Wednesday 5 February 2014

කැරපොත්තෝ. . .

කැරපොත්තෝ යනු අප පරිසරයේ ජිවත් වන තවත් සත්ව කොට්ටාශයකි.

විද්‍යාත්මක නම නොදන්නා අත‍ර ඒ ගැන සෙවීම දිවට එතරම් සුවදායක නොවෙන බැවින් අපි ඒ ගැන මග ඇර කතා කරමු.

අප ජීවත් වන පරිසරය ජෛව විවිදත්වයකින් හෙබි පරිසරයකි.රටින් රට ඒ විවිදත්වය වෙනස් වන අතර ඒ ඒ රටවල එය රැකීම සදහා විශේෂයෙන් පිහිටුවා ඇති ආයතන පවතී.මේ විවිදත්වය ආරක්ෂාකර ගනිමින් සංවර්ධන වැඩ කටයුතු කිරීමට වෙනම වචනයක් තියනවාද මම දන්නෙ නැත.

නමුත් පරිසරයේ ඇති සීමිත සම්පත් භාවිතා කරමින් පරිසරයට අවම හානියක් කරමින්  සංවර්ධන වැඩ කටයුතු කිරීමට නම් නමක් ඇත.

නවමු අදහස් වලින් සමන්විත මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පරිසරයට අවම හානියක් ඇති වන ආකාරයට ගොඩනැගිලි ඉදිකිරීම් ආදී සංවර්ධන කටයුතු කිරීමටය.

එවැනි අවස්තාවන් වලදී පරිසරයේ සිටින සතුන් ගැන අප බෙහෙවින් සැළකිලිමත් විය යුතුය.

උක්ත මාතෘකාවේ එන සත්ත්ව කොට්ටාශයත් එවැනි වූ තර්ජනයකට මුහුණ පා සිටින දහස්ගණන් වූ සතුන් අතරින් එක් කොටසකි.

එවන් ඉතා දියුනු ආකාරයෙන් ගොඩනැගූ ඉදිකි‍රීම් අවසානයේ මිනිසුන් නැමැති සත්ත්ව කොට්ටාශයක් ඒ නිවෙස් තුල තම තමන්ගේ ජීවිත ගෙවමින් සිටිනු ඇත.

මේ අවධියේ මෙම සත්තව කොට්ටාශ දෙක ස්වභාවධර්මයේ කුරිරු හිංසනයකට යටත් වන බව මගේ හැඟිමයි.

උක්ත මාතෘකාවේ එන සතුන් බෝ වීම හෙවත් උන්ගේ ජනගහන වර්ධනය ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයට වඩා බෙහෙවින් කාර්යකෂමය.

එබැවින් මිනිසුන් යන සත්ව කොට්ටාශය නිවෙස් වලට පදින්චි වීමට පෙර තම විරුද්ධ සත්ත්ව කොට්ටාශය සහමුලින්ම එම වාසස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කරයි.

දේශපාලන නීතියක් වන පහර දෙන විට පිම්බෙන ආකාරයේ නීතියක් මෙම සත්ත්ව කොට්ටාශ දෙක අතරේද පවතී.

ඒ වගේම මිනිසුන් තම වර්ගයා අතර සටන් වලදී භාවිතා කරන රසායනික අවිද අද වනවිට තහනම් කර ඇතත්, මේ සත්ත්ව කොට්ටාශය එදිරියේ එම නීතිය අවලන්ගු බවට පත්වේ.

රසායනික අවි වලින් සටන් කිරීමට තරම් දුර ගිය මේ සටන ගැන අපි කල්පනා කරන කොට මේ ආකාරයේ බිහිසුනු සටනක් වූයේ ඇයිද යන්න සාකච්චාවට බදුන් කල යුතුම කාරනයකි.

මේ උක්ත මාතෘකාවෙ එන සතුන් සාමාන්‍යෙයෙන් ආහාර පිලිබදව එතරම් සැලකිල්ලක් නොකරන්නාවූ සතුන් කොටසකි.මිනිසුන් මෙන් මේසයක වාඩි වී කතා කරමින් ආහාර ගැනීමේ සිරිතක් නොමැති අතර. අනෙක් සත්ත්ව කොට්ටාශය දුක් මහන්සියෙන් පිලියෙල කරගත්තාවූ ආහාර රස බැලීමකින් පමනක් සෑහීමකට පත්වේ.

නමුත් උක්ත මාතෘකාවේ එන සතුන් කෙරෙහි සත්ත්ව දයාවෙන් බැලීමට තරම් අපහසු ආකාරයට මේ සතුන් තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයේ ආහාර මුරන්ඩු ආකාරයෙන් රස බැලීමේ යෙදෙති.

මෙය පිලියෙල කල ආහාර හා නොකල යන දෙවර්ගයටම පොදු සන්සිද්දියක් වෙන බැවින් දෙවනුව කී සත්ත්ව කොට්ටශයේ මනසට පීඩාකාරී වාතාවරණයක් ඇති කරවයි.

බැලූ බැලු අත උක්ත මාතෘකාවේ එන සතුන් තම නෑදෑයන් පිරිවරාගෙන කුඩා දරුවන්ද සමග තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශය ගැන කිසිම ආකාරයක සැලකිල්ලක් නොදැක්වීම දෙවනුව කී සත්ත්ව කොට්ටාශයේ හදිසි කෝපය ඇති වීමට හේතු වන්නක් බව නොකියාම බැරිය.

අප මේ කතා කරගෙන ආයේ රසායනික අවි භාවිතය පිලිබදවයි 

මේ සත්ත්ව කොට්ටාස දෙක අතර අන්‍යනෝන්‍ය විරසකය තීව්‍ර වෙන තවත් අවස්තාවක් වන්නේ උදෑසන තම රැකියාවන් සදහා පිටත්ව යන දෙවෙනුව කී සත්ත්ව කොට්ටාශය තම දෙපා ආරක්ශා කිරීම උදෙසා මිලදී ගන්නා ලද "පාවහන්" තුල සිට එලියට පැනීමයි.මේ ක්‍රියාව කිසි ලෙසකින් සාදාරණීකරනය කිරීමට මද්‍ය - අස්ත මට වුව නොහැකි බව කිව යුතුමය.

උක්ත මාතෘකාවේ එක සත්‍ත්ව කොට්ටාශය ඉදිකිරීම් ආදී සන්වර්ධන අවස්තාවේ තම වර්ගයා පවත්වා ගත්තත් , මේ රසායනික ප්‍රහාරය හමුවේ විනාශ වේ.

මෙය එක් සත්ත්ව කොට්ටාශයක් තවත් සත්ත්ව කොට්ටශයක් සහමුලින් නැති කිරීම උදෙසා කරන්නක් නොව තම පැවැත්ම උදෙසා කරන ලද මෙහෙයුමක් බවට ගෙන එන තර්කය වලන්ගු ස්භාවයක් බැලූ බැල්මටම දිස්වේ.

එම නිසා "සික්කා 23" නැමැති කුඩා වෙලද සැලේ නිශ්පාදිත රසායනික ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සාදාරනීකරනය කල හැකිය.

- උක්ත මාතෘකාවේ එන සත්වයින් හා සිදූ වූ අවසන් සටනේ වාර්තාව - 


50 comments:

  1. නිදා ගනින්කෝ බං

    ReplyDelete
    Replies
    1. කෑවා නම් බිවනම් නැද්ද බොල , , ,

      Delete
  2. "උක්ත මාතෘකාවේ එන සත්වයින්" කියන එකට උමාස වගේ කෑල්ලක් දාලා ලිව්වනම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතුවේ කකා හිතට එන එක ගහල දැම්ම

      Delete
  3. උක්ත මාතෘකාවේ එක සත්‍ත්ව කොට්ටාශයේ ඉදලා පටන් ගත්තම

    ජයිව විවිදත්වයකින්,
    විශේශයෙන්,
    විවිදත්වය,
    ආරක්ශා,
    සන්වර්ධන,
    සැලකිලිමත්,
    මුහුන පා,
    දියුනු,
    හින්සනයකට,
    කාර්යකෂමය.,
    පදින්චි,
    ඇත්ත්,,
    බිහිසුනු,
    සාකච්චා,
    කාරනය,
    පිලිබදව,
    පිලියෙල ,
    මුරන්ඩු
    සන්සිද්දියක්
    අවස්තාවක් ,
    ආරක්ශා
    සාදාරණීකරනය
    වලන්ගු
    ස්භාවයක්
    වෙලද සැලේ
    නිශ්පාදිත

    මගෙත් වැරදි දැක්කොත් කවුරු වුණත් පෙන්නන්න හොදේ..

    ReplyDelete
    Replies
    1. උක්ත කාන්තාව ස්ත්‍රීවාදය නියෝජනය කරන බව පෙනේ. අගේ අභිප්‍රාය මගියා අපහසුතාවයට පත් කිරීමයි. වහාම ඇය බස්නාහිර කාන්තාව හැදෑරිය යුතු බව මට හැඟෙ .... :D

      Delete
    2. @කුවෙනියේ : උබට සෝදුපත් බලන්න රැකියාවක් කළහැකි කිසි ප්‍රස්නයක් නැතිව . . ආ සත දෙකක් මගේ සොදුපත් බැලුවට හෙහ් ඝී හේ ... .ඉදං හදන්න . .. මේක ගැහුවේ මගේ දුරබනුවෙන් බොල .. ඔය ලොකු ලොකු ආලවට්ටන් දාන්න එකෙන් අමාරුයි . .. .

      Delete
    3. ස්ත්‍රී අරගලයේ අවසන් වටය එළබෙමින් පවතී.ස්ත්‍රිය දරුවන් ලැබීමෙන් සම්පූර්නයෙන්ම විනිර්මුක්ත වී තාක්ෂනය සියතට ගත් දින සියවස් ගනනාවක වහල්භාවය අවසන් වනු ඇත.එහෙත් පිරිමින් හා ස්ත්‍රීන් ලෙස මානව ලිංගිකත්වයේ පැවැත්ම හේතුකොට ගෙන දෙපාර්ශ්වය අතර ප්‍රතිවිරෝධතා දිගටම පවතිනු ඇත.එහෙත් ස්ත්‍රිය අවසන් සටන ජයගනු ඇත. හි හි හි ,,ඔන්න ඔහොමයි අරගල කාරයෝ කිවේ ඉදගෙන

      Delete
    4. ස්ත්‍රී නිදහස් අරගලයේ පසුගාමී අදහස් වලින් හෙබි සාමාජිකයන් විසින් අරගලය පාවා දෙන ලැබ ඇත.සමාජයේ මෙහෙවර කරින් උසුලාගත් පිරිමින් මේ කුඩා අරගලය දෙස වපරහින් නොබලුවේ මෙයින් ලබන්නාවූ අසීමිත අතල් පිණිසය.මෙවන් උ අරගලකය අවසන් ජවනිකාව වනුගේ එක අතක් ඉහලට විදහා ලබාගන්නාවූ විභව ශක්තිය උක්ත ස්ත්‍රියගේ සියුමැලි කන් පෙත්තට මෙපිටින් නාසයට පැත්තෙන් මුනුහ දෙසට එල්ල වන ඇතුල් පහරකිනි.එවිට සියලු අරගල නිමවා සනිටුහන් වේ . . ..

      Delete
    5. තවත් කීපයක් ඇත

      Delete
  4. ඊ..... කැරපොත්තෙක්.... මට නං මතක් උනේ සිරසෙ ගිය මවුස් හන්ට්...
    කැරපොත්තා යනු ගෑල්ලමයින්ට බයානක සත්තයන් රැලකි කියලත් ලියන්න තිබ්බෙ. මොකද එයාල කැරපොත්තො දැක්කාම කෑ ගාන්නෙ හරියට බිං ලාඩං දැක්ක වගේනෙව

    ReplyDelete
    Replies
    1. ඊ ලග එක පරණ සිංහලෙන් ලියන්නම් එහෙනම් හෙහෙ හෙහෙ හී

      Delete
  5. මචන් මම අහල තියෙනව කැරපොත්තලු ලෝකෙ පිරිසිදුම සතා... ඒක ඇත්තද??

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති , මටන අජුවම සතා

      Delete
  6. කෝ මේ හෙන්රියා උගේ කැරපොත්තා ගේන්ට කියහං..

    ReplyDelete
    Replies
    1. ඈ බොල ඌ ඇති කොරනවද කරපොත්තෝ ????????හෙන්රියෝ මහේ වරකෝ . ..

      Delete


    2. මේ ඉන්නවා සෑර්. මේං කැරපොත්තා :D

      Delete
    3. ඔන්න හෙන්රියො මම ඒක කියවල කොමෙන්ටුවකුත් දැම්ම. :D

      Delete
  7. මොකක්ද බං සික්කා 23 කියන්නෙ. මෙහෙනං තියෙන්නෙ මෝර්ටීන් තමයි.
    මට පේන හැටියට මගියගෙ හංගපු බෝතලේ ඇතුලට කැරපොත්තෙක් වැටිල වගෙයි මේ සමූල ඝාතනයට මග පෑදිලා තියෙන්නෙ.

    උඹේ කී බෝඩ් එකේ බිංදුව වදින්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. උක්ත ප්‍රතිචාරයේ ප්‍රසන තුනක් ඇති බව මගියාට වැටහින . පිළිතුරු දීමේදී පැහැදිලිව තේරුම් කිරීම මේ මගියගේ හැටියකි .එම නිසා මෙසේ පැහැදිලි කරමි දෙමල නයන්නෙනි :
      සික්කා 23 යනු ප්‍රදාන ප්‍රවල් අතරින් දිවෙන, බිල්දීම් අතරින් ඇති ඉතා කුඩා දෙදෙනෙකුට පමණක් ගමන් කල හැකි පාරකි . . එම පාර දෙපද්ස කුඩා කුඩා කද විසල ප්‍රමාණයක් ඇත.
      මගේ සගවපු බෝතලේ හොදින් තිබුන.නමුත් බයිට් එකේ රස බලනු මේ මගේ ඇස දෙකෙන්ම දුටිමි ...

      දුරබනුවේ බින්දුව ගැසීමට නොදන්නා අතර පරිගණක යතුරු පුවරුවෙන් සිංහල "ඉන්පුට්" නමැති ඇප් එක ආදරයෙන් මෙසේ ලීමට හැකිය . ..

      Delete
    2. අපරාදෙ, උඹට තිබුණෙ කැරපොත්තව බයිට් එකට ගන්න.

      Delete
    3. මට ෂුවර් , මගියා ගෘහස්ත හිංසනයට ලක් වෙලා ඉන්නේ ඊයේ රෑ බීල ගෙදර ගිහිං

      Delete
    4. මොකක් නමුත් ලොකු දෙයක් වෙලා තියනවා මෙයාට ඉවාන්.

      Delete
    5. //මොකක් නමුත් ලොකු දෙයක් වෙලා තියනවා මෙයාට ඉවාන්.// මකියාවෙල්ලි පොතේ කියනා ආකාරයට තමන් හා සටනට එන අයගෙන් සටන් කිරීමට සතුරන් තෝරාගත යුතු බව කියා දෙයි.එබැවින් සිංහල ව්‍යවහාරයේ භාවිතය ගැන ඉතා වෙහෙසක් ගෙන කටයුතු කල අයෙක් සමගින් සිංහල සටන් කිරීම සිය දිවි නසා ගැනීමකි. එබැවින් උක්ත ප්‍රතිචාරය මා නොදකින ලදී . . .

      Delete
  8. දේශකතුමාට වෙරළු කියලා නමක් පට බැදුනා වගේ බොටත් 'ගමන් මගේ කැරපොත්තා' කියලා නමක් පටබැදගන්න ඕනද??? :-D

    ReplyDelete
    Replies
    1. පට බදිමු පට බදිමු :D

      Delete
    2. පලයව් යන්න . . වෙරලුවට එක දන්නා අපි කාපු කට්ටක්

      Delete
  9. මෙයත් මේ උක්ත ආඛ්‍යාතයක් කතාකරනවා :D

    ReplyDelete
    Replies
    1. උක්ත මාතෘකාවට පසුව ඇති ලිපියට "සසිදු" නමැති පුග්ගලය දමා ඇති මොනේන්ටුවේ, එයිට ඉහත "චතුවා" ගේ ප්‍රතිචරයෙට උඩින් ඇති " දෙමල නයන්නේ " ප්‍රතිචාරයේ මෙන් ප්‍රස්න නොමැත.

      එම නිසා පිළිතුරු දීමට නොහැක .

      Delete
  10. "උක්ත මාතෘකාවේ එන සත්වයින් "තෝව කෑවානම් හොඳයි කියා සිතේ

    ReplyDelete
    Replies
    1. මෙයත් ඉහත ආකාරයෙන්ම "සසිදු" නමැත්තාගේ උක්ත මාතෘකාව යටතේ පල කර ඇති ලිපියට දමා ඇති ප්‍රතිචාරයට ඉහතින් ඇති මාගේ ප්‍රති ප්‍රතිචාරයට උඩින් "චතුවා" නමැත්තාගේ ප්‍රතිචාරයට ඉහතින් ඇති මගේ ප්‍රති ප්‍රතිචාරයේ මව් ප්‍රතිචාරයට මා පිළිතුරු දුන් ආකාරයට පිළිතුරු නොදිය හැක්කේ කිමද යන්න නොඇසුවෙන් සහ ප්ප්‍රස්න අස නොමැති බැවින් පිළිතුරු දීමට නොහැක . . .

      Delete
    2. යකෝ මේ විදියට දිගටම එකෙක්වත් ප්‍රශ්න ඇහැව්වෙ නැත්තං තමයි කෙලිය.

      Delete
    3. උඹ කසිප්පු බීලද බොල?

      Delete
    4. Sensible question Ivan.මුං මොකද මේ විනාශකාරියෝ ගැනම ලියන්නේ. උඹ කැරපොත්තා ගැන ලියනවා. චන්දන මීයා ගැන ලියලා. කවුරු හරි ලියාපල්ලකෝ වේයා ගැනත්...

      Delete
    5. ඇයි කෙන්ජි වේසියෝ ගැනත් ලියන්නේ අපූරුවට....

      Delete
    6. @ඉවාන් උබ ප්‍රස්නයක් නගා ඇති බව වටහා ගැනීමට වාක්යේ කෙලර ඇති සංකේතය ඉවහල් නොවුයේ මම සිංහල කියවීමට දන්නා නිසද නැත නම් ප්‍රශ්නයක් නොඇසූ නිසා මා මෙයිට ඉහත "නලින්" නමැත්තාගේ "ඉවාන්" නැමැත්තාගේ ප්‍රදාන ප්‍රතිචාරයට ප්‍රති x 5 වෙනි ප්‍රතිචාරයට පෙර හෙන්රි නම් වූ " ඩෙනිම්" ගේ ප්‍රතිචාරයට උද උබ නැවත දමා ඇති ප්‍රතිචාරය උදව් වූ බව මා හට අවින්චානික මනසට තේරුම් ගිය හෙයිනි.
      උගේ ප්‍රදාන + ප්‍රති x 5 වෙනි අනු ප්‍රතිචාරයට පිළිතුර මා විසින් දුන්නයි නොදන්නේ කිමද ලෙස ඔබ පැනයක් ඇසුවොත් උත්තර දීමට අම ගබඩා කර ගතිමි . . .

      Delete
    7. @හෙන්රි උබගේ ප්‍රතිචාරය ස්ටේට්මන්ට් එකක් ද? නැති නම් අසර්ශන් එකක්ද යන්න මා හට තේරුම් ගත නොහි මම එය ඉල්ලීමක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ දැරීමේදී, මෙයිට ඉහත මා ප්‍රති x 6 කට පෙර දමන ලද "ඉවාන්" නමැත්තාගේ ප්‍රතිචාරයට දුන් මාගේ ප්‍රති ප්‍රතිචාරය ගැන, ඉහත ප්‍රති x5 ප්‍රතිචාරයට අඩුවැඩි එකතු කල ඉවාන් නැමැත්තාගේ ප්‍රති x 4 ප්‍රතිචාරය ඉවහල් වූ බව කීමෙන් මා බේබද්දකු යයි හංවඩු ගැසීමට බලා සිටින මෙයිට ප්‍රති x 15 කට පෙර දමන ලද ප්‍රදාන ප්‍රතිචාරයේ පුත්ගලයා කැස කවමින් සිටින බව මගේ ඔත්තු සේවය මගින් මට වාර්තා කල බව කීමෙන් මා සියලු දෙනාගෙන් බයිට් එකක් වීමේ පාපය උබ වෙත පල කර සිටිමි . ..

      Delete
  11. මගියා ලොකු අකරතැබ්බකට පත්ව ඇති හැඩයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ‍මූ මොනව හරි නොදන්න බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරල වගෙයි.

      Delete
    2. @දෙමල නයන්න වෙත. . . මා හිතනා ආකාරයට ඔබ නොහොතන්නේ කිමද යන බව මා විසින් මෙයිට ප්‍රදාන ප්‍රතිචාර 4 කට පෙර දැමු ඔබේ ප්‍රතිචරරේ ප්‍රති ප්‍රතිචරයට පසු පහලට ප්‍රදාන ප්‍රතිචාර 3 ක් පහලට ඇති "ඉවාන්" නැමැත්තාගේ ප්‍රතිචාරයට පසු ප්‍රති x 2 කට පසු විස්තර කල පරිදි වූයේ නම් මෙය ඇත්ත වශයෙන්ම ඇසිය යුතු පුත්ගලයා සහ සියලු දේට වගකිව යුත්තා වන්නේ

      බ්ලොග් වෝකර් ඩෙනිම් බව සහ සුද්දෙන්ම පරකාස කර සිටින්නෙමි

      Delete
  12. කැරපොත්තෝ වැටිලා හිටිය වෙල්ෆැන්ටා එකක් වත් බොන්න සෙට් වුනාද?

    ReplyDelete
    Replies
    1. සන්සාරේ දිනේසෝ මරු බීමක් සැට් උනා බොලන්

      Delete
  13. කැරපොත්තා බිහිවෙලා අවුරුදු දහස් ගාණක්ලු...මේ ලෝකෙට ඩයිනෝසර්ලා එද්දි උන්ව පිළිගත්තෙත්..සමුගන්නකොට සමුදුන්නෙත් මේ අයලු....එච්චර පරණලු....ඒ උනාට පරිනාමය වෙලා නෑලු...මුල් අවස්ථාවෙ වගේමලු තාමත් ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. මේ කතාව නම් ඇත්තම ඇත්තයි මහා කරදර කාර සතෙක් බන්

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. උඹ බීපු බ්‍රෑන්ඩ් එක මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඉතින් අර අන්ප්‍රිඩීක්ටබල් කලු ලේබලේ මිසක්

      Delete
  16. යකෝ සික්කා 23 ගහන්නේ කැරපොත්තන්ට. උඹ මොකට බිව්වාද ඒක.

    ReplyDelete
  17. මන්ද බ්න් මට තේරෙන්නෙට්ග් නෑ බිව්වෙ මොකෑ කියල

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .