Sunday 8 December 2013

පටෝන් පටෝන් . .

පින්තුරේ : http://www.grammarly.com/blog/wp-content/
uploads/2013/12/English.jpg


මම පොඩි එකා කාලේ අධ්‍යාපන වැඩ වලට ඒ තරම් දක්ස පොරක් නෙමේ.පන්තියේ පහලොව විස්ස තමා  සාමාන්‍ය පෙළ වෙනකල් හිටියේ.පිස්සු නටලත් නෙමේ, පාඩම් වැඩ කලත් එච්චරයි.මැටිකම තමා.

ඔය සාමාන්‍යපෙල කාලෙ ඉන්ගිරිස් වලට හිටියේ වයසක සර් කෙනෙක්.වයස 80 ක් වගේ ඔය කාලෙ.සර්ට ටිකක් ඇත්නම් මලම පනිනව.ඉතින් අපි ඔය පී‍රියඩ් එකේ වැඩිපුර සද්ද නැහැ.

ඉන්ගිරිස් නම් ඉතින් සුද්දගෙම වගේ.බුද්දාගම ගැන පොතක් එහෙමත් ලියල තිබ්බ ඉංගිරිස් වලින්.ඉතින් සර් පොරක්  ඒ කාලෙ.අපිට ඉන්ගිරිස් බැරි නිසා සර්ට ගරු කලත්  සර් අපිට කිසි සැලකිල්ලක් නැහැ.ඒ නිසා අපි අපේ ෆේවරිට් ලිස්ට් එකෙන් කපල හිටියේ.

අනික තමා මිනිහ උගන්නන්නෙ ඉන්ගිරිස් පුලුවන් අය තෝරලා.මාර විදියට පුලුවන් බැරි වෙනස්කම ඉස්මතුකරනව පන්තියේ.ඔය පයිතෝ සෙට් එකට වෙනම රචනා එහෙම ලියන්න දෙනවා.අනිත් උන්ට නැහැ.ඕ ලෙවෙල් කරන කාලෙ අපිට ඕක අරහන්.

තව දෙයක් සර් උගන්නනකොට කවුරු හරි පන්තියෙ පස්සෙ එකෙක් කෑගහුවොත් ගහන්නෙ ලග ඉන්න එකාට.පුදුම කේස් එකක්.එහෙම නැත්නම් සපත්තුව ගලවල ගහනව.ගුටි කාපූ එකා සපත්තුව ඇන්න ගෙනත් දෙන්න ඔන.ඒ ආපුහමත් ගහනව.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcSL-WtckLFjq_HLIlBltE7MyZ2LHVy
EXMKS8Q3I7PKxDNA8UYZJ

ඉතින් ඕක තමා දල වසයෙන් ඉන්ගිරිස් පීරියඩ් එකේ තත්වය.

අපි බුද්ධිමන්ඩලෙ නොහිටපු එකේ, සහ කරුමෙට ගාත් හය නිසා මගෙ යාලුවෝ තුන් දෙනාම මරුමුස් ඩයල්.ඉතින් අපේ තත්වය ඉතා ශෝචනීයයි.

දවසක්  සර් පන්තියට ඇවිත්  "put" වලින් හැදෙන වචන තියන පාඩමක් කියා දෙනවා හෙන හ‍‍යියෙන් සද්දෙට.කොහොමත් සර්ගේ සද්දේ ටිකක් ටකරන් වගේ සහ හොදට කට ඇරලා ඕනැවට වඩා බර දාල කතා කරන්නේ.

ඉතින් සර් put on කිය කියා කෑගහල කියනව.අපිට ඇහෙන්නෙ "පටෝන්" "පටෝන්" කියනව වගේ . . . ඇප නෑ. . . හිනාව කාගෙන උන්න  ඉන්න පුලුවන් තරම්.

අනේ මගෙ පුටුවට එහා හිටිය එකාට කොන්ට්‍රෝල් නැතිව ගියා.

"ඉහි ඉහික් හික් හික්" ගෑව නෙමේ ඌට ගෑවුනා, මේ පටෝන් පටෝන් කියල සර් කෑ ගහනකොට. . . 

සර්ගෙ ලිස්ට් එකෙ උන් ටිකත් මූනෙ කිසි හැගීමක් නැතුව උන්ගේ කන් උන්ගෙ නෙමේ වගේ ඉන්නව.මොකද හිනාව ලීක් උනොත් අපි වගේ නෙමෙ උන්ට ප්‍රිවිලිජ් නැති වෙන නිසා.

සර් පොත මේසෙට දමල, දිව දෙකට නමල, "මොකාද ඒ . . . මොකාද තිරිසනා" කි‍යල සද්දෙ ආපු පැත්තට ඇවිත් පිස්සුවෙන් වගේ අපි තුන් දෙනාටම පිටට හෙන ගහන්න  වගේ ගහගෙන ගහගෙන ගියා.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcQ01RPCOvf0YTWfT9VAU0u3mJ
RAaEJh-JQ-X5j_VTyEZkHBfRht

ඒකෙන් උනේ මම හිරකරගෙන හිනාව එලියට පැන්න එක. සර්ට දැන්  තවත් තද වෙලා.මගෙ පිටට ගහගෙන ගහගෙන යනව.

විස්සක් විතර ගහල සර් පොත් ටිකත් ඇරගෙන යන්න ගියා.

මට රිදුනෙත් නැහැ ගහපුවා.නමුත් පට්ට ආතල්.හෙහ් හෙහ් හෙහ් . . .

තාමත් මතක් වෙනකොටත් හිනා . . . 



46 comments:

  1. හැක්... හැක්... ඔහොම ඩයල් ඉන්නව තමයි ඉස්කෝලවල. අපේ නං හිටියෙ ගණං සර් කෙනෙක්. හොඳ වෙලාවට අපේ පංතියට අහුඋනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මරු ඩයල් එකක්. . . එදායින් පස්සේ අපේ සෙට් එකේ පොතක්වත් හරි වැරදි බැලුවේ නැහැනේ මේක. . .

      Delete
  2. //මම පොඩි එකා කාලේ අධ්‍යාපන වැඩ වලට ඒ තරම් දක්ස පොරක් නෙමේ//

    උඹ දැනුත් මොන එහෙකටවත් එතරං දස්ස එකෙක් නෙමෙයි යකෝ... හැක්

    ReplyDelete
    Replies
    1. හෙහෙ හෙහෙ පල පල යන්න . . .තොට ඉතින් මට මකුත් කියුනොත් මගුල් වගේ තමා , , , හෙහ් හෙහ්

      Delete
    2. ඔන්න කිව්වා කුප්ප කතාවක් ...:D

      Delete
    3. ඕක ඔහොමමයි බන් . . .ඉඳගෙන . ..

      Delete
    4. අදස්ස උන්ට වෙන කතා කරන විදියක් තියෙද මං හාන්නේ

      Delete
    5. දෙයියනේ කියල අද උපන්දිනේ වෙච්චි විස්කි පාරක් ගහහන් මාව ඇත ඇරලා . .. . ඉදගෙන

      Delete
    6. අඩෝ කාගෙද බොල උපන්දිනේ අද... ගහමු ගහමු

      Delete
    7. @ මඟියා. ඉදගෙන ඉදගෙන කියලා ඔමා ආපු ගමන් බොට ගහයි ඉදගන්නම බැරිවෙන්න.

      Delete
    8. @චතුවෝ මම කියල තියෙන්නේ කතෘ භාගය ඉල්ලන්න එපා කියල

      @දේශකයෝ බෝගේ උපන්දිනේ බෝල වෙන කාගේද

      Delete
  3. අපේ හිටය කෙමෙස්ට්‍රි සර් මතක් වුනා. මිනිහත් පන්ත්යට ආවොත් එකෙක් දෙන්නෙක් ගුටි කනවම තමා. ඒ කාලේ කොල්ලෝ අතර මතයක් තිබුනා සර්ගෙන් ගුටි නොකෑවොත් කැම්පස් යන්න බැරිවෙනවා කියලා , ඉතින් හෙන බ්‍රයිටෝ හිටන එක සැරයක් හරි ගුටි කනවම තමා. අනික පොර පොඩි දේටත් නෙලන නිසා ගුටි කන එක එච්චර අමාරු වුනෙත් නෑ

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ගුටිකන එකත් ආතල් නේ බන් . . මම නම් ඒ ආතල් සෑහෙන්න අරගෙන තියනවා . . .හෙහ් හෙහෙ හෙහෙ

      Delete
  4. ඇත්තම කියහන් මඟියො එක පාරට මේ කතාව මතක් උනේ ඇයි?
    අර 33හාදයාට ඉංගිරීසි උගන්නන් ගිහින් උඹත් ඌට ඒවගේම සැලකුවද? නැත්නම් ඌ ගුරාට රිදෙන්නම සැලකුවද?.
    හි… හි… :-D

    ReplyDelete
    Replies
    1. හෙහෙ හෙහෙ ඌට කියා දෙන්න ගිහින් තමා මතක් උනේ. . . ඌට සලකන්න උනේ නැහැ.මම සිංහලෙන් " ගුඩ් මෝර්නින් සර්" " මයි නේම් ඊස් රජිව්" " ඉ වර්ක්ඩ් ටු ඉයර්ස් ඉන් ස්ටුඩ්යෝ"

      ඉතින් ඌ දැන් ඉංගිරිස් කතාකරනවා බෝල . . හෙහ් හෙහ්

      Delete
  5. Replies
    1. හිනා වෙන්න එපා ගුටි කන්න වෙනවා

      Delete
  6. ඉස්සර විතරක් නෙමෙයි දැනුත් ඉංග්‍රීසි පීරියඩ් තමයි ළමයින්ට පේන්න ම බැරි පීරියඩ් එක! මට ඒ ලෙවල්වලට හිටිය ඉංග්‍රීසි මිස් තමයි මරු ඩයල් එක. බෝඩ් එකේ ස්පෙලින් ලියන්නේ ඩික් එක බලාගෙන. වාක්‍ය එහෙම ලියලා ඉංග්‍රීසි පුළුවන් ළමයින්ගෙන් අහනවා ඒක හරි ද කියලා! ඉතින් හිතා ගන්ටකෝ ‍තරම :D

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඒ ලෙවෙල් ඉංගිරිස් කරාද ???? මම නම් අමාරුවෙන් කොක්කක් ගහගත්තා ඕ ලෙවෙල්. . . අපිට ඉංගිරිස් එපා කලේ මහදැනමුත්තා තමා.ඒකේ හොදට වන්දි ගෙව්වා කැම්පස් එකේදී.මම හෙන කට්ටක් කෑවා කඩදහදා හදා ගන්න

      Delete
  7. අප්පො ඔයවගෙ සර් කෙනෙක් හිටියා කෙමිස්ට්‍රි වලට. පොරත් ඔය ගොන් පාට් සෙරම දැම්ම.එත් පොරනම් කොල්ලොන්ට ගහුවෙ නැහැ මොකද පොර තමා පන්තියෙ කොටම පොර හි හි . 80වක් වයස සර් කෙනෙක් ඉන්නෙ මොන ඉස්කොලෙඩ ? 60 නෙ uparima

    ReplyDelete
    Replies
    1. අපි පොරගේ වයස දන්නේ නැහැ බෝල,, 80 වගේ කියන්නේ වයසක ඩයල් එකක් කියන එකට තව නමක් හෙහෙ හෙහෙ හෙහෙ

      Delete
  8. ගුරුවරයෙක්ද පරපීඩක‍යෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කා‍‍ලෙ හිටිය ගුරුවරු බහුතරයක් පරපීඩකයින් තමයි. උගැන්නුව බව ඇත්ත නමුත් අද කල්පනා කලාම එ‍හෙම හි‍තෙනව.

      Delete
    2. පරපීඩකයෙක් කකා තනිකරම.අපේ ඉන්ගිරිස් ආසාව නැතිම කලා ඉන්ගිරිස් ඕනම කාලෙ.

      Delete
  9. ඔහොම ගුරුවරු කොයි කාලෙත් ඉන්නව,අපට නං ඉංග්‍රීසි ඉගැන්නුවෙ බොහොම හොඳ ගුරුවරයෙක් අපි ඉගෙන ගන්නෙ නැතුව පිස්සු නැටුවට.

    ReplyDelete
    Replies
    1. අපි ගිය ඉස්කෝලෙ පන්ති බෙදුව පූලුවන් ලමයි බැරි ලමයි කියල.යන්තම් උසස් පෙල කරන්න ගනන් පන්තියට වැටුනම තමා මට හරි ගියේ. . .

      Delete
  10. අපේ සර්ලනම් හොද වෙලාවට මෙහෙම නෑ.. ඒත් ඒ ඔක්කොටම හරි යන්න හිටියනේ ලොක්කා..

    ReplyDelete
    Replies
    1. අපිට හම්බ උනේ හරි හමන් ගුරුවරු නෙමේ බන්.අපේ පන්තියේ හිටිය සම්මත ආකාරයේ එකෙක්.ඌ පන්ති ගියේ නෑ.උසස්පෙල පේල් උනාම පියෝ මත්ස් කල සර් අහුවලු අයි ඔයා ක්ලාස් ගියේ නැත්ද කියල. හෙහ් හෙහ්

      Delete
  11. අපිට හයේදි ඉගැන්නුව සර්ගේ නම ලබ්බා.. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඕන එකෙක් දන්නවා.. අනේ රත්තරන් මනුස්සයා.. ඉස්කෝලේ ඉගෙනගෙන මදි නිසා මම එළටියුෂන් හිටන් ගියා.. ඒ ටීචර් නම් එළ කෑල්ල.. ඒක නිසාද කොහෙද ඒ පන්තියට කියන්නේ එළ ටියුෂන් පන්තිය කියාලා..

    ReplyDelete
    Replies
    1. ‍යකෝ අපිට නම් මලාට හම්බ උනේ නැහැනෙ එල කෑල්ලක්ගෙන් ඉගෙන ගන්න.ඔක්කොම යක්කුයි යකින්නියොයි තමා.අපි ඉස්සර හිතන් උන්නෙ රජ්ජුරුවන්නෙ ඉස්කෝලෙ ගියාම පන්ති යන්න ඕන නැහැ කි‍යල.කම්පස් එනකල් එහෙම තමා

      Delete
    2. ඒ මානසිකත්වයේ තමයි අදත් ඉන්නේ සමාජය ගැන නොදන්න උන්. ඒකත් තවත් ඉස්කෝළයක් විතරයි.. හැබයි යන්න අමාරුයි..

      Delete
  12. සෑර්ට වයස අසූවක් කිව්වෙ බං රජයේ ගුරුවරයෙක් නම් වෙන්න බෑ...උඹලට ගුරුවරයෙක් නැති හින්දා අල්ලපු වැටෙන් හොයාගත්ත කෙනෙක් වෙන්ට ඇති...

    ReplyDelete
    Replies
    1. මචන් අපිට ගුරුවරු නම් හිටියෙ නැහැ තමා.බුද්දාගම ඉගැන්නුවෙත් ඔය සර්ම තමා.වයඩ 80වගේ පෙනුම.දන්නෙ නැහැ වයස නම්

      Delete
  13. අපෙත් හිටියා හිට්ලර් ගණන් ටීච කෙනෙක් මෙතනින් ගිහින් බලන්නකෝ http://shanu1987.blogspot.it/2013/11/28.html

    ReplyDelete
    Replies
    1. එල මම ඒකත් බලන්නම්කො.මට හම්බුන සර්ල වැඩි හරියක් ඔය වගේ.අපෙ පන්තිය්ව් හිටිය එක අයිය කෙනෙක් ණිසා මම අද මෙතන ඉන්නෙ

      Delete
  14. අපේ හිටියේ මෙහෙම මිස් කෙනෙක්!! ආයේ හැමදාම මං තුමා එළියේ!

    ReplyDelete
    Replies
    1. හෙහ්හෙහ් හෙහ් කියලවත් කරගන්න පුලුවන් දෙයක්ය නේ බන්.මම ඔය කටූ අනන්තවත් කාල තියනව.සමහර එව්ව අනුන්ගෙ.මම පලාතෙවත් නැහැ ඒත් මම එලියෙ. . .

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මොනවා බං, අවුරුදු අසූවක විතර ගුරුවරයෙක් ඉස්කෝලෙක ඉගැන්නුවා? උඹ තරහටත් එක්ක උඹේ වයසත් එකතු කරලා වගේ.

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඔය කියල තියෙන්නේ පෙනුම බන් පෙනුම 80 වගේ කියල.ෆෝන් එකෙන් කෙටුව නිසා සමහර තැන වල වචන අඩුවෙලා . . .

      Delete
  17. පට්ට ගති මචන් ඔය කාලෙ.. ඇඩෙනවා තනි ඇහැට මතක් වෙද්දි....

    ReplyDelete
    Replies
    1. සුන්දර කාලේ එන්නේ ඉගෙන ගන්න කාලේ විතරයි.එයිට පස්සේ ඉතින් ඇස දෙකටම ඇඩෙනවා හෙහ් හෙහෙ

      Delete
  18. අපො අපෙත් හිටිය ඔයවගෙ පොරක්.මල පැන්නම ගහනව ගහනව විනාඩි දහයක් විතර.එක සැරයක් එකෙක්ගෙ තත්ත පොලිසියනව කියල පොරට බැනලත් ගියා

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් මුගේ වගේම ඩයල් එකක් තමා.

      Delete
  19. අපේ ෆිසික්ස් උගන්නපු සර් තමයි එපා වෙලා හිටියේ ,, එයා උගන්නන ඒවා තේරෙන්න නම් අපි කලින් ඉගෙන ගෙන එන්න ඕනේ, නැත්තම් මොකුත් තේරෙන්නේ නැහැ..ඉතින් ඔහේ එයාගේ මුණ දිහා බලාගෙන අහගෙන ඉන්නවා අපි, වචන දෙක තුනක් කතා කරනවා කලිසම අත් දෙකෙන්ම උස්සනවා ,, පන්තියේ හිටපු අහිංසකම අද්යාපනේටම කැපවෙලා හිටපු කෙල්ලන්ට පවා හිනා යනවා එයා කලිසම වටේම හොල්ලලා ඉස්සෙද්දී, , පස්සේ මාස 3කින් විතර ප්‍රින්සිපල්ට කියලා එය අපිට උගන් නන්නේ නැතුව ඇවිත් ඉදගෙන ඉදලා විතරක් ගියා .. සතියක් එහෙම කළා අපිට ගානක් වත් නැහැ පස්සේ එයා පන්තිය මාරු කළා , බයෝ ක්ලාස් එකට ගිහින් අපේ ක්ලාස් එකට වෙන මිස් කෙනෙක්ව දැම්මා , .. හිනා යනවා හොදටම එයගේ වැඩේට ,,,

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔය තියෙන්නේ තව කේස් එකක්.අපිට හම්බ උන අයත් ගොඩක් ඔහොමයි.හැමෝම ක්ලාස් යන්න පටන් ගත්ත එක නිසා ඉස්කෝලේ සරල උසස්පෙළ පන්ති වලට අවෙත් නැහැ.

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .