Thursday 8 August 2013

උගත් මෝඩ මනමාලයෝ ...

මේ ඔක්කොම පටන් ගත්තේ මේ දවස් වල රාමසාන් හින්ද  ඔෆිස් කලින් ඉවර වෙන නිසා චමරියට යන්න ගත්ත එකෙන්.ඔකේ ඉන්නවා අකලට නාකි වුන ඩයල් එකක්.දැන් වයස හතළිහකට කිට්ටුයි.මම ගිහින් හිටියේ ඔය හාදය ඉන්න කාමරේ.මම මිනිහ දැනගෙන දැනට අවුරුදු හතරක් විතර වෙනවා.

පිටින් පේන විදියට හොද මනුස්සයෙක්.අවුලකට තියන්නේ තාම කුලෑටි ගතිය.ඉතින් මම චමරියට ගිය වෙලාවක මිනිහ මුඩ් ගහල හිටිය.මමත් මනුස්සකමට ඇහුව මොකද ප්‍රශ්නේ කියල.මිනිහ අඬලා කියනවා ගෙදරින් බදින්න කෙනෙක් කතා කරලලු.ඌ කැමති නැහැලු.මේක නොකලොත් අම්මා වහ බොනවා කිවලු කියල.

වැඩි විස්තර කතා කරපුවම මනුස්සය බදින්න කෙනෙක් ඉඳල එකට අම්මා අකමැති වෙලා අවුරුදු 5ක් තිස්සේ තිබිල.දැන් එක නැහැ, ඒ කෙනා වෙන කසාදයක් කරගෙන නිසා මෙයා කසාද නොබඳ ඉන්නවලු.

මගේ තියන කට පියාන ඉන්න බැරිකමට කිව එහෙනම් අම්මා කතා කල කෙනා බඳින්න බැරි නම් වෙන ඔයා කැමති කෙනෙක් හොයාගෙන අම්මට කියන්න අම්මා තේරුම් ගනී කියල.එහෙම කියල මම කර ගත්ත මහා විනාසේ දැනුයි තේරෙන්නේ.

ඔය සිද්දියෙන් පස්සේ මම හිමිට අපේ වයිෆ්ට කියල හොයල බලන්න කිව.අපේ වයිෆ් මෙයාව දන්නවා මෙහෙ ඉන්න දවස් වල,අපි වගේ නෙමේ ටිකක් පිළිවෙලකට ඉන්න නිසා(පෙනුමට විතරයි, දැන් බලපුවම අපි පිළිවෙලක් නැත්තේ පිටට විතරයි) වයිෆ්ලගේ ගෙදර ඉස්සරහා ඉන්න හිතවත් කෙනෙක් කතා කරන්නද ඇහුව.

මමත් ඉතින් මූ පත් වෙලා ඉන්න ඉරණම නිසා හරි කතා කරන්න කියල ෆොටෝ එකක් එහෙම ගෙනත් පෙන්නුවා.එක දැකපු ගමන් මිනිහට මේක කර ගන්න ඕන කම,හැමදාම කතා කරලා වැඩේ ඉක්මන් කරන්න කියනව.මම ෆෝන් නම්බර් එක දීල කිව එහෙනම් කතා කර ගන්න කියල.

හැබැයි පළවැනි දවසේ කතා කල කියල මට කීවට ඊට පස්සේ මිනිහ කිසිම දෙයක් මට කිවේ නැහැ,මිනිහ නොකීවට මට අපේ ගෙදරින් විස්තර එනවා ඔන්න දැන් කේන්දර බැලුව, ඔන්න දැන් දෙගොල්ලම ගෙවල් වල ගියා,ඔන්න දැන් මඟුලට දින දාගෙන...

දැන් ඔය කිසි දෙයක් මිනිහ මට කිවේ නැහැ.හරි කමක් නැහැ.මට කියන්න ඕන නැහැ.මම මගේ යුතුකම කළා. එයාලගේ වැඩේ එයාල කර ගත්තාවේ කියල මම නිහඩව හිටිය.

ඔහොම ගිහින් මේ ඊයේ මට කතා කරලා කියනවා ඒ සෙට් කල කෙනා හොද නැහැලු,කතා කරන්න දන්නේ නැහැලු කතන්දර ගොඩක්.එයාගේ නෑ වෙන මල්ලි කෙනෙකුට රැස්පොට් කලේ නැහැලු.අද කාලේ කෙල්ලෝ බදින්න ඉන්න කොල්ලට ගරු කරනවා මිසක් මේකා කිව්වා කිව්වා පලියට එක එකාට සෙකන්ඩ් වෙන්න යනවද?

යකෝ අපි යාලු වෙනකොට කතා කරන්න දන්නවද නැද්ද අහලද යාලු වුනේ.යාලු වුනාට පස්සේ දෙන්නට ඕන විදියට එපයි දෙන්න එව්වා හදා ගන්න.

ඔන්න ඔය හේතුව කියල එක කරන්න බැරිය කියල කියනවා,දැන් මම දන්නවා මූ නොකීවට මඟුලට දින දාගෙන කියල.මඟුලට දින දා ගන්න කලින් මොනවද එහෙනම් කතා කලේ.

දැන් මේකට මමලු වැරදි.එයයිගේ අම්මට මොනවා හරි උනොත් මම වග කියන්න ඕනලු.

මට මේ හතර බිරි කතාව තේරුනේ නැහැ.එක නිසා මම සිංහල සංස්කෘතිය භාවිත කරලා කියල දුන්න මම උඹ අඬලා කිව නිසා මේක කතා කල තමා ඒ වුනාට උඹලගේ නොගැලපීම් ගලපන්න උඹලගේ දෙමවුපියන්ටත් බැරිය, මට කොහොමටත් බැරිය, උඹලා එහෙනම් අහවල් එකක් කතා කරලද මඟුලට දින දාගත්තේ කියල?

උත්තර නැත.

ඔය කියල ගෑනු ළමය මම ටිකක් දන්නවා.කොළඹ ඉස්කෝලෙක ගුරුවරියක්.කතා කරන්න දන්නේ නැහැ කියන එක පිළිගන්න පුළුවන් හේතුවක් නෙමේනේ.එකෙකුට බදින්න කෙල්ලක් කතා කරන්න කිව නිසා මම කතා කළා.ගැලපෙන නොගැලපෙන එක මගේ වැඩක් නෙමේනේ.

අන්තිමට අනුකම්පාව බුමිකම්පාවක් වෙලා දැන් මට මගේ වයිෆ්ලගේ ගෙදර අයට උත්තර දෙන්න වෙනවා,උදව් කරන්න ගිහින්.

අර දුකා කිව වගේ මෙව්වා හරි භයානක උදව්.. ඔන්න මම පාඩමක් ඉගෙන ගත්ත..

51 comments:

  1. මට හිතෙන්නේ මිනහට මොකක් හරි හොඳ සයිකො කේස් එකක් තියෙන පාටයි. යකෝ අවුරුදු 40 ක් වෙලත් තවත් මොන රෙද්දවල්ද හොයන්නේ. හොඳ දෙයක් කරන්න ගිහින් අන්තිමට අමාරුවේ වැටෙන අය ඕන තරම්. උදව් නොකර ඉන්න එකත් හොඳ දෙයක් නෙමයි.

    ReplyDelete
    Replies
    1. සයිකෝ කාරයෙක් තමා මචං,මම අවුරුදු හතරක් දැනගෙන හිටියත්, හොයා ගන්න බැරි උනානේ.මේ සිද්දියෙන් පස්සේ මම හිතා ගත්ත මේ වගේ උදව් අනවශ්‍යයි,තියන මිත්‍රකම තියාන සද්ද වහල ඉන්න එක ඇඟට සනීපයි,මට මේ නැතිවට එව්වා ..

      Delete
  2. සෑහෙන සම්භාවිතාවක් තියෙනවා ඔය බඳින්න අකමැති පුද්ගලයෝ ඇත්තටම සමලිංගිකයෝ වෙන්න.

    ඒ සමහරු (හැහැණු පිරිමි දෙගොල්ලොම) පවුලේ සහ සමාජයේ බලපෑම් නිසා විරුද්ධ ලිංගිකයින්ව කසාද බැඳලා ජීවිත අවුල් කරගන්නවා.

    ලංකාවේ සමලිංගික ටැබූ එක නැති වුණු දවසක් එනකම්ම මේ වගේ අයට පිහිටක් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කතාව කියවද්දි මටත් මුලින් මතක් උනේ සමලිංගිකයෙක්ද කියන ප්‍රශ්නෙ තමයි. ඒත් මෙතන තියෙන්නෙ වෙනම කේස් එකක්. හැබැයි මේ වගේ උදවිය සමලිංගිකයන් වෙච්ච අවස්තා තියනව.

      Delete
    2. ඔව් කකා,, අර කොහෙවත් නැති කොල්ලෙකුට රැස්පොට් කොලේ නැහැ කියනවා,උගෙන් සමව ගන්න කිව්වලු අර කෙල්ලට,මූ නොබැඳ ඉන්න එකමයි හොඳ,බැන්දොත් ඒ දැරිවිට මන්න කති පොලු පිහිට තමා.අයී ඉතින් මූ කියන කියන එකට ගරු කරන්න කියනකොට ඉවසන්න පුළුවන් කාටද??

      Delete
    3. ඔව්.කකා කියන එකට මමත් එකඟයි.හැබැයි සමලිංගිකනම් ආශ්‍රය කරන අයට තේරෙන්න ඕනනේ

      Delete
    4. මචං මිනිස්සු රඟපානවා බන් අපි හිතන්නේ නැති විදියට.මම අවුරුදු හතරක් මිනිහව දන්නවා.ඒ වුනත් මෙහෙම කේස් අපි අහන්න යන්නෙත් නැහැ.උඹ බදින්නේ නැත්තේ ඇයි කියල.මූ කවදාවත් පොදු දේවල් ඇරෙන්න වෙන දේවල් කතා කරන්නෙත් නැහැ.එහෙම වුනාම අමාරුයි තේරුම් ගන්න..

      Delete
  3. හැක් හැක් ගමන් මගේ මගියෝ, උඹ මොන ඉලව්වකටද ගමන් මගේ කපුවා වෙන්න ගියේ...? ඕකට තමයි කියන්නේ කපුවා කපෝති කියලා.

    ReplyDelete
    Replies
    1. මචං අපේ අක්කත් බඳින්න පරක්කු වෙලා ළමයෙක් හදාගන්න පුදුම දුකක් වින්ද.සල්ලි ලක්ස ගානක් වියදම් කළාඒ ඔක්කොම වියදම් මමම කල නිසා දන්නවා.ඒ කරදරේ තව එකෙකුට නොවෙන්න කියල හිතුවේ.දැන් නම් බන් ඕන එකෙක් ඕන දෙයක් කර ගත්තදෙන් කියල ඉන්න එක තමා කරන තියෙන්නේ.

      Delete
  4. ඒක සහතික ඇත්ත. වැඩක් වැරදුනාම ඔහො තමා හැම දේකදීම..හොද පස්සට නරක ඉස්සරහට. මටත් තියෙනවා ඔහෝම දේවල් නං පස්සේ ලියන්නං. තැන්කුයි මතක් කරාට.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය හිතේ අමාරුවටද බීල පාර වරද්ද නොගෙන ආවේ මේ පාර

      Delete
    2. ලියහන් මචං කියවන එකෙක්වත් හැදෙයිනේ.වැඩේ කියන්නේ දේශා, මූ වැඩේ හරිය ගිය කියලවත් මාට් නොකිය මන්ගුලාට් දිඅන්ත් දාගෙන,වැරදුනාම මට කියන එකනේ ඉහිලුම් දෙන්නේ නැත්තේ.මම අලුත් කුණුහරප වගයක් හදලම බැන්න.තියන එව්වා මඳි...

      Delete
    3. අනේ පුතේ ඒ ටික කියහංකෝ...

      Delete
  5. අරින්න එපා මචෝ, තව එකක් හොයලා දියන්.. ඉල්ලං කනවා කියන්නේ ඕවට තමයි..

    ReplyDelete
    Replies
    1. අනේ මාතලන්,මේ මම කල පළවැනි සහ අන්තිම එක.මට මචං මගේ ප්‍රස්න තියනවා විසදාගන්න බන්.මේ එලව්වෙක් හින්දා මට මගේ ගනිගේ අග්දර උන්ට උත්තර දෙන්න වෙනවා.බලහන් අපේ ගෙවල් ළඟ කෙනෙක් නම් කමක් නැහැ.අපේ ගෙදර උදවිය විතරනේ දන්නේ.අනික්පැත්තේ උනහම පොඩ්ඩක් කේස්.

      Delete
  6. එළ මචෝ! මිනිහෙක් උනාම ඔයවගේ චෝදනා වලට ලක්වෙන්නම ඕන. මොකද මටත් ඔයවගේ සීන් වෙලා තියනව. පස්සෙ කාලෙක මතක් කරල හිනාවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි රාජ්.මේක උනේ අපේ වයිෆ්ලගේ ගෙවල් ළඟ ඒ අය උදේ හව ඇසුරු කරන පවුලකට නිසා, ඒ අය අහනවා ප්‍රශ්න.දැනටම මම මෙහෙ ගනියි ළමයි දෙන්නයි එහේ ඉන්න එකට එයාලගේ ඒ තරම් කැමැත්තක් නැහැ.වැඩ පිළිවෙලක් නැහැ කියල.නමුත් මම නම්බු කට්ට ගැටගහගෙන ඉන්නවා.මෙව්වා උනහම මගෙනේ බන් සායම යන්නේ...

      Delete
  7. මගිය ඉල්‍ලගෙන කාල වගෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා මට සාමාන්‍යයෙන් කොහෙව්වත් යන කරදර එනවා.මේක මම එකෙකුට වැරදි දෙයක් නොකරන්න කරපු උදව්වක්.ඒකවත් මිනිහ හිතල නැතුවනේ...

      Delete
  8. ඉල්ලගන කන සීන් මටත් වෙලා තියෙනවනෙ,හොඳයි පාඩමක් ඉගෙන ගන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. හැලප අයියා.. මේ පාඩම නං බොහොම වැදගත් එකක්.මනුස්සයෝ කොච්චර අවුරුදු ගානක් අසුරු කලත් අමාරුයි තේරුම් ගන්න.බොහොමයක් දෙනා ව්‍යාජ රඟපෑමක් කරන්නේ සමාජය ඉස්සරහ.මට හා අතේ වැඳලා ෆොටෝ එකක් ගන්නා ගත්ත.එව්වට මොනාහරි වෙනවද බලන්නත් එපයි.

      Delete
  9. කල හොඳ පස්සෙන් පන්නන්නේ ආතල් දිදී කියන්නේ ඕවට තමයි

    ReplyDelete
    Replies
    1. මේ බන් මම දන්නා එකෙක්.එහෙම වෙලත් මට අඳුරගන්න බැරි උණා වෙලාවට.මිනිහෙකුට උදව්වක් කරන්නත් බයයිනේ මෙහෙම ගියාම.මම කොහොම හරි මේ අවුලෙන් ගෙලවෙනවා.හැබැයි ආපහු නම් නැහැ.

      Delete
  10. මචන් මගියා අවුලක් හිතන්න එපා ඔය වෑඩේ කෙරුනනම් මිනිහගේ ඉතුරු වෑඩ ටිකටත් උඹටම වග කියන්න තිබුනා හි.. හි..

    ReplyDelete
    Replies
    1. මට නෙමේ බන් අර රැස්පොට් කරන්න කියන කොල්ලට තමා නිධානෙ පහල වෙන්නේ.මම ඔය පොයින්ට් එක තමා දන්නා හිතාගෙන ඉන්නේ.හැබැයි මගෙන් අහයි ඇයි උඹ දන්නා කෙනෙක් කිවම මෙව්වා දන්නේ නැත්ද කියල.

      Delete
  11. යකො ඔය වෑඩිය කතා නෑතුව පෑත්තකට වෙලා ඉන්න එවුන්ට උදවු කරන්න එප.උන් ඔන එකෙක් පාවා දෙනව උන් බෙරෙන්න

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ කතාව නම් ඇත්ත.අපි තමා බොක්කෙන් උදව් කරන්න යන්නේ...

      Delete
  12. මගුල්නම් කථාකරන්න නම් එපා කොල්ලෝ මීට පස්සේවත්.උන් දෙන්නගෙන් එකෙක් නැතිවෙනකම්ම ඔය දෝශාරෝපණෙන් උඹට ගැලවෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මම කරගත්ත දෙයක්.සික් ....

      Delete
  13. අපිත් අධයාපන සේවයේ හන්දා අධ්‍යාපන පරිපාලන සේවයට මුවාවෙලා ෂේප් වුනා කකා.

    මගියෝ. අපිත් මේ මෝරලා තියෙන්නේ ඔය වගේම ක‍ටු කාලා නිසා උඹ ඇහුවා නම් මම උඹට කියනවා කවදාවත් මේවට අත දාන්න එපා කියලා.
    දැන් අස්සයා පැනලා ගිහින් නිසා අනිත් වහලා දාන්න ඕනෙ ඉස්තාල ගැන විතරක් කියන්නම්.

    අනුන්ට මගුල් කපු කම් කරන්න එපා (මේක දැන් පරක්කු වැඩියි)
    අනුන්ට ගෙදර වැඩට, ළමයි බලාගන්න වැඩට කට්ටිය හොයලා දෙන්න එපා.
    යාලුවන්ගේ ප්‍රයිවට් බස් වාලට ඩ්‍රයිවර්ලා කිඔන්දලා හොයලා දෙන්න එපා
    සාප්පුවල වැඩට සේවකයෝ, කැෂියර්ලා හොයලා දෙන්න එපා.

    එපා කියන වචනේ සැර වැඩි නම් කරන්නේ බලාගෙන කියලා හිදා ගනිං.

    ReplyDelete
    Replies
    1. මචන් ඔය කියල තියන විස්තර ටික නම් ඇත්තටම ගොඩක් වටිනවා.දැන් වත් හැදෙන්න ඕන ඔය ටිකවත් නොකර...

      Delete
  14. කපුවා කපෝති..........

    ReplyDelete
  15. යකෝ මේක හරි මගුලක්නේ... එකටත් මගියද පලි??? :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමනේ බන් කියන්නේ...උදව් කරන්න නොයන එක තමා මෙව්වට කරන්න තියෙන්නේ...

      Delete
  16. ammoo mamanam jiwitheta karanne nathi deyak thamai magul kapukama...harima bayanaka wedak oka

    ReplyDelete
    Replies
    1. ඒක නම් බොහොම හොද වැඩක්.මම නම් අමාරු ක්‍රමයට ඉගෙන ගත්තේ...

      Delete
  17. මම නම් මේ කේස් එක දකින්නේ වෙනස් විදියකට. ඔය මගුල් කපුකම 100% සාර්ථකයි. ඔයා හරියටම වැඩේ කරලා තියෙනවා. දැන් ඒ දෙන්නා කිරි-පැණි වගේ එකතුයි. ප්‍රශ්ණය තියෙන්නේ අර ගෑණු කෙනාගේ. එයා ඔයාලගේ වයිෆ්ලගේ ගෙදරත් එක්ක එච්චර හොඳ නෑ. ඔයාලව ඈත් කර ගන්න උවමනා වෙලා තියෙනවා අර ගෑණු කෙනාට. පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම නෙවෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. ම් ම් එහෙම වෙන්නත් පුළුවන් තමා.ඒගැන පොඩ්ඩක් හිතල බලන්නම්.මම හැබැයි ඉන්නේ කිසිම වැරද්දක් නොකලා කියන තැන.එක නිසා ඒ වෙනුවෙන් කරුණු දක්වලා ඔය ප්‍රශ්නෙන් ඉවත් වෙන්න තමා ඉන්නේ කොහොමත්...

      Delete
  18. dude, ඔය වගේම දෙයක් මටත් උනා. අපේ ගෙදර උන්දගේ මලයට මගේ යාලුවෙකුගේ නංගියෙක් කතා කරලා, මේ හුත්ත කෙල්ලට බොරු කියල මටත් යාලුවන්ගේ මුන බලන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මෙහෙ කොමෙන්ට් ටික බලහන්.ගොඩක් අය කියන්නේ මේ වගේ උදව් කරන එක භයානක වැඩක් කියල.අපිට වෙන්නම ඕනනේ තේරෙන්න.දැන්වත් පාඩම ඉගෙන ගන්න එක හොදා

      Delete
  19. හරි ගියොත් හරි. හැබැයි වැරදුනොත් කපුව තමයි මාට්‍ටු.

    ReplyDelete
    Replies
    1. හරි ගියොත් හරි ගිය කියල අපි දන්නේ නැහැ, වැරදුනොත් එකට නම් අපි මාට්ටු ...

      Delete
  20. හෙහ් හෙහ් කපුවා කපෝති.....

    මමනම් මිනිස්සුන්ට උදවු කරන්න ගිහින් ලස්සනට නාගෙන අනාගන්න පොරක්. දැන්නම් ගොඩක් දුරට මට්ටු වෙලා. පාරෙ වාහනයක් කැඩිලා මිනිහෙක් අතරමං වෙලා හිටියත් නවත්තන්න දෙතුන් පාරක් හිතනවා.

    මේ දවස්වල අපේ ඔෆිස් එකේ එකෙකුටත් කන්න දීලා ඌ දැන් මගේ අත හපාගේනමයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අපි හිතන විදිය නෙමේ ගොඩක් වෙලාවට බන්.මම හොදටම අපහසුතාවට පත් උනා මේ වැඩේ නිසා.තවම ඉවර නැහැ.මේ වගේ උදව් නම් නොකරන එක හොදටම ඇඟට ගුණයි.

      Delete
  21. ඔය වැරැද්ද මාත් නිතර කරන වැරැද්දක් බන් . .

    කෙනෙක්ගේ නිදහස ගැන උපරිමයෙන් සලකන නිසා බඳින්නේ නෑමයි කියලා ඉන්න උන්ට සපෝර්ට් කරනවා උන්ගේ මතේ ඉන්න පුලුවන් වෙන්න.

    බඳින්න ඕන කමක් තියාගෙන කෙනෙක් නැතුව ළතවෙන උන් දැක්කම ඉස්කෝලේ යන කාලේ කොරපු කපු ජොබ් එක මතක් වෙලා කලින් ඉගෙන ගත්තු පාඩම් අමතක වෙලා ඔන්න බහිනවා වැඩේට . .

    අන්තිමට හොඳ හොඳ ඒවා අහගෙන නතර වෙන්නේ . .

    ඒකයි මම ෆේස් බුක් එකේ කිව්වේ ඕක හරි භයානක උදව්වක් කියලා . . හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔව් බන්,මම නෑව නෑමක් හොදම එකෙන්.අපේ ගෙදර අයට වගේ නෙමේ අනික් පැත්තේ අයට මෙව්වා තේරුම් කරලා දෙන්න ගියාම ටිකක් කේස්.මම හෙන අපහසුතාවයකට පත් උනා බන් මේ වැඩේ නිසා.

      Delete
  22. අහන්න බැරි උනා උඹ මඟුල කතා කරපු බුවාගේ නම "ත" අකුරෙන් පටන් ගන්න වාසගම "ම" අකුරෙන් පටන්න් ගන්න එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ ටී අකුරෙන් පටන් ගන්න කොම්පණි එකක ස යන්නෙන් පටන් අරගෙන වී යන්නෙන් වාසගම එන එකෙක්.බොහෝ විට උඹ දන්නවා.සද්ද නැතිව ඉන්දහන් හොඳේ...

      Delete
    2. හිතා ගන්න බෑ බන් කවුද කියල . . කමක් නෑ . . . මොකා උනත් මීට පස්සේ කොරන කපුකමක් පරිස්සමින් කොල්ලෝ . . .

      Delete
  23. අදම ද කොහෙද මේ පැත්තේ ආවේ..

    කාලා වගේ නෙහ්..!

    ReplyDelete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .