහෙම කීව.

"මල්ලි ඔයාල එන්න හැම සිකුරාදම මම ඔය ඉන්ටර්විවු යන අයට පන්ති කරනව මගේ ගෙදර නොමිලේ.ඔයාල ඒකට එන්න ඕන කරන දේවල් ප්‍රශ්න ඔක්කොම සාකච්චා කරනව"

එතකොට තමා අපිට මතක් උනේ අර සින්දුව.

"වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අනික තමා ඔක්කොම වෘර්තිමය ඉරිසියාව ගැටළු තියෙන්නේ පොඩි මිනිස්සු ගාව මිසක් ඇත්තම පොරවල් ලග එව්වා නැත. .

29 comments:

  1. "වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."
    දෙවි දේවතාවන් වගේ මිනිස්සු ගොඩක් අද සමාජයේ හොයා ගන්න අමාරුයි එත් ඉතින් අතරින් පතර හරි අවංක හිතින් උදව් කරන ඈයෝ නිසා අපේ ජිවිත වල මහා වෙනස් වීම් සිද්ධ වෙන්න පුලුවන්....
    මොන තනතුරේ හිටියත් වේවැලක් වගේ නය්‍යශිලි වෙලා අනිත් අයට උදව් කරන මිනිස්සු තමා නියම පොරවල් කියන්නේ
    හැම පැතුමක්ම එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති . . . අන්තිම වෙනකොට නම් එපා වෙලා හිටියේ එක එකාගේ කතා අහලම . . .

      Delete
  2. ඕකටම සමාන දෙයක් මටත් වුණා. .ඔහොම වෙලාවට තමයි මගියෝ අපිට මිනිස්සු අදුරගන්න පුළුවන් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් හොදින් එකට බිල කාල පිස්සු නටල ඉදල මේක අහපුවම ඔක්කොම අවුල්.ඔය දෙන්නෙක් දැන් වැඩි පුර කතා බහකුත් නැහැ මා එක්ක.උන්ටම ගිල්ටි නිසා මුණ දෙන්න බැහැ.කොහෙද යන වෘෂබ රාජයෝ බන්.

      Delete
  3. එහෙම් නැත්තං තමයි පුදුමේ.

    ReplyDelete
    Replies
    1. මේකනේ කකා එකට ආශ්‍රය කරලා ඉන්නකොට මේ වගේ දේකට පස්ස ගහයි කියල හිතන්න කොහොමද????? මුන් රෑ දනියෙල් දවල් මිගෙල් උන්නේ අප්පා/කොහොමද හිතන්නේ....

      Delete
  4. මිනිස්සුන්ගේ හැටිනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් බන්... මට දුක අවුරුදු කීපයක් එක බෝඩිමේ ඉදපු උන් කියන එව්වා මේ පොඩි උපදෙසකට.අපි මොනවා හරි කරන්න ගියාම තමා මුන්ට අමාරු.උන්ගේ වැඩ වලදී මම ඔෆිස් එකෙන් පොත් කොපි ගහගෙන ගිහින් දුන්න.

      Delete
  5. මම නම් හිතන්නෙ ඔතන ඇති වුනේ ඉරිසියාව පිලිබද ප්‍රශ්ණයක්. අනික යමක පරතෙරට ගිය පුද්ගලයට වඩා ඒ දේම නිකන් අත පත ගාලා ඉගෙන ගත්ත එකා ඒ දේ ඔලුවට ගන්නවත් වැඩීනෙ.
    කොහොම උනත් ඔය වැඩේ ගොඩ දාගන්න කියලා සුභ පතනවා මගියො.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒක තමා හේතුව.නමුත් උන් ඔය වැඩේ කරන කාලේ අපි උන්ට පොත් හොයා දීල.ඒ වැඩ වලට ඕන කරන පොඩි පොඩි වැඩ කරලා දීල උපරිම සපෝර්ට් කළා බන්.එහෙනම් අපිටත් ඒ දවස් වල ඔහොම මග අරින්න තිබුනනේ.අර මෙහෙ පරණ එකෙක් මට කිව . මෙහෙ ඉන්නේ පාස්පෝර්ට් යාලුවෝ විතරයි කියල.ඉස්කෝලේ කැම්පස් එකේ හම්බ වුන වගේ බොක්ක තියන උන අඩුයි මෙහෙ බන් . . .

      Delete
  6. ඕක ඕන තැනක සාමාන්‍ය දෙයක්නෙ. කන්තෝරුවෙ පියන් හිතාගෙන ඉන්නෙ මිනිහ එම්.ඩී. ටත් වඩා ලොකු පොරක් කියලනෙ. එම්.ඩී. එක්ක කතාකරන්න පුළුවං උනත් පියන් එක්ක කතාකරන්න ලේසි නෑ.

    වැඩේ සාර්ථක වේවා කියල පතනව !

    ReplyDelete
    Replies
    1. ඔව් සාමාන්‍ය දෙයක් තමා නමුත් අදුනුම් කමක් කියල එක්ක තියනවනේ බන්.අපි එකට ඉදල අපි වැඩක් කර ගන්නකොට මෙහෙම කියන එක අප්සට් නේ ...බොහොම ඉස්තුති බන්

      Delete
  7. //පොඩි මිනිස්සු ගාව මිසක් ඇත්තම පොරවල් ලග එව්වා නැත. .// මේ කතාවට නම් කටේ මසුරන් දාන්න වටිනවා. කාර්යාලයකින් වැඩක් කර ගන්න ගියත් මේක හොඳට තේරෙනවා. ඔබට සුබ පතමි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා ඕක. ලොකු මිනිස්සුන්ට වෙලාවක් නැහැ ඔය වැඩේ වෘෂබ වැඩ වලට. . බොහොම ඉස්තුති දිලිනි .

      Delete
  8. ඒකද මේ පහුගිය දවස්වල උඹ දකින්න නැතුව හිටියෙ,මම ඒත් බැලුවා එකපාරට අතුරුදහන් වුණේ මොකද කියල,අලුත් වැඩේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් , , ඒ වැඩ ටිකට ගිහින් ඔලුව උන්නේ. ඒකයි වැඩිය එලි පහලියට එන්ඩ බැරි උනේ . . බොහොම ඉස්තුති . . .

      Delete
  9. ඒකනේ උන්ට පොරවල් කියන්නේ. අර ඉහලට යන වැඩේ සාර්තක වේවා කියලා පතනවා !

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත ජෝනෝ . . . බොහොම ඉස්තුති බොලං . . .

      Delete
  10. මං හිතන්නේ උඹ චාටරේට සෙට්වෙලා වගේ , උඹ සිවිල්ද... දැන් වැඩේ හරිද නැත්තම් මෙන්ටෙක් සෙට් කරන්න පුළුවන් , මට පෙන හැටියට නම් වැඩේ ගොඩ දාගෙන වගේ ජය වේවා හිතන තරම් යකා කළු නෑ. උදව්වක් ඕනේ නම් කියහන්

    ReplyDelete
    Replies
    1. අඩේ තැන්කු මචෝ . .. වැඩේ කරගෙන යනවා.තවම ඉවර නැහැ මාස 6ක් වගේ තියනවා, අර මනුස්සයට පින් සිද්ද වෙන්න පුළුවන් වෙයි බන්. . .

      Delete
  11. අර වගේ ඩස්පියෝ තමයි බං වැඩිපුර ඉන්නේ. කොහෙත් එකයි. කොහොම හරි වැඩේ උනන්දුවෙන් කරගනින්.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මොකද කොරන්නේ බෙරිල ඉන්න තමා වෙන්නෙ.

      Delete
  12. පොඩි ෂොට් එකක් දාලම පළවෙනි පන්ති වාරෙට සහභාගි වෙයන්...කියන දේවල් හොදට මතක හිටියි එතකොට...

    ReplyDelete
    Replies
    1. කාලක් ඇන්න සැන්ඩි කරල වතුර බෝතලෙකට දාගෙන යන්න ඉන්නෙ.ගිය සතියෙ ගියා පලවෙනි එක නිසා අමුවෙන් ගියේ.ඌ එන උන්ට කන්න ෂෝට් ඊට් එක්ක තේත් දුන්න බන්.

      Delete
    2. අන්න මිනිස්සු...කරපු උදව් මතක තියාගනින්...උඹලත් ඒ තත්වයට පත් වෙච්ච දවසට අලුත් උන්ට ඒ විදියටම අත දීපන්....ඒකයි යුතුකම..

      Delete
    3. අනිවා කරනව.අපි යෝජනාවක් දාල තියෙන්නෙ සල්ලි එකතු කරල හෝල් එකක හැම මාසෙම සෙමිනාර් එකක් තියන්න,

      Delete
  13. ඉක්මනට මිනිස්සු අදුනගන්න ඉගෙන ගනින්.
    උබට ජය

    ReplyDelete
    Replies
    1. ම්ම සාමාන්‍ය‍යෙන් මිනිස්සු විශ්වාස කරව වැඩි බන්.හැබැයි කෙල උනාම මටම පොරොන්දු වෙනව.මුන් නම් මහ සත්තු බන්.සික්

      Delete
  14. Mokadda oya karana Exam eka........

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .