Friday 20 June 2014

කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . .


දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත.

දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ.

පහුගිය මාසෙ දෙකේ මම නොහිතපු විදියට ගෙදර එක්ක කොකු.සතියකට සැරයක් රන්ඩු.රන්ඩු නම් මොනවද. . . ලන්කවෙ ඉන්නකොට නම්.මෙහෙ ඉදල රන්ඩු වෙනකොට එටිසලට් එක දියුණු වෙනව බලාගෙන ඉන්නකොට. 

මාර්තු මගෙ බිල - ඒ ඊ ඩී 1000
අප්‍රියේල් මගෙ බිල - ඒ ඊ ඩී 870
මැයි මගෙ බිල - ඒ ඊ ඩී 900

දැන් මේක ප්‍රශ්නයක් නෙ.

ආදරේ කරන කොට නම් මරු. .   හැබැයි කසාද බැදල ලමයෙක් දෙන්නෙක් හම්බඋනාම නම් අර ඉස්සර අනේ පනේ රත්තරනේ තඹේ වෙනව. 

ඉතින් මම කල්පනා කලා දැන් ආපහු පව්ල ගෙන්න ගන්න එක ලාබයි. එටිසලට් එකට සල්ලි දෙනවට වඩා කියල.

පුතා ඊලග අවුරුද්දේ ඉස්කොලෙ දාන්න ඕන. ඉතින් මෙහෙ ආවම ඉස්කෝලයක් එපයි.

මම ගියා ඔය ඉස්කොල ටිකකට පොඩ්ඩක් විස්තර හොයාගන්න කියල.

ඉස්කොලෙ එක - අවුරුද්දට ඒ ඊ ඩී 42,000
ඉස්කෝලෙ දෙක - අවුරුද්දට ඒ ඊ ඩී 25,000
ඉස්කෝලෙ තුන -අවුරුද්දට ඒ ඊ ඩී 18,000

ඔන්න වැඩේ.ඒකෙත් ඉස්කොල වල ඉඩ නැහැ.අරගෙන ඉවරලු.දැන් මම ඕක ගෙදරට කීවම . .

"මම කලින්ම කීව . . . .බීප් බීප් ටීන් ටීන් ඩින් ඩොන් . . .අහන්නෙ නෑනෙ . . බීප් බීප් "

මම එහෙන්ම කට් කරල නිකා හිටිය . ඇයි යකුනේ මෙ ඉස්කෝල වල ඉඩ නැති උනත් මම වරදි. . කොල්ල ඉස්කොලෙ කෙල්ලෙක් එක්ක කතා කලත් මම වැරදි, 

මට කලින් කීව තමා නමුත් මට අටෝරාසියක් වැඩ හින්ද ඒක අමතක උනා කිවනම් තව අහගන්න වෙන නිසා ඔහේ නිකන් හිටිය.

දැන් මම යාලුවන්ට කතා කර කර ඉස්කොල හොයනව.අලුතෙන් පටන් ගත්ත ඉස්කොලයක් තියනව කිව නිසා මම ගියා බලන්න.ඔන්න මම ඉල්ලපු කොල ටික දීල හිටිය වැඩේ කරල දෙනකල්.

ටික වෙලාවකින් මට ලමයව රෙජිස්ටර් කරල කොලයක් දුන්න.මම ඒකත් අරගෙන ඇවිත් ගෙදරට කතා  කලා මොකද මට තර්ජනය කරලනෙ තිබ්බෙ ලමයට ඉස්කොලයක් හදා නොගත්තොත් එන්නෙ නෑ කියල.
මම කීව

"ඔන්න හරි . ඉස්කොලෙ දැම්ම"

"මොන පන්තියටද දැම්මෙ"

"FS1"

"ඒ මොකටද? අයි අනේ ලමයට වයස පහයිනෙ.ඔකට දාන්න එපා ලමය එක අවුරුද්දක් අඩුවෙන් වෙනවනෙ.FS2 එකට දාන්න"

"#$%&&&@&&&*#--$*#$=$-"

මදෑ කලා, දැන් ඉතින් ආපහු මුල.

මම පහුවදා ගියා රෙජිස්ට්‍රාර් හම්බ වෙන්න. ලෙබනන් වල ගෑනු කෙනෙක් හිටියෙ.මම කිව" ම්සිස් මම ඊයෙ රෑ එලි වෙනක ඇහරල, මගෙ ලමය එක අවුරුද්දක් අඩුවෙන් ඉස්කොලෙ යැවෙන්නෙ මෙහෙම උනොත් .මෙයාව FS2  එකට දාල දෙන්න කියල.

ඒ පන්තියෙ ඉඩ නැතිලු. මම ගියා ප්‍රින්සිපල් හම්බ වෙන්න. ගිහින් කීව මට ආපහු වෙන ඉස්කෝල හොයන්න අමාරුයි කොහොම හරි කරල දෙන්න කියල.

පස්සෙ දවස් දෙකකට පස්සෙ කෝල් කල ඒ පන්තියට දැම්ම කියල.

හම්මෙ ඇති.ගෑනුන්ගෙන් මෙහෙමත් බැනුම් ඇහියකිය.

අනික. මට තේරුනේ මෙච්චරයි. .

මගෙ ඊසිලයිෆ් කාලෙ ඉවරයි.දැන් එන්නෙ ලමයින්ගෙ ඉස්කෝල, පන්ති, ඉවෙන්ට්, පේරන්ට් මීටින් . , ,

ඔන්න ජීවිතේ ඊ ලග අදියර.

හරි අද බ්‍රහස්පතින්දා වෙච්චි , මගෙ ගොඩක් පොස්ට් ලියන්නෙ සෙන්ටි දෙකක් ඇනගෙන වෙච්චි මේකට විතරක් ඇයි වෙනසක්. . .

දකුණු සැපත සෙන්ටි හතරයි. . .හෙට පන්ති යන්නත් එපයි . . .