Sunday 15 December 2013

රෙෆරන්ස් ටු දේශකයාස් පොස්ට් ඩේටඩ් 22/11/2013

දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.

ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේ ලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.
පින්තුරෙ http://sharememe.org/dubai-mall-aquarium-diving-7-hd-wallpapers/dubai-mall-aquarium-diving-7-hd-wallpapers-2/
මෝල්එක හෙන ලොකුයි.එහෙං මෙහෙං යන්න තියනවා අපිටත් අමාරුයි හොයා ගන්න.

මම ඔන්න ටිකට් තුනකුත් ඇන්න ඇතුලට ගියා.මාලු ටැන්කිය ඇතුල උමගක් වගේ වටේට විදුරු.ජුනියර් එහාට මෙහාට දුවනවා, මාළු බලන්න.

ඌ මේ වගේ එකක් දැක්ක පලවෙනි එක නිසා හෙන එක්සයිට්.මමත් ඕන විදියට නටන්න දීල හිටිය.ඔය උමග උඩ රවුන් කීවෙ ඕවලාකාරයි.මගෙත් ඔලුව ටිකක් මන්නන් වෙලා ගියා නිකන් කැරකෙනවා වගේ.

ඔය විසිතුරු බලන අතර පොඩිඑකත් එහෙ මෙහෙ දුවනව.මම පුතා එක කොනකට යනව පොටෝ එකක් අරගෙන කැමරාවෙන් පොටෝ එක දිහත් බලල,
ලමය හිටි තැන බැලුව.

 කෝ ජුනියර් ???????????????

එහා කොනේ ඉදන් මෙහා කොනට යනකල් දෙපාරක් ගියා.එලියට ගිහින් වටෙන්ම අවිදලත් බැලුව මේක නැහැ.හාමිනේට ඔලුව කැරකෙනවා කියල එලියට ගිහින් පුටුවක වැඩි වෙලා උන්නේ.මම එයට නොපෙනෙන්න මේකව හොයනවා.මොකද මේ ඉන්න තත්ත්වේ අනුව ඔය වගේ දෙයක් කියන්න බැරි නිසා.

හැමතැනම බැලුව නැහැ.පුතා වෙනදට ගිය දිහකින් ඒ ගිය පාර දිගේම ආපහු එන පුරුද්දක් තියනවා.එක නිසා මම ටිකක් බැලුව එයිද කියල.විනාඩි දහයක් විතර හිටිය දැන් නම් ඉන්නම බැහැ.මගේ පපුව නිකන් බර වෙලා වගේ.අත් දෙකත් සිතල වෙලා කතා කර ගන්නවත් බැහැ.

මගේ වෙනස දැකපු වයිෆ්ට තේරුණා වෙලා තියන දේ.
එයා අඩනවා දුවනවා ලමය හොයන්න.

 මම එතන හිටපු සිකුරිටි එකාට කිව.ඌ ඒ ගමන්ම උන්ගේ ලොක්කට කෝල් කරලා ඇදගෙන හිටිය ඇදුම් ගැන විස්තරයක් සහ පුතාගේ ෆොටෝ එකක් යැව්වා.ඌ කියනවා බය වෙන්න එපාය හැම මීටර් 20 කටම එක සිවිල් ඔෆිසර් කෙනෙක් ඉන්නවය ඒ හැමෝටම ෆොටෝ එක යැව්වය කියල.

මමත් ඒ ළඟ යයි කියල හිතන්න පුළුවන් හැම කඩේටම ගිහින් බැලුව.මිනිහ ආසයි ඔය සෙල්ලම් කාර් වලට.ඒක නිසා ඒ ළඟ තිබුන සෙල්ලම් බඩු කඩේ හැමතැනම බැලුව.දැන් විනාඩි විස්සකට වැඩි.

මම මුලින් ගොඩක් විශ්වාස කරා පුතා ගිය පාරේම අපහු එනවා කියල.වෙලාව යනකොට ඒ විශ්වාසේත් හෙලෙන්න ගත්ත.

බලන්න පුළුවන් හැම තැනකම බැලුව.CID  එකේ උන් ටිකත් එහාට මෙහාට කෝල් කරනවා විතරයි.

දැන් වයිෆ් කලන්තේ දාන ගානට ඇවිත්.එයත් පුටුවක ඉන්දල මම හැමතැනම දුවනවා.

මම කෝකටත් කියල එතනින් ටිකක් ඈත තියනවා කොරිඩෝවක් කෘතීම වැව උඩින් යන පාලමට.මම ඔය කොරිඩෝවට ගියා, 

මෙන්න එනවා දුවගෙන පාලම පැත්තේ ඉදං. අර කොරිඩෝවේ තියන හැම කඩේකම දෙන කොලයි, කෑම කඩවල මෙනු කොලයි ගොන්නක් අතේ.තවත් නැවතී නැවතී කඩ වල ඉස්සරහ ඉන්න පිලිපීන කෙල්ලෝ එක්ක චැට් එක දානවා එන ගමනුත්.අම්ම අප්පා ඉන්නවද මලාද නැහැ.

එක දැක්කම හිනා ගියත්, අල්ලගත්ත ගමන් උරහිසෙන් හොල්ලල ඇහුව කොහෙද ගියේ කියල.

දුන්න උත්තරේ ;

" සංසාරේ අප්පච්චි මට චිකන් ගුඩි කන්න ඕන" ( චිකන් ගුඩි කියන්නේ KFC එකේ පොප්කොර්න් එකට)

එකට කිසි ගානක් නැහැ.දෙන්නම් උබට චිකන් ගුඩි කියල ඇන්න ගියා මව් යාන‍ය ගාවට.

එක්ක ගිහින් මව්  යානයට බාරදුන්න නැත නම් මොනවායින් මොනවා වෙයිද නොදන්නා නිසා ඉන්න තත්වේ අනුව.අම්මගෙන් නම් ගුටි කෑවා ( මම අද වෙනකල් ගහල නෑ කොල්ලට, මට ගහන්න ඕන උනොත් ළමයාගේ අම්මට එක හත කරලා කියනවා හෙහ් හෙහ් හේ අම්මගෙන් කනවා එතකොට)

ඉතින් එදා‍යින් පස්සෙ තමා මම ජුනියර් එක්ක මොනවහරි ගන්න ඕනෑ උනත්  නොයන්නේ.එයා  එක්ක යනවා නම් බඩු මුට්ටු ගන්නේ නැහැ.

මෝල් එකේ පොලිස් පොස්ට් එකට ගිහින් ළමය ලැබුන කියල ඉන්ෆොර්ම් කරලා ගෙදර ආවේ. . .

ප.ලි: දේශකයගෙ පොස්ට් එක නිසා ලීවෙ.

37 comments:

  1. ඉස්සර වෙසක් පොසොන් වලට තාත්තා එක්ක යනවා මතක් උනා ... තාත්තා ළඟ නැහැ කියලා දැනුන හැටියේ බඩ හීතල වෙලා යන හැටි තාම මතකයි ..........

    ReplyDelete
    Replies
    1. අපේ පුත්තරයට අපිව ඕන නැහැ.මගෙ යාලුවන්ට කියන්නෙ එයාගෙ මචන් අන්කල්ල.මගෙ නෙමේ එයාගෙ. . . ඉතින් දැන් එක්ක යන්නෙ නෑ තනියම වැඩකට

      Delete
  2. පිලිපීන කෙල්ලො ඈ ටෝක් කරන්නෙ පොඩි මගියත් එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්

      Delete
    2. ///කඩ වල ඉස්සරහ ඉන්න පිලිපීන කෙල්ලෝ එක්ක චැට් එක දානවා එන ගමනුත්// මේවා පියාගේ ආභාෂය තමයි ඉදගෙන :)

      Delete
    3. කෑ ගහන්න එපා යකු . .අහහන් මෙහෙ පොඩි එකා එක්කගෙන ආපු දවසේ, මම වැඩට ගිහින් එනකොට කියනවා ඉස්සරහ ගෙදට කෙල්ලෙක් ඉන්නවලු ,.,. හෙහ් හෙහ් හේ අපේ ෆ්ලැට් එකේ ඉස්සරහ ඉන්නවා පොඩි දුවක් . . එක දැකල මේ කියන්නේ , , , ඕකට මමයි බැනුම් ඇහුවේ .....ඔව් ඉදගෙන

      Delete
  3. මට එක වරම මතක්වුණා කතාවක් සහ සිදුවීමක්. කතාව තමයි ආර්.කේ.නාරායන් ගේ 'මල්ගුඩි දවස' කතා මාලාවේ තියනවා මෙවැනි දරුවකු සැණකෙළියක අතරමං වෙන අවස්ථාවක්. එහිදී ඒ ළමයාට විවිධ දෑ පෙන්වමින්, රසකැවිලි අරන්දෙමින් සනසන්නට එක්තරා පුද්ගලයකු වෙහෙස වුනත් ළමයා තම දෙමවුපියන් ඉල්ලා අඬනවා. ඔහු සැනසෙන්නේ තම දෙමවුපියන් ලැබීමෙන් පමණයි.

    සිදුවීම මෙයයි. 1960 දශකයේදී ලංකාවේ උසම ගොඩනැගිල්ල වූ සෙලින්කෝ මන්දිරය බලන්න ගියා මම බොහොම කුඩා පාසල් දරුවකු ලෙස. ගොඩනැගිල්ල තුළ මා අතරමං වුනා ඔබේ පුතා මෙන් එය නරඹමින් තනිව ඇවිදින්න ගිහින්. මම මහා හඬින් හඬමින් සිටිනවිට එහි සේවය කරන පුද්ගලයකු මා අතින් අල්ලාගෙන මගේ පිරිස සොයාගොස් බාරදුන්නා.

    ReplyDelete
    Replies
    1. වැඩේ විචාරක මේ ළමය තැනකට ගියාම එයට ඕන විදියටනේ එහෙ මෙහෙ යන්නේ අපි ඉන්නවද බලන්නේ නැහැ/මේක මට ලොකු ප්‍රශ්නයක්.කිසිම තැනක ගෙනියන්නේ නැහැ වැඩකට නම්.

      Delete
  4. ළමයා කරන වැරදි වැඩ වලට සම්පුර්ණ වගකීම දෙමාපියන් බාරගත යුතුය ...... මොකද ළමයි කියන්නේ ළමයි නිසාත් .... ළමයින් වැඩ කරන්නේ දෙමව්පියන්ව අනුකරණය කරමින් නිසාත්ය ... (මගේ අදහසක් නොව කියවලා තියෙන දෙයක් )

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත . . . මට මේ ප්‍රස්නේ විසදගන්න විදියක් නැතිව ඉන්නේ බන් . . .

      Delete
  5. දේශක තුමාගේ පුතා වගේම තමයි , මං මේ වෙනකල් හිතං හිටියේ බොලා අත දරු පියෙක් කියලා ,, දන්නේ දන්නේ මෙච්චර හරියක්,, ඒ වෙලත් තාමත් ඇදුම් ඔක්කොම ලෝන්ඩ්රි දානව නේද ? අනේ මෙහෙමත් පිරිමි ජාතියක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මම දෙදරු පියෙක් බෝල දුවාට 1 යි .පුතාට 4 යි . රෙදි හෝදන්න නම් බැහැ බන් ,, එකට නෙව කසාද බැන්දේ . . .ළමයි හදන්න විතරක්ය . ..

      Delete
    2. හිකස්. එල තර්කේ මාත් එකගයි. ගෑනු ගත්තෙ ලමයි හදන්න විතරයෑ.
      (මේවා දැක්කොත් වයිෆරෙ සරම ඔතනවා ඔලුවෙ)

      Delete
  6. යකඩෝ මඟියට හපන්නෙ මඟියා පොඩ්ඩා. දේශකයයි මඟියයි දෙන්නවම මට්ටු කරන්න පුලුවන් ජාතියේ පුත්තු දෙන්නෙක් බොලා දෙන්නටම ඉදීම පිලිබදව මගේ හද පිරි සතුට.

    මඟියාගෙ අනාගතේ සුභයි. උඹට සුභ පැතුම්!

    (වෙලාවට මට දුවෙක් ඉන්නෙ. පුතෙක් හදන්න කලින් තව පාරක් හිතන්න වෙනවා. නැත්නම් මං ඒ කාලෙ වෙත්දි එන්නම් උපදෙස් ගන්න.)

    ReplyDelete
    Replies
    1. මම නම් දැනටම මට්ටු වෙලා ඉවරයි බන් , . . මට දුව තමා ඉන්නේ . . . එකිවත් මම කියන දේ අහල ඉඳිනේ බන් , , ,මේ පුතෙක් හදහන් . .. පුතෙක් හදන්න ක්‍රමයක් තියනවා හදන කලේ අහහන් . . හෙහ් එහෙහ් හෙහ්

      Delete
  7. කොල්ලො ඔහොම තමා එලියට එක්ක යනවා නං ඇහැ ගහගෙනම ඉන්න ඕනෑ බැරිනං එක්ක යන්න හොඳ නෑ මටත් කොල්ලෙක්නෙ ඉන්නෙ .

    ReplyDelete
    Replies
    1. ඔව් බන් , මම නම් මට්ටු වෙලා ඉන්නේ කිසිම දෙයක් ගන්න එක්ක යන්න නැතුව ඉන්නේ මොකද්ද දෙයක් උනාට පස්සේ අදාල වැඩක් නැති නිසා.

      Delete
  8. තාත්තා හැටියටම කලේ නැත්නම් ඌ නොට්ටිගේ පුතා කියලා කියනවලු නේ!

    ReplyDelete
    Replies
    1. නොට්ටිගේ පුතා = නොට් + උගේ පුතා ( අනුග්‍රහය රාජ් )

      Delete
    2. ඌ මට එහා මම නම් දෙ‍යක් කරන්න ටිකක් බයයී.මූ බය නෑනෙ බොල. . .

      Delete
  9. මම පොඩි කාලෙ අයියයි නන්ගියි එක්ක අවුරුදු උත්සවයක් බලන්න ගිහින් නන්ගිව මග ඇරිල නියම වැඩක් උනෙ.බැනුම් ඇහුව ගමකට.ස්ටෙජ් එකෙන් එනවුන්ස් කරල බාර දුන්නෙ.
    අර කොල්ලෙක් හදන හැටි කියහන්කො මටත්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඉදහන් මම මේලක් දාන්නම්.

      Delete
  10. මටත් එහෙමයි බොලං....අපේ තාත්තා මට ගහලා තියෙන්නෙ තනි අතේ ඇගිලි ගානටත් අඩුවෙන්...ඒකට අපේ අම්මා...ගේ වටේ එලවා එලවා මට ගැහුවෙ...ඉස්සර මම නාහෙට අහන්නෙ නැති හරිම දග මල්ලක්...එහෙම නොගැහුවා නම් අද මම හිර ගෙදරක ඉන්නත් තිබුනා...

    ReplyDelete
    Replies
    1. ගහල කියන්න ඕන එව්වත් තියනව ඒ උනත් බන්, බය කරලා ළමයි හදන එක හොද නැහැ නේද

      Delete
    2. භය කරලා කියන්නෙ නීති රීති දාලා හිරගෙදරක වගේ හැගීමක් ළමයට එන විදියට...විභාග ඉලක්ක අනිවාර්යෙන් ගොඩ යන්න ඕනෙ කියලා මානසික තත්ව හදලා දරුවො හදනවට මම නම් කැමති නෑ...

      Delete
  11. අපිට එකම සෙතේ නෙව...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ තොරණේ විස්තරේ . . .

      Delete
  12. ඒකටත් එක්ක අපි පොඩි කාලේ, තාත්තා පොඩ්ඩක් එහෙ මෙහෙ උණොත් ඉතින් බයේ ගැහි ගැහි ඉන්නේ එනකල්. ඒ අතින් නම් දැන් මල්ලි ලා අපිට වඩා හොදයි වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් . . . නමුත් දැන් ඒ විදියට හැදෙන්නේ නැහැ ගොඩක් ළමයි

      Delete
  13. බොලත් ඉතිං හතරවටේ ඉන්න කෙල්ලොන්ට ටෝක් කරනකොට ගෑණු, ළමයි ගැන බලන්න බෙලාවක් කොයින්ද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් උන් දැනගන්න එපයි බන් පරිස්සම් වෙන්න . . .

      Delete
  14. ලස්සණ යි. තව පින්තූර ටිකකුත් දාමු.

    ReplyDelete
    Replies
    1. එල ඉඩහන් මම එකතු කොරගෙන දැන්නම් , ,, වීඩියෝ එහෙකුත් තියේ dansing fountain එකේ

      Delete
  15. අප්පේ කියලා වැඩක් නැහැ ඔහොම දෙයක් වුනාම. ළමයා හොයනවාට වඩා හපන්නේ ළමයගේ අම්මාට උත්තර බඳින එක. සුද්දියෝ නම් සෙනග ගොඩාක් වැඩි තැන්වල අර බල්ලෝ එක්කන් යනවා වගේ බඩට දාලා අල්ලන් යන දිග ලනුවක් තියෙනවා. ඒක හොඳයි නැති වෙනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. මම ඕකත් බැලුව බන් ගන්න.ඕක එයිට පස්සේ ළමයාගේ මානසිකත්වයට බලපායි කියල දැන් කරන්නේ එක්ක යනවා අපිට වෙන වැඩ කරන්න යොදා ගන්නේ නැහැ එදාට

      Delete
  16. තාත්තා වගේම නැති ඉතිං. කොල්ලට කෙල්ලෝ දැක්කම සේරම අමතක වෙන්න ඇති. ඕවා ජාන වලින් එන දේවල් නැද්ද මන් කියන්නේ ...:D

    ReplyDelete
    Replies
    1. ඕක කියල තමා හැමෝම මට බනින්නේ යකෝ මම මොනා කලාටද .. කොටින්ම ගෑනිත් බනිනවා ඔකම කියල අනේ මන්ද බන් . .

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .