Friday 20 June 2014

කසාද ජීවිතේ ලමයගෙ ඉස්කෝලෙ මගෙ ඊසි ලයිෆ්. . .


දෙදහස් පහේ හයේ මගෙ ජීවිතේ ටිකක් අමාරු කාලයක් කියල මම හිතාගෙන උන්නේ. ඒ මම හොදම අමාරුවක වැටුන දෙදාස් අට නමය වෙනකල්.එයිට පස්සෙ මේ ජොබ් එකට ඇවිත් යන්තම් ඔලුව උස්සගත්ත.

දුව හම්බවෙන්න පව්ල ලන්කාවට යවල මම මෙහෙ හිටිය කාලෙ ඉවර වෙන්න යන්නෙ.

පහුගිය මාසෙ දෙකේ මම නොහිතපු විදියට ගෙදර එක්ක කොකු.සතියකට සැරයක් රන්ඩු.රන්ඩු නම් මොනවද. . . ලන්කවෙ ඉන්නකොට නම්.මෙහෙ ඉදල රන්ඩු වෙනකොට එටිසලට් එක දියුණු වෙනව බලාගෙන ඉන්නකොට. 

මාර්තු මගෙ බිල - ඒ ඊ ඩී 1000
අප්‍රියේල් මගෙ බිල - ඒ ඊ ඩී 870
මැයි මගෙ බිල - ඒ ඊ ඩී 900

දැන් මේක ප්‍රශ්නයක් නෙ.

ආදරේ කරන කොට නම් මරු. .   හැබැයි කසාද බැදල ලමයෙක් දෙන්නෙක් හම්බඋනාම නම් අර ඉස්සර අනේ පනේ රත්තරනේ තඹේ වෙනව. 

ඉතින් මම කල්පනා කලා දැන් ආපහු පව්ල ගෙන්න ගන්න එක ලාබයි. එටිසලට් එකට සල්ලි දෙනවට වඩා කියල.

පුතා ඊලග අවුරුද්දේ ඉස්කොලෙ දාන්න ඕන. ඉතින් මෙහෙ ආවම ඉස්කෝලයක් එපයි.

මම ගියා ඔය ඉස්කොල ටිකකට පොඩ්ඩක් විස්තර හොයාගන්න කියල.

ඉස්කොලෙ එක - අවුරුද්දට ඒ ඊ ඩී 42,000
ඉස්කෝලෙ දෙක - අවුරුද්දට ඒ ඊ ඩී 25,000
ඉස්කෝලෙ තුන -අවුරුද්දට ඒ ඊ ඩී 18,000

ඔන්න වැඩේ.ඒකෙත් ඉස්කොල වල ඉඩ නැහැ.අරගෙන ඉවරලු.දැන් මම ඕක ගෙදරට කීවම . .

"මම කලින්ම කීව . . . .බීප් බීප් ටීන් ටීන් ඩින් ඩොන් . . .අහන්නෙ නෑනෙ . . බීප් බීප් "

මම එහෙන්ම කට් කරල නිකා හිටිය . ඇයි යකුනේ මෙ ඉස්කෝල වල ඉඩ නැති උනත් මම වරදි. . කොල්ල ඉස්කොලෙ කෙල්ලෙක් එක්ක කතා කලත් මම වැරදි, 

මට කලින් කීව තමා නමුත් මට අටෝරාසියක් වැඩ හින්ද ඒක අමතක උනා කිවනම් තව අහගන්න වෙන නිසා ඔහේ නිකන් හිටිය.

දැන් මම යාලුවන්ට කතා කර කර ඉස්කොල හොයනව.අලුතෙන් පටන් ගත්ත ඉස්කොලයක් තියනව කිව නිසා මම ගියා බලන්න.ඔන්න මම ඉල්ලපු කොල ටික දීල හිටිය වැඩේ කරල දෙනකල්.

ටික වෙලාවකින් මට ලමයව රෙජිස්ටර් කරල කොලයක් දුන්න.මම ඒකත් අරගෙන ඇවිත් ගෙදරට කතා  කලා මොකද මට තර්ජනය කරලනෙ තිබ්බෙ ලමයට ඉස්කොලයක් හදා නොගත්තොත් එන්නෙ නෑ කියල.
මම කීව

"ඔන්න හරි . ඉස්කොලෙ දැම්ම"

"මොන පන්තියටද දැම්මෙ"

"FS1"

"ඒ මොකටද? අයි අනේ ලමයට වයස පහයිනෙ.ඔකට දාන්න එපා ලමය එක අවුරුද්දක් අඩුවෙන් වෙනවනෙ.FS2 එකට දාන්න"

"#$%&&&@&&&*#--$*#$=$-"

මදෑ කලා, දැන් ඉතින් ආපහු මුල.

මම පහුවදා ගියා රෙජිස්ට්‍රාර් හම්බ වෙන්න. ලෙබනන් වල ගෑනු කෙනෙක් හිටියෙ.මම කිව" ම්සිස් මම ඊයෙ රෑ එලි වෙනක ඇහරල, මගෙ ලමය එක අවුරුද්දක් අඩුවෙන් ඉස්කොලෙ යැවෙන්නෙ මෙහෙම උනොත් .මෙයාව FS2  එකට දාල දෙන්න කියල.

ඒ පන්තියෙ ඉඩ නැතිලු. මම ගියා ප්‍රින්සිපල් හම්බ වෙන්න. ගිහින් කීව මට ආපහු වෙන ඉස්කෝල හොයන්න අමාරුයි කොහොම හරි කරල දෙන්න කියල.

පස්සෙ දවස් දෙකකට පස්සෙ කෝල් කල ඒ පන්තියට දැම්ම කියල.

හම්මෙ ඇති.ගෑනුන්ගෙන් මෙහෙමත් බැනුම් ඇහියකිය.

අනික. මට තේරුනේ මෙච්චරයි. .

මගෙ ඊසිලයිෆ් කාලෙ ඉවරයි.දැන් එන්නෙ ලමයින්ගෙ ඉස්කෝල, පන්ති, ඉවෙන්ට්, පේරන්ට් මීටින් . , ,

ඔන්න ජීවිතේ ඊ ලග අදියර.

හරි අද බ්‍රහස්පතින්දා වෙච්චි , මගෙ ගොඩක් පොස්ට් ලියන්නෙ සෙන්ටි දෙකක් ඇනගෙන වෙච්චි මේකට විතරක් ඇයි වෙනසක්. . .

දකුණු සැපත සෙන්ටි හතරයි. . .හෙට පන්ති යන්නත් එපයි . . .


42 comments:

  1. Kumbala maalu keewaanam..........



    kolu

    ReplyDelete
    Replies
    1. මොකද බන් කරන්නේ. . . .

      Delete
    2. දිරවාපං මගියෝ ............

      Delete
  2. හපොයි බඳින්නත් හිතෙන්නෙ නෑ මෙව්වා කියෙව්වම..

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. . . බදින්න බදින්න . . .හේභ්හ්හෙ

      Delete
  3. හැමදාම දෙක දෙක බොනකොට දෙක මදි වෙනවා හතරක් බොන්න හිතෙනවා.
    හැමදාම හතර හතර බොනකොට හතර මදි වෙනවා හයක් බොන්න හිතෙනවා.

    එනිසා බොන එක අඩු කරන්න. කොහොමටත් තව ටික කාලෙකින් ආණ්ඩුව ගොඩ බැස්සාම මතට තිත ලැබේවි!

    ReplyDelete
    Replies
    1. ඒක න්ම් අඩුකරන්න වෙනව දැන් කොහොමත්. . . ආණ්ඩුව ගොඩ බැස්සම නම් මගෙ අදුරු කාලෙ . .

      Delete
  4. හෙක් හෙක් හෙක් . මගියා දුගියා වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ තොරනෙ විස්තරෙව්

      Delete
  5. මෙහෙම ගියොත් නං අර ඉවාන් අය්ය කියන එකම තමා වෙන්නෙ
    මගියා දුගියා වීම

    ReplyDelete
    Replies
    1. දැන් නම් එහෙම වෙයි වගෙ

      Delete
  6. ඔන එකක් කියල එන්ඩ අනේ ලංකාවට , ඔය තියන විදිහහකට කාල ඇදල ඉන්ඩ බැරුවැයි

    ReplyDelete
    Replies
    1. එහෙම කිවට බන් ආවම තම වඩේ. . මෙහෙන් ආවොත් පස්සෙ ආපහු එන්න හිතුනොත් මෙහෙ උදව් කරන්න ඊන්න අය අඩුයි.

      Delete
  7. බැඳගත්ත බෙරේ ගහන්නත් එපෑ. නෙහෙ… ;)

    ReplyDelete
    Replies
    1. ගහනවා ගහනවා.හිටු කියලාඅ. ඒත් නෑනෙ කිසිම්ම ගතියක්

      Delete
  8. මගියා බොහොම කාලෙකිං.ඔහොම තමයි බං ඔය කට්ට අපිත් කෑවා.රට ගිහිං ළමයව ඉස්කෝලෙකට දාන්න පොඩ්ඩක් පරක්කු උනොත් බැණුම් ඉවරයි.මොනා කරන්නද බෙරේ ගහමු නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ. .මේ දවස් වල බ්‍රහස්පතින්දා තමා පොඩි වෙලාවක් තියෙන්නෙ.පොඩි උන්ගෙ ඉස්කොලෙ නම් මහම වදයක් වෙන වැඩක්.ලොකුම ගනන් දීල ඉස්කොල වල දාන්නත් බෑනෙ.

      Delete
  9. හැක්... හැක්.... දැන් ටික ටික බර වැඩිවෙනව වගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. . . දැන් හරි ආයෙ අර ආතල් කාලෙ ඉවරයි. . .

      Delete
  10. Replies
    1. නාඩියෝ ඔය හැම බරකටම වඩා පවුල් බර බරයි බොලන්නේ. . හෙහ් හෙහෙ කාන්නයි තියෙන්නෙ දැන් . .

      Delete
  11. සිරාවටම දැංනං බැදලා ළමයෙක් දෙන්නෙක් හදන්නත් බයයි මේක කියෙව්වම

    ReplyDelete
    Replies
    1. බය නොවී හදහල්ල. , ඉස්කොලෙ කාලෙ වෙනකල් මරු උන්ගෙ හුරතල් බැලියහැකි

      Delete
  12. තව ඉස්සරහට ඉතින් අපිත් ඕවට මුණ දෙන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සිද්ද වෙයන් අප්පා මගෙ දුක උබටත් තේරෙන්න . . හෙහෙහ්

      Delete
  13. ඔව්.... ඔව්.... කට්ටියටම ඕවට මුණ දෙන්නා වෙනවා දිනේෂ්......

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. . .මූණ දෙන්න වෙන ප්‍රමාණ තමා වෙනස්

      Delete
  14. හැක් හැක් හැක් ඔකට තමයිලු බොලෙ අපි ඉපදිල ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි ඉපදිලා ඉන්නෙ අපේ රට රැක ගන්නයි . . .කියාන්

      Delete
  15. බුදු අම්මේ බන් ලංකාවේ, ඕමානයේ ඔය කටුව කෑවා. මේ රටේනම් කටුවක් තිබුනේ නැහැ ඉස්කෝලේ දාන්න. ඒවා ක්‍රමවත්. අනිත් එක පාසැල් නොමිලේ. දැන් නම් ලමයා යුනිවර්සිටියෙනුත් එලියේ. තව කාලෙකින් අපේ කෙනා කියයිද දන්නේ නැහැ මුණුබුරා/ මිණිබිරීට ඉස්කෝල හොයපන් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ රටවල් වල ඉන්න එක ලොකු දෙය්ක් බන්.අපිට කොයින්දැ උනු මාලු.

      Delete
    2. මාළු උණු තරමට රහ නැහැ මගියෝ. රහයි රස්ණෙයි අපි තමයි බැලන්ස් කරගන්න ඕන. අනිත් එක ලැබෙන දේ තමයි රස කරගන්නේ හෝ රත් කරගන්න ඕන. මේ බණ නෙමෙයි. බයිලා : D

      Delete
  16. ආයේ නම් බඳින්නේ නෑයි කියලා හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒක නා හෑබෑවමයි ඔන්න මමත් එකගයි ඒක්කට නම් , . .අපෙ ගෑනිත් එකග වෙයි එක

      Delete
  17. මොකට ද කසාද බැන්දේ :v නොබැද උන්නා නම් ඉවරයි නේ//

    ReplyDelete
    Replies
    1. නොබැද හිටියානම් මෙ වගෙ කටු කාපන්කො නොබැද??????

      Delete
  18. කතාව ඇත්ත.. කලින් කියන්නේ ලුණුයි බතුයි කමු කියලා පස්සේ ඉතින් හොද්දට ලුණු අඩු උණත් කෑ ගහන්න ගන්නවා වගේ...

    අපිටත් ඉස්සරහට ඔය තොණ්ඩුව දාගන්න වෙනවා...

    ReplyDelete
  19. ෆලෝ එකක් දාන්ඩ බෑනේ.. පොඩි කේස් එකක් වගේ ..

    ReplyDelete
  20. කෝ බං මේක ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  21. @ලියන්න ඕන සත්තරණේ වෙලාව ?

    ReplyDelete
  22. මොනවහරි ලියුවනං හෙනද

    ReplyDelete
    Replies
    1. හිටහං වස්තුව ලියන්නං ටික දවසක් දියං

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .