Monday 27 May 2013

වටිනාම ඉංගිරිස් වචන තුන "ලෙට් මී චෙක්" . . .

මම කලින් පොස්ට් එකක කීවනේ මගේ බොස් ගැන සහ නොදන්නා රැකියාවක් කරන්න ආව කියල.මගේ බොසා කියල තිබ්බේ කාටවත් කියන්න එපා කියල කලින් මේ රැකියාව කරලා නෑ කියල.මොකද කියන එක ඒ වෙලාවේ තේරුනේ නැතත් පස්සේ තේරුන විදියට මට ගෙවපු ගාන වගේ 3 ගුණයක් මුන් ගන්නවා ව්‍යාපෘතියෙන්.ඉතින් මම වගේ එන්ට්‍රි ලෙවෙල් කෙනෙක් අරගෙන වැඩ ටික කර ගත්තම ලොකු ගානක් ලාබයිනේ.මටත් ඉතින් වැඩ ටික ඉගෙන ගන්න පුළුවන් අනික ඒ දවස්වල හැටියට පඩියත් හොදයි. ඉතින් මම කාටවත් කිවේ නෑ.

හැබැයි ඕක පොඩි අව්ලක් වෙන වෙලාවල් ආව.දැන් ව්‍යපෘති වලට ගියාම වැඩ කරන්න වෙන්නේ මගේ බොසා එක්ක නෙමේනේ,ඒ ඒ ව්‍යාපෘතිය බාරව ඉන්න කළමනාකරු/උපදේශක වරු එක්කනේ. තාක්ෂණික ගැටළු ප්‍රශ්නයක් නෑ.අනික්වා තමා අව්ල. දැන් මම ඕවට ගියාම උන් හිතාගෙන ඉන්නේ මේ රැකියාව කලින් කරලා තියනව කියල.ඉතින් අර ටයිප් මිස් මැච් එරර් එක එනවා.

දැන් කොහොමද ඕක ගොඩ දාන්නේ.ලොකු ප්‍රශ්නයක්.වැඩේ තියන්නේ ඔය කියන දේවල් කරලා දුන්නහැකි තේරෙන්න කියනවා නම්.ඔය එක එක විෂයට තියනවානේ පාරිභාෂික වචන.දැන් ඕව දන්නේ ඔය විෂය හදාරපු කෙනෙක් හෝ රැකියාව කල කෙනෙක්. මම වැඩේ කරන්න දැන ගත්තට ඕකට කියන පාරිභාෂික වචන දන්නේ නෑ.රැස්විම් වලදී ප්‍රශ්න අහන්නේ ඔය වචන වලින්.

මුලදී බොසා මට කියල දීපු වැඩ ටික මම නියමටම කරගෙන ගියා. ඌටත් සැටිස්.හැබැයි බොසා ඉතින් එන එන විදියට ගහ උළුවස්සා ඩයල් එකක්.හැබැයි ඌ ගහන එක ගහනවා යේ අව්රුද්දක් ප්ලෑන් කල උන් බ්ලාස්ට් වෙන්න.හොද අත්දකිම් තියන පොරක්.

ඔන්න එක ව්‍යාපෘතියක,කාමර සීතල කරන පෙට්ටි වලට එනවානේ ඔය සීතල වතුර.ඔය සීතල වතුර එන්නේ ලොකු මැෂිමකින්.ඔය මැෂින් වලට ඉංගිරිස් වලින් කියන්නේ "chillers" කියල.ඕව ටිකක් ගණන් බඩු. ඉතින් මම ඔය මැෂින් 3ක් තෝරලා ගන්න යන මුදල ගණන් හදල ව්‍යාපෘතියේ අනුමත තත්ත්ව ටිකත් කොපි ගහල ආයතන 3 නකින් ගත්ත මිල ගණන් ටිකත් එක්ක ගිහින් උපදේශක කාර්යාලයට බාර දුන්න.

ඔය උපදේශක කාර්යාලේ කළමනාකරු ටිකක් එක විදිහක සුද්දෙක්.ඌ කතා කරන්නේ ඉංගිරිස් උනාට කතා කරන දේ තේරුම් ගන්න රෙකෝඩ් කරලා ආපහු දහ ගමනක් අහන්න ඕන.අයිරිෂ් ජාතික සුද්දෝ එක්ක වැඩ කල උන් දන්නවා. ඉතින් මට තේරෙන්නේ " ගහ ඉන්නවා, මිනිහ තියනව " වගේ. 
පින්තුරේ මෙතනින් : interviewpenguin.com 
දැන් ඔන්න මූකා එක එක ඕනෑ නැති ප්‍රශ්න අහන්න ගත්ත. ඔක්කොම පාරිභාෂික වචන.දැන් මම බ්ලාස්ට්.දැන් අහන්නද මුගෙන් " සර් දැන් කෙරෙන්න තියන වැඩේ සරලව කීවා නම් කරලා දෙන්න පුළුවන්" කියල.බැහැනේ.කල්පනා කලා කොහොමද ගැලවෙන්නේ කියල.

එක පාරටම මතක් උනා මගේ යාළුවා ඉස්සල්ලම රැකියාවට එනකොට කියල දිපු වචන 3ක්.

 මම ඔක්කොම අහගෙන ඉදල කීවා " ලෙට් මී චෙක් " කියල.

ඌ කතා කරන එක නැවත්තුව.ටිකක් වෙලා ඉදල මට කීවා."ඕ.කේ, අයි නීඩ් ටු  නෝ දීස් තින්ග්ස් බයි ටුමෝරෝ" කියල.

හෙට කියන්නේ මට කාලේ වැඩිත් එක්ක ඔය කියන ඒවා ටික නෙට් එකේ ගහල වචන ටිකයි වැඩෙයි ඉගෙන ගෙන ඕන කරන දේ කර ගන්න."දැන්" කියන එක තමා මගේ හතුරා...

එදා ඉදන් කව්රු හරි මගෙන් ඕන නැති ප්‍රශ්න අහන්න අවොත් මම ගාව තියන්නේ එකම එක ආයුදයයි           " ලෙට් මී චෙක් ".  මේක හෙන පවර්ෆුල්...


14 comments:

  1. ලෙට් මී චෙක්

    ReplyDelete
  2. නියමයි! අාධුනිකයින්ට හොද පොයින්ට ඒකක්.

    ReplyDelete
    Replies
    1. තව ඒවා තියනවා..කතාවක් එක්ක හිමිට දාන්නම්.හැබැයි වැරදුනොත් වගකීම් නැත...

      Delete
  3. අලුත් පාඩමක් මගියගෙන්... බලමු දවසක මේකත් දාල කොතැනකට හරි.

    ReplyDelete
    Replies
    1. දාපන් බය නැතුව.මේක හරි යනවා.මොනවා කියන්නද බන් ඕ.කේ විතරයිනේ කියන්න ඕනේ කරන වෙලාව ගන්න පුළුවන් මේකෙන්...

      Delete
  4. Replies
    1. චෙක් කොරල බලහන්කො... හරි කියල හිතෙයි ...

      Delete
  5. මටත් තියනවා ඔහොම වචන තුනක්
    Will take a look

    ReplyDelete
    Replies
    1. මේකත් හොද වචන තුනක් නේ... ඕන කරන වෙලාව හම්බ වෙනවනේ..ඔය වගේ වචන වල තියන වටිනා කම ඒ වගේ වෙලාවකට මූන දීපුවම තම තේරෙන්නේ නේද?අපි හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න ලොක්කොත් බේරෙන පොයින්ට්ස් දානවා මම දැකල තියනව.උන්ට නම් කුෂන් එකක් තියනව එක නිසා කෙලින්ම කලේ ඉල්ලන පුළුවන්නේ.

      Delete
  6. තව ඕවගේ ඉංගිරිස් වචන ටිකක් ඉගෙන ගන්න හිතුනා. මේ මම ආවමයි ඒ පැත්තේ. නියමයි මඟියා. ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. එලස්, ,ඉගෙන ගෙන අපිටත් කියා දෙන්න අමතක කරන්න එපා... ඕව හරි වටිනා දේවල්...

      Delete
  7. මගියගෙනුයි සයුරිගෙනුයි වාක්‍ය දෙකක් (Y)

    ReplyDelete
    Replies
    1. :) මෙව්වා හරි වටිනවා බන්.බලහන් චෙක් කරලා.ඕකෙන් මම කොච්චරවත් ගොඩ යනවා.මොකද කියන්න දෙයක් නෑනේ.අනිවා කාලය ලැබෙනවා.

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .