Friday 14 June 2013

ඔන්න මස්සිනාල ...


පින්තුරේ ගත්තේ:www.sodahead.com -

කොල්ලෙකුට බැන්දට පස්සේ හොද මස්සිනාල ටිකක් හම්බවෙන එක වාසනාවක්.හොදට බොන්න ඒවරේඩි,අයිය මල්ලි නැතුව මචං කියල කතා කරන්න පුළුවන් සෙට් එකක් හම්බ වෙන එකේ ගතිය දන්නේ එහෙම හම්බ උණු උන් විතරයි.

ඒ වගේම කොච්චර හොදට සෙට් උනත් පිස්සු නටන එකෙක් හම්බ උනොත් ...

අපේ අම්මටයි අප්පචිටයි ඉන්නේ එක කොල්ලයි කෙල්ලො දෙන්නයි.ඉතින් මට පිරිමි සහෝදරයෝ හිටියේ නෑ.අපේ අක්ක හොයාගත්ත එකා හොදයි.හැබැයි ඌ ටිකක් සම්මත ආකාරයේ පොරක්.සෙට් වෙන්නේ නෑ. නංගි බැඳපු එකා මට වඩා වැඩිමල් අවුරුද්දක්.ඌට අයිය කියන්න ඕන.ඌ අයිය වගේ ඉන්නේ.ඒකත් කේස්.ඉතින් මට අපේ පවුලේ මස්සිනාල දෙන්නම සෙට් වෙන්නේ මස්සිනාල නිසා පමණයි.ආතල් නෑ.

අපේ බිරින්දෑගේ පවුලේ අයියල 3 යි, අක්කල 2යි, මල්ලිලා 1යි. ඔය මස්සිනාල 3න් දෙනා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්.ලංකාවේ ඉන්න අක්ක බැඳපු අයියත් ඒ වගේ,යාලුවෝ වගේ ආශ්‍රය කරන්න පුළුවන්.බොන්න ගියාම උන් එක්ක බොන්න බෑ.අපිට ලැජ්ජයි.උන් කොච්චර බිව්වත් වෙරි නෑ.ඉතින් බොන්න ගේනකොට කේස් පිටින් ගේන්නේ.අපරාදේ කියන්න බෑ උන් ඔක්කොම මරු.ඒ වගේම තමයි මට නිවාඩු යනකොට ලොකුම ගානක් වියදම් වෙන්නේ බීම වලට.

ඔතන එක අක්ක කෙනෙක්  සහ ඒ පවුලේ උදවිය මම තවම හැබැහින් දැකල නැහැ ඔන්න කිව්වට පිළිගන්න.පවුලේ ලොකුම කෙනා තමයි එයා.එයා ලංකාවට එනකොට මම මෙහේ.

ඔතන ඉන්න මල්ලි ගැන තමා මේ අද කියන්න යන්නේ.මිනිහ පොඩි කාලෙම අනිත් සහෝදරයෝ රැකියාවල් කරනවා.එක නිසා අනිත් අයට තිබුන අඩු පාඩුකම් මෙයාට අහු උනේ නෑ.හැමෝම ආදරෙයි.වැරද්දක් කලත් බනින්නේ නැහැ.ඕක මෙයාට නරකට හිටිය.කොළඹ ප්‍රසිද්දම පාසලට ගියත් ඉගෙන ගත්තේ නැහැ.

පවුලේ යුතුකම නිසා ලොකු අයිය නුවරඑළියේ පොඩි හෝටලයක් කුලියට අරගෙන බාර දුන්න.මාස 5ක් විතර යනකොට අල්ලපු හෝටලෙන් කෑම අරගෙන මෙයාගේ හෝටලේ නවාතැන් ගත්ත අයට කෑම සපයන්න තරම් දියුණු උනා.ලොකු අයියගේ බැංකු පොත හින්දල මිනිහ හෝටලේ වහල දැම්ම.ඔය ලොකු අයියට ටිකක් සල්ලි තියන නිසා පාඩුව දරා ගන්න පුළුවන් උනා. 

ඊ ලඟට පොඩි අයිය ඩිමෝ බට්ට ලොරියක් ෆිනෑන්ස් දාල අරගෙන දුන්න.මිනිහ නුවර එළියේ ගිහින් එළවලු අරගෙන ඇවිත් විකුනන්න කියල තමයි ගත්තේ.හැබැයි එළවලු කෙසේ වෙතත් නුවර එළියෙන් කසාදයක් නම් මිනිහ කරගත්ත.එකටත් සියලුම අනුග්‍රහය පවුලේ සැම.අනේ අර ෆිනෑන්ස් එක පොඩි අයිය ඒ බැඳපු අක්කත් එක්ක එකතු වෙලා කොහොම හරි ගෙව්වා.දැන් මූ ඉස්සරහ දොරෙන් එනකොට පොඩි අයිය පස්ස දොරෙන් යනවා දැක්කොත් කලිසමත් නැති වෙයි කියල.

දැන් මම මෙහෙ ආවට පස්සේ මට මිනිහ කිවා, කොහොම හරි මාවත් ඔහාට ගන්න කියල.මමත් බැඳපු අලුතනේ ලකුණු දා ගන්න ගොනා උනා.සියලු අනුග්‍රහය කරලා මෙහාට අරගෙන රැකියාවක් හොයල දුන්න.

එදා ඉඳන් මම මූ ගැන බලන්න ඕන.හැම මාසෙකටම සැරයක් බිල මොනවා හරි කර ගන්නවා.දැන් අවුරුදු 3ක් තිස්සේ.අදත් වැටිලා ඔලුව පලාගෙන.ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දාල කන්න බොන්න හදල තියල මම දැනුයි ආවේ.

ගිය පාර රැකියා කොන්ත්‍රත් එක ඉවර උනාම මම කිව අයින් වෙන්න එපා.ඔකේ තව ටිකක් ඉන්න කියල.ඇහුවේ නැහැ.අයින් වෙලා ගියා.ලංකාවේ ව්‍යාපාරයක් කරන්න කියල.ගිහින් මාස 3ක් යනකොට අරගෙන ගිය සල්ලි ඉවරයි.

ආපහු මම ගෙනත් රැකියාවක් හොයල දැම්ම ලංකාවේ නිකන් ගෙදර ඉඳල කාලේ කන නිසා.දැන් පොඩි දුවෙකුත් ඉන්නවා.මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියල.ඕන දෙයක් කර ගනින් කියල අතඇරලා දාන්න කියල හිතුනත්, කොහොමද කරන්නේ.අනිත් සහෝදරයෝ හැමෝම හොදින් ඉන්නවා.දෙන්නෙක් පිට පදිංචිය.මේකට මොනවා උනාද ????.කොල්ලෙක් විදියට හොදයි.මට වඩා අවුරුද්දයි වයස අඩු.නමුත් මටත් කරන්න පුළුවන් සීමාවක් තියනවා නේ.මේකාගේ අක්ක වෙච්චි මගේ ගෙදර උන්දැට කිවම තව ටිකක් බලන්නලු ..................................

ඔය වෙලාවට තමා හිතෙන්නේ මාමණ්ඩි මේකව හැදුවට වඩා හොදයි _______________ නම් කියල ........



Sunday 9 June 2013

අත ගාන පෝන් එකක් ...


පින්තුරේ ගත්තේ :swotti.starmedia.com
මම ලංකාවෙන් එනකොට අරගන ආවේ නොකිය 1100 ෆෝන් එකක්.එක මම ගොඩාක් කල් පාවිච්චි කළා.මම හිතන්නේ අවූරුදු එක හමාරක් වගේ.පස්සේ පස්සේ ඕකේ සද්දේ අඩුවෙන් ඇහෙන්න ගත්ත.ඊට කලින් තිබුන ලොකුම ලෙඩේ නොම්බර තහඩුවේ ඉලක්කම් මැකෙන එක විතරයි. එකට පොඩි ගානක් දීපුවම අලුත් තහඩුවක් දා ගන්න පුළුවන්.පස්සේ මම ලංකාවට එන්න තිබුන මගේ නිවාඩුවට සහ විවාහයට.ඔය ගමන එන්න මම අලුත් ෆෝන් එකක් ගත්ත එකත් නොකියම තමයි.ටිකක් ලොකු එකක්. E63i කියන එක. ඕක මම පාවිච්චි කළා නැති වෙන කල්.ඒ ෆෝන් එක නැති උනා ටැක්සි එකක අමතක වෙලා.කාල සිමාව මාස 4ක් ඇති.
පින්තුරේ ගත්තේ :gizmodo.com
ඕකට පස්සේ මම ආපහු පරණ නොකිය 1100එක පාවිච්චි කළා.මම වයිෆ්ට කලින් අරන් දීල තිබුන හොද එකක් මම මෙහෙ ඇවිත් ටික කාලෙකට පස්සේ.ඒක නොකිය N95එකක්.මම පරණ එක පාවිච්චි කරන කොට එයා මගේ එක අරගෙන එයාගේ N95 එක මට දුන්න.මම ගොඩක් පරිස්සමින් ඕක පාවිච්චි කළා,වැඩ බිමේදී බිම වැටිලා කැඩෙනකල්.ඕකට මට දාහක් දේවල් අහ ගන්න සිද්ද උනා අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙන්.හදන්න දුන්නට හදන්න බෑ කිවා.මෙහෙමත් කිවා "ඉට්ස් අ කුවයිට් හාර්ඩ් ශෝක් ෆොර් අ ෆෝන්" කියල.ඇත්තනේ තට්ටු 2ක් උඩ ඉඳන්නේ වැටුනේ.

පින්තුරේ ගත්තේ :johnymobile.com
දැන් මට ෆෝන් එකක් නැහැනේ එක නිසා කොහොමත් අලුත් එකක් ගන්න ඕනනේ.එක නිසා මම මගේ පලවෙනි කොටන ෆෝන් එකක් ගත්ත අභ්‍යන්තර කටුයුතු අමාත්‍යංශයෙ අවසරය නොමැතිව.එක HP වර්ගයේ එකක්. ipaq කියල එකක්.ඕකේ තිබුන කොටන්න කුරක්.එක දවසක් ඔය කුර මගේ අතින් බස් එකේ යනකොට බිම වැටුන හොයා ගන්න බැරි උනා.කුර නැති උනාට පාවිච්චි කරන්න පුළුවන් ඒක.

එක තමා මම අන්තිමට පාවිච්චි කල හොද ෆෝන් එක.දැන් අවුරුදු 3කට කලින්.ඊට පස්සේ ෆෝන් උණ බැහැල ගියා මගේ.මට ෆෝන් ගත්තට පාවිච්චි කරන්න බෑ කියන එක මම හිතුවට වැරදි කියල ඒක හරි  කියල ඔප්පු උනා ඔය IPAQ එක මගේ අතින් කෑම කන්න ගිය තැනක නැති උනාට පස්සේ.

පින්තුරේ ගත්තේ:www.itinfoforum.com 

එදා ඉඳන් අවුරුදු 3ක්ම මම පාවිච්චි කරන්නේ ලංකාවේ රුපියක් 3000 ට තියන පොඩිම පොඩි මුලික මට්ටමේ ෆෝන්.නැති උනත් කැඩුනත් පාඩුවක් නැති නිසා.

හැබැයි දැන් නා නා ප්‍රකාර ෆෝන් ඇවිත් තියනවා,දැක්කම ගන්න හිතුනත්, අරගෙන ගෙදර යන්න බෑනේ මම කරලා තියන වැඩ වල හැටියට.එක නිසා අකමැත්තෙන් හරි ඒ ආසාව යටපත් කරගෙන හිටිය. 

මේ ලඟදි මම S4ෆෝන් ගැන කියන කොට.පරිස්සමින් පාවිච්චි කරනවා නම් විතරක් ගන්න කියල, කොන්දේසි සහිත අනුමැතියක් ලැබුන.අවුරුදු 3කින් කිසිම සිද්දියක් නැතිව හොද කල්කිරියාවෙන් අර පොඩි ෆෝන් එක පාවිච්චි කල නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.

මටත් අතගාන ෆෝන් එකක් ගන්න හිතයි අලුත් ඒවා දැක්කම නම් ......අරගෙන එකටත්  මොනවා හරි උනොත් කියන බය නිසා ගම්දෝ නොගම්දෝ කියල දෙගිඩියාවක ඉන්නේ.... 


Thursday 6 June 2013

ආතල් රැයක්...

අද දවසින් බාගයක්ම නිදි.අද නිවාඩු දවස නිසා ඊයේ කල වැඩේ අද දවසින් බාගයක්ම අඳුරු උනා.යාලුවෝ ටිකක් එකතු වෙනවා කියල පණිවිඩය ආවේ මමත් පොඩ්ඩක් අනුමත වෙන්න පටගන්න කොටමයි.ඒ වැඩේ පැත්තකින් තියල මමත් මම ගෙනපු බෝතලයයි ග්‍රිල් කරපු කුකුලෙකුත් කඩෙන් අරන් යන්න පිටත් උනා.යනකොට සාජා තියන ඔක්කොම වාහන පාරේද කොහෙද.හිමින් හිමින් ඇදී ඇදී මම යනකොට මුන්  වැඩේ පටන්ගෙන.

පින්තුරේ ගත්තේ:eujeenbevermix.blogspot.com
මමත් වාඩි වෙලා පටන් ගත්ත.ඇලුමිනියම් බෝතලේක දාපු වොඩ්ක එකක් තිබ්බ මම කලින් දැකල නැති එකක්. ඒක නිසා ටිකක් වෙලා යනකොට අනිත් උන් ඒක මා ගාවින් තියන්න කටයුතු කළා. විහිලු වලින්  ආතල් කතා වලින් පටන්ගෙන,අතීත කතා ටිකක් කතා කරලා ලංකාවේ දේශපාලනේ කතා කරන්න ගන්නකොට මගේ ඇලුමිනියම් වොඩ්ක එක ඉවර වෙලා.ඒ කියන්නේ ඔය දේශපාලන කතා බහ මට ඒ තරම් නිච්චි නෑ.රෑ එකට විතර ඇති මගේ හිතේ.බෝතල් ඉවර උනේ නැති උනත් අනිත් උන්ටත් වැඩි වේගෙන ආව නිසා නොබී හිටපු එකෙක් වැඩේ ඉවර කරන්න යෝජනා කලා.

ඔලුව කැරකෙන ගතිය ටිකක් වැඩි වෙලා තිබුන.මට එහා පැත්තේ වාඩි වෙලා උන් එකා කබරයෙක් අත අරිය. ඒක දැකපු මටත් දැම්මනම් හොදයි වගේ හිතුන.කව්ද එකෙක් මාව එක්කන් ගිහින් බැල්කනි එකේ පුටුවක් තියල වාඩි කළා.වාඩි කරලා ෂොපින් බෑග් එකක් දුන්න දාපන් කියල.මමත් බෑග් එක ඇරල ඒකෙ කට දිහා බලල එක පාරක් දැම්ම.... දාල බැලුව හරියට උනාද කියල, බලනකොට බිම.දෙවැනි පාරනම් හරියට වැඩේ කරනවා කියල හිතල අපහු ට්‍රයි කළා.බෑග් එකේ කටේ ගෑවීලා ගිහින් තිබුනට ඒ පාරත් මිස් වෙලා.බෑග් එකට කබරයා දාන එක අමාරු වැඩක් කව්රු කිවත් මේ වෙලාවට.ඒක නිසා බෑග් එක පැත්තකට කරලා බිමටම දැම්ම.කබරයා දැම්මම නම් හොද සනීපයක් ආව.

නානා ප්‍රකාර වැඩ අවට වෙනවා දැක්ක.එකෙක් නාන කාමරේ නිදි වගේ දැක්කේ.තව එකෙක් උගෙ ඔලුව අල්ලාගෙන. මම එහෙම්ම ගිහින් තිබිච්ච ඇදකට වැටිලා ටිකක් වෙලා හිටිය වගේ දැනුනේ.නැගිටලා බලනකොට චමරියේ නොබොන එකම එකා බිම හෝදනවා.වෙලාව පාන්දර 2යි.මම හිතුව දැන් යන්න ඕන කියල.හැමෝම එපා කියනවා.බනිනවා.මම යන්නම ඕන කියල පරසක්වල ගැහුවා.මූනට වතුර ටිකක් ගහ ගෙන මම එලියට ආව.

එනකොට මට වැඩිය වෙරි තිබ්බේ නෑ,හැබැයි මඟක් එනකොට නං වැඩි වෙන බවක් දැනුන.කොහොම හරි වැඩි වේගයක් ගන්නේ නැතුව ශේප් එකේ ප්‍රදාන පාරට දාගත්ත.උපරිම විනාඩි 15  - 20 වෙනකොට යන්න ඇහැකි රෑට වාහන අඩු නිසා.

පින්තුරේ ගත්තේ:www.emirates247.com
ඔය පාර හදනව මේ දවස් වල.ඒක නිසා එහාට මෙහාට පාර හරවල තියන්නේ.දැන් නම් හොදටම තව කබරයෙක් දාන්නම ඕන.මම පාර අයිනේ නතර කළා.නතර කරලා දැම්ම බඩ බොකු එලියට එන්න.කට හෝදගෙන ආපහු පටන් ගත්ත ගමන.කබරයා දැම්මම වෙරි වැඩි උනා වගේ.යන්න අමාරු ගතියක් ආවත් දැන් යන්නම වෙනවා.මොකද මෙතන නතර කරලා ඉඳල පොලිසියට අහු උනොත් ලොකු නඩුවක්.

ඒක නිසා පළවැනි ධාවන පථයේ හිමිට එන්න ආව හැබැයි වෙනද පහු වෙන වට පිටාව නෙමේ වගේ.කෝකටත් කියල සාජා කියල දැක්ක පළවැනි බෝර්ඩ් එකෙන් හරවා ගත්ත.හරවාගෙන එනකොට මේ මම ඉන්න පළාත නෙමේ.තේරෙන්නේ නෑ කොහෙද කියල.කොහොම හැරී පැය භාගයක් වගේ දැන් මෙහේ කැරකුනා.එකම පාරේ දෙපැත්තට යනව කියල තේරුම් ගන්නත් ගොඩක් වෙලා ගියා.කොච්චර දැම්මත් ආපහු කබරයෙක් එනව.දැන් නම් මම හොදටම හැක් වෙලා.අරුන් කිව විදියට ඉඳල ආව නම් හොදයි කියල හිතුන දැන් නම්.

කොහොම හරී ටැක්සි කාරයෙක්ගෙන් ඇහුවම මම ගෙදරට ගොඩාක් දුර ඇවිත්.ආපහු ප්‍රදාන පාරට යන විදිය අහගෙන මම එන්න ආව.ප්‍රදාන පාරට දාගත්තම ටිකක් හොදයි මොකද ටිකකින් ගෙදර යන්න පුළුවන් නිසා.ඒ වෙනකොට ඉක්මනට එන්න තියන ඕන කම නිසා ටිකක් වේගේ වැඩි උනා මයේහිතේ .ලොකු එලියක් එකපාරටම වැදුන.බලනකොට යන්න තියන ගානට වඩා 20ක් වැඩි. AED 600 ක් නැති උනේ ඒ විදියට.

ඔන්න ඔහොමයි මම ගෙදර ආවේ.වෙලාව උදේ 4යි.පැය එක හමාරක් බොරුවට ඇවිදලා.ආපු ගමන් කොම්පුටරේ දාල බලනකොට අටම ඉන්නවා ඔන්ලයින්.ඌ එක්ක වචන දෙකක් කතා කරලා නිදා ගත්ත.අද උදේට කෑවෙත් නැති නිසා නැගිටලා පරිප්පු හොද්දකුයි කරවල බැදුමකුයි හදල බත් ටිකකුත් කෑවා. 

අද දවසින් භාගයක්ම නිදි හරි නිදි මතේ හරි.නිවාඩුව අපරාදේ මස්තබාල්දු උනා.....හැබැයි මේ වගේ ආතල් එකක් ගත්තේ අවුරුදු එක හමාරකට පස්සේ. 



Saturday 1 June 2013

තවත් මරු ඩයල් එකක් ...

මේකත් ඔය ක්‍රයිසිස් එකට ටිකක් කලින් සහ ඒ කාලේ කතාවක්.අපේ එක යාලුවෙක් උන්නා.ඔය අපි වගේ ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමේ මෙයා.බොහොම සංයමයෙන් හීන් නූලෙන් වැඩ කර ගන්න ඩයල් එකක්.ආර්ථික විද්‍යාව විශ්වාස කරන පුත්ගලයෙක්. ඉතින් අවශ්‍යම දේකට ඇරෙන්න පොඩි පොඩි වියදම් නෑ මිනිහගේ.ඇත්තටම ඔක්කොම නැතත් ගන්න දෙයක් තියනව ඒ ජිවන රටාවේ.අපි හිතනවට වඩා ලොකු ගානක් වියදම් වෙනවා ඔය පොඩි පොඩි ගණන් වලින්.ඒක ගැනත් පොඩ්ඩක් හිතල බලන්න මේ එක්කම.


පින්තුරේ ගත්තේ:http://blog.fluenthistorian.com/wp-content/uploads/2013/04/econ.jpg

ඔන්න මිනිහට ලොකු රැකියාවක් හම්බ උනා මෙහෙ සංවර්ධන කටයුතු නැගල ගිය කාලේ.නමුත් මිනිහ තමන්ගේ ජිවත් උන රටාව වෙනස් කලේ නෑ.හැමෝම ඇහුව "ඇයි බන් අලුත් වාහනයක් ගනින්කෝ මේ කබලේ යන්නේ නැතුව" කියල.මිනිහට තිබුනේ හෙන පරණ වාහනයක්.ඕක හැමදාම ලෙඩ.බොහොම පොඩි ගානකට අරගෙන කෑලි දාල මිනිහ ඕක හද හද පැද්ද.

ඔන්න ඔහොම යනකොට වාහන කොම්පනි වලින් මිනිසුන්ගේ සල්ලි ඇදල ගන්න ක්‍රමයක් විදියට අලුත් වාහනයක් ගන්නවා නම් මුලදී කියක් වත් ගෙවන්නේ නැතුව වාහනයක් අරගෙන යන්න පුළුවන් සහ පලවෙනි මාස 3ක් වාරික ගෙවන්න ඕනෙත් නැහැ කියල ඔෆර් එකක් දුන්න. 

ඉතින් මේ අපේ යාලුවත් කවදාවත් නැතිව ගත්ත අර රේන්ජ් රෝවර් කියන රථයක්.ඕක ලොකු ගානක් වෙනවා.සාමාන්‍ය කෙනෙකුට දරන්න අමාරුයි.හැමෝම අහනව ඇයි බන් ඔච්චර එකක් ගත්තේ කියල.මූ කියනව නෑ බන් පදිනවා නම් හොදම එකක් පදින්න ඕනය, නැත්නම් අර තිබුන එක හොදයි මට කියල.දැන් අපිට මේ අන්ත දෙක තේරෙන්නේ නෑ.කොහොම හරි ඔන්න මාස 2ක් විතර ගිය මූ තාමත් වාහනේ ඉටි කොළ ටිකවත් ගලවන්නේ නෑ.අහපුවම ඔහේ තිබිද්දෙන් බන් කියනවා.

පින්තුරේ ගත්තේ:dubaicity.olx.ae
පස්සේ ඔය ආර්ථික අවපාතය ආව.ඔය ඔෆර් ඔක්කොම නැති වෙලා ගියා.බැංකු වලින් දුන්න සල්ලි ආපහු  ගන්න මිනිස්සු පස්සේ එලවන්න ගත්ත.හැබැයි ඔය ලොකු ආයතන වල වැඩ කරන සමහර උදවිය මේ  තරම් ලොකුවට කෙසේ වෙතත් මොනවා හරි ප්‍රශ්නයක් ළඟ එන බව දැනගෙන උන්න.ඒ දැනගෙන තමා මෙයා මේක අරගෙන තියන්නේ.ඒකයි ඉටි කොළ ටිකවත් ගලවන්නේ නැතුව තියාගෙන හිටියේ ඕන වෙලාවක දාල යන්න බලාගෙන.

ඔය වාහනේ දැන් මස තුනක් සත පහක් ගෙවන්නේ නැතුව පැද්ද.දැන් ඔය අමාරු කාලේ මිනිහටත් රැකියාව ගැටළු ආව.තව මාස 3 කට පස්සේ මිනිහගේ රැකියාව නැති උනා.මොකද ඔය ආර්ථික අවපාතය මුල් කාලේ ලොකු වැටුප් අය මුලින්ම අයින් කළා. මිනිහ වාහනේ ලෝන් එක ගත්ත බැංකුව ගාව පාර්ක් කරලා ලංකාවට ගියා.

ඔන්න බලන්න දැන් මිනිහ ගන්න පුළුවන් හොදම වාහනයක් සමහර විට ආපහු කවදාවත් ජිවිතේ පදින්න බැරි වෙයි සත පහක් ගෙවන්නේ නැතුව මස 6ක් පැදලා.රැකියාව නැති උනා කියල අවූලක් නෑ මොකද වැඩි වියදම් නැතිව ගෙවපු නිසා මිනිහගේ අදායමෙන් 80%අඩුම ඉතිරි වුනා.මෙහෙම වැඩක් කරගෙන ගිය උදවියගෙන් මම දන්නා හොදම ඩයල් එකක් තමා ඔය.

එක නිසා ආර්ථික විද්‍යාව විශ්වාස කරලා වැඩ කරන එක කෝකටත් ඇගට ගුණයි.

ජොක්කු ටික හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ...

පින්තුරේ මෙතනින්:http://i.telegraph.co.uk/multimedia/archive/01714/identificationPara_1714199c.jpg
මේක මම ටික කාලෙකට කලින් හිටපු එක බෝඩිමක උණ දෙයක්.ඒ බෝඩිම ටිකක් ලොකු එකක් අපි ඔක්කොම 6 ක් වගේ හිටිය.ඒක කාමර 2ක ගෙයක්.අපේ කාමරේ තමා බැල්කනි එක තිබුනේ.ඕකට යන්න තල්ලු කරලා අරින දොරක් තිබුන.ඔය කාමරේ අපි තුන්දෙනෙක් උන්න.

බෝඩිමේ ඉන්නවා අයිය කෙනෙක්.අයිය කියන්නේ ටිකක් වැඩිමල් බෝඩිමේ ඔක්කොටම වඩා.ඉතින් අපි ටිකක් වැඩි සැලකිල්ලක් දක්වනවා උන්දැට.මේ අයිය බොහොම දහමට ලැදි තැන්පත් සම්මත ආකාරයේ අයිය කෙනෙක්. වැඩිය විහිලු කරන්නේ නෑ, හිනා වෙන්නේ නෑ එක විදියක්.

ඉතින් ඔය කාමරේ බැල්කනි එකේ දොර ගාව තමා අයිය තොර ගත්තේ එයාගේ ඇද තියා ගන්න.අපි අනික් දෙන්න දෙපැත්තේ බිත්ති දෙකට හේත්තු වෙන්න ඇදවල් තියාගත්තේ.

හැබැයි ඔය අයියගේ ජිවන රටාව ටිකක් අනික් අයට කරදරයි.ඒ උනත් හැමෝම ඉවසගෙන ඉන්නවා මොනවත් කියන්නේ නෑ වැඩිමල් කෙනෙක් නිසා.අනික අපි වගේ නෙමේ ටිකක් සීරියස් ඩයල් එකක් නිසා අපි කිසිම විහිළුවක් කරන්න යන්නේ නෑ.

ඉතින් මේ අයිය පිලිවෙලට වැඩ.කෑම උයන්න ගියාම එක වෙනම ව්‍යාපෘතියක්.ඉතින් අපිට කුස්සියට යන්නවත් අමාරුයි ඔය වෙලාවට.ඒ වගේමයි රෙදි හෝදන්න ගියාම.හෝදන වෙලාව තමයි අපි වැඩ ඇරිලා ගෙදර එන වෙලාව.ඉතින් හිතින් ගීතිකා ගය ගයා අයිය එලියට එනකල් ඉන්න ඕන.සමහර දවස් වලට උදේ පාන්දර, අපි වැඩට යන්න ඕන නේද කියලාවත් ගානක් නැහැ.

අපේ කාමරේ ඔය බැල්කනියට යන දොර දිගට අයිය ලනුවක් දාල රැදී වැලක් බැදල තිබ්බ.තව ඔය දොරේ බැල්කනියට යන්න තියන පැත්තේ බිත්තියේ ඇනයක් ගහල එකෙත් රෙදි එල්ලලා තිබ්බ. ඉතින් ඕක හැමෝටම අප්සට් වැඩක් උනාට අයියට අනිත් අයගේ අප්සට් තේරෙන්නේ නැති ලෙඩක් තිබුන.අර අපි කියන්නේ නාඩි නෑ කියල.මේ අයියට නාඩි ඇත්තෙම නෑ.

දැන් මේ අයිය වැඩ ඉවර වෙලා ආවම, ජොකා ගලවල ඔය දොර ගාව ඇනේ එල්ලනවා.කාට හරි බැල්කනියට යන්න ඕන නම් අයියගේ ජොකා මුනේ අතුල්ලගෙන ඉබල යන්න ඕන.ඕක දැන් වක්‍ක්‍රාකාරයෙන් කීප සැරයක් දැනුම් දුන්න .වැඩේ තියන්නේ මේ අයියට නාඩි නෑනේ.තේරෙන්නේ නෑ.

දවසක් මගේ කාමරේ ඉන්න එකාට තද වෙලා ඔය ජොකා අරගෙන බැල්කනියෙන් එලියට විසි කළා. ඊට පස්සේ දවසක් අපි ඔක්කොම ඉන්න තැන මිනිහ අහනවා මගේ එක යට ඇදුමක් නැති වෙලා.කාට හරි මාරු වෙලාද  දන්නේ නෑ පොඩ්ඩක් බලන්න කියල.ඒක කිව විදියට හරියට මහා ලොකු වටිනා දෙයක් නැති වෙලා වගේ.මමයි මගේ කාමරේ එකාටයි ඇර ඔක්කොටම අප්සට් .වෙන මොකටවත් නෙමේ ඇත්තටම මාරු වෙලා නම් මේකාගේ මේක දවසක් වත් ඇදලද දන්නෑ කියල.

හැමෝම බලන්නම් කියල ශේප් එකේ තමන්ගේ සෙට් එක චෙක් කරලා බලනවා.දැන් මමයි මගේ කාමරේ එකයි දන්නවා මාරු වෙලා නැති බව.එත් අපිත් ගිහින් බැලුව මුනිච්චාවට.

දැන් අයියට සුවර් නෑ.අයිය හැම කෙනාගේම ජෝක්කු ගාවට ගිහින් අතගාල බලනවා එයාගේද කියල.අපිට මේක මහා විහිලු වැඩක් උනා.මමයි මගේ කාමරේ එකයි අපේ ජෝක්කු ටික ඇදේ පෝලිමට තියල අයියට ඇවිත් අදුන ගන්න කිවා.අයිය ඇවිත් බලල ඒවා නෙමේ කියල ගියා.

ඔන්න ඔහොමයි අපි ජෝක්කු හදුනාගැනීමේ පෙරෙට්ටුවකට තිබ්බේ.