Wednesday 30 October 2013

සුළුදිය කරුමය ගෙව්වෙමි . . .

ඔපිසියට අලුතෙන් ආව කෙල්ල(කාන්තාව) හැලුව කෝච්චි ඉස්ටෙසම ලගින්.දාල මම ගියා චමරියට අමතක වෙල අරගෙන ආපු ගෙදර ඩොන්ගල් එක ලන්කාවට යන එහෙකුට දෙන්න ගෙදෙට්ට යවන්න.

ගියාම මෙන්න අලුත්ම රසකාරක බෝතල් වගයක් පුරවල පැන්ඩගෙ ඇදුම් අල්මාරියෙ.වයිවාරන එව්ව වගයක් ඇන්න ඇවිත් කවුරුහරි.දැන් ඉතින් මෙව්ව මෙහෙම ඉදුල් නොකර යන එක කාට කාටත් හොද නැති නිසා වෙලාව සවස 5උනත්,බෝතලයක් කඩල කැරපොත්තො දගලපු වීදුරුව හෝදල නමාගත්ත සෙන්ටිමිටර් 4ක්.
පින්තුරෙ http://www.declutterdaily.com/2011/11/
ඕකත් ඇනගෙන මම පහලට බහිනකොට පැන්ඩ එනව.ඌට මගෙ ලන්කාවෙ නොම්බරෙ දීල මම ගෙදර එන්න පිටත් උනා.

මගක් එනකොට ලන්කාවෙ කඩේට ගිහින් පැකට් කරල තියන අගුන කොල එහෙකුයි,ගොටුකොල ටිකකුයිත් අරගෙන මහ රජාගෙ පාරට එනකොට ඔන්න වෙලාව 7යි.

මහ රජාගෙ පා‍රට තියන ඉල්ලුම මේ වෙලාවෙ වැඩි නිසා මම කාන්තාරෙ මැදින් යන අර වගෙ දෙගුනයක් දුර පා‍රෙන් යන්න කියල දැම්ම.

ඔය වෙනකොට පොඩි පහේ අවශ්‍යතාවයක් අවිත් තිබුනත් වැඩිපුර හිතුවෙ නැහැ මොකද විනාඩි 20 ක් වගේ කාලෙකින් යන්න පුලුවන් කියල හිතුන නිසා.

වැඩේ කියන්නෙ මම හිතුව වගේ හමෝම ඒ පාරෙන් ඇවිත් දෙන්නෙක් හප්පගෙන රෙඩියෝ එකේ කියනව විකල්ප පාරක් හොයාගන්නලු යන්න එපාලු.

දැන් මම වෙන විකල්ප හොයන්න හරවන්න බැරි තැනකට ඇවිත්.යන්න වෙන මගකුත් නැති එකේ මම ඔය පාරෙම හිමින් හිමින් ඇදි ඇදී එනව.

දැන් එන්න එන්නම මගෙ අවශ්‍යතාවය තද වෙනව.පැයක් විතර මම ඉවසගෙන උන්න මේ වෙන්කොට.පාර හරියන පාරකුත් නැහැ.
පින්තුරෙ http://mommybags.blogspot.ae/2011/12/wtf-friday_15.html?m=1
මම මට එහා පැත්තෙ කාර් එකේ අල්ලපු රටේ කොල්ලො දෙන්නෙක්. ලන් වෙනකොට අහුව මල්ලි හිස් වතුර බෝතලයක් තියෙද කියල.හිස් එකක් අහනකොට උටත් හිනා.

මගෙ ලජ්ජාව මම හිමීට පැත්තකින් තියල උගෙන් බොතලේ ගත්ත.නමුත් ඉතිරි වැඩ ටික කරගන්න අමාරුයි.මොකාද වටෙටම වාහන වල මිනිස්සුන්ට පේනව.

තවත්නම් ඉන්න බැරි ගානට අවශ්‍යතාව දැඩි වෙනවා.

මම හිමිට හිමිට අයිනේ ලෙන් එකට ඇන්න හැරෙව්වා කාන්තාරේ මැදට  තාම වැඩ ඉවර නැති පාරකට.හරවල සීට් එකේ ඉඳලම වැඩේ කළා නැගිට ගන්නවත් අමාරු තත්ත්වේ හිටියේ මම ඒ වෙනකොට.

ඔන්න ඕකයි උනේ.බුකියෙ උන් නම් නොසාහෙන්න කතා කීව.ඇත්තටම ඔය වගේ වෙලාවට විකල්පයක් ඇත්තෙම නැහැනේ .. වෙනියා නම් කිව හෙන්රිය මොකක්ද අයිටම් එකක් හැදුව කතාවක් . . .

ප.ලි : ඔන්න බෝලාගේ රස සුව පිණිස මම ඒ  පින්තුරෙත් දැම්ම . . .


29 comments:

  1. කොහොමද තියෙන සනීපෙ දැම්මට පස්සේ... ;)

    ReplyDelete
    Replies
    1. සැප කියන්නේ බොලං කියල වැඩක් නැහැ.එහෙව් කට්ටක් නම් ඕනෙම නැහැ.නැගිටින්නත් අමාරු උනා මට.

      Delete
  2. Replies
    1. හම්මා ඕනෙම නැහැ.එපාම උනා මට..හැබැයි ඕක මට නැත්තේ අයි කියල හිතෙනවා, මොකද වෙන්න පුළුවන් දෙයක් හොදටම. . .

      Delete
  3. බර නිදහස් කර ගත්තට වැඩිය අමාරුයිනේ අපේ සෙට් එකේ කතා අහන එක.. අපරාදේ කියන්න බෑ ඒ අතින් නම්..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කියාපුවා..ආයේ මොනවද ????

      Delete
  4. අර කාමරේ සිරා සහ හෙන්‍රි එහෙම කිට් එකක් හැදුවා වෙඩින් නිලමේ කිට් එක ගහන් ඉන්න කොට සූ බරක් හැදුනොත් ගොඩ දා ගන්නෙ කොහොමද කියලා පෝස්ට් එකක්ම ලිව්වා. මට ඒකෙ ලින්ක් එක හොයා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. හොයල දාහන් . . . නැත නම් හෙන්රිය දායි. . .

      Delete
    2. ප්‍රසන්න අයියට මාගේ ප්‍රණාමය...මම ලින්කුව දාන්න යද්දිම තමයි මේක දැක්කෙ...ඔන්න ගැජට්ටුව මගියො...මේ දවස් වල ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරමට අපි හිරවෙලා...එච්චරට හුජ්ජ බර දරුණුයි.

      Delete
  5. මාගේ මුත්තරා බරට තැනක් නොතැනක් නොමැත.

    පලි - මහ රෑ කඩවත පොලිසිය ඉස්සරහ චූ කළ අය අතර මා නොවෙමි.
    මහ දවල් බියගම මංසන්ධියේ චූ කළ අයෙක්ද නොවෙමි.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. වාහනයක ඉත්දී උනොත් නේ බන් මේ අව්ල.නැත් නම් මමත් ඔය කොහේ හරි කමක් නැහැ.

      Delete
  6. බෝතලේ කට පොඩි එකක් නම් එහෙම ...?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඕක කිව්වොත් එහෙම ලොකු කෙස් එකක්.මම උබට මෙලක් දාන්නම් සහිතව . . .

      Delete
  7. අපොයි ලංකාවෙනං වාහනේ පාර අයිනෙ නැවැත්තුව බැහැල පාර අයිනටම ඇල්ලුව.

    ඉතිං, තාම බෝතලේ අහවල් තැනද තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. යකෝ වාහන තදබදයක ඉන්න හයිවේ එහෙක උනොත් . . . එක ගැන මේ කියන්නේ.නිකන් පාරක නම් කොහේ උනත් මොකෝ බන්. . . බෝතලේට දැම්මේ නැහැ . . . දාන්න බැහැ බන් හැමෝටම [පේනවනේ

      Delete
  8. උබ බෝතලේ වතුර කියල හිතාගෙන බිවුව කියන කෑල්ල නෑනෙ බන්....

    ReplyDelete
    Replies
    1. බෝතලේ පාවිච්චි කරන්න බැහැ ඔය කියන සිද්දිය උන පාරේ බන්

      Delete
  9. දෙයියෝ සාක්කි! ඔන්න ඔයවගේ එමර්ජන්සි වල්ට තමයි සිරයි මායි ඩූඩ්සිරා හුජ්ජ බෑග් එක හැදුවේ. ස්තුතියි වෙනි. ස්තුතියි ප්‍රසන්න. උඹලා දෙන්නව වහාම අපේ ප්‍රචාරක කළමනාකරුවො හැටියට බඳවා ගන්නවා.

    දැන්මම, මේ අදම කොන්ඩම් එකක් සහ සේලයින් බටයක් අරන් කා එකේ ගල්ව් කම්පාට්මන්ට් එකේ තියාගනින්. රබර් බෑන්ඩ් එක දාලා සෙට් කරලාම තිබ්බා නම් හරි. ඔය බටේ කෙලින්ම වින්ඩ්ස්ක්‍රීන් වොෂර්ට් ටෑන්ක් එකට දැම්මෑකි. නැතිනම් කාපට් එක යටින් අරගෙන පෙඩල් එකක් අස්සෙන් කාරෙක යටට දැම්මෑකි.

    හිටපල්ලකො, සිරා එක්ක එකතු වෙලා කාරෙකේ ඉඳන් බොගක් පවා දාන්න ක්‍රමයක් හදාගෙන යනවා. බහුජන හිතාය. බහුජන සුඛාය.

    මොකක්ද බං මහරජාගේ පාර කියන්නේ? ඒ එක්කම ටින් ගො‍ටුකොල කොහොමද? දියරයක බස්සලද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ටයි කෝට් එහෙමත් දාන්න ඕනද?

      Delete
    2. උබල වගේ නව සිතුවිලි , පෙට්ටියෙන් එළියේ හිතන උන නිසා තමා ලෝකේ ජිවත් වෙන එක පහසු වෙන්නේ. . . හෙන්රිය සිරා දිනේවා . . .

      යකෝ සිරාවටම ඒක හොද විකල්පයක්නේ බන්.බෝතල් අරගෙන දගලනවට වඩා.

      මහා රජාගේ පාර කියන්නේ Shek Mohammad Bin Sayed Road.. . . මෙහෙ හිටපු රජතුමාගේ නම. . .

      පැකට් අගුණ කොළ කියන්නේ බන් අගුනකොට අහුරක් පැකට් එහෙකට දාල අයිස් වල ඔබල තියනවා..

      ගොටුකොල නම් නිකම්ම රිජිෆෝම් පෙට්ටිවවල් දාල සතියට දවස් තුනක් එනවා ඔය කඩේට දියබරියා යර් ලයින් එකේ . . .

      Delete
    3. කොන්ඩම් එකක් කාර් එක ඇතුලේ තියන් ඉන්න පිස්සුද ඩූඩ්ට ..? කොන්ඩම් එකක් කාර් එක ඇතුලේ තිබිලා ගෑනිට අහුවෙනවට වඩා හොඳයි කාර් එක ඇතුලේ චූ යනඑක

      Delete
    4. මම විහිළුවට කිව්වට, ඔහොම කැතීටර් එකක් තියෙනවා ඉවාන්.

      Delete
  10. වෙච්ච එකෙක් තමා දන්නේ අමාරුව . . . ඔව් . .

    ReplyDelete
  11. අනිත් දවසෙ පොඩි එකා වගේ පැම්පස් එකක් ඇදගෙන එලි‍යට බැස්සනන් ඉවරයි.

    ReplyDelete
  12. හි හි මගියෝ fb එකේ ඔය පෝස්ට් එකෙන් පස්සේ මගේ උපදේසේ පිළිපැද්දද ඈ ? හි හි

    ReplyDelete
  13. ඇම්බුෂ් එකක ඉන්නකොට නැගිටින්න බැරි හින්දා, යන්තම් සිප් එක බාගෙට ඇරලා, කොන හොයාගෙන, තමන් වැතිරිලා ඉන්න බිමටම වැඩේ කරලා, එතනම ලැගලා, තවදුරටත් ඇම්බුෂ් එකේ ඉන්න කොට දැනෙන සනීපෙ කොහොමද?

    ReplyDelete
  14. වාහනේක නං වැඩේ ලේසියි බං!

    ReplyDelete
  15. මම සිරගෙ එකෙ කමෙන්ටුවක් දැම්ම අපෙ එකෙක් ටියුසොන් ක්ලාස් එක ඇතුලෙ ඔක කෙරපු එකක් ගැන

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .