english.srilankamirror.com |
අපේ අප්පච්චිට ඉන්නවා මල්ලි කෙනෙක්.ආච්චිට ඉන්නේ ඔය දෙන්න විතරයි.ඉතින් ඔය ළමයි දෙන්නගෙන් අපේ අප්පච්චි තමා පිත්තල පුතා.බාප්පා තමා රත්තරන් පුතා.එහෙම තමා අපේ ආච්චි කැටගරයිස් කරලා තියෙන්නේ.හේතුව අපේ අප්පච්චි ටිකක් මුරණ්ඩු කියන දේ නාහන ගති තියන කෙනෙක්.දේශපාලනේට ගිහින් තිබුන දේවල් ගොඩක් නැති කර ගත්ත.ඉතින් ඔය ඉඩකඩම් එහෙම පරම්පරාවෙන් ලැබුන ඒවා ගොඩක් විකුණුනා.
ඔය වැඩේට අපේ ආච්චි කැමත්තක් දැක්කුවේ නැහැ.ඉතින් ඉඩම් බෙදල දෙනකොට රත්තරන් පුතාට ටිකක් වැඩියෙනුයි පිත්තල පුතාට ටිකක් අඩුවෙනුයි තමා බෙදල දීල තියන්නේ.ඕකට ඉතින් ඔය අයිය මලෝ දෙන්න හැමදාම කචල්.හැබැයි අර රත්තරන් පුතා ටිකක් වෙනස් ජාතියක පුත්ගලයෙක්.එය බැන්දේ දොස්තර කෙනෙක් නිසා පදිංචියට නුවර ගියා.ආවේ මාස කීපයකට සැරයක්. ඇවිත් ආච්චිව බලල යනවා.ඇත්තටම ආවේ වතු පිටි ටික බලල පලදාව අරගෙන යන්න.
ඉතින් ආච්චි බලා කියා ගන්න එක කලේ අපේ ගෙදර.
ඔහොම යනකොට ඉඩමක වැටවල් ගහන්න ගියාම ප්‍රශ්නයක් ආව ප්ලෑන් වල තියන මායිම් ගැන,ඔය වැඩේ දිග දුර ගිහින් කොහොම හරි උසවියටම ගියා.දැන් ඔන්න නඩු යනවා.ඔය නඩුවේ පැමිණිලිකාරය සහ විත්තිකාරය ඉන්නේ එකම ගෙදර.
පැමිණිලි කාරය තමා ආච්චි, විත්තිකාරය තමා අපේ අප්පච්චි.
ආතල් කොටස
දැන් ඔය ආච්චි අපේ අප්පච්චිට විරුද්දව නඩු කියන ඉඩම ඇත්තටම ලියල තියන්නේ අපේ බාප්පාට.හැබැයි එයා මේකට මැදිහත් වෙන්නේ නැහැ.එයාගේ වැඩේ ආච්චි ලවුවම වැඩේ කර ගන්න.
දැන් නඩු දවස් වල වෙන්නේ මෙහෙමයි.
උදේම බාප්පා එනවා අපේ ගෙදර ආච්චිව උසාවි එක්කගෙන යන්න.ඇවිත් අප්පච්චිගෙන් බැනුම් එහෙම අහගෙන බාප්පාගේ අලුත්ම වාහනේ නැඟල යනවා උසාවියට.ගිහින් ඒ වැඩේ ඉවර උනාම, බාප්පා කියනවා මෙහෙම.
" අම්මේ එහෙනම් මෙතනින් ත්‍රීවිල් එකක් අරගෙන යන්න මට පුතාව ඉස්කෝලෙන් ගන්න යන්න ඕන" කියල ආච්චිව උසාවිය ගාව දාල මිනිහ යනවා නුවර.දැන් අපේ අප්පච්චි උසාවියේ වැඩ ඉවර වෙලා එනකොට මෙන්න ඉන්නවා ආච්චි උසාවිය ගාව.
ඉතින් අප්පච්චි අම්මා මෝ නැතිව බාප්පට බැන බැන ආච්චිව වීල් එක්ක දාගෙන ගෙදර එනවා.
ලස්සන වැඩේ මේකයි,
ඕක හැම නඩු දිනකදීම රිපීට්, මිනිස්සු බැන බැන යනවා දකින දකින ගානේ.ආච්චිට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ පුතාලට ලැජ්ජාවක් ඇත්තෙත් නැහැ.