Sunday 19 May 2013

එක්වී අදට සය වසරක් ගත වීය



පින්තුරය ගත්තේ : http://newintheknow.com/2012/10/life-years

දස වසක් පෙර පැමිණි
ජීවිතයේ කටුක කල
උදාවූ කල හමු උනෙමු
අහඹුවක් වූ ඒ දින

යමින් සිටියෙමි දිවි කටුක මං තුල
මිතුරියක ලෙස සවියක් වෙමින් මා තුල
මං දෙකක ගිය සිත් ඇතත් අප තුල
ඔබ මා සමග නීති එක්ව ගමන් කල

දහසක් කම්කටොලු මැද තව තවත් ලං උන
එකට මුනගැසුන සුන්දර කලක් ගත වින
නොමැත සැමරුමට දිනයක් පෙම්වතුන් උන
මා නොපැවසු වදන් ඔබට අමතක විය.

මා වෙනුවෙන් ඔබ ලියු කවි ලියමන
මා ලග ඇතත් කොටසක් මා නොකියවින
නිසදැස් ලියා දුන් සුබ පැතුම් පත් නැති වින
නොකලෙමි අගය එදා, අද නිහඩය ඔබේ ලියමන

එක්වී අදට සය වසරක් ගත වීය
නැවුම් ජීවිත දෙකක් අප සමග එක් වීය
දිවි මග ගියේ කිසි ලෙස නොසිතු මග වීය
පුරා සය වසක් එම මග ගෙවා අප පැමිණිය

ආ ලෙස ගමන් මඟ අප මේ තරම් කල

දුන් ලෙස සවිය මා හට එන්න මේ තරම් දුර  
තුතියක් ලෙසින් කියමින් මේ වදන් පෙළ   
මේ ලෙස සුබපතන්නමි අප සැමරුමට. . .

මේක ලිවේ ළමයින්ගේ අම්මට යවන්න. කවි පෙලක්ද, නිසදැසක්ද දන්නේ නෑ.උන්දැ හැමදාම කවි නිසදැස් ලියල දෙන එකේ මමත් අද එකක් ලියල යවන්න කියල.පහුගිය දවසක එහෙම ලියල දුන්න පරණ කාර්ඩ් වගයක් මගේ අතින් නැති උනා. මට නම් ඉතින් ඔය ඊස්තටික් වැලියු තේරෙන්නේ නෑ. ඒකට පොඩ්ඩක් නොරොක් වෙලා ඉන්නේ. ඒකත් ගොඩ දා ගන්න පුළුවන් වෙයි කියල තමා මේක ලිවේ.

හොදද නැද්ද කියල කිවොත් ඒ වැඩේ ගොඩ දා ගන්න පොඩි උදව්වක් වෙයි මයේ හිතේ ...

ගොඩ දා ගන්න බැරි උනොත් විවාහ සැමරුම දවසේ ....


12 comments:

  1. මෙච්චර දේවල් ඕන නැ පොඩ් මතකයක් අවදි කර යැව්වත් ඇති හදවතක් සුවපත් කරගන්න.. මේ වැඩිත් තරම්.. දෙන්නටම අපෙත් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඉස්තුති නලින්, ඔව් ඒත් මමත් එකක් කිවොත් හොදයි කියල හිතුන...ඒකයි ලීවේ.

      Delete
  2. වරදක් නෑ මට නං ලියුව එක.. ජය වේවා... දිගටම රැදී ඉන්න...

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මම යවල දැම්ම.තරහ මරහ නැති වෙලා යන්න කියල :)

      Delete
  3. ලිව්ව එක නම් හොඳයි. ඒත් පොඩි පොඩි අඩුපාඩු තියනවා. කවියක් ලියන්න ගත්තු උත්සාහය හොඳයි. කවියක යවහන් දෝෂ නැතිවෙන්න ඕනේ. මාත්‍රා ගැනල ලියන්න ඕනේ. මේවා ගැන ටිකක් හොයල බැලුවොත් හොඳ කවියෙක් වෙන්න පුළුවන්. ඔයා එන්න මුණු පොතේ සඳස කියන ගෘප් එකට. එතන කවියෝ ඉන්නවා. උදව් කරනවා ඉගන ගන්නත්.

    ReplyDelete
    Replies
    1. මචන් වැරදි නම් ඇති පොඩි නෙමේ ගොඩක් ලොකු ඒවා.මේක මගේ පළවැනි පවලනි ම එක.එක නිසා සමාව බජනය කරන්ඩ.ගෘප් එක ඇඩ් කර ගන්නම්.තැන්කු තැන්කු ...

      Delete
  4. මේ ඕනවටත් වඩා හොඳා. ලියන කොට තමන්ටම තේරෙනවා අඩු පාඩු. කියවනකොට අප්සට් වගේ තැන්. මැච් වෙන්නෙ නැති තැන්. මට සිලිටු වචන. මම නම් කැමති තනිවම ඉගෙනගන්න. නැතිනම් ඔරිජිනල් වෙන්නේ නෑ.
    සුභ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන්, ඇත්ත ලියපු එක ටික වෙලාවක් කියවන්න ඕන තේරුම් අඩු පාඩු පේන්න.එක නිසා දැන් ලියල අපහු කියව තම දාන්නේ.මාතලන්ගේ උපදෙස් ටික ඇත්තටම වටිනවා.

      Delete
  5. මං වාගෙම අළුත් කෙනෙක් නේද , මම නං තාව ලිපි සකසමින් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අලුත්..:) ඔන්න ඕහේ ලියල දාන්න... කොමෙන්ට් වලින් වැරදි ටික හද ගම්මු.....

      Delete
  6. කවිය හොඳා ..ඊටත් වඩා වැදගත් උත්සාහය ..නිසි අගය ලැබෙයි අනිවාර්යයෙන් ..

    වල කැන්ටිම ගැන හෙම රසකතා අසා ඇත බරටම

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති ආවට,සප් එකක් දුන්නට...කතා නොං බොහොමයක් තියනව.බලමු එකින් එක ලියන්නම් කෝ.වල කැන්ටිම ගැන අහල තියනවා කියන්නේ බොහොම කිට්ටු කෙනෙක් එහෙ හිටිය වෙන්න ඇති ...:)

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .