Thursday 12 December 2013

කාඩ් සෙල්ලම. . .


පින්තූරෙ:http://www.funchatcam.com/shop/playing-card-draw/
කලින් කතාව ලියනකොට මතක් උනා තව එකක්.ඔය අපි සාමාන්‍යපෙල කරන කාලෙ.අපි පොඩි පොඩි ඔට්ටු දාල පෑන්ගෙම් ගහනව.ඔය අතර හිටිය එකෙක් දවසක් ගෙනාව කාඩ් කුට්ටමක් පන්තියට.

ගෙනල්ල දැන් බූරුව ගහනව විශේශ ආරක්සක වැඩපිලිවෙලක් යටතේ.ඒ ගැනත් ඩින්ගක් කියන්නම් මොකද ඒකත් මරු කේස් එක.

අපේ පන්තිය තිබුනේ ඕපන් කොරිඩොර් එහෙක පන්ති පෝලිමක. කොරිඩොව පැත්තේකොට බිත්තිය උඩ ලී දැල් ගහල.ඔය බූරු ගහන එක පටන්ගන්න කලින් අපි කණ්නාඩි කෑල්ලක් ගහනව අර දැලේ කොරිඩෝව පේන්න.එතකොට සර් කෙනෙක් එනකොට අපිට ඔත්තුව හම්බවෙනව.

ඔය වැඩේ මරුවට නැගල ගියා.අනික් පන්ති වලින් හිටන් එනව බූරුව ගහන්න.සල්ලි වලට ගහන්නෙ.දවසකට රුපියල්  සීයක් හිටන් හුවමාරු වෙනව.

අපේ පන්තීයට එහා එකේ සෙට් එකක් මුල ඉදන් ඔය සෙල්ලමට එකතු වෙලා හිටීය.උන් වැඩේට නම් දරාපු උන්.හැමදාම උන් අපේ පන්තියෙන් සල්ලි අරගෙන යනවා.මෙක ලොකු ප්‍රස්නයක් උනා අන්තිමට.

අපි සෙල්ලමට පටන් ගත්ත එක දැන් අත්තම බූරු පිටියක් වෙලා.සල්ලි සල්ලි සල්ලි. . . අපේ පන්තියෙ උන් ටික කතාඋනා මේක අපි හිතුවට වඩා දුර ගියා ඒක නිසා අනිත් පන්ති වල උන් ගෙන්න ගන්න එක නතර කරන්න ඕන කියල.

ඔහොම කල්පනාකරල අපි කීව එන උන්ට පැක් එක අහුනා ඒක නිසා සෙල්ලම නතර කලා කියල.

දැන් මේක අර මරුමුස් කොල්ලො පිලිගත්තෙ නැහැ.අපිත් වෑඩේ නතර කරල ටික දවසක් යන්න ඇරිය අමතක වෙන්න.

ඔහොම සතියක් වගේ යනකොට අපි ආපහු පටන්ගත්ත හිමීට.

අරුන් බලන් ඉදල ගානට ඔත්තුව දුන්න පන්තිබාර සර්ට.සර් ආව හරියටම වැඩේ නැගලම යන වෙලාවෙ.සර් කාඩ් පැක් එක අරගෙන ඉරල විසිකරා.අපිට බැනල පැයක විතර දේසනයක් තිබ්බ.ඔය් සර් අපේ පන්තියට අවුරුදු 3 ක් ම පන්තිබාර විදියට හිටිය නිසා ලොකු දෙයක් නොවී අපි බේරුනා.හැබයි සෙල්ලම් කරපු ගොඩක් උන් ආපහු අපි එක්ක සෙල්ලම් කරන්න ආවෙ නැහැ.

ඉතින් අපි කලේ අර ඉරපු කාඩ් පැක් එකෙන් පැක් දෙකක් හදල අර අනිත් පන්තියෙ උන්ටත් දීල අපිත් දිගටම අර තරම් ලොකුවට නැතුව හීනියට කරගෙන ගියා. .  

36 comments:

  1. බුරු කොල ගැන නම් මතක් කරද්දිත් බයයි,අපේ ඉස්කෝලේ බාලිකා පාසැලක් උනාට කාඩ් ගහන කෙල්ලොත් හිටියා, මගේ යාළුවෙක් දවසක් කාඩ් පැක් එකක් ඉස්කෝලේ ගෙනත් සෙල්ලම් කර කර හිටියා,මටත් එතකොට බැජ් පට්ටමක් තිබුන කාලේ දැක්කත් නොදැක්කා වගේ හිටියා,කොහොම හරි පන්තියෙම එකෙක් ප්‍රින්සිපල් සිස්ටර්ගේ කනේ තියලා, කාඩ් ගහපු කට්ටියටයි මටයි එන්න කිව්වා මන් හිතුවා මගෙත් බැජ් එකට දෙවි පිහිටයි කියලා...එත් ඉතින් මොකක්දෝ වාසනාවකට මට බැන්නේ ඇයි මේ වගේ දෙයක් නොකිව්වේ කියලා විතරයි අනිත් කෙල්ලන්ට මන් ලව්වා ප්‍රින්සිපල් රූම් එකෙන් වේ වැල ගෙන්නලා දන ගස්සලා ඇඩෙන්නම ගැහැව්වා...අම්මෝ දැන් මතක් වෙනකොටත් බයයි.

    ReplyDelete
    Replies
    1. අපේ පන්තිභාර සර් කවදාවත් ලමයින්ට ගහුවෙ නා.හැබැයි කියන එවා ගහුවට වඩා වදිනව.බනින්නෙ නෑ.කියන්නෙ දෙමව්පියන් මහන්සි වෙන එව්ව කියල.ඉතින් පන්තියෙ ගොඩක් අය ඒ දෙවල් අහනව

      Delete
  2. අපි නම් කරල තියෙන්නෙ ඕමි බලපු එක විතරයි..ඒ අතින් අපි හොද ලමයි වෙමු.

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෙ හොදයි ටිකයි. .හෙහ් හෙහ්

      Delete
    2. ඇයි ජෝඩු බලල නැතෙයි.. අපිනං ඒකත් කොළා ඔය කුට්ටමෙන්.. හැබෑටම අමිල කුට්ටම කියන්නේ දෙකයි කියන එක නේද.. මේ කොට 52ක කොහොමද කුට්ටම වුණේ දන්න කෙනෙක් කියල දෙන්නකෝ.

      Delete
  3. පන්තියේ බූරු ගහපු එක අපිත් කළා, සල්ලි වලට ගහලා හොඳ ගානක් හොයාගත්ත එවුන් අපෙත් හිටියා. හැබැයි මාට්ටු වුනේ නම් නෑ කවදාවත් මොකක් හරි පිනකට

    ReplyDelete
    Replies

    1. අපිව පාවා දූන්න බන්.ඕ ලෙවෙල් වලට මාස 4ක් තියල අපේ පන්තියෙ එකෙක්ගෙ අයිය කෙනෙක් ගනන් පන්තියක් නොදාන්න මම මෙලහට විනාස වෙලා.ඌ පේරා eෆැක් එකෙක්.ඌ මාව මැරුව.

      Delete
  4. අපි ගෙදර ඉස්කෝලෙ ඉදන් ගෙදර ආවෙ ට්‍රේන් එකේ .. ඉතින් මරදානෙ ඉදන් ගම්පහ වෙනකම්ම ඕමි .

    ReplyDelete
    Replies
    1. ඕමි අහින්සක ක්‍රිඩවක්නෙ බන්

      Delete
  5. අඩේ මං ළග ඒ කාලේ තිබුනා මැජික් කුට්ටමක්... අපි ඒකෙන් හරි හරි වැඩ කොරලා කියනවා.. පිට පැත්ත බලන් ඇතුළේ කොලේ මොකක්ද කියලා කියන්න පුළුවන් ඒකෙන්.. ඉතිං හිතාගත්තෑකිනේ ඉතිරි ටික මගියෝ

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ හෙහ් ඔය තියෙන්නෙ කතා බොල. . . ඇයි බන් සරම ඇදල බූරුව ගහන්නෙ . .

      Delete
  6. උඹ නෙත්තිකුමාරගේ නෑ කෙනෙක්ද බං

    ReplyDelete
    Replies
    1. ඒකව අහුවෙත් උගෙ ගෑනි හුලා ඇන්න ගියා කියල පත්තරේ ගියාම.

      Delete
  7. බූරුව කූට්ටම ඉස්කෝලෙට ගෙනාවෙම නෑ. වෙනත් සූදු නං තිබුන

    ReplyDelete
    Replies
    1. අපෙ එකෙක් ගෙනෑව බන්.

      Delete
  8. අපි නං කළේ ටොස් දාන එක. හය වසරෙදි පටං ගත්තෙ. වැඩේ නැගලම ගියේ අපේ පංතියෙ. දවසකට බර ගානක් හුවමාරු වෙනව ඒ කාලෙ හැටියට. අන්තිමට ණය කාරයින්ගෙ ගෙවල් වල හිටං හොයාගෙන ගියා. හැබැයි කවදාවත් අහුවෙලා නෑ. අපේ නීති වලට අනුව අපේ පංතියෙ උංට පිට පංතිවල ගිහිල්ල සෙල්ල කරන්න තහනං.
    ඔය කොළ 52 න් කරන සෙල්ලං කිසිම එකක් අද වෙනතුරුත් මමනං දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි ආතල් එකට පටන්ගත්ත වැඩේ බන් දුර ගියේ.අපි කැම්පස් එකේ 304 තමා හැමදාම ගැහුවේ.එක එ කාලෙ නැගලම ගිය සෙල්ලම බන්.රෑ 2-3 වෙනකල් ගහනව.පට්ට ආතල් කාලයක් .

      Delete
  9. මොන දහ ජරා වැඩේ පුරුදුූ උනත් මට කුට්ටමට හුරු වෙන්න බැරි උනා. අපේ උන් මට ටොකු ඇන ඇන ඉගැන්නුවත් මට තාම පැක් එකේ වංශ හතර ටැපලෙනවා බං. අපෙ උන් නම් සෙට් වෙන්නෙම ඕමියට තමා. ඒකනම් මට කොහොමටත් බෑ.

    මෙ ඒක නෙමේ ඇත්ත කියපිය ඇස්වාට්ටුව ගාව බුරූවා ගැස්සුවෙ උඹ නේද මඟියො?

    ReplyDelete
    Replies
    1. යකෝ ඇස් වාට්ටුව දන්නේත් කොලබ ආවට පස්සෙ බන්.304 මරු සෙල්ලම ඔය කාඩ් පැක් එකේ

      Delete
  10. පැක් එක දෙකට ඉරුවේ කොහොමද?

    කොළ එක එක රගෙනද? දෙක දෙක අරගෙනද? නැත්තං අතට අහුවෙන ඉරන්න පුළුවන් රුන්ඩම් ගානක් අරගෙනද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අහු වෙන අහුවෙ එවා පොඩි කරල දමල ගහුව.සමහරක් ඉරුව . තව සමහරක් අපි හන්ගගත්ත.

      Delete
  11. අපි ඉස්කෝලෙ යන කාලෙ කුට්ටම් අල්ලුවෙවත් නෑ බයයි,හැබැයි සල්ලි ඔට්ටුවට වෙන වෙන දේවල් නං කළා,උඹත් බලපුවම හොඳ බූරු පප්පෙක්නෙ

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඔය සාමාන්‍ය පෙල පන්තිය මම අන්තිම පිස්සු කල පන්තිය.අපේ සෙට් එකෙ උන්නු ටිකත් ඔය වගේමයි.වාසනාවට උන් උසස්පෙල කොරන්න ආවෙ නෑ

      Delete
  12. අනේ එය කාඩ් කුට්ටම නිසා මට වෙච්ච දෙයක්...මතක් වෙනකොටත් නනි ඇහැට ඇඩෙන්නෙ...
    මෙතනින් බලනු සොදා

    ReplyDelete
    Replies
    1. අපිට ගැහුවේ නැහැ.ඒ ස‍ර් ගහන්නෙ නැහැ.කියනව මූන දෙන්න බැරි වෙන්න්න.ඒක තමා එයාගෙ ගහන ක්‍රමේ

      Delete
  13. අපිත් ඕමි නම් බැළුවා.. අපිට සෙට් වුන සර් කෙනෙකුත් හිටියා.. මට මේක කියවද්දී ඒ මතකය අළුත් වුනේ.. නිදහස් වෙලාවක ඒක ලියලා දන්න ඕන..

    ReplyDelete
    Replies
    1. එකක් මතක් උනාම ට්‍රිගර් වෙනවා මතක ගොඩක්, අපහු වැහිලා යන්න කලින් ලියාන් . . .

      Delete
  14. අපො අපිනම් ඔය නරක වැඩකලෙ නැ.ඔමි 304 වගෙ ක්‍රිඩාවක් කොල මිසක්.ඇගටත් හොදයි නේ.

    ReplyDelete
    Replies
    1. හොද නරක දෙකම ලියන්න එපයි බන්.අනික ඒ කාලේ ඔය හොද නරක තෝරලා පිස්සු කලේ නැති එකේ . . .

      Delete
    2. අනික 304 හොද වෙන්නයි බුරුව බරක වෙන්නයි හේතුව කීම ??????

      Delete
  15. හිහ්....මරු බූරු ගැහිල්ල.....

    ReplyDelete
    Replies
    1. මාරු සෙල්ලම . . . විභාගෙට මාස 4 යිඕ ඔය වෙනකොට

      Delete
  16. ශික් මුන් පොඩි කාලෙමයි සූදුවට පුරුදු වෙලා තියෙන්නෙ..අපි හිතන් හිටියෙ අපි වගේ බෝපැල වෙන්ඩැති කියලයි !

    ReplyDelete
    Replies
    1. ප්‍රතිරුප ප්‍රතිරුප . . හෙහ් හෙහ්හ් හෙහ් . . . ඔන්න ඔහේ හෙන කහබිලිය පලයක් කියල හිතාගන්න මෙයා .. .

      Delete
  17. අපිටත් ඉස්කෝලෙ යන කාලෙ ඔය කාඩ් පිස්සුව තිබුණා. අහු වෙලා නම් නෑ කවදා වත් :-)

    ReplyDelete
    Replies
    1. අහු උනා කියල අපි නවත්තුවය . . . අනික 304 හොද නම් බුරුව නරක අයි , ,

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .