![]() |
| පින්තුරෙ ගත්තෙhttp://www.crownwineandspirits.com/brands/Glenfiddich-Whisky.html |
මගෙ හාමිනෙගෙ තාත්ත නැති වෙලා අදට සති තුනයි.ගොඩක් හොද මනුස්සයෙක්. ජිවිතේ හොදටම තෙරුම් අරගෙන සරල විදියට ජිවත් උනේ.මේ කතාව තාත්ත නැති වෙන්න මාසෙකට විතර කලින් උනේ.මම ගෙදර ගිහින් හිටියෙ දවස් තුනකට.
තාත්ත මෙහෙ ඇවිත් ඉදල ආපහු ගිහින් හිටියෙ අපේ ගෙදර.මම කුලියට අරගෙන ඉන්න තැන.ඔය ගෙදර තියෙන්නෙ හාමිනේගෙ අක්කගෙ ගේ ඉස්සරහමයි.එ ගෙදර ඉන්නෙ අක්කයි අයියයි, ඒ අයියගෙ අම්මයි තාත්තයි. ඔය මස්සිනාගෙ තාත්තයි මගෙ මාමන්ඩි දෙන්නම් එකම ආයතනයේ වැඩ කලේ.මාමන්ඩි විශ්‍රාම ගියාම ඒ තනතුරට ආවෙ ඔය අන්කල්.ඒක නිසා අන්කලුයි තාත්තයි දෙන්න හොද ගජ යාලුවො.
මම යනකොටත් තාත්ත අසනීපයෙන්.ඒක නිසා තාත්තට බොන්න කරන්න හොද නැහැ.
එදා හාමිනෙලගෙ පොඩි අයියත් ඇවිත් හිටිය තාත්ත බලන්න.
රෑ වෙනකොට අන්කල්ට රට ගිය කෙනෙක් ගෙනත් දුන්න විස්කි බෝතලයක් ගෙනත් පඩිපෙල උඩ තියල කීව යන්න කලින් පුතා පොඩියට මොනවහරි කරමු එහෙනම් කියල.
මම කලින් කියල තියනව මයෙ හිතෙ ඔය මගෙ මස්සිනාලා සෙට් එකටම හොදට බොන්න පුලුවන් උදවිය.මමයි අක්කගෙ මහත්තයයි, පොඩි අයියයි.වීනාඩි පහක් යනකොට එක වටයක් ගියා.භාගයක් ඉවරයි.දැන් අන්කල් ටිකක් නොසන්සුන්.
අන්කල් පටන් ගත්තා කතාවක් කියන්න.
පුතා *.* පීරිස් මහත්තය එක්ක මම වැඩ කලා කාලයක්.ඒ මනුස්සය බොහොම සකසුරුවම් මනුස්සයෙක් පුතා. මනුස්සය යාලුවොන්ට සන්ග්‍රහයක් කරන්න විස්කි බෝතලයක් දෙනකොට භාගයක් ලකුනු කරල දෙන්නෙ.දෙනකොට කියනව"විස්කි ගනන්. . ." කියල.
ඔය කතාව කියල අන්කල් ගියා. ආපහු එනකොට තව කාලක් ඉවරයි.
ආපු ගමන් අන්කල් කියනව "පුතා විස්කි ගනන්. . "
අපිට මැරෙන්න හිනා. . .
කෝකටත් මම කිව දැන් අන්කල් මේක තිබ්බ කියල වැඩක් නැහැනේ.මම අන්කල්ට මේ බොතලේ රිප්ලෙස් කරන්නම් ඊ ලග පාර ආවම කියල.
ඊ ලග පාර එන්න උනේ තාත්තගෙ මලගමට.. . .
