Thursday 19 December 2013

ඉස්කෝලෙ කාලෙ ලව්. . .

මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන්  ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.

ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගි‍රිස් පන්‍තියට යන්න මූලික උනේ.

පන්තිය තිබුණෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුණ.එහෙක කෙල්ලො අනිකෙ අපි.  එදා මම පන්තියට ගිය පලවෙනි දවස.ටික වෙලාවක් යනකොට දිග කොන්ඩෙ පෝනි නගුටක් දාල, සුදු පාට ගව්මක් ඇදල කලු පාට බෙල්ට් එකක් දාල කෙල්ලෙක් ආව.සුදු ලස්සන කෙල්ලෙක්.ඇවිත් වාඩි උනේ මම හිටිය බන්කුවට එහා බන්කුවෙ.

මට මේ කෙල්ල හිතට අල්ලල ගියා.ඔන්න එදා ඉදන් මම ඉන්ගිරිස් ඉගෙන ගන්නව.හැමදාම පන්ති යනව ඒ කෙල්ලව බලන්න.පන්තියෙ ඉන්නකොටත් වැඩිපුර කරන්නෙ එයා ලියන හැටි, හිනා වෙන හැටි ඔව්ව තමා.

කාලයත් එක්ක මගේ ඒකපාර්ශික ලව මෝරගෙන එනව.දැන් මම පන්ති යන්නෙ ඔය කෙල්ල නිසාමයි.නමුත් ඒකි මම ගැන කිසිම සැලකිල්ලක් නැහැ.මමත් හොදට ඇදල කරල යනව, ගෙදර වැඩ ටික හොදට කරගෙන යනව.සර් කාරය ලව්ව මගෙ නම කියව ගන්න.

කොහෙද සර් මහ එක විදියක පොරක්.කිවෙම නැහැනෙ මගෙ නම.

දැන් ඕ ලෙවෙල් විභාගෙ ලන් වෙනව.මම ඔය විභාගෙට ලෑස්ති උනේ විභාගෙට මාස හතරක් වගේ තියල.මගෙ යාලුවෙකුගෙ අයිය කෙනෙක් ගනන් පන්තියක් කලා මට.ඌ හින්ද ගනන් විද්‍යාව සමාජ අද්‍යනය හොදට පාස් වෙලා උසස්පෙල මැත්ස් පන්තියෙ එල්ලුන.

අර කෙල්ලට D ම අටක් කියල ආරන්චි උනා.අන්තිම ඉන්ගිරිස් පන්තිය දවසෙ ආවෙ නෑ.මට හෙන අප්සට්.

ඉතින් මම තවම ඒකි ගැන හිත හිත ඒ ලෙවෙල් පන්ති යනව.වැඩිය දකින්න ලැබුනෙත් නෑ.මගෙ මේ ඒකපාර්සික වැඩේ මගෙ හොදම යාලුවවත් දැනගෙන උන්නෙ නෑ.මම කීවෙ නෑ.

ඉතින් ඔහොම කාලෙ ගියා.මම ඉදල හිටල එයා උසස්පෙල පන්ති යන එව්ව හොයල ඒ පාරවල් වල ඉදල දැක බලා ගන්නව.එයාකලේ ආර්ට්ස්.ඒකාලෙ හිතන්නෙම ඒ ගැන.හැබැයි කතා කරන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බෙ නෑ.මොකද මම ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු නිසා.නමුත් මම අවදානය ගන්න පුලුවන් තරම් උත්සාහ කලා.

http://www.deepliving.com/the-role-of-disappointment-part-03/


පලවෙනි පාර උසස්පෙල කරල රිසල්ට් ආවම .මම සන්ඝමිත්තා එකට ගිහින් රිසල්ට් බැලුව, ඒයාට A 4 .කොලබ නීති පීටයෙ.මම . . .හෙහ් හෙහ් කොහොම හරි ෆිසිකල් බෝට්ටුවක් ආව පේරදෙනිය. දැන් මම හෙන අව්ලෙන්.මොකද කැම්පස් එකෙක් සෙට් වෙයි කියල.මම කොලබ කැම්පස් එකට සුහද මාරුවක් ඉල්ලුව. ලැබුනෙ නෑ.

මම හිතාගත්ත කොහොම හරි කොලබ කැම්පස් එකට යනව කියල මහන්සි උනා ෆිසිකල් යන්න කොලබ.අර මගෙ යලුවගෙ අයිය මට ගොඩාක් උදව් කලා.දෙවෙනි පාර මම මොරටුවට යන්න ආව.දැන් කොලබ කැම්පස් එකට ෆිසිකල් යන්න දෙන්නෙ නෑ.මට ගෙදරින්.හෙන කේස්.ඔය දවස් වල අපේ ගෙදර ආර්තික මැසිම කර කර ගගා දිව්වෙ.ඉතින් පේරදෙනියෙ යන්නලු.කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.හෙ හෙහ් හෙහ්   

කොහොමෙන් හරි මගෙ මේ සීන් එකට දැන් අවුරුදු පහක්.හැබැයි මම විතරයි දන්නෙ.

මම කොලබ ‍යන එක අත ඇරල ගෙදර අයටත් බරක් දීල ගියා මොරටූ.ගිහින් කොලබ කැම්පස් එකෙ යාලුවො සෙට් කොරගෙන හොයනව, හැම සතියකම දෙපාරක්වත් යනව.කර්මය කියන්නෙ කවදාවත් දැක්කෙ නෑනෙ.පස්සෙ මගෙ වියදමට මම පන්ති කරන්න ගත්තෙ මෙව්වට ගෙදරින් සල්ලි  ඉල්ලන්න  බැ‍රි නිසා.

ඔ‍ය කාලෙ තමා මම සල්ලි ගන්න බැන්කුවට ගිහින් මුද්දර ගහන්න සල්ලි නැතුව ඉන්නකොට, කවුන්ටරෙ හිටපු කෙල්ලෙක් කතා කරල මුද්දර ප්‍රස්නෙ විසදුවෙ.ඔය හිතවත්කම දුර ගියෙ නෑ මම මේ සීන් එක ඔලුවෙ ති‍යාන ඉන්න නිසා.නමුත් එයා මගෙ හොදම  යාලුව උනා.

බැන්කුවෙ කෙල්ල එක්ක මෙන්න මේ කතාවෙ සිද්දිය උන දවසෙ රෑ මම තීරණය කලා අවුරුදු ගානක මගෙ ඒකපාර්ශික ලව් එක ඉවර කරන්න.මම හිතුව මම මේ කෙල්ල එක්ක යමක් පටන් ගන්න කලින්, පරන එකට කතා කරනව කියල, ඒ කෙල්ලගෙ ගෙදර ෆෝන් නම්බරේ හොයාගත්ත.

පහුවදා කෝල් කරන්න ගියාම හිතුන, මම මේ මා එක්ක අවුරුදු හතරක් දුක සැප බෙදා ගෙන මගෙ රෙදි ටික හොදල මැදල දුන්න කෙල්ල හොදා මගෙ නමවත් නොදන්න කෙල්ලකට වඩා කියල මම එදා ඒක හිතින් අයින් කලා.

ඔය මගෙ නමවත් නොදන්න කෙල්ල නිසා මගෙ ජිවිතෙ ගොඩක් දේවල් වෙනස් උනා.

හදිසියෙම මේක මතක් උනේ . . . ගිය සතියෙ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තිබුන.ඒ යාලුව මට කතා කරල ඇහුව උබ මෙහෙම කෙනෙක් දන්නවද කියල.ඌත් මමත් එකම ඉස්කොලෙටම ගිහින් තියන එකම වයස නිසා උගෙන් අහුවලු මම මොකද කරන්නෙ කින්ද මන්ද කියල.

මට පුදුම හිතුන මේ කතාවට.මම අවුරුදු ගානක් හීන දැක දැකා හිටිය,මගෙ නමවත් දන්නෙ නැතෙයි කියල හිතපු මේ කෙල්ල මා ගැන අහනව කියන්නෙ. . . කාලය මැව් වෙනසක අරුමේ. . . .

59 comments:

  1. ඔවුවා ඔහොම තමයි බන් ,,, අනේ මේකේ අකුරු හදහන් හරියට පොඩි එකෙක් ලියල වගේ මටත් හපන් :)

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් කෙටූවෙ බන්.පොඩි එකෙක් තමා බන් ඔය කියන කාලේ.හෙහ් හෙහ්.නිකන් ලීවෙ හිතේ තිබුන දේ. . .

      Delete
  2. අඩේ ෆෝන් එකෙන් සිංහල පෝස්ට් පබ්ලීෂ් කරන්ඩ පුවවන්ද බං

    කෙල්ලෝ ගැන නං කතා කරලා වැඩක් නැත

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ බැබලි බැබලි. . . ඒකෙන් කොරන්න ගිහින් ඔය අහගන්නෙ අකුරු වැරදි කියල. . .

      Delete
  3. කෙල්ලෝ අහක බලං හිටියට ඇන්ටෙනා තියෙනවා.

    මං මේ ඕ ලෙවල් ඩී අටක් තියාගෙන ආර්ට්ස් කරන්න් ගිය කේස් එකක් ගැන ඇහැව්වාමයි. කෙල්ලගේ තාතා ලෝ කාරයෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල පන්තියට ගිහින් බැලුවෙවත් නැතුව ඉන්නව.ඉතින් කොහෙ සුවර් පිට අහන්නද.මොකද අහල හරි නොගියොත් වස ලැජ්ජාව.

      එ‍යයි කතික තරග වලට එහෙම යනව හෙන කතිකියක්.ඒක නිසා වෙන්න ඇති.තාත්ත ලෝය කෙනෙක් නෙමේ.

      Delete
  4. දැක්ක මේක බුකියෙත් දාල තියනව, මොනා කරන්ඩද දුක තමා,..අල්ලපු වත්තට වඩා පයගහපු වත්ත හොදයි කියල හිතවත් හදාගමු අයියේ...

    ReplyDelete
  5. අවසාන කෑල්ල තවත් රසවත් කිව්වා

    ReplyDelete
    Replies
    1. ඒ කොටස තමා එසෙන්ස් එක බන්

      Delete
  6. කොහෙද ඉතින් මගියට තව ටිකක් ඉවසලා ඉන්න බැරි වුණානේ :) දැන් ඉතින් මොනවා කරන්න ද? ඒ දවස්වල කෙල්ල ගණන් උස්සගෙන ඉන්න ඇති. මේක කියවපු ව ම මතක් වුණේ මගේ නෑ‍ වෙන අක්කා කෙනෙක්ට වෙච්ච දෙයක්. කොල්ලෙක් ඇණයක් වෙලා පස්සෙන් ආවා. අක්කා කිව්වා කොල්ලා කැම්පස් ගියොත් කැමති වෙනවා කියලා (ඒ කොල්ලා ඒ දවස්වල හෙන මොට්ට යි) දැන් වැඩේ හරි :) දෙන්න ම කැම්පස්!

    ReplyDelete
    Replies
    1. මම නම් යාලුවෙන්න කැම්පස් යනකල් හිටිය කියල දන්නව නම් ඒ කෙල්ල ඔනෙම නෑ.ඇයි යකෝ කැම්පස් යන උන් විතරකය යාලුවෙන්න හොද?

      Delete
    2. මම නම් ඇත්තටම ඔය වගේ කියලා කොල්ලො කීප දෙනෙක්වම ගොඩ දාලා තියෙනව.. ටික කාලයක් යනකොට ගොන් කම් තේරිලා මොලේ පෑදෙනවනෙ.. එතකොට ගොඩ දාපු කෙල්ලගෙ පස්සෙන් යන්නෙ නැතුව තමන්ගේ ජීවිතේ හදාගන්න පුලුවන් ගොඩක් කොල්ලන්ට... අපේ මහත්තයටත් අපේ අම්මලා කැමති උනේම නෑ රස්සාවක්වත් නෑ කියල... එයාව ගොඩ ගන්නත් අවුරදු 6ක් විතර ගියා... හි හි

      Delete
  7. එදා ඉදන්ම මගේ පුරුද්ද ඔහොම කල් මර මර ඉන්නෙ නැහැ බං.කෙලින්ම කියල දානව.
    තාමත් ඒ පුරුද්ද ගිහිල්ල නැහැ හෙහ්....

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල අහන්න බෑ කෙන්ජියෝ.මම පිස්සු නටල හිටියට කෙල්ලොන්ගෙ සීන් වලට ගිහින් තිබුනෙ නෑ.ඔය පලවෙනි එක.ඕක අහල බෑ කිව නම් ලජ්ජාවෙන්න වෙයි කියල හිතුන.

      Delete
  8. අම්මට සිරි! මාර කේස් තමයි මේව. මේ ගැන හිතනකොට තමයි අර ලැබීම වාසනාව වගේ දේවල් වලට මිනිස්සු යට වෙන්නෙ. යකෝ යාළුවෙක් රෙදි හේදුව කියල ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. මොරටු යන්න සුදුසුකම් තිබිල කෙල්ලෙක් නිසා කොළඹ ගාටන්න හදපු උඹ නං බූරු පැටියෙක්. සිරාවටම! :-)

      Delete
    2. අඩේ ඒකි තමා මගෙ ගොඩක් දේවල් වලදි හෙලුප් එකට හිටියෙ.හැම සතියෙම රෙදි හෝදල අය‍ර්න් කොරල දෙනව.එයාගෙ ගෙදරකොල්ලො 4 හිටිය නිසා ඔය වැඩේ ලේසි.අනික . මම ඒ ලේවෙල් දෙවෙනිපාර කලෙ ඒකි වෙන එකෙක් එක්ක සෙට් වෙන්න කලියෙන් ඇතුලට යන්න.මචන් ඔය කාලෙ උබ දන්නෑ, කොයි වෙලාවෙත් හිතන්නෙ ඔය කෙල්ලගැන.මොනව කලත් කොහෙ ගියත්.ඒක මාරම කේස් එකක්
      ඔව්ව මතක් වෙන්නෙ නෑ බොල

      Delete
  9. මේක දකිද්ද අර දවස් දෙකෙන් මිස් වෙච්ච මගේ පරණ ලවු එකක් මතක් උනා බං.. ඒපාර්ශවික ලවු මරු.. සිරාවට.. මට නං හෙන ලොට් එකක් තිබ්බ.. ආයිත් මොකටද බොරු කියන්නෙ.... ඒවා ලවු මත් නෙවෙයි.. ක්‍රෂ් වගේ.. කොහොම හරි හැබැයි එකකටවත් ඔච්චර දඟල දඟල පස්සෙන් පැන්නුවෙ නෑ කවදාවත්.. අපේ මහත්තයගෙන් අහන්න ඕනෙ එයා මගේ පස්සෙ ඔච්චර පැන්නුවද කියල... හ්ම්ම්.... හි හි

    ReplyDelete
    Replies
    1. මට නම් බන් ඒ දවස් වල ඒක නිකන් මානසිකේ වගේ බන්.ඒකි නිකමටවත් මයෙ දිහා ඇහක් දාල බැලුවෙ නෑනෙ.මම සල්ලි දීල කාර්ඩ් එකක් ඇන්න ඒකි ගිය ලොජික් කලාස් එහෙකටත් ගියා.හැබැයි මම තනි ගෙමක් ගැහුවෙ කිසි කෙනෙක් දන්නෙ නෑ.හෙ හ්හෙහ්හෙහ් . . . සිත්තරී දවසක් බුකියෙ ඔය නම දාල නිසදැසක් ලියල මම එතනදි ඒකිට කීව ඕක.

      Delete
  10. මට නම් හිතා ගන්නත් බෑ ඇත්ත ලෝකෙ මෙහෙම දේවල් වෙනව ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඕන හැටිය වෙනව.කලින් අහල නෑ කියාන්.හෙහ්හෙහ්

      Delete
  11. ලව ඒක පාර්ශික උනාට කෙල්ලත් නිකං ඉඳල නෑ වගේ.

    මොනව කරන්නද ඉතිං බඹා කොටපු හැටියටනෙ වැඩේ සිද්ද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් අනික එහෙම ඩින්ගක්වත් නොබලන එකෙක්ගෙන් අහන්නෙ කෝමද?

      Delete
  12. කෙල්ලෝ කොල්ලන් දිහා බලන විදිය ගැන හිරුවා ලියලා තිබුණා පෝස්ට් එකක් මට ඒකේ ලිංකුව හොයාගන්න අමාරුයි... අපි හිතනවට වඩා උන් කොල්ලන් දිහා බලනවා මගියෝ..හිරුවෝ දාපං ලිංක් එක මෙතැන

    ReplyDelete
    Replies
    1. කව්ද බන් ඔව්ව දන්නෙ ඒ කාලෙ.විලි ලජ්ජාව නැතිඋනේ කැම්පස් එකේ දෙපාරක් විතර නෑවමනෙ.

      Delete
  13. කොළඹ සරසවියේ පින්තූරයක් දැමීම ගැණ විරෝධය පළ කරමි.

    වැඩි විස්තර මෙතනින් කියවන්න.
    http://kathandara.blogspot.com/2013/12/hot-sixteen.html?showComment=1387506170604#c7932782155523666370

    !!!

    ReplyDelete
    Replies
    1. සෙහ් කකාටත් ඕන නැති දෙයක් නෑනෙ.ඉන්න වෙනස් කොර්න්න . . . .අනේ මන්ද බොලාලට ඕන නැති දෙයක් නෑනෙ

      Delete
    2. පොඩි සරදමක් සහ ප්‍රාචාරාත්මක වැඩක් මං ඒ කෙරුවේ.
      මේකට එතැනත් ලින්ක් එකක් දැම්මා!

      Delete
    3. ඔව් ඔව් දනිමි කකා ගරිල්ල මර්කටින්. හෙ හෙහ් හෙහ්
      .ඔන්න ජොමෙන්ට් එහෙකුත් කොටලම ආව

      Delete
    4. ජොමෙන්‍ට් නෙමෙ කොමෙන්ට් ඔන්න . . .

      Delete
    5. අද දවසට විරෝධතා දෙකක් ඒ අතර එයිට යහපත් ප්‍රතිචාර..එයිටත් අස්සේ ගරිල්ලා මාකටිං....

      Delete
    6. කියල වැඩක් නෑ තොරණෙ විස්තරේ

      Delete
  14. දැන් මේ කෙල්ලට මොකෝ වුණේ?

    ReplyDelete
    Replies
    1. මොකුත් නෑ.හොඩින් ඉන්නව. . . බැදල නෑ තාම

      Delete
  15. උඹල අපි ඔවුන් ගැන එහෙම හිතාගෙන හිටියට ඔවුන්ට හයවෙනි ඉන්ද්‍රියයක් තියෙන බව උඹ අහලම නැද්ද,ඒක පන්චේන්ද්රිය්ටම වඩා බලවත්.බොගේ නම වත් දන්නෙ නෑ කියල හිතාගෙන හිටපු කෙල්ල උඹේ අලගිය මුලගිය සියලු තැන් දැනගෙන නොදන්නව වගේ ඉන්න ඇති බවට මට බුදු ෂුවර්.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් දැන් එසේ සිතේ. .හෙහ් හෙහ් හෙහ් . . .

      Delete
  16. ඔන්න අපිත් මේ පැත්තට ආවා ....

    හරිම වැඩේ නේද වෙලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. වෙල් කම් . . .වෙල් කම් . . .තේ එකක් බොනවද මාරි බිස්කට් එක්ක
      . .

      Delete
  17. අප්පද බොල මේක කිවුවම මතක් උනේ අපෙත් හිටියා බුවෙක්. මූ A/Lමුල clz එකක කෙල්ලෙක්ට ලවු කලා ඒකපාර්ශිකව. ඌට කොච්චර කිවුවත් ඌ ඇහුවෙත් නෑ අපිට අහන්න දුන්නෙත් නෑ. අන්තිමට ලවටත් කෙල ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඇති යන්‍තම් මට ඕක නොව්න එක . ..

      Delete
  18. ඒක පාර්ශ්වික ලව් වල රසවත් බව මේ පෝස්ට් එක පුරාවටම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අරූ . . . ඔව් බන්. . . .මේ සීන් එක මට ලොකු බලපෑමක් කලා කිවුවොත් නිවැරදී. . . .

      Delete
  19. කෙල්ලෝ කියන්නේ නම් ඔහොම්මයි. අපි හිතන දේ නෙවෙයි උන් කරන්නේ. එක අතකින් ඔච්චර කරපු එකේ එක පාරක් ගිහිල්ලා ඇහුවා නම් බොට හෙණ ගහනවාද?

    ReplyDelete
    Replies
    1. අහන්නෙ කොහොමද යකෝ එකපාරක් මා දිහා නොබලපු එකියකගෙන් රෙද්දක් ඇදන. . . . මේ උන්නාන්සෙ බල එකපාරක් . . . .මම වින්ද මානසික කට්ට . . . ඕනෙම නෑ ඔකිව

      Delete
  20. දැන් මොකෝ ඒ දැරිවි කරන්නේ?

    ReplyDelete
    Replies
    1. රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙ. . . .බැදල නෑ තාම.

      Delete
  21. සාදු සාදු ගොං පඩ ශෝ දාන කෙල්ලොන්ට.. පොඩ්ඩක් බුරුලක් පෙන්නුව නම් අද දෙන්නම ගොඩනේ...

    ReplyDelete
    Replies
    1. එකනේ බොල , , හැබැයි මම හිතන්නේ හැමදේම වෙන්නේ හොදට . . එහෙම නැති උනොත් . . . .අනේ මන්ද බන් ,අ,අ,

      Delete
  22. මගෙත් පළමු ප්‍රේමය ඒකපාර්ශවීය එකක් බන්...මගේ පළමු සහ අවසන් ඒක පාර්ශවීය ප්‍රේමය ඒක වෙන්න ඇති....මොකද ඊට පස්සෙ ලව් කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහපු නිසා...රතු කොණ්ඩෙ කියලා මම ඒ ගැන පෝස්ටුවකුත් ලියලා තියෙනවා....මම ලංකාවෙදි සමරපු අන්තිම සිංහල අලුත් අවුරුදු උත්සවේ දවසෙ මෙයාව මට ටවුමෙ රෙදි සාප්පුවකදි මුලිච්චි උනා...මගේ දිහා ටිකක් වෙලා බලාන ඉදලා ලගට ඇවිත් කථා කලා...එයාගෙත් පෙනුම ටිකක් වෙනස්....ඒ උනාට පරණ සුන්දරත්වය වෙනස් වෙලා නෑ තවමත්...බැන්දද ? එයා මගෙන් ඇහුවා...මම කිව්වා තාම නෑ කියලා....එයාගෙන් ඒ ප්‍රශ්නෙම මමත් ඇහුවා....හිනාවෙලා කිව්වා...මගේ පුතාට වයස දැන් තුන හමාරයි කියලා....

    ReplyDelete
  23. ඒ කියන්නේ කෙල්ලත් ඒකපාර්ශවීයව ලව් කරලා, කෙල්ල බනිනවා ඇති අනේ මේකා වගේ හරකෙක් කෙලින්ම ඇවිත් ඇහුවේ නෑනේ කියලා . ශික් අම්මපා

    ReplyDelete
  24. ඒකපර්ශවිය මෙව්ව හැමොටම තියෙනව මචො.වුනෙ හොදම දෙ කියල තමයි හිතන්න වෙන්නෙ.කොහොමරි මොරටු ගියා නෙ එක නිසා .කොහේ සන්ඝමිත්තෙද බන් ඔය.ගාල්ලෙද?

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න ගියොත් නැති ප්‍රශ්නයක් එයි බන් ... . මගේ වැඩ ටික හොද විදියට උන එකත් හොදක්නේ , , ,

      Delete
  25. උබ ගාල්ලෙද කියල දැන ගන්න ඇහුවෙ මචො

    ReplyDelete
    Replies
    1. ආ නැහැ මචෝ ,.. .හැබැයි මම වැඩ කළා සදර්න් හයිවේ එකේ බද්දේගම සහ කුරුදුගහ ස්සයිට් වල

      Delete
  26. ඒකපාර්ශවීය ආදරය කියන්නෙ හරි ආතල් වැඩක්.. හැබැයි හෙන ලෙඩක්... අනික සුන්දර මතකයන්.... ඇඩෙනව/.....

    ReplyDelete
    Replies
    1. ආතල්ද අහනව. . . අඩෙනවත් තමා බන් . .

      Delete
  27. උඹ මේ කතාවේ අන්තිම ටික උඹ මොකක්දෝ හදිසියකින් ලියලා තියෙන බව පේනවා.

    උඹට සුභ 2014 වසරක් වේවා.

    ReplyDelete
  28. නියම කතාව මචන්,මටත් තිබුනා ඔහොම එකක්.මන් නම් ඉවසලා කට්ට කාලා දාගත්තා.අද මගෙ ආදරනීය බිරින්දැ.
    හැබැයි උබට නම් එහෙම නොවෙන්න බැන්කුවෙ කෙල්ල රෙදි හෙදුවා විතරක් වෙන්න බැහැ.පට්ට ලස්සන ඇති

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .