Saturday 14 December 2013

ටිපිකල් ලාංකිකත්වය . . .

ඔන්න ඉස්සර එක කාලයක් එහෙම නැත්නම් එකෝමත් එක කාළෙක අපේ ගමේ තිබුණ වඩු මඩුවක්.ඔය වඩු මඩුවේ බොහොම දක්ෂ වඩු මහත්තයෙක් ගමට ඕන කරන වඩු කර්මාන්තය කරගෙන බොහොම දැහැමෙන් සෙමෙන් කාළය ගත කරා.ඉතින් ඔය ගමේ හැමෝම යන්තම් ඉලන්දාරි වෙන කොට දෑතේ වැඩක් ඉගෙන ගන්න එක සාමාන්‍ය දෙයක්.මේ ගමේ හිටපු ඉලන්දාරි ටිකත් ඔය තිබුන එකම වඩු මඩුවේ බාසුන්නැහැ ලග වඩු වැඩ ඉගෙන ගන්න ආව.ඉලන්දාරි ටිකත් හොද වඩු කාර්මිකයෝ උනා. 

නමුත් මේ ගමේ ගොඩ දෙනෙක් වඩු කාර්මිකයෝ උන නිසා සහ ගමේ වැඩ ටිකක් හිඟ උන නිසා මේ කාර්මිකයෝ ටික වෙන දුර බැහැර ගමකට ගිහින් වඩු කර්මාන්තයේ යෙදෙන්න පටන් ගත්ත.අර ගමේ වඩු මඩුවෙ දක්ෂ බාසුන්නැහැගෙන් වැඩ ඉගෙනගෙන තිබුණ නිසා මේ අයට ඒ ගමේ ලොකු සැලකිල්ලක් ලැබුන. ඉතින් මුලදී ඔය වගේ දුරක් ගෙවාගෙන යන එකට ගොඩක් අය අකමැති උනත් පස්සෙන් පහු ගොඩ දෙනෙක් මේ අලුත් ගමට එන්න පටන් ගත්ත.

දැන් මේ අර මුලින් ආපු වඩු කාර්මිකයෝ දවසක් මල් පැණි බොන අතරතුර එක වඩු කාර්මිකයෙක් යෝජනා කළා අපි අහවල් ගමෙන් ආපු අය හැමෝම එකට එකතු කරලා වඩු සංගමයක් පටන්ගමු කියල. මේක මල්පැණි බොන වෙලාවේ ආව උනත් ඒ කීප දෙනා එක අඩුවක් නොකර ආරම්භ කළා.

දැන් මේ අලුත් ගමට එන අර පරණ ගමේ වඩු මඩුව ටිකක් ලොකු වෙලා වඩු කාර්මිකයෝ වැඩි වැඩියෙන් එන්න ගන්නවා.අර අපේ වඩු සංගමයත් ටික ටික ලොකු වෙනවා.දැන් අර ගමෙන් මුලින්ම ආපු වඩු කාර්මිකයෝ ටිකට ලොකු පිලිගැනීමක් ලැබෙනවා.සමහරු බොහොම උපේක්ෂාවෙන් විද ගත්ත, සමහරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත, තවත් සමහරු සමාජයේ කැපී පේන්න ඔය සංගමය පාවිච්චි කරනවා. ඉතින් එදා ඉදන් අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මේ සංගමයේ තීන්දු තීරණ ගන්නවා.කාළයත් එක්ක වෙන්න ඕන වෙනස්කම් මේ මුලින් ආපු උදවියට අමතක වෙනවා.

ඉතින් ඒ මුලින් ආපු අය හැමදාම කැමති,අපි මුලින්ම ආවේ ඒක නිසා අපිට අලුත් අය සලකන්න ඕන කියල, අලුත් අයගේ අදහස් උදහස් කිසි ගණනකට නොගෙන ඒ අයට අවශ්‍ය විදියට කරගෙන යන්න.

ඉතින් දැන් මේ සංගමය වැඩ කරන්නේ හැමෝටම ඕන දේවල් එක්ක නෙවේ.ඒ ඒ අයට ඕන කරන දේවල් කර ගන්න.

ඉතින් ඕකට අර ගමෙන් ආපු මිනිස්සුන්ගේ තිබුන ආසාව නැති වෙනව.දැන් ඒ සංගමයට සෙනග නැතුව ගිහින් අලුත් අලුත් පොඩි පොඩි එක්කහුවීන් වෙනව.දැන් අර කලින් ආපු කාර්මිකයො කලබල වෙනව මේ අලුත් වෙනසට.

ප්‍රතිපලය මුලින් ආපු අයගෙන් කොටසක් කැඩිලා අයින් වෙන එක.ඒ කැඩුන අයට අපහාස උපහාස කෙරෙනවා.නමුත් සාමාජිකයින් ගෙන්න ගන්න ඒ සාමාජිකයින්ගේ ප්‍රශ්න මේ උදවියට මතක් වෙලා තියෙන්නේ මේ දැන්.

දැන් අර පස්සේ ආ අය තමන්ගේ සංගමයට ගන්න, විවිධ උපක්‍රම අනුගමනය කරනවා.නමුත් අලුත් අය තීරණය කරනවා සංගමයේ එකතුවීමට නොයන්න.

ඉතින් ඔන්න ටිපිකල් ලාංකික ගතිය නිසා අනිත් උගත්කම් යට යන ආකාරය. . . 


55 comments:

  1. අම්මට සිරි. අපේ මගියද මේ... මට නිකං හිතාගන්නවත් බෑ.. හැබෑව බං හැබෑව.. උත්කෘෂ්ඨ ලියවිල්ලක්... අකුරු ටිකක වැරදි තියෙනවා එක හදහං ඉක්මනට. තවත් බෝම්බයක් වගේ මේක...

    ReplyDelete
    Replies
    1. අඩේ හිතේ අමාරුවෙන් කෙටුවේ බොල.හැදුව ඔන්න.ඔව් බන් බෝම්බයක් තමා.

      Delete
    2. ඔව් මගියාගේ අකුරුවල එවුවා මෙවුවා තියෙනවා හදන්න..

      Delete
    3. ඇදෙ ටිකක් හැදුව බන් , , තව තියේද , , ඔන්න ඔහේ තිබිච්චවේ බන් ආයේ කියවන්න බෑ ,.,

      Delete
  2. කවුද මගියට කැපිල්ල දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. මට විතරක් නෙමේ බන් . ගොඩ දෙනෙකුට . . .

      Delete
  3. අද ලිපිය හොදයි මගියෝ ,,ගොඩක් දේවල් වලට ආදේශ කරන්න පුළුවන් අකුරු හැදුවනම් හොදයි මගෙත් ඔහොම වැරදි අඩුපාඩු එක එක්කෙනා කියද්දී මාත් හදාගත්තා ..ඊට පස්සේ පුරුද්දට හරියටම ලියවෙනවා .. අදින් පටන් ගන්න ඉදගෙන :D

    ReplyDelete
    Replies
    1. අඩේ කොහෙද බන් අර අයන්න නම් හැදුව.තව තියේද ?

      Delete
    2. හිටං මං පුළුවන් සේරම දාන්න

      Delete
    3. ඉඳගෙන තමා පටන් ගන්න වෙන්නේ. හිටගෙන ටයිප් කරන්න අමාරු යි නොවැ :-D අගෙයි අගෙයි මගියෝ!

      Delete
    4. තිබුන
      දක්ස
      කර්මාන්තය
      කාලය
      ප්‍රතිපලය

      කලින්

      පිලිගනීමක්

      හිග
      ආරම්බ
      ගානක්
      සන්ගමයට
      විවිද
      උගත් කම්

      (මං දැකපු ටිකක්)

      Delete
    5. @අපුර්වී හෙවත් යස්ස කුවේණි දාහන් මයේ අම්ම බොට බොහොම පින් . . ඊ ලග ආත්මේ ලොකු පොතක කව් වෙයං හෙහ් හෙහෙ හෙහෙ

      @දිග වැඩි නම ෂෝර්ට් කරලා දැන්නම් කු.ගෑ.ගී.පො.දී : - කියල වැඩක් නැහැ .. ඔය ඉටියව්ව පැහැදිලි කොරන එක හරි එත් ඉදගෙන . ..

      Delete
    6. අම්මෝ බොලාට අපි සලකනවා මදිනේ . .

      Delete
    7. විහිළු නෙමේ හරියට අකුරු ටයිප් කරන්න හැම නිතරම එතකොට වරදින්නේ නැහැ ..චැට් එකේදීත් කරන්න ,,,

      Delete
    8. එසේය එසේය . . .මේ හදාගෙන යනවා . . . ඉස්කොතුයි උදව්වට .. .

      Delete
  4. නියම කතාව. ආයේ දෙකක් නෑ. ටිපිකල් ශ්‍රී ලාංකික ගතිය.

    ReplyDelete
    Replies
    1. නියම ගතිය කොච්චර හැන්ගුවත් එලියට එනවා නොවැ ,...

      Delete
  5. මඟියො මේකේ නිධාන කතාව අර ගේට්ටු ගෙදර් මඟුල නේද?
    ගනන් ගන්න එපා බං. උඹ ගොඩක් අවුලෙන් වගේ.

    අපේ වැඩපලෙත් ඔය මගුල් ප්‍රශ්ණෙ තියෙනවා බං සමහරු හිතන් ඉන්නෙ පරණ උන්ට අලුත් උන් වැඳගෙන ඉන්න ඕන කියලා.

    වැඩිය හිතන්න යන්න එපා බං.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එක තමා.මම නම් ඔය සිග් සැග් හිතේ තිය ගන්නේ නැහැ, ඒ උනත් රත්තරන් මිනිසුන්ට ගරහන කොට තම ඉවසන්න බැරි බන් . . .

      Delete
    2. මඟියො මේකේ නිධාන කතාව අර ගේට්ටු ගෙදර් මඟුල නේද?//
      ඔව් බන් එක තමා//
      බුදුහාමුදුරුවො කිව්ව අල්ල ගන්න තරමට දුක වැඩියි කියල. ඔයවගේ කේස් එකක් ගැන මම ලඟදිත් ලිව්ව. වෙලාවට මම ගෙට්ටු වලට නෑ. ඒ නිසා ඒ ප්‍රශ්න මට නෑ.
      කේස් එක මොකද්ද කියලවත් දන්නෙ නෑ. :-)

      Delete
    3. එක නම් එහෙමයි. අල්ල ගත්ත එක දාල නොයා, ඉන්න අයට කේස් දාන එකයි අවුල.

      Delete
  6. මචන් අදමයි මන් මේ පැත්තේ ආවේ.... ඉතාම කණගාටුයි බ්ලොග් එක ගැන මීට කලින් දැනගන්න නොලැබීම ........

    හිටින හෙමීට කියවන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි. . . තේ එකක් බොනවද ?? නැත නම් විස්කි ටිකක් . . සිතල යන්නත් එක්ක . . .

      Delete
  7. වැඩිය ඔළුවට ගන්ට එපා... ඕපන් ඉන්විටටේෂන් නෙ.. එන කෙනෙක්. ආවදෙන් ආපු අය සාදරයෙන් පිළිගන්ට...ආවෙ නැති අයටත් මොකක් හරි හේතුවක් ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. උබ වැරදි පැත්ත ඇන්න තියෙන්නේ, මම නොයන ගොඩේ . . .

      Delete
  8. දැන්ටත් ලංකාවේ හැම තිස්සේ ම වෙන්නේ ඕකනේ, අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. එකම තමා කොහේ හරි ගියත් වෙන්නේ . . ඔන් අප්පා වැරදි . . මම මේ බැනුම් අහනවා පෙනවනේ . . .

      Delete
  9. දැන් මගියො මොකද උනේ,බොට බැනල එලෙව්වද ඇහුවට තරහවෙන්න එපා මම ඔය විස්තරයක් දන්නෙ නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. මට මොකුත් උනේ නෑ බන්, , , පරණ උදවිය කට්ටිය හොයනවා එයලේගේ වැඩේට . . . අපි ඉතින් යන්නේ නෑ.අර හොද මිනිස්සුන්ට අපහස කරනවා.ඒකයි මේක ලිව්වේ.අපි බොහොම සන්සුන්ව ඒ දවසට බොනවා කොහේ හරි සැට් වෙලා.එච්චරයි.

      Delete
  10. අපි ලාංකිකයෝ වෙමු! වැරදි හදා ගන්න හරිම අකමැති හැමෝම මුදුනා වෙන්න තතනන ජාතියකි!

    ReplyDelete
    Replies
    1. එසේය එසේය ! ! ! එම නිසා නොගැලපෙන ඉස්තාන වලින් ඉවත් වීම යෙහෙකි . . . හෙහ් හෙහ් හේ

      Delete
  11. මං මේ සිද්දිය ගැන මොකුත්ම දන්නෙ නැහැ බං..ඒත් මම නම් මේ පාර යන්න හිතං ඉන්නවා.. මම නම් කියන්නෙ මසං එන්න හැකියාව තියෙනවනම් අවුලක් හිතන් නැතුව එන්න අවිල්ල යන්න..
    පරණ අලුත් කියල බේදයක් නම් මට නැහැ.. මට පුලුවන් විදියට ඉවන්ට් වලට එනවා.. ඒත් ගොඩක් ඉවන්ට් බැරි වුනා..

    ReplyDelete
    Replies
    1. මේක අපේ බ්ලොග් ගෙට්ටූව නෙමේ මචෝ.මෙහෙ සිද්ද උන කේස් එකක්

      Delete
  12. උබෙ කතාව නම් සැටිපිකෙට් ඇත්ත මචන්.එත් ගෙට්ටු සිද්දිය දන්නෙ නැ.වැඩිය ගනන් ගන්න එපා බන්.අනුකම්පාවෙන් බලපන්.

    ReplyDelete
    Replies
    1. පරන කියල හැමදාම ඉන්න ඕන නම් වෙනස් වෙන්න ඕන.එහෙම නොවුනම අවුල් ඇති වෙනව බන්.

      Delete
  13. මගියෝ ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ. කවුරුන් හෝ ඔබට මදිපුංචි කමක් කළාද? මචං ඇත්තම කියපං මොකද්ද කේස් එක. මෙතැන කිව නොහැකිනං මේලක් දාපං.

    ReplyDelete
    Replies
    1. අපේ බ්ලොග් ගෙට්ටුව නෙමෙ මචෝ.වෙන කේඅ එකක්

      Delete
  14. හැම තැනම ඔහොමයි මගියා. අදාල වෙන කාරණය නොදන්න නිසා මේ ගැන වෙන මොකුත් ලියන්න බෑ. ඒත් හැම ආයතනයක හැම සමාජ සංගමයකම ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ නමුත් ඒක නිසා නිස්කාරනේ වටින අවස්තාවන් මග ඇරෙනව

      Delete
  15. මේකත් ඉතිං අද ඊයෙ දෙයක්යැ මඟියො... ඕකනෙ ජීවිතේට ගොඩ ඒමක් නැත්තෙ ගොඩක් තැන් වල.. පිල් බෙදිල්ල.. ඔය අද ඊයේ වෙච්ච දේවල් දන්නෙ නැතුවත් ඊයෙ පෙරේද මං ලිව්ව පෝස්ට් එකේ මේ සිද්ධියත් ලියවිලා ඇති කොහෙන් හරි...

    ReplyDelete
    Replies
    1. පිල් බෙදිල්ල නිසා අපරාදෙ වටින වැඩක් කරන්න පුලුවන් අවස්තා නැති වෙනව.ලොකුම දේ උගත් යයි සම්මත උදවියත් මේ ආකාරයෙන් හඇසිරීමයික්

      Delete
  16. මෙහෙමයි හැමදාම එකම දේ එකම පිරිස කරගෙන හිටියාම කිසි ගතියක් නෑ.

    අනෙක, පරිනාමය කියලා දෙයකුත් තියෙනවානේ.

    අළුත් වුනත්, පරණ වුණත් හිතන්න ඕනෑ දෙයක් තමයි අපි මෙතන බෝඩිංකාරයෝ, අපි නැතුවත් තවලම යන්ණ ඕනෑ කියලා.!

    ReplyDelete
    Replies
    1. ලොකුම දේ කකා එ අය කාලයක් ඉන්නව වගේම වෙන්න ඕන වෙනස් කම් කරල කාලයට අනුව සාමාජිකයින්ගෙ අවශ්‍යතා ඉටුනොකර තම තමන්ගෙ උවමනාකම් කරන්න ගන්න එකයි.ඒකට විරුද්ද වෙන අයට අස්තාන චෝදනා කරල ඉවත් වෙන්න සිද්ද වෙන්න වැඩ කරනව.අනික ව්‍ර්තීය සන්ගම‍යක් නම් දේශපාලනෙ ඔන නැහැනෙ

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. නව්‍යකරණය, විවිධාංගිකරණය, වෘත්තීයමය සංවිධානය, කාලානුරූප හැඩගැස්ම, තව කීයක් දේවල් කියන්න පුලුවන්ද? කොහොම වුනත් මෙවැනි දේවල් වලක්වන්නට බැහැ. කාලීනව මිනිසුන්ගේ චින්තනය වෙනස්වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම එව්වා ඒ අය දන්නේ නැහැ,ඒ අය වෙනස්, කලින් ආව නිසා,ඒක නිසා ඒ අය වැරදි දෙයක් කලොත් එක හරි, අනිත් අය හරි දෙයක් කලොත් ඒක වැරදි.

      Delete
  19. මොකක්ද මචන් "හුවීන් වෙනවා" කියන්නේ ,මම ඒ වචනේ අහලා නෑ. එහෙම වචනයක් තියෙනවද ,නැත්තන් උඹට වැරදිලාද? කොහොමවුනත් නියම ටොපික් එක, "ටිපිකල් ලාංකීයත්වය"

    ReplyDelete
    Replies
    1. යකඩො ඒක "එක්කහුවීන්" . . කට්ටිය එකතු වෙනව.තැන් තැන් වල.ටික දෙනා බැගින්.සතුටු සාමිචිය උදෙසා.ප

      Delete
    2. " එක්අහුවීම් "

      උඹට හැබෑටම මොකෑ මගියෝ වෙලා තියෙන්නේ ..?

      Delete
    3. ඇදෙ එක වැරදුනා බොලව් / / / බනපියව් කමක් නැහැ , , හැබැයි කියා දියන්,, දැන් හරි එක "එක්අහුවීම්" ද

      Delete
    4. බැන්නේ නැහැ යකෝ ......

      Delete
  20. හිත් රිදීමක් උනත් නිර්මානයක් වෙන හැටි :)

    ReplyDelete
  21. ටිපිකල් ලාංකික ගතියනේ ඉතින්.. ඕක කොච්චර හංඟන් ඉන්න හැදුවත් කොහෙන් හරි එළියට පනිනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අඩුම ගානේ උගත් කමටවත් නිගරු නොකර ඉන්න ඕන . . .

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .