Friday 14 June 2013

ඔන්න මස්සිනාල ...


පින්තුරේ ගත්තේ:www.sodahead.com -

කොල්ලෙකුට බැන්දට පස්සේ හොද මස්සිනාල ටිකක් හම්බවෙන එක වාසනාවක්.හොදට බොන්න ඒවරේඩි,අයිය මල්ලි නැතුව මචං කියල කතා කරන්න පුළුවන් සෙට් එකක් හම්බ වෙන එකේ ගතිය දන්නේ එහෙම හම්බ උණු උන් විතරයි.

ඒ වගේම කොච්චර හොදට සෙට් උනත් පිස්සු නටන එකෙක් හම්බ උනොත් ...

අපේ අම්මටයි අප්පචිටයි ඉන්නේ එක කොල්ලයි කෙල්ලො දෙන්නයි.ඉතින් මට පිරිමි සහෝදරයෝ හිටියේ නෑ.අපේ අක්ක හොයාගත්ත එකා හොදයි.හැබැයි ඌ ටිකක් සම්මත ආකාරයේ පොරක්.සෙට් වෙන්නේ නෑ. නංගි බැඳපු එකා මට වඩා වැඩිමල් අවුරුද්දක්.ඌට අයිය කියන්න ඕන.ඌ අයිය වගේ ඉන්නේ.ඒකත් කේස්.ඉතින් මට අපේ පවුලේ මස්සිනාල දෙන්නම සෙට් වෙන්නේ මස්සිනාල නිසා පමණයි.ආතල් නෑ.

අපේ බිරින්දෑගේ පවුලේ අයියල 3 යි, අක්කල 2යි, මල්ලිලා 1යි. ඔය මස්සිනාල 3න් දෙනා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්.ලංකාවේ ඉන්න අක්ක බැඳපු අයියත් ඒ වගේ,යාලුවෝ වගේ ආශ්‍රය කරන්න පුළුවන්.බොන්න ගියාම උන් එක්ක බොන්න බෑ.අපිට ලැජ්ජයි.උන් කොච්චර බිව්වත් වෙරි නෑ.ඉතින් බොන්න ගේනකොට කේස් පිටින් ගේන්නේ.අපරාදේ කියන්න බෑ උන් ඔක්කොම මරු.ඒ වගේම තමයි මට නිවාඩු යනකොට ලොකුම ගානක් වියදම් වෙන්නේ බීම වලට.

ඔතන එක අක්ක කෙනෙක්  සහ ඒ පවුලේ උදවිය මම තවම හැබැහින් දැකල නැහැ ඔන්න කිව්වට පිළිගන්න.පවුලේ ලොකුම කෙනා තමයි එයා.එයා ලංකාවට එනකොට මම මෙහේ.

ඔතන ඉන්න මල්ලි ගැන තමා මේ අද කියන්න යන්නේ.මිනිහ පොඩි කාලෙම අනිත් සහෝදරයෝ රැකියාවල් කරනවා.එක නිසා අනිත් අයට තිබුන අඩු පාඩුකම් මෙයාට අහු උනේ නෑ.හැමෝම ආදරෙයි.වැරද්දක් කලත් බනින්නේ නැහැ.ඕක මෙයාට නරකට හිටිය.කොළඹ ප්‍රසිද්දම පාසලට ගියත් ඉගෙන ගත්තේ නැහැ.

පවුලේ යුතුකම නිසා ලොකු අයිය නුවරඑළියේ පොඩි හෝටලයක් කුලියට අරගෙන බාර දුන්න.මාස 5ක් විතර යනකොට අල්ලපු හෝටලෙන් කෑම අරගෙන මෙයාගේ හෝටලේ නවාතැන් ගත්ත අයට කෑම සපයන්න තරම් දියුණු උනා.ලොකු අයියගේ බැංකු පොත හින්දල මිනිහ හෝටලේ වහල දැම්ම.ඔය ලොකු අයියට ටිකක් සල්ලි තියන නිසා පාඩුව දරා ගන්න පුළුවන් උනා. 

ඊ ලඟට පොඩි අයිය ඩිමෝ බට්ට ලොරියක් ෆිනෑන්ස් දාල අරගෙන දුන්න.මිනිහ නුවර එළියේ ගිහින් එළවලු අරගෙන ඇවිත් විකුනන්න කියල තමයි ගත්තේ.හැබැයි එළවලු කෙසේ වෙතත් නුවර එළියෙන් කසාදයක් නම් මිනිහ කරගත්ත.එකටත් සියලුම අනුග්‍රහය පවුලේ සැම.අනේ අර ෆිනෑන්ස් එක පොඩි අයිය ඒ බැඳපු අක්කත් එක්ක එකතු වෙලා කොහොම හරි ගෙව්වා.දැන් මූ ඉස්සරහ දොරෙන් එනකොට පොඩි අයිය පස්ස දොරෙන් යනවා දැක්කොත් කලිසමත් නැති වෙයි කියල.

දැන් මම මෙහෙ ආවට පස්සේ මට මිනිහ කිවා, කොහොම හරි මාවත් ඔහාට ගන්න කියල.මමත් බැඳපු අලුතනේ ලකුණු දා ගන්න ගොනා උනා.සියලු අනුග්‍රහය කරලා මෙහාට අරගෙන රැකියාවක් හොයල දුන්න.

එදා ඉඳන් මම මූ ගැන බලන්න ඕන.හැම මාසෙකටම සැරයක් බිල මොනවා හරි කර ගන්නවා.දැන් අවුරුදු 3ක් තිස්සේ.අදත් වැටිලා ඔලුව පලාගෙන.ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දාල කන්න බොන්න හදල තියල මම දැනුයි ආවේ.

ගිය පාර රැකියා කොන්ත්‍රත් එක ඉවර උනාම මම කිව අයින් වෙන්න එපා.ඔකේ තව ටිකක් ඉන්න කියල.ඇහුවේ නැහැ.අයින් වෙලා ගියා.ලංකාවේ ව්‍යාපාරයක් කරන්න කියල.ගිහින් මාස 3ක් යනකොට අරගෙන ගිය සල්ලි ඉවරයි.

ආපහු මම ගෙනත් රැකියාවක් හොයල දැම්ම ලංකාවේ නිකන් ගෙදර ඉඳල කාලේ කන නිසා.දැන් පොඩි දුවෙකුත් ඉන්නවා.මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියල.ඕන දෙයක් කර ගනින් කියල අතඇරලා දාන්න කියල හිතුනත්, කොහොමද කරන්නේ.අනිත් සහෝදරයෝ හැමෝම හොදින් ඉන්නවා.දෙන්නෙක් පිට පදිංචිය.මේකට මොනවා උනාද ????.කොල්ලෙක් විදියට හොදයි.මට වඩා අවුරුද්දයි වයස අඩු.නමුත් මටත් කරන්න පුළුවන් සීමාවක් තියනවා නේ.මේකාගේ අක්ක වෙච්චි මගේ ගෙදර උන්දැට කිවම තව ටිකක් බලන්නලු ..................................

ඔය වෙලාවට තමා හිතෙන්නේ මාමණ්ඩි මේකව හැදුවට වඩා හොදයි _______________ නම් කියල ........



30 comments:

  1. හුරතලේට හැදුනම ඔහොම තමයි. ඔයැයිල එයැයිට පරණ ණයක් තියනව වගේ

    ReplyDelete
    Replies
    1. අඩේ ඔය නය ඉවර වෙන්නේ නැති ණයක් වේගෙන එනවා වගේ බන්.මටත් වැඩ තියනවනේ බන්.මූ ගැන බල බල ඉන්නම බැහැනේ.

      Delete
  2. ඒ වුනාට බං ඔය හැටි පිහිදුව හැකිය සරමේ වුනත්.

    ReplyDelete
    Replies
    1. මේකව නම් මචන් පිහා ගන්නම තම තිබ්බේ.ගදර ගියාම ඒ වයසක මනුස්සයට කරදර කරනවා ගේ ලියල දෙන්නලු.පැන්ෂන් එකෙන් සල්ලි ඉල්ලනවා.මහා කරදර ගොඩක් බන්.මට කමක් නෑ එව්වා.මට කරදර කරන එකනේ බන් ඉවසන්න බැරි.

      Delete
  3. පව් අප්පා මස්සිනාල බලාගන්න එක වගකීමක් නෙව.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මචන් මේක මට පුරුදු දෙයක් නෙමේ බන්.මෙහෙම ළමයි හදනවා වගේ පස්සෙන් ඉන්න පුළුවන් බන් දැන් වයස අවුරුදු 32 ක්ද කොහෙද.. දැන් මේ මාසෙට දෙවැනි පාර.කලිනුත් ගෑස්ට්‍රික් වැඩිවෙලා කියල එකත් මල ජරාවක් බිලා...සිරාවටම පරණ ණයක් බන් ....

      Delete
  4. "Loku Ayyawa" anugamanya (follow) karapan. natnam ubath kalisamat nati wevi.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. එක කළා නම් මම හැමෝගෙන්ම අහගන්න වෙනවා බැලුවේ නෑ කියල.කොච්චර කලත් බන් ඔය නෑයෝ එක දෙයක් නොකලාම කියන්නේ කළා කියල නෙමේනේ ...

      Delete
  5. මමත් තනියෙන් ජීවත්විච්ච හින්ද දැං ඉන්න මස්සිනාල දෙන්නගෙ අගේ හොඳට තේරෙනව.
    මොන වරදක් තිබ්බත් අතඅරින්න හිතෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් එක ඇත්ත.මූ කොල්ලෙක් විදියට හොදයි.හැබැයි හැදෙන්නේ නැහැනේ.හාර්ට් එක එන්ලර්ජ් වෙලා කියල බොන්න එපා කිව මේ ගිය සතියේ.ගෑස්ට්‍රික් වැඩිවෙලා වැඩට යන්නේ නැතුව ඉන්නකොට.මචන් මට දැන් දැන් මේක වදයක් බන්.මටත් වැඩ තියනවා නේ බන්.මේකව බල බලා ඉන්න පුළුවන්ය ........

      Delete
  6. ඔය මස්සිනාලා සහ ඔක්කොම ඉන් ලෝස්ලා පැකේජ් ඩීල් එකක් කියලා හිතලාහිත හදාගං ඉවාන්.

    ReplyDelete
    Replies
    1. අනිත් උන් උදව්වක් මිසක් කරදයක් නෑ.මූටත් උදව්වක් කල හැකි නමුත් පොඩ්ඩක් හරි හැදෙන්න ඕනනේ හෙන්රි.

      Delete
  7. අත අරින්න එපා කොහොම හරි ගොඩ ගන්න බලපන්.. හැබයි ඌත් එක්ක බොන එක නවත්තපන්. කියපන් කවදා හරි මිනිහෙක් උන දාට ඌත් එක්ක බොන්නම් කියලා.. සමහර කාළකන්නි බීම කලාවක් කියලා දන්නෙ නෑ.. පොඩි උදව්වක් කරන්න පුළුවන්... මේල් එකක් දාපන්.... සමහර උන් ජීවීතේම ගෙවන්නේ ඔහොම තමයි...

    ReplyDelete
    Replies
    1. මම ඌ එක්ක සෙට් වෙන එක ගොඩක් අඩු කරලා තියන්නේ.ඒ උනාට දොස්තර කිව බොන්න එපා හාර්ට් එක එන්ලාර්ජ් වෙලා තියන්නේ කියල.මම මේල් එකක් දැන්නම්....

      Delete
  8. සාමාන්‍යයෙන් තුන් හතර දෙනෙක් ඉන්න පවුල් වල ඔයවගේ ඩයල් 1ක් ඉන්නවම තමයි. මොනව කරන්නද පුළුවන් විදියට උදව් කරපං.

    ReplyDelete
    Replies
    1. ඒ එකා ඇති රාජ් ඔක්කොටම කරදරයක් වෙන්න.මට ඊයේ රෑ එපාම උනා.මම කරලා තියනවා මූට මගේ සහෝදරයකුට වඩා...දැන් ළමයෙක් ඉන්න එකේ පොඩ්ඩක් හරි හදන්න එපාය...

      Delete
  9. මොනව උනත් කුකුල් බෙටිත් වෙදකමට ඕනෙ වෙනවා වගේ, මොන තරං අප්සට් බුවෙක් උනත් හරි යන වෙලාවක් එනවා මගියා.

    ReplyDelete
    Replies
    1. මට මුගෙන් ඕන කරන එකම දේ තමා තමන්ගේ ගැන තමන්ට බල ගන්න පුළුවන් වෙන එක බන්.උදව් කරන එක අවූලක් නැහැ.හැබැයි හැමදාම එකම වැරැද්ද ... එපා වෙනවනේ බන්....

      Delete
  10. අම්මෝ අවු. 32 ක් කියන්නේ සෙල්ලන් වයසක්ද? හොඳට පිළිවෙලක් වෙලා ළමයි එහෙම හදාගෙන ඉන්න ඕන කාලයක් නේ.
    හැබැයි එකක් තියනවා අයියේ..ඔයත් එයා එක්ක බොනවානම් ඒකනම් හොඳ දෙයක් නෙමෙයි. එහෙම කරන ගමන් උපදෙසක් දුන්නත් ගණන් ගන්න එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි,ඒක ඇත්ත.. මමත් වැරදි එතැනදී.දැන් ඒක නතර කරන්න ඕන.මම ටිකක් තදින් ඉන්න වෙයි තරහ උනත් කරන්න දෙයක් නැහැ.ඔය තුවාල ටික හොද උනාට පස්සේ මම කියනවා මෙහෙම කරනවානම් ලංකාවට යන්න ලෑස්ති වෙන්න කියල.මම දන්නා කෙනෙක්ගේ කොම්පැනි එකකට දැම්මේ.එයාට කියල යවනවා.වෙන කරන්න දෙයක් නැහැ.හැදෙන්නේ නැත්නම්.මට සහෝදරයෝ හිටියේ නැහැ මෙහෙම ප්‍රශ්න වලට මම මුණ දුන්න පළවැනි වතාව මේක.දැන් මටත් ඇති වෙලා තියන්නේ.

      Delete
  11. ඔය කොරන එක නවත්තපු හෑටියෙ කලින් කරපු ඔක්කොම අමතක කරල පස් පඩන්ගුවෙ බනින්න ගනිද දන්නෙ නෑ නෙ?

    ReplyDelete
    Replies
    1. එක තමා ඉතින් සාමාන්‍ය ක්‍රමය.එහෙම උනොත් එකත් කමක් නැහැ කියල හිත හදාගෙන තමයි කරන්න වෙන්නේ ...

      Delete
  12. සිරාවටම සමහර මිනිස්සු ජීවත් වෙන්නේ වගේ වගක් නැතුව. එක අතකට එහෙම ජීවත් වෙන එක පට්ට ආතල්. ඇයි කිසි වගකීමක් නෑ.. රිස්ක් එකක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ මිනිසුන්ගේ වගකීම පවුලේ උදවියට ගන්න වෙන එකනේ කරුම ගෙවනවා කියන්නේ...

      Delete
  13. Replies
    1. මගේ පව පව ....උගේ පින .. දෙන්නම් මම පින ඌට ....

      Delete
  14. කන පැලෙන්න ශොට් එකක් දෙන්න...

    මෙතන මෙහෙම කිව්වට සෙට් වෙලා බොන කොට ඔහොම කියන්නෙ නැතුව ඇති... හිහිහිහි

    ReplyDelete
    Replies
    1. බොනකොට බන් මේකනේ මෙව්වා කිව කියල ඌට ගානක් තියන එකක්යැ...දැන් කොහොමත් ඌත් එක්ක බොන එක නතර කරන්න ඉන්නේ...නැත්නම් මගේ උඩ තමා යන්නේ ඕකට මොනාහරි උනොත්..

      Delete
  15. පොර නිකං සිවලී හාමුදුරුවන්ගේ දේවදත්ත වර්ෂන් එක වගේ!

    ReplyDelete
    Replies
    1. හොදම දෙවදත්තයෙක් කකා.මට පුදුම වදයක් දුන්නේ.ඔය සිද්දියට පස්සේ මම කිව උඹ ගැන උඹ බලාගනින් මට කරන්න බැහැ කියල.තවත් බොනවා.අනේ මන්ද මේකව යවල දන්නා ඕන කකා නැත නම් මට තමා වදේ...

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .