Monday 20 May 2013

නමෝ විත්තියෙන් "XXX"


පින්තුරේ මෙතනින්:pengalaman.comuv.com 
සරසවියට ගිය මුල්ම කාලේ.මට කොම්පියුටර් එකක් තිබුනේ නෑ.එකක් ගන්න සල්ලි තිබුනෙත් නෑ.අම්මත් පුළුවන් උනත් බැරි උනත් කීයක් කීයක් හරි පොතට දානවා.මම මෙහෙන් ගන්නවා.ඒ දවස් වල මට හොද යාලුවෙක් හිටියා.එයා වැඩ කලේ පුත්ගලික බැංකුවක.ඉතින් මම ඉල්ලුවේ නැතත් ගෙදරින් මට දාන සල්ලි ගාන බලල එයත් ගානක් එකතු ක‍රල තිබුන ඔය ගිණුමට.ඔය විත්තිය මම දන්නේ ගොඩක් පස්සේ බලපුවම මම ඒ සල්ලි වලිනුත් බීල තියනව කියල දැන ගත්තම නම් මහා විශාල ලැජ්ජාවක් ඇති උනා.

ඔය කාලේ මම අදායමක් සොයා ගන්න උත්සාහ කලා.මම වගේ තව ගොඩක් අය මේ ක්‍රමයෙන් ජිවත් උනා. ක්‍රමය නම් උසස් පෙළ ළමයින්ට අමතර පන්ති කිරීම.මේක මරු ජොබ් එකක්.හොද හොද අත්දැකීම් ලැබෙනවා.

පත්තරේ දැන්වීමක් දාල ටික දොහක් යනකොට දුරකථන ඇමතුම් එනවා.එතකොට අපි අය කලේ මාසෙකටම දෙදහස් පන්සීයයි.සතියට දවස් 2ක් කරන්න ඕන.ඒ වගේ  පන්ති දෙක තුනක් කියන්නේ හොද අදායමක්.බෝඩිමේ 3න් දෙනක්ම මේ රස්සාව කලා.අපිට අපේ වියදම හොයා ගන්න පුළුවන් නිසා සතියකට සැරයක් බොන එක වෑරදුනේ නෑ.

ඉතින් මම කොහොම කොහොම හරි කොම්පුටර් එකක් ගන්න සල්ලි එකතු කර ගත්ත.දැන් අපේ බෝඩිමේ ඉන්න කොම්පුටර් වැඩ්ඩා එක්ක ගිහින් යුනිටි එකෙන් බඩු ගෙනාව.දැන් බෝඩිමේ උන් ඔක්කොම ඉන්නවා.කොහොම හරි බෝතලයක් හිස් වෙන ගමන් කොම්පියුටරේ ටික ටික එක හැඩේකට එනවා.දැන් ඉතින් ඕක එක දිගට කෙරෙන්නේ නෑනේ.එක එක රස කතා සහ බෝතලේ හිස් වේවි තමා කෙරෙන්නේ.දැන් අන්තිම ටික යන අතරේ මමයි තව යාළුවෙකුයි ගියා කන්න ගේන්න.අපි එලියට ඇවිත් අතුරු පාර දිගේ ගොඩක් දුර යනකල් මුන්ගේ සද්දේ ඇහෙනවා.

අපි දැන් කෑම ටික අරගෙන එනවා, සද්දයක් ඇහෙන්නේ නෑ.අපි බැලුව බෝඩිමේ ඇන්ටි කේස් එකක් දැම්මද දන්නේ නෑ කියල කෑ ගහනවට.මොකද කලින් දවසක එක සිද්දියක් උනා. ඒක කියලම ඉන්නම් එහෙනම්.

අපේ ඉන්නවා එකෙක් නොහික්මුනු.මූගේ සරම හැම වෙලේම තියන්නේ ගැටේ ගලවල කොනක් කරේ දා ගෙන.අත සරම ඇතුලේ.අල්ලපු ගෙදර ඉන්නේ ගෙවල් අයිති ඇන්ටි.ඉස්සරහ තට්ටු දෙකේ ගෙදරක්.ඒ ගෙදර අය ඇන්ටිට කොම්ප්ලේන් එකක් දාල මූ ඉන්නවලු සරම කරේ තියන් කියල.ඉතින් ඇන්ටි ඕකට ඇවිත් අපිට පැය භාගයක විතර දේශනයක් දීල ගියා.මේ පැත්තේ ඉන්නේ හොද මිනිස්සුය,අරකද මේකද මේ වගේ දේවල් එයාලට හොද නැතිය කියල.හැබැයි ඉතින් ඕව හිතන්න තිබ්බේ අපිට ගේ දෙන්න කලින්නේ.ඕව දැන් කතා කරලා වැඩකුත් නැති නිසා අපිත් නිසද්දව හිටිය.  අදාළ පුත්ගලය මේ වෙලාවේ නානවා.සිංදුවකුත් ඇහෙනවා."අනන්තයට යන පාර දිගේ __ගි වනා ඇතේ කියල ". දැන් මෙන්න ගේට්ටුව ගාවින් ඔලුව දාල ඇන්ටි යස්සනී වගේ කෑ ගහනවා මුගේ නම කියල කෑ ගහන්න එපා කියල.ඇන්ටිට මලම පැනල කියනවා වෙන තැනක් හොයා ගන්න මෙතන මේ විදියට ඉන්න දෙන්න බෑය. ඉන්නවා නම් ඒ විදියට ඉන්නය කියල.දැන් මේ වැඩ දෙකටම මුල අරූ.ඌට කිසි හෙනයක් නෑ අපි මේ ඔක්කොම ලජ්ජාවල් විදින්න ඕන.ගිහින් ගැහුවා දොරට.මොකද බන් කෑ  ගහන්නේ ඇහුවම මූ පෙන්නපු එක දැකල වහලේ උළු උඩ යන්න අපිටත් හිනා.බාත්රුම් එකේ පොඩි ජනේලෙන් මූට නානකොට පේනවා ඇන්ටිලාගේ  රෙදී වැලේ, කාන්තා යට ඇදුම් වනල තියනව.මූ ඒක දැකල කිව්ව සින්දුව තමා අර.අන්ටිටත් තේරෙන්න ඇති මේක තමා සිද්දිය කියල හොදම එකෙන් තද වෙලා තිබ්බේ.
පින්තුරේ ගත්තේ :everyonesgran.blogspot.com
ඉතින් අපි බෝඩිමට එනකොට ලයිට් නිමල,දොර ජනෙල් වහල,කිසි කෙනෙක් ඉන්න වගක් පෙන්න නෑ.දැන් නම් හොදටම විශ්වාසයි මොකක් නමුත් වෙලා තමා කියල.ඉක්මනට දොර ඇරලා ඇතුලට ගියා.කාමරේ දොරත් වහල.මේක නම් හොදටම අව්ල් මොකද මොනවා උනත් කාමරේ දොර වහන්නේ නෑ අපි.කෑම ටික තියල දොර ඇරලා බලපුවම,කොම්පුටරේ හදල එක ඔන් කරලා, කාමරේ උන් ඔක්කොම ඉන්නවා තැන් තැන් වල හුම් සද්දයක් නෑ, අපි ආව කියල ගානකුත් නෑ.මගේ කොම්ප්යුටරේ හදල ඉස්සෙල්ලම කරලා තියන්නේ වැලක් බලන  එක.

පින්තුරේ මෙතනින්:http://farm3.staticflickr.com/2005/2201791984_87a6715f17_z.jpg

17 comments:

  1. Replies
    1. කොල්ලොදත් අහනව.අන්තිමට ඔය කේස් නිසා බෝඩිම දාල යන්න උනා.අපි වගේ නැහැදිච්ච උදවිය ඉන්න පැත්තකට.එහාට ගිහින් බලපුවම අපි හොදයි,ගොඩක් අලුත් කුනුහරප අපි ඉගෙන ගත්තා අපරාදේ කියන්න බෑ...

      Delete
  2. ගත්ත ගමන් වල් කොල්ලෝ කොම්පියුටරෙත් වල් කරලා

    ReplyDelete
    Replies
    1. හැබැයි මචන් ඊට පස්සේ කොම්පුටර් ගත්ත උන්ගේ ඒව සතිය ගානේ ලෙඩ.කොළඹ ගේනවා අර කෑල්ල අව්ල් මේ කෑල්ල අව්ල්.මගේ එක දෙයියනේ කියල වැඩ.මොකද මුලදීම ආතල් එකක් දීලනේ ...

      Delete
  3. ඒකද එතකොට සද්ද නැතුව ඉඳල තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මුන් ටික හුම් සද්දයක් නෑ.එක එකා එක එක ලෝක වල.ඇස දෙක මොනිටරේ.කව්රු හරි ඒ වෙලාවේ ආව නම් මේ වගේ හොද උන් ටිකක් බේතකට හොයා ගන්න බෑ කියයි.

      Delete
  4. ඔය වගේ හොඳ ආරම්භයක් දුන්නම ‍ආයෙ කිසිම දේකිං සැලෙන්නෙ නෑ කොම්පියුටරේ.

    ReplyDelete
    Replies
    1. ආයේ අහල ප්‍රසන්න අයියා,මුලින්ම කොම්පුටරේට වැඩ කරන්න තියන ස්කෝප් එක පෙන්නුවම හරි..:)

      Delete
  5. නැත්තන් ඉතින් අහවල මළදානෙකටද මේක.. මාතෘකාව රහ නෑ.. වෙනස් කලා නම් අනිවා හිට් වැඩි වෙනවා..

    ReplyDelete
    Replies
    1. නමෝ විත්තියෙන් "XXX"

      Delete
    2. ඔව් බන් ඊට පස්සෙන් පහු ඔය මගේ මැෂිම නිකන් ගණිකාවකගේ මට්ටමට පත් උනා.හැමෝම වැල බලන්න එන්නේ අපේ බෝඩිමට.හැබැයි මාර ආතල් කාලයක්.

      Delete
  6. කොලු කාලේ කියන්නේ මේ කාලෙට තමා හැම දාම නෑ හැමතැනම නෑ.. මාතලන් ගේ හෙඩිම මරු ඒක දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න මාතලන්ගේ හෙඩිම දැම්ම.ඔව් බන් හොදම කාලයක් ගෙව්නේ.අයේ නම් එන්නේ නෑ.අවුරුදු 4ක් ගෙව්න දන්නෙත් නෑ.එතනින් මෙහාට.. අයියෝ සංසාරේ.මම ඔය ලියල තියෙන්නේ දෙක තුනක්...

      Delete
  7. වැලක් පෙන්නුවම ඕන යකෙක් හ්ම් නැහැ කියලා නේද අපිට මේ පෝස්ට් එකෙන් ගන්න පුළුවන් දේ? :D

    ReplyDelete
    Replies
    1. අඩේ ඉතින් හැම මොහොතක්ම විදින්න එපයි නේද? යාලුවෝ එක්ක නම් ඕන වෙලාවක් ආතල් ගන්න බැරිය..

      Delete
  8. මේ කතාවේ වැලවල් දෙකයි. ඒක නෝට් කලේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අක්කගේ රැදී වැලයි, අපේ උන් බලපු එකයි ද?

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .