මේ දැනට අවුරුදු 6 කට පෙර උන කතාවක්.අද මම මගේ මිත්‍රයට කතා කළා, ඌ එක්ක කතා කරනකොට මතක් උන කතන්දරයක්.
මම මෙහෙ ආව මුල මමයි මගේ මිත්‍රයයි හිටියේ මගේ මිත්‍රයාගේ නෑ වෙන අක්ක කෙනෙකුගේ ගෙදර.ඒක කාමර දෙකක ගෙදරක් පොඩි සාල කෑල්ලකුයි කුස්සියකුයි තිබුනේ.අපි එක කාමරෙකයි ඒ අක්කයි අය්යයි අනිත් කාමරේ.
ඉතින් සිකුරාදා නිවාඩු නිසා බ්‍රහස්පතින්දා අපි දෙන්න වැඩ ඇරිලා එළියෙන් කෑම එහෙම කාල ටිකක් ඇවිදලා ගෙදර එනකොට රෑ වෙනවා.ඉතින් උදේට ටිකක් දවල් වෙනකල් නිදා ගන්න එක තමා කලේ.ඔය ජිවන රටාව නිසා උදේ කෑම ගොඩක් වෙලාවට මග ඇරෙනවා.
අක්කල නම් උදේම නැගිටලා කෑම උයල කරලා අපිට කතා කරනවා කන්න.එක දවසක් අපි ඔය වගේ පරක්කු වෙලා ඇවිත් හොදට නිදාගෙන ඉඳල දවල් දොළහට විතර නැඟිටලා කන්න දෙයක් බැලුව.වෙනද නම් මේ වෙනකොට අක්කල මොනාහරි උයල කරලා කතාකරනවා.අද නැහැ.
මගේ යාළුවා කිව මම මොනවා හරී හදන්නම් උඹ ගිහින් පාන් ගෙඩියක් ඇන්න වරෙන්ය කියල මූ කාමරෙන් එලියට ගියා.මම තව ටිකක් වෙලාකම්මැලි කමට ඇඳේ ඉඳල නැගිටින්න හදනකොටම මූ එනවා මුණ දෙක කරගෙන.
" අද කන්න වෙන්නේ නැහැ බන් ඔන්න ඔහේ බුදිය ගමු"
" ඒ මොකද බන් ඇයි බිත්තරයක් වත් නැත්ද ලේසියට තම්බා ගන්න"
"බිත්තර තම්බන්න වෙන්නේ උඹේ _____උඩ තියල තමා, අක්කල ළමයෙක් හදන්න ට්‍රයි කරනවා අද කෑම නැහැ" - කියල මූ ආපහු ඇඳට වැටුන.
මට මේ කතාවට හිනා ගියත් කියාපු සීරියස් විදියට මොකක් නමුත් කේස් එකක් ඇතිය කියල හිතුන නිසා ගිහින් බැලුව.
කුස්සියට යන දොර වහලා යතුර නැහැ,ඉස්සරහ දොරත් වහල යතුර නැහැ.අක්කල කලින්දා අපි ආවටත් පස්සේ ඇවිත් දොරවල් දෙකම වහල යතුර අරගෙන කාමරේට ගිහින්.හීන් කෙදිරියකුත් ඇහෙනවා කාමරෙන්...
ඉතින් එදා අපි අක්කලාගේ උත්කෘෂ්ට සත්ක්‍රියාව වෙනුවෙන් නිරාහාරව නිදා ගත්තා.....
දැන් ඒ දුවට වයස අවුරුදු 5ක්...ලස්සන කෙලි පොඩ්ඩ...