Tuesday, 23 September 2014

ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . .


ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.

පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.

ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් මග අරුන.

මම මේකේ කිවේ මගේ පුත්ගලික කතන්දර නිසා වෙන අඩුම කුඩුම ලියන්නත් බැහැනේ.

අර මම ක්ලයන්ට් ගාවට ගෙනත් දාපු හාදය ඔන්න යන්න ගියා. ඉතින් මම දැන් තනියම. මොනා උනත් හොද එකා.

මගේ මස්සිනා වෙච්ච එකා මා එක්ක තරහ උනා.

මම අර ගිය එකා ගැන කියන්නම් අද.

ඉතින් මම ඔය ක්ලයන්ට් ගාවට ගෙනා එකාගේ එක එක කොම්ප්ලේන් තිබ්බනේ. මම නම් ඔව්ව වැඩිය ගණන් ගත්තෙ නැහැ. 

හැමදාම ඉතින් ඌ උදේ තේ එක එහෙම බීලඑනවා මගේ කාමරේට.

දැන් මේ එන්නේ ක්ලයන්ට් ගේ මිනිහෙක් නේ.

ඉතින් අපේ කොම්පැනියේ අයත් ඕකේ.

ඔහොමආපු දවසක මම ඉතින් අපේ කා.කා.ස ට කියල තේ එකක් බීම එකක් එහෙම දෙනවා.

මෙහෙ තියනවා ඔය එක එක ජාතියේ තේ වර්ග. දෙහි දාපුවා, ඉඟුරු දාපුවා, දෙහි ඉඟුරු දෙකම දාපුවා.

ඔය අතර තියනවා වද මල් වලින් හදපු තේ එකක්. රතු පාට.මම ඉතින් ඕක බොනවා ඔය දවසේ මිනිහ එනකොට.

ඔය අපේ යාළුවා, ටිකක් කට සැර ඩයල් එකක්. මෙහෙ වැඩ කරපු අය දන්නවා, කට කියන්නේ මෙහෙ උපාදියක්. ඒක නැත්නම් වැඩ කරන්න අමාරුයි. මී අපේ යාළුවගේ කට හොදට වැඩ නිසා, එතන ලොක්ක එක්ක සෙට් උනා.

මිනිහ මගේ ගාවින් තේ එකක් එහෙම බිල යන්න ගියා.

පහුවදා උදේම අපේ ලොක්ක මට කෝල් කළා. ඇහුව අර ක්ලයන්ට් ගේ කෙනා ඔයා නේද ගෙනාවේ කියල. මම කිව ඔව් ඇයි කියල.

අපේ බොස් කියනවා අන්න අපි එයට මිස් ට්‍රිට් කළා කියල කලයන්ට් කියනවා,  ගිහින් බලන්න කියල.

මම බැලුව මොකක්ද බොල මේ උනේ. 

ඕන දෙයක් තියේ නම් මට කියන්න බැරිද මේ යස්සයට කියල හිත හිත මම ගියා ක්ලයන්ට් ගේ ලොක්ක හම්බ වෙන්න. 

වෙලා තියෙන්නේ මේකයි. 

මම අර රතු පාට බිමක් බිව්වනේ.

මේ යකා ගිහින් උගේ කා.කාස ට කියල ඒ වගේ රතු පාට තේ එකක් ගෙනත් දෙන්නය කියල.

ඌ කියල අපිට එහෙම තේ එකක් දීල නැත කියල.

අපේ යෝදය ගිහින් උගේ ලොක්ක වෙච්ච ගල් අරබියට කියල "කොන්සල්ටන්ට් රතු පාට බිමක් බොනවය, කොන්තරක්කාරය ඒක අපිට දෙන්නේ නැතිය කියල " 

ඌ කතා කරලා කොන්තරක් කාරයට ඇයි අපිට ඒවා දෙන්නේ නැත්තේ කියල.

කොන්තරක් කාරය විහිලුවට කියල කොන්සල්ටන්ට් බිල කපන නිසා දෙන්නේ නැහැ කියල.

කොන්තරක් කාරයාගේ ලොක්ක තමා ඔය කෑම බිම බිල් ගෙවන්නේ.

ඉතිං ඒ ලොක්ක කතා කරලා අපේ බොසාට ක්ලයන්ට්ට මිස් ට්‍රිට් කළා කියල කොම්ප්ලේන් එකක් දමල.

ඔන්න අර වද මල් තේ එක නිසා මු ලංකාවේ නම තිබ්බ හැටි.

මේකට මගේ අහල එක අරගෙන බිව නම් හරිනේ, මොකටද උගේ ලොක්කට ඔව්ව කියන්න ගියේ. 

ඔන්න වද මල් තේ එක , , ,


හදපුවම මෙහෙමයි 



මෙහෙ කියන්නේ "කිර්කති" කියල

Friday, 20 June 2014

කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . .


දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත.

දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ.

පහුගිය මාසෙ දෙකේ මම නොහිතපු විදියට ගෙදර එක්ක කොකු.සතියකට සැරයක් රන්ඩු.රන්ඩු නම් මොනවද. . . ලන්කවෙ ඉන්නකොට නම්.මෙහෙ ඉදල රන්ඩු වෙනකොට එටිසලට් එක දියුණු වෙනව බලාගෙන ඉන්නකොට. 

මාර්තු මගෙ බිල - ඒ ඊ ඩී 1000
අප්‍රියේල් මගෙ බිල - ඒ ඊ ඩී 870
මැයි මගෙ බිල - ඒ ඊ ඩී 900

දැන් මේක ප්‍රශ්නයක් නෙ.

ආදරේ කරන කොට නම් මරු. .   හැබැයි කසාද බැදල ලමයෙක් දෙන්නෙක් හම්බඋනාම නම් අර ඉස්සර අනේ පනේ රත්තරනේ තඹේ වෙනව. 

ඉතින් මම කල්පනා කලා දැන් ආපහු පව්ල ගෙන්න ගන්න එක ලාබයි. එටිසලට් එකට සල්ලි දෙනවට වඩා කියල.

පුතා ඊලග අවුරුද්දේ ඉස්කොලෙ දාන්න ඕන. ඉතින් මෙහෙ ආවම ඉස්කෝලයක් එපයි.

මම ගියා ඔය ඉස්කොල ටිකකට පොඩ්ඩක් විස්තර හොයාගන්න කියල.

ඉස්කොලෙ එක - අවුරුද්දට ඒ ඊ ඩී 42,000
ඉස්කෝලෙ දෙක - අවුරුද්දට ඒ ඊ ඩී 25,000
ඉස්කෝලෙ තුන -අවුරුද්දට ඒ ඊ ඩී 18,000

ඔන්න වැඩේ.ඒකෙත් ඉස්කොල වල ඉඩ නැහැ.අරගෙන ඉවරලු.දැන් මම ඕක ගෙදරට කීවම . .

"මම කලින්ම කීව . . . .බීප් බීප් ටීන් ටීන් ඩින් ඩොන් . . .අහන්නෙ නෑනෙ . . බීප් බීප් "

මම එහෙන්ම කට් කරල නිකා හිටිය . ඇයි යකුනේ මෙ ඉස්කෝල වල ඉඩ නැති උනත් මම වරදි. . කොල්ල ඉස්කොලෙ කෙල්ලෙක් එක්ක කතා කලත් මම වැරදි, 

මට කලින් කීව තමා නමුත් මට අටෝරාසියක් වැඩ හින්ද ඒක අමතක උනා කිවනම් තව අහගන්න වෙන නිසා ඔහේ නිකන් හිටිය.

දැන් මම යාලුවන්ට කතා කර කර ඉස්කොල හොයනව.අලුතෙන් පටන් ගත්ත ඉස්කොලයක් තියනව කිව නිසා මම ගියා බලන්න.ඔන්න මම ඉල්ලපු කොල ටික දීල හිටිය වැඩේ කරල දෙනකල්.

ටික වෙලාවකින් මට ලමයව රෙජිස්ටර් කරල කොලයක් දුන්න.මම ඒකත් අරගෙන ඇවිත් ගෙදරට කතා  කලා මොකද මට තර්ජනය කරලනෙ තිබ්බෙ ලමයට ඉස්කොලයක් හදා නොගත්තොත් එන්නෙ නෑ කියල.
මම කීව

"ඔන්න හරි . ඉස්කොලෙ දැම්ම"

"මොන පන්තියටද දැම්මෙ"

"FS1"

"ඒ මොකටද? අයි අනේ ලමයට වයස පහයිනෙ.ඔකට දාන්න එපා ලමය එක අවුරුද්දක් අඩුවෙන් වෙනවනෙ.FS2 එකට දාන්න"

"#$%&&&@&&&*#--$*#$=$-"

මදෑ කලා, දැන් ඉතින් ආපහු මුල.

මම පහුවදා ගියා රෙජිස්ට්‍රාර් හම්බ වෙන්න. ලෙබනන් වල ගෑනු කෙනෙක් හිටියෙ.මම කිව" ම්සිස් මම ඊයෙ රෑ එලි වෙනක ඇහරල, මගෙ ලමය එක අවුරුද්දක් අඩුවෙන් ඉස්කොලෙ යැවෙන්නෙ මෙහෙම උනොත් .මෙයාව FS2  එකට දාල දෙන්න කියල.

ඒ පන්තියෙ ඉඩ නැතිලු. මම ගියා ප්‍රින්සිපල් හම්බ වෙන්න. ගිහින් කීව මට ආපහු වෙන ඉස්කෝල හොයන්න අමාරුයි කොහොම හරි කරල දෙන්න කියල.

පස්සෙ දවස් දෙකකට පස්සෙ කෝල් කල ඒ පන්තියට දැම්ම කියල.

හම්මෙ ඇති.ගෑනුන්ගෙන් මෙහෙමත් බැනුම් ඇහියකිය.

අනික. මට තේරුනේ මෙච්චරයි. .

මගෙ ඊසිලයිෆ් කාලෙ ඉවරයි.දැන් එන්නෙ ලමයින්ගෙ ඉස්කෝල, පන්ති, ඉවෙන්ට්, පේරන්ට් මීටින් . , ,

ඔන්න ජීවිතේ ඊ ලග අදියර.

හරි අද බ්‍රහස්පතින්දා වෙච්චි , මගෙ ගොඩක් පොස්ට් ලියන්නෙ සෙන්ටි දෙකක් ඇනගෙන වෙච්චි මේකට විතරක් ඇයි වෙනසක්. . .

දකුණු සැපත සෙන්ටි හතරයි. . .හෙට පන්ති යන්නත් එපයි . . .


Monday, 19 May 2014

හූනු පලාපල,ලොක්කා,සහ මයේ කරුමය. . .


ඊයේ රෑ නිදා ගන්නකොට දොළහත් පහු වෙලා.ආපහු උදේ තුනට ඇහැරුනා මහා භයානක හීනයක් දැකල.
මාව දාල හෙන කාන්තාරේ මැද ප්‍රොජෙක්ට් එහෙකට.මම කොහොම හරි ඒකෙන් පැනල යන්න ට්‍රයි කරනවා.අපි හිටිය තැන වටේටම මහා ලොකු වැටක් ගහල තිබුනේ.ඉතින් මම ගෑස් කටර් එකක් අරන් ඇවිත් වැට කපල පනින්න කියල හිතාගෙන මම ඉඳපු පොර්ටකැබින් එකේ දොර ඇරගෙන එලියට ආව.එතකොට මගේ බොසා මට කියනවා ඇහෙනවා.
“මගියෝ මේ මේ වැඩ ටික කරගෙන හතර වෙනකොට වරෙන් මම දැන් යනවා” කියල.මගේ අලුත් ලොක්ක කොහොමත් මට දිරවන්නේ නැති එකෙක් නිසා ඌ කියන දේ බල්ලට දාල මම කටර් එක පත්තු කරගෙන වැට ගාවට යනකොට මහා විසාල මිනිහෙක් ඇවිත් මගේ ඉස්සර හිට ගත්ත.ඔන්න මට ඇහැරුන තැන.

ඩිංගක් වෙලා ඇදෙම ඉඳල කල්පනා කලා මොකද මේ වෙන්න යන්නේ කියන එක.
වතුර එකක් බිලා මම නිදාගෙන උදේ ඇහැරෙනකොට හයත් පහු වෙලා.දැන් නම් ඉතින් වැඩට යන්න වෙන්නේ හැමදාම මිනිස්සු මැරෙන කාන්තාරේ මැද හයිවේ එකේ තමා කියල මුණ හොදල ලැහැස්ති උනා.කන්න බොන්න මොනවවත් හදන්න ගියොත් වෙලා යන නිසා එහෙම්ම පොත් ටික ඇන්න දොර ලොක් කරලා එලියට ගියා.
ලිෆ්ට් එකෙට එන්න කියල බොත්තම ඔබල බලා ඉන්නකොට තමා මතක් උනේ ෆෝන් එක.ආපහු දොර ඇරගෙන ගිහිං ෆෝන් එකත් අරගෙන එනකොට මතක් උනා ඊයේ රෑ හීනේ.ඒ මදිවට යන ගමනත් බාද උනා කියලත් නිකමට හිතුන.ඔය දේවල් මනස්ගාත කියල අනික් උන්ටත් මම කිවට මෙහෙව් වෙලාවට පොඩි කාලේ ඉඳන් හිතේ ඇතුලට ගිහින් තිබුන ඒ දෙවල් අපහු එනවා.
ඉතිං මම හිතුව අර හැමදාම මිනිස්සු මැරෙන පාරේ නොගිහින් ෆැක්ටරි අස්සෙන් දාගෙන යන පොඩි අතුරු පාරේ යනව කියල.
වෙනදට මම යනකොට සිග්නල් උනත් ඇරෙනව.අද නිකන් එව්වත් මම හින්දම රතු වෙනව වගේ.ඔලුව නිකන් මන්න්නන් වගේ.

මේ කාලේ මගේ කෙන්දරේ අපලයි කියලත් කිව අන්තිමට බලනකොට.වාහනේ පරිස්සමින් යන්න කියලත් කිව.දැන් මට හිතෙන්නම ඔන්න හැප්පුන අන්න හැප්පුන වගේ.
කොහෝම හරි පැය භාගයක් පරක්කු වෙලා මම ඔෆිස් එකට ආව.
හැමදාම මගේ මෙන්ටර් මට කෝල් කරනව උදේ හත හමාරට.ඒ කතා කර කර ඉන්නකොට කිව අද වැදගත් ලියුමක් යවන්න තියනවා එක මගේ ඊමේල් එකින් යවන්න එපාය . ලියල මට එවන්න මම අඩු පාඩු  හදල යවන්නම් කියල.

මම එල කිරි කිව්වා.

ඔෆිස් එකට ගිය ගමන් වැඩ ටික අරගෙන ඉක්  ඉක්මනින් හදල ලොක්කගේ මෙසේ උඩින් තියල ආවේ මගේ පාඩම් වැඩක් කරන්න හිතං.
අර ලියුමත් ගහලම ඉන්නවා කියල ඒක ලිව.ටිකක් නෙමේ ගොඩක් බරපතල එකක්.මගේන් නොයවන හේතුව ඒක ලියන කොට තේරුන.කලින්දා රෑ අපේ තව ලංකාවේ අයිය කෙනෙක් කතා කරලා කිව, ඔයා ඔය වැඩේට එක්ස්පොස් වෙන්න එපාය.වෙන කෙනෙකුට දෙන්නය කියලා.
ඔන්න එතකොට එනවා අර මම ජොබ් එකට දාපු ක්ලයන්ට් ගේ පොර.ඉතින් ඌ කියන එව්වත් අහගෙන මම ලියුම ලියනවා.
ඌ එකපාරටම රේජීස්ටර් නොකරපු ආයතනයක සේවකයක් වෙආලු.උන්ගේ කොම්පැනිය කෝට් කේස් එකක් නිසා රේගජිස්ටර් කරලා නැති නිසා මුගේ වීස පරක්කු වෙලා.
ඕක අහගෙන මම කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එක රෙෆ්රේෂ් කර ක‍ර ඉන්නවා පුරුද්දට වාගේ.
එක පාරටම සෙන්ඩ් බටන් එක එබිල අර ලියුම මගේ මේල් එකෙක් යන්න තියන ඔක්කොටම ගියා,!@#$%^&*(

මකන්න බැහ, අන්ඩු කරන්නත් බැහ දැන් මම හොදටම බය වෙලා.

එහෙම්ම කතා කරල මගේ මෙන්ටර් ගෙන් ඇහුව අර ලියුම මගේ එකෙන් ගියොත් අව්ලක් තියේද  කියල
එයා කියපි ලොකු අව්ලක් යවන්න  එපා මම කියනකල් කියල

දැන් මම යවල ඉවරයි,

මම ටිකකින් ආපහු ඇන්න කිව්වා අයියේ සොරි අර ලියුම මගේ එකෙන් ගියා කියල.
මිනිහ කිව එහෙනම් වැඩි විස්තර පස්සේ දන්වන්නම් කියල ඒ අයටම ලියුමක් ලියල දාන්න කියල.
දැන් මම අර හෙන දරුණු ලියුම ලියපු එකා උනා එකපරාම.

දවල් වෙනකොට අපේ ලොක්ක ඇවිත් කියනවා අවුරුද්දකට විතර කලින් මම හදපු වැඩ වගයක් ආපහු ක්ලයන්ට යවන්නලු,ඔය වැඩෙ පරන මහා කුණු ගොඩක්.අපි කරල ඉවර කල ඔය කියන්නාවූ වැඩේ ,අපි යවන්න ඕන නැහැ,.

මූ යවන්නලු.

මම කියනවා අපි යවන්න ඕන නැහැ.

දැන් මිනිහට තද වෙලා අරකද මේකද කියනවා.
හරියටම කරන්න ඕන දේවල් ටික පිළිවෙලට ලියල දෙන්නලු.
මම කිව,
සර් , ඔය වැඩේට කියන නමක් තියනව,ඒ නම ලියල තමා යවල තියෙන්නේ. කරන විදිය කියල යවන්න ඕන නැහැ කියල.

ඔන්න දැන් මිනිහට තද වෙලා දොරත් ගහගෙන යන්න ගියා.
සවස් වෙනකාල් මා එක කතා නැහැ.
හරියට ගෑනියි මිනිහයි වගේ. . .

සේකට්‍රි ලව්වා එක එක දේවල් ගෙන්න ගන්නවා සති මිටිමට යන්න.මමත් ඔන්න ඔහේ ඕන වෙඩින් එකක්, මාව යවනවා නම් යවපුදෙන් මගේ ග්‍රටිවිටිය හරි එනවනේ.එකත් ලොකු දෙයක් නේ මේ වෙලාවේ කියල ඔහේ උන්න.
මමත් හරියට හතර වෙනකොට කඩේ වහල එන්න ආව.
දැන් මේ ඔක්කොම කචල් අර ඊයේ රැ හිනේද ???
නැත නම්න් මම උදේ එලියට ඇවිත් අපහු ගිය නිසා බදාව නිසාද ?
නැත් නම් මගේ කරුමෙද ????

කෝකටත් දකුණු සැපත සෙන්ටි 8 ක් ඇනගෙන බුදියනව . . .


 පොඩි පැණි රහකුත් එනව. . . .සෙහ් නැව ගිලුනත් ගැට්ටෙ බජව්. . . 

Saturday, 3 May 2014

ක්ලයන්ට්ගේ ඩයල් එක . . .

මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.

අර බුකියේ ඈයෝ නම් දන්නවා මම අපේ ලංකාවේ ( අපේ නොවෙන ලංකාවක් තියේද අහන්න එපා ඔන්න) දෙන්නෙක් ගෙනාවනේ මගේ වැඩ පොලට.එකෙන් එකෙක් ගෙනාවේ අපේ ක්ලයන්ට් තැනට.අනික කොන්තරක් කාරයට.

ඉතින් ඔය ක්ලයන්ට්ට ගෙනාව එකා ලංකාවේ උතුරු පළාතේ මුස්ලිම් දෙමල කතා කරන ඩයල් එකක්.මට වඩා වඩා හොදට වැඩ දන්නා කෙනෙක් නිසා මම එයාව දැම්මේ ක්ලයන්ට් ගාවට.

මනුස්සය එන්න කලින් මට කතා කළා:

මනුස්සය : මචං තැන හොදද මචන් ?
මම : නියම තැනක් මචං, ක්ලයන්ට් උබට ඕන විදියට ඉන්න පුළුවන් පඩියත් දැනට වැඩිනේ බන්
මනුස්සය: සෙනසුරාද වැඩද බන් ?
මම : මචං මම සෙනසුරාදා කිසි වාහනයක් දැක්කේ නැහැ බන්
මනුස්සය : ඒ කියන්නේ වැඩ නැත්ද ?
මම :නැතුව ඇති නේද ?

ඔන්න කාලය ගිහින් මිනිහ ආව, පලවෙනි දවස :
උදේම මට කෝල් එක එනවා :
මිනිහ  : මචං මම ආව . උබ කොහෙද ඉන්නවා ?
මම : මචං මම ඉන්නවා අපේ ඔපීසියේ බං .
මිනිහ: ඒක කොහෙද තියනවා මචං
මම: උබලා ඔපිස් එක ඉස්සරහ දොරින් ඇවිත් දකුණට හරියේ මම ඉන්නවා

මෙන්න මිනිහ එනවා .

දැන් ඔය ක්ලයන්ට් ගාව ඉන්නකොට හොදට ඇදල කරලා එන්න ඕන.මොකද ක්ලයන්ට් නේ:

මිනිහ එනවා ෂර්ට් එකේ උඩ බොත්තම නොදා. . .

ටයි එකේ යට අර පොඩි කෑල්ල එලියට පැනල. . .

ටයි ගැටේ ඇද වෙලා

මම ඇහුව :

මොකද බන් ඔහොමද තැනකට එන්නේ. හරියට ලෑස්ති වෙල වරකෝ බන්.

ඌ: මේක දාන්න දන්නේ නැහැ බන් . . වයිෆ්ට පුළුවන් විදියට තමා දැම්ම . . කැත නම් හදා දියන්, , ,

ඔන්න කතා එක ඉවරයි ,. . .

එයිට පස්සේ මිනිහ එනවා මයේ ඔෆිස් එකට,

දවසක් මුගේ මුණ හරි නැහැ.

මම ඇහුව මොකද බන් අවුල .

"උබ කිව මට මේ කොම්පැනිය හොදටම හොදා කියල,

බලපන් උබට ඉන්ටර්නෙට් තියනවා, කොන්තරක් කාරයට ඉන්ටර්නෙට් තියනව , ,  ක්ලයන්ට්ට නෙට් නෑ . .

මොකක්ද බන් මේ. "

මම : ඔය පොඩි පොඩි එව්වා හදා ගන්න පුළුවන් මචෝ . පොඩියක් ඉඳපන් . .

ඌ: බලපන් මම කුණු එක දාන්න බාස්කට් යෙකක් ඉල්ලුව,  A4 පෙට්ටියක් තමා දුන්න බන් .
උබෙන් මම කී පාරක් ඇහුවද කොම්පැනිය හොදද ? ? ?  උබ කිව හොදා කියල . ..


ඌ මේවා කිව විදිය රස මෙහෙම කීවට වැඩක් නැහැ අහලම බලන්න එහෙනම් ( විනාඩියයි ඩේට 2.9 MB). . 

Monday, 17 March 2014

බ්ලැක් ලේබල්, ක්‍රිකට් සහ අටෝරාසියක් කතා . . .

නිදි නැති රැයේ මගේ සිත කල්පනා සාගරයක ගිලින.සිත ඉතා තදින් වෙහෙසට පත් වූයේ මේ මේ කාරනා නිසා යයි ටක්කෙට කිව නොහැක.

සෙමින් සෙමින් මගේ කල්පනාවන් පැය කීපයක සිට දින  තුනක් පසුපසට ගමන් කරන්නට විය.

සතියේ අවසාන දිනය වන ගුරුදා උදේ මගේ මිත්‍ර xxx මා හට ඇමතුමක් එවන ලදින් එයට ප්‍රතිචාර දැක්වුයෙමි.

xxx : "අන්න බන්ඩ යනවලු පාර්ටියක් දෙන්නෙ නෑ?????"

මම: "අම්මද බොල !!! එහෙමද ? හරි එහෙනම් හවා සෙට් වෙමු පැනරොමා එකේ.  .යනකොට බීලම යමු ඔතන බොන්න ගාන වැඩී"

බණ්ඩාගේ සමු ගැනීම රොක්ලන්ඩ් භාගයකින් අවසන් කලෙමු.

ඔයාකාරයෙන් ඒ දිනය පසු විය.පහුවදා අප වඩුමඩුවේ මහා කිරිකට් ගැටුම විය.

මගේ මෙන්ටර් මහතා මාව වඩුමඩුවේ කි‍රිකට් කල්බ් එකට අදුන්වා දීමෙන් ඇරබුන මගේ කිරිකට් දිවිය මෙදාපාර සියලු ලාන්කික උන් ඉදිරියේ නිර්වස්ත්‍ර වීමකින් කෙලවර වේ යයි ඒ මොහොතේ මට පසක් නොවුනේ අයි දැයි තවම නොතේරේ.

මා අනුයුක්ත කර තිබූ අප ක්ලබ් එකේ තුන් වන කන්ඩායමේ පස්වෙනියා ලෙස මා නම් කර තිබින.

ක්‍රීඩා කිරීමට මා සතුව පාවහන් යුගලක් නොවූයෙන් අප යහළුවන් අතර සපත්තු විශේෂඤ වන පැන්ඩාගේ අනු දැනුම පිට, පෙර දින පාවහන් යුගලක් මිල දී ගතිමි.

කණ්ඩායම් නායකයාගේ ඉල්ලීම පිට කෙසෙල් ඇවරියක් හා ලුනු වතුර බෝතල් හයක් ගෙන මම පිට්ටනිය බලා උදෑසනම පිටත් වුයේ මගේ මිත්‍ර xxx  සමඟය.

මෙවන් අවස්තාවලදී සාමාන්‍යයෙන් වාහනේ දමා ගන්නා බැලැක් ලේබල් බෝතලය වෙනුවට බැලැක් ලේබල් බෝතල් දෙකක් මගේ අල්මාරියෙන් පිටතට ගෙන ගමන් මල්ලට ඔබා ගතිමි.

පහුගිය දොහේ දඩ ගෙවා හෙම්බත් ඌ බැවින් පාරේ නියමිත වේගය නොයික්මවා මා සෙමින් සෙමින් ක්‍රීඩා පිටියට සේන්දු විය.උදෑසන හතට ආරම්බ කල යුතු ක්‍රීඩා තරගවලට තවමත් කිසි කෙනෙක් පැමිණ නැත.

මා පසුපසින් පැමිණි අප කණ්ඩායමේ නායක තෙමේ අපහට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කළේය.ඔහුට මා කෙසෙල් ගෙඩි සහ ලුනු වතුර ටික භාර දුනිමි.

මා අයත් උන කණ්ඩායමේ නායකයා ඉතා තැන්පත් ගති ලක්ෂන ඇති මට වඩා අවුරුදු 12 ක් පමන වයස අයියා කෙනෙකි.

සිතල බව වැඩි වී තිබුන බැවින් කෝකටත් කියා මා සතුව තිබූ බෝතලයක් කඩා කුඩා ප්ලාස්ටික් කොප්පයකට සෙන්ටි 4 සමග ගෙනා ලුනු වතුරම දමා නායක තෙමේට දුන්පසු  මඳක් අදි මඳි කොට කටට හලාගෙන "එලකිරි මල්ලි උදේම හීතල ගියා" කීවේය.

මට හරි සැටිස්. .   .

මමත් තව කෝප්ප දෙකක් නමාගෙන මගේ කණ්ඩායම ක්‍රීඩා කිරීමට ඇති පිට්ටනිය දෙසට ගමන් කලෙමි.

උදේම පලමු තරගය

අපේ ප්‍රතිවාදීන් සුදු පැහැති අදුමින් සැරසුනු දක්ස පිලකි. ඔවුන් වොර්ම් අප් කල අයුරු දුටු අපහට සිදුවීමට යන මහා විනාසය අතැඹුලක් සේ පැහැදිලි විය. අප නායකයා තරමක කඩිසර කමක් ආරුඩ කරගෙන අපටද වොර්ම් අප් වෙන්නය කිවේය.

මම නම් ඒ වෙනවිට වොර්ම් අප් වී තිබුන බැවින් කැරකෙන පිට්ටනිය සහ විකට් කුරු දෙස ඇසිපිය නොහෙලා බල සිටියෙමි.සුන්දර දර්ශණයකි.

තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

අප කන්ඩායමේ එකෙක් පැමිණ නොතිබූ බැවින් 11 සොයා ගැනීමට කන්ඩායම් නායකයා සියලු දන්නා ලාකිකයන්ට දුරකතන ඇමතුම් ගන්නවා මම දිටිමි.

උදෑසනම මගේ බොක්කක් වු මගෙ නායකයාට උදව් කිරීම මගේ සර්ව සකල යුතුකම බැවින්, මම හිමින් හිමින් අප කල්බ් එකේ අනිත් කණ්ඩායම් දෙක දෙසට ගමන් ගතිමි.

මගේ උකුසු ඇස සියලු ක්‍රීඩකයින් දෙස දුවන අතර එක පොඩි කොලුවෙක් වැඩි කතා බහක් නොමැතිව පැත්තකට වී සිටීනු දිටිමි.ඌ අලුත් එකෙකි.එතැන සිටින උදවිය නොහදුනනයි. මගේ සියලු අවශ්‍යතා සැපිරිණි.තවත් පරක්කු නොවී එතනට ගිය මම;

"මල්ලි මොකද කරන්නෙ අන්න මැච් එක පටන් ගන්න ලෑස්ති. ඉක්මනට පලයන් උබ ඔපන්" කීවෙමි.

කොල්ල කලබල වී බැට් එකක් ගෙන අපේ තරගයට ඔපන් බැට් කරන ලදී.

මගේ නායකයාගේ නම්බුව මම බේරා ගතිමි.

මට සැටිස්. . .

අලුත් කොල්ලා ලකුනු 25ක් ලබා දෙමින් සිටින අතර අප ක්ලබ් එකේ අනික් කන්ඩායමේ නායකයා පැමිණ

 "මල්ලි උබ ඕකෙ නෙමේ සෙල්ලම් කරන්න තියෙන්නේ. ඇ‍යි ඔහේ සෙල්ලන් කරන්නෙ??" ඇසීය.

කුමක් වූවත් දැන් කරන්න දෙයක් නැහැ කියා ඔහු අවබෝධ කර දුන්නේ මගේ නායක තෙමේ නිසා ඔහු යන්නට ගියේය.

ඕවර හයකදී ලකුනු 60 ක් රැස් කල දක්ස පිල ට පසු අප කන්ඩායම පන්දු රැකීමට සැරසුනි.

තද සුලන් පහර මගේ සෙන්ටි හතර ඔලුව දක්වා ගෙනවිත් තිබිණ.

මේ වන විට ලකුනු 40ක් ලබා ගෙන ඇති දක්ස පිලට බෝල් කිරීමට කෙනෙක් නොමැති වීය.පන්දු යවන්න තරමක හෝ හැකියාවක් තිබු දෙදෙනාම තමන්ගේ ඕවර ඉවර කර තිබිණ.

මම නායක‍යාට උපකාර කිරීමට නැවත පැමිනියෙමි.

පන්දු යැවීමට පටන් ගතිමි.

පලවන පන්දුවට හයක් ලබා දුන් දක්ස පිලේ පිතිකරු මට මද සිනාවකින් සන්ග්‍රහ කලේය.

මගේ දෙවන පන්දුව ක්‍රීඩකයාගේ හිසට උඩින් එල්ල වූයෙන් අම්පයර් තෙමේ අත් දෙක දෙපත්තට දමන ලදී.

නැවත මගේ දෙවන පන්දුව තන නිල්ලේන් ඉවතට යන ලදීන්, අම්පයර් තෙමේ අත් දෙක දෙපත්තට දමන ලදී.

තෙවැනි පන්දුව නැවත පිච් එකේන් ඉවත පළමුව පතිත විය.

මෙලෙස මගේ වෙරි සිදෙන තුරු මා පන්දු යවා ඇත.

තරගය නිමා විය.

දැන් මගේ කැප්ටන් අයියා මා දෙස නොබලයි.

සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් මට සිනාවකින් සන්ග්‍රහ කරයි.

අම්පයර් තරගය අවසන් වූ සැනින් ටයිගර් බාම් කෑන් එකක් ගෙන ලෙග් අම්පයර් ලව්වා උරහිසට ස්ප්‍රෙව් කරගන්නවා දිටිමි.

පසුව දැනගත් පරිදි ඔහුගෙ උරහිස් ගෙවී ඇත. . .

අපේ උන් මට අටෝරාසියක් කතා මේ වන විට පද බඳිමින් පවතී. . .

මගේ කන් මගේ නොවෙන බව සියලු දෙනාට මතක් කර සමු ගනිමි. . .

මගෙ ඉතිරි පන්දු 5 ඊ ලග අවුරුද්දේ මහා ක්‍රිකට් ගැටුමේදි යැවීමට මගේ කැප්ටන් අයියා  පොරොන්දු විය.

බ්ලැක් ලේබල් මගේ ප්‍රණාමය පිලි ගන්න !!!!!!!!!!!!!!!!!!  ඔබ නැවතත් මට කෙලවීය.   . . 

Wednesday, 5 February 2014

කැරපොත්තෝ. . .

කැරපොත්තෝ යනු අප පරිසරයේ ජිවත් වන තවත් සත්ව කොට්ටාශයකි.

විද්‍යාත්මක නම නොදන්නා අත‍ර ඒ ගැන සෙවීම දිවට එතරම් සුවදායක නොවෙන බැවින් අපි ඒ ගැන මග ඇර කතා කරමු.

අප ජීවත් වන පරිසරය ජෛව විවිදත්වයකින් හෙබි පරිසරයකි.රටින් රට ඒ විවිදත්වය වෙනස් වන අතර ඒ ඒ රටවල එය රැකීම සදහා විශේෂයෙන් පිහිටුවා ඇති ආයතන පවතී.මේ විවිදත්වය ආරක්ෂාකර ගනිමින් සංවර්ධන වැඩ කටයුතු කිරීමට වෙනම වචනයක් තියනවාද මම දන්නෙ නැත.

නමුත් පරිසරයේ ඇති සීමිත සම්පත් භාවිතා කරමින් පරිසරයට අවම හානියක් කරමින්  සංවර්ධන වැඩ කටයුතු කිරීමට නම් නමක් ඇත.

නවමු අදහස් වලින් සමන්විත මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පරිසරයට අවම හානියක් ඇති වන ආකාරයට ගොඩනැගිලි ඉදිකිරීම් ආදී සංවර්ධන කටයුතු කිරීමටය.

එවැනි අවස්තාවන් වලදී පරිසරයේ සිටින සතුන් ගැන අප බෙහෙවින් සැළකිලිමත් විය යුතුය.

උක්ත මාතෘකාවේ එන සත්ත්ව කොට්ටාශයත් එවැනි වූ තර්ජනයකට මුහුණ පා සිටින දහස්ගණන් වූ සතුන් අතරින් එක් කොටසකි.

එවන් ඉතා දියුනු ආකාරයෙන් ගොඩනැගූ ඉදිකි‍රීම් අවසානයේ මිනිසුන් නැමැති සත්ත්ව කොට්ටාශයක් ඒ නිවෙස් තුල තම තමන්ගේ ජීවිත ගෙවමින් සිටිනු ඇත.

මේ අවධියේ මෙම සත්තව කොට්ටාශ දෙක ස්වභාවධර්මයේ කුරිරු හිංසනයකට යටත් වන බව මගේ හැඟිමයි.

උක්ත මාතෘකාවේ එන සතුන් බෝ වීම හෙවත් උන්ගේ ජනගහන වර්ධනය ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයට වඩා බෙහෙවින් කාර්යකෂමය.

එබැවින් මිනිසුන් යන සත්ව කොට්ටාශය නිවෙස් වලට පදින්චි වීමට පෙර තම විරුද්ධ සත්ත්ව කොට්ටාශය සහමුලින්ම එම වාසස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කරයි.

දේශපාලන නීතියක් වන පහර දෙන විට පිම්බෙන ආකාරයේ නීතියක් මෙම සත්ත්ව කොට්ටාශ දෙක අතරේද පවතී.

ඒ වගේම මිනිසුන් තම වර්ගයා අතර සටන් වලදී භාවිතා කරන රසායනික අවිද අද වනවිට තහනම් කර ඇතත්, මේ සත්ත්ව කොට්ටාශය එදිරියේ එම නීතිය අවලන්ගු බවට පත්වේ.

රසායනික අවි වලින් සටන් කිරීමට තරම් දුර ගිය මේ සටන ගැන අපි කල්පනා කරන කොට මේ ආකාරයේ බිහිසුනු සටනක් වූයේ ඇයිද යන්න සාකච්චාවට බදුන් කල යුතුම කාරනයකි.

මේ උක්ත මාතෘකාවෙ එන සතුන් සාමාන්‍යෙයෙන් ආහාර පිලිබදව එතරම් සැලකිල්ලක් නොකරන්නාවූ සතුන් කොටසකි.මිනිසුන් මෙන් මේසයක වාඩි වී කතා කරමින් ආහාර ගැනීමේ සිරිතක් නොමැති අතර. අනෙක් සත්ත්ව කොට්ටාශය දුක් මහන්සියෙන් පිලියෙල කරගත්තාවූ ආහාර රස බැලීමකින් පමනක් සෑහීමකට පත්වේ.

නමුත් උක්ත මාතෘකාවේ එන සතුන් කෙරෙහි සත්ත්ව දයාවෙන් බැලීමට තරම් අපහසු ආකාරයට මේ සතුන් තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයේ ආහාර මුරන්ඩු ආකාරයෙන් රස බැලීමේ යෙදෙති.

මෙය පිලියෙල කල ආහාර හා නොකල යන දෙවර්ගයටම පොදු සන්සිද්දියක් වෙන බැවින් දෙවනුව කී සත්ත්ව කොට්ටශයේ මනසට පීඩාකාරී වාතාවරණයක් ඇති කරවයි.

බැලූ බැලු අත උක්ත මාතෘකාවේ එන සතුන් තම නෑදෑයන් පිරිවරාගෙන කුඩා දරුවන්ද සමග තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශය ගැන කිසිම ආකාරයක සැලකිල්ලක් නොදැක්වීම දෙවනුව කී සත්ත්ව කොට්ටාශයේ හදිසි කෝපය ඇති වීමට හේතු වන්නක් බව නොකියාම බැරිය.

අප මේ කතා කරගෙන ආයේ රසායනික අවි භාවිතය පිලිබදවයි 

මේ සත්ත්ව කොට්ටාස දෙක අතර අන්‍යනෝන්‍ය විරසකය තීව්‍ර වෙන තවත් අවස්තාවක් වන්නේ උදෑසන තම රැකියාවන් සදහා පිටත්ව යන දෙවෙනුව කී සත්ත්ව කොට්ටාශය තම දෙපා ආරක්ශා කිරීම උදෙසා මිලදී ගන්නා ලද "පාවහන්" තුල සිට එලියට පැනීමයි.මේ ක්‍රියාව කිසි ලෙසකින් සාදාරණීකරනය කිරීමට මද්‍ය - අස්ත මට වුව නොහැකි බව කිව යුතුමය.

උක්ත මාතෘකාවේ එක සත්‍ත්ව කොට්ටාශය ඉදිකිරීම් ආදී සන්වර්ධන අවස්තාවේ තම වර්ගයා පවත්වා ගත්තත් , මේ රසායනික ප්‍රහාරය හමුවේ විනාශ වේ.

මෙය එක් සත්ත්ව කොට්ටාශයක් තවත් සත්ත්ව කොට්ටශයක් සහමුලින් නැති කිරීම උදෙසා කරන්නක් නොව තම පැවැත්ම උදෙසා කරන ලද මෙහෙයුමක් බවට ගෙන එන තර්කය වලන්ගු ස්භාවයක් බැලූ බැල්මටම දිස්වේ.

එම නිසා "සික්කා 23" නැමැති කුඩා වෙලද සැලේ නිශ්පාදිත රසායනික ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සාදාරනීකරනය කල හැකිය.

- උක්ත මාතෘකාවේ එන සත්වයින් හා සිදූ වූ අවසන් සටනේ වාර්තාව - 


Monday, 27 January 2014

අපේ කම . . .

එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.

මේ ඒකෙ දෙවෙනි කොටස.

ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිට නිමිල ගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුන කාර්‍යභාරයක් ඉතිරි කරමින්.

මෙයිට වසර කිහිපයකට පෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම සුන්දර මනුස්සයෙක් උන මේ වඩු කාර්මික මහතා අර කුඩා ගමෙන් ආපු සියලු දෙනාටම බොහොම හොද සගයෙක් උනා.

ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහු ඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.

ඒ වඩු මහත්තයා තමන් උගත් දේ කිසිම පැකිලීමකින් තොරව තමාගේ මිත්‍රයාට පිලිවෙලක් ඇතිව කියා දුන්න නිසා,මේ බව ගම් ගෙවල්,නවාතැන් ,වැඩපලවල් අතර විහිදෙන්න වැඩි කලක් ගත උනේ නෑ.

දින සති මාස ගෙවෙමින් යන අතරතුර දැණුම පිපාසෙන් තම නිවසේ දොරට තට්ටු කරන ඕනෑම අයෙකුට කිසිම බේදයකින් තොරව දන්නා නොදන්නා සියලු දෙනාට නොමසුරුව තම ධනය කාලය වැය කරමින් උපකාර කලා.

කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.

එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භ කල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.

මේ සාකච්චාවට දැන් ප්‍රවීණ වඩු මහත්තයාගේ නිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.

නිවසේ තිබුණ වාඩි වීමට හැකි සියලු දේ අවසන් වූ පසු පන්තියට එනවිට පුටුවක් තමාගේ භාවිත‍යට රැගෙන දැණුම පිපාසාව සන්සිදවා ගැනීමට පවා සාමාජිකයින් පෙළඹුණා.

මෙයාකාරයෙන් මේ පන්තිය නිසොල්මනේ සියලු වඩුකා‍ර්මිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ඉමහත් ජනාදරයට පත් උනා.

කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.

සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි  වුණු ගිනි පුලිගු වියලි දඩු කැබලි රත් ක‍ර තිබුණා.

පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටු සාජ්ජේ වෙනකල් වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.

ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේ නිවසේ සාකච්චාව පැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.

ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.

ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා  . . .



Tuesday, 21 January 2014

කළු ලේබල් සමග පරණ මතක . . .



කාලය:       2006
ස්ථානය:     කොලඹ කොටුව දුම්රිපොල

උදෑසන 5ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින්, දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණු කරට ගෙන බැස ගතිමි.

නිදිමත කොතරම් දැඩීවීද යත් යා යුත්තේ කිනම් දිසාවකටදැයි යන්න මනසට කාන්දු වූයේ සෙමින්ය .

ගාල්ලෙන් ගත් වතුර බෝතලේ ඉතිරි වී තිබුන වතුර ටික උගුරෙන් පහලට දමා ගත් විට යම් පමණක ප්‍රකෘති ගතියක් ලැබුණි.

පෙරදින වැඩබිමේ පඩි නඩි බේරා ලැබෙන දින දෙහෙක නිවාඩුව ගත කිරීමට ගම් රටවල් බලා යාමට මම රෑම පිටත් වූවත්, අන් බොහෝ දෙනා අද පාන්දර පිටත්ව යයි.

මත් ගතියෙන් තවමත් විඩාබර බවක් ගතට තදින්ම දැනේ. අද දවස යහපත් ලෙස ගත කිරීම අත්‍යාවශ්‍ය නිසා ඒ අපහසුතාවය මදකට අමතක කර දැම්මෙමි.

නිවාඩු යෑමට මත්තෙන් සුපුරුදු ලෙස වැඩබිමේ පවත්වන සාදය රෑ දෙගොඩහරී ජාමය කරා දික් විය.මට එතෙක් වේලා ‍රැදී සිටීමට නොහැකි වීම් සියුම් කනගාටුවක්ද සිතට දනවයි.

නමුත් නුපුරුදු ජලයක පිහිණන අයෙකු ලබන සතුටක් මමද පසුගිය දෙසතිය තුල ලැබූ බව අවිවාදිතයි.

මෙවන් සිතිවිලි අතර සැරිසරමින් දුම්රිය වේදිකාවන් එකින් එක පසුකරමින් අනෙක්පස ඇති විවේකාගාරය වෙත පියමැන්නේ කට තුල නලියමින් තිබූ මත් කසටෙන් මිදීමට සහ බස් රථයේ පැති ජනේලයෙන්  මුහුණට වැදුනු පිනි මිශ්‍ර දූවිලි තට්ටුව යවාගැනීමේ අටියෙනි.

සීතල වතුර බිදකින් මුහුණ තෙමාගෙන දින දෙහෙකට පෙර සූදානම් ක‍ර ගත් අත් කොට නිල් කමිසය ඇගට දමාගත් විට යම්කිසි නැවුම් ගතියක් සිතට දැනෙන්නට විය.

අලුත් හැගීමකින් සිත පුරවාගෙන ගමන් මල්ල එක් කරකින් පසුපසට දමාගෙන දුම්රිය වේදිකාවට පැමිණියේ තව හෝරාවකින් හෝ ඊට මදක් වැඩියෙන් පසු ප්‍රණීත උදෑසන ආහාරයක් ලැබෙතත් ගත විඩාව සමනය කිරීමට ආපනශාලාව වෙත යාමටය.

නැවත යථා තත්වයට පත් වීමේ අටියෙන් බනිස් එකක් හා උනු කෝපි කෝප්පයක් ඇනවුම් කර නැවතත් සිතිවිලි අතර සැගවීමි. 

කෝපි කෝප්පයෙන් ලැබුන පන්නරය සමග වේදිකාව මත බන්කුවක් මත වාඩි වී සිටියද මා සිත අතීත මතකයන් අතර ඔබ  මොබ දිව යයි.

සති‍යකට දෙහෙකට පෙර සිටි මා සහ දැන් මා අතර වෙනසක් වී නම් ඒ ඇය නිසා බව මා සිත පිරි යයි. නමුත් ඇය හා අතීත මතකයන් පසු පස ලුහුබැද ඒම මට මනසට වදයක් විය.

එකල මා ඇය සමග කී දේවල් මෙයින් පසු කෙසේ මා වෙත ආපහු ලැබේද?

මෙසේ හෝරාවක් ගෙවී යනතෙක් මනසේ සිතිවිලි අතර අතරමන් වී සිටියෙමි.

ජන්ගම දුරකතනයේ ඇගේ නම සදහන් වන විට පෙර මෙන් සැහැල්ලුවෙන් අතට ගත්තද අද යම්කිසි තිගැස්ස්මක් ඇතිවිය.

සුදු සහ කලු ඉරි වැටුන සාය සමග දුබුරු පැහැ බ්ලවුසය ඇගේ පෙර  නොදැකපු පෙනුමක් එක්ක‍ර ඇත.

මෙයිට මසකට පමණ පෙර මා ගෙදර යාමට කමිසයක් මිලදී ගැනීමට ඇයත් සමග යන අවස්තාවකදී මේ ඇදුම තෝරා ගත් බවත් එයට මගේ කැමැත්තද හිමි ඌ බවත් මතක් වන විට නැවතත් මගේ සිත වරදකාරී හැගීමකින් පිරෙන්නට විය.

ඇය කතාවේදී එවන් ගතියක් නොපෙන්වූ බැවින් මමද ඇය හා එක්ව කිසිත් නොවෙනස් බව පෙන්නුවද ඇති වී තිබෙන අපහසුතාවය රහසක් නොවීය.

ගමනාන්තය වූ නුව‍ර දුම්රිය ස්ථානයට ලබාගත් ටිකට් දෙකත් රැගෙන අපි වේදිකාව දෙසට පිය මැන්නෙමු.සෙමින් සෙමින් වදින ඒ අත අල්ලා ගැනීමට මා සිත් වූවද, සිත කිසියම් චකිතයකින් වෙලී ඇත.

එයටත් ඇයගේ සහය පැමිනියෙන් අතින් අල්ලාගෙන කෝච්චියට නැගීමට මට හැකි විය.

මා සතුව පැවති වැඩබිමේ කතා රසවිදිමින් කන්ද උඩරට සීමාවට  අපහසුවකින් තොරව පැමිණි බව පලමු උමන් මාර්ගයට ඇතුල් ඌ දුම්රිය කියාපායි.

හාත්පස කලුවර විය.

අතින් අල්ලාගත් වනම සිටි ඇයගේ නිහඩබව මා එදෙසට කිට්ටුවීමට අවශ්‍ය දිරිය සැපයීය.

එකෙනෙහිම උමගෙන් එලියට ඇදුනු දුම්රිය තුලට වන් හිරු එලිය එතෙක් නොතිබූ අපහසුතාවය අප සිත් තුලට කාන්දු කරවීය.

මා අතින් නිදහස් කරගත් ඇගේ අත දුරකතනය වෙතට මාරු විය.

පුරා අවුරුදු 5ක් මිතුරන් ලෙස සිට වුවත් මේ අවස්ථාවෙන් පසු මුහුණ බැලීමට මා හට චකිතයක් ඇති වූයෙන් මමද දුරකතනයේ පිහිට සෙවීමි.

අප අතර නිහඩ බව මා තව තවත් ආගන්තුක බවට පත්කරවීය.

විශ්ව විද්‍යාල කාලය පුරා අවුරුදු හත‍රක් සහ මාස කීපයක් මේ දුම්රියෙන් ගමේ සිට යන එන මට ඊ ලග උමග තුලින් දුම්රිය යන වෙලාව රහසක් නොවීය.

තව දුරටත් මෙවන් ආගන්තුක චරිතයකට පණ පෙවීමෙන් පලක් නොවෙන බැවින් දුම්රිය උමගට ඇතුලුවීමත් සමග ඇගේ අතින් අල්ලා මා කිට්ටුවට ඇදගත් මා ඇගේ දෙතොල් තදින් සිපගතිමි .
-------------------------------------------------------------------------------------------------------
දැන් වේලාව: රාත්‍රි 12,30
මත් වතුරින් අඩපන ඌ මගේ සිත අතීත ගමන් මඟ ඔස්සෙ යමින් සිටියදී නෙත ගැටුන මතකයක්, වැලි දූලි වැදී කාලයත් සමග නටබුන්ව තිබුණි. 

වැලි දූලි පිසදා බැලූ විට පලමු සිපගැනීමෙ රසයත් සමග හැගීම එලෙසම සුරකිව තිබීම ගැන සිතට බොහෝ ඉස්තුතිවෙමින් මෙසේ ලීවෙමි. . .

තව සෙන්ටිමිටරක් ඇනගෙන නිදා ගන්නව . . .

කළු ලේබල් යනු සෙන්ටිමෙන්ටල් බීමකි . . .

www.mybottleshop.com.au

Thursday, 19 December 2013

ඉස්කෝලෙ කාලෙ ලව්. . .

මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන්  ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.

ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගි‍රිස් පන්‍තියට යන්න මූලික උනේ.

පන්තිය තිබුණෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුණ.එහෙක කෙල්ලො අනිකෙ අපි.  එදා මම පන්තියට ගිය පලවෙනි දවස.ටික වෙලාවක් යනකොට දිග කොන්ඩෙ පෝනි නගුටක් දාල, සුදු පාට ගව්මක් ඇදල කලු පාට බෙල්ට් එකක් දාල කෙල්ලෙක් ආව.සුදු ලස්සන කෙල්ලෙක්.ඇවිත් වාඩි උනේ මම හිටිය බන්කුවට එහා බන්කුවෙ.

මට මේ කෙල්ල හිතට අල්ලල ගියා.ඔන්න එදා ඉදන් මම ඉන්ගිරිස් ඉගෙන ගන්නව.හැමදාම පන්ති යනව ඒ කෙල්ලව බලන්න.පන්තියෙ ඉන්නකොටත් වැඩිපුර කරන්නෙ එයා ලියන හැටි, හිනා වෙන හැටි ඔව්ව තමා.

කාලයත් එක්ක මගේ ඒකපාර්ශික ලව මෝරගෙන එනව.දැන් මම පන්ති යන්නෙ ඔය කෙල්ල නිසාමයි.නමුත් ඒකි මම ගැන කිසිම සැලකිල්ලක් නැහැ.මමත් හොදට ඇදල කරල යනව, ගෙදර වැඩ ටික හොදට කරගෙන යනව.සර් කාරය ලව්ව මගෙ නම කියව ගන්න.

කොහෙද සර් මහ එක විදියක පොරක්.කිවෙම නැහැනෙ මගෙ නම.

දැන් ඕ ලෙවෙල් විභාගෙ ලන් වෙනව.මම ඔය විභාගෙට ලෑස්ති උනේ විභාගෙට මාස හතරක් වගේ තියල.මගෙ යාලුවෙකුගෙ අයිය කෙනෙක් ගනන් පන්තියක් කලා මට.ඌ හින්ද ගනන් විද්‍යාව සමාජ අද්‍යනය හොදට පාස් වෙලා උසස්පෙල මැත්ස් පන්තියෙ එල්ලුන.

අර කෙල්ලට D ම අටක් කියල ආරන්චි උනා.අන්තිම ඉන්ගිරිස් පන්තිය දවසෙ ආවෙ නෑ.මට හෙන අප්සට්.

ඉතින් මම තවම ඒකි ගැන හිත හිත ඒ ලෙවෙල් පන්ති යනව.වැඩිය දකින්න ලැබුනෙත් නෑ.මගෙ මේ ඒකපාර්සික වැඩේ මගෙ හොදම යාලුවවත් දැනගෙන උන්නෙ නෑ.මම කීවෙ නෑ.

ඉතින් ඔහොම කාලෙ ගියා.මම ඉදල හිටල එයා උසස්පෙල පන්ති යන එව්ව හොයල ඒ පාරවල් වල ඉදල දැක බලා ගන්නව.එයාකලේ ආර්ට්ස්.ඒකාලෙ හිතන්නෙම ඒ ගැන.හැබැයි කතා කරන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බෙ නෑ.මොකද මම ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු නිසා.නමුත් මම අවදානය ගන්න පුලුවන් තරම් උත්සාහ කලා.

http://www.deepliving.com/the-role-of-disappointment-part-03/


පලවෙනි පාර උසස්පෙල කරල රිසල්ට් ආවම .මම සන්ඝමිත්තා එකට ගිහින් රිසල්ට් බැලුව, ඒයාට A 4 .කොලබ නීති පීටයෙ.මම . . .හෙහ් හෙහ් කොහොම හරි ෆිසිකල් බෝට්ටුවක් ආව පේරදෙනිය. දැන් මම හෙන අව්ලෙන්.මොකද කැම්පස් එකෙක් සෙට් වෙයි කියල.මම කොලබ කැම්පස් එකට සුහද මාරුවක් ඉල්ලුව. ලැබුනෙ නෑ.

මම හිතාගත්ත කොහොම හරි කොලබ කැම්පස් එකට යනව කියල මහන්සි උනා ෆිසිකල් යන්න කොලබ.අර මගෙ යලුවගෙ අයිය මට ගොඩාක් උදව් කලා.දෙවෙනි පාර මම මොරටුවට යන්න ආව.දැන් කොලබ කැම්පස් එකට ෆිසිකල් යන්න දෙන්නෙ නෑ.මට ගෙදරින්.හෙන කේස්.ඔය දවස් වල අපේ ගෙදර ආර්තික මැසිම කර කර ගගා දිව්වෙ.ඉතින් පේරදෙනියෙ යන්නලු.කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.හෙ හෙහ් හෙහ්   

කොහොමෙන් හරි මගෙ මේ සීන් එකට දැන් අවුරුදු පහක්.හැබැයි මම විතරයි දන්නෙ.

මම කොලබ ‍යන එක අත ඇරල ගෙදර අයටත් බරක් දීල ගියා මොරටූ.ගිහින් කොලබ කැම්පස් එකෙ යාලුවො සෙට් කොරගෙන හොයනව, හැම සතියකම දෙපාරක්වත් යනව.කර්මය කියන්නෙ කවදාවත් දැක්කෙ නෑනෙ.පස්සෙ මගෙ වියදමට මම පන්ති කරන්න ගත්තෙ මෙව්වට ගෙදරින් සල්ලි  ඉල්ලන්න  බැ‍රි නිසා.

ඔ‍ය කාලෙ තමා මම සල්ලි ගන්න බැන්කුවට ගිහින් මුද්දර ගහන්න සල්ලි නැතුව ඉන්නකොට, කවුන්ටරෙ හිටපු කෙල්ලෙක් කතා කරල මුද්දර ප්‍රස්නෙ විසදුවෙ.ඔය හිතවත්කම දුර ගියෙ නෑ මම මේ සීන් එක ඔලුවෙ ති‍යාන ඉන්න නිසා.නමුත් එයා මගෙ හොදම  යාලුව උනා.

බැන්කුවෙ කෙල්ල එක්ක මෙන්න මේ කතාවෙ සිද්දිය උන දවසෙ රෑ මම තීරණය කලා අවුරුදු ගානක මගෙ ඒකපාර්ශික ලව් එක ඉවර කරන්න.මම හිතුව මම මේ කෙල්ල එක්ක යමක් පටන් ගන්න කලින්, පරන එකට කතා කරනව කියල, ඒ කෙල්ලගෙ ගෙදර ෆෝන් නම්බරේ හොයාගත්ත.

පහුවදා කෝල් කරන්න ගියාම හිතුන, මම මේ මා එක්ක අවුරුදු හතරක් දුක සැප බෙදා ගෙන මගෙ රෙදි ටික හොදල මැදල දුන්න කෙල්ල හොදා මගෙ නමවත් නොදන්න කෙල්ලකට වඩා කියල මම එදා ඒක හිතින් අයින් කලා.

ඔය මගෙ නමවත් නොදන්න කෙල්ල නිසා මගෙ ජිවිතෙ ගොඩක් දේවල් වෙනස් උනා.

හදිසියෙම මේක මතක් උනේ . . . ගිය සතියෙ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තිබුන.ඒ යාලුව මට කතා කරල ඇහුව උබ මෙහෙම කෙනෙක් දන්නවද කියල.ඌත් මමත් එකම ඉස්කොලෙටම ගිහින් තියන එකම වයස නිසා උගෙන් අහුවලු මම මොකද කරන්නෙ කින්ද මන්ද කියල.

මට පුදුම හිතුන මේ කතාවට.මම අවුරුදු ගානක් හීන දැක දැකා හිටිය,මගෙ නමවත් දන්නෙ නැතෙයි කියල හිතපු මේ කෙල්ල මා ගැන අහනව කියන්නෙ. . . කාලය මැව් වෙනසක අරුමේ. . . .

Sunday, 15 December 2013

රෙෆරන්ස් ටු දේශකයාස් පොස්ට් ඩේටඩ් 22/11/2013

දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.

ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේ ලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.
පින්තුරෙ http://sharememe.org/dubai-mall-aquarium-diving-7-hd-wallpapers/dubai-mall-aquarium-diving-7-hd-wallpapers-2/
මෝල්එක හෙන ලොකුයි.එහෙං මෙහෙං යන්න තියනවා අපිටත් අමාරුයි හොයා ගන්න.

මම ඔන්න ටිකට් තුනකුත් ඇන්න ඇතුලට ගියා.මාලු ටැන්කිය ඇතුල උමගක් වගේ වටේට විදුරු.ජුනියර් එහාට මෙහාට දුවනවා, මාළු බලන්න.

ඌ මේ වගේ එකක් දැක්ක පලවෙනි එක නිසා හෙන එක්සයිට්.මමත් ඕන විදියට නටන්න දීල හිටිය.ඔය උමග උඩ රවුන් කීවෙ ඕවලාකාරයි.මගෙත් ඔලුව ටිකක් මන්නන් වෙලා ගියා නිකන් කැරකෙනවා වගේ.

ඔය විසිතුරු බලන අතර පොඩිඑකත් එහෙ මෙහෙ දුවනව.මම පුතා එක කොනකට යනව පොටෝ එකක් අරගෙන කැමරාවෙන් පොටෝ එක දිහත් බලල,
ලමය හිටි තැන බැලුව.

 කෝ ජුනියර් ???????????????

එහා කොනේ ඉදන් මෙහා කොනට යනකල් දෙපාරක් ගියා.එලියට ගිහින් වටෙන්ම අවිදලත් බැලුව මේක නැහැ.හාමිනේට ඔලුව කැරකෙනවා කියල එලියට ගිහින් පුටුවක වැඩි වෙලා උන්නේ.මම එයට නොපෙනෙන්න මේකව හොයනවා.මොකද මේ ඉන්න තත්ත්වේ අනුව ඔය වගේ දෙයක් කියන්න බැරි නිසා.

හැමතැනම බැලුව නැහැ.පුතා වෙනදට ගිය දිහකින් ඒ ගිය පාර දිගේම ආපහු එන පුරුද්දක් තියනවා.එක නිසා මම ටිකක් බැලුව එයිද කියල.විනාඩි දහයක් විතර හිටිය දැන් නම් ඉන්නම බැහැ.මගේ පපුව නිකන් බර වෙලා වගේ.අත් දෙකත් සිතල වෙලා කතා කර ගන්නවත් බැහැ.

මගේ වෙනස දැකපු වයිෆ්ට තේරුණා වෙලා තියන දේ.
එයා අඩනවා දුවනවා ලමය හොයන්න.

 මම එතන හිටපු සිකුරිටි එකාට කිව.ඌ ඒ ගමන්ම උන්ගේ ලොක්කට කෝල් කරලා ඇදගෙන හිටිය ඇදුම් ගැන විස්තරයක් සහ පුතාගේ ෆොටෝ එකක් යැව්වා.ඌ කියනවා බය වෙන්න එපාය හැම මීටර් 20 කටම එක සිවිල් ඔෆිසර් කෙනෙක් ඉන්නවය ඒ හැමෝටම ෆොටෝ එක යැව්වය කියල.

මමත් ඒ ළඟ යයි කියල හිතන්න පුළුවන් හැම කඩේටම ගිහින් බැලුව.මිනිහ ආසයි ඔය සෙල්ලම් කාර් වලට.ඒක නිසා ඒ ළඟ තිබුන සෙල්ලම් බඩු කඩේ හැමතැනම බැලුව.දැන් විනාඩි විස්සකට වැඩි.

මම මුලින් ගොඩක් විශ්වාස කරා පුතා ගිය පාරේම අපහු එනවා කියල.වෙලාව යනකොට ඒ විශ්වාසේත් හෙලෙන්න ගත්ත.

බලන්න පුළුවන් හැම තැනකම බැලුව.CID  එකේ උන් ටිකත් එහාට මෙහාට කෝල් කරනවා විතරයි.

දැන් වයිෆ් කලන්තේ දාන ගානට ඇවිත්.එයත් පුටුවක ඉන්දල මම හැමතැනම දුවනවා.

මම කෝකටත් කියල එතනින් ටිකක් ඈත තියනවා කොරිඩෝවක් කෘතීම වැව උඩින් යන පාලමට.මම ඔය කොරිඩෝවට ගියා, 

මෙන්න එනවා දුවගෙන පාලම පැත්තේ ඉදං. අර කොරිඩෝවේ තියන හැම කඩේකම දෙන කොලයි, කෑම කඩවල මෙනු කොලයි ගොන්නක් අතේ.තවත් නැවතී නැවතී කඩ වල ඉස්සරහ ඉන්න පිලිපීන කෙල්ලෝ එක්ක චැට් එක දානවා එන ගමනුත්.අම්ම අප්පා ඉන්නවද මලාද නැහැ.

එක දැක්කම හිනා ගියත්, අල්ලගත්ත ගමන් උරහිසෙන් හොල්ලල ඇහුව කොහෙද ගියේ කියල.

දුන්න උත්තරේ ;

" සංසාරේ අප්පච්චි මට චිකන් ගුඩි කන්න ඕන" ( චිකන් ගුඩි කියන්නේ KFC එකේ පොප්කොර්න් එකට)

එකට කිසි ගානක් නැහැ.දෙන්නම් උබට චිකන් ගුඩි කියල ඇන්න ගියා මව් යාන‍ය ගාවට.

එක්ක ගිහින් මව්  යානයට බාරදුන්න නැත නම් මොනවායින් මොනවා වෙයිද නොදන්නා නිසා ඉන්න තත්වේ අනුව.අම්මගෙන් නම් ගුටි කෑවා ( මම අද වෙනකල් ගහල නෑ කොල්ලට, මට ගහන්න ඕන උනොත් ළමයාගේ අම්මට එක හත කරලා කියනවා හෙහ් හෙහ් හේ අම්මගෙන් කනවා එතකොට)

ඉතින් එදා‍යින් පස්සෙ තමා මම ජුනියර් එක්ක මොනවහරි ගන්න ඕනෑ උනත්  නොයන්නේ.එයා  එක්ක යනවා නම් බඩු මුට්ටු ගන්නේ නැහැ.

මෝල් එකේ පොලිස් පොස්ට් එකට ගිහින් ළමය ලැබුන කියල ඉන්ෆොර්ම් කරලා ගෙදර ආවේ. . .

ප.ලි: දේශකයගෙ පොස්ට් එක නිසා ලීවෙ.

Saturday, 14 December 2013

ටිපිකල් ලාංකිකත්වය . . .

ඔන්න ඉස්සර එක කාලයක් එහෙම නැත්නම් එකෝමත් එක කාළෙක අපේ ගමේ තිබුණ වඩු මඩුවක්.ඔය වඩු මඩුවේ බොහොම දක්ෂ වඩු මහත්තයෙක් ගමට ඕන කරන වඩු කර්මාන්තය කරගෙන බොහොම දැහැමෙන් සෙමෙන් කාළය ගත කරා.ඉතින් ඔය ගමේ හැමෝම යන්තම් ඉලන්දාරි වෙන කොට දෑතේ වැඩක් ඉගෙන ගන්න එක සාමාන්‍ය දෙයක්.මේ ගමේ හිටපු ඉලන්දාරි ටිකත් ඔය තිබුන එකම වඩු මඩුවේ බාසුන්නැහැ ලග වඩු වැඩ ඉගෙන ගන්න ආව.ඉලන්දාරි ටිකත් හොද වඩු කාර්මිකයෝ උනා. 

නමුත් මේ ගමේ ගොඩ දෙනෙක් වඩු කාර්මිකයෝ උන නිසා සහ ගමේ වැඩ ටිකක් හිඟ උන නිසා මේ කාර්මිකයෝ ටික වෙන දුර බැහැර ගමකට ගිහින් වඩු කර්මාන්තයේ යෙදෙන්න පටන් ගත්ත.අර ගමේ වඩු මඩුවෙ දක්ෂ බාසුන්නැහැගෙන් වැඩ ඉගෙනගෙන තිබුණ නිසා මේ අයට ඒ ගමේ ලොකු සැලකිල්ලක් ලැබුන. ඉතින් මුලදී ඔය වගේ දුරක් ගෙවාගෙන යන එකට ගොඩක් අය අකමැති උනත් පස්සෙන් පහු ගොඩ දෙනෙක් මේ අලුත් ගමට එන්න පටන් ගත්ත.

දැන් මේ අර මුලින් ආපු වඩු කාර්මිකයෝ දවසක් මල් පැණි බොන අතරතුර එක වඩු කාර්මිකයෙක් යෝජනා කළා අපි අහවල් ගමෙන් ආපු අය හැමෝම එකට එකතු කරලා වඩු සංගමයක් පටන්ගමු කියල. මේක මල්පැණි බොන වෙලාවේ ආව උනත් ඒ කීප දෙනා එක අඩුවක් නොකර ආරම්භ කළා.

දැන් මේ අලුත් ගමට එන අර පරණ ගමේ වඩු මඩුව ටිකක් ලොකු වෙලා වඩු කාර්මිකයෝ වැඩි වැඩියෙන් එන්න ගන්නවා.අර අපේ වඩු සංගමයත් ටික ටික ලොකු වෙනවා.දැන් අර ගමෙන් මුලින්ම ආපු වඩු කාර්මිකයෝ ටිකට ලොකු පිලිගැනීමක් ලැබෙනවා.සමහරු බොහොම උපේක්ෂාවෙන් විද ගත්ත, සමහරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත, තවත් සමහරු සමාජයේ කැපී පේන්න ඔය සංගමය පාවිච්චි කරනවා. ඉතින් එදා ඉදන් අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මේ සංගමයේ තීන්දු තීරණ ගන්නවා.කාළයත් එක්ක වෙන්න ඕන වෙනස්කම් මේ මුලින් ආපු උදවියට අමතක වෙනවා.

ඉතින් ඒ මුලින් ආපු අය හැමදාම කැමති,අපි මුලින්ම ආවේ ඒක නිසා අපිට අලුත් අය සලකන්න ඕන කියල, අලුත් අයගේ අදහස් උදහස් කිසි ගණනකට නොගෙන ඒ අයට අවශ්‍ය විදියට කරගෙන යන්න.

ඉතින් දැන් මේ සංගමය වැඩ කරන්නේ හැමෝටම ඕන දේවල් එක්ක නෙවේ.ඒ ඒ අයට ඕන කරන දේවල් කර ගන්න.

ඉතින් ඕකට අර ගමෙන් ආපු මිනිස්සුන්ගේ තිබුන ආසාව නැති වෙනව.දැන් ඒ සංගමයට සෙනග නැතුව ගිහින් අලුත් අලුත් පොඩි පොඩි එක්කහුවීන් වෙනව.දැන් අර කලින් ආපු කාර්මිකයො කලබල වෙනව මේ අලුත් වෙනසට.

ප්‍රතිපලය මුලින් ආපු අයගෙන් කොටසක් කැඩිලා අයින් වෙන එක.ඒ කැඩුන අයට අපහාස උපහාස කෙරෙනවා.නමුත් සාමාජිකයින් ගෙන්න ගන්න ඒ සාමාජිකයින්ගේ ප්‍රශ්න මේ උදවියට මතක් වෙලා තියෙන්නේ මේ දැන්.

දැන් අර පස්සේ ආ අය තමන්ගේ සංගමයට ගන්න, විවිධ උපක්‍රම අනුගමනය කරනවා.නමුත් අලුත් අය තීරණය කරනවා සංගමයේ එකතුවීමට නොයන්න.

ඉතින් ඔන්න ටිපිකල් ලාංකික ගතිය නිසා අනිත් උගත්කම් යට යන ආකාරය. . . 


Thursday, 12 December 2013

කාඩ් සෙල්ලම. . .


පින්තූරෙ:http://www.funchatcam.com/shop/playing-card-draw/
කලින් කතාව ලියනකොට මතක් උනා තව එකක්.ඔය අපි සාමාන්‍යපෙල කරන කාලෙ.අපි පොඩි පොඩි ඔට්ටු දාල පෑන්ගෙම් ගහනව.ඔය අතර හිටිය එකෙක් දවසක් ගෙනාව කාඩ් කුට්ටමක් පන්තියට.

ගෙනල්ල දැන් බූරුව ගහනව විශේශ ආරක්සක වැඩපිලිවෙලක් යටතේ.ඒ ගැනත් ඩින්ගක් කියන්නම් මොකද ඒකත් මරු කේස් එක.

අපේ පන්තිය තිබුනේ ඕපන් කොරිඩොර් එහෙක පන්ති පෝලිමක. කොරිඩොව පැත්තේකොට බිත්තිය උඩ ලී දැල් ගහල.ඔය බූරු ගහන එක පටන්ගන්න කලින් අපි කණ්නාඩි කෑල්ලක් ගහනව අර දැලේ කොරිඩෝව පේන්න.එතකොට සර් කෙනෙක් එනකොට අපිට ඔත්තුව හම්බවෙනව.

ඔය වැඩේ මරුවට නැගල ගියා.අනික් පන්ති වලින් හිටන් එනව බූරුව ගහන්න.සල්ලි වලට ගහන්නෙ.දවසකට රුපියල්  සීයක් හිටන් හුවමාරු වෙනව.

අපේ පන්තීයට එහා එකේ සෙට් එකක් මුල ඉදන් ඔය සෙල්ලමට එකතු වෙලා හිටීය.උන් වැඩේට නම් දරාපු උන්.හැමදාම උන් අපේ පන්තියෙන් සල්ලි අරගෙන යනවා.මෙක ලොකු ප්‍රස්නයක් උනා අන්තිමට.

අපි සෙල්ලමට පටන් ගත්ත එක දැන් අත්තම බූරු පිටියක් වෙලා.සල්ලි සල්ලි සල්ලි. . . අපේ පන්තියෙ උන් ටික කතාඋනා මේක අපි හිතුවට වඩා දුර ගියා ඒක නිසා අනිත් පන්ති වල උන් ගෙන්න ගන්න එක නතර කරන්න ඕන කියල.

ඔහොම කල්පනාකරල අපි කීව එන උන්ට පැක් එක අහුනා ඒක නිසා සෙල්ලම නතර කලා කියල.

දැන් මේක අර මරුමුස් කොල්ලො පිලිගත්තෙ නැහැ.අපිත් වෑඩේ නතර කරල ටික දවසක් යන්න ඇරිය අමතක වෙන්න.

ඔහොම සතියක් වගේ යනකොට අපි ආපහු පටන්ගත්ත හිමීට.

අරුන් බලන් ඉදල ගානට ඔත්තුව දුන්න පන්තිබාර සර්ට.සර් ආව හරියටම වැඩේ නැගලම යන වෙලාවෙ.සර් කාඩ් පැක් එක අරගෙන ඉරල විසිකරා.අපිට බැනල පැයක විතර දේසනයක් තිබ්බ.ඔය් සර් අපේ පන්තියට අවුරුදු 3 ක් ම පන්තිබාර විදියට හිටිය නිසා ලොකු දෙයක් නොවී අපි බේරුනා.හැබයි සෙල්ලම් කරපු ගොඩක් උන් ආපහු අපි එක්ක සෙල්ලම් කරන්න ආවෙ නැහැ.

ඉතින් අපි කලේ අර ඉරපු කාඩ් පැක් එකෙන් පැක් දෙකක් හදල අර අනිත් පන්තියෙ උන්ටත් දීල අපිත් දිගටම අර තරම් ලොකුවට නැතුව හීනියට කරගෙන ගියා. .  

Sunday, 8 December 2013

පටෝන් පටෝන් . .

පින්තුරේ : http://www.grammarly.com/blog/wp-content/
uploads/2013/12/English.jpg


මම පොඩි එකා කාලේ අධ්‍යාපන වැඩ වලට ඒ තරම් දක්ස පොරක් නෙමේ.පන්තියේ පහලොව විස්ස තමා  සාමාන්‍ය පෙළ වෙනකල් හිටියේ.පිස්සු නටලත් නෙමේ, පාඩම් වැඩ කලත් එච්චරයි.මැටිකම තමා.

ඔය සාමාන්‍යපෙල කාලෙ ඉන්ගිරිස් වලට හිටියේ වයසක සර් කෙනෙක්.වයස 80 ක් වගේ ඔය කාලෙ.සර්ට ටිකක් ඇත්නම් මලම පනිනව.ඉතින් අපි ඔය පී‍රියඩ් එකේ වැඩිපුර සද්ද නැහැ.

ඉන්ගිරිස් නම් ඉතින් සුද්දගෙම වගේ.බුද්දාගම ගැන පොතක් එහෙමත් ලියල තිබ්බ ඉංගිරිස් වලින්.ඉතින් සර් පොරක්  ඒ කාලෙ.අපිට ඉන්ගිරිස් බැරි නිසා සර්ට ගරු කලත්  සර් අපිට කිසි සැලකිල්ලක් නැහැ.ඒ නිසා අපි අපේ ෆේවරිට් ලිස්ට් එකෙන් කපල හිටියේ.

අනික තමා මිනිහ උගන්නන්නෙ ඉන්ගිරිස් පුලුවන් අය තෝරලා.මාර විදියට පුලුවන් බැරි වෙනස්කම ඉස්මතුකරනව පන්තියේ.ඔය පයිතෝ සෙට් එකට වෙනම රචනා එහෙම ලියන්න දෙනවා.අනිත් උන්ට නැහැ.ඕ ලෙවෙල් කරන කාලෙ අපිට ඕක අරහන්.

තව දෙයක් සර් උගන්නනකොට කවුරු හරි පන්තියෙ පස්සෙ එකෙක් කෑගහුවොත් ගහන්නෙ ලග ඉන්න එකාට.පුදුම කේස් එකක්.එහෙම නැත්නම් සපත්තුව ගලවල ගහනව.ගුටි කාපූ එකා සපත්තුව ඇන්න ගෙනත් දෙන්න ඔන.ඒ ආපුහමත් ගහනව.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcSL-WtckLFjq_HLIlBltE7MyZ2LHVy
EXMKS8Q3I7PKxDNA8UYZJ

ඉතින් ඕක තමා දල වසයෙන් ඉන්ගිරිස් පීරියඩ් එකේ තත්වය.

අපි බුද්ධිමන්ඩලෙ නොහිටපු එකේ, සහ කරුමෙට ගාත් හය නිසා මගෙ යාලුවෝ තුන් දෙනාම මරුමුස් ඩයල්.ඉතින් අපේ තත්වය ඉතා ශෝචනීයයි.

දවසක්  සර් පන්තියට ඇවිත්  "put" වලින් හැදෙන වචන තියන පාඩමක් කියා දෙනවා හෙන හ‍‍යියෙන් සද්දෙට.කොහොමත් සර්ගේ සද්දේ ටිකක් ටකරන් වගේ සහ හොදට කට ඇරලා ඕනැවට වඩා බර දාල කතා කරන්නේ.

ඉතින් සර් put on කිය කියා කෑගහල කියනව.අපිට ඇහෙන්නෙ "පටෝන්" "පටෝන්" කියනව වගේ . . . ඇප නෑ. . . හිනාව කාගෙන උන්න  ඉන්න පුලුවන් තරම්.

අනේ මගෙ පුටුවට එහා හිටිය එකාට කොන්ට්‍රෝල් නැතිව ගියා.

"ඉහි ඉහික් හික් හික්" ගෑව නෙමේ ඌට ගෑවුනා, මේ පටෝන් පටෝන් කියල සර් කෑ ගහනකොට. . . 

සර්ගෙ ලිස්ට් එකෙ උන් ටිකත් මූනෙ කිසි හැගීමක් නැතුව උන්ගේ කන් උන්ගෙ නෙමේ වගේ ඉන්නව.මොකද හිනාව ලීක් උනොත් අපි වගේ නෙමෙ උන්ට ප්‍රිවිලිජ් නැති වෙන නිසා.

සර් පොත මේසෙට දමල, දිව දෙකට නමල, "මොකාද ඒ . . . මොකාද තිරිසනා" කි‍යල සද්දෙ ආපු පැත්තට ඇවිත් පිස්සුවෙන් වගේ අපි තුන් දෙනාටම පිටට හෙන ගහන්න  වගේ ගහගෙන ගහගෙන ගියා.
පින්තුරේ:https://encrypted-tbn1.gstatic.com/images?
q=tbn:ANd9GcQ01RPCOvf0YTWfT9VAU0u3mJ
RAaEJh-JQ-X5j_VTyEZkHBfRht

ඒකෙන් උනේ මම හිරකරගෙන හිනාව එලියට පැන්න එක. සර්ට දැන්  තවත් තද වෙලා.මගෙ පිටට ගහගෙන ගහගෙන යනව.

විස්සක් විතර ගහල සර් පොත් ටිකත් ඇරගෙන යන්න ගියා.

මට රිදුනෙත් නැහැ ගහපුවා.නමුත් පට්ට ආතල්.හෙහ් හෙහ් හෙහ් . . .

තාමත් මතක් වෙනකොටත් හිනා . . . 



Monday, 2 December 2013

යන්න කියල ගියාට යැවෙන්නේ නෑ . . .

ගිය අවුරුදේ මගේ උපන්දිනේ සෙට් වෙලා තිබුනෙ සතියේ දවසක.නමුත් මට ඒ ගැන මතකයක් තිබුනේ නැහැ.මොකද දුව හම්බවෙන්න දින දවස් කීපයකින් පහු උන නිසා වගේම වයිෆ්ට එන්න එන්නම අමාරු වේගෙන ආව නිසා ඒ ගැන කල්පනා කල මිසක ඔය වගක් මතක් උනේ නැහැ.

ඉතින් ඔය දවස් වල අපේ පෝරිසාද මල්ලි (මම කතා දෙකක් කියල තියෙන්නෙ 01 , 02 ) බිස්නස් කොරන්න ජොබ් එකෙන් අයින් වෙලා ලන්කාවට ගිහින් මම ආපහු එක්ක ඇවිත් හිටි‍යෙ මොකක් හ‍රි හොයල දෙන්න කියල.

මගේ උපන්දිනේ දවසේ උදේ වයිෆ් කියල මල්ලිට කිරිබතක් උයන්න කියල.මිනිහ උදේම නැගිටල කිරිබත් උයනකොට ගෑස් ඉවර උන නිසා වයිෆ්ට ඇහැරවල කතා කරල.එතකොට තමා දන්නෙ වතුර බෑග් එක කැඩිල ලමය හම්බවෙන්න යන බව.

ඔක්කොම අත ඇරල මම කුනුකෙල පිටින් උදේම ගියා ඉස්පිරිතාලෙට.උදේ  වරුවෙ මගෙ උපන්දිනේම දුවෙකුගෙ පියෙක් උනා.මගෙ බොහොම සතුටු දවසක්.උපන්දින තෑග්ගක් ලැබුන ජීවිතේම මතක හිටින්න.

ඔය දවස් මගෙ රැකියාව මාරු කරන්න වෙලා ටිකක් කරදර ප්‍රශ්න ගොඩක් සිද්ද උන කාලයක්.ඒ හැම දේටම හිලව්  වෙන්න මට ලැබුන මේ සතුට මට ඒ වෙලාවෙ ගොඩක් වටිනව.

ඔන්න එදාම මල්ලිට වීසා මාරු කරන්න ලන්කාවට යන්න ඕන කීව.දැන් මම වයිෆ් ඉස්පිරිතාලෙ තියල උදේම පුතා ඇරගෙන ඔෆිස් ගිහින් තියන වැඩ ටික කරලා ඉතිරිව අනිත් උන් දෙන්නට දීල එකොලහ වෙනකොට ආපහු ඉස්පිරිතාලෙට එනව.පට්ට අමාරු කෝස් එකක්.මම කලින් කීව වගේ අපේ පුතා හරිම හොද ලමයෙක්.ඉස්පිරිතාලෙ නර්ස්ල අහනව අම්මව ගෙන්න ගන්න අමාරුද තනියම කරගන්නෙ කොහොමද කියල.

අනික අපේ පුතාත් හරිම හොද ලමයෙක්.මම වගේමයි, දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න බොහෝම නිවුන ලමයෙක්.

පින්තුරේ http://www.thedailyblur.com/wp-content/uploads/2013/03/Lollipop-Photography_664-640x265.jpg

මම ජොබ් එකත් කරගෙන සීසර් කරපු තුවාලෙට බෙහෙත් දාන්න දවල් 12වෙනකොට ඉස්පිරිතාලෙට ඇවිත් ‍රෑ පුතාව නිදි කරල චිත්‍ර වල බඩු මුට්ටු ගනන් කරන්න ඕන පහුවදා ඔෆිස් යන්න.ඔහොම දවස් 4ක් ඉස්පිරිතාලෙ උන්න.

ඉදල ගෙදර එක්ක එන්න පුතාව අරගෙන ගිහින් ශොපින් මෝල් එකේ ප්ලේ ඒරියා එකට දාල ගෙදර ගිහින් ගේ හෝදල පිරිසිදු කරල ඔන්න ලමයව එක්ක ආව.අම්මලා ආවෙ එයිට දවස් 3කට පස්සෙ.

ඔය් උප්පැන්න සහතික ගන්න,පාස්පොර්ට් හදා ගන්න ලොකු මහන්සියක් වෙලා ඒ වැඩ ටික කරගත්තා.තාත්තට ඒ වෙනකොට ටිකක් උන ගතියක් ආව නිසා අම්ම කීව මාර්තු වෙනකල් නොයිද ඉක්මනට ගෙදර යමු කියල.මමත් දුවගෙ වීසා හදා ගන්නේ නැතුව යමු එහෙනම් කීව මොකදඉපදිල  මාස තුනකට කලින් වීස නැතිව යන්න පුලුවන් කියල අපේ කොන්සුලේට් එකෙන් කීව නිසා.

ඔන්න පෙබරවාරි මාසේ මුල දවසක හැමෝම ගෙදර යන්න ලැස්ති වෙලා හිටිය.බඩු බෑග්ම හතරක්.බ්‍රහස්පතින්දා දවසක යන්න දාගත්ත දවසක් නිවාඩු වැඩිපුර ගන්න පුළුවන් නිසා.ඒ දවසේ ඩුබායි වලින් ෆ්ලයිට් නොතිබුන නිසා සාජ වලින් දාගත්ත.

ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක්.දුවගේ පාස්පෝර්ට් එක අරගෙන අනිත් ලියකිවිලි ටිකත් අරගෙන යන්න ටැක්සි එකක් අරගෙන සාජා එයාර්පොර්ට් එකට එනකොට ටිකක් පරක්කුත් වෙලා.බදු ටික දාල බෝඩින් පාස් ටික අරගෙන තාත්තවත් රෝද පුටුවේ තියාගෙන ඉතා මහන්සියෙන් ඉමිග්රේෂන් එකට ගියා.දැන් ෆ්ලයිට් එක අද්දන්න තව පය භාගයයි.

මගේ පාස්පෝර්ට් එකට සීල් ගැහුවා, අම්මගේ තාත්තගේ එකට සීල් ගැහුවා -  ඒ කියන්නේ එයාලගේ විසිට් විස එක ඉවරයි.දුවගේ එකට සීල් එක ගහන්න ගියාම මිනිහ තුන් හතර පාරක් ස්කෑන් කලාට එන්නේ නැහැ.

මිනිහ කතා කළා ලොක්කට.ලොක්කත් ඇවිත් කියවනවා.පාස්පෝර්ට් එක බලනවා, කොම්පියුටරේ බලනවා හරි යන පාටක් නැහැ.පස්සේ මට කිව දුවගේ බර්ත් සර්ටිෆිකෙට් එක අප්ඩේට් වෙලා නැතය.රටින් පිට වෙන්න දෙන්න බැහැය කියල.දැන් මොකද කරන්නේ.!@#$%^&

අම්මගෙයි තාත්තාගේයි විස එක කැන්සල් උනා එක්සිට් සීල් එක ගහපු නිසා.ඒ මදිවට තාත්තට ටිකක් අසනීප ගතියක් ඇවිත්.

දැන් කරන්න දෙයක් නැහැ යන්න වෙන්නේ නැහැ අම්මටයි තාත්තටයි තනියම යවන්න උනා අසනීපත් තියාගෙන.මගේ ටිකට් හතරම කැන්සල්.ලොකු කට්ටකුත් කාගෙන ආපහු ඇවිත් දුවට විසා ගහගෙන දවස් දෙකකට පස්සේ ඩුබායි එයාර්පෝර්ට් එකෙන් ලංකාවට ගියේ.එතැනදී මම ඉමිග්රේෂන් එකේ කෙනාගෙන් ඇහුව සාජා වලින් මෙහෙම උනාය කියල.එයා ඇහුවේ "ඇයි සාජා වලින් යන්න ගියේ ,ඔයාගේ එහෙ සිස්ටම් අප්ඩේට් වෙන්නේ පරක්කු වෙලා " . . . 
==============================================================
මේ කතාව මතක් උනේ මේ මෑතක මෙහෙ ආපු එකෙක් පලවෙනි පාරට ලංකාවට යන්න ගිහින් සාජා එයාර්පොර්ට් එකේ නතර කරගෙන ෆැමිලි එකත් එක්ක.හේතුව කොම්පැනි එකෙ ඩ්‍රයිවර් කෙනෙක් මෙයාල ඔෆිස් යන කොම්පැනි ට්‍රාන්ස්පෝර්ට් එකේ අරක්කු ගෙනත් අහු වෙලා මෙයිට මාසෙකට කලින්.කොම්පැනිය සුද්දගේ කොම්පැනි එකක් කරන්නේ රජයේ වැඩ විතරයි.ඒ වාහනේ ඇගිලි සලකුණු ඔක්කොම අරගෙන එකේ ගිය ඔක්කොම වොන්ටඩ් ලිස්ට් එකේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 
පින්තුරේ http://rlv.zcache.com/shrodinger_s_cat_wanted_poster_postcards-r64a7ed9d5dfe48e3a753c23b2cde1636_vgbaq_8byvr_512.jpg

ඉතින් ඒ කොම්පැනියේ වැඩකරන පහලවක් වොන්ටඩ් අරක්කු විකුණලා  . . . .හෙහ් හෙහෙ හෙහ් 
========================================================================




Sunday, 24 November 2013

ඔන්න බලාපල්ල ඒකෙත් හැටි. . .

කලින් පොස්ටුවෙ කොමෙන්ට් වලට උත්තර දෙන්න බැරි උනා.පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි උනා මේකට එන්න බැරිව ගියා.

මේක මට ඔය පහුගිය දවසක වෙච්චි වැඩක්.මේ දවස් වල මම පොඩ්ඩක් රැකියාවෙ අන්සෙන් වුවමනා කරන සුදුසුකමක් අරගන්න මහන්සි වෙනව.මමයි තව මම වගේම කැලේ පැන්න එකෙකුයි තමා සෙට් වෙලා ඔ‍ය වැඩේ කර ගන්න ක්‍රමයක් හොයන්නෙ.

ඉතින් ඔය වැඩෙ කර ගත්ත යාලු මිත්‍රයෝ ගොඩක් ඉන්න නිසා අපි දෙන්න බොහොම සැහැල්ලුවෙන් වැඩේ කර ගත්තකි කියල හිතාගෙන,නෙට් එකෙන් ගත්ත කොල ටිකත් අරගෙන ලැස්ති උනා.නමුත් හරියටම ක්‍රමේ දැනගෙන උන්නේ නැහැ අපි දෙන්නම.ඕක ගැන හිතුවෙම නැහැ යාලුවෝ තුන් දෙනෙක් එක එක හේතු කියනකල්.

ඉතින් අපි මෙච්චර කල් ආශ්‍රය කල එකෙක් හම්බවෙන්න ගියා ඔය පරිනතයි කියන සෙට් එකේ.ගිහින් කීව අපිට මේක කරගන්න පොඩ්ඩක් කියා දීයන් කි‍යලා.

"මල්ලි මේක ලේසි දෙයක් නෙමේ.හොදටම සබ්ජෙක්ට් එක දැන ගන්න ඕන.මට ශුවර් නැහැ උබලට මේක කරගන්න පුලුවන් කියල.එක නිසා අහවල් කෝස් එක අවුරුදු දෙකක් කරලා තව අවුරුදු දෙකක් මම වගේ එකෙක් ගාව  වැඩ කරන්න ඕන "



පින්තුරේ :cultivatedsociety.com

තව එකෙක් ගාවට ගියා...

" මල්ලි මේක #$^@# එකේ ^%^ 2342 කරලා $%^&^&*()(* කොරල @$#@%$ දීල $&&*^ ඇරගෙන &^%&^^* ගාවට ගිහින් . . . . . මට මල්ලි හදිසි වැඩක් තියනව ඕන කමක් තිබුනොත් කියන්නකෝ"

පින්තුරේ ගත්තේ:top-10-list.org


ඔන්න ඔහොමයි...කෙරෙන ක්‍රමයක් නෙමේ .... ඌට අපිට තේරෙන්න ඕන නැහැ. තව අවුල් කරන්න ඕන...

දැන් ඉතින් තවත් මේක එක්ක තව කතා කරල වැඩක් නැති නිසා අපි එන්න ආව.

ඔය කතාව අහගෙන උන්න අපේ සෙට් එකේ එකෙක් ෆෝන් නම්බරයක් දීල කීව මෙන්න මේ අහවලාට කතා කරන්න කියල.ඔය වෙනකොට අපිට මේ වැඩේ එපා වෙල ඉවරයි.ඇත්තටම බොහොම  කනගාටුවක් දැනුන අපි මෙච්චර කල් බොහොම හොදින් අසුරු කල අය මේ පොඩි දේකට,උපදෙසක් දෙන්න මෙහෙම කල එකට.

ඉතින් අර ලැබුන නොම්බරේ කෙනාට කතා කලාම ඒ මනුස්සය මේ රටේ බොහොම ලොකු ආයතනයක ලොකු තනතුරක් දරන කෙනෙක්.

ඔය මනුස්සයා අපිට එන්න කීව ගෙදරට.ගත්ත කොල ටික සේරම කතා කරන බාසාවෙන් කියා දුන්න. ලොකු ලොකු වචන දැම්මේ නැහැ.මෙහෙම කීව.

"මල්ලි ඔයාල එන්න හැම සිකුරාදම මම ඔය ඉන්ටර්විවු යන අයට පන්ති කරනව මගේ ගෙදර නොමිලේ.ඔයාල ඒකට එන්න ඕන කරන දේවල් ප්‍රශ්න ඔක්කොම සාකච්චා කරනව"

එතකොට තමා අපිට මතක් උනේ අර සින්දුව.

"වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අනික තමා ඔක්කොම වෘර්තිමය ඉරිසියාව ගැටළු තියෙන්නේ පොඩි මිනිස්සු ගාව මිසක් ඇත්තම පොරවල් ලග එව්වා නැත. .