Sunday 26 May 2013

අම්මප ඒ පොලිස් කාරයට දෙයියන්ගේම පිහිටයි ...

මේක ඊයේ හවස උන වැඩක්.මම වැඩ කරන වැඩ බිම තියන්නේ නගරයෙන් පිට ප්‍රදාන පාරෙන් ටිකක් ඇතුලට වෙන්න.ප්‍රදාන පාරේ ඉදන් පොඩි අතුරු පාරක් තමා තියන්නේ වැඩ බිමට යන්න.උදේ එනකොට ප්‍රදාන පාරේ එන පැත්තෙන්ම තමා ඔය අතුරු පාර තියන්නේ. ඒක නිසා අව්ලක් නැතිව යන්න පුළුවන්.

හැබැයි හවස යනකොට මට පාරේ අනික් පැත්තට එන්න ලොකු දුරක් ඇවිත් අපහු හරවාගෙන (යු ටර්න් ගහගෙන ) එන්න වෙනවා විනාඩි 20  ක් විතර දුර ගිහින්.

මේ පාර මම වාහනේ ලියාපදිංචිය අලුත් කරද්දී ලොකු ගානක් දඩ මුදල් විදිහට ගෙව්වා.ලංකාවේ මුදලින් ලොකු ගානක්.එක නිසා මේ අව්රුද්දෙ කිසිම දඩයක් කන්නේ නැතිව ඉන්න ඕන කියල හිතාගෙන උන්නේ.

ඊයේ කාර්යාලයේ වැඩ ඉවර වෙලා ඔය අතුරු පාර දිගේ එනකොට මට ඉස්සරහින් ආපු වාහනයක් එක පාරටම වංගුවකින් පස්සේ නැතුව ගියා.මම බැලුව මූ කොහාටද ගියේ කියල.ටිකක් වෙලා නතර කරලා බලපුවම එතනින් ලොකු වාහන ගියපු වැල්ලේ පාරක් තියනව.ෂුවර් එකටම කෙටි පාරක් තමා කියල මමත් හරවාගෙන ඕක දිගේ ගියා.ගිහාම මෙන්න අර හාදය යනවා මට ඉස්සරහින්.ඔහොම යනකොට තේරුණා මේ පාර යන්නේ කොහාටද කියල.

පින්තුරේ ගත්තේ : ව්ව්ව්.http://dohanews.co/image/16401244996
මේ ප්‍රදාන පාරවල් ඒ කියන්නේ හයිවේ හදල තියන්නේ ඔය කාන්තාරේ ඉන්න ඔටුවන්ට ( නෑ මේ කියන්නේ කකුල් හතරේ ඔටුවන් කියන සත්ත්ව ජාතියට ) පාරේ අනිත් පැත්තට යන්න උන් වැඩි පුර ඉන්න තැන් වලින් පාර යටින් උමගක් එක්ක. සමාන්‍යයෙන් නම් ඔකේ වාහන යනවා. හැබැයි මෙතන පැහැදිලිවම ලියල තියනව වාහන වලට යන්න එපා කියල.මට ඔය පොඩි පොඩි බෝර්ඩ් කෑලි පේනවා හොරයි.එක පාරක් නාන්න උනෙත් ඔය වගේ බෝර්ඩ් එකක් ගණන් ගන්නේ නැතුව ගිහින්. තව අර ගෙවපු දඩ වලින් වැඩි හරියකුත් බෝර්ඩ් ගණන්ගන්නේ නැතිව ගියපුවා.

ඉතින් දැන් කල්පනා කරනවා යනවද නැද්ද ...කොහොම හරි මගේ නොහික්මුණු සහ ලජ්ජා නැති කම ජය ගත්තා...හොදටම විනාඩි 20 ඉතිරි කර ගන්න පුළුවන් කියල දැන් පහලට ගියා.මට කලින් ආපු එකා ගිහින් මේ වෙනකොට .මමත් හිමීට ඔය උමගේ කට ලගට ආව.හොම්බ ඇතුලට දානකොටම අර කලින් ආපු වාහනේ නතර කරලා.එකපාරටම පොඩි සැකයක් ආව, පරක්කු වැඩී මෙන්න ඉන්නවා බිත්තියටම හේත්තු කරලා නවත්තපු පොලිස් ජීප් එකක්.දැන් මට කට උත්තර නෑ.එක දැකපු ගමන් නැවැත්තුව.ඔතන පාරක් නෑ වැල්ල තියන්නේ ඉතින් යනවා නම් ඉක්මනට යන්න ඕන එරෙන්නේ නැති වෙන්න.

දැන් නවත්තල පස්සට ගන්න බැලුව.ම්හු එන්නේ නෑ තව ටිකක් එහාට මෙහාට කරලා දගලනකොට වැඩේ හරි.වාහනේ ගන්න බෑ.හොදටම වැල්ලේ එරිල.

දැන් පොලිස් කාරය අරුට දඩ කොලේ දිල යවල බලාගෙන හිටිය මම හොදටම එරෙනකල්.ඉදල වාහනේ ස්ටාර්ට් කරගෙන ආව ලගට.ඇවිත් කියනව ඇයි බෝර්ඩ් කියවන්නේ නැද්ද කියල.මම කිව අද විතරයි එන්න ආවේ.ආපහු නම් එන්නේ නැත කියල.මිනිහ දඩ ගහන පොතත් අරගෙන බැස්ස.බැහැල ඇවිත් මට වාහනෙන් බැහැල අයින් වෙන්න කිව.

මම දැන් හිත හදාගෙන ඉවරයි දඩය කන්න.හැබැයි දැන් වාහනේ මෙතනින් අද ගන්න හොද කට්ටක් කන්න වෙනවා.

මිනිහ වාහනේ ඉදගෙන එහාට මෙහාට කරලා කොහොම හරි එලියට අරගෙන දුන්න.වාහනේ ඉස්සරහ යට තියන ප්ලාස්ටික් තහඩුව ගැලවිලා.

මේ වගේ පාරවල් වල යන්න එපා කියල තියන්නේ ඕක නිසා තම කියල මිනිහ ගියා... මට දඩ ගැහුවේ නෑ .

මොනවා උනත් ඌ හොද ඔටු පොලිසෙක්.

කැඩිච්ච කල්ලත් අරගෙන මම පරණ පාරෙන්ම පැයක් විතර පරක්කු වෙලා ගෙදර ආව.

ඌට හොදක්ම වෙන්න ඕන.. අම්මප දෙයියන්ගේම පිහිටයි ඌට !!!!!!!!

20 comments:

  1. බලනකොට තමුසෙනේ ඔටුවා. අපේ එවුන් ගියතැන රෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මම තමා ඔටුවා .:) . . . දෙවැනි එක නම් කව්රුත් කොහේ ගියත් කරන්න එපයි ...

      Delete
  2. මෙහෙත් සමහරවිට ඔහොම ඔටුවො සෙට් වෙනෙවා ...

    ReplyDelete
    Replies
    1. මූ බන් හොද ඔටුවෙක් :)

      Delete
  3. මගියටත් වෙන වැඩ ඈ..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ආයේ නම් මෙහෙම වැඩ නොකරන්න හිතා ගත්ත...

      Delete
  4. ලංකාවෙ පොලිසෙක් හම්බුනානං?

    ReplyDelete
    Replies
    1. මන්ද බන් කී දාහකින් ගැලවෙන්න වෙයිද දන්නේ නෑ...මෙහෙත් පොලිසෝ එච්චර හොද නෑ,මූකා ටිකක් හොද එකෙක්.නැත් නම් දඩේ ගහනවමයි...

      Delete
  5. ඔයින් ගියා මදැයි! අපරාදේ දඩ කන්න හිත හදාගත්තේ!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ආයේ නම් කොච්චර දුර උනත් තාර දාපු පාරවල් වල විතරයි යන්නේ ...:)

      Delete
  6. ඔටුවො පස්සෙ යනවට හොඳ වැඩේ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ආයේ නම් මෙහෙම වැඩ කරන්නේ නෑ කියල හිතාගෙන ඉන්නේ.වැඩේ කියන්නේ බන් අර කර්ටූන් වල යනවා වගේ සන්තුවරයයි යක්ෂයි කියන එකිනෙකට පරස්පර දෙයින් යක්ෂය කියන දේමනේ බන් කරන්න හිතෙන්නේ ....:)

      Delete
  7. ඔක්කොම පරණ පෝස්ට් ටික කියවන මෙතනට ආවා. මෙහෙ මං ඔය වැඩේ දැකල තියනවා. උන්ට හිතුනොත් මූ මේකෙන් පාඩමක් ඉගනගත්තා කියල ආයේ මොනවත් නෑ ඌ යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එක වෙන්න ඇති මගේ වාහනේ පාඩුවට, ගහන්න ගිය දඩේ ගලපුනානේ.හැබැයි මට එරිල තිබුන තැනින් අරගෙන දුන්න එක නම් මචන් ලොකුම ලොකු පිනක්.මම කරන්න හිටිය නම් ලොකු ලෙඩක් වෙන වැඩක්... ඉස්තුති මචන්.. හොද නරක තියේ නම් කියහන් හදා ගන්න ..

      Delete
  8. දුර්ලභම සිදුවීමක්නේ.

    මාත් ලියලා තියෙනවා පොලිස් කතා පහක්ද කොහෙද.

    Close Encounters of the Cops Kind.

    ReplyDelete
    Replies
    1. එළනේ.මම බලන්නම් ඒකත්..

      Delete
  9. ලංකාවේ නම් මේ වගේ දේවල් අතිශය දුර්ලභයි :D

    ReplyDelete
    Replies
    1. මචන් බොහොම දුර්ලභයි...කීයක් හරි කැඩෙනවාම තමා ...

      Delete
  10. මං කල්පනා කරන්නේ ඇයි යන්න එපා කියල තියෙද්දී එතනින්ම ගියේ කියලා.

    විරෝධතාවයක් සඳහාද?
    නැතිනම්, නොසැලකිල්ලද?
    එහෙම කරන්න එපා ය කියලා පැහැදිලිවම කියලා තියෙන එකක් කරන්නම ඕනෑ කියලා හිතෙනවාද?

    ReplyDelete
    Replies
    1. මෙකෙදී නම් කකා නොසැලකිල්ල :(.මගේ වැරදි වලින් එකක් ඕක.කොච්චර පරිස්සම් උනත් මොනවහරී තැනකදී ඕක නිසා මට පාඩුවක් වෙනවා.එක මගේ දුර්වලතාවයක්....

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .