Thursday 16 May 2013

ප්‍රින්ටින් මිස්ටේක් .....

Image from gowhereyougrow.wordpress.com 
කලින් පොස්ට් එකේ රැකියා අයදුම්පතේ තිබුන මුද්‍රණ දෝෂයක් දුර දිග ගිය හැටි ලිව්වනේ.ඔය කර්මය මට ඔයිට කලිනුත් පල දීල තියනවා.ඒ කියන්නේ ඒක මගේ දුර්වල තැනක්... ඔයිට පස්සෙත් කීප ගමනක් ඔහොම උනා එක එක තැන වලදී.ඒවගෙන් විනොදාස්වාදයක් තියන කතා ටිකක් විතරක් කියන්නම් අද එකක් කියන්නම්.

කැම්පස් එකේ 3 වැනි අවුරුද්දේ ඉන්න කාලේ, 3 වැනි අවුරුද්ද කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යන්න කලින් අධ්‍යන කාලය.ටිකක් අමාරු විෂයන් තියන කාලයක් ඕනෑම පාඨමාලාවක මේ කාලය.ට්‍රේනින් යන්න කලින් ඒ ඕන කරන එව්වා කියල දෙන්න ඕන නිසා.ඉතින් ඔය සෙමෙස්තරේ (අධ්‍යන කාලයට කියන්නේ semester කියල දන්නා විදියට සිංහලට හැරෙව්වා) තිබ්බා විෂයක් උසස්පෙළ රසායන විද්‍යාව වගේ ඊට වඩා පට්ට අමාරු විෂයක්.

ඉතින් දැන් ඕක අමාරුයි.හැමෝටම.ඉතින් ගොඩ දාන්න ඕන නම් ඔය පැවරුම් ටිකයි, සෙමෙස්ටරය මැද තියන පොඩි විභාගයයි, වාචික ප්‍රශ්න උත්තර කොටසටයි හම්බෙන ලකුනු තමා ගන්න වෙන්නේ මොකද අන්තිම විභාගයට වෙන දේ කලින්ම දැනගෙන හිටිය නිසා.නැත් නම් පොඩි උන් එක්ක ලැජ්ජා නහර කපලා ආපහු කරන්න ඕන.

ඉතින් දැන් පළවැනි පැවරුම කලා අව්ලක් නෑ, දෙවැනි එක කලා අව්ලක් නෑ, තුන් වැනි එක බාගයක් කොපියක් ගහල වචන වෙනස් කරලා ලියල දුන්න, එකත් අව්ලක් උනේ නෑ.දැන් අන්තිම එක.තුනක් ගොඩ නිසා දැන් වැඩි බයක් නෑ.

ඔය කියන අන්තිමපැවරුම, දේශන එහෙම ඔක්කොම ඉවර උනාට පස්සෙනේ දෙන්නේ.ඉතින් අනික්වට වඩා  වෙනස්.පළමුවෙන්ම කලේ පැවරුමේ තියන යතුරු වචන නැත් නම් ප්‍රදාන වචන ටික අපේ දෙවියන් වහන්සේගේ සුදු පාට හිස් කොටුවේ ටයිප් කලා.එතකොට උන්නාන්සේ තත්පර පොඩි කොටසකින් ගොඩක් විස්තර හොයල දුන්න, විකල්ප වගයකුත් යෝජනා කලා.විකල්ප එපා කියල එකින් එක ගිහින් හොයා ගන්න කල්පනා කළා.ඒ හොයල දුන්න විස්තර එකින් එක අන්තිම එක වෙනකන් ගියා.යන ගමන් හොදයි කියල හිතෙන, අදාලයි කියල හිතෙන පොඩි පොඩි කතන්දර එහෙම පොඩි වර්ඩ් ෆියිල් එකකට කොපි කරගෙන එහෙම තමා කලේ.

ඔය භාරදුර වැඩේ ඉවර උනාම මාර නිදහසක් ලැබුන.මොකද දැන් ඔක්කොම පැවරුම් හරි, වාචික ප්‍රශ්න ටිකත් හරි, අර මැද තියන විභාගය ලියා ගත්ත.දැන් අන්තිම විභාගය අල උනත් කමක් නෑ ආපහු කරන්න වෙන්නේ නෑනේ.

දැන් ඔය එකතු කර ගත්ත විස්තර ටික පැවරුමට අවස්ථා සම්බන්දය ගලපලා හදා ගන්න පැය 7 කුත් ගානක් ගියා.මොකද ඔය අලුතෙන් තමන් හිතල ලියනවට වඩා අමාරුයි වෙන කාගෙවත් ඒවා අපිට ඕන විදියට මුහු කර ගන්න.ඒක හිතල ලියනවට වඩා හැකියාවක් ඕන කරන ක්‍රියාවක් සහ ගොඩක් දැනුම වර්ධනය වෙන ක්‍රමයක්.කොපි කරනවා කියල හෑල්ලු නොකළ යුතු හැකියාවක්.හැබැයි ඒ හැකියාවට තාම තැනක් ලැබිල නෑ.තාම මේ වැඩ කටයුත්තට කියන්නේ කොපි කරනවා කියල.හරිම කණගාටුයි කියන්න.මේකට නෙට් එකෙන් ඇසයින්මන්ට් ගහපු අය සාක්කි දරනවා ඇති.මේක ගැන නම් වෙනම පොස්ට් එකක් ලිව්ව හැකි. ඒ තරමට අත්දැකීම් තියනව.

ඉතින් මේක ඉවර කරලා අන්තිමට වචන සෙවීමක් කලා දේශන වල නොකිය උනු වචන ඉවත් කරන්න.මොකද මේ පැවරුම තනිකරම අපේ යෝජනාවක් දීල තියන ගැටලුවට.අපේ අනන්‍යතාවය වැදගත්.ඒක නිසා අලුත් වචන කලින් පැවරුම් වල බාවිත කල වචන වලින් රීප්ලේස් එහෙම කරලා ලෙසටම හැදුව.දැන් මාර සතුටුයි.එක පාරක් වත් කියවන්න ඕන උනේ නෑ ඒ තරමට ඕ.කේ .

දැන් පහුවදා මේක ප්‍රින්ට් කරලා ගිහින් බාර දුන්නා.දැන් අන්තිම විභාගය දවස් ආව.දැන් තමයි අර පැවරුමේ ලකුණු දෙන්නේ.ඒක මත තමා තීරණය වෙන්නේ ඒ විෂයට තව කොච්චර ලකුණු ගන්න ඕනද කොච්චර කාලයක් පාඩම් කරන්න ඒ විෂයට වැය කරනවාද කියල.

ගිහින් බලපුවාම මගේ නම නෑ.දැන් පොඩ්ඩක් අව්ල්.කෝකටත් අපහු පාරක් බලල ගිහින් ඇහුව ඉන්ට            (ඉන්ස්ට්‍රක්ටර්)ගෙන්.ඌ දුන්න පැවරුමේ මුල් පිටුව උඩම ලියල නැවත කරන්ඩලු.මේක දැක්ක ගමන් ඔලුවට කළු බෑග් එකක් දාල පොල්ලකින් ගැහුවා වගේ උනා. දැන් අන්තිම විභාගයට සතියයි, මේක ආපහු ලියන්නයි පාඩම් කරන්නයි අනික් විෂයන් ටිකටත් බඩු හම්බ වෙන වැඩක් වගේ ගොඩාක් දේවල් ඔලුවේ ඇතිවෙලා නැතිවෙලා ගියා. හොද සිහිය ආවට පස්සේ බැලුව මොකක්ද වෙලා තියන්නේ කියල. එතන තිබුන පුටුවක වාඩි වෙලා පිටුවෙන් පිටුව පෙරලලා බලද්දී , 4 වැනි පිටුවේ යටම ජේදයක රතු පෑනකින් රවුම් කරපු කෑල්ලක් දැක්ක, එතන අකුරු ටික නිල් පාටයි.නිල් පාට අකුරු ලියනකොට දැම්මේ නෑනේ, ඒක නිසා හොදට බැලුව, එතකොට දැක්කේ ඒ අකුරු ටිකට යටින් තව පොඩි අකුරු වගයක් තියනව ඉංගිරිස්, මෙන්න මෙහෙම " click here".

ඒක දැක්ක ගමන් දෙයියන්නාන්සේ, කොම්පුටරේ, ෆ්රන්ට් එකේ ෆොටෝකොපි  කඩේ ප්‍රින්ටරේ මතකයන් ඇදිල අන්තිමට මෙන්න මේ ඉංගිරිස් අකුර මතු උනා.

Image From  www.adelaidenow.com.au 
ප.ලි :හොද නරක , වැරදි අඩුපාඩු ,පොඩ්ඩක් කියල යන්න කියල ඉල්ලා ඉන්න කැමති.

18 comments:

  1. අඩේ මේක කියවද්දි මට මතක් උනේ අපි කැමපස් එකේදි කරපු මගඩියක්...කේස් ස්ටඩි එකක් කරන්න තිබ්බා. කඩා වැටිච්ච ආයතනයක් හොයාගෙන ඒක අසාර්ථක වෙන්න හේතු විග්‍රහ කරන්නයි කියලා..අපිට අහු උනේ නෑ කඩා වැටිච්ච එකක්..හොඳට තිබ්බ ප්‍රින්ටිං කරන ආයතනයක් කඩා වැටුන විදියට හදලා ලියලා..ඒකට උත්තර ලිව්වා..ගොඩ ගියා වැඩේනම්.. අන්තිමට ලෙචා අහපි මේ ආයතනය තියෙන්නෙ කොහෙද කියලා..හොඳ වෙලාවට පොලොන්නරුවෙ හිටි එකෙක් කිව්වා පොලොන්නරුවෙ කියලා..නැත්නම් සේරම බකල්..

    ReplyDelete
    Replies
    1. එක මා මම කියන්නේ දැන් කියහන් බලන්න ඇත්තටම කඩ වැටිච්ච ආයතනයක් විග්‍රහ කරන එකද නැත නම් හොදට තියන එකක් වැටුන කියල හිතල ගොඩ දන්නා විග්‍රහ කරන එකද අමාරු කියල.ඔය හැකියාවට තම තැනක් ලැබිල නෑනේ බන් ,..\

      තැන්කු බන් කොමෙන්ට් එකට ....

      Delete
  2. මගියා මෙතැනත් නියම අඩවියක්නේ අදයි ආවේ මේ පැත්තට එන්නං දිගටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති කොමෙන්ටුවට..වරෙන් බන් වරෙන් මම මේ කට්ටිය නැතුව උන්නේ...

      Delete
  3. පින්තූරේ කොපි පේස්ට් කරන්න එපා. පොස්ට් එක ලියන තැනම අයිකන් එකක් තියෙනවා පින්තූර ඇතුලත් කරන්න. එතකොට සින්ඩි වල පින්තූරයත් පේනවා. ඔයාම ගනන් කරලා බලන්න මම, මට, මගේ කියන වචන කී පාරක් යෙදිලා තියෙනවද සහ ඒ වචන නැතුව කතාව කියන්න බැරිද කියලා..

    ReplyDelete
    Replies
    1. එකක් තියල ඔක්කොම වෙනස් කලා මාතලන්.පින්තුරේ මම ඊ ලග පොස්ට් එකේ හදන්නම්.ගොඩක් පින් මේ වැරදි ටික කියා දුන්නට....

      Delete
  4. අනේ බන්, කියවලා ඉවර වෙද්දි මගෙ පපුව කඩං වැටුණ වගේ දැනුනා. මෙච්චර මහන්සි වෙලා කරපු එසයින්මන්ටුව....

    ReplyDelete
    Replies
    1. මචන් කියල වැඩක් නෑ.... සංසාරේ එපා උනා ඒක දැක්කම.පහුවදා ඉදල දවස් 3ක් රෑ එලි වෙනකල් හිතල අලුත් එකක් ලියල තමා ගොඩ දා ගත්තේ.ලොකුම ප්‍රශ්නේ උනේ.අනික් උනුත් නෙට් එකෙන් ලිවට ඔය සිද්දියෙන් පස්සේ ප්‍රොපා මගේ වැඩ ගැන ඕනවට වඩා හොයන්න ගත්ත.මට මාර පීඩනයක් තිබුනේ උගේ විෂයන් වලට පාඩම් වැඩ කරද්දී.

      Delete
  5. අයියෝ...අපරාදේ නෙ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් රජෝ, ඔන්න උබත් බලාගෙන අසයින්මන්ට් ගහන කොට.දල කොපියක් කියවල සබ්මිට් කරහන්...ඔය නෙට් එකෙන් ගන්න කොපි වල ෆොන්ට් පාට සුදුයි පසුබිම කළු නිසා.එතකොට පැවරුමේ ෆොන්ට් එක කළු කලාම ඔය වගේ අව්ල් එනවා....

      Delete
  6. ෆ්රන්ට් එකේ ෆොටෝ කොපි කඩේ..හ්ම්ම්ම්. ඔයා මොරටුවේද?

    මමත් පිළිගන්නේ නෑ ඔය නෙට් එකේ හොයලා පැවරුම් කරන එක කොපි කිරීමක් හැටියටනම්..

    ReplyDelete
    Replies
    1. ඇති යන්තන් පිළිගන්න එක්කෙනෙක් හම්බුනා.. :) ඔව් මොරටුවේ තමා... ෆ්රන්ට් එකෙන් අල්ලගත්තේ නේද? ඔයත් මොරටුවෙන් වගේ ...

      Delete
    2. එහෙමයි එහෙමයි :)

      Delete
    3. උප සංස්කෘතික භාෂාවේ වටිනාකම කොහොමද???කොයිතරම් කාලයක් ගියත් ඒ පරිසරයේ හිටපු අය එකිනෙකා අදුන ගන්න උදව් වෙනවා කිවම...

      Delete
  7. අපිත් ඉස්සර අසයින්මන්ට් කරන්නේ ඔය සිස්ටම් එකට. කොපි පේස්ට්, ෆොන්ට් සයිස් 12. :) ලේසියි නේ.

    ReplyDelete
    Replies
    1. ලේසීම වැඩේ තමා මට කෙල උනේ බන්.හිතපන් විභාගේ අන්තිම දවස් වල කොහොමත් පීඩනය වැඩි.මේ වගේ කුන්ඩවාලයක් ආවම ... අයේ ඉතින් කරටිය ගාවින්ම තමා ගහල යන්නේ...

      Delete
  8. අදයි මේ පැත්තේ ආවේ,, ආයේ එන්න හිතාගන්න පුළුවන් අපූරු බ්ලොගක් මේක. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අඩේ තැන්කු තැන්කු බන් ...:) වෙල්කම් වෙල්කම් ,, :) :)

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .