Tuesday 21 January 2014

කළු ලේබල් සමග පරණ මතක . . .



කාලය:       2006
ස්ථානය:     කොලඹ කොටුව දුම්රිපොල

උදෑසන 5ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින්, දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණු කරට ගෙන බැස ගතිමි.

නිදිමත කොතරම් දැඩීවීද යත් යා යුත්තේ කිනම් දිසාවකටදැයි යන්න මනසට කාන්දු වූයේ සෙමින්ය .

ගාල්ලෙන් ගත් වතුර බෝතලේ ඉතිරි වී තිබුන වතුර ටික උගුරෙන් පහලට දමා ගත් විට යම් පමණක ප්‍රකෘති ගතියක් ලැබුණි.

පෙරදින වැඩබිමේ පඩි නඩි බේරා ලැබෙන දින දෙහෙක නිවාඩුව ගත කිරීමට ගම් රටවල් බලා යාමට මම රෑම පිටත් වූවත්, අන් බොහෝ දෙනා අද පාන්දර පිටත්ව යයි.

මත් ගතියෙන් තවමත් විඩාබර බවක් ගතට තදින්ම දැනේ. අද දවස යහපත් ලෙස ගත කිරීම අත්‍යාවශ්‍ය නිසා ඒ අපහසුතාවය මදකට අමතක කර දැම්මෙමි.

නිවාඩු යෑමට මත්තෙන් සුපුරුදු ලෙස වැඩබිමේ පවත්වන සාදය රෑ දෙගොඩහරී ජාමය කරා දික් විය.මට එතෙක් වේලා ‍රැදී සිටීමට නොහැකි වීම් සියුම් කනගාටුවක්ද සිතට දනවයි.

නමුත් නුපුරුදු ජලයක පිහිණන අයෙකු ලබන සතුටක් මමද පසුගිය දෙසතිය තුල ලැබූ බව අවිවාදිතයි.

මෙවන් සිතිවිලි අතර සැරිසරමින් දුම්රිය වේදිකාවන් එකින් එක පසුකරමින් අනෙක්පස ඇති විවේකාගාරය වෙත පියමැන්නේ කට තුල නලියමින් තිබූ මත් කසටෙන් මිදීමට සහ බස් රථයේ පැති ජනේලයෙන්  මුහුණට වැදුනු පිනි මිශ්‍ර දූවිලි තට්ටුව යවාගැනීමේ අටියෙනි.

සීතල වතුර බිදකින් මුහුණ තෙමාගෙන දින දෙහෙකට පෙර සූදානම් ක‍ර ගත් අත් කොට නිල් කමිසය ඇගට දමාගත් විට යම්කිසි නැවුම් ගතියක් සිතට දැනෙන්නට විය.

අලුත් හැගීමකින් සිත පුරවාගෙන ගමන් මල්ල එක් කරකින් පසුපසට දමාගෙන දුම්රිය වේදිකාවට පැමිණියේ තව හෝරාවකින් හෝ ඊට මදක් වැඩියෙන් පසු ප්‍රණීත උදෑසන ආහාරයක් ලැබෙතත් ගත විඩාව සමනය කිරීමට ආපනශාලාව වෙත යාමටය.

නැවත යථා තත්වයට පත් වීමේ අටියෙන් බනිස් එකක් හා උනු කෝපි කෝප්පයක් ඇනවුම් කර නැවතත් සිතිවිලි අතර සැගවීමි. 

කෝපි කෝප්පයෙන් ලැබුන පන්නරය සමග වේදිකාව මත බන්කුවක් මත වාඩි වී සිටියද මා සිත අතීත මතකයන් අතර ඔබ  මොබ දිව යයි.

සති‍යකට දෙහෙකට පෙර සිටි මා සහ දැන් මා අතර වෙනසක් වී නම් ඒ ඇය නිසා බව මා සිත පිරි යයි. නමුත් ඇය හා අතීත මතකයන් පසු පස ලුහුබැද ඒම මට මනසට වදයක් විය.

එකල මා ඇය සමග කී දේවල් මෙයින් පසු කෙසේ මා වෙත ආපහු ලැබේද?

මෙසේ හෝරාවක් ගෙවී යනතෙක් මනසේ සිතිවිලි අතර අතරමන් වී සිටියෙමි.

ජන්ගම දුරකතනයේ ඇගේ නම සදහන් වන විට පෙර මෙන් සැහැල්ලුවෙන් අතට ගත්තද අද යම්කිසි තිගැස්ස්මක් ඇතිවිය.

සුදු සහ කලු ඉරි වැටුන සාය සමග දුබුරු පැහැ බ්ලවුසය ඇගේ පෙර  නොදැකපු පෙනුමක් එක්ක‍ර ඇත.

මෙයිට මසකට පමණ පෙර මා ගෙදර යාමට කමිසයක් මිලදී ගැනීමට ඇයත් සමග යන අවස්තාවකදී මේ ඇදුම තෝරා ගත් බවත් එයට මගේ කැමැත්තද හිමි ඌ බවත් මතක් වන විට නැවතත් මගේ සිත වරදකාරී හැගීමකින් පිරෙන්නට විය.

ඇය කතාවේදී එවන් ගතියක් නොපෙන්වූ බැවින් මමද ඇය හා එක්ව කිසිත් නොවෙනස් බව පෙන්නුවද ඇති වී තිබෙන අපහසුතාවය රහසක් නොවීය.

ගමනාන්තය වූ නුව‍ර දුම්රිය ස්ථානයට ලබාගත් ටිකට් දෙකත් රැගෙන අපි වේදිකාව දෙසට පිය මැන්නෙමු.සෙමින් සෙමින් වදින ඒ අත අල්ලා ගැනීමට මා සිත් වූවද, සිත කිසියම් චකිතයකින් වෙලී ඇත.

එයටත් ඇයගේ සහය පැමිනියෙන් අතින් අල්ලාගෙන කෝච්චියට නැගීමට මට හැකි විය.

මා සතුව පැවති වැඩබිමේ කතා රසවිදිමින් කන්ද උඩරට සීමාවට  අපහසුවකින් තොරව පැමිණි බව පලමු උමන් මාර්ගයට ඇතුල් ඌ දුම්රිය කියාපායි.

හාත්පස කලුවර විය.

අතින් අල්ලාගත් වනම සිටි ඇයගේ නිහඩබව මා එදෙසට කිට්ටුවීමට අවශ්‍ය දිරිය සැපයීය.

එකෙනෙහිම උමගෙන් එලියට ඇදුනු දුම්රිය තුලට වන් හිරු එලිය එතෙක් නොතිබූ අපහසුතාවය අප සිත් තුලට කාන්දු කරවීය.

මා අතින් නිදහස් කරගත් ඇගේ අත දුරකතනය වෙතට මාරු විය.

පුරා අවුරුදු 5ක් මිතුරන් ලෙස සිට වුවත් මේ අවස්ථාවෙන් පසු මුහුණ බැලීමට මා හට චකිතයක් ඇති වූයෙන් මමද දුරකතනයේ පිහිට සෙවීමි.

අප අතර නිහඩ බව මා තව තවත් ආගන්තුක බවට පත්කරවීය.

විශ්ව විද්‍යාල කාලය පුරා අවුරුදු හත‍රක් සහ මාස කීපයක් මේ දුම්රියෙන් ගමේ සිට යන එන මට ඊ ලග උමග තුලින් දුම්රිය යන වෙලාව රහසක් නොවීය.

තව දුරටත් මෙවන් ආගන්තුක චරිතයකට පණ පෙවීමෙන් පලක් නොවෙන බැවින් දුම්රිය උමගට ඇතුලුවීමත් සමග ඇගේ අතින් අල්ලා මා කිට්ටුවට ඇදගත් මා ඇගේ දෙතොල් තදින් සිපගතිමි .
-------------------------------------------------------------------------------------------------------
දැන් වේලාව: රාත්‍රි 12,30
මත් වතුරින් අඩපන ඌ මගේ සිත අතීත ගමන් මඟ ඔස්සෙ යමින් සිටියදී නෙත ගැටුන මතකයක්, වැලි දූලි වැදී කාලයත් සමග නටබුන්ව තිබුණි. 

වැලි දූලි පිසදා බැලූ විට පලමු සිපගැනීමෙ රසයත් සමග හැගීම එලෙසම සුරකිව තිබීම ගැන සිතට බොහෝ ඉස්තුතිවෙමින් මෙසේ ලීවෙමි. . .

තව සෙන්ටිමිටරක් ඇනගෙන නිදා ගන්නව . . .

කළු ලේබල් යනු සෙන්ටිමෙන්ටල් බීමකි . . .

www.mybottleshop.com.au

45 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දේශකතුමාගේ මල්ලි අනිත් මහත්තයත් දාලා තියෙන්නේ පෝස්ට් එකක් බෝතලේකුත් උලුප්පලා... ,,.

      //තව දුරටත් මෙවන් ආගන්තුක චරිතයකට පණ පෙවීමෙන් පලක් නොවෙන බැවින් දුම්රිය උමගට ඇතුලුවීමත් සමග ඇගේ අතින් අල්ලා මා කිට්ටුවට ඇදගත් මා ඇගේ දෙතොල් තදින් සිපගතිමි .///

      මේ හරිය කියවද්දී කොච්චර ආසාවෙන්ද කියවන්න ගත්තේ අනේ අප්පේ .......අද ලිපියේ අමුතු මෙවුවා එකක් තියෙනවා මගියෝ ඔය විදියට ලියන්න දිගටම

      Delete
    2. තමන් දාපු නං තමාටම අමතක වෙන රෝගයට නමක් තියේද එම්බල ස්තිරක්කය??

      Delete
    3. බොහොම පරණ මතකයක් ඇදිල ආවනේ බෝල නැටුන් තෙල් බල මහිමයෙන් . . . හෙහ් හේග්

      ඉම්බල ඉස්තිරික්කය . . කෝ අපේ සේසා නොහොත් වෙරලුවාට උත්තර ?

      Delete
    4. @දේශක
      හි හි මෙයත් උදේම නැටුම් තෙල් බීලා වගේ.. බොරළු වගේ මෙයාටත් වෙරළුමල් කුමාරයා හරි පිච්චමල් කුමාරයා හරි කියන්න තමයි තියෙන්නේ

      @මගියා... හ්ම්ම් විහිළු නෙමේ අයියේ අද ඔයාගේ ලිපියේ විලාශය ගොඩක් හොදයි .. දිගටම මෙහෙම ලියන්න.. මධ්‍යසාර භාවිතය ඔබේ අයිතියක් ..

      Delete
    5. සෙසෝ . . . .සෙසෝ . .. . උබට හොද මොකක්ද කියාන් මම නම් මනාපයි වෙරළු මල් කුමාරයට ,, , ,

      වෙරලුව නිකන් කොටලුව වගේ නෙහ් . . .

      Delete
  2. අපූරුවට ලියලා තියෙනවා.

    ඔයිටත් හොඳයි සිංගල් මෝල්ට්!

    හොඳ හොඳ කතන්දර මතක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය බීම ගැන මම වැඩිය දන්නෙ නැහැනේ කකා. . . එදා අහම්බෙන් නොදැනුවත්ව බිව්වා උනාට දන්නා කෙනෙක්ගෙන් අහගෙනම අරගන්නවා./ . .බොන්න නම් ආසයි ඒක . ..

      වැඩේ වෙන්නේ පස්සෙන් පහු සිද්දි මතක් උනොත් අනිව මේකේ වතික පහුවදාට මකන්න තමා වෙන්නේ . . හෙහ් හෙහෙ හ

      Delete
  3. මතට - ඔබව කලා කාරයෙක් කළ හැකි නම්..
    ඇයි මතට - මෙච්ච චෝදනා??

    ReplyDelete
    Replies
    1. අන්න දීපල්ලා උත්තර

      Delete
    2. හැබෑව හැබෑව සැමෝ . . .කොහෙද වැඩිහරියක් උන ඔය වගක් නොතෙරුම් කමට ගාලි දෙනවා නොවැ

      Delete
  4. අද මොකද නිකං එක විදිහක්

    ReplyDelete
    Replies
    1. අඩේ අද වෙනස් බිමක් ගැසුව . . . තද කළු ලේබලයක් ලැබුන මම මෙහෙට ගෙනාව එකෙකුගෙන් .

      Delete
  5. අම්මට සිරි මගියාට වෙච්චි දෙයක්.. හරිම රහයි නේ අද ලිවිල්ල.. ජය වේවා.. ඔන්න ඔහොම නේ බං ඉන්න ඕන..

    ReplyDelete
    Replies
    1. සංසාරේ සේසෝ වැදුන කියන්නේ නාග සලන් .. අඩේ මේ රතු එක වගේ නෙමේ කළු එක ගැහුවම සන්සුන් වෙන සිං එකක් තියෙන්නේ.එකත් මාරු පැත්තකට වෙල ආතල් එකේ උන්නකි ./ . ..

      Delete
    2. මට දුසිමක් විතර ගෙනෙං එහෙනං.. හැක්...

      Delete
    3. බොට කළු ලේබලයක් මගෙන් පෙන්ඩ්න් මතකෙයි . . .හෙහෙ හෙහෙ හ්හේ

      Delete
    4. ලංකාවේ පළමු චිත්තරපටිය කඩඋනු පොරොන්දුව වගේ එකක් නේද??

      Delete
    5. පිස්සුද බොල බයිට් එක සෙට් කොරාන් ආවම ගසමු

      Delete
  6. යකඩෝ අමුවෙන්මද හලා ගත්තෙ. හි… හි…

    පට්ටෙටම ලියවෙලා තියෙනවා මඟියො. එළ.
    ඇත්තටම ෂොට් එකක් දාලා ඉන්න වෙලාවකද ලියවුනේ?

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බන් ගැස්සිලා 'ඉස්මෝලෙ' යන්න තිබුනෙ. හොද ආතල් එකක් බලා ගන්න. :-D

      Delete
    2. අමුවෙන් නම් නෙමේ රෙඩ් බුල් එකක් දාගත්ත . . ඉක්මනට ලේ වලට මුහු වෙනවා කියල එකෙක් කිව . . . ඉස්මොල්ලේද අහනවා බන් අයියෝඕ

      Delete
    3. අනං මනං දාන්න එපා. අයිස් ඛැට දෙක තුනක් විතරක් දාන්න.

      වැඩිය බොන්නත් එපා. මද පමණින්.

      Delete
    4. ඔව් කකා කලු ලේබලේ ඉතිරි ටික හිමීට සතියකට සෙන්ටි තුනක් වගේ ගන්න ඉන්නෙ.ඉක්මනට ඉවර කරගෙනත් බෑ.

      Delete
  7. හැක්. කළු ලේබල් වලට කරන්න පුලුවං වෙනසක තරම.
    නියමයි මගියො.

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් වෙනස් අත්දැකීමක් . . . රතු මම සමුදුන්න මේ කළු හොදා . . . ආ අර කකා කියන තනි මොල්ට් එකක් ගැන හොයා ගන්න ඕන . ..

      වෙනස් පොස්ට් එකක් දම්මකි බෝතෙලේ වෙනස් වෙනකොට හෙහ් හෙහෙ හ

      Delete
  8. ඉට්ටයිල් එක වෙනස් කරලා මගියා ..හැබැයි ඒක මරු. උඹ බිව්වම මාර නිර්මානශීලීයි නේ බං .

    ReplyDelete
    Replies
    1. මම එහෙම එකම ඉට්ටයිල් එකකින් කියල ලියන්නේ නැහැ බන් ,.. ඔය එන එන විදියට ලියන්නේ සමහර එව්වා කතා කොරන විදියට හෙහෙහැ හෙහෙ හ්හේ ///මේක ඉතින් කියන්න බැරි එව්වා ලියන තැනක් නේ නෙද්ද හා . ..

      Delete
  9. බස් රථයේ පැති කණ්නාඩියෙන් මුහුණට වැදුනු පිනි මිශ්‍ර දූවිලි තට්ටුව යවාගැනීමේ...

    පැති කණ්නාඩියෙන්ද ජනෙල් කවුළුවෙන්ද?

    මාත් කල්පනා කලා සයිඩ් මිරර් එකෙන් කොනොමද එච්චර හරියක් වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව් නේන්නම් . . .. ජෙලේනෙන් බන් ජනේලෙන් . .. . .

      ඉදං හදන්න . . .බොහොම ඉස්තුති බොලන්ට පෙන්නුවට . . .

      Delete
  10. ඔකනෙ කියන්නෙ .කවුදබන් කියන්නෙ ඔය ලෙබල් හොද නැ කියල.පිස්සො

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මුන් දන්නේ නෑ බන් වටිනාකම . . .

      Delete
  11. අතීත මතක සැමරුම්වල ගිලිලා කිමිදිලා වගේ.....

    ReplyDelete
    Replies
    1. ගිලිලා කිමිදිලා කියන්නේ . . . .

      Delete
  12. ඩ්‍රින්ක් එකක් නෙමේ ,ජොයින්ට් එකක් ගහලද ලිව්වේ? ඒ වගේ ෆීලින්ග් එකක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එදා සීතල දවසක් අරූ. . . මම් මෙහෙට ගෙනෑව එකෙක්. ඌ ඇන්න ආව බ්ලැක් ලේබලෙ වැදුන මරුවට

      Delete
  13. මාත් මේ කල්පනා කලේ බීලා බලන්න.. එතකොට නිර්මාණ කොයි වගේ වෙයිද කියලා එක පාරක් හරි බලන්න ඕන..

    කතාවේ ඇත්තටම අමුතු ගතියක් තියෙනවා ඈ..

    ReplyDelete
    Replies
    1. උබ නොබොනවා නම් බොන්න එපා. . . නිර්මාණ නම් බොල තනියම නදහසේ ඉන්නා වෙලාවක බොන්න ඕන

      Delete
  14. ඒකත් එහෙම ලු....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොමයි ඒක උනේ. . .

      Delete
  15. මගියාගෙ අවවාදය : පැරණි මතක යලි සිහියට ලගාගැනීමට අවශ්‍යනම් හා කලාත්මක ලෙස පෝස්ටු ලිවීමට අවශ්‍යනම් ගන්න ජොනි වෝකර් බ්ලැක් ලේබල් :D

    ReplyDelete
    Replies
    1. හෙභෙ හෙහ් හෙහ් අන්න බොලන් උබට තේරුනා. . .

      Delete
  16. මගියො සුපිරිම තමා මේ ලිපියනං......

    ReplyDelete
    Replies
    1. බලමු එහෙනම් තව එකක් ඒ විදියට ලියල. . . වැඩේ ඉතින් මේ වගේ මානසික තත්වයක් එන්න එපයි

      Delete
  17. පහුවදා අමාරුවට තැඹිලි ගෙඩිය තමා නියම...එත් රතු කලු ලේබල් වලට කොහෙන්ද පහුවදාට අමාරුවක්..

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .